ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
නවකනිපාතපාළි නවක නිපාතය
1. සම්බොධිවග්ගො 1. සම්බොධි වර්‍ගය
1. සම්බොධිසුත්තං 1. සම්බොධි පක්ඛික සූත්‍රය
2. නිස්සයසුත්තං 2. නිස්සයසම්පන්න සූත්‍රය
3. මෙඝියසුත්තං 3. මෙඝිය සූත්‍රය
4. නන්දකසුත්තං 4. නන්‍දකසම්පන්න සූත්‍රය
5. බලසුත්තං 5. බලසඞ්ගහවත්‍ථු සූත්‍රය
5
‘‘චත්තාරිමානි, භික්ඛවෙ, බලානි. කතමානි චත්තාරි? පඤ්ඤාබලං, වීරියබලං, අනවජ්ජබලං, සඞ්ගාහබලං. කතමඤ්ච, භික්ඛවෙ, පඤ්ඤාබලං? යෙ ධම්මා කුසලා කුසලසඞ්ඛාතා යෙ ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා යෙ ධම්මා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා යෙ ධම්මා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා යෙ ධම්මා කණ්හා කණ්හසඞ්ඛාතා යෙ ධම්මා සුක්කා සුක්කසඞ්ඛාතා යෙ ධම්මා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා යෙ ධම්මා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා යෙ ධම්මා නාලමරියා නාලමරියසඞ්ඛාතා යෙ ධම්මා අලමරියා අලමරියසඞ්ඛාතා, ත්‍යාස්ස ධම්මා පඤ්ඤාය වොදිට්ඨා හොන්ති වොචරිතා. ඉදං වුච්චති, භික්ඛවෙ, පඤ්ඤාබලං.
‘‘කතමඤ්ච , භික්ඛවෙ, වීරියබලං? යෙ ධම්මා අකුසලා අකුසලසඞ්ඛාතා යෙ ධම්මා සාවජ්ජා සාවජ්ජසඞ්ඛාතා යෙ ධම්මා කණ්හා කණ්හසඞ්ඛාතා යෙ ධම්මා අසෙවිතබ්බා අසෙවිතබ්බසඞ්ඛාතා යෙ ධම්මා නාලමරියා නාලමරියසඞ්ඛාතා, තෙසං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. යෙ ධම්මා කුසලා කුසලසඞ්ඛාතා යෙ ධම්මා අනවජ්ජා අනවජ්ජසඞ්ඛාතා යෙ ධම්මා සුක්කා සුක්කසඞ්ඛාතා යෙ ධම්මා සෙවිතබ්බා සෙවිතබ්බසඞ්ඛාතා යෙ ධම්මා අලමරියා අලමරියසඞ්ඛාතා, තෙසං ධම්මානං පටිලාභාය ඡන්දං ජනෙති වායමති වීරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති, භික්ඛවෙ, වීරියබලං.
‘‘කතමඤ්ච, භික්ඛවෙ, අනවජ්ජබලං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො අනවජ්ජෙන කායකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන වචීකම්මෙන සමන්නාගතො හොති, අනවජ්ජෙන මනොකම්මෙන සමන්නාගතො හොති. ඉදං වුච්චති, භික්ඛවෙ, අනවජ්ජබලං.
‘‘කතමඤ්ච , භික්ඛවෙ, සඞ්ගාහබලං? චත්තාරිමානි, භික්ඛවෙ, සඞ්ගහවත්ථූනි - දානං, පෙය්‍යවජ්ජං, අත්ථචරියා, සමානත්තතා. එතදග්ගං, භික්ඛවෙ, දානානං යදිදං ධම්මදානං. එතදග්ගං, භික්ඛවෙ, පෙය්‍යවජ්ජානං යදිදං අත්ථිකස්ස ඔහිතසොතස්ස පුනප්පුනං ධම්මං දෙසෙති. එතදග්ගං, භික්ඛවෙ, අත්ථචරියානං යදිදං අස්සද්ධං සද්ධාසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති, දුස්සීලං සීලසම්පදාය... පෙ.... මච්ඡරිං චාගසම්පදාය...පෙ.... දුප්පඤ්ඤං පඤ්ඤාසම්පදාය සමාදපෙති නිවෙසෙති පතිට්ඨාපෙති. එතදග්ගං, භික්ඛවෙ, සමානත්තතානං යදිදං සොතාපන්නො සොතාපන්නස්ස සමානත්තො, සකදාගාමී සකදාගාමිස්ස සමානත්තො, අනාගාමී අනාගාමිස්ස සමානත්තො, අරහා අරහතො සමානත්තො. ඉදං වුච්චති, භික්ඛවෙ, සඞ්ගාහබලං. ඉමානි ඛො, භික්ඛවෙ, චත්තාරි බලානි.
