5. අක්කොසවග්ගො | 5. අක්කොසක වර්ගය |
1. විවාදසුත්තං | 1. සංඝභෙදහේතු සූත්‍රය |
41
අථ
|
41
ඉක්බිති ආයුෂ්මත් උපාලි ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් උපාලි ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, යම් කරුණකින් සංඝයා කෙරෙහි ඩබර කිරීම, කලහ කිරීම, විරුද්ධ ග්‍රහණය, විවාද උපදිත්ද, භික්ෂූහුද සුවසේ වාසය නොකරත්ද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?”
“උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්. උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. ඔවුහු මේ දස වස්තූන්ගෙන් පස්සට හෝ, ඉවතට අදී. වචනයෙන් අදිත්. වෙන් වෙන් කර්ම කරත්. වෙන් වෙන්ව ප්රාතිමොක්ෂ දෙසත්. උපාලිය, මෙපමණකින් සංඝයා බිඳුනේ වේ. උපාලිය, සංඝයා කෙරෙහි ඩබර කිරීම, කලහ කිරීම, විරුද්ධ ග්‍රහණය, විවාද උපදිත්ද, භික්ෂූහුද සුවසේ වාසය නොකරත්ද, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යයයි” වදාළ සේක.
|
2. පඨමවිවාදමූලසුත්තං | 2. පඨම විවාදමූල සූත්‍රය |
42
‘‘කති නු ඛො, භන්තෙ, විවාදමූලානී’’ති? ‘‘දස ඛො, උපාලි, විවාදමූලානි. කතමානි දස? ඉධුපාලි, භික්ඛූ අධම්මං ධම්මොති දීපෙන්ති, ධම්මං අධම්මොති දීපෙන්ති, අවිනයං විනයොති දීපෙන්ති, විනයං අවිනයොති දීපෙන්ති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති
|
42
“ස්වාමීනි, විවාදයට මුල් කොපමණද?”
“උපාලිය, විවාදයට මුල් දසයකි. කවර දසයක්ද යත්, උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද, උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම අධර්මය, ධර්මයයි ප්‍රකාශ කරත්ද, ධර්මය, අධර්මයයයි ප්‍රකාශ කරත්ද, විනය නොවූවක්, විනයයයි ප්‍රකාශ කෙරෙත්ද, විනය, විනය නොවේයයි ප්‍රකාශ කෙරෙත්ද, තථාගතයන් වහන්සේ විසින් නොවදාරණ ලද්ද, නොකියන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි, කියන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් නොපනවන ලද්ද, තථාගතයන් වහන්සේ විසින් පනවන ලද්දේයයි ප්‍රකාශ කරත්. තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරණ ලද්ද, තථාගතයන් වහන්සේ විසින් නොපුරුදු කරණ ලද්දේයයි ප්‍රකාශ කරත්. උපාලිය මේ විවාද මූලයෝ දසය වෙත්.”
|
3. දුතියවිවාදමූලසුත්තං | 3. දුතිය විවාදමූල සූත්‍රය |
43
‘‘කති
|
43
“ස්වාමීනි, විවාදයට මුල් කොපමණද?”
“උපාලිය, විවාදයට මුල් දසයකි. කවර දසයක්ද යත්? උපාලිය, මේ ශාසනයෙහි මහණතෙම ඇවැත් නොවූ දේ ඇවැත්යයි ප්‍රකාශ කරත්ද, ඇවත ඇවැත් නොවේයයි ප්‍රකාශ කරත්ද, සැහැල්ලු ඇවත, බර ඇවතැයි ප්‍රකාශ කෙරෙත්ද, බර ඇවත, සැහැල්ලු ඇවැතැයි ප්‍රකාශ කරත්ද, නපුර ඇසුරු කළ ඇවැත, නපුර ඇසුරු නොකළ ඇවැතයයි ප්‍රකාශ කෙරෙත්ද, නපුර ඇසුරු නොකළ ඇවත, නපුර ඇසුරු කළ ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, වැඩියක් ඇති ඇවත වැඩියක් නැති ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, වැඩියක් නැති ඇවත වැඩියක් ඇති ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, ප්‍රතිකර්ම සහිත ඇවත ප්‍රතිකර්ම රහිත ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, ප්‍රතිකර්ම රහිත ඇවත ප්‍රතිකර්ම සහිත ඇවතයයි ප්‍රකාශ කෙරෙත්ද, උපාලිය, මේ දහය විවාදයට මුල්‍ය.”
|
4. කුසිනාරසුත්තං | 4. චොදකධම්ම සූත්‍රය |
44
එකං සමයං භගවා කුසිනාරායං විහරති බලිහරණෙ වනසණ්ඩෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
(චූළව. 399; පරි. 436) ‘‘චොදකෙන, භික්ඛවෙ, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පරො චොදෙතබ්බො. කතමෙ පඤ්ච ධම්මා අජ්ඣත්තං
‘‘පුන චපරං, භික්ඛවෙ, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං - ‘පරිසුද්ධවචීසමාචාරො නු ඛොම්හි, පරිසුද්ධෙනම්හි වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නො’ති? නො චෙ, භික්ඛවෙ, භික්ඛු
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, චොදකෙන භික්ඛුනා
‘‘පුන චපරං, භික්ඛවෙ, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං - ‘උභයානි ඛො පන මෙ පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො. සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නො’ති? නො චෙ, භික්ඛවෙ, භික්ඛුනො උභයානි පාතිමොක්ඛානි විත්ථාරෙන
‘‘කතමෙ පඤ්ච
|
44
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර බලිහරණ වන ලැහැබෙහි වාසය කරණ සේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු, “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි, අනුන්ට චෝදනා කරණු කැමති චොදක භික්ෂුව විසින් ධර්ම පසක් තමා තුළ නුවණින් සිහි කොට, ධර්ම පසක් තමා තුළ පිහිටුවා අනුන්හට චෝදනා කටයුතුයි. කවර ධර්ම පසක් තමා තුළ නුවණින් සිහි කටයුතුද?
