ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
නවකනිපාතපාළි නවක නිපාතය
1. සම්බොධිවග්ගො 1. සම්බොධි වර්‍ගය
1. සම්බොධිසුත්තං 1. සම්බොධි පක්ඛික සූත්‍රය
1
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -
‘‘සචෙ, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්‍යුං - ‘සම්බොධිපක්ඛිකානං (සම්බොධපක්ඛිකානං (සී. ස්‍යා. පී.)), ආවුසො, ධම්මානං කා උපනිසා භාවනායා’ති, එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්‍යාකරෙය්‍යාථා’’ති? ‘‘භගවංමූලකා නො, භන්තෙ, ධම්මා...පෙ.... භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති.
‘‘තෙන හි, භික්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘සචෙ, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්‍යුං - ‘සම්බොධිපක්ඛිකානං, ආවුසො, ධම්මානං කා උපනිසා භාවනායා’ති, එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථ -
‘‘ඉධාවුසො, භික්ඛු කල්‍යාණමිත්තො හොති කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො . සම්බොධිපක්ඛිකානං, ආවුසො, ධම්මානං අයං පඨමා උපනිසා භාවනාය.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. සම්බොධිපක්ඛිකානං, ආවුසො, ධම්මානං අයං දුතියා උපනිසා භාවනාය.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා, සෙය්‍යථිදං - අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා වීරියාරම්භකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථා, එවරූපියා කථාය නිකාමලාභී හොති අකිච්ඡලාභී අකසිරලාභී. සම්බොධිපක්ඛිකානං, ආවුසො, ධම්මානං අයං තතියා උපනිසා භාවනාය.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු ආරද්ධවීරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. සම්බොධිපක්ඛිකානං, ආවුසො, ධම්මානං අයං චතුත්ථී උපනිසා භාවනාය.
‘‘පුන චපරං, ආවුසො, භික්ඛු පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. සම්බොධිපක්ඛිකානං, ආවුසො, ධම්මානං අයං පඤ්චමී උපනිසා භාවනාය’’.
‘‘කල්‍යාණමිත්තස්සෙතං , භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස - සීලවා භවිස්සති, පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛිස්සති සික්ඛාපදෙසු.
‘‘කල්‍යාණමිත්තස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස - යායං කථා අභිසල්ලෙඛිකා චෙතොවිවරණසප්පායා, සෙය්‍යථිදං - අප්පිච්ඡකථා සන්තුට්ඨිකථා පවිවෙකකථා අසංසග්ගකථා වීරියාරම්භකථා සීලකථා සමාධිකථා පඤ්ඤාකථා විමුත්තිකථා විමුත්තිඤාණදස්සනකථා, එවරූපියා කථාය නිකාමලාභී භවිස්සති අකිච්ඡලාභී අකසිරලාභී.
‘‘කල්‍යාණමිත්තස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස - ආරද්ධවීරියො විහරිස්සති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු.
‘‘කල්‍යාණමිත්තස්සෙතං, භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං කල්‍යාණසහායස්ස කල්‍යාණසම්පවඞ්කස්ස - පඤ්ඤවා භවිස්සති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා.
‘‘තෙන ච පන, භික්ඛවෙ, භික්ඛුනා ඉමෙසු පඤ්චසු ධම්මෙසු පතිට්ඨාය චත්තාරො ධම්මා උත්තරි (උත්තරිං (සී. ස්‍යා. පී.)) භාවෙතබ්බා - අසුභා භාවෙතබ්බා රාගස්ස පහානාය, මෙත්තා භාවෙතබ්බා බ්‍යාපාදස්ස පහානාය, ආනාපානස්සති (ආනාපානසති (සී. පී.)) භාවෙතබ්බා විතක්කුපච්ඡෙදාය, අනිච්චසඤ්ඤා භාවෙතබ්බා අස්මිමානසමුග්ඝාතාය. අනිච්චසඤ්ඤිනො, භික්ඛවෙ, අනත්තසඤ්ඤා සණ්ඨාති. අනත්තසඤ්ඤී අස්මිමානසමුග්ඝාතං පාපුණාති දිට්ඨෙව ධම්මෙ නිබ්බාන’’න්ති . පඨමං.
1
“මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් කැඳවූහ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “පින්වතුන් වහන්සැ” යි පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“මහණෙනි, ඉදින් අන් තොටු පිරිවැජියෝ, ‘ඇවැත්නි, සිවුසස් අවබෝධයට හැකිවූ ධර්‍මයන් වැඩීමට කුමක් හේතුවේදැ’ යි ඔබ විචාරන්නාහු නම් ඒ අන් තොටු පිරිවැජියන්ට කුමක් කියන්නහුද?”
“ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායකකොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්.”
“මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.”
