ත්‍රිපිටකය
(8) 3. යමකවග්ගො (8) 3. යමක වර්‍ගය
1. පඨමසද්ධාසුත්තං 1. පඨමසද්‍ධ භික්ඛු සූත්‍රය
2. දුතියසද්ධාසුත්තං 2. දුතියසද්‍ධ භික්ඛු සූත්‍රය
3. පඨමමරණස්සතිසුත්තං 3. පඨම මරණසති සූත්‍රය
4. දුතියමරණස්සතිසුත්තං 4. දුතිය මරණ සති සූත්‍රය
5. පඨමසම්පදාසුත්තං 5. සංඛිත්ත අට්ඨ සම්පදා සූත්‍රය
6. දුතියසම්පදාසුත්තං 6. විත්‍ථත අට්ඨ සම්පදා සූත්‍රය
7. ඉච්ඡාසුත්තං 7. නිරායත්තවුත්තිච්ඡා සූත්‍රය
8. අලංසුත්තං 8. ඛිප්පනීසන්ති සූත්‍රය
9. පරිහානසුත්තං 9. සෙඛපරිහානි සූත්‍රය
10. කුසීතාරම්භවත්ථුසුත්තං 10. කුසීතවත්‍ථු සූත්‍රය
80
(දි. නි. 3.334, 358) ‘‘අට්ඨිමානි , භික්ඛවෙ, කුසීතවත්ථූනි. කතමානි අට්ඨ? ඉධ, භික්ඛවෙ, භික්ඛුනා කම්මං කත්තබ්බං හොති. තස්ස එවං හොති - ‘කම්මං ඛො මෙ කත්තබ්බං භවිස්සති. කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලමිස්සති. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න වීරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං, භික්ඛවෙ, පඨමං කුසීතවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති - ‘අහං ඛො කම්මං අකාසිං. කම්මං ඛො පන මෙ කරොන්තස්ස කායො කිලන්තො. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න වීරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං, භික්ඛවෙ, දුතියං කුසීතවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති - ‘මග්ගො මෙ ගන්තබ්බො භවිස්සති. මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලමිස්සති. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න වීරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං, භික්ඛවෙ, තතියං කුසීතවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති - ‘අහං ඛො මග්ගං අගමාසිං. මග්ගං ඛො පන මෙ ගච්ඡන්තස්ස කායො කිලන්තො. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න වීරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං භික්ඛවෙ, චතුත්ථං කුසීතවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති - ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො කිලන්තො අකම්මඤ්ඤො. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න වීරියං ආරභති...පෙ.... ඉදං, භික්ඛවෙ, පඤ්චමං කුසීතවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති - ‘අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො ගරුකො අකම්මඤ්ඤො මාසාචිතං මඤ්ඤෙ. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න වීරියං ආරභති...පෙ.... ඉදං, භික්ඛවෙ, ඡට්ඨං කුසීතවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො. තස්ස එවං හොති - ‘උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො අත්ථි කප්පො නිපජ්ජිතුං. හන්දාහං නිපජ්ජාමී’ති. සො නිපජ්ජති, න වීරියං ආරභති...පෙ.... ඉදං, භික්ඛවෙ, සත්තමං කුසීතවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගිලානා වුට්ඨිතො (අ. නි. 6.16 සුත්තවණ්ණනා ටීකා ඔලොකෙතබ්බා) හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති - ‘අහං ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස මෙ කායො දුබ්බලො අකම්මඤ්ඤො. හන්දාහං නිපජ්ජාමී’ති . සො නිපජ්ජති, න වීරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං, භික්ඛවෙ, අට්ඨමං කුසීතවත්ථු. ඉමානි ඛො, භික්ඛවෙ, අට්ඨ කුසීතවත්ථූනි.
