3. මහාවග්ගො | 3. මහා වර්ගය |
1. සීහනාදසුත්තං | 1. දසබල සූත්‍රය |
21
‘‘සීහො
‘‘‘සීහො’ති, ඛො භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. යං ඛො, භික්ඛවෙ, තථාගතො
(ම. නි. 1.148; විභ. 760; පටි. ම. 2.44) ‘‘දසයිමානි
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො අනෙකධාතුං නානාධාතුං
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති...පෙ.... බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ, තථාගතො පරසත්තානං පරපුග්ගලානං
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි...පෙ.... පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති...පෙ.... බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි, භික්ඛවෙ, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘ඉමානි ඛො, භික්ඛවෙ, දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො
|
21
“මහණෙනි, මෘගරාජන්වූ සිංහයා සවස් කාලයෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කිලිපොලයි. කිලිපොලා හාත්පස සිවු දිග බලයි. හාත්පස සිවු දිග බලා තුන් වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කර ගොදුරු පිණිස පිටත් වෙයි. ඊට හේතු කවරේද? ‘මම විසම ස්ථාවල සිටින පොඩි සතුන් විනාශයට නොපමුණුවමිය’ යි සිතායි.
“මහණෙනි, සිංහ යනු අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේට නමකි. මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිසෙහි යම් ධර්මයක් දේශනා කෙරේද, මෙය උන් වහන්සේගේ සිංහ නාදය වෙයි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උතුම් කරුණ දන්වයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් වේ.
“කවර දසයක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ස්ථානය ස්ථානය වශයෙනුත්, අස්ථානය අස්ථානය වශයෙනුත්, තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ ස්ථාන අස්ථාන දෙක තත්වූ පරිද්දෙන් දනිද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, තථාගත තෙමේ අතීත, අනාගත, වර්තමානවූ කර්මයන්ගේ කරුණු වශයෙන් හේතු වශයෙන් විපාකය තත්වූ පරිද්දෙන්ම දනීද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගත තෙමේ සියලු ගතිවලට යන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ සියලු ගතිවලට යන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙයද යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ නොයෙක් අධික ලෙස ඇලිම් තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ නොයෙක් අධික ලෙස ඇලිම් තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ ප්‍රධාන සත්ත්වයන්ගේද, හීන සත්ත්වයන්ගේද, ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ වැඩිමද, හානියද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම්සේ ප්‍රධාන සත්ත්වයන්ගේද, හීන සත්ත්වයන්ගේද, ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ වැඩිමද, හානියද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ සතර ධ්‍යානයන්ගේද, අෂ්ට විමොක්ෂයන්ගේද, අෂ්ට සමාපත්තීන්ගේද, කෙලෙසීමද, පිරිසිදුවීමද, නැගිටීමද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් විධියකින් ධ්‍යාන විමොක්ෂ සම්පත්තීන්ගේ කෙලෙසීමද, පිරිසිදුවිමද, නැගිටීමද, තත්වූ පරිද්දෙන් දනීද, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ නානාප්‍රකාර පූර්වෙනිවාසය සිහිකරත්ද, ඒ මෙසේයි. එක් ජාතියක්ද, (මෙහි අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ 8 සූත්‍රයේ 4 - 5 - 6 ඡේද යෙදිය යුතුයි.) සිහිකරත්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ (මෙහි අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ 8 සූත්‍රයේ 9 ඡේදය යෙදිය යුතුයි.) දකීද, මහණෙනි, මෙයද යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරත්ද, මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරත්ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය භජනය කරත්ද, පිරිසෙහි සිංහනාද කරත්ද, ධර්මචක්රය පවත්වත්ද, මේ ඒ තථාගත බල දසයයි.”
|
2. අධිවුත්තිපදසුත්තං | 2. අධිමුත්තිපද සූත්‍රය |
22
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච -
‘‘යෙ තෙ, ආනන්ද, ධම්මා තෙසං තෙසං අධිවුත්තිපදානං
(අධිමුත්තිපදානං (ක.)) අභිඤ්ඤා සච්ඡිකිරියාය සංවත්තන්ති, විසාරදො අහං, ආනන්ද, තත්ථ පටිජානාමි. ‘තෙසං තෙසං තථා තථා ධම්මං දෙසෙතුං
‘‘දසයිමානි, ආනන්ද, තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති. කතමානි දස? ඉධානන්ද, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පානන්ද, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පානන්ද, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, ආනන්ද, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පානන්ද...පෙ.... ඉදම්පානන්ද...පෙ.....
‘‘පුන
‘‘පුන චපරං, ආනන්ද, තථාගතො අනෙකධාතුං නානාධාතුං ලොකං යථාභූතං පජානාති. යම්පානන්ද
‘‘පුන
‘‘පුන චපරං, ආනන්ද, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාති. යම්පානන්ද...පෙ.... ඉදම්පානන්ද...පෙ.....
‘‘පුන චපරං, ආනන්ද, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පානන්ද...පෙ.... ඉදම්පානන්ද...පෙ.....
‘‘පුන
‘‘පුන චපරං, ආනන්ද, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පානන්ද...පෙ.... ඉදම්පානන්ද...පෙ.....
‘‘පුන චපරං, ආනන්ද, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පානන්ද, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං...පෙ.... සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. ඉදම්පානන්ද, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
‘‘ඉමානි
|
22
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. ‘ආනන්දය, අධික ලෙස යෙදුන කරුණු අතර යම් ඒ ධර්මයෝ විශේෂ ඥානය ප්රත්යක්ෂ කිරීම පිණිස පවතිත්ද, ආනන්දය, මම එහි විශාරදව අවබෝධය ඇතිකර ගතිමි. ආනන්දය, මේ යම් විධියකින් පිළිපන්නේ, ඇති දෙය ඇතැයි දන්නේද, නැති දෙය නැත්තේයයි දන්නේද, ලාමක දෙය ලාමකයයි දන්නේද, ප්‍රණීත දෙය ප්‍රණීතයයි දන්නේද, වැඩියත් සහිත සිත වැඩියත් සහිත සිතයයි දනී. උසස් නොවු සිත උසස් නොවූ සිත යයි දනියි. යම් පරිද්දෙකින් එය දත යුතුද, දැක්ක යුතුද, ප්රත්යක්ෂ කටයුතුද, එසේ හෝ දන්නේය, දක්නේය, ප්රත්යක්ෂ කරන්නේයයි මේ කාරණය විද්‍යමාන වේ.
“ආනන්දය, මම ඒ ඒ අයට ඒ ඒ විධියෙන් ධර්ම දේශනා කිරීමට මෙහි දක්ෂව ප්‍රතිඥා කරමි. ආනන්දය, ඒ ඒ තන්හි තත්වූ පරිදි දැනීමක් ඇද්ද, ඤාණයන්ගෙන් මෙය ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ. ආනන්දය, මේ ඤාණයට වඩා උතුම්වූ, ශ්‍රේෂ්ඨවූ අනික් ඤාණයක් නැතැයි කියමි. ආනන්දය, තථාගතයන් වහන්සේගේ තථාගත බලයෝ මේ දස දෙනෙක් වෙත්.
“ආනන්දය, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උතුම් කරුණ දන්වයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ශ්‍රේෂ්ඨ ධර්මචක්රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් වේ.
“කවර දසයක්ද යත්? ආනන්දය, මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ස්ථානය ස්ථානය වශයෙනුත්, අස්ථානය අස්ථානය වශයෙනුත්, තත්වූ පරිද්දෙන් දනී. ආනන්දය, යම් හෙයකින් තථාගතයන් වහන්සේ ස්ථාන අස්ථාන දෙක තත්වූ පරිද්දෙන් දනිද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, තථාගත තෙමේ අතීත, අනාගත, වර්තමානවූ කර්මයන්ගේ කරුණු වශයෙන් හේතු වශයෙන් විපාකය තත්වූ පරිද්දෙන්ම දනීද, ආනන්දය, මෙයද තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, නැවතද තථාගත තෙමේ සියලු ගතිවලට යන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දනීද, ආනන්දය, යම් හෙයකින් තථාගතයන් වහන්සේ සියලු ගතිවලට යන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දනීද, ආනන්දය, මෙයද යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, නැවතද තථාගතයන් වහන්සේ නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනීද, ආනන්දය, යම් හෙයකින් තථාගතයන් වහන්සේ නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනීද, ආනන්දය, මේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, නැවතද තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ නොයෙක් අධික ලෙස ඇලිම් තත්වූ පරිද්දෙන් දනී. ආනන්දය, තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ නොයෙක් අධික ලෙස ඇලිම් තත්වූ පරිද්දෙන් දනීද, ආනන්දය, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, නැවතද තථාගතයන් වහන්සේ ප්‍රධාන සත්ත්වයන්ගේද, හීන සත්ත්වයන්ගේද, ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ වැඩිමද, හානියද, තත්වූ පරිද්දෙන් දනීද, ආනන්දය, තථාගතයන් වහන්සේ යම්සේ ප්‍රධාන සත්ත්වයන්ගේද, හීන සත්ත්වයන්ගේද, ශ්‍රද්ධාදී ඉන්ද්රියයන්ගේ වැඩිමද, හානියද, තත්වූ පරිද්දෙන් දනීද, ආනන්දය, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, නැවතද තථාගතයන් වහන්සේ සතර ධ්‍යානයන්ගේද, අෂ්ට විමොක්ෂයන්ගේද, අෂ්ට සමාපත්තීන්ගේද, කෙලෙසීමද, පිරිසිදුවීමද, නැගිටීමද, තත්වූ පරිද්දෙන් දනීද, ආනන්දය, තථාගතයන් වහන්සේ යම් විධියකින් ධ්‍යාන විමොක්ෂ සම්පත්තීන්ගේ කෙලෙසීමද, පිරිසිදුවිමද, නැගිටීමද, තත්වූ පරිද්දෙන් දනීද, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, නැවතද තථාගතයන් වහන්සේ නානාප්‍රකාර පූර්වෙනිවාසය සිහිකරත්ද, ඒ මෙසේයි. එක් ජාතියක්ද, (මෙහි අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ 8 සූත්‍රයේ 4 - 5 - 6 ඡේද යෙදිය යුතුයි.) සිහිකරත්ද, ආනන්දය, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, නැවතද තථාගතයන් වහන්සේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ (මෙහි අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්ගයේ 8 සූත්‍රයේ 9 ඡේදය යෙදිය යුතුයි.) දකීද, ආනන්දය, මෙයද යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, නැවතද තථාගතයන් වහන්සේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරත්ද, ආනන්දය, යම් හෙයකින් තථාගතයන් වහන්සේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරත්ද, ආනන්දය, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්මචක්රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“ආනන්දය, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය භජනය කරත්ද, පිරිසෙහි සිංහනාද කරත්ද, ධර්මචක්රය පවත්වත්ද, මේ ඒ තථාගත බල දසයයි.”
|
3. කායසුත්තං | 3. වාරත්තය පහාතබ්බ සූත්‍රය |
23
‘‘අත්ථි
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා කායෙන පහාතබ්බා, නො වාචාය? ඉධ, භික්ඛවෙ, භික්ඛු අකුසලං ආපන්නො හොති කිඤ්චි දෙසං
(කඤ්චි දෙව දෙසං (සී. ස්‍යා.)) කායෙන. තමෙනං අනුවිච්ච විඤ්ඤූ සබ්රහ්මචාරී එවමාහංසු - ‘ආයස්මා ඛො අකුසලං ආපන්නො කිඤ්චි දෙසං කායෙන. සාධු වතායස්මා කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙතූ’ති. සො අනුවිච්ච විඤ්ඤූහි සබ්රහ්මචාරීහි වුච්චමානො කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති. ඉමෙ වුච්චන්ති, භික්ඛවෙ, ධම්මා කායෙන පහාතබ්බා, නො වාචාය.
