ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
දසකනිපාතපාළි දසම නිපාතය
1. ආනිසංසවග්ගො 1. ආනිසංස වර්‍ගය
1. කිමත්ථියසුත්තං 1. කුසලසීලමත්‍ථිය සූත්‍රය
2. චෙතනාකරණීයසුත්තං 2. චෙතනාකරණීය සූත්‍රය
2
(අ. නි. 11.2) ‘‘සීලවතො, භික්ඛවෙ, සීලසම්පන්නස්ස න චෙතනාය කරණීයං - ‘අවිප්පටිසාරො මෙ උප්පජ්ජතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං සීලවතො සීලසම්පන්නස්ස අවිප්පටිසාරො උප්පජ්ජති. අවිප්පටිසාරිස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘පාමොජ්ජං මෙ උප්පජ්ජතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං අවිප්පටිසාරිස්ස පාමොජ්ජං ජායති. පමුදිතස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘පීති මෙ උප්පජ්ජතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං පමුදිතස්ස පීති උප්පජ්ජති. පීතිමනස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘කායො මෙ පස්සම්භතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘සුඛං වෙදියාමී’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘චිත්තං මෙ සමාධියතූ’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං සුඛිනො චිත්තං සමාධියති. සමාහිතස්ස, භික්ඛවෙ, න චෙතනාය කරණීයං - ‘යථාභූතං ජානාමි පස්සාමී’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං සමාහිතො යථාභූතං ජානාති පස්සති. යථාභූතං, භික්ඛවෙ, ජානතො පස්සතො න චෙතනාය කරණීයං - ‘නිබ්බින්දාමි විරජ්ජාමී’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං යථාභූතං ජානං පස්සං නිබ්බින්දති විරජ්ජති. නිබ්බින්නස්ස (නිබ්බින්දස්ස (සී. ක.)), භික්ඛවෙ, විරත්තස්ස න චෙතනාය කරණීයං - ‘විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොමී’ති. ධම්මතා එසා, භික්ඛවෙ, යං නිබ්බින්නො (නිබ්බින්දො (සී. ක.)) විරත්තො විමුත්තිඤාණදස්සනං සච්ඡිකරොති.
‘‘ඉති ඛො, භික්ඛවෙ, නිබ්බිදාවිරාගො විමුත්තිඤාණදස්සනත්ථො විමුත්තිඤාණදස්සනානිසංසො; යථාභූතඤාණදස්සනං නිබ්බිදාවිරාගත්ථං නිබ්බිදාවිරාගානිසංසං; සමාධි යථාභූතඤාණදස්සනත්ථො යථාභූතඤාණදස්සනානිසංසො; සුඛං සමාධත්ථං සමාධානිසංසං; පස්සද්ධි සුඛත්ථා සුඛානිසංසා; පීති පස්සද්ධත්ථා පස්සද්ධානිසංසා; පාමොජ්ජං පීතත්ථං පීතානිසංසං; අවිප්පටිසාරො පාමොජ්ජත්ථො පාමොජ්ජානිසංසො; කුසලානි සීලානි අවිප්පටිසාරත්ථානි අවිප්පටිසාරානිසංසානි . ඉති ඛො, භික්ඛවෙ, ධම්මා ධම්මෙ අභිසන්දෙන්ති, ධම්මා ධම්මෙ පරිපූරෙන්ති අපාරා පාරං ගමනායා’’ති. දුතියං.
2
“මහණෙනි, සීලයෙන් යුත් සිල්වතාට, ‘පසුතැවිලි නොවීම මට උපදීවා’ යි සිතෙහි නොකට යුතුය. මහණෙනි, යම් හෙයකින් සීලයෙන් යුත් සිල්වතාට, පසුතැවිලි නොවීම උපදීද. මෙය ස්වභාවයකි. මහණෙනි, පසුතැවිලි නොවූවහුට, ‘මට ප්‍රමෝදය උපදීවා’ යි සිත්හි නොකට යුතුය. පසුතැවිලි නොවන්නාහට යම් ප්‍රමෝදයක් උපදීද, මෙය ස්වභාව ධර්‍මයකි. මහණෙනි, ප්‍රමෝදයෙන් යුක්ත වූවහුට, ‘ප්‍රීතිය මට උපදීවා’ යි සිත්හි නොකට යුතුය. මහණෙනි, ප්‍රමෝද වූවහුට ප්‍රීතිය ඉපදීම ස්වභාවයකි. මහණෙනි, ප්‍රීතියෙන් යුත් සිත ඇත්තාහට, ‘මාගේ ශරීරය සංසිඳේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, ප්‍රීතියෙන් යුත් සිත් ඇත්තාගේ ශරීරය සංසිඳේද, මෙය ස්වභාවයකි. මහණෙනි, සන්සුන් සිත් ඇත්තාහට, ‘සැපක් විඳිමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සන්සුන් කය ඇත්තේ යම් සැපයක් විඳීද, මෙය ස්වභාවයකි. මහණෙනි, සැප ඇත්තාහට, ‘මාගේ සිත එකඟවේවා’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, සැප ඇත්තාගේ සිත එකඟ වේද, මෙය ස්වභාවයකි.
