ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
නවකනිපාතපාළි නවක නිපාතය
1. සම්බොධිවග්ගො 1. සම්බොධි වර්‍ගය
1. සම්බොධිසුත්තං 1. සම්බොධි පක්ඛික සූත්‍රය
2. නිස්සයසුත්තං 2. නිස්සයසම්පන්න සූත්‍රය
3. මෙඝියසුත්තං 3. මෙඝිය සූත්‍රය
3
එකං සමයං භගවා චාලිකායං විහරති චාලිකාපබ්බතෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මෙඝියො භගවතො උපට්ඨාකො හොති. අථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච - ‘‘ඉච්ඡාමහං, භන්තෙ, ජන්තුගාමං (ජතුගාමං (සී. අට්ඨ., ස්‍යා. අට්ඨ.), ජත්තුගාමං (ක. අට්ඨකථායම්පි පාඨන්තරං)) පිණ්ඩාය පවිසිතු’’න්ති. ‘‘යස්ස දානි ත්වං, මෙඝිය, කාලං මඤ්ඤසී’’ති.
අථ ඛො ආයස්මා මෙඝියො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසි. ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කිමිකාළාය නදියා තීරං තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා මෙඝියො කිමිකාළාය නදියා තීරෙ ජඞ්ඝාවිහාරං (ජඞ්ඝවිහාරං (ස්‍යා. ක.)) අනුචඞ්කමමානො අනුවිචරමානො අම්බවනං පාසාදිකං රමණීයං. දිස්වානස්ස එතදහොසි - ‘‘පාසාදිකං වතිදං අම්බවනං රමණීයං, අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්‍ය, ආගච්ඡෙය්‍යාහං ඉමං අම්බවනං පධානායා’’ති.
අථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච - ‘‘ඉධාහං, භන්තෙ, පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ජන්තුගාමං පිණ්ඩාය පාවිසිං. ජන්තුගාමෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන කිමිකාළාය නදියා තීරං තෙනුපසඞ්කමිං. අද්දසං ඛො අහං, භන්තෙ, කිමිකාළාය නදියා තීරෙ ජඞ්ඝාවිහාරං අනුචඞ්කමමානො අනුවිචරමානො අම්බවනං පාසාදිකං රමණීයං. දිස්වාන මෙ එතදහොසි - ‘පාසාදිකං වතිදං අම්බවනං රමණීයං. අලං වතිදං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධානාය. සචෙ මං භගවා අනුජානෙය්‍ය, ආගච්ඡෙය්‍යාහං ඉමං අම්බවනං පධානායා’ති. සචෙ මං භගවා අනුජානෙය්‍ය, ගච්ඡෙය්‍යාහං තං අම්බවනං පධානායා’’ති. ‘‘ආගමෙහි තාව, මෙඝිය ! එකකම්හි (එකකම්හා (සී. පී.)) තාව (වත (ක.)) යාව අඤ්ඤොපි කොචි භික්ඛු ආගච්ඡතී’’ති (දිස්සතූති (සබ්බත්ථ, ටීකායම්පි පාඨන්තරං), ආගච්ඡතූති, දිස්සතීති (ටීකායං පාඨන්තරානි)).
දුතියම්පි ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච - ‘‘භගවතො, භන්තෙ, නත්ථි කිඤ්චි උත්තරි කරණීයං, නත්ථි කතස්ස පටිචයො. මය්හං ඛො පන, භන්තෙ, අත්ථි උත්තරි කරණීයං, අත්ථි කතස්ස පටිචයො. සචෙ මං භගවා අනුජානෙය්‍ය, ගච්ඡෙය්‍යාහං තං අම්බවනං පධානායා’’ති. ‘‘ආගමෙහි තාව, මෙඝිය, එකකම්හි තාව යාව අඤ්ඤොපි කොචි භික්ඛු ආගච්ඡතී’’ති.