‘‘ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි බලෙහි සමන්නාගතො අරියසාවකො පඤ්ච භයානි සමතික්කන්තො හොති. කතමානි පඤ්ච? ආජීවිකභයං, අසිලොකභයං, පරිසසාරජ්ජභයං, මරණභයං , දුග්ගතිභයං. ස ඛො සො, භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘නාහං ආජීවිකභයස්ස භායාමි. කිස්සාහං ආජීවිකභයස්ස භායිස්සාමි? අත්ථි මෙ චත්තාරි බලානි - පඤ්ඤාබලං, වීරියබලං, අනවජ්ජබලං, සඞ්ගාහබලං. දුප්පඤ්ඤො ඛො ආජීවිකභයස්ස භායෙය්‍ය. කුසීතො ආජීවිකභයස්ස භායෙය්‍ය. සාවජ්ජකායකම්මන්තවචීකම්මන්තමනොකම්මන්තො ආජීවිකභයස්ස භායෙය්‍ය. අසඞ්ගාහකො ආජීවිකභයස්ස භායෙය්‍ය. නාහං අසිලොකභයස්ස භායාමි...පෙ.... නාහං පරිසසාරජ්ජභයස්ස භායාමි...පෙ.... නාහං මරණභයස්ස භායාමි...පෙ.... නාහං දුග්ගතිභයස්ස භායාමි. කිස්සාහං දුග්ගතිභයස්ස භායිස්සාමි? අත්ථි මෙ චත්තාරි බලානි - පඤ්ඤාබලං, වීරියබලං, අනවජ්ජබලං, සඞ්ගාහබලං. දුප්පඤ්ඤො ඛො දුග්ගතිභයස්ස භායෙය්‍ය. කුසීතො දුග්ගතිභයස්ස භායෙය්‍ය. සාවජ්ජකායකම්මන්තවචීකම්මන්තමනොකම්මන්තො දුග්ගතිභයස්ස භායෙය්‍ය. අසඞ්ගාහකො දුග්ගතිභයස්ස භායෙය්‍ය. ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි බලෙහි සමන්නාගතො අරියසාවකො ඉමානි පඤ්ච භයානි සමතික්කන්තො හොතී’’ති. පඤ්චමං.
5
“මහණෙනි, මේ බල සතර දෙනෙකි. කවර සතරක්ද? පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සඞ්ගහ බලය යන සතරයි.
“මහණෙනි, පඤ්ඤා බලය කවරිද? අකුසල්වූ, අකුසල නම් වූ, යම් ධර්ම කෙනෙක් වෙත්ද? කුසල්වූ, කුසල නම් මේ ධර්ම කෙනෙක් වෙත්ද, සාවද්‍ය (වැරදි සහිත) සාවද්‍ය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අනවද්‍ය (වැරදි නැති) අනවද්‍ය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, කණ (කලු) කණ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සුක්ක (සුදු) සුක්ක නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අසෙවිතබ්බ (සේවනය නොකළ යුතු) අසෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සෙවිතබ්බ (සේවනය කළ යුතු) සෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, නාලමරිය (ආර්‍ය්‍යභාවය කිරීමට සුදුසු බවක් නැති) නාලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අලමරිය (ආර්‍ය්‍යභාවය කිරීමට සුදුසු බවක් ඇති) අලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයෝ ඔහුගේ ප්‍රඥාවෙන් දක්නා ලද්දාහු වෙත්ද, පුරුදු කරණ ලද්දාහු වෙත්ද, මහණෙනි, මේ පඤ්ඤා බලයයයි කියනු ලැබේ.
“මහණෙනි, විරිය බලය කවරේද? අකුසල්වූ, අකුසල නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සාවජ්ජ (වැරදි සහිත) සාවජ්ජ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, කණ්හ (කලු) කණ්හ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අසෙවිතබ්බ (සේවනය නොකළ යුතු) අසෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, නාලමරිය (ආර්‍ය්‍යභාවයක් කිරීමට සමත් නොවූ) නාලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයන්ගේ නැති කිරීම පිණිස කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත දැඩි කොට ගනීද, පධන් වීර්‍ය්‍යය කරයිද, කුසල්වූ කුසල නම් යම් ධර්ම කෙණෙක් වෙත්ද, අනවජ්ජ (වැරදි නැති) අනවජ්ජ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සුක්ක (සුදු) සුක්ක නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, සෙවිතබ්බ (සෙවනය කළ යුතු) සෙවිතබ්බ නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, අලමරිය (ආර්‍ය්‍ය භාවය කිරිමට සමත්) අලමරිය නම් යම් ධර්ම කෙනෙක් වෙත්ද, ඒ ධර්මයන්ගේ ලැබීම පිණිස, කැමැත්ත උපදවයිද, ව්‍යායාම් කරයිද, වීර්‍ය්‍යය පටන් ගනීද, සිත දැඩි කොට ගනීද, පධන් වීර්‍ය්‍යය කරයිද, මහණෙනි, මේ වීර්‍ය්‍ය බලයයි.
