ත්‍රිපිටකය
4. මහාවග්ගො 4. මහා වර්‍ගය
1. අනුපුබ්බවිහාරසුත්තං 1. අනුපුබ්බවිහාර සූත්‍රය
2. අනුපුබ්බවිහාරසමාපත්තිසුත්තං 2. අනුපුබ්බාසමාපත්ති සූත්‍රය
3. නිබ්බානසුඛසුත්තං 3. නිබ්බාණසුඛ සූත්‍රය
4. ගාවීඋපමාසුත්තං 4. පබ්බතෙය්‍යගාමී සූත්‍රය
5. ඣානසුත්තං 5. ඣානනිස්සයන සූත්‍රය
6. ආනන්දසුත්තං 6. ආනන්‍ද ඔකාසායිගම සූත්‍රය
7. ලොකායතිකසුත්තං 7. ලොකායතික සූත්‍රය
38
අථ ඛො ද්වෙ ලොකායතිකා බ්‍රාහ්මණා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ බ්‍රාහ්මණා භගවන්තං එතදවොචුං -
‘‘පූරණො, භො ගොතම, කස්සපො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති - ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. සො එවමාහ - ‘අහං අනන්තෙන ඤාණෙන අනන්තං ලොකං ජානං පස්සං විහරාමී’ති. අයම්පි (අයම්පි හි (ස්‍යා. ක.)), භො ගොතම, නිගණ්ඨො නාටපුත්තො සබ්බඤ්ඤූ සබ්බදස්සාවී අපරිසෙසං ඤාණදස්සනං පටිජානාති - ‘චරතො ච මෙ තිට්ඨතො ච සුත්තස්ස ච ජාගරස්ස ච සතතං සමිතං ඤාණදස්සනං පච්චුපට්ඨිත’න්ති. සො (සොපි (?)) එවමාහ - ‘අහං අනන්තෙන ඤාණෙන අනන්තං ලොකං ජානං පස්සං විහරාමී’ති. ඉමෙසං, භො ගොතම, උභින්නං ඤාණවාදානං උභින්නං අඤ්ඤමඤ්ඤං විපච්චනීකවාදානං කො සච්චං ආහ කො මුසා’’ති?
‘‘අලං, බ්‍රාහ්මණා! තිට්ඨතෙතං - ‘ඉමෙසං උභින්නං ඤාණවාදානං උභින්නං අඤ්ඤමඤ්ඤං විපච්චනීකවාදානං කො සච්චං ආහ කො මුසා’ති. ධම්මං වො, බ්‍රාහ්මණා, දෙසෙස්සාමි, තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භො’’ති ඛො තෙ බ්‍රාහ්මණා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණා, චත්තාරො පුරිසා චතුද්දිසා ඨිතා පරමෙන ජවෙන ච සමන්නාගතා පරමෙන ච පදවීතිහාරෙන. තෙ එවරූපෙන ජවෙන සමන්නාගතා අස්සු, සෙය්‍යථාපි නාම දළ්හධම්මා (දළ්හධම්මො (සබ්බත්ථ) අ. නි. 4.45; ම. නි. 1.116 ච, තංසංවණ්ණනාටීකායො ච මොග්ගල්ලානබ්‍යාකරණඤ්ච ඔලොකෙතබ්බා) ධනුග්ගහො සික්ඛිතො කතහත්ථො කතූපාසනො ලහුකෙන අසනෙන අප්පකසිරෙන තිරියං තාලච්ඡායං (තාලච්ඡාතිං (සී. ස්‍යා. පී.), තාලච්ඡාදිං (ක.) අ. නි. 4.45; ම. නි. 1.161 පස්සිතබ්බං) අතිපාතෙය්‍ය; එවරූපෙන ච පදවීතිහාරෙන, සෙය්‍යථාපි නාම පුරත්ථිමා සමුද්දා පච්ඡිමො සමුද්දො අථ පුරත්ථිමාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්‍ය - ‘අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී’ති. සො අඤ්ඤත්‍රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්‍ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්‍ර නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරා කාලං කරෙය්‍ය. අථ පච්ඡිමාය දිසාය...