ත්‍රිපිටකය
4. මහාවග්ගො 4. මහා වර්‍ගය
1. අනුපුබ්බවිහාරසුත්තං 1. අනුපුබ්බවිහාර සූත්‍රය
2. අනුපුබ්බවිහාරසමාපත්තිසුත්තං 2. අනුපුබ්බාසමාපත්ති සූත්‍රය
3. නිබ්බානසුඛසුත්තං 3. නිබ්බාණසුඛ සූත්‍රය
34
එකං සමයං ආයස්මා සාරිපුත්තො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්‍ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි - ‘‘සුඛමිදං, ආවුසො, නිබ්බානං. සුඛමිදං , ආවුසො, නිබ්බාන’’න්ති. එවං වුත්තෙ ආයස්මා උදායී ආයස්මන්තං සාරිපුත්තං එතදවොච - ‘‘කිං පනෙත්ථ, ආවුසො සාරිපුත්ත, සුඛං යදෙත්ථ නත්ථි වෙදයිත’’න්ති? ‘‘එතදෙව ඛ්වෙත්ථ, ආවුසො, සුඛං යදෙත්ථ නත්ථි වෙදයිතං. පඤ්චිමෙ, ආවුසො, කාමගුණා. කතමෙ පඤ්ච? චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා, සොතවිඤ්ඤෙය්‍යා සද්දා...පෙ.... ඝානවිඤ්ඤෙය්‍යා ගන්ධා... ජිව්හාවිඤ්ඤෙය්‍යා රසා... කායවිඤ්ඤෙය්‍යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා - ඉමෙ ඛො, ආවුසො, පඤ්ච කාමගුණා. යං ඛො, ආවුසො, ඉමෙ පඤ්ච කාමගුණෙ පටිච්ච උප්පජ්ජති සුඛං සොමනස්සං, ඉදං වුච්චතාවුසො, කාමසුඛං.
‘‘ඉධාවුසො, භික්ඛු විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ, ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වස්ස හොති ආබාධො. සෙය්‍යථාපි, ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්‍ය යාවදෙව ආබාධාය; එවමෙවස්ස තෙ කාමසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ, ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වස්ස හොති ආබාධො. සෙය්‍යථාපි, ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්‍ය යාවදෙව ආබාධාය; එවමෙවස්ස තෙ විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති . ස්වස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු පීතියා ච විරාගා...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ, ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වස්ස හොති ආබාධො. සෙය්‍යථාපි , ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්‍ය යාවදෙව ආබාධාය; එවමෙවස්ස තෙ පීතිසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සුඛස්ස ච පහානා...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ, ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො උපෙක්ඛාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වස්ස හොති ආබාධො. සෙය්‍යථාපි, ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්‍ය යාවදෙව ආබාධාය; එවමෙවස්ස තෙ උපෙක්ඛාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ, ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වස්ස හොති ආබාධො. සෙය්‍යථාපි, ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්‍ය යාවදෙව ආබාධාය; එවමෙවස්ස තෙ රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති . ස්වස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ , ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වස්ස හොති ආබාධො. සෙය්‍යථාපි, ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්‍ය යාවදෙව ආබාධාය; එවමෙවස්ස තෙ ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම, නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ, ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වස්ස හොති ආබාධො. සෙය්‍යථාපි, ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්‍ය යාවදෙව ආබාධාය; එවමෙවස්ස තෙ විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. තස්ස චෙ, ආවුසො, භික්ඛුනො ඉමිනා විහාරෙන විහරතො ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති, ස්වස්ස හොති ආබාධො. සෙය්‍යථාපි, ආවුසො, සුඛිනො දුක්ඛං උප්පජ්ජෙය්‍ය යාවදෙව ආබාධාය; එවමෙවස්ස තෙ ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති. ස්වස්ස හොති ආබාධො. යො ඛො පනාවුසො, ආබාධො දුක්ඛමෙතං වුත්තං භගවතා. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බානං.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, පඤ්ඤාය චස්ස දිස්වා ආසවා පරික්ඛීණා හොන්ති. ඉමිනාපි ඛො එතං, ආවුසො, පරියායෙන වෙදිතබ්බං යථා සුඛං නිබ්බාන’’න්ති. තතියං.
34
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම්වූ වේළුවන අරමෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට මෙසේ වදාළ සේක. “ඇවැත්නි, මේ නිවණ සැපය, ඇවැත්නි, මේ නිවණ සැපය” කියායි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් උදායී තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ කාරණය කීයේය. “ඇවැත්නි, ශාරීපුත්‍ර ස්ථවිරයෙනි, මෙහි විඳිය යුතුවූ යමක් නැත්නම් මෙහි කුමක් වේද?” කියායි.
“ඇවැත්නි, මෙහි විඳිය යුතුවූ යමක් නැත්නම් මෙහි මෙහම සැපය යනුයි. ඇවැත්නි, මේ කාම ගුනයෝ පසක් වෙති. කවර නම් පසක්ද? ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, ඇසින් දතයුතුවූ රූපයෝය, ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, කනින් දතයුතුවූ ශබ්දයෝය, ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, නහයෙන් දතයුතුවූ ගන්‍ධයෝය. ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, දිවෙන් දතයුතුවූ රසයෝය, ඉටුවූ, කාන්තවූ, මන වඩන්නාවූ, ප්‍රියවූ, ආකාර ඇත්තාවූ, කාමයෙන් යුක්තවූ, ඇලුම් කටයුතුවූ, ශරීරයෙන් දතයුතුවූ ස්පර්‍ශයෝය. ඇවැත්නි, මේ පස්කම් ගුණයෝය. මේ පස්කම් ගුණයන් නිසා යම් ඒ සුඛ සොම්නසක් උපදීද, ඇවැත්නි, මෙය කාම සැපයයි කියනු ලැබේ.
