ත්‍රිපිටකය
(9) 4. සතිවග්ගො (9) 4. සති වර්‍ගය
1. සතිසම්පජඤ්ඤසුත්තං 1. සති විපන්න සූත්‍රය
81
‘‘සතිසම්පජඤ්ඤෙ , භික්ඛවෙ, අසති සතිසම්පජඤ්ඤවිපන්නස්ස හතූපනිසං හොති හිරොත්තප්පං. හිරොත්තප්පෙ අසති හිරොත්තප්පවිපන්නස්ස හතූපනිසො හොති ඉන්ද්‍රියසංවරො. ඉන්ද්‍රියසංවරෙ අසති ඉන්ද්‍රියසංවරවිපන්නස්ස හතූපනිසං හොති සීලං. සීලෙ අසති සීලවිපන්නස්ස හතූපනිසො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි අසති සම්මාසමාධිවිපන්නස්ස හතූපනිසං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ අසති යථාභූතඤාණදස්සනවිපන්නස්ස හතූපනිසො හොති නිබ්බිදාවිරාගො. නිබ්බිදාවිරාගෙ අසති නිබ්බිදාවිරාගවිපන්නස්ස හතූපනිසං හොති විමුත්තිඤාණදස්සනං. සෙය්‍යථාපි, භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසවිපන්නො. තස්ස පපටිකාපි න පාරිපූරිං ගච්ඡති, තචොපි... ඵෙග්ගුපි... සාරොපි න පාරිපූරිං ගච්ඡති. එවමෙවං ඛො, භික්ඛවෙ, සතිසම්පජඤ්ඤෙ අසති සතිසම්පජඤ්ඤවිපන්නස්ස හතූපනිසං හොති හිරොත්තප්පං; හිරොත්තප්පෙ අසති හිරොත්තප්පවිපන්නස්ස හතූපනිසො හොති...පෙ.... විමුත්තිඤාණදස්සනං.
‘‘සතිසම්පජඤ්ඤෙ, භික්ඛවෙ, සති සතිසම්පජඤ්ඤසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති හිරොත්තප්පං. හිරොත්තප්පෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති ඉන්ද්‍රියසංවරො. ඉන්ද්‍රියසංවරෙ සති ඉන්ද්‍රියසංවරසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති සීලං. සීලෙ සති සීලසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති සම්මාසමාධි. සම්මාසමාධිම්හි සති සම්මාසමාධිසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති යථාභූතඤාණදස්සනං. යථාභූතඤාණදස්සනෙ සති යථාභූතඤාණදස්සනසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති නිබ්බිදාවිරාගො . නිබ්බිදාවිරාගෙ සති නිබ්බිදාවිරාගසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති විමුත්තිඤාණදස්සනං. සෙය්‍යථාපි, භික්ඛවෙ, රුක්ඛො සාඛාපලාසසම්පන්නො. තස්ස පපටිකාපි පාරිපූරිං ගච්ඡති, තචොපි... ඵෙග්ගුපි... සාරොපි පාරිපූරිං ගච්ඡති. එවමෙවං ඛො, භික්ඛවෙ, සතිසම්පජඤ්ඤෙ සති සතිසම්පජඤ්ඤසම්පන්නස්ස උපනිසසම්පන්නං හොති හිරොත්තප්පං; හිරොත්තප්පෙ සති හිරොත්තප්පසම්පන්නස්ස උපනිසසම්පන්නො හොති...පෙ.... විමුත්තිඤාණදස්සන’’න්ති. පඨමං.
81
“මහණෙනි, සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීමට ලංවූයේ වේ. හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නැසීමට ලංවූයේ වේ. ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ. ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසීමට ලංවූයේ වේ. මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ. තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ. කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ.
“මහණෙනි, යම් සේ ගසක්, කොළ අතු මිරිකී ගියේ (-විපරීත වූයේ) එහි පතුරුද, පිරී වැඩීමට නොයයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩීමට නොයයි. මහණෙනි, මෙසේම වනාහි සිහි නුවණ විපරීත වූවහුට සිහි නුවණ නොපවත්නා කල්හි හිරි ඔතප් දෙක නැසීමට ලංවූයේ වේ. හිරි ඔතප් දෙක විපරීත වූවහුට හිරි ඔතප් දෙක නැති කල්හි ඉඳුරන් සංවර කිරීම නැසීමට ලංවූයේ වේ. ඉඳුරන් සංවර කිරිම විපරිත වූවහුට ඉඳුරන් සංවර කිරීම නැති කල්හි ශීලය නැසීමට ළංවූයේ වේ. ශීලය විපරීත වූවහුට ශීලය නැති කල්හි මනා හිත එකමුතුකම නැසීමට ලංවූයේ වේ. මනා හිත එකමුතුකම විපරීත වූවහුට මනා හිත එකමුතුකම නැති කල්හි තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ. තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම විපරීත වූවහුට තත්වූ පරිද්දෙන් නුවණින් දැකීම නැති කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම නැසීමට ලංවූයේ වේ. කලකිරීමෙන්වූ නොඇල්ම විපරීත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම නොපවත්නා කල්හි (සියලු කෙළෙසුන්ගේ) මිදීම නුවණින් දැකීම නැසීමට ලංවූයේ වේ.
“මහණෙනි, සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.
“මහණෙනි, යම් සේ ගසක් අතු කොළ සහිත වූයේ එහි පතුරුද පිරී වැඩීමට යයි. පොත්තද, එළයද, අරටුවද, පිරී වැඩීමට යයි. මහණෙනි, මෙසේම වනාහි සිහි නුවණ සහිත වූවහුට සිහි නුවණ පවත්නා කල්හි හිරි ඔතප් දෙක ළංවීම් සහිත වෙයි. හිරි ඔතප් සහිත වූවහුට හිරි ඔතප් පවත්නා කල්හි ඉඳුරන් සංවර කිරීම ළංවීම් සහිත වේ. ඉඳුරන් සංවර කිරීම සහිත වූවහුට ඉඳුරන් සංවර කිරීම පවත්නා කල්හි ශීලය ළංවීම් සහිත වේ. ශීලය සහිත වූවහුට ශීලය පවත්නා කල්හි තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ ළංවීම් සහිත වේ. තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ සහිත වූවහුට තත්වූ පරිද්දෙන් දැකීමේ නුවණ පවත්නා කල්හි කලකිරීමෙන්වූ නොඇල්ම ළංවීම් සහිත වේ. කලකිරීමෙන්වූ නොඇල්ම සහිත වූවහුට කලකිරීමෙන්වූ නොඇල්ම පවත්නා කල්හි මිදීම දක්නා නුවණ ළංවීම් සහිත වේ.
2. පුණ්ණියසුත්තං 2. පුණ්ණිය සූත්‍රය
3. මූලකසුත්තං 3. කිංමූලක සූත්‍රය
4. චොරසුත්තං 4. මහා චොරඞ්ග සූත්‍රය
5. සමණසුත්තං 5. තථාගතාධි වචන සූත්‍රය
6. යසසුත්තං 6. මායස්ස මාගම සූත්‍රය
7. පත්තනිකුජ්ජනසුත්තං 7. පත්තනික්කුජ්ජන සූත්‍රය
8. අප්පසාදපවෙදනීයසුත්තං 8. අප්පසාදවෙදන සූත්‍රය
9. පටිසාරණීයසුත්තං 9. පටිසාරණීය කම්ම සූත්‍රය
10. සම්මාවත්තනසුත්තං 10. සම්මාවත්තන සූත්‍රය