පෙ.... අථ උත්තරාය දිසාය... අථ දක්ඛිණාය දිසාය ඨිතො පුරිසො එවං වදෙය්‍ය - ‘අහං ගමනෙන ලොකස්ස අන්තං පාපුණිස්සාමී’ති. සො අඤ්ඤත්‍රෙව අසිතපීතඛායිතසායිතා අඤ්ඤත්‍ර උච්චාරපස්සාවකම්මා අඤ්ඤත්‍ර නිද්දාකිලමථපටිවිනොදනා වස්සසතායුකො වස්සසතජීවී වස්සසතං ගන්ත්වා අප්පත්වාව ලොකස්ස අන්තං අන්තරා කාලං කරෙය්‍ය. තං කිස්ස හෙතු? නාහං, බ්‍රාහ්මණා, එවරූපාය සන්ධාවනිකාය ලොකස්ස අන්තං ඤාතෙය්‍යං දට්ඨෙය්‍යං පත්තෙය්‍යන්ති වදාමි. න චාහං, බ්‍රාහ්මණා, අප්පත්වාව ලොකස්ස අන්තං දුක්ඛස්ස අන්තකිරියං වදාමි.
‘‘පඤ්චිමෙ, බ්‍රාහ්මණා, කාමගුණා අරියස්ස විනයෙ ලොකොති වුච්චති. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා; සොතවිඤ්ඤෙය්‍යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා; ඉමෙ ඛො, බ්‍රාහ්මණා, පඤ්ච කාමගුණා අරියස්ස විනයෙ ලොකොති වුච්චති.
‘‘ඉධ, බ්‍රාහ්මණා, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, බ්‍රාහ්මණා, ‘භික්ඛු ලොකස්ස අන්තමාගම්ම, ලොකස්ස අන්තෙ විහරති’. තමඤ්ඤෙ එවමාහංසු - ‘අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා’ති. අහම්පි හි (අහම්පි (සී. පී.)), බ්‍රාහ්මණා, එවං වදාමි - ‘අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා’’’ති.
‘‘පුන චපරං, බ්‍රාහ්මණා, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං... තතියං ඣානං... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, බ්‍රාහ්මණා, ‘භික්ඛු ලොකස්ස අන්තමාගම්ම ලොකස්ස අන්තෙ විහරති’. තමඤ්ඤෙ එවමාහංසු - ‘අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා’ති. අහම්පි හි, බ්‍රාහ්මණා, එවං වදාමි - ‘අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා’’’ති.
‘‘පුන චපරං, බ්‍රාහ්මණා, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, බ්‍රාහ්මණා, ‘භික්ඛු ලොකස්ස අන්තමාගම්ම ලොකස්ස අන්තෙ විහරති’. තමඤ්ඤෙ එවමාහංසු - ‘අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා’ති . අහම්පි හි, බ්‍රාහ්මණා, එවං වදාමි - ‘අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා’’’ති.
‘‘පුන චපරං, බ්‍රාහ්මණා, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති...පෙ.... සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති...පෙ.... සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං වුච්චති, බ්‍රාහ්මණා , ‘භික්ඛු ලොකස්ස අන්තමාගම්ම ලොකස්ස අන්තෙ විහරති’. තමඤ්ඤෙ එවමාහංසු - ‘අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා’ති. අහම්පි හි, බ්‍රාහ්මණා, එවං වදාමි - ‘අයම්පි ලොකපරියාපන්නො, අයම්පි අනිස්සටො ලොකම්හා’’’ති.
‘‘පුන චපරං, බ්‍රාහ්මණා, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. අයං වුච්චති, බ්‍රාහ්මණා, ‘භික්ඛු ලොකස්ස අන්තමාගම්ම ලොකස්ස අන්තෙ විහරති තිණ්ණො ලොකෙ විසත්තික’’’න්ති. සත්තමං.
