ත්‍රිපිටකය
(8) 3. යමකවග්ගො (8) 3. යමක වර්‍ගය
1. පඨමසද්ධාසුත්තං 1. පඨමසද්‍ධ භික්ඛු සූත්‍රය
2. දුතියසද්ධාසුත්තං 2. දුතියසද්‍ධ භික්ඛු සූත්‍රය
3. පඨමමරණස්සතිසුත්තං 3. පඨම මරණසති සූත්‍රය
4. දුතියමරණස්සතිසුත්තං 4. දුතිය මරණ සති සූත්‍රය
74
එකං සමයං භගවා නාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ...පෙ.... මරණස්සති, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා.
‘‘කථං භාවිතා ච, භික්ඛවෙ, මරණස්සති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා? ඉධ, භික්ඛවෙ, භික්ඛු දිවසෙ නික්ඛන්තෙ රත්තියා පතිහිතාය (පටිහිතාය (පී.), (අ. නි. 6.20 පස්සිතබ්බං)) ඉති පටිසඤ්චික්ඛති - ‘බහුකා ඛො මෙ පච්චයා මරණස්ස - අහි වා මං ඩංසෙය්‍ය, විච්ඡිකො වා මං ඩංසෙය්‍ය, සතපදී වා මං ඩංසෙය්‍ය; තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස (මමස්ස (අ. නි. 6.20)) අන්තරායො. උපක්ඛලිත්වා වා පපතෙය්‍යං, භත්තං වා මෙ භුත්තං බ්‍යාපජ්ජෙය්‍ය, පිත්තං වා මෙ කුප්පෙය්‍ය, සෙම්හං වා මෙ කුප්පෙය්‍ය, සත්ථකා වා මෙ වාතා කුප්පෙය්‍යුං , මනුස්සා වා මං උපක්කමෙය්‍යුං, අමනුස්සා වා මං උපක්කමෙය්‍යුං; තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායො’ති. තෙන, භික්ඛවෙ, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘අත්ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායා’’’ති.
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායා’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්‍ය; එවමෙවං ඛො, භික්ඛවෙ, තෙන භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
‘‘සචෙ පන, භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු රත්තිං කාලං කරොන්තස්ස අන්තරායායා’ති , තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු.
‘‘ඉධ පන, භික්ඛවෙ, භික්ඛු රත්තියා නික්ඛන්තාය දිවසෙ පතිහිතෙ ඉති පටිසඤ්චික්ඛති - ‘බහුකා ඛො මෙ පච්චයා මරණස්ස - අහි වා මං ඩංසෙය්‍ය, විච්ඡිකො වා මං ඩංසෙය්‍ය, සතපදී වා මං ඩංසෙය්‍ය; තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායො. උපක්ඛලිත්වා වා පපතෙය්‍යං, භත්තං වා මෙ භුත්තං බ්‍යාපජ්ජෙය්‍ය, පිත්තං වා මෙ කුප්පෙය්‍ය, සෙම්හං වා මෙ කුප්පෙය්‍ය, සත්ථකා වා මෙ වාතා කුප්පෙය්‍යුං, මනුස්සා වා මං උපක්කමෙය්‍යුං, අමනුස්සා වා මං උපක්කමෙය්‍යුං; තෙන මෙ අස්ස කාලකිරියා. සො මම අස්ස අන්තරායො’ති. තෙන, භික්ඛවෙ, භික්ඛුනා ඉති පටිසඤ්චික්ඛිතබ්බං - ‘අත්ථි නු ඛො මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා’’’ති.
‘‘සචෙ , භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘අත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
‘‘සෙය්‍යථාපි, භික්ඛවෙ, ආදිත්තචෙලො වා ආදිත්තසීසො වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තං ඡන්දඤ්ච වායාමඤ්ච උස්සාහඤ්ච උස්සොළ්හිඤ්ච අප්පටිවානිඤ්ච සතිඤ්ච සම්පජඤ්ඤඤ්ච කරෙය්‍ය; එවමෙවං ඛො, භික්ඛවෙ, තෙන භික්ඛුනා තෙසංයෙව පාපකානං අකුසලානං ධම්මානං පහානාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං.
‘‘සචෙ පන, භික්ඛවෙ, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති - ‘නත්ථි මෙ පාපකා අකුසලා ධම්මා අප්පහීනා යෙ මෙ අස්සු දිවා කාලං කරොන්තස්ස අන්තරායායා’ති, තෙන, භික්ඛවෙ, භික්ඛුනා තෙනෙව පීතිපාමොජ්ජෙන විහාතබ්බං අහොරත්තානුසික්ඛිනා කුසලෙසු ධම්මෙසු. එවං භාවිතා ඛො, භික්ඛවෙ, මරණස්සති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’’ති. චතුත්ථං.
74
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක. “මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි.