“මහණෙනි, ඉදින් අන් තොටු පිරිවැජියෝ සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට කවරක් හේතුවේදැයි විචාරන්නහුද, මහණෙනි, ඔබ එසේ විචාරන්නාවු ඒ අන් තොටු පිරිවැජියන්ට මෙසේ ප්‍රකාශ කරව. ‘ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුවක් කලණ මිතුරන් ඇත්තේ වේද, කලණ මිතුරන් යහළුවන් කොට ඇත්තේ වේද, යහපතට නැමුණෙක් වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ පළමුවන හේතුව වේ.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් සිල්වත් වේද, පාමොක් සංවරයෙන් සංවරව වසයිද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දකින සුළුව, සිකපද සමාදන්ව වසයිද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ දෙවන හේතුව වේ.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් කෙලෙස් ලිහිල් කරණ සිතේ ඉඩ ඇති වීමට හේතුවන අප්පිච්ඡ කථාවය, සන්තුට්ඨි කථාවය, උතුම් විවේකයෙහි කථාවය, අසංසග්ග කථාවය, විරියාරම්භ කථාවය, සීල කථාවය, පඤ්ඤා කථාවය, විමුත්ති කථාවය, විමුත්ති ඤාණදස්සන කථාවය යන මෙබඳු කථාවන් නිතර කැමැත්තෙන් ලබන ලද්දේ වේද, නිදුකින් ලැබීම ඇත්තේ වේද, පහසුවෙන් ලැබීම ඇත්තේ වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ තුන්වන හේතුව වේ.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයිද, ශක්තිය ඇත්තෙක් වෙයිද, දැඩි උත්සාහ ඇත්තෙක් වෙයිද, කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තේ වෙයිද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ සතරවන හේතුව වේ.
“ඇවැත්නි, නැවතද භික්‍ෂුවක් ආරියවූ, සසර කලකිරීමවූ, මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථය ගාමිනී නැතිවීම ඇතිවීම දෙක අවබෝධ කරවන ලද නුවණින් යුක්ත වේද, ඇවැත්නි, සිවුසස් අවබෝධ කරණ ධර්‍මයන්ගේ වැඩීමට මේ පස්වන හේතුව වේ.
“මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය.
“මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් සිල්වත් වන්නේය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. මහණෙනි, කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවක් විසින් අකුසල් දහම් නැති කිරීමටද, කුසල් දහම් වැඩීමටද, ප්‍රාරම්භ වීර්‍ය්‍යය ඇතුව වසයි. ශක්තිය ඇත්තෙක් වෙයි. දැඩි උත්සාහ ඇත්තෙක් වෙයි. කුසල් දහම් වැඩීමෙහි නොනැවැත්තූ උත්සාහ ඇත්තෙක් වෙයි යන මෙය කැමති විය යුතුය.
“කලණ යහලුවන් ඇති, යහපතට නැමුණු කලණ මිතුරන් ඇති භික්‍ෂුවට සිල්වත් වන්නෙය. පාමොක් සංවරයෙන් සංවර වන්නේය. ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව, සුළු වරද පවා බියෙන් දක්නා සුළුව, ශික්‍ෂා පදයන් සමාදන්ව හික්මෙන්නේය යන මෙය කැමති විය යුතුය. ආරියවූ, නිබ්බෙධිකවූ (සසර කලකිරවන) මනාකොට දුක් කෙළවර කිරීමට පමුණුවන උදයත්‍ථයගාමිනීපඤ්ඤා (ඇතිවීමේ හා නැතිවීමේ තත්ත්‍වය අවබෝධ කරණ නුවණ) යයි කියන ලද නුවණින් යුක්තවේයයි යන මෙය කැමති විය යුතුය.
“මහණෙනි, ඒ භික්‍ෂුව විසින් මුලින් කියන ලද පඤ්ච ධර්මයන්හි පිහිටා තව ධර්ම සතරක් වැඩිය යුතුය, එනම් රාගය නැතිකිරීමට අසුභය වැඩිය යුතුය. ව්‍යාපාදය නැති කිරීමට මෛත්‍රිය වැඩිය යුතුය. විතක්කය නැතිකිරීමට ආනාපානසතිය වැඩිය යුතුය. මමය යන හැඟීම නැතිකිරීමට අනිච්චසඤ්ඤාව වැඩිය යුතුය. මහණෙනි, අනිච්චසඤ්ඤාව ඇති භික්‍ෂුවට අනත්තසඤ්ඤාව පිහිටයි. අනත්තසඤ්ඤාව ඇත්තේ මේ අත්බවම නිවණයයි කියන ලද මමය යන හැඟීම නැති කිරීමට පමුණුවයි.”
2. නිස්සයසුත්තං 2. නිස්සයසම්පන්න සූත්‍රය
3. මෙඝියසුත්තං 3. මෙඝිය සූත්‍රය
4. නන්දකසුත්තං 4. නන්‍දකසම්පන්න සූත්‍රය
5. බලසුත්තං 5. බලසඞ්ගහවත්‍ථු සූත්‍රය
6. සෙවනාසුත්තං 6. සෙවිතබ්බාසෙවිතබ්බ සූත්‍රය
7. සුතවාසුත්තං 7. සුතවන්ත පරිබ්බාජක සූත්‍රය
8. සජ්ඣසුත්තං 8. සජ්ඣපරිබ්බාජක සූත්‍රය
9. පුග්ගලසුත්තං 9. නවපුග්ගල සූත්‍රය
10. ආහුනෙය්‍යසුත්තං 10. නව ආහුණෙය්‍ය සූත්‍රය