ත්‍රිපිටකය
2. සීහනාදවග්ගො 2. සීහනාද වර්‍ගය
1. සීහනාදසුත්තං 1. සාරීපුත්ත සීහනාද සූත්‍රය
2. සඋපාදිසෙසසුත්තං 2. සඋපාදිසෙස සූත්‍රය
3. කොට්ඨිකසුත්තං 3. කොට්ඨිත - ශාරීපුත්ත සූත්‍රය
4. සමිද්ධිසුත්තං 4. සමිද්‍ධි සාරීපුත්ත සූත්‍රය
5. ගණ්ඩසුත්තං 5. ගණ්ඩොපම සූත්‍රය
6. සඤ්ඤාසුත්තං 6. නවසඤ්ඤා සූත්‍රය
7. කුලසුත්තං 7. නවඞ්ගකුල සූත්‍රය
8. නවඞ්ගුපොසථසුත්තං 8. නවඞ්ගුපොසථසුත්තං
9. දෙවතාසුත්තං 9. පච්ඡානුතාපීනී සූත්‍රය
10. වෙලාමසුත්තං 10. වෙලාම සූත්‍රය
20
එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච -
‘‘අපි නු තෙ, ගහපති, කුලෙ දානං දීයතී’’ති? ‘‘දීයති මෙ, භන්තෙ, කුලෙ දානං; තඤ්ච ඛො ලූඛං කණාජකං බිළඞ්ගදුතිය’’න්ති. ‘‘ලූඛඤ්චෙපි (ලූඛං වාපි (ස්‍යා.), ලූඛඤ්චාපි (ක.)), ගහපති, දානං දෙති පණීතං වා; තඤ්ච අසක්කච්චං දෙති, අචිත්තීකත්වා (අචිත්තිං කත්වා (ක.), අපචිත්තිං කත්වා (ස්‍යා.), අචිත්තිකත්වා (පී.)) දෙති, අසහත්ථා දෙති, අපවිද්ධං (අපවිට්ඨං (ස්‍යා.)) දෙති, අනාගමනදිට්ඨිකො දෙති. යත්ථ යත්ථ තස්ස තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, න උළාරාය භත්තභොගාය චිත්තං නමති, න උළාරාය වත්ථභොගාය චිත්තං නමති, න උළාරාය යානභොගාය චිත්තං නමති, න උළාරෙසු පඤ්චසු කාමගුණෙසු භොගාය චිත්තං නමති. යෙපිස්ස තෙ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි න සුස්සූසන්ති න සොතං ඔදහන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. තං කිස්ස හෙතු? එවඤ්හෙතං (එවඤ්චෙතං (ස්‍යා. ක.)), ගහපති, හොති අසක්කච්චං කතානං කම්මානං විපාකො’’.
‘‘ලූඛඤ්චෙපි, ගහපති, දානං දෙති පණීතං වා; තඤ්ච සක්කච්චං දෙති, චිත්තීකත්වා දෙති, සහත්ථා දෙති, අනපවිද්ධං දෙති, ආගමනදිට්ඨිකො දෙති. යත්ථ යත්ථ තස්ස තස්ස දානස්ස විපාකො නිබ්බත්තති, උළාරාය භත්තභොගාය චිත්තං නමති, උළාරාය වත්ථභොගාය චිත්තං නමති, උළාරාය යානභොගාය චිත්තං නමති, උළාරෙසු පඤ්චසු කාමගුණෙසු භොගාය චිත්තං නමති. යෙපිස්ස තෙ හොන්ති පුත්තාති වා දාරාති වා දාසාති වා පෙස්සාති වා කම්මකරාති වා, තෙපි සුස්සූසන්ති සොතං ඔදහන්ති අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති. තං කිස්ස හෙතු? එවඤ්හෙතං, ගහපති, හොති සක්කච්චං කතානං කම්මානං විපාකො.
