ත්‍රිපිටකය
3. සත්තාවාසවග්ගො 3. සත්තාවාස වර්‍ගය
1. තිඨානසුත්තං 1. උත්තරකුරු ධම්ම සූත්‍රය
2. අස්සඛළුඞ්කසුත්තං 2. ඛළුඞ්කොපම සූත්‍රය
3. තණ්හාමූලකසුත්තං 3. නවතණ්හාමූලක සූත්‍රය
4. සත්තාවාසසුත්තං 4. නවසත්තාවාස සූත්‍රය
24
(දී. නි. 3.341) ‘‘නවයිමෙ, භික්ඛවෙ, සත්තාවාසා. කතමෙ නව? සන්ති, භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි මනුස්සා, එකච්චෙ ච දෙවා, එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමො සත්තාවාසො.
‘‘සන්ති , භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියො සත්තාවාසො.
‘‘සන්ති , භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා ආභස්සරා. අයං තතියො සත්තාවාසො.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථො සත්තාවාසො.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා අසඤ්ඤිනො අප්පටිසංවෙදිනො, සෙය්‍යථාපි දෙවා අසඤ්ඤසත්තා. අයං පඤ්චමො සත්තාවාසො.
‘‘සන්ති , භික්ඛවෙ, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං ඡට්ඨො සත්තාවාසො.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං සත්තමො සත්තාවාසො.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං අට්ඨමො සත්තාවාසො.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනූපගා. අයං නවමො සත්තාවාසො. ඉමෙ ඛො, භික්ඛවෙ, නව සත්තාවාසා’’ති. චතුත්ථං.
24
“මහණෙනි, මොවුහු සත්ත්‍වයන් වසන තැන් නවයය.
“කවර නවයක්ද? මිනිසුන් මෙන්ද, ඇතැම් දෙවියන් මෙන්ද, ඇතැම් දුගතියෙහි උපන්නවුන් මෙන්ද, නානාත්ම කාය ඇති, නානාත්ම හා සංඥා ඇති, සත්ත්‍වයෝ ඇත්තාහ. මේ පළමුවෙනි සත්ත්‍වාවාසයයි. මහණෙනි, කල්පයේ පළමුව පහළවූ බ්‍රහ්මකායික දෙවියන් මෙන් නානාත්ම කාය ඇති, එක සමාන සංඥා ඇති, සත්ත්‍වයෝ ඇත්තාහුය. මෙය දෙවෙනි සත්ත්‍වාවාසයයි. මහණෙනි, ආභස්සර දෙවියන් මෙන් එක සමාන කාය ඇති, නානාත්ම සංඥා ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. මේ තුන්වෙනි සත්ත්‍වාවාසයයි. මහණෙනි, සුභකින්නක දෙවියන් මෙන් එක සමාන කායවූ, එක සමාන සඤ්ඤාවූ, සත්ත්‍වයෝ ඇත්තාහ. මේ සතරවෙනි සත්ත්‍වාවාසයයි. මහණෙනි, අසඤ්ඤසත්ත දෙවියන් මෙන් සංඥාවක් නැත්තාවූ, විඳීමක් නැත්තාවූ, සත්ත්‍වයෝ ඇත්තාහ. මේ පස්වෙනි සත්තාවාසයයි. මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් රූප හැඟීම ඉක්මවීමෙන්ද, ක්‍රොධ සිතිවිලි (දුරු කිරීමෙන්) නානාත්ම සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් “ආකාශය අනන්තයයි” ගන්නා සත්ත්‍වයෝ ඇත්තාහ. මේ සයවෙනි සත්තාවාසයයි.
“මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම විඤ්ඤාණය අනන්තයයි ගන්නා සත්ත්‍වයෝ ඇත්තාහ. මේ සත්වෙනි සත්තාවාසයයි.
“මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැත්තේයයි ගන්නා සත්ත්‍වයෝ ඇත්තාහ. මේ අටවෙනි සත්ත්‍වාවසයයි.
“මහණෙනි, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම සංඥාවක් නැත, සංඥාවක් නැත්තේ නොවේය, යන හැඟීම් ඇති සත්ත්‍වයෝ ඇත්තාහ. මේ නවවෙනි සත්තාවාසයයි.”
5. පඤ්ඤාසුත්තං 5. පරිඤ්ඤාපරිවිත සූත්‍රය
6. සිලායූපසුත්තං 6. සිලායුපොපම සූත්‍රය
7. පඨමවෙරසුත්තං 7. පඨමවෙරභය සූත්‍රය
8. දුතියවෙරසුත්තං 8. දුගතිවෙරභය සූත්‍රය
9. ආඝාතවත්ථුසුත්තං 9. ආඝාත වත්‍ථු සූත්‍රය
10. ආඝාතපටිවිනයසුත්තං 10. ආඝාත විනය සූත්‍රය
11. අනුපුබ්බනිරොධසුත්තං 11. අනුපුබ්බ නිරෝධ සූත්‍රය