තතියම්පි ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච - ‘‘භගවතො, භන්තෙ, නත්ථි කිඤ්චි උත්තරි කරණීයං, නත්ථි කතස්ස පටිචයො. මය්හං ඛො පන, භන්තෙ, අත්ථි උත්තරි කරණීයං, අත්ථි කතස්ස පටිචයො. සචෙ මං භගවා අනුජානෙය්‍ය, ගච්ඡෙය්‍යාහං තං අම්බවනං පධානායා’’ති. ‘‘පධානන්ති ඛො, මෙඝිය, වදමානං කින්ති වදෙය්‍යාම! යස්ස දානි ත්වං, මෙඝිය, කාලං මඤ්ඤසී’’ති.
අථ ඛො ආයස්මා මෙඝියො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා යෙන තං අම්බවනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං අම්බවනං අජ්ඣොගාහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි. අථ ඛො ආයස්මතො මෙඝියස්ස තස්මිං අම්බවනෙ විහරන්තස්ස යෙභුය්‍යෙන තයො පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති, සෙය්‍යථිදං - කාමවිතක්කො, බ්‍යාපාදවිතක්කො, විහිංසාවිතක්කො. අථ ඛො ආයස්මතො මෙඝියස්ස එතදහොසි - ‘‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො! සද්ධාය ච වතම්හා අගාරස්මා අනගාරියං පබ්බජිතා; අථ ච පනිමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක්කෙහි අන්වාසත්තා - කාමවිතක්කෙන, බ්‍යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙනා’’ති.
අථ ඛො ආයස්මා මෙඝියො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා මෙඝියො භගවන්තං එතදවොච -
‘‘ඉධ මය්හං, භන්තෙ, තස්මිං අම්බවනෙ විහරන්තස්ස යෙභුය්‍යෙන තයො පාපකා අකුසලා විතක්කා සමුදාචරන්ති, සෙය්‍යථිදං - කාමවිතක්කො, බ්‍යාපාදවිතක්කො, විහිංසාවිතක්කො. තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘අච්ඡරියං වත භො, අබ්භුතං වත භො! සද්ධාය ච වතම්හා අගාරස්මා අනගාරියං පබ්බජිතා; අථ ච පනිමෙහි තීහි පාපකෙහි අකුසලෙහි විතක්කෙහි අන්වාසත්තා - කාමවිතක්කෙන, බ්‍යාපාදවිතක්කෙන, විහිංසාවිතක්කෙනාති’’’.
‘‘අපරිපක්කාය, මෙඝිය, චෙතොවිමුත්තියා පඤ්ච ධම්මා පරිපක්කාය සංවත්තන්ති. කතමෙ පඤ්ච? ඉධ, මෙඝිය, භික්ඛු කල්‍යාණමිත්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො. අපරිපක්කාය, මෙඝිය, චෙතොවිමුත්තියා අයං පඨමො ධම්මො පරිපක්කාය සංවත්තති.
‘‘පුන චපරං, මෙඝිය, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අපරිපක්කාය, මෙඝිය, චෙතොවිමුත්තියා අයං දුතියො ධම්මො පරිපක්කාය සංවත්තති.
‘‘පුන චපරං, මෙඝිය, යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා, සෙය්‍යථිදං - අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා වීරියාරම්භකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථා, එවරූපියා කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. අපරිපක්කාය, මෙඝිය, චෙතොවිමුත්තියා අයං තතියො ධම්මො පරිපක්කාය සංවත්තති.
‘‘පුන චපරං, මෙඝිය, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අපරිපක්කාය, මෙඝිය, චෙතොවිමුත්තියා අයං චතුත්ථො ධම්මො පරිපක්කාය සංවත්තති.
‘‘පුන චපරං, මෙඝිය, භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අපරිපක්කාය, මෙඝිය, චෙතොවිමුත්තියා අයං පඤ්චමො ධම්මො පරිපක්කාය සංවත්තති.
‘‘කල්‍යාණමිත්තස්සෙතං , මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස - ‘සීලවා භවිස්සති...පෙ. ... සමාදාය සික්ඛිස්සති සික්ඛාපදෙසු’’’.
‘‘කල්‍යාණමිත්තස්සෙතං, මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස - ‘යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා, සෙය්‍යථිදං - අප්පිච්ඡකථා...පෙ.... විමුත්තිඤාණදස්සනකථා, එවරූපියා කථාය නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී’’’.