‘‘භූතපුබ්බං, ගහපති, වෙලාමො නාම බ්‍රාහ්මණො අහොසි. සො එවරූපං දානං අදාසි මහාදානං. චතුරාසීති සුවණ්ණපාතිසහස්සානි අදාසි රූපියපූරානි , චතුරාසීති රූපියපාතිසහස්සානි අදාසි සුවණ්ණපූරානි, චතුරාසීති කංසපාතිසහස්සානි අදාසි හිරඤ්ඤපූරානි , චතුරාසීති හත්ථිසහස්සානි අදාසි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලප්පටිච්ඡන්නානි (හෙමජාලසඤ්ඡන්නානි (සී. පී.)), චතුරාසීති රථසහස්සානි අදාසි සීහචම්මපරිවාරානි බ්‍යග්ඝචම්මපරිවාරානි දීපිචම්මපරිවාරානි පණ්ඩුකම්බලපරිවාරානි සොවණ්ණාලඞ්කාරානි සොවණ්ණධජානි හෙමජාලප්පටිච්ඡන්නානි, චතුරාසීති ධෙනුසහස්සානි අදාසි දුකූලසන්ධනානි (දුකූලසන්දස්සනානි (සී.), දුකූලසණ්ඨනානි (ස්‍යා.), දුකූලසන්ථනානි (පී.), දුහසන්දනානි (දී. නි. 2.263), දුකූලසන්දනානි (තත්ථ පාඨන්තරං)) කංසූපධාරණානි, චතුරාසීති කඤ්ඤාසහස්සානි අදාසි ආමුත්තමණිකුණ්ඩලායො (ආමුක්කමණිකුණ්ඩලායො (?)), චතුරාසීති පල්ලඞ්කසහස්සානි අදාසි ගොනකත්ථතානි පටිකත්ථතානි පටලිකත්ථතානි කදලිමිගපවරපච්චත්ථරණානි සඋත්තරච්ඡදානි උභතොලොහිතකූපධානානි, චතුරාසීති වත්ථකොටිසහස්සානි අදාසි ඛොමසුඛුමානං කොසෙය්‍යසුඛුමානං කම්බලසුඛුමානං කප්පාසිකසුඛුමානං, කො පන වාදො අන්නස්ස පානස්ස ඛජ්ජස්ස භොජ්ජස්ස ලෙය්‍යස්ස පෙය්‍යස්ස, නජ්ජො මඤ්ඤෙ විස්සන්දන්ති (විස්සන්දති (සී. පී.)).
‘‘සියා ඛො පන තෙ, ගහපති, එවමස්ස - ‘අඤ්ඤො නූන තෙන සමයෙන වෙලාමො බ්‍රාහ්මණො අහොසි, සො (යො (?)) තං දානං අදාසි මහාදාන’න්ති. න ඛො පනෙතං, ගහපති, එවං දට්ඨබ්බං. අහං තෙන සමයෙන වෙලාමො බ්‍රාහ්මණො අහොසිං. අහං තං දානං අදාසිං මහාදානං. තස්මිං ඛො පන, ගහපති, දානෙ න කොචි දක්ඛිණෙය්‍යො අහොසි, න තං කොචි දක්ඛිණං විසොධෙති.
‘‘යං, ගහපති, වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං, යො චෙකං දිට්ඨිසම්පන්නං භොජෙය්‍ය, ඉදං තතො මහප්ඵලතරං.
( ) ((යඤ්ච ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං) (සී. පී.)) ‘‘යො ච සතං දිට්ඨිසම්පන්නානං භොජෙය්‍ය, යො චෙකං සකදාගාමිං භොජෙය්‍ය, ඉදං තතො මහප්ඵලතරං.