“මහණෙනි, එකඟවූ සිත් ඇත්තාහට, ‘තත්වූ පරිද්දෙන් දනිමි, දකිමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, එකඟවූයේ යමක් තත්වූ පරිද්දෙන් දනීද, දකීද, මෙය ස්වභාවයකි. මහණෙනි, තත්වූ පරිද්දෙන් දන්නාහට, දක්නාහට. ‘බලවත් විදර්‍ශනාවට පැමිණෙන්නෙමි, මාර්‍ගයට පැමිණෙන්නෙමි’ යි සිත්හි ලා නොකට යුතුය. මහණෙනි, තරුණ විදර්‍ශනා වෙන් දන්නාහට, දක්නාහට, බලවත් විදර්‍ශනාවට පැමිණේද, මාර්‍ගයට පැමිණේද යන මෙය ස්වභාවයකි. මහණෙනි, බලවත් විදර්‍ශනාවට පැමිණියහුට, මාර්‍ගයට පැමිණියහුට, ‘අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය ප්‍රත්‍යක්‍ෂ කරමි’ යි සිත්හි ලා නොකට යුතුයි. මහණෙනි, බලවත් විදර්‍ශනාවට පැමිණියේ, මාර්‍ගයට පැමිණියේ, අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය ප්‍රත්‍යක්‍ෂ කරයි යන යමක් ඇද්ද, මෙය ධර්‍මතාවයකි.
“මහණෙනි, මෙසේ වනාහි බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ සඳහාය. අර්හත් ඵලය හා ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණය අනුසස්කොට ඇත්තාහ. තරුණ විදර්‍ශනාව, බලවත් විදර්‍ශනාව හා මාර්‍ගය පිණිස වේ. බලවත් චිදර්‍ශනාව හා මාර්‍ගය අනුසස්කොට ඇත්තේ වේ. සිත එකඟ කිරිම තරුණ විදර්‍ශනාව පිණිස වේ. තරුණ විදර්‍ශනාව අනුසස්කොට ඇත්තේ වේ. සැපය සමාධිය පිණිසය, සමාධිය අනුසස්කොට ඇත්තේය. සංසිඳීම සැපය පිණිසය. සැපය අනුසස්කොට ඇත්තේය. ප්‍රීතිය සන්සිඳීම පිණිසය, සන්සිඳීම අනුසස්කොට ඇත්තේය. ප්‍රමෝදය ප්‍රීතිය පිණිස වේ, ප්‍රීතිය අනුසස්කොට ඇත්තේ වේ. නොපසුතැවිල්ල ප්‍රමෝදය පිණිස වේ. ප්‍රමෝදය අනුසස්කොට ඇත්තේ වේ. නිරවද්‍ය ශීලයෝ නොපසුතැවිල්ල ප්‍රයෝජනකොට ඇත්තාහ, නොපසුතැවිල්ල අනුසස්කොට ඇත්තාහ. මහණෙනි, මෙසේ වනාහි මෙතෙර වැනි ත්‍රෛභූමික වෘත්තයෙන් පරතෙරට යාමට ධර්‍මයෝම ධර්‍මයෙහිම පවතිත්, ධර්‍මයෝම ධර්මයන් පුරවත්.”
3. පඨමඋපනිසසුත්තං 3. දුස්සීල හතුපනිස සූත්‍රය
4. දුතියඋපනිසසුත්තං 4. සාරීපුත්ත හතුපනිස සූත්‍රය
5. තතියඋපනිසසුත්තං 5. ආනන්‍ද හතුපනිස සූත්‍රය
6. සමාධිසුත්තං 6. සමාධි පටිලාභ සූත්‍රය
7. සාරිපුත්තසුත්තං 7. කිංසඤ්ඤී සූත්‍රය
8. ඣානසුත්තං 8. සමන්ත පාසාදිකා සූත්‍රය
9. සන්තවිමොක්ඛසුත්තං 9. සබ්බාකාර පරිපූර සූත්‍රය
10. විජ්ජාසුත්තං 10. පාසාදික පරිපූර සූත්‍රය