ත්‍රිපිටකය
3. මහාවග්ගො 3. මහා වර්‍ගය
1. සීහනාදසුත්තං 1. දසබල සූත්‍රය
21
‘‘සීහො , භික්ඛවෙ, මිගරාජා සායන්හසමයං ආසයා නික්ඛමති. ආසයා නික්ඛමිත්වා විජම්භති. විජම්භිත්වා සමන්තා චතුද්දිසං (චතුද්දිසා (ස්‍යා. ක.) අ. නි. 6.64) අනුවිලොකෙති. සමන්තා චතුද්දිසං (චතුද්දිසා (ස්‍යා. ක.) අ. නි. 6.64) අනුවිලොකෙත්වා තික්ඛත්තුං සීහනාදං නදති. තික්ඛත්තුං සීහනාදං නදිත්වා ගොචරාය පක්කමති. තං කිස්ස හෙතු? ‘මාහං ඛුද්දකෙ පාණෙ විසමගතෙ සඞ්ඝාතං ආපාදෙසි’න්ති!
‘‘‘සීහො’ති, ඛො භික්ඛවෙ, තථාගතස්සෙතං අධිවචනං අරහතො සම්මාසම්බුද්ධස්ස. යං ඛො, භික්ඛවෙ, තථාගතො පරිසාය ධම්මං දෙසෙති, ඉදමස්ස හොති සීහනාදස්මිං.
(ම. නි. 1.148; විභ. 760; පටි. ම. 2.44) ‘‘දසයිමානි , භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති. කතමානි දස? ඉධ, භික්ඛවෙ, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ, තථාගතො ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ, තථාගතො අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ , තථාගතො සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො අනෙකධාතුං නානාධාතුං ලොකං (අනෙකධාතුනානාධාතුලොකං (සී. ක.)) යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ, තථාගතො අනෙකධාතුං නානාධාතුං ලොකං යථාභූතං පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති...පෙ.... බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ, තථාගතො සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති...පෙ.... බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති. යම්පි, භික්ඛවෙ, තථාගතො පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රියපරොපරියත්තං යථාභූතං පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති...පෙ.... බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි...පෙ.... පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති...පෙ.... බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, ‘අමුත්‍රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්‍ර උදපාදිං; තත්‍රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො ඉධූපපන්නො’ති, ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. යම්පි භික්ඛවෙ, තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, සෙය්‍යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො...පෙ.... ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති - ‘ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා; ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරං මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා’ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. යම්පි , භික්ඛවෙ, තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන...පෙ.... යථාකම්මූපගෙ සත්තෙ පජානාති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. යම්පි, භික්ඛවෙ, තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, ඉදම්පි, භික්ඛවෙ, තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති.
‘‘ඉමානි ඛො, භික්ඛවෙ, දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙතී’’ති. පඨමං.
21
“මහණෙනි, මෘගරාජන්වූ සිංහයා සවස් කාලයෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කිලිපොලයි. කිලිපොලා හාත්පස සිවු දිග බලයි. හාත්පස සිවු දිග බලා තුන් වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කර ගොදුරු පිණිස පිටත් වෙයි. ඊට හේතු කවරේද? ‘මම විසම ස්ථාවල සිටින පොඩි සතුන් විනාශයට නොපමුණුවමිය’ යි සිතායි.
“මහණෙනි, සිංහ යනු අර්හත් සම්‍යක් සම්බුද්‍ධ තථාගතයන් වහන්සේට නමකි. මහණෙනි, තථාගතයන් වහන්සේ පිරිසෙහි යම් ධර්මයක් දේශනා කෙරේද, මෙය උන් වහන්සේගේ සිංහ නාදය වෙයි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උතුම් කරුණ දන්වයිද, පිරිසෙහි සිංහනාද කරයිද, ශ්‍රේෂ්ඨ ධර්මචක්‍රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ තථාගත බල දසයක් වේ.
