(6) 1. ගොතමීවග්ගො | (6) 1. ගොතමී වර්ගය |
1. ගොතමීසුත්තං | 1. (මහා පජාපතී) ගොතමී සූත්‍රය |
51
එකං
දුතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච - ‘‘සාධු, භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජ’’න්ති. ‘‘අලං, ගොතමි! මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා’’ති. ‘‘තතියම්පි ඛො මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච - ‘‘සාධු භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජ’’න්ති. ‘‘අලං, ගොතමි! මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා’’ති.
අථ ඛො මහාපජාපතී ගොතමී ‘‘න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ
අථ ඛො භගවා කපිලවත්ථුස්මිං යථාභිරන්තං විහරිත්වා යෙන වෙසාලී තෙන චාරිකං පක්කාමි
අද්දසා ඛො ආයස්මා ආනන්දො මහාපජාපතිං ගොතමිං සූනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛිං දුම්මනං අස්සුමුඛිං රුදමානං බහිද්වාරකොට්ඨකෙ ඨිතං. දිස්වාන මහාපජාපතිං ගොතමිං එතදවොච - ‘‘කිං නු ත්වං, ගොතමි, සූනෙහි පාදෙහි රජොකිණ්ණෙන ගත්තෙන දුක්ඛී දුම්මනා අස්සුමුඛී රුදමානා බහිද්වාරකොට්ඨකෙ ඨිතා’’ති? ‘‘තථා හි පන, භන්තෙ ආනන්ද, න භගවා අනුජානාති මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජ’’න්ති. ‘‘තෙන හි ත්වං, ගොතමි, මුහුත්තං ඉධෙව තාව හොහි, යාවාහං භගවන්තං යාචාමි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජ’’න්ති.
අථ
දුතියම්පි ඛො...පෙ.... තතියම්පි ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘සාධු, භන්තෙ, ලභෙය්ය මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජ’’න්ති. ‘‘අලං, ආනන්ද! මා තෙ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා’’ති.
අථ
‘‘සචෙ, ආනන්ද, මහාපජාපතී ගොතමී අට්ඨ ගරුධම්මෙ පටිග්ගණ්හාති, සාවස්සා හොතු උපසම්පදා -
(පාචි. 149; චූළව. 403) ‘‘වස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහූපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කත්තබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුං කත්වා
(ගරුකත්වා (සී. ස්‍යා. පී.)) මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
‘‘න භික්ඛුනියා අභික්ඛුකෙ ආවාසෙ වස්සං උපගන්තබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුං කත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
‘‘අන්වඩ්ඪමාසං භික්ඛුනියා භික්ඛුසඞ්ඝතො ද්වෙ ධම්මා පච්චාසීසිතබ්බා
(පච්චාසිංසිතබ්බා (සී. ස්‍යා. පී.)) - උපොසථපුච්ඡකඤ්ච, ඔවාදූපසඞ්කමනඤ්ච
‘‘වස්සංවුට්ඨාය
‘‘ගරුධම්මං
‘‘ද්වෙ වස්සානි ඡසු ධම්මෙසු සික්ඛිතසික්ඛාය සික්ඛමානාය උභතොසඞ්ඝෙ උපසම්පදා පරියෙසිතබ්බා. අයම්පි ධම්මො සක්කත්වා ගරුං කත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
‘‘න කෙනචි පරියායෙන භික්ඛුනියා භික්ඛු අක්කොසිතබ්බො පරිභාසිතබ්බො. අයම්පි ධම්මො සක්කත්වා ගරුං කත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
‘‘අජ්ජතග්ගෙ ඔවටො භික්ඛුනීනං භික්ඛූසු වචනපථො, අනොවටො භික්ඛූනං භික්ඛුනීසු වචනපථො. අයම්පි ධම්මො සක්කත්වා ගරුං කත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො.
‘‘සචෙ, ආනන්ද, මහාපජාපතී ගොතමී ඉමෙ අට්ඨ ගරුධම්මෙ පටිග්ගණ්හාති, සාවස්සා හොතු උපසම්පදා’’ති.
අථ ඛො ආයස්මා ආනන්දො භගවතො සන්තිකෙ ඉමෙ අට්ඨ ගරුධම්මෙ උග්ගහෙත්වා යෙන මහාපජාපතී ගොතමී තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා මහාපජාපතිං ගොතමිං එතදවොච -
‘‘සචෙ ඛො ත්වං, ගොතමි, අට්ඨ ගරුධම්මෙ පටිග්ගණ්හෙය්යාසි, සාව තෙ භවිස්සති උපසම්පදා -
‘‘වස්සසතූපසම්පන්නාය භික්ඛුනියා තදහූපසම්පන්නස්ස භික්ඛුනො අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං සාමීචිකම්මං කත්තබ්බං. අයම්පි ධම්මො සක්කත්වා ගරුං කත්වා මානෙත්වා පූජෙත්වා යාවජීවං අනතික්කමනීයො...පෙ.....
‘‘අජ්ජතග්ගෙ
‘‘සෙය්යථාපි
අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘පටිග්ගහිතා, භන්තෙ, මහාපජාපතියා ගොතමියා අට්ඨ ගරුධම්මා යාවජීවං අනතික්කමනීයා’’ති.
‘‘සචෙ, ආනන්ද, නාලභිස්ස මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරට්ඨිතිකං, ආනන්ද, බ්රහ්මචරියං අභවිස්ස, වස්සසහස්සමෙව සද්ධම්මො තිට්ඨෙය්ය. යතො ච ඛො, ආනන්ද, මාතුගාමො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො, න දානි, ආනන්ද, බ්රහ්මචරියං චිරට්ඨිතිකං භවිස්සති. පඤ්චෙව දානි, ආනන්ද, වස්සසතානි සද්ධම්මො ඨස්සති.
‘‘සෙය්යථාපි, ආනන්ද, යානි කානිචි කුලානි බහුත්ථිකානි
(බහුකිත්ථිකානි (සී. පී.), බහුඉත්ථිකානි (ස්‍යා.)) අප්පපුරිසකානි, තානි සුප්පධංසියානි හොන්ති චොරෙහි කුම්භත්ථෙනකෙහි; එවමෙවං ඛො, ආනන්ද, යස්මිං ධම්මවිනයෙ ලභති මාතුගාමො අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, න තං බ්රහ්මචරියං චිරට්ඨිතිකං හොති.
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි
|
51
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය.
“ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.” දෙවනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය. “ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.” තුන්වෙනුවත් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය. “ගොතමිය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.”
ඉක්බිති මහා ප්‍රජාපතී ගොතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදේයයි දුක්වූවා, සිත නරක් වූවා, කඳුළු පිරුණු ඇසින් යුක්තව, බුදුන් වැඳ ප්රදක්ෂිණා කොට ගියාය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවර කැමතිතාක් කල් වැස, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි වැඩි සේක. පිළිවෙළින් චාරිකාවෙහි හැසිරෙන්නේ, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි විසූහ. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ හිසකෙස් සිඳුවා, කසට වස්ත්‍ර හැඳ, බොහෝ ශාක්‍ය ස්ත්‍රීන් සමග, විශාලා මහනුවර යම් තැනෙක්හිද, එහි වැඩි සේක. අනුක්රමයෙන් විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාව යම් තැනෙක්හිද, එහි පැමිණියාය.
“ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින්, ධූලි වැකුණු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත සිටියාය. ආයුෂමත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඉදිමුණු පා ඇතිව, ධූලි වැකුණු අවයව ඇතිව, දුක්වූ, සිත නරක්වූ, කඳුළු පිරුණු මූන ඇතිව, අඬමින් දොරටුවෙන් පිටත සිටි මහා ප්‍රජාපතී ගොතමිය දැක, “ගොතමිය, නුඹ ඉදිමුණු පා වලින්, ධූලි වැකුණු අවයවවලින්, දුක්වූවා, සිත නරක්වූවා, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත කුමක් නිසා සිටින්නෙහිද?”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන් වහන්ස, එසේමය. භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙති” “ගොතමිය, එසේ වී නම් යම්තාක් මම ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි පැවිද්ද ඉල්වම්ද, ඒතාක් මෙසේම ඈත්ව සිටින්නැ” යි කීසේක.
“ඉක්බිති, ආයුෂමත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂමත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ ඉදිමී ගිය පයින්, ධූලි වැකුණු සිරුරින්, දුක් වෙමින්, නරක්වූ සිතින්, කඳුළු පිරුණු ඇස් ඇත්තී, අඬමින් දොරටුවෙන් පිටත සිටියාය. “ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කියයි. ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යෙහෙකැ” යි කී සේක.
“ආනන්දය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.” දෙවනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, “ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යෙහෙකැ” යි කී සේක. “ආනන්දය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.” තුන්වෙනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, “ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිකවූ පැවිද්ද ලබන්නේ නම් යෙහෙකැ” යි කී සේක. “ආනන්දය, කම් නැත. ස්ත්‍රිය විසින් තථාගතයන් වහන්සේ වදාල ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව තොපට රුචි නොවේවා.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට “භාග්‍යවතුන් වහන්සේ, ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිද්දට අවසර නොදෙති. ස්ත්‍රියට තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද අන් අයුරකින් ඉල්වන්නේ නම් යෙහෙකැ” යි සිතූ සේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්රත්යක්ෂ කරන්ට සුදුසුදැ” යි ඇසූ සේක. ආනන්දය, ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්රත්යක්ෂ කරන්ට සුදුසුය.”
“ඉදින් ස්වාමීනි, ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික සංඛ්‍යාත පැවිද්ද ලබා සෝවාන් ඵලය හෝ සකෘදාගාමී ඵලය හෝ අනාගාමී ඵලය හෝ අර්හත් ඵලය හෝ ප්රත්යක්ෂ කරන්ට සුදුසු නම් ස්වාමීනි, මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාරීය. මවගේ සහෝදරියය. මවකළුරිය කළාට පසු භාග්‍යවතුන් වහන්සේව දැඩිකළාය. පොෂ්ය කළාය. කිරි පෙවීය. ස්වාමීනි, ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරික නම් ශාසනයෙහි පැවිද්ද ලබන්නේ නම් යෙහෙකැ” යි සැළකළ සේක.
“ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ බර කරුණු අටක් පිළිගන්නේ නම් එයම ඇයට උපසම්පදාව වේවා.
“උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික්ෂුණිය විසින්ද එදා උපසම්පදා වූ මහණහට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම දොහොත් මුදුන් දීම, ගෞරවය, කටයුතුය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය.
“භික්ෂුණිය විසින් භික්ෂූන් නැති ආවාසයක වස් නොවිසිය යුතුය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. අඩ මසකට වරක් භික්ෂුණිය විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාරීමද, අවවාද ඇසීමට පැමිණීද කට යුතුයි. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. වස් විසූ භික්ෂුණිය විසින් භික්ෂු සංඝයා කෙරෙහි කරුණු තුනකින් පවාරණය කටයුතුය.
“දැකීමෙන් හෝ, ඇසීමෙන් හෝ, මුත වශයෙන් දැයි යන තුනෙනි. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. ගරු ඇවැතකට පැමිණි භික්ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක්ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. දෙ වර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. කිසියම් කරුණකින් භික්ෂුණිය විසින් භික්ෂූන්ට ආක්‍රොශ නොකළ යුතුය. පරිභව නොකළ යුතුය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය.
“ආනන්දය, අද පටන් භික්ෂුණීන්ට භික්ෂූන් කෙරෙහි වචන මාර්ගය වැසූයේය. භික්ෂුණීන්ට භික්ෂූන් කෙරෙහි වචන මාර්ගය නොවැසුවේය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. ආනන්දය, ඉදින් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ මේ ගරු ධර්ම අට පිළිගනීද එයම ඇයට උපසම්පදාවක් වේවා.”
ඉක්බිති ආයුෂමත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගරු ධර්ම අට උගෙන මහා ප්‍රජාපතී ගෝතමිය යම් තැනෙක්හිද, එහි වැඩි සේක. වැඩ, මහා ප්‍රජාපතී ගෝතමියට, “ගොතමිය, ඉදින් ඔබ බර පොරොන්දු අටක් පිළිගන්නෙහි නම් එයම තොපට උපසම්පදාව වේ.
“උපසම්පදා වී වර්ෂ සියයක් ගිය භික්ෂුණිය විසින්ද එදා උපසම්පදා වූ මහණහට වැඳීම, දැක හුනස්නෙන් නැගිටීම දොහොත් මුදුන් දීම, ගෞරවය, කටයුතුය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය.
“භික්ෂුණිය විසින් භික්ෂූන් නැති ආවාසයක වස් නොවිසිය යුතුය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. අඩ මසකට වරක් භික්ෂුණිය විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාරීමද, අවවාද ඇසීමට පැමිණීද කට යුතුයි. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. වස් විසූ භික්ෂුණිය විසින් භික්ෂු සංඝයා කෙරෙහි කරුණු තුනකින් පවාරණය කටයුතුය.
“දැකීමෙන් හෝ, ඇසීමෙන් හෝ, මුත වශයෙන් දැයි යන තුනෙනි. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. ගරු ඇවැතකට පැමිණි භික්ෂුණිය විසින් සංඝයා දෙකොටස වෙත පක්ෂයක් පුරණ හික්මීමෙහි හැසිරිය යුතුයි. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. දෙ වර්ෂයක් ධර්ම සයෙක්හි හික්මෙන ලද හික්මීම් ඇතිව හික්මෙන්නිය විසින් දෙ වැදෑරුම් සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුතුය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. කිසියම් කරුණකින් භික්ෂුණිය විසින් භික්ෂූන්ට ආක්‍රොශ නොකළ යුතුය. පරිභව නොකළ යුතුය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය.
“අද පටන් භික්ෂුණීන්ට භික්ෂූන් කෙරෙහි වචන මාර්ගය වැසූයේය. භික්ෂුණීන්ට භික්ෂූන් කෙරෙහි වචන මාර්ගය නොවැසුවේය. මේ ධර්මය සත්කාර කොට, ගරු කොට, පූජා කොට ජීවිතාන්තය දක්වා නොඉක්මවිය යුතුය. ඉදින් මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ මේ ගරු ධර්ම අට පිළිගනීද එයම ඇයට උපසම්පදාවක් වේවා.”
“ගොතමිය, ඉදින් ඔබ බර පොරොන්දු අටක් පිළිගන්නෙහි නම් එයම තොපට උපසම්පදාව වේ.
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයෙනි, සත්‍රියක් හෝ, පුරුෂයෙක් හෝ, ළදරු වූයේ, තරුණ වූයේ, සැරසීම ස්වභාවකොට ඇත්තේ, හිස පටන් නෑවේ, උපුල් මල් මාලාවක් හෝ, ඉද්ද මල් මාලාවක් හෝ, කෝඹු මල් මාලාවක් හෝ, ලබා දෑතින් පිළිගෙන, උත්තමාඞ්ගයවූ හිසෙහි පිහිටුවන්නේය. ස්වාමීනි, එසේම මම දිවි ඇතිතාක් නොඉක්මවිය යුතුවූ මේ ගරු ධර්ම අට පිළිගන්නෙමි.”