‘‘කල්‍යාණමිත්තස්සෙතං, මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස - ‘ආරද්ධවීරියො විහරිස්සති...පෙ.... අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු’’’.
‘‘කල්‍යාණමිත්තස්සෙතං , මෙඝිය, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස - ‘පඤ්ඤවා භවිස්සති...පෙ.... සම්මාදුක්ඛක්ඛයගාමිනියා’’’.
‘‘තෙන ච පන, මෙඝිය, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරි භාවෙතබ්බා - අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවෙතබ්බා බ්‍යාපාදස්ස පහානාය, ආනාපානස්සති භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනො, මෙඝිය, අනත්තසඤ්ඤා සණ්ඨාති. අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති දිට්ඨෙව ධම්මෙ නිබ්බාන’’න්ති. තතියං.
3
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාලිකා නුවර චාලිකා පර්‍වතයෙහි වැඩ වෙසෙති. එකල්හි ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙයි. ඒ කාලයෙහි ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එසේ සිටි ඒ මේඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමිනි, මම ජන්තුගම පිඬු පිණිස හැසිරීමට කැමැත්තෙමි” (යනුයි.)
(එවිට භාග්‍යවතුන් වහන්සේ) “ඔබ යමකට කැමති නම්, එයට කල් දනුව” යි වදාළහ. ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව පෙරවරු කාලයෙහි සිවුරු හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙන ජන්තුගම පිඬු පිණිස පිවිසියේය. ජන්තුගමෙහි පිඬු පිණිස හැසිර, පස්වරු පිණ්ඩපාතයෙන් වැලකියේ, කිමිකාලා නම් ගං ඉවුර යම් තැනකද, එහි පැමිණියේය. ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව කිමිකාලා නම් ගංතෙර ඔබ මොබ පයින් ඇවිදින්නේ, ඉතා සිත්කලු අඹ උයනක් දැක්කේය. එ අඹ උයන දුටු මෙඝිය භික්‍ෂුවට මෙබඳු සිතක් උපන්නේය. ‘මේ අඹ උයන ඉතා සිත්කලුය. කෙලෙස් නැසීමට කරණ උත්සාහයෙන් ප්‍රයෝජනය ඇති කුලපුතෙකුට මේ අඹ උයන ඉතා ප්‍රයෝජනවත්ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිවන සේක් නම් මේ අඹ උයනට පධන් වීර්‍ය්‍යය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) කිරීමට පැමිණෙන්නෙමි’ යි සිතීය.
ඉක්බිති ඇවැත්වූ මේඝිය තෙර භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක පැත්තක උන්නේය. එක පැත්තක හුන් මෙඝිය තෙර, භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය. “ස්වාමීනි, මම මෙහි පෙරවරු කල සිවුරු හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ, ජන්තුගම පිඬු පිණිස පිවිසියෙමි. ජන්තුගමේ පිඬු පිණිස හැසිර, පස්වරු පිණ්ඩපාතයෙන් වැළකියේ, කිමිකාලා නම් ගං ඉවුර යම් තැනකද, එහි පැමිණියෙමි. ඒ කිමිකාලා නම් ගං ඉවුර තෙර පයින් ඇවිදින විට, ඉතා සිත්කලු අඹ උයනක් දුටුයෙමි. ඒ අඹ උයන දැක මට මෙබඳු සිතක් ඇතිවිය. ‘කෙලෙස් නැසීමට කරණ උත්සාහයෙන් ප්‍රයෝජනය ඇති කුලපුතෙකුට මේ අඹ උයන ඉතා ප්‍රයෝජනවත්ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිවන සේක් නම් මේ අඹ උයනට පධන් වීර්‍ය්‍යය (කෙලෙස් තවන වීර්‍ය්‍යය) කිරීමට පැමිණෙන්නෙමි’ යි කියායි. “මෙඝිය, මඳක් බලාපොරොත්තු වෙව. තනිව යාමට වඩා අනික් භික්‍ෂුවක්ද හමුවන තුරු බලාපොරොත්තු වෙව.”