“කවර දසයක්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි තථාගතයන් වහන්සේ ස්ථානය ස්ථානය වශයෙනුත්, අස්ථානය අස්ථානය වශයෙනුත්, තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ ස්ථාන අස්ථාන දෙක තත්වූ පරිද්දෙන් දනිද, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, තථාගත තෙමේ අතීත, අනාගත, වර්‍තමානවූ කර්මයන්ගේ කරුණු වශයෙන් හේතු වශයෙන් විපාකය තත්වූ පරිද්දෙන්ම දනීද, මහණෙනි, මෙයද තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගත තෙමේ සියලු ගතිවලට යන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ සියලු ගතිවලට යන ප්‍රතිපදාව තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මෙයද යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ නොයෙක් ධාතූන් ඇති ධාතු ලෝකය තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, මේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ සත්ත්‍වයන්ගේ නොයෙක් අධික ලෙස ඇලිම් තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, තථාගතයන් වහන්සේ සත්ත්‍වයන්ගේ නොයෙක් අධික ලෙස ඇලිම් තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ ප්‍රධාන සත්ත්‍වයන්ගේද, හීන සත්ත්‍වයන්ගේද, ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රියයන්ගේ වැඩිමද, හානියද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම්සේ ප්‍රධාන සත්ත්‍වයන්ගේද, හීන සත්ත්‍වයන්ගේද, ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රියයන්ගේ වැඩිමද, හානියද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ සතර ධ්‍යානයන්ගේද, අෂ්ට විමොක්‍ෂයන්ගේද, අෂ්ට සමාපත්තීන්ගේද, කෙලෙසීමද, පිරිසිදුවීමද, නැගිටීමද, තත්වූ පරිද්දෙන් දනීද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් විධියකින් ධ්‍යාන විමොක්‍ෂ සම්පත්තීන්ගේ කෙලෙසීමද, පිරිසිදුවිමද, නැගිටීමද, තත්වූ පරිද්දෙන් දනීද, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ නානාප්‍රකාර පූර්‍වෙනිවාසය සිහිකරත්ද, ඒ මෙසේයි. එක් ජාතියක්ද, (මෙහි අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්‍ගයේ 8 සූත්‍රයේ 4 - 5 - 6 ඡේද යෙදිය යුතුයි.) සිහිකරත්ද, මහණෙනි, තථාගතයන් වහන්සේ යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ පිරිසිදුවූ මිනිසැස ඉක්ම පවත්නාවූ (මෙහි අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ බ්‍රාහ්මණ වර්‍ගයේ 8 සූත්‍රයේ 9 ඡේදය යෙදිය යුතුයි.) දකීද, මහණෙනි, මෙයද යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, නැවතද තථාගතයන් වහන්සේ ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරත්ද, මහණෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමෙන් ආශ්‍රව රහිත සිත නිදහස් වීමද, ප්‍රඥාව නිදහස් වීමද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පැමිණ වාසය කරත්ද, මහණෙනි, යම් බලයකට පැමිණ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය දන්වයිද, පිරිස්හි සිංහනාද කරයිද, ධර්‍මචක්‍රය පවත්වයිද, මේද තථාගතයන් වහන්සේගේ තථාගත බලයකි.
“මහණෙනි, යම් බලයකින් යුක්තවූ තථාගතයන් වහන්සේ උසස් ස්ථානය භජනය කරත්ද, පිරිසෙහි සිංහනාද කරත්ද, ධර්මචක්‍රය පවත්වත්ද, මේ ඒ තථාගත බල දසයයි.”
2. අධිවුත්තිපදසුත්තං 2. අධිමුත්තිපද සූත්‍රය
3. කායසුත්තං 3. වාරත්තය පහාතබ්බ සූත්‍රය
4. මහාචුන්දසුත්තං 4. මහාචුන්‍ද - සහජාති සූත්‍රය
5. කසිණසුත්තං 5. කසිණායතන සූත්‍රය
6. කාළීසුත්තං 6. කාළීකුර රඝරිකා සූත්‍රය
7. පඨමමහාපඤ්හාසුත්තං 7. මහා පඤ්හ සූත්‍රය
8. දුතියමහාපඤ්හාසුත්තං 8. කජඞගලා සූත්‍රය
9. පඨමකොසලසුත්තං 9. කාසිකොසල සූත්‍රය
10. දුතියකොසලසුත්තං 10. පසේනදිපච්චකාර සූත්‍රය