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටි සේක. එකත් පසෙක සිටි ආයුෂමත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, මහා ප්‍රජාපතී ගෝතමිය විසින් දිවි ඇතිතාක් නොඉක්මවිය යුතුයයි අෂ්ට ගරු ධර්මයන් පිළිගන්නා ලදී.
“ආනන්දය, ඉදින් ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනයෙහි පැවිද්ද නොලැබූයේ නම්, ආනන්දය, බ්‍රහ්මචර්‍ය්‍යය බොහෝ කල් සිටියේ වන්නේය. වර්ෂ දහසක් සද්ධර්මය පිහිටන්නේය. ආනන්දය, යම් දවසෙක සිට ස්ත්‍රිය තථාගතයන් වහන්සේ විසින් වදාළ ධර්ම විනයෙහි ගිහිගෙන් නික්ම අනගාරිය නම් සස්නෙහි පැවිදි වූයේද, ආනන්දය, දැන් බ්රහ්මවර්ය්යය (ශාසනය) බොහෝ කල් නොපවත්නේය. ආනන්දය, දැන් වර්ෂ පන්සියයක් සද්ධර්මය සිටින්නේය.
“ආනන්දය, යම්සේ යම්කිසි කුලයක ස්ත්‍රීහු වැඩිවෙත්ද, පුරුෂයන් අඩුවෙත්ද, ඒ කුල ගම් පහරණ සොරුන් විසින් පහසුවෙන් මැඩ පැවැත්විය යුත්තාහු වෙත්. ආනන්දය, එසේම යම් ධර්ම විනයෙක්හි ස්ත්‍රිය ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිද්ද ලබයිද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය (ශාසනය) බොහෝ කල් නොපවත්නේ වේ.
“ආනන්දය, සම්පූර්ණවූ හැල් කෙතෙහි සුදු ඇට ඇති රෝගය පහළවේද, එසේ ඒ හැල් කෙත බොහෝ කල් නොපවත්නේ වේ. ආනන්දය, එසේම ස්ත්‍රිය යම් ධර්ම වින යෙක්හි පැවිද්ද ලබයිද, ඒ ධර්ම විනය බොහෝ කල් නොපවතී. ආනන්දය, යම් සේ වැඩුණු උක් හේන කමඤ්ජෙට්ඨික නම් රෝගය වැටෙයිද, එසේ ඒ උක් කෙත බොහෝ කලක් නොපවතී. ආනන්දය, එසේම යම් ධර්ම විනයෙක්හි ස්ත්‍රිය ගිහිගෙයින් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවේද, ඒ බ්‍රහ්මචර්‍ය්‍යය (ශාසනය) බොහෝ කල් නොපවත්නේ වේ. ආනන්දය, පුරුෂයෙක් යම් සේ මහත් විලකට මුලින් ජලය නොඉක්මීම පිණිස ඉවුරක් බඳින්නේය. ආනන්දය, එසේම මා විසින් ප්‍රථම කොට භික්ෂුණීන්ට දිවිහිම්කොට නොඉක්මවිය යුතුවූ ගරු ධර්ම අටක් පණවන ලදී.”
|
2. ඔවාදසුත්තං | 2. භික්ඛු නොවාදක සූත්‍රය |
52
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච - ‘‘කතිහි නු ඛො, භන්තෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භික්ඛුනොවාදකො සම්මන්නිතබ්බො’’ති?
(පාචි. 147) ‘‘අට්ඨහි ඛො, ආනන්ද, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භික්ඛුනොවාදකො සම්මන්නිතබ්බො. කතමෙහි අට්ඨහි? ඉධානන්ද, භික්ඛු සීලවා හොති...පෙ.... සමාදාය සික්ඛති සික්ඛාපදෙසු; බහුස්සුතො හොති...පෙ.... දිට්ඨියා සුප්පටිවිද්ධා; උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි
|
52
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටි සේක. එකත්පසෙක සිටි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කරුණු කීයකින් යුක්තවූ මහණ තෙමේ භික්ෂුණීනට අවවාද දෙන්නියක් වශයෙන් සම්මත කළ යුතුදැ” යි ඇසූ සේක.
“ආනන්දය, කරුණු අටකින් යුක්තවූ මහණතෙම භික්ෂුනීන්ට අවවාද කරන්නෙකැයි සම්මත කළ යුතුය. කිනම් අටකින්ද යත්, ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා හැසිරීමෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්ෂා පද සමාදන්ව රකීද, බහුශ්‍රුත වේද, අසන ලද්ද දරන ලද්දේ, රැස්කරණ ලද්දේ වේද,
ඔහුට ප්‍රාති මොක්ෂ දෙක (භික්ෂු භික්ෂුනී) විස්තර වශයෙන් කට පාඩම් වෙත්ද, බෙදන ලද්දාහු වෙත්ද, පවත්වන ලද්දාහු වෙත්ද, සූත්‍ර වශයෙන්, අනු ව්‍යඤ්ජන වශයෙන්, තීන්දු කරණ ලද්දාහු වෙත්ද, යහපත් වචන ඇත්තේ වේද, යහපත් ප්‍රකාශ කිරීම් ඇත්තේ, ඎජුව කියන, කෙළ තොලු නොවූ අර්ත්ථය ප්‍රකාශ කරණ නාගරික වචනයෙන් යුක්තවූයේ වේද, භික්ෂුණී සංඝයා දැහැමි කථාවෙන් කරුණු සහිතව පෙන්වන්නට, සමාදන් කරවන්නට, තෙද ගන්වන්නට, සතුටු කිරීමට දක්ෂ වේද, බොහෝ සෙයින් භික්ෂූන්ට ප්‍රිය වේද, මන වඩන්නේ වේද, භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි නොවූ කහ වස්ත්‍ර අඳින මොහු, පෙර ගරු ඇවතකට නොපැමිණි කෙනෙක් වන්නේද,
“විසි වස් ඇත්තේ හෝ, විසි වසට වැඩිවූයේ වේද, ආනන්දය් මේ කරුණු අටින් යුක්තවූ මහණ තෙම භික්ෂූන්ට අවවාද කරන්නෙකු වශයෙන් සම්මත කළ යුතුයි.”
|
3. සංඛිත්තසුත්තං | 3. ගොතමියොවාද සූත්‍රය |
53
(චූළව. 406) එකං
‘‘සාධු
‘‘යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්යාසි - ‘ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති, නො සරාගාය; විසංයොගාය සංවත්තන්ති, නො සංයොගාය; අපචයාය සංවත්තන්ති, නො ආචයාය; අප්පිච්ඡතාය සංවත්තන්ති, නො මහිච්ඡතාය; සන්තුට්ඨියා සංවත්තන්ති, නො අසන්තුට්ඨියා; පවිවෙකාය සංවත්තන්ති, නො සඞ්ගණිකාය
|
53
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා හුදතලාවූ, අප්‍රමාදවූ, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, කාය ජීවිත දෙක්හි අපෙක්ෂා රහිතව වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට සංක්ෂෙපයෙන් ධර්ම දේශනා කරණු ලැබේවා.”
“ගොතමිය, මේ ධර්මයෝ තෘෂ්ණාව පිණිස පවතිත්, තෘෂ්ණා ක්ෂයවීම පිණිස නොවෙත්යයි නුඹ යම් ධර්මයක් දන්නෙහිද?”