(දී. නි. 3.335, 358) ‘‘අට්ඨිමානි , භික්ඛවෙ, ආරම්භවත්ථූනි. කතමානි අට්ඨ? ඉධ, භික්ඛවෙ, භික්ඛුනා කම්මං කත්තබ්බං හොති. තස්ස එවං හොති - ‘කම්මං ඛො මෙ කත්තබ්බං භවිස්සති. කම්මං ඛො මයා කරොන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසි කාතුං. හන්දාහං පටිකච්චෙව වීරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො වීරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං, භික්ඛවෙ, පඨමං ආරම්භවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනා කම්මං කතං හොති. තස්ස එවං හොති - ‘අහං ඛො කම්මං අකාසිං. කම්මං ඛො පනාහං කරොන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසි කාතුං. හන්දාහං වීරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො වීරියං ආරභති. ඉදං, භික්ඛවෙ, දුතියං ආරම්භවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනා මග්ගො ගන්තබ්බො හොති. තස්ස එවං හොති - මග්ගො ඛො මෙ ගන්තබ්බො භවිස්සති. මග්ගං ඛො පන මෙ ගච්ඡන්තෙන න සුකරං බුද්ධානං සාසනං මනසි කාතුං. හන්දාහං වීරියං...පෙ.... ඉදං, භික්ඛවෙ, තතියං ආරම්භවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනා මග්ගො ගතො හොති. තස්ස එවං හොති - අහං ඛො මග්ගං අගමාසිං. මග්ගං ඛො පනාහං ගච්ඡන්තො නාසක්ඛිං බුද්ධානං සාසනං මනසි කාතුං. හන්දාහං වීරියං ආරභාමි...පෙ.... ඉදං, භික්ඛවෙ, චතුත්ථං ආරම්භවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො න ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති - අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො නාලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො ලහුකො කම්මඤ්ඤො. හන්දාහං වීරියං ආරභාමි...පෙ.... ඉදං, භික්ඛවෙ, පඤ්චමං ආරම්භවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො ලභති ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස එවං හොති - අහං ඛො ගාමං වා නිගමං වා පිණ්ඩාය චරන්තො අලත්ථං ලූඛස්ස වා පණීතස්ස වා භොජනස්ස යාවදත්ථං පාරිපූරිං. තස්ස මෙ කායො බලවා කම්මඤ්ඤො. හන්දාහං වීරියං ආරභාමි...පෙ.... ඉදං, භික්ඛවෙ, ඡට්ඨං ආරම්භවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛුනො උප්පන්නො හොති අප්පමත්තකො ආබාධො. තස්ස එවං හොති - උප්පන්නො ඛො මෙ අයං අප්පමත්තකො ආබාධො. ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආබාධො පවඩ්ඪෙය්‍ය. හන්දාහං පටිකච්චෙව වීරියං ආරභාමි...පෙ.... ඉදං, භික්ඛවෙ, සත්තමං ආරම්භවත්ථු.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛු ගිලානා වුට්ඨිතො හොති අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. තස්ස එවං හොති - ‘අහං ඛො ගිලානා වුට්ඨිතො අචිරවුට්ඨිතො ගෙලඤ්ඤා. ඨානං ඛො පනෙතං විජ්ජති යං මෙ ආබාධො පච්චුදාවත්තෙය්‍ය. හන්දාහං පටිකච්චෙව වීරියං ආරභාමි අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායා’ති. සො වීරියං ආරභති අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියාය. ඉදං, භික්ඛවෙ, අට්ඨමං ආරම්භවත්ථු. ඉමානි ඛො, භික්ඛවෙ, අට්ඨ ආරම්භවත්ථූනී’’ති. දසමං.
80
“මහණෙනි, මේ කුසීත වස්තූහු (කම්මැලිකමට කරුණු) අටෙකි.
“කවර අටක්ද? මහණෙනි, මෙහි භික්‍ෂුව විසින් කටයුත්තක් කළ යුතු වේද, ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මා විසින් කටයුත්තක් කළ යුතු වන්නේය’ කියාය. ‘කටයුත්ත කරන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පළමුවන කුසීත වස්තුවය.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් කටයුත්ත කරණ ලද්දේ වේද, ඔහුට මේ සිත වෙයි. ‘මම වනාහි කළයුත්ත කෙළෙමි. කටයුත්ත කරණ මගේ කය වෙහෙසවිය. අනේ මම දැන් හාන්සි වෙමි,’ (කියාය.) හේ හාන්සි වෙයි. වීර්‍ය්‍යය පටන් නොගනී. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනී. මහණෙනි, මෙය දෙවන කුසීත වස්තුවය.