“මහණෙනි, චොදනා කරණ භික්ෂුව විසින් අනුන්ට චොදනා කරණු කැමැත්තේ මෙසේ සිතිය යුතයි. පිරිසිදු කායික හැසිරීම් ඇත්තෙම්, සිදුරු නැති, නොකැළැල්, පිරිසිදු කායික හැසිරීමෙන් යුක්ත වෙම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නොහොත් නැත්තේදැයි මෙසේ කල්පනා කටයුතුය. මහණතෙම ඉදින් පිරිසිදු කාය සමාචාර නැත්තේද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු කායික හැසිරීමෙන් යුක්ත නොවූයේ, ‘දැන් ආයුෂ්මත් තෙමේ ඒතාක් කයින් කරණ දෙයෙහි හික්මෙව’ යි කියන්නාහු වෙත්. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.
“මහණෙනි, නැවතද අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්ෂුව විසින් මෙසේ සිතිය යුතයි. පිරිසිදු වාක් හැසිරීම් ඇත්තෙම්ද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු වාක් හැසිරීමෙන් යුක්ත වෙම්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නොහොත් නොවේද, මහණෙනි, ඉදින් මහණතෙම පිරිසිදු වාක් හැසිරීම් නැත්තේද, නොසිදුරු, නොකැළැල්, පිරිසිදු වාක් සමාචාරයෙන් යුක්ත නොවූයේද, එසේ නම් දැන් ආයුෂ්මත් තෙමේ වචනයෙහි හික්මෙව’ යි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.
“මහණෙනි, නැවතද අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්ෂුව විසින් මෙසේ නුවණින් සිහි කටයුතුය. සබ්‍රම්සරුන් කෙරෙහි ද්වේෂ නොවූ, මෛත්‍රී සිත එළඹ සිටියේද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නැත්දැයි, මහණෙනි, ඉදින් භික්ෂුවට සබ්‍රහ්මචාරීන් කෙරෙහි ද්වේෂ නොවූ මෛත්‍රී සිත එළඹ නොසිටියේ වේද, ඔහුට එසේ නම් ආයුෂ්මත් තෙමේ පළමුකොට සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෛත්‍රී සිත උපදවයි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු වෙත්.
“මහණෙනි, නැවතද අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්ෂුව විසින් මෙසේ සිතිය යුතයි. ‘ඇසූ දේ දරණ, ඇසූ දේ රැස් කරණ, බහුශ්‍රුතයෙක් වන්නෙම්ද,’ මුල යහපත්, මැද යහපත්, අවසන යහපත්, අර්ත්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හාත්පසින් සම්පූර්ණ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කරණ යම් ඒ ධර්ම කෙනෙක් වෙත්ද, මා විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ වූවාහු, සිතින් බලන ලද්දාහු, දෘෂ්ටියෙන් පිළිවිදින ලද්දාහු වෙත්ද, මා කෙරෙහි මේ ධර්මය විද්‍යමාන වේද, නැත්නම් නැත්තේදැ’ යි මෙසේ නුවණින් සිහි කටයුතුය.
“මහණෙනි, ඉදින් මහණතෙම ඇසූ දේ දරණ, ඇසූ දේ රැස්කරණ බහුශ්‍රුතයෙක් වේද, මුල යහපත්, මැද යහපත්, අවසන යහපත්, අර්ත්ථ සහිත, ව්‍යඤ්ජන සහිත, හාත්පසින් සම්පූර්ණ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ නොකරත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහ. දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහ. සිතින් බලන ලද්දාහ. දෘෂ්ටියෙන් පිළිවිදින ලද්දාහ. ඔහුට ආයුෂ්මත්නි, පළමුකොට ආගම ඉගෙන ගන්නැයි කියන්නාහු වන්නාහ. මෙසේ ඔහුට කියන්නාහු වන්නාහ.
“මහණෙනි, අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්ෂුව විසින් මෙසේ නුවණින් සිහි කටයුතුය. ‘මා විසින් ප්රාතිමොක්ෂ දෙක විස්තර වශයෙන්, සූත්‍ර වශයෙන්, අනුව්‍යඤ්ජන වශයෙන් පාඩම් කළාහු වෙත්ද, බෙදන ලද්දාහු, පවත්වන ලද්දාහු, තීරණය කරණ ලද්දාහු වෙත්ද, මේ ධර්මය මා කෙරෙහි විද්‍යමාන වේද, නැත්නම් නැද්ද. මහණෙනි, ඉදින් මහණහට උභය ප්රාතිමොක්ෂය සූත්‍ර වශයෙන්, අනුව්‍යඤ්ජන වශයෙන්, විස්තර වශයෙන් පාඩම් කරණ ලද්දාහු වෙත්ද, බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, විනිශ්චය කරණ ලද්දාහු වෙත්ද, ආයුෂ්මත්නි, මෙය තථාගතයන් වහන්සේ විසින් කොතැන්හිදී වදාරණ ලදදැ’ යි මෙසේ විචාරණ ලද්දේ, නොකියාද, එසේ නම් ආයුෂ්මත් තෙමේ විනයෙහි හික්මෙවයි කියන්නාහු වන්නාහ. මේ ධර්ම පස අධ්‍යාත්මයෙහි එලවිය යුතුය. කවර ධර්ම පසක් අධ්‍යාත්මයෙහි පිහිටවිය යුතුද, කාලයෙහි කියමි. අකාලයෙහි නොකියමි. වූ දෙයින් කියමි. නුවූ දෙයින් නොකියමි. මෘදු බසින් කියමි. තදින් නොකියමි. යහපතින් කියමි. අයහපතින් නොකියමි. මෛත්‍රී සිතින් කියමි. ද්වේෂයෙන් නොකියමි.’ මේ ධර්ම පස තමන් තුල එලවිය යුතුය. අනුන්ට චොදනා කරණු කැමති චොදක භික්ෂුව විසින් මේ ධර්ම පස තමන් තුළ නුවණින් සිතා අනුන්ට චොදනා කට යුතුය.”
