ත්‍රිපිටකය
(9) 4. සතිවග්ගො (9) 4. සති වර්‍ගය
1. සතිසම්පජඤ්ඤසුත්තං 1. සති විපන්න සූත්‍රය
2. පුණ්ණියසුත්තං 2. පුණ්ණිය සූත්‍රය
3. මූලකසුත්තං 3. කිංමූලක සූත්‍රය
83
(අ. නි. 10.58 පස්සිතබ්බං) ‘‘සචෙ, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්‍යුං - ‘කිංමූලකා, ආවුසො, සබ්බෙ ධම්මා, කිංසම්භවා සබ්බෙ ධම්මා, කිංසමුදයා සබ්බෙ ධම්මා, කිංසමොසරණා සබ්බෙ ධම්මා, කිංපමුඛා සබ්බෙ ධම්මා, කිංඅධිපතෙය්‍යා සබ්බෙ ධම්මා, කිංඋත්තරා සබ්බෙ ධම්මා, කිංසාරා සබ්බෙ ධම්මා’ති, එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං කින්ති බ්‍යාකරෙය්‍යාථා’’ති? ‘‘භගවංමූලකා නො, භන්තෙ, ධම්මා, භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු, භන්තෙ , භගවන්තංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති.
‘‘තෙන හි, භික්ඛවෙ, දෙසෙස්සාමි. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති . ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘සචෙ, භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්‍යුං - ‘කිංමූලකා, ආවුසො, සබ්බෙ ධම්මා, කිංසම්භවා සබ්බෙ ධම්මා, කිංසමුදයා සබ්බෙ ධම්මා, කිංසමොසරණා සබ්බෙ ධම්මා, කිංපමුඛා සබ්බෙ ධම්මා , කිංඅධිපතෙය්‍යා සබ්බෙ ධම්මා, කිංඋත්තරා සබ්බෙ ධම්මා, කිංසාරා සබ්බෙ ධම්මා’ති, එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථ - ‘ඡන්දමූලකා, ආවුසො, සබ්බෙ ධම්මා, මනසිකාරසම්භවා සබ්බෙ ධම්මා, ඵස්සසමුදයා සබ්බෙ ධම්මා, වෙදනාසමොසරණා සබ්බෙ ධම්මා, සමාධිප්පමුඛා සබ්බෙ ධම්මා, සතාධිපතෙය්‍යා සබ්බෙ ධම්මා, පඤ්ඤුත්තරා සබ්බෙ ධම්මා, විමුත්තිසාරා සබ්බෙ ධම්මා’ති, එවං පුට්ඨා තුම්හෙ, භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්‍යාකරෙය්‍යාථා’’ති. තතියං.
83
“මහණෙනි, අන්‍ය තීර්ත්‍ථක පැවිද්දෝ, ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ත්‍ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?”
“ස්වාමීනි, අපගේ ධර්මයන් භාග්‍යවත්හු මුල්කොට ඇත්තේය. භාග්‍යවත්හු නායකකොට ඇත්තෝය. භාග්‍යවත්හු පිළිසරණ වූවෝය. ස්වාමීනි, මේ කියමනේ අදහස භාග්‍යවතුන් වහන්සේටම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරත්.”
“මහණෙනි, එසේ වි නම් අසව්. මනාකොට මෙනෙහි කරව්. දෙසන්නෙමි.”
“ස්වාමීනි, යහපති” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේහට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ.
“මහණෙනි, අන්‍ය තීර්ත්‍ථක පැවිද්දෝ ඇවැත්නි, සියලු ධර්මයෝ කුමක් මුල් වූවෝද, සියලු ධර්මයෝ කුමකින් උපදින්නෝද. සියලු ධර්මයෝ කුමක් වැඩීම කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් රැස් කරන්නෝද, සියලු ධර්මයෝ කුමක් ප්‍රධානකොට ඇත්තාහුද, සියලු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තෝද, සියලු ධර්මයෝ කුමක් භාරකොට ඇත්තේදැයි ඉදින් (මෙසේ විචාරත්ද,) මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ත්‍ථක පැවිද්දනට කුමකැයි පිළිතුරු දෙව්ද?”
“මහණෙනි, මෙසේ විචාරණ ලද තෙපි ඒ අන්‍ය තීර්ත්‍ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.”
“ඇවැත්නි, සියලු ධර්මයෝ ඡන්‍දය (කැමැත්ත) මුල් වූවෝය. සියලු ධර්මයෝ මෙනෙහි කිරීමෙන් හටගන්නෝය. සියලු ධර්මයෝ ස්පර්‍ශයෙන් වැඩන්නෝය. සියලු ධර්මයෝ විඳීම රැස් කරන්නෝය. සියලු ධර්මයෝ සමාධිය ප්‍රධානකොට ඇත්තාහ. සියලු ධර්මයෝ සිහිය අධිපතිකොට ඇත්තාහ. සියලු ධර්මයෝ නුවණ උතුම්කොට ඇත්තෝය. සියලු ධර්මයෝ මිදීම භාරකොට ඇත්තෝය.”
“මහණෙනි, මෙසේ අසන ලද තෙපි අන්‍ය තීර්ත්‍ථක පැවිද්දන්ට මෙසේ පිළිතුරු දෙව්.”
4. චොරසුත්තං 4. මහා චොරඞ්ග සූත්‍රය
5. සමණසුත්තං 5. තථාගතාධි වචන සූත්‍රය
6. යසසුත්තං 6. මායස්ස මාගම සූත්‍රය
7. පත්තනිකුජ්ජනසුත්තං 7. පත්තනික්කුජ්ජන සූත්‍රය
8. අප්පසාදපවෙදනීයසුත්තං 8. අප්පසාදවෙදන සූත්‍රය
9. පටිසාරණීයසුත්තං 9. පටිසාරණීය කම්ම සූත්‍රය
10. සම්මාවත්තනසුත්තං 10. සම්මාවත්තන සූත්‍රය