“එක්වීම පිණිස පවතිත්, වියෝගය පිණිස නොපවතිත්. රැස්කිරීම පිණිස පවතිත්, රැස් නොකිරීම පිණිස නොපවතිත්. මහා තෘෂ්ණාව පිණිස පවතිත්, ආශා නැති බව පිණිස නොපවතිත්. නොසෑහීම පිණිස පවතිත්, සෑහීම පිණිස නොපවතිත්. පිරිස් සහිත බව පිණිස පවතිත්, විවේකය පිණිස නොපවතිත්. කුසීත බව පිණිස පවතිත්, වීර්‍ය්‍යය පිණිස නොපවතිත්. දුකසේ පෝෂ්‍ය කටයුතු බවට පැමිණෙත්, සුවසේ පොෂ්ය කටයුතු බවට නොපැමිණෙත් යයි යම් ධර්ම කෙනෙක් දනිත් නම්, ගොතමිය, ඒකාන්තයෙන් මේ ධර්මය නොවේ, මේ විනය නොවේ, මේ ශාස්තෘ ශාසනය නොවේයයි දැන ගනුව.” “එක්වීම පිණිස නොපවතිත්, වියෝගය පිණිස වෙත්. රැස්කිරීම පිණිස නොපවතිත්, රැස් නොකිරීම පිණිස වෙත්. මහා තෘෂ්ණාව පිණිස නොපවතිත්, ආශා නැති බව පිණිස වෙත්. නොසෑහීම පිණිස නොපවතිත්, සෑහීම පිණිස වෙත්. පිරිස් සහිත බව පිණිස නොපවතිත්, විවේකය පිණිස වෙත්. කුසීත බව පිණිස නොපවතිත්, වීර්‍ය්‍යය පිණිස වෙත්. දුකසේ පෝෂ්‍ය කටයුතු බවට නොපැමිණෙත්, සුවසේ පොෂ්ය කටයුතු බවට වෙත් යයි යම් ධර්ම කෙනෙක් දනිත් නම්, ගොතමිය, ඒකාන්තයෙන් මේ ධර්මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනය යයි දරව.”
|
4. දීඝජාණුසුත්තං | 4. ව්‍යග්ගපජ්ජ (දීඝජානු) සූත්‍රය |
54
එකං සමයං භගවා කොලියෙසු විහරති කක්කරපත්තං නාම කොලියානං නිගමො. අථ ඛො දීඝජාණු කොලියපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දීඝජාණු කොලියපුත්තො භගවන්තං එතදවොච - ‘‘මයං, භන්තෙ, ගිහී කාමභොගිනො
(කාමභොගී (සී. ස්‍යා. පී.)) පුත්තසම්බාධසයනං අජ්ඣාවසාම, කාසිකචන්දනං පච්චනුභොම
‘‘චත්තාරොමෙ, බ්‍යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති දිට්ඨධම්මසුඛාය. කතමෙ චත්තාරො? උට්ඨානසම්පදා, ආරක්ඛසම්පදා, කල්යාණමිත්තතා, සමජීවිතා
(සමජීවිකතා (සී.) අ. නි. 8.75). කතමා
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, ආරක්ඛසම්පදා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවීරියාධිගතා
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, කල්යාණමිත්තතා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති, තත්ථ යෙ තෙ හොන්ති - ගහපතී වා ගහපතිපුත්තා වා දහරා වා වුද්ධසීලිනො, වුද්ධා වා වුද්ධසීලිනො, සද්ධාසම්පන්නා, සීලසම්පන්නා, චාගසම්පන්නා, පඤ්ඤාසම්පන්නා - තෙහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති; යථාරූපානං සද්ධාසම්පන්නානං සද්ධාසම්පදං අනුසික්ඛති, යථාරූපානං සීලසම්පන්නානං සීලසම්පදං අනුසික්ඛති, යථාරූපානං චාගසම්පන්නානං චාගසම්පදං අනුසික්ඛති, යථාරූපානං පඤ්ඤාසම්පන්නානං පඤ්ඤාසම්පදං අනුසික්ඛති. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, කල්යාණමිත්තතා.
‘‘කතමා
‘‘එවං සමුප්පන්නානං, බ්‍යග්ඝපජ්ජ, භොගානං චත්තාරි අපායමුඛානි හොන්ති - ඉත්ථිධුත්තො, සුරාධුත්තො, අක්ඛධුත්තො, පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො. සෙය්යථාපි, බ්‍යග්ඝපජ්ජ, මහතො තළාකස්ස චත්තාරි චෙව
‘‘එවං සමුප්පන්නානං, බ්‍යග්ඝපජ්ජ, භොගානං චත්තාරි ආයමුඛානි හොන්ති - න ඉත්ථිධුත්තො, න සුරාධුත්තො, න අක්ඛධුත්තො
‘‘චත්තාරොමෙ, බ්‍යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්ස සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛාය. කතමෙ චත්තාරො? සද්ධාසම්පදා, සීලසම්පදා
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, සීලසම්පදා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, සීලසම්පදා.
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, චාගසම්පදා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, චාගසම්පදා.
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, පඤ්ඤාසම්පදා? ඉධ
‘‘උට්ඨාතා කම්මධෙය්යෙසු, අප්පමත්තො විධානවා;
සමං කප්පෙති ජීවිකං
(ජීවිතං (ක.)), සම්භතං අනුරක්ඛති.
‘‘සද්ධො සීලෙන සම්පන්නො, වදඤ්ඤූ වීතමච්ඡරො;
නිච්චං
‘‘ඉච්චෙතෙ
අක්ඛාතා සච්චනාමෙන, උභයත්ථ සුඛාවහා.
‘‘දිට්ඨධම්මහිතත්ථාය, සම්පරායසුඛාය ච;
එවමෙතං ගහට්ඨානං, චාගො පුඤ්ඤං පවඩ්ඪතී’’ති. චතුත්ථං;
|
54
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් කෝලියයන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි දීඝජානු නම් කෝලිය පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි දීඝජානු කොලිය පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ගිහිවූ, කාමභොගීවු අපි පුත්‍රයන්ගේ පීඩාවෙන් වසමු. කසී සළු හා සඳුන් පාවිච්චි කරමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී මසු කහවනු දරමු. ස්වාමීනි, ඒ අපට යම් ධර්ම කෙනෙක් මෙලොව යහපත පිණිසද, මෙලොව සැප පිණිසද, පරලොව සැප පිණිසද වන්නාහු නම්, එසේ ධර්ම දේශනා කරනු ලැබේ.”
“ව්‍යග්ඝපජ්ජය, මේ ධර්ම සතරක් කුල පුත්‍රයාට මෙලොව යහපත පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්? උත්සාහ සම්පත්තිය, ආරක්ෂා සම්පත්තිය, යහපත් මිතුරන් ඇතිබව, ආදායමට සමාන ජීවිකාව යන සතරයි.
“ව්‍යග්ඝපජ්ජය, උත්සාහ සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, ආරක්ෂා සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුල පුත්‍රයාට උඨාන වීර්‍ය්‍යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්ෂා කරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ආරක්ෂා සම්පදාවයයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, කළ්‍යාණ මිත්‍ර බව කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්‍රද්ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ශීලයෙන් යුත්, ත්‍යාගයෙන් යුත්, ප්‍රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්‍රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද,
“යම්බඳු ශ්රද්ධාවන්තයන්ගේ ශ්රද්ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්‍යාගවන්තයන්ගේ ත්‍යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවට අනුව හික්මෙයිද, ව්‍යග්ඝපජ්ජය, මේ කළ්‍යාණ මිත්‍ර භාවයයි.
“ව්‍යග්ඝපජ්ජය, සමජීවික බව කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි.