( ) ((යඤ්ච ගහපති වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං) (සී. පී.)) ‘‘යො ච සතං සකදාගාමීනං භොජෙය්‍ය, යො චෙකං අනාගාමිං භොජෙය්‍ය...පෙ.... යො ච සතං අනාගාමීනං භොජෙය්‍ය, යො චෙකං අරහන්තං භොජෙය්‍ය... යො ච සතං අරහන්තානං භොජෙය්‍ය, යො චෙකං පච්චෙකබුද්ධං භොජෙය්‍ය ... යො ච සතං පච්චෙකබුද්ධානං භොජෙය්‍ය, යො ච තථාගතං අරහන්තං සම්මාසම්බුද්ධං භොජෙය්‍ය... යො ච බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං භොජෙය්‍ය... යො ච චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස විහාරං කාරාපෙය්‍ය... යො ච පසන්නචිත්තො බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගච්ඡෙය්‍ය... යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්‍ය - පාණාතිපාතා වෙරමණිං, අදින්නාදානා වෙරමණිං, කාමෙසුමිච්ඡාචාරා වෙරමණිං, මුසාවාදා වෙරමණිං, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණිං, යො ච අන්තමසො ගන්ධොහනමත්තම්පි (ගන්ධූහනමත්තම්පි (සී.), ගද්දූහනමත්තම්පි (ස්‍යා. පී.) ම. නි. 3.211) මෙත්තචිත්තං භාවෙය්‍ය, ( ) ((යො ච අච්ඡරාසඞ්ඝාතමත්තම්පි අනිච්චසඤ්ඤං භාවෙය්‍ය) (ක.)) ඉදං තතො මහප්ඵලතරං.
‘‘යඤ්ච, ගහපති, වෙලාමො බ්‍රාහ්මණො දානං අදාසි මහාදානං, යො චෙකං දිට්ඨිසම්පන්නං භොජෙය්‍ය... යො ච සතං දිට්ඨිසම්පන්නානං භොජෙය්‍ය, යො චෙකං සකදාගාමිං භොජෙය්‍ය... යො ච සතං සකදාගාමීනං භොජෙය්‍ය, යො චෙකං අනාගාමිං භොජෙය්‍ය... යො ච සතං අනාගාමීනං භොජෙය්‍ය, යො චෙකං අරහන්තං භොජෙය්‍ය... යො ච සතං අරහන්තානං භොජෙය්‍ය, යො චෙකං පච්චෙකබුද්ධං භොජෙය්‍ය... යො ච සතං පච්චෙකබුද්ධානං භොජෙය්‍ය, යො ච තථාගතං අරහන්තං සම්මාසම්බුද්ධං භොජෙය්‍ය... යො ච බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං භොජෙය්‍ය, යො ච චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස විහාරං කාරාපෙය්‍ය... යො ච පසන්නචිත්තො බුද්ධඤ්ච ධම්මඤ්ච සඞ්ඝඤ්ච සරණං ගච්ඡෙය්‍ය, යො ච පසන්නචිත්තො සික්ඛාපදානි සමාදියෙය්‍ය - පාණාතිපාතා වෙරමණිං... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා වෙරමණිං, යො ච අන්තමසො ගන්ධොහනමත්තම්පි මෙත්තචිත්තං භාවෙය්‍ය , යො ච අච්ඡරාසඞ්ඝාතමත්තම්පි අනිච්චසඤ්ඤං භාවෙය්‍ය, ඉදං තතො මහප්ඵලතර’’න්ති. දසමං.