“මහණෙනි, අනවජ්ජ බලය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි අරිය සාවක තෙම නිවැරැදි කාය කර්මයෙන් යුක්ත වෙයිද, නිවැරැදි වාක් කර්මයෙන් යුක්ත වෙයිද, නිවැරැදි මනො කර්මයෙන් යුක්ත වෙයිද, මහණෙනි, මේ අනවජ්ජ බලයයයි කියනු ලැබේ.
“මහණෙනි, සංගහ බලය කවරේද? මහණෙනි, මේ සංගහ වත්‍ථු සතරකි. දානය, ප්‍රිය වචන කීමය, අත්‍ථචරියාය, සමානත්තතා (යන සතරය.) මහණෙනි, දානයන් අතුරෙන් යම් මේ ධර්ම දානයක් වෙයිද, එය අග්‍රයි. මහණෙනි, ප්‍රිය වචන කීම් අතුරෙන් ප්‍රයෝජනය ඇති කන් මෙහෙයවන්නෙකුට දහම් දෙසයිද, මෙය අග්‍රයි. මහණෙනි, අත්‍ථචරියාවන් අතුරෙන් යම් මේ සැදැහැත්තෙකු සද්‍ධා සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, දුසිල් වූවෙකු සිල් සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, මසුරෙකු චාග සම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, නුවණැත්තෙකු පඤ්ඤාසම්පදාවෙහි සමාදන් කරවාද, යොදවාද, පිහිටුවාද, මෙය අග්‍රයි. මහණෙනි, සමානත්තතාවන් අතුරෙන් යම්තම් සෝතාපන්නයෙක් සෝතාපන්නයෙකුට සමානත්තවේද, සකදාගාමියෙක් සකදාගාමියෙකුට සමානත්තවේද, අනාගාමියෙක් අනාගාමියෙකුට සමානත්තවේද, රහත් පුද්ගලයෙක් රහත් පුද්ගලයෙකුට සමානත්තවේද, මෙය අග්‍රයි. මහණෙනි, මේ සංගහ බලයයි. මහණෙනි, මේ බල සතර දෙන වෙත්.
“මහණෙනි, මේ සතර බලයන්ගෙන් යුත් අරියසාවක තෙම බිය පසක් ඉක්මවූයේ වෙයි. ඒ බිය පස කවරහුද? ආජීවික භය, අසිලෝක භය, පරිසසාරජ්ජ භය, මරණ භය, දුගති භය (යන පසයි.)
“මහණෙනි, ඒ අරියසාවක තෙම මෙසේ කල්පනා කරයි. මම ආජීවික ජීවත්වීමට බිය නොවෙමි. කවර හෙයින් ආජීවික භයට බිය වෙම්ද, මට පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සංගහ බලය, යන බල සතරක් ඇත. නුවණ නැත්තෙක් ආජීවික භයට බිය වෙයි. කුසීතයෙක් ආජීවික භයට බිය වෙයි. වැරදි සහිත කාය කර්ම ඇත්තෙක්, වාක් කර්ම ඇත්තෙක්, මනො කර්ම ඇත්තෙක් ආජීවික භයට බිය වෙයි. සංග්‍රහ නොකරන්නෙක් ආජීවික භයට බිය වෙයි. මම අසිලොක (අකීර්ති) භයට බිය නොවෙමි. මම පරිස සාරජ්ජ (පිරිසේ නොඇල්මට) බිය නොවෙමි. මම මරණ භයට බිය නොවෙමි. මම දුගති භයට බිය නොවෙමි. මට පඤ්ඤා බලය, විරිය බලය, අනවජ්ජ බලය, සංගහ බලය යන බල සතරක් ඇත. නුවණ නැත්තෙක් දුග්ගති භයට බිය වෙයි. කුසීතයෙක් දුග්ගති භයට බිය වෙයි. සාවජ්ජ (වැරදි සහිත) කාය කර්ම ඇත්තෙක්, වාක් කර්ම ඇත්තෙක්, මනො කර්ම ඇත්තෙක් දුගති භයට බිය වෙයි. සංග්‍රහ නොකරන්නෙක් දුගති භයට බිය වෙයි. මහණෙනි, මේ බල සතරෙන් යුත් අරිය සාවක තෙම මේ භය පස ඉක්මවූයේ වෙයි.
6. සෙවනාසුත්තං 6. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
7. සුතවාසුත්තං 7. සුතවන්ත පරිබ්බාජක සූත්‍රය
8. සජ්ඣසුත්තං 8. සජ්ඣපරිබ්බාජක සූත්‍රය
9. පුග්ගලසුත්තං 9. නවපුග්ගල සූත්‍රය
10. ආහුනෙය්‍යසුත්තං 10. නව ආහුණෙය්‍ය සූත්‍රය