ත්‍රිපිටකය
(9) 4. සතිවග්ගො (9) 4. සති වර්‍ගය
1. සතිසම්පජඤ්ඤසුත්තං 1. සති විපන්න සූත්‍රය
2. පුණ්ණියසුත්තං 2. පුණ්ණිය සූත්‍රය
82
අථ ඛො ආයස්මා පුණ්ණියො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා පුණ්ණියො භගවන්තං එතදවොච - ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො යෙන අප්පෙකදා තථාගතං ධම්මදෙසනා පටිභාති, අප්පෙකදා න පටිභාතී’’ති? ‘‘සද්ධො ච, පුණ්ණිය, භික්ඛු හොති, නො චුපසඞ්කමිතා; නෙව තථාගතං ධම්මදෙසනා පටිභාති. යතො ච ඛො , පුණ්ණිය, භික්ඛු සද්ධො ච හොති, උපසඞ්කමිතා ච; එවං තථාගතං ධම්මදෙසනා පටිභාති. සද්ධො ච, පුණ්ණිය, භික්ඛු හොති, උපසඞ්කමිතා ච, නො ච පයිරුපාසිතා...පෙ.... පයිරුපාසිතා ච, නො ච පරිපුච්ඡිතා... පරිපුච්ඡිතා ච, නො ච ඔහිතසොතො ධම්මං සුණාති... ඔහිතසොතො ච ධම්මං සුණාති, නො ච සුත්වා ධම්මං ධාරෙති... සුත්වා ච ධම්මං ධාරෙති, නො ච ධාතානං ධම්මානං අත්ථං උපපරික්ඛති... ධාතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති, නො ච අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මප්පටිපන්නො හොති. නෙව තාව තථාගතං ධම්මදෙසනා පටිභාති.
‘‘යතො ච ඛො, පුණ්ණිය, භික්ඛු සද්ධො ච හොති, උපසඞ්කමිතා ච, පයිරුපාසිතා ච, පරිපුච්ඡිතා ච, ඔහිතසොතො ච ධම්මං සුණාති, සුත්වා ච ධම්මං ධාරෙති, ධාතානඤ්ච ධම්මානං අත්ථං උපපරික්ඛති, අත්ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මප්පටිපන්නො ච හොති; එවං තථාගතං ධම්මදෙසනා පටිභාති. ඉමෙහි ඛො, පුණ්ණිය, අට්ඨහි ධම්මෙහි සමන්නාගතා (සමන්නාගතො (සී. පී.), සමන්නාගතං (ස්‍යා. ක.)) එකන්තපටිභානා (එකන්තපටිභානං (සබ්බත්ථ) අ. නි. 10.83 පන පස්සිතබ්බං) තථාගතං ධම්මදෙසනා හොතී’’ති. දුතියං.
82
ඉක්බිති වනාහි ආයුෂමත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ආයුෂ්මත් පුණ්ණ්‍ය තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, යමකු කරණකොට එක් දිනක තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේද, එක් දිනක නොනැමේද, හේතු කවරේද, කාරණය කවරේද?”
“පුණ්ණියය, භික්‍ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේ නොවේද, ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේ. පුණ්ණිය, යම් විටෙක වනාහි භික්‍ෂු තෙමේ සැදැහැත්තේද. එළඹෙන්නේද, මෙසේ තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නැමේ.
“පුණ්ණිය, භික්‍ෂු තෙමේ සැදැහැවත්ද, එළඹෙන්නේද, ඇසුරු නොකෙරේනම් ඒ තාක් ධර්ම (දේශනාවට) සිත නොනැමේ. ඇසුරු කෙර්ද, නොවිචාරා නම් විචාරණ ලද්දේද, කන් යොමු කොට බණ නොඅසා නම්, කන් යොමු කොට බණ අසාද, බණ අසා දරා නොගනී නම්, අසා බණ දරාද, දරන ලද බණෙහි අදහස් නැවත සොයා නොබලා නම්, දරන ලද බණෙහි අදහස් නැවත සොයා බලාද, අර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට නොබටුයේ නම් ඒ තාක් තථාගතයන්ට ධර්ම (දේශනාවට) සිත නොනැමේමය.
“පුණ්ණිය, යම් විටෙක වනාහි භික්‍ෂු තෙම සැදැහැවත් වේද, එළඹෙන්නේද, ඇසුරු කරන්නේද, විචාරන්නේද, ඇහුම්කන් දෙන්නේද, බණ අසයි නම් අසාද, ධර්මය දරන්නේ නම් දරන ලද ධර්මයන්ගේ අදහස නැවත සොයා බලා නම්, අර්ථය දැන, ධර්මය දැන, ධර්මානුකූලව ධර්මයට බටුයේද වේ නම්, මෙසේ තථාගතයන්ට ධර්ම දේශනාවට සිත නැමේ. පුණ්ණිය, මේ කරුණු අටින් යුක්තවූයේ වේද, තථාගතයන්ගේ ඒකාන්තයෙන් සිත නැමීම ඇති දහම් දෙසිම වෙයි.”
3. මූලකසුත්තං 3. කිංමූලක සූත්‍රය
4. චොරසුත්තං 4. මහා චොරඞ්ග සූත්‍රය
5. සමණසුත්තං 5. තථාගතාධි වචන සූත්‍රය
6. යසසුත්තං 6. මායස්ස මාගම සූත්‍රය
7. පත්තනිකුජ්ජනසුත්තං 7. පත්තනික්කුජ්ජන සූත්‍රය
8. අප්පසාදපවෙදනීයසුත්තං 8. අප්පසාදවෙදන සූත්‍රය
9. පටිසාරණීයසුත්තං 9. පටිසාරණීය කම්ම සූත්‍රය
10. සම්මාවත්තනසුත්තං 10. සම්මාවත්තන සූත්‍රය