“ව්‍යග්ඝපජ්ජය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද,
“ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුලපුත්‍ර තෙමේ අය අඩු වූයේම මහත් ජීවිකාවක් කරයි. ඔහුට මේ කුලපුත්‍ර තෙමේ දිඹුල් කන්නාක් මෙන් භෝගයන් කායයි කියන්නෝ කියත්. ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුල පුත්‍ර තෙමේ බොහෝ අය ඇත්තේම දුකසේ ජීවිකාව කරයිද, මේ කුලපුත්‍ර තෙම වස්තුව තිබෙද්දීත් නොකා මැරෙන්නේයයි කියන්නෝ වෙත්. ව්‍යග්ඝපජ්ජය, යම් කලෙක පටන් මේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වැයද දැන, සමව ජීවිකාව කරයිද, ඉතා වැඩියත්, ඉතා අඩුවත් නොකරයිද, මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැයම, අය මැඩගෙන නොසිටියි. ව්‍යග්ඝපජ්ජය, මේ සම ජීවිකාවයි.
“ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන්නාවූ භෝගයන්ට විනාශමුඛ සතරක් වෙත්. ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව, සුරාවෙහි ලොල් බව, සූදුවෙහි ලොල් බව, පවිටු මිත්‍රයන්, පවිටු යහලුවන්, පවට නැමීම ඇති බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, යම්සේ මහත් විලක පිරෙන දොරටු සතරක් වෙත්ද, පුරුෂයෙක් තෙම එහි පිරෙන දොරටු ඇද්ද, එය වසන්නේය. පිටවෙන මුඛ වෙත්ද, ඒවා හරින්නේය. වර්ෂාවද යහපත්කොට නොවසින්නේය. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඒ විල පිරිහීමක්ම කැමති විය යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.
“ව්‍යග්ඝපජ්ජය, එසේම ව්‍යග්ඝපජ්ජය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද, ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයන්ගේ අය මාර්ග සතරක් වෙත්. ස්ත්‍රී ලොල් නොවීම, සුරා ලොල් නොවිම, සූදුවෙහි ලොල් නොවීම, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, මහත් විලෙක පිරෙන දොර සතරක් වෙත්ද, පිටවෙන දොරටු සතරක් ඇද්ද, ඒවා වසත්ද, වර්ෂාවද යහපත් සේ ධාරා හෙලයිද, ව්‍යග්ඝපජ්ජය, එසේ මහත් විලේ වැඩීමක්ම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි. ව්‍යග්ඝපජ්ජය, එසේම මෙසේ උපන් වස්තූන්ට මෙසේ පිරෙන දොරටු සතරක් වෙත්ද, ස්ත්‍රී ලොල් නොවේද, සුරා ලොල් නොවේද, සූදුවෙහි ලොල් නොවේද, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ධර්ම සතර කුලපුත්‍රයාට මෙලොව හිත පිණිස පවතිත්, මෙලොව සැප පිණිස පවතිත්.
“ව්‍යග්ඝපජ්ජය, ධර්ම සතරක් කුල පුත්‍රයාට පරලොව හිත පිණිස, පරලොව සැප පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්, ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, යන සතරය. ව්‍යග්ඝපජ්ජය, ශ්‍රද්ධා සම්පත්තිය කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ශ්රද්ධාවත් වේද, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ශ්‍රද්ධා සම්පත්තියයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, සීල සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි ක්‍රලපුත්‍ර තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්ථ්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, ත්‍යාග සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත් ඇත්තේ, පරිත්‍යාගයෙහි යෙදුනේ, ඉල්වීමට සුදුසු වූයේ බෙදා දීමෙහි ඇලුනේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ ත්‍යාග සම්පත්තියයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, ප්‍රඥා සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ප්‍රඥාවත් වේද, ආර්‍ය්‍යවු තියුණු අවබෝධ ඇති, මනාකොට දුක් ක්ෂය කිරීමට යන, දියුණුවේ ප්‍රථිඵලයවූ, නුවණින් යුක්තවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ ප්‍රඥා සම්පත්තියයයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, මේ කරුණු සතර කුලපුත්‍රයාට පරලොව හිත පිණිස පවති.
(1) “අප්‍රමාද ඇත්තේ, කර්මාන්ත කරණ තන්හි උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුක්තවුයේද, කර්මාන්ත විධාන කිරීමෙන් යුක්තවූයේ වේද, ජීවිකා වෘත්තිය සමකොට පවත්වාද, රැස් කරණ ලද්දක් රක්ෂා කෙරේද, ශ්‍රද්ධා ඇත්තේද, ශීලයෙන් යුක්තවූයේද, වචන දන්නේද, පහවූ මසුරු මල ඇත්තේද, පරලෙව්හි විපාක දීම් ඇති, සැපයට හේතුවූ මාර්ගය නිතර පිරිසිදු කෙරේද?
(2) මෙසේ මේ අට කාරණයෝ ගෘහ වාසයෙන් යුක්තවූ සැදැහැවතාහට දෙලොව සැප ගෙන දෙන්නේයයි සත්‍ය නම් ඇති ශාස්තෲන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙසේ ගෘහස්තයන්ට ත්‍යාගය තෙමේද මේ ආත්මයෙහි සැප පිණිසද පරලොව සැප පිණිසද පවතී. මේ සෙසු පිනද ප්‍රකාරයෙන් වැඩේයයි වදාළ සේක”
|
5. උජ්ජයසුත්තං | 5. උජ්ජය සූත්‍රය |
55
අථ
‘‘චත්තාරොමෙ, බ්‍රාහ්මණ, ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති, දිට්ඨධම්මසුඛාය. කතමෙ චත්තාරො? උට්ඨානසම්පදා
‘‘කතමා ච, බ්‍රාහ්මණ, ආරක්ඛසම්පදා? ඉධ, බ්‍රාහ්මණ, කුලපුත්තස්ස
‘‘කතමා ච, බ්‍රාහ්මණ, කල්යාණමිත්තතා? ඉධ, බ්‍රාහ්මණ, කුලපුත්තො යස්මිං ගාමෙ වා නිගමෙ
‘‘කතමා
‘‘එවං සමුප්පන්නානං, බ්‍රාහ්මණ, භොගානං චත්තාරි අපායමුඛානි හොන්ති - ඉත්ථිධුත්තො, සුරාධුත්තො, අක්ඛධුත්තො, පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො. සෙය්යථාපි, බ්‍රාහ්මණ, මහතො තළාකස්ස චත්තාරි චෙව ආයමුඛානි, චත්තාරි ච අපායමුඛානි. තස්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි පිදහෙය්ය, යානි ච අපායමුඛානි තානි විවරෙය්ය; දෙවො ච න සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය. එවඤ්හි තස්ස බ්‍රාහ්මණ
‘‘එවං
‘‘චත්තාරොමෙ, බ්‍රාහ්මණ, කුලපුත්තස්ස ධම්මා සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛාය. කතමෙ චත්තාරො? සද්ධාසම්පදා, සීලසම්පදා, චාගසම්පදා, පඤ්ඤාසම්පදා. කතමා ච, බ්‍රාහ්මණ, සද්ධාසම්පදා? ඉධ, බ්‍රාහ්මණ, කුලපුත්තො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අයං වුච්චති, බ්‍රාහ්මණ, සද්ධාසම්පදා.
‘‘කතමා ච, බ්‍රාහ්මණ, සීලසම්පදා? ඉධ, බ්‍රාහ්මණ, කුලපුත්තො පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති, බ්‍රාහ්මණ, සීලසම්පදා.
‘‘කතමා
‘‘කතමා ච, බ්‍රාහ්මණ, පඤ්ඤාසම්පදා? ඉධ, බ්‍රාහ්මණ, කුලපුත්තො පඤ්ඤවා හොති...පෙ.... සම්මා
‘‘උට්ඨාතා කම්මධෙය්යෙසු, අප්පමත්තො විධානවා;
සමං කප්පෙති ජීවිකං, සම්භතං අනුරක්ඛති.