38
“ඉක්බිත්තෙන් වනාහි, ලෝකාන්තය හදාරන්නවෙූ බ්‍රාහ්මණයෝ දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටුවියයුතු කථාද, සිහි කටයුතු කථාද, කොට නිමවා, එකත්පසෙක උන්නාහුය. එකත්පසෙක උන්නාවූ ඒ බ්‍රාහ්මණයෝ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සැළ කළාහුය.
“භවත් ගෞතමයන් වහන්ස, පූරණ කස්සප තෙමේ, සියල්ල දන්නේ, සියල් දක්නේ, හැසිරෙන්නාවූද, සිටින්නාවූද, නිදාගන්නාවූද, නිදි දුරු කරන්නාවුද, ‘මට සෑම කල්හි නිරන්තරයෙන් ඤාණ දර්‍ශනය පිහිටා සිටියේ’ යි සියල්ල දැකීම ප්‍රතිඥා කෙරෙයි. හෙතෙම මෙසේ කියයි. ‘මම අනන්තවූ ඤාණයෙන් අන්තවත්වූ ලෝකය දනිමින්, දකිමින්, වාසය කරමි’ කියායි.
“භවත් ගෞතමයන් වහන්ස, මේ නිඝණ්ඨනාත පුත්‍ර තෙමේ. සියල්ල දන්නේ, සියල් දක්නේ, හැසිරෙන්නාවූද, සිටින්නාවූද, නිදාගන්නාවූද, නිදි දුරු කරන්නාවුද, ‘මට සෑම කල්හි නිරන්තරයෙන් ඤාණ දර්‍ශනය පිහිටා සිටියේ’ යි සියල්ල දැකීම ප්‍රතිඥා කෙරෙයි. හෙතෙම මෙසේ කියයි. ‘මම අනන්තවූ ඤාණයෙන් අන්තවත්වූ ලෝකය දනිමින්, දකිමින්, වාසය කරමි’ කියායි.
“භවත් ගෞතමයන් වහන්ස, මේ ඤාණවාද දෙක අතුරෙන්, මේ එකට එක විරුද්‍ධ වාද දෙක අතුරෙන්, කවරක් නම් සත්‍යවේද, කවරක් මුසා නම් වීදැයි කියයිද?”
“බ්‍රාහ්මණවරුනි, මේ ඤාණවාද දෙක අතුරෙන්, මේ අඤ්ඤමඤ්ඤ විපච්චනික වාද දෙක අතුරෙන්, කවරක් නම් සත්‍යවේදැයි, කවරක් නම් මුසාව වේදැයි කියයිද, යන මේ කාරණය කම් නැත. මේ කාරණය තිබේවා. බ්‍රාහ්මණවරුනි, තොපට ධර්‍මය දෙසන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” ඒ බ්‍රාහ්මණයෝ, “එසේය, පිංවතුන් වහන්සේය” කියා භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“බ්‍රාහ්මණවරුනි, යම්සේ නම් උතුම් ගතියෙන්ද, ජවයෙන්ද, උතුම් පදවීතිහාරයෙන්ද යුක්තවූ සතර දිගින් පැමිණ සිටියාවූ පුරුෂයෝ සතර දෙනෙක් වන්නාහුද, දෘඪව දුනුගෙන සිටියාවූ, ධනුග්‍රාහීවූ, ශික්‍ෂිතවූ, කෘතහස්තවූ, දක්වන ලද ශිල්ප ඇත්තාවූ, ධනුර්ධරයෙක් තෙම සැහැල්ලු වූ ඊතලයකින් නිරායාසයෙන් තල්ගස් සෙවණක් යම් සේ ඉක්මවන්නේද, එවැනිවූම පදවීතිහාරයකින්ද, යම් සේ නම් පෙරදිග මුහුදින් බටහිර දිග මුහුද වේද, ඉක්බිති පෙරදිගෙහි සිටියාවූ පුරුෂයෙක් තෙම මෙසේ කියන්නේද, ‘මම පා ගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙන්නෙමි’ යි කියායි. හෙතම කෑම, පීම, කඩා කෑම, ලොවීම යන මෙයින් තොරවම, මල මූත්‍ර පහ කිරීමෙන් තොරවම, නිද්‍රා ක්ලාන්ත දුරු කිරීමෙන් තොරව, සියක් වස් ආයු ඇත්තේ, සියක් වස් ජීවත්වනසුළු වූයේ, වර්‍ෂ සියයක් මුළුල්ලෙහි ගොස්, ලෝකයාගේ කෙළවරට නොපැමිණම අතරතුර කාලක්‍රියා කරන්නේය.
