ත්‍රිපිටකය
3. සත්තාවාසවග්ගො 3. සත්තාවාස වර්‍ගය
1. තිඨානසුත්තං 1. උත්තරකුරු ධම්ම සූත්‍රය
21
‘‘තීහි , භික්ඛවෙ, ඨානෙහි උත්තරකුරුකා මනුස්සා දෙවෙ ච තාවතිංසෙ අධිග්ගණ්හන්ති ජම්බුදීපකෙ ච මනුස්සෙ. කතමෙහි තීහි? අමමා, අපරිග්ගහා, නියතායුකා, විසෙසගුණා (විසෙසභුනො (සී. ස්‍යා. පී.)) - ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ඨානෙහි උත්තරකුරුකා මනුස්සා දෙවෙ ච තාවතිංසෙ අධිග්ගණ්හන්ති ජම්බුදීපකෙ ච මනුස්සෙ.
‘‘තීහි, භික්ඛවෙ, ඨානෙහි දෙවා තාවතිංසා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිග්ගණ්හන්ති ජම්බුදීපකෙ ච මනුස්සෙ. කතමෙහි තීහි? දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන - ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ඨානෙහි දෙවා තාවතිංසා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිග්ගණ්හන්ති ජම්බුදීපකෙ ච මනුස්සෙ.
(කථා. 271) ‘‘තීහි, භික්ඛවෙ, ඨානෙහි ජම්බුදීපකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිග්ගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙ. කතමෙහි තීහි? සූරා, සතිමන්තො, ඉධ බ්‍රහ්මචරියවාසො - ඉමෙහි ඛො, භික්ඛවෙ, තීහි ඨානෙහි ජම්බුදීපකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිග්ගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙ’’ති. පඨමං.
21
“මහණෙනි, කරුණු තුනකින් උතුරුකුරුදිව් වැසි මනුෂ්‍යයෝ තව්තිසා වැසි දෙවියන්ද, ජම්බුවීපික මනුෂ්‍යයන්ද අබිබවා පවතිත්.
“කවර නම් තුණකින්ද යත්? පහව ගිය තෘෂ්ණාවෙන්ද, නොහොත් නිදුකින්ද, (මේ මගේයයි) අයිතියක් නොකිරීමෙන්ද, විශේෂවු නියත ආයුෂ විඳීමෙන්ද, යන මේ තුණෙකි. මහණෙනි, කරුණු තුනකින් උතුරුකුරුදිව් වැසි මනුෂ්‍යයෝ තව්තිසා වැසි දෙවියන්ද, ජම්බුවීපික මනුෂ්‍යයන්ද අබිබවා පවතිත්.
“මහණෙනි, කරුණු තුනකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ද, දඹදිවු වැසි මිනිසුන්ද අභිභවනය කෙරෙත්.
“කවර නම් තුනකින්ද යත්? දිව්‍යමය ආයුෂයෙන්ද, දිව්‍යමය වර්‍ණයෙන්ද, දිව්‍යමය සැපයෙන්ද යන මේ තුණෙනි. මහණෙනි, කරුණු තුනකින් තව්තිසා වැසි දෙවියෝ උතුරුකුරු දිවයින් වැසි මිනිසුන්ද, දඹදිවු වැසි මිනිසුන්ද අභිභවනය කෙරෙත්.
“මහණෙනි, කරුණු තුනකින් දඹදිවු වැසි මනුෂ්‍යයෝ උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ද, තව්තිසා වැසි දෙවියන්ද අභිභවනය කෙරෙත්.
“කවර තුනකින්ද යත්? සූරයෝය, සතිමත්හුය, මෙහි (දඹදිවෙහි) බ්‍රහ්මචරිය වාසය යන මේ තුනයි. මහණෙනි, කරුණු තුනකින් දඹදිවු වැසි මනුෂ්‍යයෝ උතුරුකුරු දිවයින් වැසි මනුෂ්‍යයන්ද, තව්තිසා වැසි දෙවියන්ද අභිභවනය කෙරෙත්.
2. අස්සඛළුඞ්කසුත්තං 2. ඛළුඞ්කොපම සූත්‍රය
3. තණ්හාමූලකසුත්තං 3. නවතණ්හාමූලක සූත්‍රය
4. සත්තාවාසසුත්තං 4. නවසත්තාවාස සූත්‍රය
5. පඤ්ඤාසුත්තං 5. පරිඤ්ඤාපරිවිත සූත්‍රය
6. සිලායූපසුත්තං 6. සිලායුපොපම සූත්‍රය
7. පඨමවෙරසුත්තං 7. පඨමවෙරභය සූත්‍රය
8. දුතියවෙරසුත්තං 8. දුගතිවෙරභය සූත්‍රය
9. ආඝාතවත්ථුසුත්තං 9. ආඝාත වත්‍ථු සූත්‍රය
10. ආඝාතපටිවිනයසුත්තං 10. ආඝාත විනය සූත්‍රය
11. අනුපුබ්බනිරොධසුත්තං 11. අනුපුබ්බ නිරෝධ සූත්‍රය