20
“ඉක්බිති, අනේපිඬු ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙ උන්නාවූ, අනේපිඬු ගෘහපතියන්ට, භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“ගෘහපතිය, තොපගේ කුලයෙහි (ගෙදර) දන් දෙනු ලැබේද?” “ස්වාමීන් වහන්ස, මා විසින් කුලයෙහි දන් දෙනු ලැබෙති. හෙද වනාහි, කාඩි දෙවෙනි කොට ඇති, කුඩු හාලේ බත්ය.” “ගෘහපතිය, රූක්‍ෂව (කටුකව) හෝ දානය දෙයිද, ප්‍රණීතව හෝ දෙයිද, එය නොසකස්කොට දෙයිද, අචිත්තීකෘතව (අගෞරවයෙන්) දෙයිද, සියතින් නොදෙයිද, (ඇණවීමෙන්) දෙයිද, අහක දමන ලද්දක් මෙන් දෙයිද, කම්පල නොඅදහා දෙයිද, යම් යම් තැනක ඒ දානයාගේ විපාකය නිපදවයිද, (එසේ කල්හි) උදාරවූ බොජුන් වැළඳීම පිණිස සිත නොනැමෙයි. උදාරවූ වස්ත්‍ර පරිභෝගය පිණිස සිත නොනැමෙයි. උදාරවූ යාන පරිභෝගය පිණිස සිත නොනැමෙයි. උදාරවූ පස්කම් පරිභෝගය පිණිස සිත නොනැමෙයි. ඔහුගේ යම් ඒ පුත්‍රයෝ හෝ වෙත්ද, අඹුවෝ හෝ වෙත්ද, දාසයෝ හෝ වෙත්ද, මෙහෙකරුවෝ හෝ වෙත්ද, කම්කරුවෝ හෝ වෙත්ද, ඔවුහුද (කියන වදන්) නොඅසත් නොහොත් කීකරු නොවෙත්. (දැනගැනීම පිණිස) කන් යොමා නොසිටිත්. දැන ගැනීම පිණිස සිත පිහිටුවා නොතබත්. ඊට හේතු කවරේද? ගෘහපතිය, මෙසේ මෙය වනාහි, නොසකස් කොට කරණ ලද කර්‍මයන්ගේ විපාකය වෙයි.
“ගෘහපතිය, රූක්‍ෂව (කටුකව) හෝ දන් දෙයිද, ප්‍රණීතව හෝ දෙයිද, සකස්කොට දෙයිද, චිත්තීකෘතව ගෞරවයෙන් දෙයිද, සියතින් දෙයිද, අහක දමන ලද්දක් සේ නොදෙයිද, කම්පල අදහා දෙයිද, යම් යම් තැනක ඒ ඒ දානයාගේ විපාකය නිපදීද, උදාරවූ බොජුන් වැළඳීම පිණිස සිත (එසේ කල්හි) උදාරවූ යාන පරිභෝගය පිණිස නැමෙයි. උදාරවූ පස්කම් පරිභෝගය පිණිස නැමෙයි. උදාරවූ වස්ත්‍ර පරිභෝගය පිණිස, සිත නැමෙයි. ඔහුගේ යම් ඒ පුත්‍රයෝ හෝ වෙත්ද, දාරයෝ (අඹුවෝ) හෝ වෙත්ද, දාසයෝ හෝ වෙත්ද, මෙහෙකරුවෝ හෝ වෙත්ද, කම්කරුවෝ හෝ වෙත්ද, ඔවුහුද කීකරු වෙත්. කන් යොමා තබත්. දැන ගැනීම පිණිස සිත එළවා තබත්. ඊට හේතු කවරේද? ගෘහපතිය, මෙසේ මෙය වනාහි, සකස් කොට කරණ ලද කර්‍මයන්ගේ විපාකය වෙයි.”