දෙවනුවද, ඇවැත්වූ මේඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළ යුතු දෙයක් නැත. කළ දෙයක් පිළිබඳව සකස්කළ යුතු තැනක්ද නැත. ස්වාමීනි, මට නම් මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළයුතු දෙයකුත්, ඇත. කළ දෙය පිළිබඳව සකස් කළ යුතු තැන්ද ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් පධන් වීර්‍ය්‍යය කිරීමට අඹ වනයට යන්නෙමි” යි (සිතීය.) “මෙඝිය, ඔබ තනිය. අන් භික්‍ෂුවක් ලැබෙන තුරු බලාපොරොත්තු වෙව.”
තුන්වෙනුවද, මේඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළ යුතු දෙයක් නැත. කළ දෙයක් පිළිබඳව සකස්කළ යුතු තැනක්ද නැත. ස්වාමීනි, මට නම් මේ ශරීරය පිළිබඳව මත්ත ගැන කළයුතු දෙයකුත්, ඇත. කළ දෙය පිළිබඳව සකස් කළ යුතු තැන්ද ඇත. ඉදින් මට භාග්‍යවතුන් වහන්සේ අනුදන්නා සේක් නම් පධන් වීර්‍ය්‍යය කිරීමට අඹ වනයට යන්නෙමි” යි (සිතීය.) “මෙඝිය, ඔබ තනිය. අන් භික්‍ෂුවක් ලැබෙන තුරු බලාපොරොත්තු වෙව.” “මෙඝිය, ඔබ යමකට හෙවත් යම් පධන් වීර්‍ය්‍යයකට කල් ඉල්ලන්නේද, ඒ ‘පධාන වීර්‍ය්‍යය’ යි යමෙක් යමකට කියයි නම් ඒ කුමකට කියයිද? ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ඒ අඹ වනය යම් තැනකද, එහි පැමිණ ඒ අඹ වනයට ඇතුල්ව එක්තරා රුකක් මුල දහවල් කල් ගත කිරීමට හුන්නේය. ඉක්බිති ඒ අඹ වනයෙහි වාසය කරන්නාවූ මෙඝිය භික්‍ෂුවට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන අකුසල් විතක්ක (කල්පනා) තුන්දෙනෙක් සිතේ ඇතිවන්නට වූහ.
ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුවට මේ සිත ඇතිවිය. ආශ්චර්‍ය්‍යයෙක, පුදුමයෙක, මම ගිහිගෙන් නික්ම සස්නෙහි සැදැහැයෙන් පැවිදිවීමි. නමුත් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුන් සිතිවිලිවලින් ගැවසී ගත්තේය. ඉක්බිති ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එහි එළඹ, උන්වහන්සේ වැඳ, එක පැත්තක හිඳ ගත්තේය. එක පැත්තක හුන් ඇවැත්වූ මෙඝිය භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීය.
“ස්වාමීනි, ඒ අඹ උයනෙහි වසන මට අකුසල විතක්ක හෙවත් අකුසල කල්පනාවන් තුන් දෙනෙක් සිතේ හටගත්හ. ඔහු කවරහුද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුණය. ස්වාමීනි, එවිට මට මෙබඳු අදහසක් ඇතිවිය. ආශ්චර්‍ය්‍යයෙකි. පුදුමයෙකි. මම සැදැහැයෙන් ගිහිගෙන් නිකම සස්නෙහි පැවිදිවීමි. නමුත් මම කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යන තුන් ආකාර විතර්කයන්ගේන් ගැවසිගත්තේ වෙමි.”
“මෙඝියය, සිත අකුසලයන්ගෙන් මිදීම නොමේරූ කල්හි එය මේරීම පිණිස ධර්‍ම පස් දෙනෙක් වෙත්. ඒ පස කවරහුද? මේඝියෙනි, භික්‍ෂුවක් මේ ලෝකයෙහි කලණ මිතුරන් ඇත්තේ වේද, කලණ යහලුවන් ඇත්තේ වේද, යහපතට නැමුනේ වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස මෙය පළමුවන ධර්‍මයක්ව පවතී.
“නැවතද, මේඝියෙනි, භික්‍ෂුවක් සිල්වත් වේද, පාමොක් සංවරයෙන් සංවර වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවේද, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, සිකපද සමාදන්ව වාසය කරයිද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස මෙය දෙවන ධර්‍මයක්ව පවතී.