|
5. රාජන්තෙපුරප්පවෙසනසුත්තං | 5. අන්තෙපුරප්පවෙස සූත්‍රය |
45
(පාචි. 497) ‘‘දසයිමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, රාජා බහුකිච්චො බහුකරණීයො අඤ්ඤතරං ඉත්ථිං ගන්ත්වා න සරති - ‘සා තෙන ගබ්භං ගණ්හාති’. තත්ථ රඤ්ඤො එවං හොති - ‘න ඛො ඉධ අඤ්ඤො
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො අන්තෙපුරෙ අඤ්ඤතරං රතනං නස්සති. තත්ථ රඤ්ඤො එවං හොති - ‘න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම’න්ති. අයං, භික්ඛවෙ, තතියො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො අන්තෙපුරෙ පිතා වා පුත්තං පත්ථෙති පුත්තො වා පිතරං පත්ථෙති. තෙසං එවං හොති - ‘න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම’න්ති. අයං, භික්ඛවෙ, පඤ්චමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
‘‘පුන චපරං, භික්ඛවෙ, රාජා නීචට්ඨානියං උච්චෙ ඨානෙ ඨපෙති. යෙසං තං අමනාපං තෙසං එවං හොති - ‘රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම’න්ති. අයං, භික්ඛවෙ, ඡට්ඨො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, රාජා අකාලෙ සෙනං උය්යොජෙති. යෙසං තං අමනාපං තෙසං එවං හොති - ‘රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම’න්ති. අයං, භික්ඛවෙ, අට්ඨමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
‘‘පුන චපරං, භික්ඛවෙ, රාජා කාලෙ සෙනං උය්යොජෙත්වා අන්තරාමග්ගතො නිවත්තාපෙති. යෙසං තං අමනාපං තෙසං එවං
‘‘පුන චපරං, භික්ඛවෙ, රඤ්ඤො අන්තෙපුරං හත්ථිසම්මද්දං අස්සසම්මද්දං රථසම්මද්දං රජනීයානි රූපසද්දගන්ධරසඵොට්ඨබ්බානි, යානි න පබ්බජිතස්ස සාරුප්පානි. අයං, භික්ඛවෙ, දසමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ. ඉමෙ ඛො, භික්ඛවෙ, දස ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙ’’ති. පඤ්චමං.
|
45
“මහණෙනි, රජුගේ වසන ඇතුළු නුවරට ප්‍රවිෂ්ට වීමෙහි මේ දෝෂයෝ දස දෙනෙක් වෙත්. කවර දස දෙනෙක්ද යත්?
“මහණෙනි, මෙහි රජතෙම මෙහෙසිය සමග සිටියේ වේද, මහණෙනි, එහි ප්‍රවිෂ්ට වෙයිද, මෙහෙසිය හෝ භික්ෂුව දැක සිනාව පහළ කරයි. භික්ෂුව හෝ මෙහෙසිය දැක සිනා පහළකරයි. එහිදී රජුට ඒකාන්තයෙන් මොවුන් විසින් වරදක් කරණ ලද්දේ හෝ වෙයි. කරන්නේ හෝ වේයයි මෙබඳු සිතක් වේ. මහණෙනි, රජුගේ ඇතුළු නුවරට ප්‍රවිෂ්ට වීමෙහි මේ පළමුවෙනි දෝෂයයි.
“නැවතද මහණෙනි, රජතෙම බොහෝ වැඩ ඇත්තේ වේද, බොහෝ කටයුතු ඇත්තේ වේද, එක්තරා ස්ත්‍රියකු කරා ගොස් සිහි නොකරයි. ඕ තොමෝ ඉන් ගැබ් ගනියි. එහි රජහුට මෙහි පැවිද්දා හැර කිසිවකු ප්‍රවිෂ්ට නොවෙයි. පැවිද්දාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ ඇතුළු නුවරට පිවිසීමෙහි මේ දෙවෙනි ආදීනවයයි.
“මහණෙනි, නැවතද රජුගේ ඇතුළු නුවර එක්තරා රත්නයක් නැතිවූයේ වේ. එහි රජුට පැවිද්දා හැර මෙහි අන් කිසිවෙක් ප්‍රවිෂ්ට නොවෙයි. ප්රව්රජිතයාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ ඇතුළු නුවරට පිවිසීමෙහි මේ තුන්වෙනි ආදීනවයයි.
“මහණෙනි, නැවතද රජුගේ අභ්‍යන්තරයෙහි රහස් කථාවන් පිටත දැන ගනිත්. එහි රජුට මෙහි ප්‍රව්‍රජිතයා හැර අන් කිසිවෙක් මෙහි ප්‍රවිෂ්ට නොවෙයි. ප්රව්රජිතයාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ ඇතුළු නුවරට ප්‍රවිෂ්ට වීමෙහි මේ සතරවෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජුගේ ඇතුළු නුවරෙහි පියෙක් හෝ පුතා මරන්ට කැමති වෙයි. පුතෙක් හෝ පියා මරන්ට කැමති වෙයි. ඔවුන් අතරෙහි ප්‍රව්‍රජිතයා හැර මෙහි අන් කිසිවෙක් නොවදියි. පැවිද්දාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ වසන ඇතුළු නුවරට වැදීමෙහි මේ පස්වෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජතෙම පහත් තැනක සිටි මෙහෙසියක් උසස් තැනක තබයි. ඊට යම් කෙනෙක් අමනාපවූයේද, ඔවුන්ට රජතෙමේ වනාහි පැවිද්දා සමග ගැටී සිටී. පැවිද්දාගේ වැඩක් වන්නේයයි සිතයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට පිවිසීමෙහි මේ සවෙනි දෝෂයයි.