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් තෙම කාමයන්ගෙන් වෙන්වම, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, ප්‍රථම ධ්‍යානයට පැමිණ වෙසේද, ඇවැත්නි, මේ (ධ්‍යාන) විහරණයෙන් වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට කාම සහගත සංඥා මනසිකාරයෝ පැමිණෙත්ද, එය ඔහුට ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුකක් උපදින්නේ, ඒතාක් ආබාධය පිණිස පවතින්නේද, එසේම ඕහට ඒ කාම සහගත සංඥා මනසිකාරයෝ පවතිත්. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණ තෙමේ විතර්‍ක විචාරයන් සංසිඳවීමෙන් වීතීය ධ්‍යානයට පැමිණ වෙසේද, ඉදින් ඇවැත්නි, මේ ද්වීතීය ධ්‍යාන විහරණයෙන් වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට විතර්‍ක සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය ඔහුට ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේ, ඒතාක් ආබාධය පිණිස වේද, එසේම ඕහට ඒ විතර්‍ක සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“නැවතද අනිකක් කියමි. මහණෙක් තෙමේ ප්‍රීතියගේ නොඇලීමෙන්, ප්‍රීතිය සංසිඳවීමෙන්, තෘතීය ධ්‍යානයට පැමිණ වෙසේද, ඇවැත්නි, ඉදින් මේ තෘතීය ධ්‍යාන විහරණයෙන් වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, එය ඔහුට ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස වෙයි. එසේම ඕහට ඒ ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණෙක් තෙමේ සැපයාගේද ප්‍රහාණයෙන්, දුක්ඛයාගේද ප්‍රහාණයෙන්, චතුර්ථධ්‍යානයට පැමිණ වෙසේද, ඉදින් ඇවැත්නි, මේ චතුර්ත්‍ථධ්‍යාන විහරණයෙන් යුක්තව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට උපෙක්‍ෂා සහගත සංඥා මනසිකාරයෝ පවතිත්. එය ඔහුට ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස පවතින්නේය. එසේම ඕහට ඒ උපෙක්‍ෂා සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් රූපය යන සංඥාවන් ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥාවන් දුරු කිරීමෙන්, නා නා ආත්මය යන සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, ආකාසය අනන්තයයි, ආකාසානඤ්චායතනයට පැමිණ වෙසේද, ඉදින් ඇවැත්නි, මේ සමාපත්ති විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් සේ සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස පවතීද, එසේම ඕහට ඒ රූප සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම, විඤ්ඤාණය අනන්තයයි, විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසේද, ඇවැත්ති, ඉදින් මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ආකාසානඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පව තිත්ද, ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, සුවපත් වූවහුට දුක උපදින්නේද, ඒතාක් යම් සේ ආබාධය පිණිස පවතීද, එසේම ඕහට ඒ ආකාසානඤ්චායතන සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“ඇවැත්ති, නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැත්තේයයි ආකිඤ්චඤ්ඤායතනට පැමිණ වෙසේද, ඉදින් ඇවැත්නි, මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ භික්‍ෂුවකට විඤ්ඤාණාඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වේ. ඇවැත්නි, සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස යම් සේ පවතීද, එසේම ඕහට ඒ විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“ඇවැත්ති, නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ඉක්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තියට පැමිණ වෙසේද, ඇවැත්නි, ඉදින් මේ සමවත් විහරණයෙන් යුතුව වාසය කරන්නාවූ ඒ භික්‍ෂුවට ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද, ඕහට එය ආබාධයක් වේ. ඇවැත්නි, සුවපත් වූවහුට දුක් උපදින්නේද, ඒතාක් ආබාධය පිණිස යම් සේ පවතින්නේද, එසේම ඕහට ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ පවතිත්ද. ඕහට එය ආබාධයක් වෙයි. ඇවැත්නි, යම් ඒ ආබාධයක් වේද, භාග්‍යවතුන් වහන්සේ විසින් එය දුක්යයි වදාරණ ලදී. ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද නිවණ සැප වූවක් සේ දත යුතුයි.
“ඇවැත්ති, නැවතද අනිකක් කියමි. ඇවැත්නි, මහණතෙම සර්‍වප්‍රකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤාතනය ඉක්ම සඤ්ඤා වෙදයිත නිරෝධයට පැමිණ වෙසේද, ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රව පරික්‍ෂිණයෝ (කෙලෙස් නැතිකිරීම්) වෙත්ද, ඇවැත්නි, මේ ක්‍රමයෙන්ද මෙසේ නිවණ සැපවූසේ දතයුතුය” යි වදාළ සේක.
4. ගාවීඋපමාසුත්තං 4. පබ්බතෙය්‍යගාමී සූත්‍රය
5. ඣානසුත්තං 5. ඣානනිස්සයන සූත්‍රය
6. ආනන්දසුත්තං 6. ආනන්‍ද ඔකාසායිගම සූත්‍රය
7. ලොකායතිකසුත්තං 7. ලොකායතික සූත්‍රය
8. දෙවාසුරසඞ්ගාමසුත්තං 8. දෙවාසුර සංගාම සූත්‍රය
9. නාගසුත්තං 9. ආරඤ්ඤකනාග (හෝ) ආකිඤ්ඤ විහාර සූත්‍රය
10. තපුස්සසුත්තං 10. උරුවෙලකප්ප (තපුස්ස) සූත්‍රය