“ඉක්බිති පශ්චිම දිශාවෙහි සිටි පුරුෂයා මෙසේ කියන්නේය. ‘මම පා ගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙන්නෙමි’ යි කියායි. හෙතම කෑම, පීම, කඩා කෑම, ලොවීම යන මෙයින් තොරවම, මල මූත්‍ර පහ කිරීමෙන් තොරවම, නිද්‍රා ක්ලාන්ත දුරු කිරීමෙන් තොරව, සියක් වස් ආයු ඇත්තේ, සියක් වස් ජීවත්වනසුළු වූයේ, වර්‍ෂ සියයක් මුළුල්ලෙහි ගොස්, ලෝකයාගේ කෙළවරට නොපැමිණම අතරතුර කාලක්‍රියා කරන්නේය. ඉක්බිති උත්තර දිශාවෙහි සිටි පුරුෂයා මෙසේ කියන්නේය. ‘මම පා ගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙන්නෙමි’ යි කියායි. හෙතම කෑම, පීම, කඩා කෑම, ලොවීම යන මෙයින් තොරවම, මල මූත්‍ර පහ කිරීමෙන් තොරවම, නිද්‍රා ක්ලාන්ත දුරු කිරීමෙන් තොරව, සියක් වස් ආයු ඇත්තේ, සියක් වස් ජීවත්වනසුළු වූයේ, වර්‍ෂ සියයක් මුළුල්ලෙහි ගොස්, ලෝකයාගේ කෙළවරට නොපැමිණම අතරතුර කාලක්‍රියා කරන්නේය. ඉක්බිති දක්‍ෂිණ දිශාවෙහි සිටි පුරුෂයා මෙසේ කියන්නේය. ‘මම පා ගමනින් ලෝකයාගේ කෙළවරට පැමිණෙන්නෙමි’ යි කියායි. හෙතම කෑම, පීම, කඩා කෑම, ලොවීම යන මෙයින් තොරවම, මල මූත්‍ර පහ කිරීමෙන් තොරවම, නිද්‍රා ක්ලාන්ත දුරු කිරීමෙන් තොරව, සියක් වස් ආයු ඇත්තේ, සියක් වස් ජීවත්වනසුළු වූයේ, වර්‍ෂ සියයක් මුළුල්ලෙහි ගොස්, ලෝකයාගේ කෙළවරට නොපැමිණම අතරතුර කාලක්‍රියා කරන්නේය. ඊට හේතු කවරේද? බ්‍රාහ්මණවරුනි, මම මෙබඳුවූ පා ගමනින් දුවන්නෙකුගේ ලෝකයාගේ අන්තය නොදතයුතුයයි, නොදැක්ක යුතුයයි, නොපැමිණිය යුතුයයි කියමි. බ්‍රාහ්මණවරුනි, මම ලෝකයාගේ අන්තයට නොපැමිණ, දුක් කෙළවර කරන්නේයයි නොකියමි” යි වදාළ සේක.