‘‘කතමෙ
‘‘කතමෙ ච, භික්ඛවෙ, ධම්මා නෙව කායෙන පහාතබ්බා නො වාචාය, පඤ්ඤාය දිස්වා පහාතබ්බා? ලොභො, භික්ඛවෙ, නෙව කායෙන පහාතබ්බො නො වාචාය, පඤ්ඤාය දිස්වා පහාතබ්බො. දොසො
‘‘පාපිකා
‘‘පාපිකා, භික්ඛවෙ, ඉච්ඡා නෙව කායෙන පහාතබ්බා නො වාචාය, පඤ්ඤාය දිස්වා පහාතබ්බා. කතමා ච, භික්ඛවෙ, පාපිකා ඉච්ඡා?
(විභ. 851) ඉධ, භික්ඛවෙ, එකච්චො අස්සද්ධො සමානො ‘සද්ධොති මං ජානෙය්යු’න්ති ඉච්ඡති; දුස්සීලො සමානො ‘සීලවාති මං ජානෙය්යු’න්ති ඉච්ඡති; අප්පස්සුතො සමානො ‘බහුස්සුතොති මං ජානෙය්යු’න්ති ඉච්ඡති; සඞ්ගණිකාරාමො සමානො ‘පවිවිත්තොති
‘‘තඤ්චෙ, භික්ඛවෙ, භික්ඛුං ලොභො අභිභුය්ය ඉරියති, දොසො... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා ඉස්සා... පාපිකා ඉච්ඡා අභිභුය්ය ඉරියති. සො එවමස්ස වෙදිතබ්බො - ‘නායමායස්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති, තථාහිමං ආයස්මන්තං ලොභො අභිභුය්ය ඉරියති; නායමායස්මා තථා පජානාති යථා පජානතො දොසො න හොති... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා ඉස්සා... පාපිකා ඉච්ඡා න හොති, තථාහිමං ආයස්මන්තං පාපිකා ඉච්ඡා අභිභුය්ය ඉරියතී’ති.
‘‘තඤ්චෙ
|
23
“මහණෙනි, කයින් ප්‍රහිණය කටයුතු, වචනයෙන් ප්රහාණය නොකටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, කයින් නොව වචනයෙන් ප්රහාණය කටයුතු ධර්මයෝ ඇත්තාහ. මහණෙනි, කයින්ද, වචනයෙන්ද ප්රහාණය නොකටයුතු, ඤාණයෙන් දැක දැක ප්රහාණය කටයුතු ධර්මයෝ ඇත්තාහ.
“මහණෙනි, කවර ධර්ම කෙනෙක් වචනයෙන් නොව කයින් ප්රහාණය කටයුතුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කයින් කිසියම් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේද, ඔහුට ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු දැන ‘ආයුෂ්මත් තෙමේ වනාහි කයින් කිසියම් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේය. ආයුෂ්මත් තෙමේ ඒකාන්තයෙන් කාය දුෂ්චරිතය අත්හැර, කාය සුචරිතය වඩන්නේ යහපතැයි’ මෙසේ කීවාහුය. හෙතෙම නුවණැති සබ්‍රම්සරුන් විසින් දැන කියනු ලබන්නේ, කාය දුශ්චරිතය අත්හැර, කාය සුචරිතය පුරයි. මහණෙනි, මේ වචනයෙන් නොව කයින් ප්‍රහීන කටයුතු ධර්මයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, කයින් නොව, වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝ කවරහුද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම වචනයෙන් ඉතා ස්වල්ප අකුශලයකට පැමිණියේද, ඔහුට ඤාණවන්ත සබ්‍රහ්මචාරීහු දැන ‘ආයුෂ්මත් තෙමේ වනාහි වචනයෙන් යම් ලේෂ මාත්‍ර අකුශලයකට පැමිණියේය. ආයුෂ්මත් තෙමේ වාක් දුෂ්චරිතය අත්හැර, වාක් සුචරිතය වඩන්නේ යහපතැ’ යි කීවාහුය. ඤාණවන්ත සබ්‍රම්සරුන් විසින් දැන කියන්නේ, වාක් දුෂ්චරිතය අත්හැර, වාක් සුචරිතය පුරයි. මහණෙනි, මේ ධර්මයෝ කයින් නොව වචනයෙන් ප්‍රහීන කටයුතු ධර්මයෝය.
“මහණෙනි, කවර ධර්ම කෙනෙක් කයිනුත් නොව, වචනයෙනුත් නොව, නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුද? මහණෙනි, ලෝභය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ද්වේෂය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මෝහය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ක්‍රෝධය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, බද්ධ වෛරය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මකු ගතිය කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, එකට එක කිරීම කයින් හෝ වචනයෙන් ප්‍රහීන නොකට යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, මසුරුකම කයිනුත් පහ නොකළ යුතුය. වචනයෙන් ප්‍රහීන නොකළ යුතුය. නුවණින් දැක ප්‍රහීන කටයුතුය. මහණෙනි, ලාමක ඊර්ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන නොකළ යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය.
“මහණෙනි, ලාමක ඊර්ෂ්‍යාව කවරේද? මහණෙනි, ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ධනයෙන් හෝ, ධාන්‍යයෙන් හෝ, රිදියෙන් හෝ, රත්රනින් හෝ, සමෘද්ධ වේද, එහි එක්තරා දාසයෙකුට හෝ අමුත්තෙකුට, ‘එකාන්තයෙන් මේ ගෘහපතියාට හෝ ගෘහපති පුත්‍රයාට ධනයෙන් හෝ ධාන්‍යයෙන් හෝ, රිදියෙන් හෝ, රත්රනින් හෝ, සමෘද්ධ නොවන්නේ නම් යහපතැ’ යි මෙබඳු සිතක් වේ. ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර ලබන්නේ වේද, එහි එක්තරා ශ්රමණයෙකුට හෝ බ්රාහ්මණයෙකුට, ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර නොලබන්නේ නම් යෙහෙකැයි මෙබඳු සිතක් වේ. මහණෙනි, මේ ලාමක ඊෂ්‍යාවයි. මහණෙනි, ලාමක ඊර්ෂ්‍යාව කයින් ප්රහාණය නොකටයුතුය. වචනයෙනුත් නොව, නුවණින් දැන දැන ප්‍රහීන කටයුතුය.
“මහණෙනි, ලාමක ඊර්ෂ්‍යාව කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් කෙනෙක් අශ්රද්ධාවත් වූයේ, ‘මා ශ්රද්ධාවත්ය’ යි දැනගන්නාහු නම් කැමතිවේ. දුශ්ශීලවූයේම, ‘මා සිල්වත්ය’ යි දන්නාහු නම් යෙහෙකැයි (කැමති වෙයි.) අල්පශ්‍රුත වූයේම, ‘මා බහුශ්‍රුතයයි දනීනම් යෙහෙකැ’ යි කැමති වෙයි. පිරිස් හා ගැටුනේ, ‘මා ප්රකර්ෂ විවේකයට ගියේයයි දන්නාහුය’ යි කැමතිවෙයි. කම්මැලිවූයේ, ‘මා පටන්ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේයයි දනීවා’ යි කැමතිවෙයි. මුළා සිහි ඇත්තේම, ‘මා එළඹ සිටි සිහි ඇත්තේයයි දන්නාහුය’ යි කැමතිවෙයි. නොසන්සිඳුනේ, ‘සංසිඳුනේයයි මා දනීවා’ යි කැමතිවෙයි. නුවණ නැත්තේ, ‘මා ප්‍රඥාවන්තයයි දනීවා’ යි කැමතිවෙයි. ක්ෂීණාශ්රව නොවූයේම, ‘මා කෙළෙසුන් නැති කෙනෙකැයි දනීවා’ යි කැමතිවෙයි. මහණෙනි, මේ ලාමක ඊර්ෂ්යාවයයි කියනු ලැබේ. මහණෙනි, ලාමක ඊර්ෂ්‍යාව කයින් හෝ වචනයෙන් හෝ ප්‍රහීන නොකළ යුතුය. නුවණින් දැක දැක ප්‍රහීන කටයුතුය.
“මහණෙනි, ඉදින් ඒ භික්ෂුව ලෝභය මැඩ පවත්වා වාසය කරයිද, ද්වේෂය මැඩ පවත්වා වාසය කරයිද, මෝහය මැඩ පවත්වා වාසය කරයිද, ක්‍රෝධය මැඩ පවත්වා වාසය කරයිද, බද්ධ වෛරය මැඩ පවත්වා වාසය කරයිද, ගුණමකු ගතිය මැඩ පවත්වා වාසය කරයිද, යුගග්‍රාහය (එකට එක කිරීම) මැඩ පවත්වා වාසය කරයිද, මසුරුකම මැඩ පවත්වා වාසය කරයිද, ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා වාසය කරයිද, යටකොට වාසය කරයිද, හෙතෙම තෙමේ යම්සේ දන්නාහට ලෝභය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී’ එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට වාසය නොකරයි. යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී.’ මෝහය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකු ගතිය, එකට එක කිරීම, මසුරුකම, ලාමක ඊර්ෂ්‍යාව හා ලාමක බලාපොරොත්තු නොවේද, එසේමැයි ආයුෂ්මත්හු ලාමක බලාපොරොත්තු මා මැඩ පවත්වා ඉරියව් පවත්වයි.
“ඉදින් මහණෙනි, ඒ භික්ෂුව ලෝභය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ද්වේෂය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, මෝහය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ක්‍රෝධය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, බද්ධ වෛරය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ගුණමකු ගතිය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, එකට එක කිරීම මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, මසුරුකම මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ලාමක ඊර්ෂ්‍යාව මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, ලාමක බලාපොරොත්තු මැඩ නොපවත්වා ඉරියව් පවත්වයිද, හෙතෙම මෙසේ දත යුතු වන්නේය. යම් සේ දන්නාහට ලෝභය නොවේද, එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී. එසේම යම් සේ දන්නාහට ලෝභය නොවේද, එසේම ආයුෂ්මත් මා ලෝභය මැඩ නොපවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලෝභය නොවේ නම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.’
“යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ද්වේෂය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ද්වේෂය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ද්වේෂය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ක්‍රෝධය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ක්‍රෝධය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා බද්ධ වෛරය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු බද්ධ වෛරය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ගුණමකුගතිය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ගුණමකුගතිය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා එකට එක කිරීම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු එකට එක කිරීම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට මසුරුකම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා මසුරුකම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට මසුරුකම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු මසුරුකම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට මසුරුකම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක ඊර්ෂ්‍යාව යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක බලාපොරොත්තු යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.”
