ත්‍රිපිටකය
(7) 2. සතිපට්ඨානවග්ගො (7) 2. සතිපට්ඨාන වර්‍ගය
1. සික්ඛාදුබ්බල්‍යසුත්තං 1. සික්ඛාදුබ්බල්‍ය සූත්‍රය
2. නීවරණසුත්තං 2. නීවරණ සතිපට්ඨාන සූත්‍රය
3. කාමගුණසුත්තං 3. කාමගුණ සතිපට්ඨාන සූත්‍රය
4. උපාදානක්ඛන්ධසුත්තං 4. උපාදානක්ඛන්‍ධ සතිපට්ඨාන සූත්‍රය
5. ඔරම්භාගියසුත්තං 5. ඕරම්භාගිය සතිපට්ඨාන සූත්‍රය
6. ගතිසුත්තං 6. පඤ්චගති සූත්‍රය
7. මච්ඡරියසුත්තං 7. මච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය
8. උද්ධම්භාගියසුත්තං 8. උද්‍ධම්භාගීය සතිපට්ඨාන සූත්‍රය
70
‘‘පඤ්චිමානි , භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච? රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා - ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි.
‘‘ඉමෙසං ඛො, භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය...පෙ.... ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා’’ති. අට්ඨමං.
70
“මහණෙනි, මේ උද්‍ධම්භාගීය සඤ්ඤෝජන පසක් වෙත්.
“කවර පසක්ද යත්? රූප රාගය, අරූප රාගය, මානය, උද්‍ධච්චය, අවිජ්ජාය කියායි. මහණෙනි, මේ උද්‍ධම්භාගීය සඤ්ඤෝජන පස වෙත්.
“මහණෙනි, මේ පඤ්ච උද්‍ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස මේ සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහුය. කවර සතරක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, ශරීරයෙහි දැඩි ආසාව හා නොසතුටුබව දුරුකොට, ශරීරයෙහි ශරීරය අනුව බලන සුළුවූයේ වෙසේද, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, සිතෙහි සිත් අනුව බලන සුළුවූයේ වෙසේද, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක් ප්‍රඥා ඇත්තේ, සිහි ඇත්තේ, වේදනා ලෝකයෙහි දැඩි ආසාව හා නොසතුටුබව සංසිඳුවා, වේදනාවන්හි වේදනාව අනුව බලන සුළුවූයේ වෙසේද, මහණෙනි, මේ පඤ්ච උද්‍ධම්භාගීය සඤ්ඤෝජනයන්ගේ හැර දැමීම පිණිස සතර සතිපට්ඨානයෝ වැඩිය යුත්තාහ.
9. චෙතොඛිලසුත්තං 9. චෙතොඛීල සතිපට්ඨාන සූත්‍රය
10. චෙතසොවිනිබන්ධසුත්තං 10. විනිබන්‍ධ සූත්‍රය