“මහණෙනි, නැවතද භික්‍ෂුව විසින් මග යා යුතු වෙයි. ඔහුට මේ සිත වෙයි. ‘මා විසින් මග යා යුතු වන්නේය,’ (කියාය.) මග යන මාගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය තුන්වන කුසීත වස්තුවය.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග යන ලද්දේය. ඔහුට මේ සිත වෙයි. මම මග ගියෙමි. මග යන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සතරවන කුසීත වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ නියම් ගම හෝ පිඬු පිණිස හැසිරෙන්නේ ඔහුට ප්‍රණීත හෝ, කටුක හෝ, භෝජනයක් ඇති පමණින් සම්පූර්‍ණව නොලැබේද, ඒ මගේ කය ක්ලාන්තය. වලංගු නැත. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පස්වන කුසීත වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ නියම් ගම හෝ පිඬු පිණිස හැසිරෙන්නේ ඔහුට ප්‍රණීත හෝ, කටුක හෝ, භෝජනයක් ඇති පමණින් සම්පූර්‍ණව ලැබේද, ඒ මගේ කය බරය, වලංගු නැත, පෙඟුන මෑ ඇට ලොඩක් මෙනැයි සිතමි. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සයවන කුසීත වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුවට යම්තම් ලෙඩක් ඇතිවූයේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මට වනාහි මේ හාන්සිවීමට සුදුසුවූ යම්තම් ආබාධයක් උපන්නේය. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සත්වන කුසීත වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂු තෙම ලෙඩින් නැගිටියේ වෙයි. ගිලන්කමින් ලඟදී නැගිටියේ වෙයි. ‘ඒ මගේ ඇඟ දුබලය. වලංගු නැත. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය අටවන කුසීත වස්තුවයි. මහණෙනි, මේ කුසීත වස්තු අටය.
“මහණෙනි, මේ වීර්‍ය්‍ය වස්තු අටකි.
“කවර අටක්ද යත්? මහණෙනි, භික්‍ෂුව විසින් කටයුත්තක් කළ යුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මා විසින් කටයුත්තක් කළයුතු වන්නේය. කටයුත්තක් කරණ මට බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට පහසු නැත. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ පළමුවන වීර්ය වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව වැඩය කළේ වෙයි. ඔහුට මෙසේ සිතක් වේ. ‘මම වැඩය කෙළෙමි. මම වැඩය කරන්නෙමි. බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට නොහැකිවීමි. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ දෙවන වීර්ය වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග යායුතු වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මා විසින් මග යා යුතු වන්නේය. මග යන්නාවූ මට බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට පහසු නොවේ. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ තුන්වන වීර්ය වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග ගියේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මම මග ගියෙමි. මම මග යන්නෙමි. බුදුන්ගේ අවවාදය මෙනෙහි කරන්නට නොහැකිවීමි. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ සතරවන වීර්ය පටන්ගැනීමයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත භෝජනයක් ඇති පමණ පුරා නොලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මම වනාහි ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා නොලදිමි. ඒ මගේ ඇඟ සැහැල්ලුය. වලංගුය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ පස්වන වීර්ය වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා ලබයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මම වනාහි ගම හෝ, නියම් ගම හෝ, පිඬු පිණිස හැසිරෙනුයේ, කටුක හෝ ප්‍රණීත හෝ භෝජනය ඇති පමණ පුරා ලදිමි. ඒ මගේ ඇඟ බලවත්ය, වලංගුය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ සවන වීර්ය වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුවට යම්තම් ලෙඩක් වූයේ වේ. ඔහුට මෙසේ සිතක් වේ. ‘මට මේ යම්තම් ලෙඩක් වුණේය. මෙබඳු කරුණක් පෙනේ. යම් හෙයකින් මගේ ලෙඩ වැඩිවිය හැකිය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ සත්වන වීර්ය වස්තුවයි.
“මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ලෙඩින් නැගිටියේ වේ. ගිලන්කමින් ලඟදී නැගිටියේ වේ. ඔහුට මෙසේ සිතක් වේ. ‘මම වනාහි ලෙඩින් නැගිටියෙමි. ගිලන්කමින් ලඟදී නැගිටියේ වෙමි. මෙබඳු කරුණක් පෙනේ. යම් හෙයකින් මගේ ලෙඩ නැවත මතු විය හැකිය. ඔව්, මම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, පළමුකොටම වීර්‍ය්‍යය පටන් ගනිමි. හෙතෙම නොපැමිණියට පැමිණීමට, අවබෝධ නොකළ දෙය අවබෝධ කිරීමට, අත් නොදුටු දේ අත් දැකීමට, වීර්‍ය්‍යය පටන් ගනී. මහණෙනි, මේ අටවන වීර්ය වස්තුවයි. මහණෙනි, මේ වීර්‍ය්‍ය වස්තු අටය.