|
4. මහාචුන්දසුත්තං | 4. මහාචුන්ද - සහජාති සූත්‍රය |
24
එකං සමයං ආයස්මා මහාචුන්දො චෙතීසු විහරති සහජාතියං. තත්ර ඛො ආයස්මා මහාචුන්දො භික්ඛූ ආමන්තෙසි - ‘‘ආවුසො භික්ඛවෙ’’ති. ‘‘ආවුසො’’ති ඛො තෙ භික්ඛූ
‘‘ඤාණවාදං, ආවුසො, භික්ඛු වදමානො - ‘ජානාමිමං ධම්මං, පස්සාමිමං ධම්ම’න්ති. තඤ්චෙ, ආවුසො, භික්ඛුං ලොභො අභිභුය්ය තිට්ඨති, දොසො... මොහො
‘‘භාවනාවාදං, ආවුසො, භික්ඛු වදමානො - ‘භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො’ති. තඤ්චෙ, ආවුසො, භික්ඛුං ලොභො අභිභුය්ය තිට්ඨති, දොසො... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා ඉස්සා... පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති, සො එවමස්ස වෙදිතබ්බො - ‘නායමායස්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති, තථාහිමං ආයස්මන්තං ලොභො අභිභුය්ය තිට්ඨති; නායමායස්මා තථා පජානාති යථා පජානතො දොසො
‘‘ඤාණවාදඤ්ච, ආවුසො, භික්ඛු වදමානො භාවනාවාදඤ්ච - ‘ජානාමිමං ධම්මං, පස්සාමිමං ධම්මං, භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො’ති. තඤ්චෙ, ආවුසො, භික්ඛුං ලොභො අභිභුය්ය තිට්ඨති, දොසො... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා ඉස්සා... පාපිකා ඉච්ඡා අභිභුය්ය
‘‘සෙය්යථාපි
‘‘එවමෙවං ඛො, ආවුසො, ඤාණවාදඤ්ච භික්ඛු වදමානො භාවනාවාදඤ්ච - ‘ජානාමිමං ධම්මං, පස්සාමිමං ධම්මං, භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො’ති. තං චෙ, ආවුසො, භික්ඛුං ලොභො අභිභුය්ය තිට්ඨති, දොසො... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා ඉස්සා... පාපිකා ඉච්ඡා අභිභුය්ය තිට්ඨති, සො එවමස්ස වෙදිතබ්බො - ‘නායමායස්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති, තථාහිමං ආයස්මන්තං ලොභො අභිභුය්ය තිට්ඨති; නායමායස්මා තථා පජානාති යථා පජානතො දොසො න හොති... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා
‘‘ඤාණවාදං, ආවුසො, භික්ඛු වදමානො - ‘ජානාමිමං ධම්මං, පස්සාමිමං ධම්ම’න්ති. තඤ්චෙ, ආවුසො, භික්ඛුං ලොභො නාභිභුය්ය තිට්ඨති, දොසො... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා ඉස්සා... පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති, සො එවමස්ස වෙදිතබ්බො - ‘අයමායස්මා තථා පජානාති යථා පජානතො ලොභො න හොති, තථාහිමං ආයස්මන්තං ලොභො නාභිභුය්ය තිට්ඨති; තථා අයමායස්මා පජානාති යථා පජානතො දොසො න හොති... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා ඉස්සා... පාපිකා ඉච්ඡා න හොති, තථාහිමං ආයස්මන්තං
‘‘භාවනාවාදං
‘‘ඤාණවාදඤ්ච, ආවුසො, භික්ඛු වදමානො භාවනාවාදඤ්ච - ‘ජානාමිමං ධම්මං, පස්සාමිමං ධම්මං, භාවිතකායොම්හි භාවිතසීලො භාවිතචිත්තො භාවිතපඤ්ඤො’ති. තඤ්චෙ, ආවුසො, භික්ඛුං ලොභො නාභිභුය්ය තිට්ඨති, දොසො... මොහො... කොධො... උපනාහො... මක්ඛො... පළාසො... මච්ඡරියං... පාපිකා ඉස්සා... පාපිකා ඉච්ඡා නාභිභුය්ය තිට්ඨති, සො එවමස්ස වෙදිතබ්බො - ‘තථා අයමායස්මා පජානාති යථා පජානතො ලොභො න හොති, තථාහිමං
‘‘සෙය්යථාපි
එවමෙවං
|
24
එක් කාලයෙක්හි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ චෙතිය නුවර සහජාතිය නම් ස්ථානයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ, ‘ඇවැත්නි, මහණෙනි,’ යි කියා භික්ෂූන් ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු, ‘ඇවැත්නි’ යි කියා ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේට පිළිවදන් දුන්හ.
ආයුෂ්මත් මහාචුන්ද ස්ථවිරයන් වහන්සේ, “ඇවැත්නි, ‘ධර්මය දනිමි. මේ ධර්මය දනිමි’ යි ඤාණවාදය කියන්නාවූ භික්ෂුව දනිමි’ යි කීයේය. ඇවැත්නි, ඉදින් ඒ භික්ෂුව ලෝභය මැඩ පවත්වා වාසය කරයිද, ද්වේෂය මැඩ පවත්වා වාසය කරයිද, ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා වාසය කරයිද, ක්‍රෝධය මැඩ පවත්වා වාසය කරයිද, බද්ධ වෛරය මැඩ පවත්වා වාසය කරයිද, ගුණමකු ගතිය මැඩ පවත්වා වාසය කරයිද, එකට එක කිරීම මැඩ පවත්වා වාසය කරයිද, මසුරුකම මැඩ පවත්වා වාසය කරයිද, ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා වාසය කරයිද, හෙතෙම මෙසේ කිවයුතු වන්නේය. ‘යම්සේ දන්නාහට ලෝභය නොවේද, මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී. එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට සිටී. මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී. එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට නොසිටී.
“යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ද්වේෂය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ද්වේෂය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ද්වේෂය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ක්‍රෝධය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ක්‍රෝධය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා බද්ධ වෛරය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු බද්ධ වෛරය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ගුණමකුගතිය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ගුණමකුගතිය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා එකට එක කිරීම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු එකට එක කිරීම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට මසුරුකම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා මසුරුකම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට මසුරුකම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු මසුරුකම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට මසුරුකම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක ඊර්ෂ්‍යාව යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක බලාපොරොත්තු යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.”
“මහණෙනි, භාවනාවාදය කියන්නාවූ මහණතෙම වඩන ලද කය ඇත්තේද, වඩන ලද සිල් ඇත්තේද, වඩන ලද සිත් ඇත්තේද, වඩන ලද ප්‍රඥා ඇත්තේද, ඇවැත්නි, ඉදින් ඒ භික්ෂුව ලෝභය මැඩ පවත්වා වාසය කරයිද, ද්වේෂය මැඩ පවත්වා වාසය කරයිද, ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා වාසය කරයිද, ක්‍රෝධය මැඩ පවත්වා වාසය කරයිද, බද්ධ වෛරය මැඩ පවත්වා වාසය කරයිද, ගුණමකු ගතිය මැඩ පවත්වා වාසය කරයිද, එකට එක කිරීම මැඩ පවත්වා වාසය කරයිද, මසුරුකම මැඩ පවත්වා වාසය කරයිද, ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා වාසය කරයිද, හෙතෙම මෙසේ කිවයුතු වන්නේය. ‘යම්සේ දන්නාහට ලෝභය නොවේද, මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී. එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට සිටී. මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී. එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට නොසිටී.
“යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ද්වේෂය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ද්වේෂය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ද්වේෂය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ක්‍රෝධය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ක්‍රෝධය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා බද්ධ වෛරය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු බද්ධ වෛරය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ගුණමකුගතිය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ගුණමකුගතිය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා එකට එක කිරීම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු එකට එක කිරීම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට මසුරුකම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා මසුරුකම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට මසුරුකම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු මසුරුකම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට මසුරුකම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක ඊර්ෂ්‍යාව යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක බලාපොරොත්තු යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.”
“ඇවැත්නි, මහණතෙම ඤාණවාදයද, භාවනාවාදයද කියන්නේ මේ ධර්මය දනිමි. මේ ධර්මය දකිමි, වඩන ලද ශරීර ඇත්තේ, වඩන ලද සිල් ඇත්තේ, වඩන ලද සිත් ඇත්තේ, වඩන ලද නුවණ ඇත්තේද වේ. ඇවැත්නි, ඉදින් ඒ භික්ෂුව ලෝභය මැඩ පවත්වා වාසය කරයිද, ද්වේෂය මැඩ පවත්වා වාසය කරයිද, ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා වාසය කරයිද, ක්‍රෝධය මැඩ පවත්වා වාසය කරයිද, බද්ධ වෛරය මැඩ පවත්වා වාසය කරයිද, ගුණමකු ගතිය මැඩ පවත්වා වාසය කරයිද, එකට එක කිරීම මැඩ පවත්වා වාසය කරයිද, මසුරුකම මැඩ පවත්වා වාසය කරයිද, ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා වාසය කරයිද, හෙතෙම මෙසේ කිවයුතු වන්නේය. ‘යම්සේ දන්නාහට ලෝභය නොවේද, මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී. එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට සිටී. මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී. එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට නොසිටී.
“යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ද්වේෂය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ද්වේෂය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ද්වේෂය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ක්‍රෝධය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ක්‍රෝධය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා බද්ධ වෛරය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු බද්ධ වෛරය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ගුණමකුගතිය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ගුණමකුගතිය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා එකට එක කිරීම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු එකට එක කිරීම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට මසුරුකම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා මසුරුකම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට මසුරුකම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු මසුරුකම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට මසුරුකම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක ඊර්ෂ්‍යාව යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක බලාපොරොත්තු යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.”
“ඇවැත්නි, පුරුෂයෙක් යම් සේ දිළිඳු වූයේම ධනපති වාදය කියන්නේද, නිර්ධන වූයේම ධන වාදය කියන්නේද, භොග නැත්තේම වස්තු වාදය කියන්නේද, හෙතෙම ධනයෙන් කටයුතු යම්කිසි වැඩක් එළඹි කල්හි ධනය හෝ, ධාන්‍ය හෝ, රිදී හෝ, රත්රන් හෝ බැහැරකොට දීමට නොහැකි වන්නේද, ඔහු මෙසේ දන්නාහුය. මේ ආයුෂ්මත් තෙමේ දිළිඳු වූයේම ආඪ්‍ය වාදය කියයි. ධන නැත්තේම ධන වාදය කියයි. භොග නැත්තේ වස්තු වාදය කියයි. ඊට හේතු කවරේද? එසේම මේ ආයුෂ්මත් තෙම ධනයෙන් කළයුතු යමක් පැමිණි කල්හි ධන, ධාන්‍ය, රිදී, රත්රන් හෝ බැහැරකොට දීමට නොහැකි වෙයි.
“ඇවැත්නි, එසේම මහණතෙම ඤාණවාදය කියන්නේ, භාවනාවාදය කියන්නේ, ‘මේ ධර්මය දනිමි. මේ ධර්මය දකිමි. වඩන ලද කය ඇත්තේ වෙමි.’ වඩන ලද සිත් ඇත්තේ, වඩන ලද ප්‍රඥා ඇත්තේ, ඇවැත්නි, ඉදින් ඒ භික්ෂුව ලෝභය මැඩ පවත්වා වාසය කරයිද, ද්වේෂය මැඩ පවත්වා වාසය කරයිද, ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා වාසය කරයිද, ක්‍රෝධය මැඩ පවත්වා වාසය කරයිද, බද්ධ වෛරය මැඩ පවත්වා වාසය කරයිද, ගුණමකු ගතිය මැඩ පවත්වා වාසය කරයිද, එකට එක කිරීම මැඩ පවත්වා වාසය කරයිද, මසුරුකම මැඩ පවත්වා වාසය කරයිද, ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා වාසය කරයිද, හෙතෙම මෙසේ කිවයුතු වන්නේය. ‘යම්සේ දන්නාහට ලෝභය නොවේද, මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී. එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට සිටී. මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනී. එසේම ආයුෂ්මත් මා ලෝභය යටකොට නොසිටී.
“යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ද්වේෂය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ද්වේෂය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ද්වේෂය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ද්වේෂය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ක්‍රෝධය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ක්‍රෝධය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ක්‍රෝධය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා බද්ධ වෛරය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු බද්ධ වෛරය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට බද්ධ වෛරය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ගුණමකුගතිය යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ගුණමකුගතිය මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ගුණමකුගතිය නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා එකට එක කිරීම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු එකට එක කිරීම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට එකට එක කිරීම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට මසුරුකම නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා මසුරුකම යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට මසුරුකම නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු මසුරුකම මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට මසුරුකම නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක ඊර්ෂ්‍යාව යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක ඊර්ෂ්‍යාව මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක ඊර්ෂ්‍යාව නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.
“යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, ‘මේ ආයුෂ්මත් තෙමේ එසේ නොදනීය’ යි මෙසේ දතයුතු වන්නේය. ‘මා ලාමක බලාපොරොත්තු යටකොට වාසය නොකරයිද, යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේද, මේ ආයුෂ්මත් තෙම එසේ නොදනී. ආයුෂ්මත්හු ලාමක බලාපොරොත්තු මැඩ පවත්වා ඉරියව් පවත්වයි. යම් සේ දන්නාහට ලාමක බලාපොරොත්තු නොවේනම් එසේ මේ ආයුෂ්මත් තෙමේ දනී.”
|
5. කසිණසුත්තං | 5. කසිණායතන සූත්‍රය |
25
(දී. නි. 3.346, 360; අ. නි. 10.29) ‘‘දසයිමානි
|
25
“මහණෙනි, මේ කසිනසථාන දසයක් වෙත්.
“කවර දසයක්ද යත්? එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණ පෘථුවියම දක්නා පෘථුවි කසිනය හඳුනයි. ඇතැම් කෙනෙක් ආපො කසිනය හඳුනයි. තෙජො, වායො, නීල, පීත, ලොහිත, ඔදාත, ආකාශ, විඤ්ඤාණ, උඩ, යට, සරස දෙකක් නැති අප්‍රමාණවූ විඤ්ඤාණ කසිනය ඇතැම් කෙනෙක් හඳුනයි. මහණෙනි, මේ දස කසිනායතනයෝයි.”
|
6. කාළීසුත්තං | 6. කාළීකුර රඝරිකා සූත්‍රය |
26
එකං
‘අත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං,
ජෙත්වාන සෙනං පියසාතරූපං;
එකොහං
(එකාහං (ක.)) ඣායං සුඛමනුබොධිං,
තස්මා ජනෙන න කරොමි සක්ඛිං
(සඛිං (ක.) සං. නි. 1.161 පස්සිතබ්බං);
සක්ඛී
(සඛී (ක.)) න සම්පජ්ජති කෙනචි මෙ’ති.
‘‘ඉමස්ස
‘‘පථවීකසිණසමාපත්තිපරමා ඛො, භගිනි, එකෙ සමණබ්රාහ්මණා ‘අත්ථො’ති අභිනිබ්බත්තෙසුං
(අත්ථාභිනිබ්බත්තෙසුං (සී. ස්‍යා.)). යාවතා ඛො, භගිනි, පථවීකසිණසමාපත්තිපරමතා
‘‘ආපොකසිණසමාපත්තිපරමා ඛො, භගිනි...පෙ.... තෙජොකසිණසමාපත්තිපරමා ඛො, භගිනි... වායොකසිණසමාපත්තිපරමා ඛො, භගිනි... නීලකසිණසමාපත්තිපරමා ඛො, භගිනි... පීතකසිණසමාපත්තිපරමා ඛො, භගිනි... ලොහිතකසිණසමාපත්තිපරමා ඛො, භගිනි... ඔදාතකසිණසමාපත්තිපරමා ඛො, භගිනි... ආකාසකසිණසමාපත්තිපරමා ඛො, භගිනි... විඤ්ඤාණකසිණසමාපත්තිපරමා ඛො, භගිනි, එකෙ සමණබ්රාහ්මණා ‘අත්ථො’ති අභිනිබ්බත්තෙසුං
‘අත්ථස්ස
ජෙත්වාන සෙනං පියසාතරූපං;
එකොහං ඣායං සුඛමනුබොධිං,
තස්මා
සක්ඛී න සම්පජ්ජති කෙනචි මෙ’ති.
‘‘ඉමස්ස
|
26
“එක් කාලයෙක්හි, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ අවන්ති ජනපදයෙහි, කුරරඝරයෙහි, පවත්ත පර්වතයෙහි වාසය කරණ සේක. ඉක්බිති කුරරඝරික කාලී උපාසිකාතොමෝ ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේ යම් කැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, ආයුෂ්මත් මහා කච්චායන තෙරුන් වැඳ, එකත්පසෙක හුන්නාය.
“එකත්පසෙක සිටි කුරරඝරික කාලී උපාසිකා තොමෝ, ආයුෂ්මත් මහා කච්චායන ස්ථවිරයන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කුමාරී ප්‍රශ්නයන්හි,
“අර්හත්ව නම් අර්‍ත්‍ථයාගේ පැමිණීමට, හෘදයේ ශාන්තිය පිණිස, ප්‍රියවූ, යහපත්වූ වස්තූන්හි ඇතිවෙන රාගාදී ක්ලේශ සේනාව හුදකලාව දවන්නේ සැපය අවබෝධ කෙළෙමි. එහෙයින් මනුෂ්‍යයන් අතරෙහි, මිත්‍ර ධර්මයක් නොකරමි. මට කිසිවකු විසින් මිත්‍ර ධර්මයක් නොසපයා යයි’ වදාළ සේක්ද?
“භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මෙහි කෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දත යුතුද?”
“නැගනියෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පෘථුවි කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. නැගනියෙනි, ආපො කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. තෙජො කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. වායො කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. නීල කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. පීත කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. ලොහිත කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. ඔදාත කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. ආකාශ කසින සමාපත්තිය ශ්‍රේෂ්ඨ අර්ත්ථයයි ගෙන අර්ත්ථය උපදවා ගත්තාහුය. නැගනියෙනි, පෘථුවි කසින සමාපත්ත ියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැනගත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය (දුක) දැනගත් සේක. හික්මීම (නිරෝධ සත්‍යය) දත් සේක. මාර්ග, අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම දක්නා ලද්දේ විය. නැගණියෙනි, විඤ්ඤාණ කසින සමාපත්තියගේ උතුම් බව යම්තාක්ද, භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දත් සේක. භාග්‍යවතුන් වහන්සේ එය විශිෂ්ට ඥානයෙන් දැන, එය ඉපදීමට හේතුව දත් සේක. දෝෂය දත් සේක. නික්මීම දත් සේක. මාර්ග අමාර්ග නුවණ දත් සේක. ඔහුගේ මුල දැකීමේ හේතුවෙන්, දෝෂය දැකීමේ හේතුවෙන්, නික්මීම දැකීමේ හේතුවෙන්, මග නොමග දැකීමේ හේතුවෙන්, අර්ත්ථයට පැමිණීම, හෘදය ශාන්තියට පැමිණීම, දන්නා ලද්දේ විය. කුමාරි ප්‍රශ්නයෙහි
“අර්හත්ව නම් අර්‍ත්‍ථයාගේ පැමිණීමට, හෘදයේ ශාන්තිය පිණිස, ප්‍රියවූ, යහපත්වූ වස්තූන්හි ඇතිවෙන රාගාදී ක්ලේශ සේනාව හුදකලාව දවන්නේ සැපය අවබෝධ කෙළෙමි. එහෙයින් මනුෂ්‍යයන් අතරෙහි, මිත්‍ර ධර්මයක් නොකරමි. මට කිසිවකු විසින් මිත්‍ර ධර්මයක් නොසපයා යයි’ වදාළ සේක්ද?
“යමක් වදාරණ ලද්දේද, නැගණියෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මේ භාෂිතයාගේ අර්ත්ථය විස්තර වශයෙන් මෙසේ දත යුතුයි.”
|
7. පඨමමහාපඤ්හාසුත්තං | 7. මහා පඤ්හ සූත්‍රය |
27
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි - ‘‘අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං; යංනූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා’’ති.
අථ ඛො තෙ භික්ඛූ යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං -
‘‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති - ‘එථ තුම්හෙ, භික්ඛවෙ, සබ්බං ධම්මං අභිජානාථ, සබ්බං ධම්මං අභිඤ්ඤාය විහරථා’ති; මයම්පි ඛො, ආවුසො, සාවකානං
අථ ඛො තෙ භික්ඛූ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිංසු නප්පටික්කොසිංසු. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා
අථ ඛො තෙ භික්ඛූ සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -
‘‘ඉධ මයං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිම්හා. තෙසං නො, භන්තෙ, අම්හාකං එතදහොසි - ‘අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං; යංනූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා’ති. අථ ඛො මයං, භන්තෙ, යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිම්හා; උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිම්හා. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිම්හා. එකමන්තං නිසින්නෙ ඛො, භන්තෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා අම්හෙ එතදවොචුං -
‘සමණො, ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති - එථ තුම්හෙ, භික්ඛවෙ, සබ්බං ධම්මං අභිජානාථ, සබ්බං ධම්මං අභිඤ්ඤාය විහරථාති; මයම්පි ඛො, ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම - එථ තුම්හෙ, ආවුසො, සබ්බං ධම්මං අභිජානාථ, සබ්බං ධම්මං අභිඤ්ඤාය විහරථාති. ඉධ නො, ආවුසො, කො විසෙසො කො අධිප්පයාසො කිං නානාකරණං සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා, යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං අනුසාසනියා වා අනුසාසනි’න්ති?
‘‘අථ
‘‘එවංවාදිනො, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා - ‘එකො, ආවුසො, පඤ්හො එකො උද්දෙසො එකං වෙය්යාකරණං, ද්වෙ පඤ්හා ද්වෙ උද්දෙසා ද්වෙ වෙය්යාකරණානි, තයො පඤ්හා තයො උද්දෙසා තීණි වෙය්යාකරණානි, චත්තාරො පඤ්හා චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානි, පඤ්ච පඤ්හා පඤ්චුද්දෙසා පඤ්ච වෙය්යාකරණානි, ඡ
‘‘‘එකො පඤ්හො එකො උද්දෙසො එකං වෙය්‍යාකරණ’න්ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? එකධම්මෙ, භික්ඛවෙ, භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා
‘‘‘ද්වෙ පඤ්හා ද්වෙ උද්දෙසා ද්වෙ වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? ද්වීසු, භික්ඛවෙ, ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු ද්වීසු? නාමෙ ච රූපෙ ච - ඉමෙසු ඛො, භික්ඛවෙ, ද්වීසු ධම්මෙසු
‘‘‘තයො පඤ්හා තයො උද්දෙසා තීණි වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? තීසු, භික්ඛවෙ, ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති
‘‘‘චත්තාරො පඤ්හා චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චතූසු
‘‘‘පඤ්ච පඤ්හා පඤ්චුද්දෙසා පඤ්ච වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? පඤ්චසු, භික්ඛවෙ, ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු පඤ්චසු? පඤ්චසු උපාදානක්ඛන්ධෙසු - ඉමෙසු ඛො, භික්ඛවෙ, පඤ්චසු ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති
‘‘‘ඡ
‘‘‘සත්ත
‘‘‘අට්ඨ පඤ්හා අට්ඨුද්දෙසා අට්ඨ වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? අට්ඨසු, භික්ඛවෙ
‘‘‘නව පඤ්හා නවුද්දෙසා නව වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? නවසු, භික්ඛවෙ, ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු නවසු? නවසු සත්තාවාසෙසු - ඉමෙසු
‘‘‘දස පඤ්හා දසුද්දෙසා දස වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? දසසු, භික්ඛවෙ, ධම්මෙසු භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු දසසු? දසසු අකුසලෙසු කම්මපථෙසු
|
27
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඬු මහ සිටුහුගේ අරමෙහි වාසය කරණ සේක. ඉක්බිති බොහෝ භික්ෂූහු පූර්වාහ්න වේලාවෙහි හැඳ පොරවා පාත්‍රා සිවුරු රැගෙන සැවැත්නුවරට පිඬු පිණිස පැමිණියාහුය. ඉක්බිති ඒ භික්ෂූන්ට ‘තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි යන්නෙමු නම් යෙහෙකැ’ යි සිතූහ.
ඉක්බිති ඒ භික්ෂූහු අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි වැඩියාහුය. වැඩ ඒ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවූවාහුය. සතුටුවී, සතුටුවියයුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්ෂූන්ට අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයෝ, “ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙම ශ්‍රාවකයන්ට, ‘මහණෙනි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ බණ කියාදැ” යි ඇසුවාහුය.
“ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට, ‘ඇවැත්නි, තොප මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ ධර්ම දේශනා කරමු.”
“ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපේ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාවගේ හෝ අනුශාසනාවෙන් අනුශාසනයේ හෝ විශේෂය කුමක්ද, අදහස කුමක්ද, වෙන් කිරීම කුමක්දැ” යි ඇසූහ.
ඉක්බිති ඒ භික්ෂූහු අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ගේ වචනයට සතුටු නොවූවාහුය. අක්‍රොශ නොකළාහුය. සතුටු නොවී, අක්‍රොශ නොකොට අස්නෙන් නැගිට, ‘භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ වචනයාගේ අර්ත්ථය දැනගන්නෙමු’ යි ගියාහුය. ඉක්බිති ඒ භික්ෂූහු සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලැක්කේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, අපි මේ උදය වරුවෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන, සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියෙමු. ස්වාමීනි, ඒ අපට ‘තවම සැවැත්නුවර පිඬු සිඟීමට කල් නොවෙයි. අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි යන්නෙමු නම් යෙහෙකැ’ යි අදහසක් විය. ස්වාමීනි, ඉක්බිති අපි අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණියමු. පැමිණ, ඒ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන් සමග සතුටුවීමු. සතුටුවියයුතු, සිහි කටයුතු, කථාව කොට නිමවා එකත්පසෙක හුන්නෙමු. ස්වාමීනි, එකත්පසෙක හුන් කල්හි අපට අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයෝ, “ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙම ශ්‍රාවකයන්ට, ‘මහණෙනි, මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ බණ කියාදැ” යි ඇසුවාහුය. “ඇවැත්නි, අපිද ශ්‍රාවකයන්ට, ‘ඇවැත්නි, තොප මෙහි එව්. සියලු ධර්මය දනිව්. සියලු ධර්මය දැන දැන වාසය කරව්’ යයි මෙසේ ධර්ම දේශනා කරමු.” “ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ හෝ අපේ ධර්ම දේශනාවෙන් ධර්ම දේශනාවගේ හෝ අනුශාසනාවෙන් අනුශාසනයේ හෝ විශේෂය කුමක්ද, අදහස කුමක්ද, වෙන් කිරීම කුමක්දැ” යි ඇසූහ.
“ස්වාමීනි, ඉක්බිති අපි ඒ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ගේ වචනයට සතුටු නොවූම්හ. අක්‍රොශ නොකළම්හ. සතුටු නොවී, අක්‍රොශ නොකොට අස්නෙන් නැගිට, ‘භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ වචනයාගේ අර්ත්ථය දැනගන්නෙමු’ යි ගියාහුය.
“මහණෙනි, මෙසේ කියන්නාවූ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කිය යුතුයි. ‘ඇවැත්නි, එක් ප්‍රශ්නයෙකි. එක් කියා දීමකි. එක් විස්තරයකි. ප්‍රශ්න දෙකකි. කියාදීම් දෙකකි. විස්තර දෙකකි. ප්‍රශ්න තුනෙකි. කියාදීම් තුනෙකි. විස්තර තුනෙකි. ප්‍රශ්න සතරකි. කියාදීම් සතරකි. විස්තර සතරකි. ප්‍රශ්න පසකි. කියාදීම් පසකි. විස්තර පසකි. ප්‍රශ්න සයකි. කියාදීම් සයකි. විස්තර සයකි. ප්‍රශ්න සතකි. කියාදීම් සතකි. විස්තර සතකි. ප්‍රශ්න අටෙකි. කියාදීම් අටෙකි. විස්තර අටෙකි. ප්‍රශ්න නවයෙකි. කියාදීම් නවයෙකි. විස්තර නවයෙකි. ප්‍රශ්න දසයකි. කියාදීම් දසයකි. විස්තර දසයකියි’ මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ අන්‍ය තීර්ත්ථක පරිබ්‍රාජකයෝ සම්පාදනය කොට කියන්ට නොහැකි වන්නාහ. මත්තෙහිද දුකට පැමිණෙන්නාහ. ඊට හේතු කවරේද? මහණෙනි, එය නොවැටහීමයි.
“මහණෙනි, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවි මිනිසුන් සහිත, සත්ත්වයන් අතරෙහි දෙවියන් සහිත ලෝකයෙහි යමෙක් මේ ප්‍රශ්න ප්‍රකාශ කිරීමෙන් සිත සතුටු කරන්නේද, තථාගතයන් හෝ, තථාගත ශ්‍රාවකයන් හෝ, මෙයින් අසා හෝ හැර ඔහු මම නොදකිමි. එක ප්‍රශ්නයෙකි, කියාදීම් එකකි, විස්තර එකකැයි මෙසේ වනාහි මෙය කියන ලද්දේද, එය කුමක් සඳහා කියන ලද්දේද?
“මහණෙනි, එක ධර්මයෙක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර එක් ධර්මයෙක්හිද? සියලු සත්ත්වයෝ ආහාරය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ එක ධර්මයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. එක් ප්‍රශ්නයෙකි, එක් කියාදීමකි, එක් විස්තර කිරීමකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්ම දෙකක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම දෙකක්හිද? සියලු සත්ත්වයෝ නාමයද, රූපයද නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම දෙකෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, විස්තර කිරීම් දෙකකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්ම තුනක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම තුනක්හිද? සියලු සත්ත්වයෝ වේදනා තුන නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම තුනෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න තුනෙකි, කියාදීම් තුනෙකි, විස්තර කිරීම් තුනෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්ම හතරක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම හතරක්හිද? සියලු සත්ත්වයෝ ආහාර සතර නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම හතරෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතරකි, කියාදීම් හතරකි, විස්තර කිරීම් හතරකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්ම පහක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම පහක්හිද? සියලු සත්ත්වයෝ උපාදාන ස්ඛන්ධ පස නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම පසෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පසෙකි, කියාදීම් පසෙකි, විස්තර කිරීම් පසෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්ම හයෙක්හි මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම හයෙක්හිද? සියලු සත්ත්වයෝ ඇතුලත ඇති ආයතන සය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම සයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සයෙකි, කියාදීම් සයෙකි, විස්තර කිරීම් සයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී. 15 “මහණෙනි, ධර්ම හතක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම හතක්හිද? සියලු සත්ත්වයෝ විඤ්ඤාණ සත නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම හතෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්ම අටක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම අටක්හිද? සියලු සත්ත්වයෝ ලෝක ධර්ම අට නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම අටෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්ම නවයක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම නවයෙක්හිද? සියලු සත්ත්වයෝ සත්ත්වයන් වසන තැන් නවය නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම නවයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයෙකි, කියාදීම් නවයෙකි, විස්තර කිරීම් නවයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, ධර්ම දහයක මනාකොට මහණතෙම කළකිරෙන්නේ, නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ මෙළොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර ධර්ම දහයෙක්හිද? සියලු සත්ත්වයෝ දශ අකුශල ධර්මයන් නිසා සිටින්නාහුය යන මහණෙනි, මේ ධර්ම දහයෙහි මහණතෙම මනාකොට කළකිරෙන්නේ, මනාකොට නොඇළෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයෙකි, කියාදීම් දහයෙකි, විස්තර කිරීම් දහයෙකියි, යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී. “
|
8. දුතියමහාපඤ්හාසුත්තං | 8. කජඞගලා සූත්‍රය |
28
එකං සමයං භගවා කජඞ්ගලායං විහරති වෙළුවනෙ. අථ ඛො සම්බහුලා කජඞ්ගලකා උපාසකා යෙන කජඞ්ගලිකා භික්ඛුනී තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා කජඞ්ගලිකං භික්ඛුනිං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කජඞ්ගලකා උපාසකා කජඞ්ගලිකං භික්ඛුනිං එතදවොචුං -
‘‘වුත්තමිදං, අය්යෙ, භගවතා මහාපඤ්හෙසු - ‘එකො පඤ්හො එකො උද්දෙසො එකං වෙය්යාකරණං, ද්වෙ පඤ්හා ද්වෙ උද්දෙසා ද්වෙ වෙය්යාකරණානි, තයො පඤ්හා තයො උද්දෙසා තීණි වෙය්යාකරණානි, චත්තාරො
‘‘න ඛො පනෙතං, ආවුසො, භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං, නපි මනොභාවනීයානං භික්ඛූනං සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං; අපි ච, යථා මෙත්ථ ඛායති තං
‘‘‘එකො පඤ්හො එකො උද්දෙසො එකං වෙය්‍යාකරණ’න්ති, ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං? එකධම්මෙ, ආවුසො, භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමස්මිං එකධම්මෙ? සබ්බෙ සත්තා ආහාරට්ඨිතිකා - ඉමස්මිං ඛො, ආවුසො, එකධම්මෙ භික්ඛු සම්මා නිබ්බින්දමානො සම්මා විරජ්ජමානො සම්මා විමුච්චමානො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ
‘‘‘ද්වෙ
‘‘‘චත්තාරො පඤ්හා චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං? චතූසු, ආවුසො, ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු චතූසු? චතූසු සතිපට්ඨානෙසු - ඉමෙසු ඛො, ආවුසො, චතූසු ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. ‘චත්තාරො පඤ්හා චත්තාරො උද්දෙසා චත්තාරි වෙය්යාකරණානී’ති, ඉති යං තං වුත්තං භගවතා ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘පඤ්ච
‘‘‘නව
‘‘‘දස පඤ්හා දසුද්දෙසා දස වෙය්යාකරණානී’ති, ඉති ඛො පනෙතං වුත්තං භගවතා. කිඤ්චෙතං පටිච්ච වුත්තං? දසසු, ආවුසො, ධම්මෙසු භික්ඛු සම්මා සුභාවිතචිත්තො සම්මා පරියන්තදස්සාවී සම්මදත්ථං අභිසමෙච්ච දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොති. කතමෙසු දසසු? දසසු කුසලෙසු කම්මපථෙසු - ඉමෙසු
‘‘ඉති ඛො, ආවුසො, යං තං වුත්තං භගවතා සංඛිත්තෙන භාසිතාසු මහාපඤ්හාසු - ‘එකො පඤ්හො එකො උද්දෙසො එකං වෙය්යාකරණං...පෙ.... දස පඤ්හා දසුද්දෙසා දස වෙය්යාකරණානී’ති, ඉමස්ස ඛො අහං, ආවුසො, භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං
‘‘සාධු
|
28
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කජංගලා නුවර වෙළුවනයෙහි වාසය කරණ සේක. ඉක්බිති කජඞ්ගලයෙහිවූ බොහෝ උපාසකවරු කජඞ්ගලා භික්ෂුණිය යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, කජඞ්ගලා භික්ෂුණිය වැඳ, එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි කජඞ්ගලයෙහි වූ උපාසකයෝ කජඞ්ගල භික්ෂුණියට, “ආර්‍ය්‍යාවෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මහා ප්‍රශ්නයන්හි, එක් ප්‍රශ්නයෙකි. එක් කියා දීමකි. එක් විස්තරයකි. ප්‍රශ්න දෙකකි. කියාදීම් දෙකකි. විස්තර දෙකකි. ප්‍රශ්න තුනකි. කියාදීම් තුනකි. විස්තර තුනකි. ප්‍රශ්න සතරකි. කියාදීම් සතරකි. විස්තර සතරකි. ප්‍රශ්න පසකි. කියාදීම් පසකි. විස්තර පසකි. ප්‍රශ්න සයකි. කියාදීම් සයකි. විස්තර සයකි. ප්‍රශ්න සතකි. කියාදීම් සතකි. විස්තර සතකි. ප්‍රශ්න අටකි. කියාදීම් අටකි. විස්තර අටකි. ප්‍රශ්න නවයකි. කියාදීම් නවයකි. විස්තර නවයකි. ප්‍රශ්න දසයකි. කියාදීම් දසයකි. විස්තර දසයකියි මෙය වදාරණ ලද්දේය. බුදුරජාණන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද මෙහි කෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දත යුතුද, ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් නොඅසන ලදී. සමීපයෙන් නොපිළිගන්නා ලදී. සිත දියුණු කරණ භික්ෂූන් සමීපයෙන්ද නොඅසන ලදී. පිළිනොගන්නා ලදී.”
