ත්‍රිපිටකය
5. සාමඤ්ඤවග්ගො 5. පඤ්චාල වර්‍ගය
1. සම්බාධසුත්තං 1. පඤ්චාලචණ්ඩ සූත්‍රය
2. කායසක්ඛීසුත්තං 2. කායසක්ඛි සූත්‍රය
3. පඤ්ඤාවිමුත්තසුත්තං 3. පඤ්ඤාවිමුත්ත සූත්‍රය
4. උභතොභාගවිමුත්තසුත්තං 4. උභතොවිමුක්ත සූත්‍රය
5. සන්දිට්ඨිකධම්මසුත්තං 5. සන්දිඨිකධම්ම සූත්‍රය
46
‘‘‘සන්දිට්ඨිකො ධම්මො සන්දිට්ඨිකො ධම්මො’ති, ආවුසො, වුච්චති. කිත්තාවතා නු ඛො, ආවුසො, සන්දිට්ඨිකො ධම්මො වුත්තො භගවතා’’ති?
‘‘ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. එත්තාවතාපි ඛො, ආවුසො, සන්දිට්ඨිකො ධම්මො වුත්තො භගවතා පරියායෙන...පෙ.....
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. එත්තාවතාපි ඛො, ආවුසො, සන්දිට්ඨිකො ධම්මො වුත්තො භගවතා නිප්පරියායෙනා’’ති. පඤ්චමං.
46
“ඇවැත්නි, සාන්දෘෂ්ටික ධර්‍මය, සාන්දෘෂ්ටික ධර්‍මයයි, කියනු ලැබේ. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් කොපමණකින් වනාහි සාන්දෘෂ්ටික ධර්‍මයයි කියනු ලැබේද?”
“ඇවැත්නි, මේ ශාසනයෙහි මහණතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, චිතර්‍ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.
“විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.
“ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්ම ප්‍රතිඝ සංඥාවන් දුරුකිරීමෙන් නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තය” යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා “කිසිවක් නැත්තේය” යි යන ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය. යම් යම් ආකාරයකින් ඒ (ධ්‍යාන නම්) ආයතනය වේද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.
“ඇවැත්නි, නැවතද අනිකක් කියමි. මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධයට පැමිණ වෙසේද, ඔහුගේ ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, යම් යම් ආකාරයකින් ඒ ආයතනය වේද, ඒ ඒ ආකාරයෙන් කයින් ස්පර්‍ශකොට වෙසේද, ඇවැත්නි, මෙපමණකින් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් නිෂ්පරියායෙන් සාන්දෘෂ්ටික ධර්‍මයයි වදාරණ ලද්දේය.”
6. සන්දිට්ඨිකනිබ්බානසුත්තං 6. සන්‍දිඨිකනිබ්බාණ සූත්‍රය
7. නිබ්බානසුත්තං 7. නිබ්බාණපුච්ඡා සූත්‍රය
8. පරිනිබ්බානසුත්තං 8. පරිනිබ්බාණ සූත්‍රය
9. තදඞ්ගනිබ්බානසුත්තං 9. තදඞ්ගනිබ්බාණ සූත්‍රය
10. දිට්ඨධම්මනිබ්බානසුත්තං 10. දිඨධම්මනිබ්බාණ සූත්‍රය