“මහණෙනි, නැවත රජතෙම උසස් මෙහෙසියක් පහත් තැනක තබයි. යම් ඒ කෙනෙක් අමනාප වූයේද, ඔවුන්ට රජතෙමේ වනාහි පැවිද්දා සමග ගැටී සිටී. පැවිද්දාගේ වැඩක් වන්නේයයි සිතයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට ප්රවිෂ්ටවීමෙහි මේ සත්වෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජතෙම නොකල්හි සේනාව පිටත්කරයිද, යම් ඒ කෙනෙක් අමනාප වූයේද, ඔවුන්ට රජතෙමේ වනාහි පැවිද්දා සමග ගැටී සිටී. පැවිද්දාගේ වැඩක් වන්නේයයි සැක කරයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට ප්රවිෂ්ටවීමෙහි මේ අටවෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජතෙම සුදුසු කාලයෙහි සේනාව පිටත්කර හැර අතරමගදී නවත්වයි. යම් කෙනෙකු අමනාපවූයේද, ඔවුන්ට රජු වනාහි පැවිද්දා සමග ගැටී සිටී. පැවිද්දාගේ වැඩක් වන්නේයයි මෙසේ සිතයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට වැදීමෙහි මේ නවවෙනි දෝෂයයි.
“මහණෙනි, නැවතද රජුගේ ඇතුළුනුවර ඇතුන්ගෙන් තද බද වීම, අශ්වයන්ගෙන් තදබදවීම, රියෙන් තදබදවීම, ප්‍රව්‍රජිතයන්ට නොසරුප්වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයෝ වෙත්ද, මහණෙනි, රජුගේ ඇතුළුනුවරට වැදීමෙහි මේ දසවෙනි දෝෂයයි. මහණෙනි, රජුගේ ඇතුළුනුවරට වැදීමෙහි මේ දසවෙනි දෝෂයයි.”
|
6. සක්කසුත්තං | 6. සක්යුපොසථ සූත්‍රය |
46
එකං
‘‘තං කිං මඤ්ඤථ, සක්කා, ඉධ පුරිසො යෙන කෙනචි කම්මට්ඨානෙන අනාපජ්ජ අකුසලං දිවසං අඩ්ඪකහාපණං නිබ්බිසෙය්ය. දක්ඛො
‘‘තං
‘‘තං කිං, මඤ්ඤථ, සක්කා, ඉධ පුරිසො යෙන කෙනචි කම්මට්ඨානෙන අනාපජ්ජ අකුසලං දිවසං ද්වෙ කහාපණෙ නිබ්බිසෙය්ය
‘‘තං කිං මඤ්ඤථ, සක්කා, අපි නු සො පුරිසො දිවසෙ දිවසෙ කහාපණසතං කහාපණසහස්සං
‘‘තං කිං මඤ්ඤථ, සක්කා, අපි නු සො පුරිසො භොගහෙතු භොගනිදානං භොගාධිකරණං එකං වා රත්තිං එකං වා දිවසං උපඩ්ඪං වා රත්තිං උපඩ්ඪං වා දිවසං එකන්තසුඛප්පටිසංවෙදී විහරෙය්යා’’ති? ‘‘නො හෙතං, භන්තෙ’’. ‘‘තං කිස්ස හෙතු’’? ‘‘කාමා හි, භන්තෙ, අනිච්චා තුච්ඡා මුසා මොසධම්මා’’ති.
‘‘ඉධ පන වො, සක්කා, මම සාවකො දස වස්සානි අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි සතම්පි වස්සසතානි සතම්පි
ඉධ මම සාවකො නව වස්සානි... අට්ඨ වස්සානි... සත්ත වස්සානි... ඡ වස්සානි... පඤ්ච වස්සානි චත්තාරි වස්සානි... තීණි වස්සානි... ද්වෙ වස්සානි... එකං වස්සං අප්පමත්තො ආතාපී
ඉධ මම සාවකො දස මාසෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි සතම්පි වස්සසතානි සතම්පි වස්සසහස්සානි එකන්තසුඛප්පටිසංවෙදී විහරෙය්ය, සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො. තිට්ඨන්තු, සක්කා, දස මාසා.
ඉධ මම සාවකො නව මාසෙ... අට්ඨ මාසෙ... සත්ත මාසෙ... ඡ මාසෙ... පඤ්ච මාසෙ... චත්තාරො මාසෙ... තයො මාසෙ... ද්වෙ මාසෙ... එකං මාසං... අඩ්ඪමාසං අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි සතම්පි වස්සසතානි
ඉධ මම සාවකො දස රත්තින්දිවෙ
(රත්තිදිවෙ (ක.)) අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො යථා මයානුසිට්ඨං තථා පටිපජ්ජමානො සතම්පි වස්සානි සතම්පි වස්සසතානි සතම්පි වස්සසහස්සානි එකන්තසුඛප්පටිසංවෙදී විහරෙය්ය, සො ච ඛ්වස්ස සකදාගාමී වා අනාගාමී වා අපණ්ණකං වා සොතාපන්නො. තිට්ඨන්තු, සක්කා, දස රත්තින්දිවා.