“මරණ සතිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්ඵල ඇත්තේ වේද ? මහානිශංස ඇත්තේ වේද, නිර්‍වාණයට බැසගත්තේද, නිර්‍වාණය කෙළවරකොට ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම දාවල් කාලය ඉක්මගිය කල්හි රාත්‍රිකාලයෙහි විවේකව හිඳ මෙසේ කල්පනා කරයි. “මාගේ මරණයට බොහෝ කරුණු පැමිණ ඇත. සර්‍පයකු හෝ මා දෂ්ට කරන්නේය. ගෝනුස්සෙකු හෝ මා දෂ්ට කරන්නේය. පත්තෑයකු හෝ මා දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මට අන්තරායක් වන්නේය. මා පැකිලී හෝ වැටේ නම්, මා විසින් අනුභව කරණ ලද බත හෝ වෙනසකට පැමිණියේ නම්, මාගේ පිත හෝ කිපෙන්නේය. සෙම හෝ කිපෙන්නේය. මාගේ ශස්ත්‍රක නම් වාතය කිපෙන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මාගේ අන්තරාය පිණිස වන්නේය.
“එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් මෙසේ කල්පනා කටයුතුයි. ‘මාගේ ලාමකවූ, අප්‍රහීනවූ, පාප ධර්‍මයෝ ඇත්තාහ. යම් හේතුවකින් මා රාත්‍රි කාලයෙහි කාලක්‍රියා කළේ නම් එය අන්තරාය පිණිස වන්නේය.
“එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, හිස ගිනි ගත්තෙක් හෝ, වස්ත්‍ර ගිනි ගත්තෙක් හෝ, ඒ හිස හෝ වස්ත්‍ර හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහිනුවණද ඇතිව වැඩ කරන්නේය.
“එපරිද්දෙන්ම මහණෙනි, ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුතෙම විමසා බලන්නේ මෙසේ දනියි. මාගේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නැත. එය ප්‍රහීන නොවූයේ නම් රාත්‍රියෙහි කාලක්‍රියා කරන්නහුට අනතරාය වන්නේය. මහණෙනි, එබැවින් භික්‍ෂුව විසින් ඒ බලවත් ප්‍රීතියෙන් වාසය කටයුතුය.රෑ දාවල් කුශල ධර්‍ඹයන්හි හික්මීම කටයුතුයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රාත්‍රිය ඉක්මගිය දවසෙහි විවේකව මෙසේ කල්පනා කරයි.’මාගේ මරණයට බොහෝ කරුණු පැමිණ ඇත. සර්‍පයකු හෝ මා දෂ්ට කරන්නේය. ගෝනුස්සෙකු හෝ මා දෂ්ට කරන්නේය. පත්තෑයකු හෝ මා දෂ්ට කරන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මට අන්තරායක් වන්නේය. මා පැකිලී හෝ වැටේ නම්, මා විසින් අනුභව කරණ ලද බත හෝ වෙනසකට පැමිණියේ නම්, මාගේ පිත හෝ කිපෙන්නේය. සෙම හෝ කිපෙන්නේය. මාගේ ශස්ත්‍රක නම් වාතය කිපෙන්නේය. එයින් මාගේ මරණය වන්නේය. එය මාගේ අන්තරාය පිණිස වන්නේය.
“එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් මෙසේ කල්පනා කටයුතුයි. ‘මාගේ ලාමකවූ, අප්‍රහීනවූ, පාප ධර්‍මයෝ ඇත්තාහ. යම් හේතුවකින් මා දාවල් කාලයෙහි කාලක්‍රියා කළේ නම් එය අන්තරාය පිණිස වන්නේය.
“එහෙයින් මහණෙනි, භික්‍ෂුව විසින් ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, හිස ගිනි ගත්තෙක් හෝ, වස්ත්‍ර ගිනි ගත්තෙක් හෝ, ඒ හිස හෝ වස්ත්‍ර හෝ නිවීම පිණිස බලවත් කැමැත්තද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහිනුවණද ඇතිව වැඩ කරන්නේය. එපරිද්දෙන්ම මහණෙනි, ඒ ලාමකවූ අකුශල ධර්‍මයන්ගේ දුරුකිරීම පිණිස බලවත්වූ කැමැත්තද, ව්‍යායාමයද, උත්සාහයද, මහත් උත්සාහයද, පසු නොබැසීමද, සිහියද, විමසන නුවණද කටයුතුය. මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුතෙම විමසා බලන්නේ මෙසේ දනියි. මාගේ ලාමකවූ අකුශල ධර්‍මයෝ නැත. එය ප්‍රහීන නොවූයේ නම් දවාලෙහි කාලක්‍රියා කරන්නහුට අනතරාය වන්නේය. මහණෙනි, එබැවින් භික්‍ෂුව විසින් ඒ බලවත් ප්‍රීතියෙන් වාසය කටයුතුය.රෑ දාවල් කුශල ධර්‍ඹයන්හි හික්මීම කටයුතුයි.
“මහණෙනි, මෙසේ වනාහි මරණ සතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි.”
5. පඨමසම්පදාසුත්තං 5. සංඛිත්ත අට්ඨ සම්පදා සූත්‍රය
6. දුතියසම්පදාසුත්තං 6. විත්‍ථත අට්ඨ සම්පදා සූත්‍රය
7. ඉච්ඡාසුත්තං 7. නිරායත්තවුත්තිච්ඡා සූත්‍රය
8. අලංසුත්තං 8. ඛිප්පනීසන්ති සූත්‍රය
9. පරිහානසුත්තං 9. සෙඛපරිහානි සූත්‍රය
10. කුසීතාරම්භවත්ථුසුත්තං 10. කුසීතවත්‍ථු සූත්‍රය