‘‘සද්ධො සීලෙන සම්පන්නො, වදඤ්ඤූ වීතමච්ඡරො;
නිච්චං මග්ගං විසොධෙති, සොත්ථානං සම්පරායිකං.
‘‘ඉච්චෙතෙ අට්ඨ ධම්මා ච, සද්ධස්ස ඝරමෙසිනො;
අක්ඛාතා සච්චනාමෙන, උභයත්ථ සුඛාවහා.
‘‘දිට්ඨධම්මහිතත්ථාය, සම්පරායසුඛාය ච;
එවමෙතං ගහට්ඨානං, චාගො පුඤ්ඤං පවඩ්ඪතී’’ති. පඤ්චමං;
|
55
“ඉක්බිති උජ්ජය බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව කොට අවසන්කොට එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි උජ්ජය බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, අපි පිටරට යනු කැමැත්තම්හ. ඒ අපට පින්වත් භාග්‍යවතුන් වහන්සේ යමක් අපට බොහෝ කලක් මෙලොව හිත පිණිසද, මෙලොව සැප පිණිසද, පරලොව හිත පිණිසද, පරලොව සැප පිණිසද, වන්නාහු නම් එසේ බණ වදාරණ සේක්වා.”
“බ්‍රාහ්මණය, මේ ධර්ම සතරක් කුල පුත්‍රයාට මෙලොව යහපත පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්? උත්සාහ සම්පත්තිය, ආරක්ෂා සම්පත්තිය, යහපත් මිතුරන් ඇතිබව, ආදායමට සමාන ජීවිකාව යන සතරයි.
“බ්‍රාහ්මණය, උත්සාහ සම්පත්තිය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, ආරක්ෂා සම්පත්තිය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුල පුත්‍රයාට උඨාන වීර්‍ය්‍යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්ෂා කරයි. බ්‍රාහ්මණය, මේ ආරක්ෂා සම්පදාවයයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, කළ්‍යාණ මිත්‍ර බව කවරේද, බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්‍රද්ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ශීලයෙන් යුත්, ත්‍යාගයෙන් යුත්, ප්‍රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්‍රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද,
“යම්බඳු ශ්රද්ධාවන්තයන්ගේ ශ්රද්ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්‍යාගවන්තයන්ගේ ත්‍යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවට අනුව හික්මෙයිද, බ්‍රාහ්මණය, මේ කළ්‍යාණ මිත්‍ර භාවයයි.
“බ්‍රාහ්මණය, සමජීවික බව කවරේද, බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි.
“බ්‍රාහ්මණය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. බ්‍රාහ්මණය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද,
“බ්‍රාහ්මණය, ඉදින් මේ කුලපුත්‍ර තෙමේ අය අඩු වූයේම මහත් ජීවිකාවක් කරයි. ඔහුට මේ කුලපුත්‍ර තෙමේ දිඹුල් කන්නාක් මෙන් භෝගයන් කායයි කියන්නෝ කියත්. බ්‍රාහ්මණය, ඉදින් මේ කුල පුත්‍ර තෙමේ බොහෝ අය ඇත්තේම දුකසේ ජීවිකාව කරයිද, මේ කුලපුත්‍ර තෙම වස්තුව තිබෙද්දීත් නොකා මැරෙන්නේයයි කියන්නෝ වෙත්. බ්‍රාහ්මණය, යම් කලෙක පටන් මේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වැයද දැන, සමව ජීවිකාව කරයිද, ඉතා වැඩියත්, ඉතා අඩුවත් නොකරයිද, මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැයම, අය මැඩගෙන නොසිටියි. බ්‍රාහ්මණය, මේ සම ජීවිකාවයි.
“බ්‍රාහ්මණය, මෙසේ උපන්නාවූ භෝගයන්ට විනාශමුඛ සතරක් වෙත්. ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව, සුරාවෙහි ලොල් බව, සූදුවෙහි ලොල් බව, පවිටු මිත්‍රයන්, පවිටු යහලුවන්, පවට නැමීම ඇති බව යන සතරයි. බ්‍රාහ්මණය, යම්සේ මහත් විලක පිරෙන දොරටු සතරක් වෙත්ද, පුරුෂයෙක් තෙම එහි පිරෙන දොරටු ඇද්ද, එය වසන්නේය. පිටවෙන මුඛ වෙත්ද, ඒවා හරින්නේය. වර්ෂාවද යහපත්කොට නොවසින්නේය. බ්‍රාහ්මණය, මෙසේ ඒ විල පිරිහීමක්ම කැමති විය යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.
“බ්‍රාහ්මණය, එසේම බ්‍රාහ්මණය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. බ්‍රාහ්මණය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද, බ්‍රාහ්මණය, මෙසේ උපන් භෝගයන්ගේ අය මාර්ග සතරක් වෙත්. ස්ත්‍රී ලොල් නොවීම, සුරා ලොල් නොවිම, සූදුවෙහි ලොල් නොවීම, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. බ්‍රාහ්මණය, මහත් විලෙක පිරෙන දොර සතරක් වෙත්ද, පිටවෙන දොරටු සතරක් ඇද්ද, ඒවා වසත්ද, වර්ෂාවද යහපත් සේ ධාරා හෙලයිද, බ්‍රාහ්මණය, එසේ මහත් විලේ වැඩීමක්ම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි. බ්‍රාහ්මණය, එසේම මෙසේ උපන් වස්තූන්ට මෙසේ පිරෙන දොරටු සතරක් වෙත්ද, ස්ත්‍රී ලොල් නොවේද, සුරා ලොල් නොවේද, සූදුවෙහි ලොල් නොවේද, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. බ්‍රාහ්මණය, මේ ධර්ම සතර කුලපුත්‍රයාට මෙලොව හිත පිණිස පවතිත්, මෙලොව සැප පිණිස පවතිත්.
“බ්‍රාහ්මණය, ධර්ම සතරක් කුල පුත්‍රයාට පරලොව හිත පිණිස, පරලොව සැප පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්, ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, යන සතරය. බ්‍රාහ්මණය, ශ්‍රද්ධා සම්පත්තිය කවරේද, බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ශ්රද්ධාවත් වේද, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි. බ්‍රාහ්මණය, මේ ශ්‍රද්ධා සම්පත්තියයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, සීල සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි ක්‍රලපුත්‍ර තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්ථ්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, බ්‍රාහ්මණය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.
“බ්‍රාහ්මණය, ත්‍යාග සම්පත්තිය කවරේද? බ්‍රාහ්මණය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත් ඇත්තේ, පරිත්‍යාගයෙහි යෙදුනේ, ඉල්වීමට සුදුසු වූයේ බෙදා දීමෙහි ඇලුනේ වේද, බ්‍රාහ්මණය, මේ ත්‍යාග සම්පත්තියයි කියනු ලැබේ.
|
6. භයසුත්තං | 6. කාමාධිවචන සූත්‍රය |
56
‘‘‘භය’න්ති
‘‘භයං
පඞ්කො ගබ්භො ච උභයං, එතෙ කාමා පවුච්චන්ති;
යත්ථ සත්තො පුථුජ්ජනො.
‘‘ඔතිණ්ණො සාතරූපෙන, පුන ගබ්භාය ගච්ඡති;
යතො ච භික්ඛු ආතාපී, සම්පජඤ්ඤං
(සම්පජඤ්ඤො (ස්‍යා. ක.) සං. නි. 4.251 පස්සිතබ්බං) න රිච්චති.