ඉධ මම සාවකො නව රත්තින්දිවෙ... අට්ඨ රත්තින්දිවෙ... සත්ත රත්තින්දිවෙ... ඡ
|
46
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝ ශාක්‍ය උපාසකයෝ පොහෝ දිනයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය. ශාක්‍ය උපාසකයන් එකත්පසෙක හුන් කල්හි භාග්‍යවතුන් වහන්සේ, “ශාක්‍යයෙනි, කෙසේද? තෙපි අඞ්ග අටකින් යුක්තවූ ශීලය රකිව්දැ” යි වදාළ සේක. ‘ස්වාමීනි, අපි සමහර දවස්වල අඞ්ග අටකින් යුක්ත ශීලය රකිමු. සමහර දවස්වල නොරකිමුය’ යි කීවාහුය.
“ශාක්‍යවරුනි, යම්බඳුවූ තොපි මෙසේ ශෝකයෙන් බිය ඇති ජීවිතයෙහි, මරණයෙන් බිය ඇති ජීවිතයෙහි, සමහර දවස්වල අඞ්ග අටකින් යුක්තවූ ශීලය රකිව්ද, සමහර දවස්වල නොරකිවුද, ශාක්‍යවරුනි, එ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි වැඩකින් අදක්ෂවීමට නොපැමිණ, දවාලට කහවණු බාගයක් සොයන්නේය. පුරුෂයා දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?”
“ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නේද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි වැඩකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණුවක් සොයන්නේද, පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?”
“ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු දෙකක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?”
“ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු තුනක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?”
“ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු සතරක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?”
“ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? මේ ලෝකයෙහි පුරුෂයෙක් තෙම යම්කිසි කර්මාන්තයකින් අදක්‍ෂබවට නොපැමිණ, දවාලට කහවණු පහක් සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?”
“ස්වාමීනි, එසේය.” හයක්, හතක්, අටක්, නවයක්, දහයක්, විස්සක්, තිහක්, හතලිහක්, පනහක්, සොයන්නේය. පුරුෂතෙම දක්ෂය, වීර්‍ය්‍යයෙන් යුක්තයයි කීමට සුදුසුද?” “ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නාහුද? ඒ පුරුෂතෙම දවසක් දවසක් පාසා කහවනු සීයක්, කහවනු දාහක්, සොයන්නේ, ලැබු ලැබූ දේ බහා තබන්නේ, වර්ෂ සියයක් ආයුෂ ඇත්තේ, වර්ෂ සීයක් ජීවත් වන්නේ, මහත් වස්තු රැසකට අයිතිකාරයෙක් වන්නේද?” - “ස්වාමීනි, එසේය.”
“ශාක්‍යවරුනි, ඒ කුමකැයි හඟින්නේද? ඒ පුරුෂතෙම වස්තු නිසා වස්තු නිදානකොට ගෙන වස්තු හේතුවෙන් එක් රාත්‍රියක් හෝ, එක් දවාලක් හෝ, රාත්‍රියෙන් බාගයක් හෝ, දවාලෙන් බාගයක් හෝ, ඒකාන්ත සැපක් විඳිමින් වාසය කරන්නහුද?” - “නැත, ස්වාමීනි.”
“ඊට හේතු කවරේද?” - “ස්වාමීනි, කාමයෝ අනිත්‍යයහ. හිස්ය, බොරුය, මුලාකරණ ස්වභාව ඇත්තේය.”
“ශාක්‍යවරුනි, මෙහි මාගේ ශ්‍රාවකතෙම වර්ෂ දහයක් අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවණට යොමුකළ ආත්ම ඇතිව වාසය කරන්නේ, මා විසින් යම් සේ අනුශාසනා කරණ ලද්දේද, එසේ පිළිපදින්නේ, වර්ෂ සීයක්, වර්ෂ දහසක්, වර්ෂ දසදහසක්, වර්ෂ ලක්ෂයක්, ඒකාන්ත සැප විඳිමින් වාසය කරන්නේය. හෙතෙමේ සකෘදාගාමී හෝ, අනාගාමී හෝ, ස්ථිරවූ හෝ, සෝවාන්වූවෙක් වන්නේය.
“ශාක්‍යවරුනි, වර්ෂ දහයක් තිබේවා, මේ ශාසනයෙහි මාගේ ශ්‍රාවකතෙම වර්ෂ නවයක්, අට වර්ෂයක්, සත් වර්ෂයක්, සය වර්ෂයක්, පස් වර්ෂයක්, සතර වර්ෂයක්, තුන් වර්ෂයක්, වර්ෂ දෙකක්, එක් වර්ෂයක්, අප්‍රමාද වූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, කාය, ජීවිත දෙක්හි නිරපෙක්ෂව වාසය කරන්නේ, මා විසින් යම් සේ අවවාද කරණ ලද්දේද, එසේ පිළිපන්නේ. වර්ෂ සීයක්, වර්ෂ දාහක්, වර්ෂ දසදාහක්, වර්ෂ ලක්ෂයක් ඒකාන්ත සැප විඳිමින් වාසය කරන්නේය. හෙතෙමේ වනාහි සකෘදාගාමී හෝ, අනාගාමී හෝ, ස්ථිරවූ හෝ, සෝවාන්වූවෙක් වන්නේය.
“ශාක්‍යවරුනි, එක් වර්ෂයක් තිබේවා. මේ ලෝකයෙහි මාගේ ශ්‍රාවකතෙම දස මාසයක් අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ, කාය ජීවිත දෙක්හි නිරපෙක්ෂව වාසය කරන්නේ, යම් සේ මා විසින් අනුශාසනා කරණ ලද්දේද, එසේ පිළිපදින්නේ වර්ෂ සීයක්, වර්ෂ දාහක්, වර්ෂ දසදාහක්, වර්ෂ ලක්ෂයක්, ඒකාන්ත සැප විඳිමින් වාසය කරන්නේය. හෙතෙමේ වනාහි සකෘදාගාමී හෝ, අනාගාමී හෝ, ස්ථිරවූ හෝ, සෝවාන්වූවෙක් වන්නේය.