“බ්‍රාහ්මණවරුනි, මේ කාමතුණ පසක් ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ. කවර පසක්ද? ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමයෙන් යුක්තවු, රජනීයවූ (ඇළුම් කටයුතුවූ) චක්‍ෂුර් විඥානයෙන් දතයුතුවූ රූපයෝය, ශ්‍රොත විඥෙය්‍යවූ ශබ්දයෝය, ඝ්‍රාණයෙන් දතයුතුවූ ගන්‍ධයෝය, ජිව්හා විඥෙය්‍යවූ රසයෝය. ඉෂ්ටවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රිය ස්වරූපවූ, කාමූපසංහිතවූ, (පස්කම් ගුණයෙන් යුක්තවූ) රජනීයවූ, කායවිඥ්‍යෙයවූ ස්පර්‍ශයෝය. බ්‍රාහ්මණවරුනි, මේ පඤ්චකාමගුණයෝ ආර්‍ය්‍ය විනයෙහි ලෝකයයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණවරුනි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් තෙම කාමයන්ගෙන් වෙන්වම, ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, බ්‍රාහ්මණවරුනි, මේ භික්‍ෂුතෙම ලෝකයාගේ කෙළවරට පැමිණ, ලෝකයාගේ අන්තයෙහි වෙසේයයි කියනු ලැබේද, ඕහට අනයයෝ මෙසේ කීවාහුය. ‘මේ තෙමේද ලෝක පරියාපන්නය (ලෝකයට ඇතුළත්ය) මේ තෙමේද ලෝකයෙන් බැහැර නොකරණ ලද්දේ වේය’ යනුයි.
“බ්‍රාහ්මණවරුනි, නැවතද අනිකක් කියමි. භික්‍ෂුවක් තෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන්
“විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තුළ ප්‍රසාදය ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සිතේ එකඟකමින් උපන් ප්‍රීතිය හා සැපය ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුර්ත්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද,
“බ්‍රාහ්මණවරුනි, නැවතද අනිකක් කියමි. භික්‍ෂුවක් තෙම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්ම සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, බ්‍රාහ්මණවරුනි, මේ භික්‍ෂුව ලෝකයාගේ අන්තයට පැමිණ, ලෝකයාගේ අන්තයෙහි වෙසේද, ඕහට අන්‍යයෝ මෙසේ කීවාහුය. ‘මේ තෙමේද ලෝක පරියාපන්නය (ලෝකයට ඇතුළත්ය) මේ තෙමේද ලෝකයෙන් බැහැර නොකරණ ලද්දේ වේය’ යනුයි.
“බ්‍රාහ්මණවරුනි, නැවතද අනිකක් කියමි. භික්‍ෂුවක් තෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, බ්‍රාහ්මණවරුනි, මෙසේ සංඥා ඇත්තේම නොදනී. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම, කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසේද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේද, බ්‍රාහ්මණවරුනි, මේ භික්‍ෂු තෙමේද ලෝකයාගේ අන්තයට පැමිණ, ලෝකයාගේ අන්තයෙහි වෙසේද, ඕහට අන්‍යයෝ මෙසේ කීවාහුය. ‘මේ තෙමේද ලෝක පරියාපන්න වෙයි. මේ තෙමේ ලෝකයෙන් බැහැර නොකරණ ලද්දේ වේය’ යනුයි. බ්‍රාහ්මණවරුනි, නැවතද අනිකක් කියමි. භික්‍ෂුවක් තෙම සර්‍වප්‍රකාරෙයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්ම, සඤ්ඤාවෙදයිත නිරෝධයට පැමිණ, ඔහු විසින් ප්‍රඥාවෙන් දැක, ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලද්දාහු වෙත්ද, බ්‍රාහ්මණවරුනි, මේ භික්‍ෂුව ලෝකයෙහි විසත්තිකා නම් තෘෂ්ණාව තරණය කෙළේ, ලෝකයාගේ අන්තයට පැමිණ, ලෝකයාගේ අන්තයෙහි වෙසේයයි කියනු ලැබේ.”
8. දෙවාසුරසඞ්ගාමසුත්තං 8. දෙවාසුර සංගාම සූත්‍රය
9. නාගසුත්තං 9. ආරඤ්ඤකනාග (හෝ) ආකිඤ්ඤ විහාර සූත්‍රය
10. තපුස්සසුත්තං 10. උරුවෙලකප්ප (තපුස්ස) සූත්‍රය