‘‘සො ඉමං පලිපථං දුග්ගං, අතික්කම්ම තථාවිධො;
පජං ජාතිජරූපෙතං, ඵන්දමානං අවෙක්ඛතී’’ති. ඡට්ඨං;
|
56
“මහණෙනි, බිය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, දුක යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, රෝගය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, ගෙඩිය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, හුලය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, බැම්ම යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, මඩ යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි. මහණෙනි, ගර්භය යන මෙය කාම වස්තූන්ට හා ක්ලෙශයන්ට නමකි.
“මහණෙනි, කුමක් හෙයින් භය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා භය යනු කාමයන්ට නමකි.
“මහණෙනි, කුමක් හෙයින් දුක යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා දුක යනු කාමයන්ට නමකි.
“මහණෙනි, කුමක් හෙයින් රොගය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා රොගය යනු කාමයන්ට නමකි.
“මහණෙනි, කුමක් හෙයින් ගෙඩිය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා ගෙඩිය යනු කාමයන්ට නමකි.
“මහණෙනි, කුමක් හෙයින් හුල යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා හුල යනු කාමයන්ට නමකි.
“මහණෙනි, කුමක් හෙයින් බැම්ම යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා බැම්ම යනු කාමයන්ට නමකි.
“මහණෙනි, කුමක් හෙයින් මඩ යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා මඩ යනු කාමයන්ට නමකි.
“මහණෙනි, කුමක් හෙයින් ගර්භය යන මෙය කාමයන්ට නම් වේද, මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙහි ඇලුනාවූ මේ තෙමේ ආශාවෙන් බැඳුනේ, මෙලොව බියෙන්ද නොමිදෙයි. පරලොව බියෙන්ද නොමිදෙයි. මේ නිසා ගර්භය යනු කාමයන්ට නමකි.
(1) “සිත් තැති ගැනීම් බියද, දුඃඛයද, රොගයද, ගණ්ඩයද, හුලද, මඩද යන මොහුද, සඞ්ඝයද, පඞ්කයද යන දෙකද, කාමයෝයයි කියනු ලැබෙත්.
(2) “පස්කම් සැපයට බැස්සේ, නැවත භවයෙහි ඉපදීම පිණිස යෙයි. මහණතෙම යම් කාලයෙක්හි කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යක් ප්‍රඥාව නොහරිද, එබඳුවූ ඒ මහණතෙම යා නොහැකිවූ මේ කාම මඩ ඉක්මවා, ජාති ජරාවන්ගෙන් යුක්තවූ, කම්පාවන්නාවූ ප්‍රජාව බලයි.”
|
7. පඨමආහුනෙය්යසුත්තං | 7. පඨම ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය |
57
‘‘අට්ඨහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි අට්ඨහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති
|
57
“මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණ තෙම (මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්ගයේ 10 සූත්‍රයේ 6 (2) (3) ඡේදය යෙදිය යුතුයි.)
“කිනම් අටකින්ද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා හැසිරීමෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්ෂා පද සමාදන්ව රකීද, බහුශ්‍රුත වේද, අසන ලද්ද දරන ලද්දේ, රැස්කරණ ලද්දේ වේද,
“යහපත් අය සහාය කොට ඇති, යහපත් අයට නැමෙන කල්‍යාණ මිත්‍රයෙක් වේද, යහපත් පෙනීමෙන් යුත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද, ශ්‍රේෂ්ඨ සිතව අයත් මේ ආත්මයෙහි අප්‍රමාදය ඇති ධ්‍යාන සතර පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, සැපෙන් ලබන්නේ වේද,
“නානා ප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) “මම අසවල් තැන උපන්නෙම්
“මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.
“එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.
“අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්වයින් දකී. සත්ත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.
“පිරසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි නුවණින් හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්වයන් දැනගණී. කෙසේද?
“පින්වත්නි, මේ සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්යයන්ට උපවාද (ගර්හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.
“අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්වයින් දකී. සත්ත්වයන්ගේ ආශ්රවක්ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිදි දැනගනී.
මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී. ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.
“මහණෙනි, මේ කරුණු අටින්වූ මහණ තෙම (මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්ගයේ 10 සූත්‍රයේ 6 (2) (3) ඡේදය යෙදිය යුතුයි.)
|
8. දුතියආහුනෙය්යසුත්තං | 8. දුතිය ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය |
58
‘‘අට්ඨහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු ආහුනෙය්යො හොති...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙහි අට්ඨහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු සීලවා හොති
|
58
“මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණ තෙම (මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්ගයේ 10 සූත්‍රයේ 6 (2) (3) ඡේදය යෙදිය යුතුයි.)
“කිනම් අටකින්ද යත්? “මහණෙනි, මේ ලෝකයෙහි මහණ තෙම සිල්වත් වේද, ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරව වාසය කරයිද, පිළිපැදීමෙන් හා හැසිරීමෙන් යුක්තවූයේ, ස්වල්පමාත්‍ර වරදෙහි බිය දක්නා සුළු වූයේ, ශික්ෂා පද සමාදන්ව රකීද, බහුශ්‍රුත වේද, අසන ලද්ද දරන ලද්දේ, රැස්කරණ ලද්දේ වේද, බහුශ්‍රුත වේද, පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෙක් වේද, ශක්ති ඇත්තේ කුශල ධර්මයන්හි වැඩ බහා නොතැබූයේද, ප්‍රාන්ත සේනාසන භජනය කරණ, ආරඤ්ඤිකාඞ්ගය රක්නෙක් වේද, නොඇලීම හා ඇලීම ඉවසන්නේ වේද, උපන් නොඇලීම මැඩ වාසය කරයි. බිය හා භයානක අරමුණ ඉවසන්නේ වේද, උපන් බිය හා භයානක අරමුණ මැඩ සිටී.
“යහපත් පෙනීමෙන් යුත් සම්‍යක් දෘෂ්ටිකයෙක් වේද, ශ්‍රේෂ්ඨ සිතව අයත් මේ ආත්මයෙහි අප්‍රමාදය ඇති ධ්‍යාන සතර පහසුවෙන් ලබන්නේ වේද, නිදුකින් ලබන්නේ වේද, සැපෙන් ලබන්නේ වේද,
“නානා ප්‍රකාර පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරයි. එනම් එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පසක්ද, ජාති දසයක්ද, ජාති විස්සක්ද, ජාති සතලිසක්ද, ජාති පණසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් නැසෙන කල්පයන්ද, නොයෙක් වැඩෙන කල්පයන්ද, නොයෙක් නැසෙන හා වැඩෙන කල්පයන්ද සිහිකෙරෙයි. (කෙසේද) “මම අසවල් තැන උපන්නෙම්
“මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි.
“එහිද මෙබඳු නම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු ශරීර වර්ණ ඇත්තෙක් වීමි. මෙබඳු ආහාර ඇත්තෙක් වීමි. මෙසේ සැප දුක් වින්දෙක් වීමි. මෙබඳු ආයුෂයක් කෙළවරකොට ඇත්තෙක් වීමි. ඒ මම එයින් චුතවූයෙමි. අසවල් තැන උපනිමි. ඒ මම එයින් චුතවූයෙම් මෙහි උපන්නෙක් වෙමියි මෙසේ ආකාර සහිතවූ, නාම ගෝත්‍රවශයෙන් දැක්වීම් සහිතවූ නොයෙක් පෙර විසූ ස්කන්ධයන් සිහි කෙරෙයි. ඔහු විසින් මේ පළමුවෙනි විද්‍යාව ලදී.
“අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්වයින් දකී. සත්ත්වයන්ගේ චුති උත්පත්ති දැනගන්නා නුවණ පිණිස සිත නමයි.
“පිරසිදුවූ මිනිස් ඇස ඉක්මවා සිටි නුවණින් හෙතෙම පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්ම පවත්නාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, ලාමකවූද, ප්‍රණීතවූද, යහපත් වර්ණ ඇත්තාවූද, දුර්වර්ණ ඇත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, අයහපත් ගති ඇත්තාවූද, කම්වූ පරිද්දෙන් පැමිණියාවූ, සත්ත්වයන් දැනගණී. කෙසේද?
“පින්වත්නි, මේ සත්ත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනො දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාග් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නෝය. මිත්‍යාදෘෂ්ටිකයෝය. මිසදිටුකම් සමාදන් වන්නෝය. ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, දුර්ගති නම්වූ, විනාශව වැටෙන්නාවූ, නිරයෙහි උපන්නාහුය. පින්වත්නි මේ සත්ත්වයෝ වනාහි, කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, බුද්ධාදී ආර්යයන්ට උපවාද (ගර්හා) නොකරන්නාහුය. කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහුය. සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වන්නාහුය. ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් පසු මනාගති ඇත්තාවූ සැපතින් ස්වර්ග ලෝකයෙහි උපන්නාහු කියායි. මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීනවූද, උසස්වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්ත්වයන් දැනගනිත්. ඔහු විසින් මේ දෙවෙනි විද්‍යාව ලදී.
“අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි. හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? හෙතෙම මෙසේ සිත සමාධියට පැමිණි කල්හි, පිරිසිදුවූ කල්හි, පවිත්‍රවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, පහවූ ක්ලේශයන් ඇති කල්හි, මොළොක්වූ කල්හි, කර්මණ්යව සිටි කල්හි, ස්ථිරවූ කල්හි, පෙර විසූ ස්කන්ධ පිළිවෙළ දක්නා ඥානය පිණිස සිත නමයි. හෙතෙම නන් වැදෑරුම්වූ පෙර ස්කන්ධ සිහි කරයි. ඒ කෙසේද? මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින් සත්ත්වයින් දකී. සත්ත්වයන්ගේ ආශ්රවක්ෂය දැනගන්නා නුවණ පිණිස සිත නමයි. මේ දුකයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් ඇතිවීමේ හේතුවයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ දුක් නැතිකිරීමයයි තත්වූ පරිදි දැන ගනී. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිදි දැනගනී.
මේ ආශ්‍රවයෝයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන්ගේ නැතිවීමයයි තත්වූ පරිද්දෙන් දැනගනී. මේ ආශ්‍රවයන් නැතිකිරීමට යන ප්‍රතිපදාව (මාර්ගයයි) තත්වූ පරිද්දෙන් දනී. මෙසේ දන්නාවූ, මෙසේ දක්නාවූ, ඔහුගේ සිත කාම නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. භව නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. අවිද්‍යා නමැති කෙලෙසුන්ගෙන් මිදෙයි. මිදුන කල්හි, මිදුනේය යන නුවණ වේ. ඉපදීම ක්ෂය විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මත්තට යමක් නැතැයි දනී. ඔහු විසින් මේ තුනවෙනි විද්‍යාව ලබන ලද්දීය. අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නසන ලදී. ආලෝකය උපන්නේය. සිහි නුමුළාවෙන් යුක්තව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, හරණ ලද ආත්ම ආශාව ඇතිව, වාසය කරන්නහුට යම්සේ නම් එසේයි.
“මහණෙනි, මේ කරුණු අටින්වූ මහණ තෙම (මෙහි, 4 අඞ්ගුත්තර නිකායේ ආහුණෙය්‍ය වර්ගයේ 10 සූත්‍රයේ 6 (2) (3) ඡේදය යෙදිය යුතුයි.)
|
9. පඨමපුග්ගලසුත්තං | 9. උජුභූතඨපුග්ගල සූත්‍රය |
59
‘‘අට්ඨිමෙ භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා පාහුනෙය්යා දක්ඛිණෙය්යා අඤ්ජලිකරණීයා අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස? කතමෙ අට්ඨ? සොතාපන්නො, සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො, සකදාගාමී, සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අනාගාමී, අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො, අරහා, අරහත්තාය පටිපන්නො. ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ පුග්ගලා ආහුනෙය්යා...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා’’ති.
‘‘චත්තාරො
එස සඞ්ඝො උජුභූතො, පඤ්ඤාසීලසමාහිතො.
‘‘යජමානානං මනුස්සානං, පුඤ්ඤපෙක්ඛාන පාණිනං;
කරොතං ඔපධිකං පුඤ්ඤං, සඞ්ඝෙ දින්නං මහප්ඵල’’න්ති. නවමං;
|
59
“මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්ෂිණාර්හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි.
“කිනම් අට දෙනෙක්ද යත්? සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, යන අට දෙනයි. මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්ෂිණාර්හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි.
(1) “පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි සිටි සතර දෙනද යන, ප්‍රඥාවෙන් හා ශීලයෙන් යුත් මේ සඞ්ඝ තෙමේ ඎජුය.
(2) “දන් දෙන්නාවූ, පින් කැමැති ප්‍රාණීවූ, කෙළස් විපාක දෙන්නාවූ, කුශල් කරන්නාවූ, මනුෂ්‍යයන්ට සංඝයා කෙරෙහි දෙන දෙය මහත් ඵල වේ.”
|
10. දුතියපුග්ගලසුත්තං | 10. සමුක්කඨ.ඨපුග්ගල සූත්‍රය |
60
‘‘අට්ඨිමෙ, භික්ඛවෙ, පුග්ගලා ආහුනෙය්යා...පෙ.... අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. කතමෙ අට්ඨ? සොතාපන්නො
‘‘චත්තාරො ච පටිපන්නා, චත්තාරො ච ඵලෙ ඨිතා;
එස
‘‘යජමානානං මනුස්සානං, පුඤ්ඤපෙක්ඛාන පාණිනං;
කරොතං ඔපධිකං පුඤ්ඤං, එත්ථ දින්නං මහප්ඵල’’න්ති. දසමං;
|
60
“මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්ෂිණාර්හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි.
“කිනම් අට දෙනෙක්ද යත්? සෝවාන් පුද්ගලයාය, සෝවාන් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, සකෘදාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, අනාගාමී පුද්ගලයාය, අනාගාමී ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, රහත් පුද්ගලයාය, රහත් ඵලය ප්රත්යක්ෂ කිරීමට පටන්ගත් පුද්ගලයාය, යන අට දෙනයි. මහණෙනි, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්ෂිණාර්හවූ, ඇඳිලි බැඳීමට සුදුසුවූ, මේ පුද්ගලයෝ අට දෙනෙකි. පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි පිහිටි සතර දෙනද, යන අෂ්ටාර්ය්ය පුද්ගල කෙනෙක් වෙත්ද, මේ සංඝ තෙමේ සත්ත්වයන්ට උත්කෘෂ්ටවේ.
(1) “පිළිපන්නාවූ සතර දෙනද, ඵලයෙහි සිටි සතර දෙනද යන, ප්‍රඥාවෙන් හා ශීලයෙන් යුත් මේ සඞ්ඝ තෙමේ ඎජුය.
(2) “දන් දෙන්නාවූ, පින් කැමැති ප්‍රාණීවූ, කෙළස් විපාක දෙන්නාවූ, කුශල් කරන්නාවූ, මනුෂ්‍යයන්ට සංඝයා කෙරෙහි දෙන දෙය මහත් ඵල වේ.”
|