“දස මාසයක් තිබේවා. මේ ශාසනයෙහි මාගේ ශ්‍රාවකයෙක් නව මාසයක්, අට මාසයක්, සත් මාසයක්, හමාසයක්, පස් මාසයක්, සාර මාසයක්, තුන් මාසයක්, දෙමාසයක්, එක් මාසයක්, අඩ මසක්,රෑ දාවල් දහයක්,රෑ දාවල් නවයක්, අටක්, හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එක් රැයක්, දවාලක්, අප්‍රමාදවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, කාය ජීවිත දෙක්හි නිරපෙක්ෂව වාසය කරන්නේ, මා විසින් අවවාද කළ දේ අනුව පිළිපදින්නේ, වර්ෂ සීයක්, වර්ෂ දාහක්, වර්ෂ දසදාහක්, වර්ෂ ලක්ෂයක්, වර්ෂ දස ලක්ෂයක් ඒකාන්ත සැප විඳිමින් වාසය කරන්නේය. හෙතෙමේද සකෘදාගාමී හෝ, අනාගාමී හෝ, ස්ථිරවූ හෝ, සෝවාන්වූවෙක් වන්නේය.
“ශාක්‍යවරුනි, දුකසේ ලැබිය හැක්කාහ. යම්බඳුවූ තොප මෙසේ ශෝකයෙන් භයෙන් යුක්ත ජීවිතයෙහි සමහර දවස්වල අඞ්ග අටකින් යුක්ත ශීලයෙහි වසව්ද, සමහර දවස්වල නොවසව්ද, එසේ නම් ඒ ලැබීම තොපට නොලැබිය හැක්කාහ.” - ‘ස්වාමීනි, අපි අද සිට අඞ්ග අටකින් යුත් ශීලය පුරමුය’ යි කීවාහුය.”
|
7. මහාලිසුත්තං | 7. මහාලිපාපකිරිය සූත්‍රය |
47
එකං
‘‘කො පන, භන්තෙ, හෙතු කො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා’’ති? ‘‘අලොභො ඛො, මහාලි, හෙතු, අලොභො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. අදොසො ඛො, මහාලි, හෙතු, අදොසො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. අමොහො ඛො, මහාලි, හෙතු, අමොහො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. යොනිසො මනසිකාරො ඛො, මහාලි, හෙතු, යොනිසො මනසිකාරො පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. සම්මාපණිහිතං ඛො, මහාලි, චිත්තං හෙතු, සම්මාපණිහිතං චිත්තං පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. අයං ඛො, මහාලි, හෙතු, අයං පච්චයො කල්‍යාණස්ස කම්මස්ස කිරියාය කල්‍යාණස්ස කම්මස්ස පවත්තියා. ඉමෙ ච, මහාලි, දස ධම්මා ලොකෙ න සංවිජ්ජෙය්යුං, නයිධ පඤ්ඤායෙථ අධම්මචරියාවිසමචරියාති වා ධම්මචරියාසමචරියාති වා. යස්මා ච ඛො, මහාලි, ඉමෙ දස ධම්මා ලොකෙ
|
47
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. ඉක්බිති මහාලීලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මහාලීලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, පව්කම් කිරීමෙහි, පව්කම් පැවැත්මෙහි, හේතු කවරේද, ප්‍රත්‍යය කවරේදැ” යි ඇසීය.
“මහාලිය, පව්කම් කිරීමෙහි, පව්කම් පැවැත්මෙහි, ලෝභය හේතුවය, ලෝභය ප්‍රත්‍යය. මහාලිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි ද්වේෂය හේතුවය, ද්වේෂය ප්‍රත්‍යය. පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි මෝහය හේතුවය, මෝහය ප්‍රත්‍යය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි නුනුවණින් මෙනෙහි කිරීම හේතුවය, නුනුවණින් මෙනෙහි කිරීම ප්‍රත්‍යයය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි වරදවා පිහිටවූ සිත හේතුවය, වරදවා පිහිටවූ සිත ප්‍රත්‍යයය. මහාළිය, පාපකර්මයාගේ කිරීමෙහි, පාපකර්මයාගේ පැවැත්මෙහි මේ හේතුවය, මේ ප්‍රත්‍යය යයි වදාළ සේක.
“ස්වාමීනි, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි හේතු කවරේද, ප්‍රත්‍යය කවරේද?”
“මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි, අලෝභය හේතුව වෙයි, අලෝභය ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි අෙවෂය හේතුව වෙයි, අෙවෂය ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි අමෝහය හේතුව වෙයි, අමෝහය ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි නුවණින් මෙනෙහි කිරීම හේතුව වෙයි, නුවණින් මෙනෙහි කිරීම ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි මනාකොට තබන ලද සිත හේතුව වෙයි, මනාකොට තබන ලද සිත ප්‍රත්‍යය වෙයි. මහාලිය, කුශල කර්මයාගේ කිරීමෙහි, කුශල කර්මයාගේ පැවැත්මෙහි, මහාලිය, මේ හේතුවය, මේ ප්‍රත්‍යයයි වදාළ සේක.
