ත්‍රිපිටකය
(6) 1. සචිත්තවග්ගො (6) 1. සචිත්ත වර්‍ගය
1. සචිත්තසුත්තං 1. සචිත්තපරියාය සූත්‍රය
51
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘නො චෙ, භික්ඛවෙ, භික්ඛු පරචිත්තපරියායකුසලො හොති, අථ ‘සචිත්තපරියායකුසලො භවිස්සාමී’ති (භවිස්සාමාති (ස්‍යා.)) - එවඤ්හි වො, භික්ඛවෙ, සික්ඛිතබ්බං.
‘‘කථඤ්ච, භික්ඛවෙ, භික්ඛු සචිත්තපරියායකුසලො හොති? සෙය්‍යථාපි, භික්ඛවෙ, ඉත්ථී වා පුරිසො වා දහරො යුවා මණ්ඩනකජාතිකො ආදාසෙ වා පරිසුද්ධෙ පරියොදාතෙ අච්ඡෙ වා උදකපත්තෙ සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො සචෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහානාය වායමති. නො චෙ තත්ථ පස්සති රජං වා අඞ්ගණං වා, තෙනෙවත්තමනො හොති පරිපුණ්ණසඞ්කප්පො - ‘ලාභා වත මෙ, පරිසුද්ධං වත මෙ’ති. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛුනො පච්චවෙක්ඛණා බහුකාරා (භික්ඛු පච්චවෙක්ඛමානො බහුකාරො (ක.)) හොති කුසලෙසු ධම්මෙසු - ‘අභිජ්ඣාලු නු ඛො බහුලං විහරාමි, අනභිජ්ඣාලු නු ඛො බහුලං විහරාමි, බ්‍යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, අබ්‍යාපන්නචිත්තො නු ඛො බහුලං විහරාමි, ථිනමිද්ධපරියුට්ඨිතො නු ඛො බහුලං විහරාමි, විගතථිනමිද්ධො නු ඛො බහුලං විහරාමි , උද්ධතො නු ඛො බහුලං විහරාමි, අනුද්ධතො නු ඛො බහුලං විහරාමි, විචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, තිණ්ණවිචිකිච්ඡො නු ඛො බහුලං විහරාමි, කොධනො නු ඛො බහුලං විහරාමි, අක්කොධනො නු ඛො බහුලං විහරාමි, සංකිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි, අසංකිලිට්ඨචිත්තො නු ඛො බහුලං විහරාමි , සාරද්ධකායො නු ඛො බහුලං විහරාමි, අසාරද්ධකායො නු ඛො බහුලං විහරාමි, කුසීතො නු ඛො බහුලං විහරාමි, ආරද්ධවීරියො නු ඛො බහුලං විහරාමි, අසමාහිතො නු ඛො බහුලං විහරාමි, සමාහිතො නු ඛො බහුලං විහරාමී’ති.
‘‘සචෙ , භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අභිජ්ඣාලු බහුලං විහරාමි, බ්‍යාපන්නචිත්තො බහුලං විහරාමි, ථිනමිද්ධපරියුට්ඨිතො බහුලං විහරාමි, උද්ධතො බහුලං විහරාමි, විචිකිච්ඡො බහුලං විහරාමි, කොධනො බහුලං විහරාමි, සංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි, සාරද්ධකායො බහුලං විහරාමි, කුසීතො බහුලං විහරාමි, අසමාහිතො බහුලං විහරාමී’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං. සෙය්‍යථාපි, භික්ඛවෙ, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා. තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්‍ය. එවමෙවං ඛො තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
‘‘සචෙ පන, භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අනභිජ්ඣාලු බහුලං විහරාමි, අබ්‍යාපන්නචිත්තො බහුලං විහරාමි, විගතථිනමිද්ධො බහුලං විහරාමි, අනුද්ධතො බහුලං විහරාමි, තිණ්ණවිචිකිච්ඡො බහුලං විහරාමි, අක්කොධනො බහුලං විහරාමි, අසංකිලිට්ඨචිත්තො බහුලං විහරාමි, අසාරද්ධකායො බහුලං විහරාමි, ආරද්ධවීරියො බහුලං විහරාමි, සමාහිතො බහුලං විහරාමී’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසුයෙව කුසලෙසු ධම්මෙසු පතිට්ඨාය උත්තරි ආසවානං ඛයාය යොගො කරණීයො’’ති. පඨමං.
51
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල, අනේපිඬු මහ සිටිහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්‍ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, මහණතෙම අනුන්ගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂ නොවේද, මහණෙනි, තමාගේ සිතේ ආකාරය දැනීමේ දක්‍ෂයෙක් වන්නෙමියි තොප විසින් මෙසේ හික්මිය යුතුය” යි වදාළ සේක.
“මහණෙනි, කෙසේ මහණතෙම තමාගේ සිතේ ආකාරය දැනීමෙහි දක්‍ෂ වේද? මහණෙනි, යම්සේ බාලවූ, තරුණවූ, සැරසීමට කැමති ස්ත්‍රියක් හෝ, පුරුෂයෙක් හෝ, කැඩපතක හෝ, පිරිසිදු බබලන දිය බඳුනක හෝ, සිය මුහුන බලන්නේ, ඉදින් එහි දූවිල්ලක් හෝ, කිලුටක් හෝ, පෙනේද, ඒ දූවීල්ල හෝ කිලුට නැතිකිරීම පිණිස වෑයම්කරයි. එහි දූවිල්ලක් හෝ කිලුටක් නොදකීද, ඉන් සම්පූර්‍ණ අදහස් ඇත්තේ, ‘මට ඒකාන්තයෙන් ලාභයකි, ඒකාන්තයෙන් මා පිරිසිදුය’ යි සතුටු වූයේ වේ.