“එකල්හි පෙර වේලාම නම් බ්‍රාහ්මණයෙක් විය. හෙතෙම මෙබඳුවූ මහත් දානයක් දුන්නේය. රිදියෙන් පිරුණු රන්තලි අසූහාර දාහක් දුන්නේය. රනින් පිරුණු රිදීතලි අසූහාර දාහක් දුන්නේය. අමුරන් පිරුණු කස්තලි අසූහාර දාහක් දුන්නේය. ස්වර්‍ණාලංකාර ඇති, ස්වර්‍ණද්වජ ඇති, රන් දැලින් ගැවසුනාවූ ඇතුන් අසූ හාර දාහක් දුන්නේය. සිංහ සම් පිරිවරණ ලද, ව්‍යාඝ්‍ර සමින් පිරවරණ ලද, (අවුරණ ලද) දිවිසමින් අවුරණ ලද, පඬුවන් කම්බිලිවලින් අවුරණ ලද, රුවනින් අලංකාර කරණ ලද, ස්වර්‍ණධජ ඇති, රන් දැලින් ගැවසී ගත්තාවූ, සුවාසූ දහස් රථ දුන්නේය. දුහුල් සංදර්‍ශන ඇති, රිදීමය කිරි බඳුන් ඇති, සුවාසූ දහසක් දෙනුන් දුන්නේය. පැළඳගත් මිණි කොඬොල් ඇති, සුවාසූ දහසක් කන්‍යාවන් දුන්නේය. කොඳු පලසින් අතුරණ ලද්දාවූද, මෘදු සුදු එළු ලොම් ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, ඝනපුප් ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, කෙහෙල් මුවන්ගේ සමින් කරණ ලද, උතුම්වූ පසතුරුණින් අතුරණ ලද, උඩුවියන් සහිතවූ, දෙපසින් තබන ලද රතු කොට්ට ඇති, සුවාසූ දහසක් පර්‍ය්‍යඞ්කයන් දුන්නේය. සියුම් කොමුය, සියුම් කෝසෙය්යය, සියුම් කම්බිලිය, සියුම් කපුය, යන මොවුන් පිළිබඳ වස්ත්‍ර කෝටිසහස්‍ර යන් දුන්නේය. ආහාරය, පානවර්‍ගය, ඛාදයය, භොජ්‍යය, ලෙය්‍යය, පෙය්‍යය, යන මොවුන් ගැන කියනුම කවරේද? (එය) ගලා බසින්නාවූ ගඟක් මෙන් හඟිම්ය යනුයි.
“ගෘහපතිය, තට ඔහු පිළිබඳ මෙවැනි අදහසක් වන්නේය. (එනම්) ‘ඒ කාලයෙහි ඒකාන්තයෙක් වේලාම බ්‍රාහ්මණයා අනිකෙක් වූයේය කියායි. හෙතෙම ඒ මහා දානය දුන්නේය’ යි. ගෘහපතිය, මේ කාරණය මෙසේ නොදත යුතුය. මම ඒ කාලයෙහි වේලාම බ්‍රාහ්මණයා වීමි. මම ඒ මහා දානය දුන්නෙමි. ගෘහපතිය, ඒ දානයෙහි වනාහි කිසියම් දක්‍ෂිණාර්‍හයෙක් නොවූයේය. කිසිවෙක් ඒ දක්‍ෂිණාව විශොධනය, (පිරිසිදු බව) නොකරයි.
“ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක දෘෂ්ටිසම්පන්නයෙක් (සෝවාන්වූවෙකු) වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් දෘෂ්ටිසම්පන්න (සෝවාන්) පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් රහතුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් තථාගතවූ, අර්‍හත්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් බුද්‍ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සතර දිගින් වඩින සංඝයා උදෙසා විහාරයක් කරවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමකේ පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්‍මයද, සංඝයාද, සරණකොට යන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන ශික්‍ෂා පදයන් සමාදන් වන්නේ, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් දෑඟුලෙන් ගෙන ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, මෙය එයට වඩා මහත් ඵලතරය.
“ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක් සෝවාන් පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සියගනන් සෝවාන් පුද්ගලයන් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සිය ගණන් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සිය ගණන් රහත් පුද්ගලයන් වළඳවන්නේද, යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් තථාගතවූ, අර්‍හත්වූ සම්බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් බුදු පාමොක් බික් සඟන වළඳවන්නේද, යමෙක් සිවු දිගින් වඩින මහා සංඝයා වහන්සේ උදෙසා විහාරයක් කරවන්නේද, යමෙක් පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්‍මයද, සංඝයාද, සරණකොට යන්නේද, යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන යන මේ සික පද සමාදන් වන්නේද, යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, යමෙක් අසුරු සණක් ගසන පමණ කාලයකුදු අනිත්‍ය සංඥාව වඩන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේයයි වදාළ සේක.”