“එතකුදුවුවත් යම් සේ මෙය වැටහේද, එය අසව්, මනාකොට මෙනෙහි කරව්, කියන්නෙමි” යි කීවාය. “ආචාර්‍ය්‍යයන් වහන්ස, එසේය” යි කජඞ්ගලායෙහි වූ උපාසකයෝ කජඞ්ගලා භික්ෂුණියට ප්‍රති වචන දුන්හ.
“කජඞ්ගලා භික්ෂුණිය, එක යන ප්රශ්නයකි. එක කියා දීමකි. එක විස්තරයකි කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ යමක් වදාරණ ලද්දේද? මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද?
“ඇවැත්නි, මහණතෙම එක් ධර්මයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර එක් ධර්මයෙක්හිද? සියලු සත්ත්වයෝ ආහාරය නිසා සිටින්නාහුය යන මේ ධර්මයෙහියි. “ඇවැත්නි, මහණතෙම එක් ධර්මයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. එක යන ප්‍රශ්නයෙකි. එක කියාදීමකි. එක විස්තර කිර්මකි. මෙසේ ඒ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම දෙකෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර දෙකෙක්හිද යත්, නාමයද, රූපයද යන දෙක කෙරෙහිය. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දෙකකි, කියාදීම් දෙකකි, දෙක දෙක විස්තර කිරීමකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම තුනෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර තුනෙක්හිද යත්, වේදනා තුන කෙරෙහිය. ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න තුනකි, කියාදීම් තුනකි, විස්තර කිරීම් තුනකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම සතරෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර සතරෙක්හිද යත්, සතිපට්ඨාන සතරෙහිය. ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න සතරකි, කියාදීම් සතරකි, විස්තර කිරීම් සතරකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම පසෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර පසක් කෙරෙහිද යත්, පඤ්චෙද්රියයන් කෙරෙහිය. ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න පහකි, කියාදීම් පහකි, විස්තර කිරීම් පහකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම හයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර හයක් කෙරෙහිද යත්, නිස්සාරනීය ධාතු නම් අධ්‍යාත්මික ආයතන සය කෙරෙහිය. ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හයකි, කියාදීම් හයකි, විස්තර කිරීම් හයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම හතෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර හතක් කෙරෙහිද යත්, බොජ්ඣඞ්ග සත කෙරෙහිය. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න හතකි, කියාදීම් හතකි, විස්තර කිරීම් හතකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම අටෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර අටක් කෙරෙහිද යත්, ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහිය. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න අටකි, කියාදීම් අටකි, විස්තර කිරීම් අටකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම නවයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර නවයක් කෙරෙහිද යත්, නව ප්‍රකාර සත්ත්වයන් වසන තැන්හිය. ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න නවයකි, කියාදීම් නවයකි, විස්තර කිරීම් නවයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ මෙය වදාරණ ලද්දේ නම් එය කුමක් සඳහා වදාරණ ලද්දේද?”
“ඇවැත්නි, මහණතෙම ධර්ම දසයෙක්හි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. කවර දසයක් කෙරෙහිද යත්, දශ කුසල ධර්ම පථයන්හිය. ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි මනාකොට කලකිරෙන්නේ, නොඇලෙන්නේ, මනාකොට මිදෙන්නේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයකට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්න දහයකි, කියාදීම් දහයකි, විස්තර කිරීම් දහයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් මෙය මේ සඳහා වදාරණ ලදී.”
“ඇවැත්නි, මේ දස ධර්මයන් කෙරෙහි මහණතෙම මනාකොට පුරුදුකරණලද සිත් ඇත්තේ, මනාකොට කෙළවර දක්නේ, සම ස්වභාවයට නුවණින් පැමිණ, මෙලොවම දුක් කෙළවර කරන්නේ වේ. ප්‍රශ්ණ දසයකි, කියාදීම් දසයකි, විස්තර දසයකියි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ යමක් වදාරණ ලද්දේ නම් එය මේ සඳහා වදාරණ ලදී.
“කජඞ්ගලා භික්ෂුණිය, එක යන ප්රශ්නයකි. එක කියා දීමකි. එක විස්තරයකි කියා භාග්‍යවතුන් වහන්සේ මෙසේ යමක් වදාරණ ලද්දේද? මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද? “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂෙපයෙන් වදාරණ ලද්දාහු, මොහුගේ මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දනිමි. ඇවැත්නි, තෙපි කැමැත්තහු නම් භාග්‍යවතුන් වහන්සේ කරාම පැමිණ මෙහි අර්ත්ථය අසව්. යම් සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරයිද එය එසේ දරන්නහුය.”
“ආර්‍ය්‍යයන් වහන්ස, එසේය” යි කජඞ්ගලා උපාසකවරු කජඞ්ගලා භික්ෂුණියගේ කියමනට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, කජඞ්ගලා භික්ෂුණිය වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාහුය.
එකත්පසෙක සිටි කජඞ්ගල උපාසකයෝ කජඞ්ගල භික්ෂුණිය සමග යම් සල්ලාපයක් වූයේද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. “ගෘහපතිවරුනි, යහපති. යහපති, ගෘහපතිවරුනි, කජඞ්ගලා භික්ෂුණිය පණ්ඩිතය, ගෘහපතිවරුනි, කජඞ්ගලා භික්ෂුණිය මහා ප්‍රාඥය. ගෘහපතිවරුනි, ඉදින් තොප මා කරා පැමිණ, මේ කාරණය විචාළාහු නම්, මමද මෙය කජඞ්ගලා භික්ෂුණිය ප්‍රකාශ කළාක් මෙන් මෙසේම ප්‍රකාශ කරන්නෙමි. මෙහි අර්ත්ථය මේය. එය එසේම දරව්” යයි වදාළ සේක.
|
9. පඨමකොසලසුත්තං | 9. කාසිකොසල සූත්‍රය |
29
‘‘යාවතා, භික්ඛවෙ, කාසිකොසලා, යාවතා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස විජිතං
(විජිතෙ (සී. ක.)), රාජා තත්ථ පසෙනදි කොසලො අග්ගමක්ඛායති. රඤ්ඤොපි
‘‘යාවතා, භික්ඛවෙ, චන්දිමසූරියා පරිහරන්ති දිසා භන්ති විරොචමානා, තාව සහස්සධා ලොකො. තස්මිං සහස්සධා ලොකෙ සහස්සං චන්දානං සහස්සං සූරියානං
(සුරියානං (සී. ස්‍යා. කං. පී.)) සහස්සං සිනෙරුපබ්බතරාජානං සහස්සං ජම්බුදීපානං සහස්සං අපරගොයානානං සහස්සං උත්තරකුරූනං සහස්සං පුබ්බවිදෙහානං චත්තාරි මහාසමුද්දසහස්සානි චත්තාරි මහාරාජසහස්සානි සහස්සං චාතුමහාරාජිකානං සහස්සං තාවතිංසානං සහස්සං යාමානං සහස්සං තුසිතානං සහස්සං නිම්මානරතීනං සහස්සං පරනිම්මිතවසවත්තීනං සහස්සං බ්රහ්මලොකානං. යාවතා, භික්ඛවෙ, සහස්සී ලොකධාතු, මහාබ්රහ්මා තත්ථ
‘‘හොති සො, භික්ඛවෙ, සමයො යං අයං ලොකො සංවට්ටති. සංවට්ටමානෙ, භික්ඛවෙ, ලොකෙ යෙභුය්යෙන සත්තා ආභස්සරසංවත්තනිකා
(ආභස්සරවත්තනිකා (සී. ස්‍යා.)) භවන්ති. තෙ තත්ථ හොන්ති මනොමයා පීතිභක්ඛා සයංපභා අන්තලික්ඛෙචරා සුභට්ඨායිනො චිරං දීඝමද්ධානං තිට්ඨන්ති. සංවට්ටමානෙ, භික්ඛවෙ, ලොකෙ ආභස්සරා
(අ. නි. 10.25) ‘‘දසයිමානි, භික්ඛවෙ, කසිණායතනානි. කතමානි දස? පථවීකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං; ආපොකසිණමෙකො සඤ්ජානාති...පෙ.... තෙජොකසිණමෙකො සඤ්ජානාති... වායොකසිණමෙකො සඤ්ජානාති... නීලකසිණමෙකො සඤ්ජානාති... පීතකසිණමෙකො සඤ්ජානාති... ලොහිතකසිණමෙකො සඤ්ජානාති... ඔදාතකසිණමෙකො සඤ්ජානාති... ආකාසකසිණමෙකො සඤ්ජානාති... විඤ්ඤාණකසිණමෙකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. ඉමානි ඛො, භික්ඛවෙ, දස කසිණායතනානි.
‘‘එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං දසන්නං කසිණායතනානං යදිදං විඤ්ඤාණකසිණං එකො සඤ්ජානාති උද්ධං අධො තිරියං අද්වයං අප්පමාණං. එවංසඤ්ඤිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංසඤ්ඤීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං
(දී. නි. 3.338, 358; අ. නි. 8.64) ‘‘අට්ඨිමානි, භික්ඛවෙ, අභිභායතනානි. කතමානි අට්ඨ? අජ්ඣත්තං රූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි; ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං පඨමං අභිභායතනං.
‘‘අජ්ඣත්තං
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි; ‘තානි
‘‘අජ්ඣත්තං
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි. සෙය්යථාපි නාම උමාපුප්ඵං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං උභතොභාගවිමට්ඨං නීලං නීලවණ්ණං නීලනිදස්සනං නීලනිභාසං; එවමෙවං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි; ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. ඉදං පඤ්චමං අභිභායතනං.
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි. සෙය්යථාපි නාම කණිකාරපුප්ඵං පීතං පීතවණ්ණං පීතනිදස්සනං පීතනිභාසං, සෙය්යථා වා පන තං වත්ථං බාරාණසෙය්යකං
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි. සෙය්යථාපි නාම බන්ධුජීවකපුප්ඵං
‘‘අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි. සෙය්යථාපි නාම ඔසධිතාරකා ඔදාතා ඔදාතවණ්ණා ඔදාතනිදස්සනා ඔදාතනිභාසා, සෙය්යථා
‘‘එතදග්ගං, භික්ඛවෙ, ඉමෙසං අට්ඨන්නං අභිභායතනානං යදිදං අජ්ඣත්තං අරූපසඤ්ඤී එකො බහිද්ධා රූපානි පස්සති ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි; ‘තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති, එවංසඤ්ඤී හොති. එවංසඤ්ඤිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංසඤ්ඤීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං
‘‘චතස්සො ඉමා, භික්ඛවෙ, පටිපදා. කතමා චතස්සො? දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා - ඉමා ඛො, භික්ඛවෙ, චතස්සො පටිපදා.
‘‘එතදග්ගං, භික්ඛවෙ, ඉමාසං චතුන්නං පටිපදානං යදිදං සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා. එවංපටිපන්නාපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංපටිපන්නානම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘චතස්සො
‘‘එතදග්ගං, භික්ඛවෙ, ඉමාසං චතුන්නං සඤ්ඤානං යදිදං ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනමෙකො සඤ්ජානාති. එවංසඤ්ඤිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංසඤ්ඤීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘එතදග්ගං
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා පරමත්ථවිසුද්ධිං පඤ්ඤාපෙන්ති. එතදග්ගං, භික්ඛවෙ, පරමත්ථවිසුද්ධිං පඤ්ඤාපෙන්තානං යදිදං සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තෙ තදභිඤ්ඤාය තස්ස සච්ඡිකිරියාය ධම්මං දෙසෙන්ති. එවංවාදිනොපි ඛො, භික්ඛවෙ, සන්ති සත්තා. එවංවාදීනම්පි ඛො, භික්ඛවෙ, සත්තානං අත්ථෙව අඤ්ඤථත්තං අත්ථි විපරිණාමො. එවං පස්සං, භික්ඛවෙ, සුතවා අරියසාවකො තස්මිම්පි නිබ්බින්දති. තස්මිං නිබ්බින්දන්තො අග්ගෙ විරජ්ජති, පගෙව හීනස්මිං.