“මහාලිය, මේ ධර්ම දසය ලෝකයෙහි විද්‍යමාන නොවන්නාහු නම්, අධර්මයෙහි හැසිරීමය, විෂම හැසිරීමය, ධර්මයෙහි හැසිරීමය, සමව හැසිරීමය යයි කියා මෙය නොවේ. මහාලිය, යම් හෙයකින් මේ ධර්ම දහය ලෝකයෙහි විද්‍යමාන වෙත්ද, එහෙයින් අධර්මචර්ය්යාවය, විෂම චර්ය්යාවය, ධර්ම චර්ය්යාවය, සමර්ච්යාවයයි කියා ඇත්තේ වේ.”
|
8. පබ්බජිතඅභිණ්හසුත්තං | 8. දසධර්ම සූත්‍රය |
48
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා
|
48
“මහණෙනි, මේ ධර්ම දසයක් පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළ යුත්තාහ. කවර දසයක්ද යත්.
“වෙනස් වර්ණයකට පැමිණෙන ලද්දෙමි” යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කටයුතුයි. ‘මාගේ ජීවිකාව අනුන් පිළිබඳය’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ‘මා විසින් අන්‍ය (ගිහියන්ගෙන් වෙනස්වූ) හැසිරීමක් කටයුතුය’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ‘කිමෙක්ද, මාගේ සිත සීලයෙන් මට උපවාද නොකෙරේදැ’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ‘කිමෙක්ද, මා විචාරා ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු සීලයෙන් පරිභව නොකෙරෙත්දැ’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ‘මාගේ සියලු ප්‍රිය මනාප දෙයින් වෙනස්වීම, වෙන්වීම වේය’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ‘මම කර්මය ස්වකීය කොට ඇත්තේ වෙමි. කර්මය අයිති කොට ඇත්තේ වෙමි. කර්මය උත්පත්ති ස්ථානය කොට ඇත්තේ වෙමි. කර්මය නෑයන් කොට ඇත්තේ වෙමි. කර්මය පිළිසරණ කොට ඇත්තේ වෙමි. යහපත් හෝ, අයහපත් යම් කර්මයක් කරන්නෙම්ද, ඊට හිමි වන්නෙමි’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ‘කෙසේවූ මටරෑ දාවල් ඉක්මෙත්දැ’ යි පැවිද්දා විසින් නිතර නුවණින් සිහි කළයුතුයි. ‘කිමෙක්ද මම ජනයාගෙන් හිස්වූ ප්‍රදේශයෙහි ඇලෙන්නෙම්දැ’ යි පැවිද්දා විසින් නිතර මෙනෙහි කළයුතුයි. “මා කෙරෙහි මනුෂ්‍ය ධර්මයට මත්තෙහි ආර්‍ය්‍ය භාවය සිද්ධ කිරීමට සුදුසු ඤාණයක් ලබන ලද්දේද, ඒ මම පසු කාලයක සබ්‍රම්සරුන් විසින් විචාරණ ලද්දේ නිශ්ශබ්ද නොවන්නෙම්දැ’ යි පැවිද්දා විසින් නිතර ප්රත්යවෙක්ෂා කළයුතුයි. මහණෙනි, මේ දස ධර්මයෝ පැවිද්දා විසින් නිතර ප්රත්යවෙක්ෂා කට යුත්තාය” යි වදාළ සේක.
|
9. සරීරට්ඨධම්මසුත්තං | 9. සරීරට්ඨදසධම්ම සූත්‍රය |
49
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා සරීරට්ඨා. කතමෙ දස? සීතං, උණ්හං, ජිඝච්ඡා, පිපාසා, උච්චාරො, පස්සාවො, කායසංවරො, වචීසංවරො, ආජීවසංවරො, පොනොභවිකො
(පොනොබ්භවිකො (ක.)) භවසඞ්ඛාරො - ඉමෙ
|
49
“මහණෙනි, ශරීරයෙහි වූ මේ කරුණු දසයක් වෙත්. කවර දසයක්ද යත්.
“සීතය, උෂ්ණය, බඩසාය, පිපාසය, මළ, මූත්‍ර පහකිරීම, කාය සංවරය, වාක් සංවරය, ජීවිකාව සංවරව කිරීම, නැවත භවය ඇතිකරණ භවගාමී පින් පව්, මහණෙනි, මේ කරුණු දසය ශරීරයෙහි පිහිටියාහුය.”
|
10. භණ්ඩනසුත්තං | 10. සාමග්ගිකරණ ධම්ම සූත්‍රය |
50
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා
අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘කාය නුත්ථ, භික්ඛවෙ, එතරහි කථාය සන්නිසින්නා සන්නිපතිතා, කා ච පන වො අන්තරාකථා විප්පකතා’’ති?
‘‘ඉධ මයං, භන්තෙ, පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා උපට්ඨානසාලායං සන්නිසින්නා සන්නිපතිතා භණ්ඩනජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤමඤ්ඤං මුඛසත්තීහි විතුදන්තා විහරාමා’’ති. ‘‘න ඛො පනෙතං, භික්ඛවෙ, තුම්හාකං පතිරූපං කුලපුත්තානං සද්ධාය අගාරස්මා අනගාරියං
‘‘දසයිමෙ, භික්ඛවෙ, ධම්මා සාරණීයා පියකරණා ගරුකරණා
(පියකරාණා ගරුකරාණා (?)) සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තන්ති. කතමෙ දස? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යම්පි, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. යම්පි, භික්ඛවෙ, භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං, අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු යානි තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි, භික්ඛවෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො, අයම්පි ධම්මො සාරණීයො පියකරණො ගරුකරණො සඞ්ගහාය අවිවාදාය සාමග්ගියා එකීභාවාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යම්පි, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සතිමා හොති, පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො, චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යම්පි
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. යම්පි, භික්ඛවෙ, භික්ඛු පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා
|
50
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු මහ සිටාණන් විසින් කරවණ ලද, ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පසු බත පිණ්ඩපාතයෙන් වැළැක්කේ, උපස්ථාන ශාලාවෙහි හුන්නාහු, රැස්වූවාහු, හටගත් ඩබර ඇත්තාහු, කොලාහල ඇත්තාහු, විවාදයට බැස ගත්තාහු, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරත්. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ඵල සමවතින් නැගිටි සේක්, උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, පනවන ලද අස්නෙහි වැඩ සිටි සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩ සිට, භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, මෙහි දැන් කවර කථාවකින් යුක්තව හුන්නාහුද? තොප විසින් කවර කථාවක් කියා නතර කළේද?”
