ත්‍රිපිටකය
2. නාථවග්ගො 2. නාථ වර්‍ගය
1. සෙනාසනසුත්තං 1. සෙනාසනඞ්ග සූත්‍රය
2. පඤ්චඞ්ගසුත්තං 2. පඤ්චඞ්ගවිපන්න සූත්‍රය
3. සංයොජනසුත්තං 3. දස සංයෝජන සූත්‍රය
4. චෙතොඛිලසුත්තං 4. චෙතොඛීලවිනිබද්‍ධ සූත්‍රය
5. අප්පමාදසුත්තං 5. අප්පමාද අග්ගක්ඛාන සූත්‍රය
6. ආහුනෙය්‍යසුත්තං 6. දසාහුණෙය්‍ය සූත්‍රය
7. පඨමනාථසුත්තං 7. පඨම නාථකරණ ධම්ම සූත්‍රය
17
(දී. නි. 3.345, 360) ‘‘සනාථා , භික්ඛවෙ, විහරථ, මා අනාථා. දුක්ඛං, භික්ඛවෙ, අනාථො විහරති. දසයිමෙ, භික්ඛවෙ, නාථකරණා ධම්මා. කතමෙ දස? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. යම්පි, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, අයම්පි ධම්මො නාථකරණො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්‍යාණා මජ්ඣෙකල්‍යාණා පරියොසානකල්‍යාණා සාත්ථං සබ්‍යඤ්ජනං (සාත්ථා සබ්‍යඤ්ජනා (සී.)) කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති, තථාරූපාස්ස ධම්මා බහුස්සුතා (බහූ සුතා (?)) හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා. යම්පි, භික්ඛවෙ, භික්ඛු බහුස්සුතො හොති...පෙ.... දිට්ඨියා සුප්පටිවිද්ධා, අයම්පි ධම්මො නාථකරණො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු කල්‍යාණමිත්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො . යම්පි, භික්ඛවෙ, භික්ඛු කල්‍යාණමිත්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො, අයම්පි ධම්මො නාථකරණො .
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සුවචො හොති සොවචස්සකරණෙහි ධම්මෙහි සමන්නාගතො, ඛමො පදක්ඛිණග්ගාහී අනුසාසනිං. යම්පි, භික්ඛවෙ, භික්ඛු සුවචො හොති...පෙ.... අනුසාසනිං, අයම්පි ධම්මො නාථකරණො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං උච්චාවචානි කිංකරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො තත්‍රූපායාය වීමංසාය සමන්නාගතො, අලං කාතුං අලං සංවිධාතුං. යම්පි, භික්ඛවෙ, භික්ඛු යානි තානි සබ්‍රහ්මචාරීනං...පෙ.... අලං කාතුං අලං සංවිධාතුං, අයම්පි ධම්මො නාථකරණො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො. යම්පි, භික්ඛවෙ, භික්ඛු ධම්මකාමො හොති පියසමුදාහාරො, අභිධම්මෙ අභිවිනයෙ උළාරපාමොජ්ජො, අයම්පි ධම්මො නාථකරණො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යම්පි, භික්ඛවෙ, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු, අයම්පි ධම්මො නාථකරණො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන. යම්පි, භික්ඛවෙ, භික්ඛු සන්තුට්ඨො හොති ඉතරීතරචීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරෙන, අයම්පි ධම්මො නාථකරණො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යම්පි, භික්ඛවෙ, භික්ඛු සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා, අයම්පි ධම්මො නාථකරණො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. යම්පි, භික්ඛවෙ, භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා, අයම්පි ධම්මො නාථකරණො.
‘‘සනාථා, භික්ඛවෙ, විහරථ, මා අනාථා. දුක්ඛං, භික්ඛවෙ, අනාථො විහරති. ඉමෙ ඛො, භික්ඛවෙ, දස නාථකරණා ධම්මා’’ති. සත්තමං.
17
“මහණෙනි, පිහිට ඇතිව වසව්. පිහිට නැතිව නොවසව්. මහණෙනි, අනාථයා දුකසේ වාසය කරයි. මහණෙනි, පිහිට ඇති කරණ ධර්‍ම දහයකි.
“කවර දහයක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නේ, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, මහණෙනි, මහණතෙම සිල්වත් වේද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, හැසිරීමෙන්ද, අරමුණෙන්ද යුක්තවූයේ, ස්වල්ප මාත්‍ර වරදෙහි බිය දක්නේ, ශික්‍ෂාපදයන් සමාදන්ව හික්මෙයිද, මේ ධර්මයද පිහිට ඇතිකරන්නේය.