‘‘සන්ති, භික්ඛවෙ, එකෙ සමණබ්රාහ්මණා පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්ති. එතදග්ගං, භික්ඛවෙ, පරමදිට්ඨධම්මනිබ්බානං පඤ්ඤාපෙන්තානං යදිදං ඡන්නං ඵස්සායතනානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමොක්ඛො. එවංවාදිං ඛො මං, භික්ඛවෙ, එවමක්ඛායිං එකෙ සමණබ්රාහ්මණා අසතා තුච්ඡා මුසා අභූතෙන අබ්භාචික්ඛන්ති - ‘සමණො
|
29
“මහණෙනි, කාසිකොසල දනව් වැස්සෝ යම්තාක්ද, පසේනදි කොසොල් රජහුගේ රටෙහි රජවරු යම්තාක්ද, එහි පසේනදි කොසොල් රජ අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, පසේනදි කොසොල් රජුගේ වෙනස්වීමක් ඇත්තේමය. මරණයක්ද ඇත්තේමය. මහණෙනි, මෙසේ දන්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම ඒ සම්පතෙහිද කළකිරෙයි. අග්‍ර රජකමෙහිද නොඇළෙයි. පහත් දෙයෙහි කියනුම කවරේද?
“මහණෙනි, දහසක් ලෝකය හැම තැනම යම්තාක් වන්ද්ර සූර්‍ය්‍යයෝ පරිහරණය කෙරෙත්ද, බැබලීමෙන් දිශාවන් හොබවත්ද, ඒ දහසක් ප්‍රමාණ ලෝකයෙහි, චන්ද්‍රයන් දහසෙක, සූර්ය්යයන් දහසෙක, මහමෙර දහසෙක, දඹදිව් දහසෙක, අපරගොයාන දහසෙක, උතුරුකුරු දිවයින් දහසෙක, පූර්වවිදෙහ දහසෙක, මහා සමුද්‍ර සාර දහසෙක, මහරජවරු සාර දහසෙක, චාතුර්මහාරාජික දහසෙක, තව්තිසා දහසෙක, යාම දහසෙක, තුෂිත දහසෙක, නිර්මාණරතී දහසෙක, පරනිර්මිත වසවර්ති දහසෙක, බ්‍රහ්මලෝක දහසෙක, මහණෙනි, සහශ්‍රී ලෝක ධාතුව යම්තාක්ද, මහා බ්‍රහ්ම තෙම එහි අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, මහා බ්‍රහ්මයාගේද වෙනස්විමක් ඇත. මරණයක්ද ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, යම් හෙයකින් මේ ලෝකය නැසේද, මහණෙනි, ලෝකය නැසෙන කල්හි සත්ත්වයෝ බොහෝ සෙයින් ආභස්සරයෙහි උපදින්නාහු වෙත්. ඔවුහු එහි ඉබේ දිලිසෙන්නාහු, අහස හැසිරෙන්නාහු, සුභ ස්ථානගතවූවාහු, සිතින් උපදවා ගත් ප්‍රීතිය අනුභව කරන්නාහු, බොහෝ වැඩි කාලයක් සිටිත්. මහණෙනි, ලෝකය නැසෙන කල්හි ආභසස්ර දෙවියෝ අග්‍රයයි කියනු ලැබෙත්. මහණෙනි, ආභස්සර දෙවියන්ගේද වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ කසින ක්‍ෂෙත්‍රයෝ දසයකි. මෙය කවර දසයක්ද යත්? එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණ පෘථුවියම දක්නා පෘථුවි කසිනය හඳුනයි. ඇතැම් කෙනෙක් ආපො කසිනය හඳුනයි. තෙජො, වායො, නීල, පීත, ලොහිත, ඔදාත, ආකාශ, විඤ්ඤාණ, උඩ, යට, සරස දෙකක් නැති අප්‍රමාණවූ විඤ්ඤාණ කසිනය ඇතැම් කෙනෙක් හඳුනයි. මහණෙනි, මේ දස කසිනායතනයෝයි. මහණෙනි, මේ කසින ක්ෂෙත්ර දසයෙන් එකෙක් උඩ, යට, සරස දෙකක් නැති, අප්‍රමාණවූ යම් මේ විඤ්ඤාණ කසිනයක් අඳුනයිද, මහණෙනි, මෙසේ සංඥා ඇත්තාවූ බොහෝ සත්ත්වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්වයන්ට වෙනස්වීමක් ඇත. අනිත්‍යයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මැඩ පවත්වන කරුණු අටක් වෙත්. කවර අටක්ද යත්? කෙනෙක් තමා තුළවූ රූපය නිමිති කොට භාවනාව බොහෝ පුරුදු කරන්නේද, පිටත දෙය නිමිති කොට හොඳට පුරුදු කළ, භාවනාවන් වශයෙන් නොවැඩූ, මනා වර්ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ ප්‍රථම අභිභායතනයයි. කෙනෙක් තමා තුළවූ රූපයෙහි පරිකර්ම කරන්නේ, පිටත දුවර්‍ණ වශයෙන් මහත්වූ, මනා වර්ණ ඇති හෝ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ දෙවෙනි අභිභායතනයයි. කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, පිටත අර්පණා වශයෙන් නොවැඩූ, මනා වර්ණ ඇති හෝ දුවර්‍ණ ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ තුන්වෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, පිටත අර්පණා වශයෙන් අප්‍රමාණවූ මනා වර්ණ හෝ දුවර්‍ණවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ සතරවෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූප පරිකර්ම කරන්නේ, පිටත අර්පණා වශයෙන් නිල්වූ, නීලවර්ණවූ, නිල් පෙනීම ඇති, නිලට බබලන රූපයන් දකී. උම්මා පුෂ්පය යම්සේ නිල්ද, නිල්පාටද, නිලට උදාහරණද, නිලෙන් බබලාද, ඒ බරණැස වස්ත්‍රය යම් සේ දෙපාර්ශවයෙන් මදිනා ලද්දේද, නිල්ද, නිල් පාටද, නිලට නිදර්ශනද, නිලින් බබලාද, එසේම අධ්‍යාත්මයෙහි කෙනෙක් අරූප පරිකර්ම කරන්නේ, නිල්වූ, නිල්පාටවූ, නිලට නිදර්ශනවූ, නිලින් බබලන්නාවූ රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇති වේ. මේ පස්වෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, කහවූ, කහපාටවූ, කහට නිදර්ශනවූ, කහෙන් බබලන පිටත අර්පණා වශයෙන් රූප දකිත්ද, කිණිහිරි මල් යම්සේ කහද, කහපාටද, කහට නිදර්ශනද, කහෙන් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්ශවයෙන් මදිනා ලද්දේද, කහද, කහපාටද, කහට නිදර්ශනද, කහෙන් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්ම කරන්නේ, කහවූ, කහපාට ඇති, කහට නිදර්ශනවූ, කහෙන් බබලන, පිටත රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙබඳු සංඥා ඇත්තේ වේ. මේ සවෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, රතුවූ, රතුපාටවූ, රතට නිදර්ශනවූ, රතින් බබලන රූපයන් දකී. බඳුවද මල් යම්සේ ලෙයද, රතුපාටද, ලෙයට නිදර්ශනද, ලෙයින් බබලාද, බරණැස වස්ත්‍රයක් යම් සේ දෙපාර්ශවයෙන් මදිනා ලද්දේ, රතුද, ලේපාටද, ලෙයට නිදර්ශනද, ලෙයින් බබලාද, එසේම කෙනෙක් තමා තුළ අරූපයෙහි පරිකර්ම කරන්නේ, රතුවූ, රතුපාට ඇති, ලෙයට නිදර්ශනවූ, ලෙයින් බබලන රූපයන් දකීද. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි මෙසේ සංඥා ඇත්තේ වේ. මේ සත්වෙනි අභිභායතනයයයි.
“කෙනෙක් තමා තුළවූ අරූපයෙහි පරිකර්ම කරන්නේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්ශනවූ, සුදින් බබලන පිටත රූපයන් දකියි. යම්සේ දහවත් තරුව (ඔසධි තාරකාව) සුදුද, සුදුපාටද, සුදට නිදර්ශනද, සුදින් බබලාද, බරණැස් වස්ත්‍රය හෝ යම් සේ දෙපාර්ශවයෙන් මදිනා ලද්දේද, සුදුද, සුදුපාටද, සුදට නිදර්ශනද, සුදින් බබලාද, එසේම කෙනෙක් අධ්‍යාත්මයෙහි අරූප යන සංඥා ඇත්තේ, සුදුවූ, සුදුපාට ඇති, සුදට නිදර්ශනවූ, සුදින් බබලන, රූපයන් දකී. ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන සංඥා ඇත්තේ වේ. මේ අට අභිභායතනයයයි.
“මහණෙනි, මේ අභිභායතන අටින් යම් මේ කෙනෙක් තමා තුල වූ අරූපයෙහි පරිකර්ම කරන්නේ සුදුවූ, සුදු පාට ඇති, සුදට නිදර්ශනවූ, සුදින් බබලන, රූපයන් දකීද, ඔවුන් මැඩ පවත්වා දනිමි, දකිමියි යන මෙසේ සංඥා ඇත්තේ වේද, මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්වයන්ගේ වෙනස්වීමක් ඇත. මරණයක් ඇත. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ ප්‍රතිපදා සතරක් වෙත්. කවර සතරක්ද යත්. දුක් ප්‍රතිපදාව ප්‍රමාද අභිඥාව, දුක් ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව, සැප ප්‍රතිපදාව ප්‍රමාදව ලැබෙන අභිඥාව, සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාව යන, මහණෙනි, මේ සතර ප්‍රතිපදාවෝය. මහණෙනි, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් යම් මේ සැපවූ ප්‍රතිපදාව වහා ලැබෙන අභිඥාය යන යමක් ඇද්ද, මේ සතර ප්‍රතිපදාවන්ගෙන් මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මෙසේ පිළිපන් සත්ත්වයෝ ඇත්තාහ. මෙසේ පිළිපන්නාවූ සත්ත්වයන්ගේද, වෙනස් ස්වභාවයක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ සංඥාවෝ සතර දෙනෙක් වෙත්. කවර සතර දෙනෙක්ද යත්, කෙනෙක් කාමාවචරය අඳුනයි. කෙනෙක් රූපාරූපභව අඳුනයි. ලෝකෝත්තරය අඳුනයි. කෙනෙක් කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයි. මහණෙනි, මේ සතර සංඥාවෝය. මහණෙනි, මේ සතර සංඥාවන්ගෙන් යම් මේ කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනය හඳුනයිද, මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මෙබඳු සංඥා ඇත්තාවූ සත්ත්වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු සංඥා ඇති සත්ත්වයන්ගේ වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, බුද්ධ ශාසනයෙන් බැහැරවූ දෘෂ්ටීන්ගේ යම් මේ ‘නොදවන්නෙමි. මාගේ නොවන්නේය. නොවන්නෙමි. මට නොවන්නේය’ යි යන මෙය ශ්‍රේෂ්ඨය. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තේ, භවයෙහි යම් මේ නොපිළිකුල් කමක් වේද, ඒ ඔහුට නොවේයයි භවයාගේ නිරුද්ධවීමෙහි යම් පිළිකුල් බවක් වේද, ඔහුට එය නොවන්නේයයි කැමතිවිය යුතුයි. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇත්තාවූ සත්ත්වයෝ ඇත්තාහ. මහණෙනි, මෙබඳු දෘෂ්ඨි ඇති සත්ත්වයන්ට වෙනස්වීමක්, මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, ඉතා උසස් ශුද්ධිය පනවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඉතා උසස් ශුද්ධිය පනවන්නවුන් අතුරෙන් යම් මේ සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයිද, මෙය ශ්‍රේෂ්ඨයි. ඔවහු එය විශිෂ්ඨ ඥානයෙන් දැන එය ප්රත්යක්ෂ කිරීම පිණිස බණ කියයි. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්වයෝ ඇත. මහණෙනි, මෙසේ කියන්නාවූ සත්ත්වයන්ට වෙනස්වීමක් ඇත්තේය. මරණයක් ඇත්තේය. මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවක තෙම එහිද කළකිරෙයි. එහි කළකිරෙන්නේ, අග්‍ර පදවියෙහි කළකිරෙයි. ලාමක දෙය ගැන කියනුම කවරේද?”
“මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්වාණය පණවන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇත්තාහ. ඔවුහු මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්වාණය පණවත්. මහණෙනි, මේ ආත්මයෙහිම ශ්‍රේෂ්ඨ නිර්වාණය පනවන්නන් අතුරෙන් යම් මේ සය වැදෑරුම් ස්පර්ශයන්ගේ පහළවීමද, විනාශයද, ආශ්වාදයද, දෝෂයද, නික්මීමද, තත්ත්වූ පරිද්දෙන් දැන, තෘෂ්ණා, මාන, දෘෂ්ඨි වශයෙන් දැඩි කොට නොගෙන, යම් මිදීමක් ඇද්ද, මෙය ශ්‍රේෂ්ඨයි. මහණෙනි, මා මෙසේ කියුම් ඇත්තේ, මෙසේ කීයේයයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නොවූ හිස් බොරු නොවූ දෙයින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ විශේෂ දැනීම නොපනවයි. රූපයන්ගේ විශේෂ දැනීම නොපණවයි. වේදනාවන්ගේ විශේෂ දැනීම නොපණවයි’ යයි මා අභිබවා කියත්. මහණෙනි, මම කාමයන්ගේ විශේෂ දැනීම කියමි. රූපයන්ගේ විෂෙශ දැනීම කියමි. වේදනාවන්ගේද විශේෂ දැනීම කියමි. මේ ආත්මයෙහිම තෘෂ්ණාව දුරු කළේ, නිවුනේ, සිහිල් වූයේ, කෙලෙස් අල්වා ගැනීම නැති පිරිනිවීම පණවමියි වදාළ සේක”
|
10. දුතියකොසලසුත්තං | 10. පසේනදිපච්චකාර සූත්‍රය |
30
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො උය්යොධිකා නිවත්තො හොති විජිතසඞ්ගාමො ලද්ධාධිප්පායො. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන ආරාමො තෙන පායාසි. යාවතිකා යානස්ස භූමි, යානෙන ගන්ත්වා යානා පච්චොරොහිත්වා පත්තිකොව ආරාමං පාවිසි. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ
අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන සො විහාරො සංවුතද්වාරො, තෙන අප්පසද්දො උපසඞ්කමිත්වා අතරමානො ආලින්දං පවිසිත්වා උක්කාසිත්වා අග්ගළං ආකොටෙසි. විවරි භගවා ද්වාරං. අථ ඛො රාජා පසෙනදි කොසලො විහාරං පවිසිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන
‘‘කං පන ත්වං, මහාරාජ, අත්ථවසං සම්පස්සමානො ඉමස්මිං සරීරෙ එවරූපං පරමනිපච්චකාරං කරොසි, මෙත්තූපහාරං උපදංසෙසී’’ති? ‘‘කතඤ්ඤුතං ඛො අහං, භන්තෙ, කතවෙදිතං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චකාරං කරොමි, මෙත්තූපහාරං උපදංසෙමි.
‘‘භගවා
‘‘පුන චපරං, භන්තෙ, භගවා සීලවා වුද්ධසීලො අරියසීලො කුසලසීලො කුසලසීලෙන සමන්නාගතො. යම්පි, භන්තෙ, භගවා සීලවා වුද්ධසීලො අරියසීලො කුසලසීලො කුසලසීලෙන සමන්නාගතො, ඉදම්පි ඛො අහං, භන්තෙ, අත්ථවසං සම්පස්සමානො භගවති එවරූපං පරමනිපච්චකාරං කරොමි, මෙත්තූපහාරං උපදංසෙමි.
‘‘පුන
‘‘පුන චපරං, භන්තෙ, භගවා සන්තුට්ඨො
‘‘පුන චපරං, භන්තෙ, භගවා යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා, සෙය්යථිදං - අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා වීරියාරම්භකථා සීලකථා සමාධිකථා
‘‘පුන චපරං, භන්තෙ, භගවා චතුන්නං ඣානානං ආභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරානං නිකාමලාභී
‘‘පුන
‘‘පුන චපරං, භන්තෙ, භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා
‘‘පුන
‘‘හන්ද ච දානි මයං, භන්තෙ, ගච්ඡාම. බහුකිච්චා මයං බහුකරණීයා’’ති. ‘‘යස්ස දානි ත්වං, මහාරාජ, කාලං මඤ්ඤසී’’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං
|
30
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි පසේනදි කොසොල් රජ තෙම දිනන ලද යුද්ධ ඇත්තේ, ලබන ලද බලාපොරොත්තු ඇත්තේ, ඒ ව්‍යාජ යුද්ධයෙන් නැවතුනේ වේ. ඉක්බිති පසේනදි කොසොල් රජතෙම, ආරාමය යම් තැනෙක්හිද, එහි පැමිණියේය. වාහනයෙන් යා යුතු බිම යම්තාක්ද, ඒතාක් වාහනයෙන් ගොස්, වාහනයෙන් බැස, පාබල සෙනඟ ඇත්තේ ආරාමයට ඇතුළ්වූයේය.
එකල්හි වනාහි බොහෝ භික්ෂූහු එලිමහනෙහි සක්මන් කෙරෙත්. ඉක්බිති පසේනදි කොසොල් රජතෙම ඒ භික්ෂූහු යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ ඒ භික්ෂූන්ට, “ස්වාමීනි, භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ දැන් කොහි වාසය කෙරෙත්ද?”
“මහරජ, මේ වසන ලද දොර ඇති විහාරයයි. එහි නිශ්ශබ්දව පැමිණ, ඉක්මන් නොවී, පිට බරාඳයට ඇතුළ්වී, කාරා, අගුල තට්ටු කරව. භාග්‍යවතුන් වහන්සේ තොපට දොර හරින සේක.”
ඉක්බිති පසේනදි කොසොල් රජ තෙම වසන ලද දොර ඇති ඒ විහාරය යම් තැනෙක්හිද, එහි නිශ්ශබ්දව පැමිණ, ඉක්මන් නොවී, පිට බරාඳයට ඇතුළ්ව, කාරා, අගුලට තට්ටු කළේය. භාග්‍යවතුන් වහන්සේ දොර හළ සේක. ඉක්බිති පසේනදි කොසොල් රජ තෙම විහාරයට පැමිණ, භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී, භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා මුවින්ද සිඹියි. දෙඅතින්ද පිරිමදියි. “ස්වාමීනි, මම පසේනදි කොසොල්ය. ස්වාමීනි, මම පසේනදි කොසොල්ය’ යි නමද අස්වයි.
“මහරජ, ඔබ කවර කාරණයක් දකිමින් මේ ශරීරයෙහි අතිශය ගෞරවය කරයිද, මෛත්‍රී එලවීමක් කරයිද?”
“ස්වාමීනි, මම කෙළෙහි ගුණ දැනම, කළගුණ සැළකීම මනාකොට දක්නේ, මෙසේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක් කරමි. මෛත්‍රී පූජාවක් පවත්වමි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි බොහෝ දෙනාට හිත පිණිස පිළිපන්නේය. බොහෝ දෙනාට සැප පිණිස පිළිපන්නේය. බොහෝ දෙනා යම් යම් යහපත් ස්වභාවයක කුශල ධර්ම සංඛ්‍යාත ආර්‍ය්‍ය අෂ්ඨාඞ්ගික මාර්ගයෙහි පිහිටවූහ. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ සිල්වත් වූයේ, වැඩුණු සිල් ඇත්තේ, ශ්‍රේෂ්ඨ සිල් ඇත්තේ, නිපුණවූ සිල් ඇත්තේ, නිපුණවූ ශීලයෙන් යුක්තවූයේ වේ. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ බොහෝ කලක් අරණ්‍යයෙහි වාසය කළේ, අරණ්‍යයෙහි වන පෙදෙසෙහි පිහිටියාවූද, ප්‍රාන්තයෙහි පිහිටියාවූද, සෙනසුන් ආශ්‍රය කරයිද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් හෙයකින් බොහෝ කාලයක් අරණ්‍යයෙහි විසූ සේක් වනයෙහි බොහෝ ඈත පිහිටියාවුද, ප්රාන්තයන්හි පිහිටියාවූද සෙනසුන් ආශ්‍රය කරයි. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර කෙරෙහි සතුටු වෙයිද, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ඒ ඒ සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටු වේද, ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ පූජාවට සුදුසුය. ආගන්තුක සත්කාරයට සුදුසුය. දන්දීමට සුදුසුය, දෙඅත් හිස තබා වැඳීමට සුදුසුය. ලෝකයාගේ ඉතා උසස් පින් කෙතය. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ කෙළෙස් මනාකොට දුරු කරණ, සිත පිබිදීමට සුදුසු යම් කථාවක් වේද, එනම් මඳ ආශා ඇති කරණ කථාවය, සන්තෝෂ කථාවය, විවේකයෙහි වටිනාකම ඇති කථාවය, කුල සංසර්ග නොවීමේ කථාවය, වීර්ය්යාරම්භයේ කථාය, සීල කථාවය, සිත එකඟ කිරීමේ කථාවය, ප්‍රඥාව සම්බන්ධ කථාය, මාර්ග ඵල සම්බන්ධ කථාය, සිහි කිරීමේ නුවණ පිළිබඳ කථාය, මෙබඳු කථා නිරුත්සාහයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, පහසුවෙන් ලබන්නේ වේද, ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ ශ්‍රේෂ්ඨ සිතෙහිවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇති, ධ්‍යාන සතර නිරුත්සාහයෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, පහසුවෙන් ලබන්නේ වේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ශ්‍රේෂ්ඨ සිතෙහිවූ මේ ආත්මයෙහි සැප විහරණ ඇති ධ්‍යාන සතර අයත්නයෙන් ලබන්නේ වේ. නිදුකින් ලබන්නේ වේ. පහසුවෙන් ලබන්නේ වේ. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ (මෙහි අඞ්ගුත්තර නිකායේ, දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්ගයේ, 8 සූත්‍රයේ, 4, 5, 6 ඡේද යෙදිය යුතුයි.)
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ (මෙහි අඞ්ගුත්තර නිකායේ, දුතිය පණ්ණාසකයේ, බ්‍රාහ්මණ වර්ගයේ, 8 සූත්‍රයේ, 8 ඡේදය යෙදිය යුතුයි.) ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, නැවතද භාග්‍යවතුන් වහන්සේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මෙලොවම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන, ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයිද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම්සේ ආශ්‍රවයන්ගේ ක්ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මෙලොවම තෙමේ විශිෂ්ඨ ඥානයෙන් දැන, ප්රත්යක්ෂකොට පැමිණ වාසය කරයි. ස්වාමීනි, මම මේ කාරණයද දක්නේ, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මෙබඳු ශ්‍රේෂ්ඨ ගෞරවයක්, මෛත්‍රී එළවීමක් කරමි.
“ස්වාමීනි, එසේනම් දැන් යමි. අපට බොහෝ කටයුතුය. බොහෝ වැඩ පලය.”
“මහජෙ, දැන් යම්බඳුවූ තොප කල් දනිව්.” ඉක්බිති පසේනදි කොසොල් රජ තෙමේ හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේය.”
|