“නැවතද, මේඝියෙනි, භික්‍ෂුවක් කෙලෙස් ලිහිල් කරණ, සිතේ ඉඩ ඇතිකිරීමට හේතුවන, යම් කථාවෝ වෙත්ද, ඔහු කවරහුද? අප්පිච්ඡ කථාවය, සන්තුට්ඨි කථාවය, උතුම් විවේකයෙහි කථාවය, අසංසග්ග කථාවය, විරියාරම්භ කථාවය, සීල කථාවය, පඤ්ඤා කථාවය, විමුත්ති කථාවය, විමුත්ති ඤාණදස්සන කථාවය යන මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන ලද්දේ වේද, නිදුකින් ලැබීම ඇත්තේ වේද, පහසුවෙන් ලැබීම ඇත්තේ වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස මෙය තුන්වන ධර්‍මයක්ව පවතී.
“මේඝියෙනි, නැවතද භික්‍ෂුවක් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයිද, ශක්තිය ඇත්තෙක් වෙයිද, දැඩි උත්සාහ ඇත්තෙක් වෙයිද, කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තේ වෙයිද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස, මෙය සතරවන ධර්මයක්ව පවතී.
“නැවතද මේඝියෙනි භික්‍ෂුවක් ආරියවූ, සසර කලකිරීමවූ, මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථය ගාමිනී නැතිවීම ඇතිවීම දෙක අවබෝධ කරවන ලද නුවණින් යුක්ත වේද, මේඝියෙනි, නොමේරූ චිත්ත විමුක්තියගේ මේරීම පිණිස, මෙය පස්වන ධර්මයක්ව පවතී.
“මේඝියෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. මේඝියෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් සිල්වත් වන්නේය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. මේඝියෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයි. ශක්තිය ඇත්තෙක් වෙයි. දැඩි උත්සාහ ඇත්තෙක් වෙයි. කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තෙක් වෙයි යන මෙය කැමති විය යුතුය.
“මේඝියෙනි, කලණ මිතුරන් ඇති, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු භික්‍ෂුවක් විසින්, ආර්‍ය්‍යවූ, නිබ්බෙධික (සසර කලකිරවන) මනාකොට දුක් කෙලවර කිරීමට පමණුවන, උදයත්‍ථ ගාමිණීපඤ්ඤාවෙන් යුක්තවූවෙක් වන්නේය යන මෙය කැමති විය යුතුය. මේඝියෙනි ඒ භික්‍ෂුව විසින් මේ පස් ආකාර ධර්‍මයන්හි පිහිටා සතර ධර්‍ම කෙනෙක් මත්තෙහි වැඩිය යුතු. රාගය නැති කිරීමට අසුභය වැඩිය යුතු. ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතු. විතක්කය නැති කිරීමට ආනාපාන සතිය වැඩිය යුතු. අස්මී මානය (මමය යන හැඟිම) නැති කිරීමට අනිච්ච සඤ්ඤාව වැඩිය යුතු. මේඝියෙනි, අනිච්ච සඤ්ඤාව ඇත්තාහට අනත්ත සඤ්ඤාව පිහිටයි. අනත්ත සඤ්ඤාව ඇත්තේ මේ ආත්මයේදීම නිවන් ලැබීමයයි කියන අස්මීමානය (මමය යන හැඟීම) නැති කිරීමට පමුණුවයි.”
4. නන්දකසුත්තං 4. නන්‍දකසම්පන්න සූත්‍රය
5. බලසුත්තං 5. බලසඞ්ගහවත්‍ථු සූත්‍රය
6. සෙවනාසුත්තං 6. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
7. සුතවාසුත්තං 7. සුතවන්ත පරිබ්බාජක සූත්‍රය
8. සජ්ඣසුත්තං 8. සජ්ඣපරිබ්බාජක සූත්‍රය
9. පුග්ගලසුත්තං 9. නවපුග්ගල සූත්‍රය
10. ආහුනෙය්‍යසුත්තං 10. නව ආහුණෙය්‍ය සූත්‍රය