“මහණෙනි, එසේම මහණහට කුශල ධර්‍මයන්හි නුවණින් සිහි කිරීම බොහෝ උපකාරවේ. බොහෝකොට දැඩි ලෝභය බහුලකොට ඇත්තේ වාසය කරම්ද, දැඩි ලෝභය බහුලකොට නැතිව වාසය කරම්ද, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරම්ද, කෝප නොවූ සිතින් බොහෝකොට වාසය කරම්ද, සිත කය දෙකේ මැලි ගතියෙන් මඩනා ලද්දේ බොහෝ කොට වාසය කරන්නෙම්ද, සිත කය දෙකේ පහවූ මැලි ගතියෙන් වාසය කරන්නෙම්ද, විසුරුණු සිතින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරම්ද, බොහෝකොට සැක ඇතිව වාසය කරම්ද, පහවූ විචිකිච්ඡා ඇතිව බොහෝ සේ වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ කරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ ක්‍රොධ නොකරණ සුළුව වාසය කරම්ද, බොහෝ සේ කිලිටි සිතින් වාසය කරම්ද, බොහෝ සේ නොකිලිටි සිතින් වාසය කරම්ද, දාහ සහිතවූ කයින් බොහෝකොට වාසය කරම්ද, බොහෝකොට කුසීතව වාසය කරම්ද, බොහෝකොට පටන්ගත් වීර්‍ය්‍ය ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ නැති සිත් ඇතිව වාසය කරම්ද, බොහෝකොට එකඟ සිත් ඇතිව වාසය කරම්දැයි කියායි.
“මහණෙනි, ඉදින් මහණතෙම, නුවණින් සිහි කරන්නේ, ‘බොහෝකොට දැඩි ලෝභ ඇතිව වාසය කරමි, බොහෝකොට කෝපවූ සිතින් වාසය කරමි, බොහෝකොට මැලි ගතියෙන් මඩනා ලදුව වාසය කරමි, බොහෝකොට සැක ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ කරණ සුළුව වාසය කරමි, බොහෝකොට කිලිටි සිතින් වාසය කරමි, බොහෝකොට දාහ සිතින් වාසය කරමි, බොහෝකොට කුසීතවූ සිතින් වාසය කරමි, බොහෝකොට එකඟ නැති සිතින් වාසය කරමියි මෙසේ දනී. මහණෙනි, ඒ මහණ විසින් ඒ ලාමක අකුශල ධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.”
“මහණෙනි, යම් සේ ගිනිගත් වස්ත්‍රයක් හෝ හිසක් ඇත්තෙක් ඒ වස්ත්‍රය හෝ හිස හෝ නිවීමට බොහෝ කැමැත්තක්ද, වෑයමක්ද, උත්සාහයක්ද, මහත් උත්සාහයක්ද, පසු නොබැසීමක්ද, සිහියක්ද, සම්‍යක් ප්‍රඥාවක්ද කටයුතුයි.
“මහණෙනි, ඉදින් මහණතෙම නුවණින් සිහි කරන්නේ, ‘බොහෝකොට දැඩි ලෝභ නැතිව වාසය කරමි. බොහෝකොට කෝප නොවූ සිතින් වාසය කරමි. බොහෝ කොට පහවූ නිදිබර ගතිය ඇතිව වාසය කරමි, බොහෝකොට නොවිසුරුණු සිතින් වාසය කරමි, බොහෝකොට පහවූ විචිකිච්ඡා ඇතිව වාසය කරමි, බොහෝකොට ක්‍රොධ නොකර වාසය කරමි, බොහෝකොට කිලිටි නොවූ සිත් ඇතිව වාසය කරමි, බොහෝකොට දාහ රහිත කයින් වාසය කරමි, බොහෝකොට පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරමි, බොහෝකොට එකඟවූ සිත් ඇතිව වාසය කරමි, මහණෙනි, ඒ මහණ විසින් ඒ කුශල ධර්මයන්හිම පිහිටා මත්තෙහි ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීම පිණිස භාවනා වැඩිය යුතුය’ යි මෙසේ දනී.”
2. සාරිපුත්තසුත්තං 2. සාරිපුත්ත සචිත්ත පරියාය සූත්‍රය
3. ඨිතිසුත්තං 3. ඨිතිපරිහානි සූත්‍රය
4. සමථසුත්තං 4. චෙතොසමථලාභී සූත්‍රය
5. පරිහානසුත්තං 5. පරිහානධම්ම සූත්‍රය
6. පඨමසඤ්ඤාසුත්තං 6. පඨම දසසඤ්ඤා සූත්‍රය
7. දුතියසඤ්ඤාසුත්තං 7. දුතිය දසසඤ්ඤා සූත්‍රය
8. මූලකසුත්තං 8. සබ්බ ධම්ම කිම්මුල සූත්‍රය
9. පබ්බජ්ජාසුත්තං 9. පබ්බජ්ජාපරිචීත සූත්‍රය
10. ගිරිමානන්දසුත්තං 10. ගිරිමානන්‍ද සූත්‍රය