“ස්වාමීනි, අපි මෙහි පසු බත පිණඩපාතයෙන් ආපසු ආවාහු, උපස්ථාන ශාලාවෙහි වැඩ සිටි රැස්වූ හටගත් ඩබර ඇති, හටගත් කලහ ඇති, පැමිණි විවාද ඇති, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරමු.”
“මහණෙනි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම, අනගාරිය ශාසනයෙහි මහණවූ යම්බඳුවූ තොපි, හටගත් ඩබර ඇත්තාහුද, හටගත් කළහ ඇත්තාහුද, පැමිණි විවාද ඇත්තාහු, ඔවුනොවුන් මුඛ නමැති උල්වලින් විදිමින් වාසය කරන්නාහු නම් තොපට මෙය නුසුදුසුය.
“මහණෙනි, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ, සිහි කටයුතු මේ කරුණු දසයක් රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, හුදකලා බව පිණිස පවතිත්. කවර දසයක්ද යත්, මහණෙනි, මේ ශාසනයේ මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන් හා අරමුණෙන් යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්ෂා පදයන් සමාදන්ව රකියිද,
“මහණෙනි, යම් හෙයකින් මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන් හා අරමුණෙන් යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්ෂා පදයන් සමාදන්ව රකියිද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම ඇසූදේ දරණ, ඇසූදේ රැස් කරණ බහුශ්‍රුතයෙක් වේද, යම් ඒ ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්ණ, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරේද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහ. දරණ ලද්දාහ. වචනයෙන් පුරුදු වූවාහුය. සිතින් ලබන ලද්දාහ. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහ. මහණෙනි, මහණතෙම යම් හෙයකින් බහුශ්‍රුත වේද, දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දේ වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම යහපත් මිත්‍රයන් ඇත්තේ වේ. යහපත් සහායයන් ඇත්තේ වේ. යහපතට නැමෙන්නේ වේ. ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම කීකරුවූයේ, කීකරුකම ඇති කරණ ධර්මයන්ගෙන් යුක්තවූයේ, අනුශාසනා ඉවසන්නේ, අනුශාසනාව ගෞරවයෙන් පිළිගන්නේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම කීකරුවේද, සුවච බව ඇති කරණ ධර්මයන්ගෙන් යුක්ත වේද, අනුශාසනය ඉවසන්නේ, අනුශාසනය ගෞරවයෙන් පිළිගන්නේ වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන්ගේ අසා කළ යුතු ලොකු කුඩා වැඩ වේද, එහි දක්ෂ වේද, අලස නොවේද, එහි දක්ෂ වූයේ, විමසීමෙන් යුක්තවූයේ, විධාන කරන්ට සුදුසු වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන්ගේ ලොකු කුඩා අසා කටයුතු යම් ඒ කර්මයෝ වෙත්ද, එහි දක්ෂ වේද, අලස නොවේද, විමසීමෙන් යුක්තවූයේ, විධාන කරන්ට සුදුසුවූයේ ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම ප්‍රිය කථා ඇත්තේ වේද, අභිධර්මයෙහි උතුම් විනයෙහි මහත් සතුට ඇත්තේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම ප්‍රිය කථා ඇත්තේ, අභිධර්මයෙහි උතුම් විනයෙහි මහත් ප්‍රමෝදය ඇත්තේ වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම අකුශල ධර්මයන් ප්‍රහීන කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි කොට ගත් වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද වැඩ ඇත්තේ, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම අකුශල ධර්මයන් ප්‍රහීන කිරීම පිණිස, කුශල ධර්මයන් ඉපදවීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද වැඩ ඇත්තේ, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වාසය කරයිද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහණතෙම යම් යම් සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම ශ්‍රේෂ්ඨවූ සිහියේ නිපුන භාවයෙන් යුක්ත වේ. කළ බොහෝ කල් ඇති කියා බොහෝ කල් ඇති දෙය සිහි කරන්නේ වේ. නැවත නැවත සිහි කරන්නේ වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම ශ්‍රේෂ්ඨ ස්මෘතියේ නිපුන භාවයෙන් යුක්ත වේද, කළ බොහෝ කල් ඇති කියා බොහෝ කල් ඇති දෙය සිහි කරන්නේ වේ. නැවත නැවත සිහි කරන්නේ වේ. ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
“මහණෙනි, නැවතද මහණතෙම ආර්‍ය්‍යවූ තියුණු අවබෝධය ඇති, මනාකොට දුක් ක්ෂය කිරීමට යන, උත්පත්තිය, මරණය දැන ගන්නා නුවණින් යුක්තවූ, ඤාණවන්තයෙන් වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම ආර්‍ය්‍යවූ තියුණු අවබෝධය ඇති, මනාකොට දුක් ක්ෂය කිරීමට යන, උත්පත්තිය, මරණය දැන ගන්නා නුවණින් යුක්තවූ, ඤාණවන්තයෙන් වේද, ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී. මහණෙනි, මේ ධර්ම දසය සිහි කටයුත්තාහ. ප්‍රිය භාවය කරණ, ගරු භාවය කරණ මේ ධර්මයද සිහි කළ යුතුයි. රැස් කිරීම පිණිස, විවාද නොකිරීම පිණිස, සමගිය පිණිස, එක්වීම පිණිස පවතී.
|