“මහණෙනි, නැවතද, මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලද්දාහු වෙත්. මහණතෙම බහුශ්‍රුත වේද, ඇසූ දෙය දරන්නේ වේද, ඇසූ දෙය රැස්කරන්නේ වේද, යම් ඒ ධර්ම කෙනෙක් මුල යහපත්ද, මැද යහපත්ද, අග යහපත්ද, අර්ත්‍ථ සහිතද, ව්‍යඤ්ජන සහිතද, හාත් පසින් සම්පූර්‍ණද, පිරිසිදු බ්‍රහ්මචර්‍ය්‍යය ප්‍රකාශ කෙරෙත්ද, ඔහු විසින් එබඳු ධර්මයෝ බොහෝ අසන ලද්දාහු වෙත්. දරන ලද්දාහු වෙත්. වචනයෙන් පුරුදු කරණ ලද්දාහු වෙත්. සිතින් සිහි කරණ ලද්දාහු වෙත්. දෘෂ්ටියෙන් ප්‍රතිවෙධ කරණ ලදද්, මේ ධර්මයද පිහිට ඇතිකරන්නේය.
“මහණෙනි, නැවතද මහණතෙම සීලාදී ගුණවත් මිත්‍රයන් ඇත්තේ වේ. යහපත් සහායයන් ඇත්තේ වේ. යහපතට නැමෙන්නේ වේ. මහණෙනි, මහණතෙම යම් හෙයකින් කල්‍යාණ මිත්‍රයන් ඇත්තේ වේද, යහපත් සහායයන් ඇත්තේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරයි.
“මහණෙනි, නැවතද මහණතෙම කීකරුවේද, සුවචබව ඇතිකරණ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වේ. අවවාද ඉවසා පිළිගන්නේ වේද, මහණෙනි, යම්හෙයකින් මහණතෙම සුවචවේද, සුවචබව ඇතිකරණ ධර්‍මයන්ගෙන් යුක්තවූයේ වේද, ඉවසන්නේ වේද, අනුශාසනා දකුණින් ගන්නේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නේයි.
“මහණෙනි, නැවතද මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ අසා කළයුතු උස් පහත් වැඩ වෙත්ද, එහි දක්‍ෂ වේද, අලස නුවූයේ වේද, එහි යාමෙහි විමසීමෙන් යුක්තවූයේ වේ. කරන්ට සමර්ත්‍ථ වේ. විධානයට සුදුසු වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම සබ්‍රම්සරුන්ගේ යම් ඒ අසා කළයුතු උස් පහත් වැඩ වෙත්ද, එහි දක්‍ෂ වේද, අලස නුවූයේ වේද, එහි යාමෙහි විමසීමෙන් යුක්තවූයේ වේ. කරන්ට සමර්ත්‍ථ වේ. විධානයට සුදුසු වේ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේයි.
“මහණෙනි, නැවතද මහණතෙම ධර්මයට ප්‍රිය කරන්නේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්මයෙහි හා ඛන්‍දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේ වේ. මහණෙනි, යම් හෙයකින් මහණතෙම ධර්මයට ප්‍රිය කරන්නේ වේ. ප්‍රිය ව්‍යවහාර ඇත්තේ වේ. අභිධර්මයෙහි හා ඛන්‍දක පරිවාරයන්හි මහත් ප්‍රමෝද ඇත්තේ වේ. මේ ධර්මයද පිහිට ඇති කරන්නේය.
“මහණෙනි, නැවතද මහණතෙම අකුශල ධර්‍මයන් ප්‍රහාණය පිණිස, කුශල ධර්‍මයන් වැඩීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන වැඩ ඇත්තේ, වාසය කරයි. මහණෙනි, යම් හෙයකින් මහණතෙම අකුශල ධර්‍මයන් ප්‍රහාණය පිණිස, කුශල ධර්‍මයන් වැඩීම පිණිස, ශක්ති ඇත්තේ, දැඩි වීර්‍ය්‍ය ඇත්තේ, කුශල ධර්‍මයන්හි බහා නොතබන වැඩ ඇත්තේ, වාසය කරයිද, මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.
“මහණෙනි, නැවත මහණතෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, මහණෙනි, යම් හෙයකින් මහණතෙම යම්කිසි සිවුරු, පිඬු, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකරින් සතුටුවූයේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නේ මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.
“මහණෙනි, නැවත මහණතෙම ශ්‍රේෂ්ඨවූ සිහියේ නිපුනභාවයෙන් සිහි ඇත්තේ වේද, කළ බොහෝ කල් ඇත්තාවූ, කියා බොහෝ කල් ඇත්තාවූ දෙය සිහි කරන්නේ වේද, මේ ධර්මයද පිහිට ඇති කරන්නකි.
“මහණෙනි, නැවතද මහණතෙම මනාකොට දුක් ක්‍ෂයවීමට යන, කලකිරීමට යන, පහළවීමට හා අස්තයට යන, ආර්‍ය්‍යවූ නුවණින් යුක්වූයේ වේ. යම් හෙයකින් මහණතෙම මනාකොට දුක් ක්‍ෂයවීමට යන, කලකිරීමට යන, පහළවීමට හා අස්තයට යන, ආර්‍ය්‍යවූ නුවණින් යුක්වූයේ වේද, මේ ධර්‍මයද පිහිට ඇතිකරණ ධර්‍මයකි.”
8. දුතියනාථසුත්තං 8. දුතිය නාථකරණ ධම්ම සූත්‍රය
9. පඨමඅරියාවාසසුත්තං 9. සංඛිත්ත අරියවාස සූත්‍රය
10. දුතියඅරියාවාසසුත්තං 10. විත්‍ථත සූත්‍රය