ත්‍රිපිටකය
(6) 1. ගොතමීවග්ගො (6) 1. ගොතමී වර්‍ගය
1. ගොතමීසුත්තං 1. (මහා පජාපතී) ගොතමී සූත්‍රය
2. ඔවාදසුත්තං 2. භික්ඛු නොවාදක සූත්‍රය
3. සංඛිත්තසුත්තං 3. ගොතමියොවාද සූත්‍රය
4. දීඝජාණුසුත්තං 4. ව්‍යග්ගපජ්ජ (දීඝජානු) සූත්‍රය
54
එකං සමයං භගවා කොලියෙසු විහරති කක්කරපත්තං නාම කොලියානං නිගමො. අථ ඛො දීඝජාණු කොලියපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො දීඝජාණු කොලියපුත්තො භගවන්තං එතදවොච - ‘‘මයං, භන්තෙ, ගිහී කාමභොගිනො (කාමභොගී (සී. ස්‍යා. පී.)) පුත්තසම්බාධසයනං අජ්ඣාවසාම, කාසිකචන්දනං පච්චනුභොම , මාලාගන්ධවිලෙපනං ධාරයාම, ජාතරූපරජතං සාදයාම. තෙසං නො, භන්තෙ, භගවා අම්හාකං තථා ධම්මං දෙසෙතු යෙ අම්හාකං අස්සු ධම්මා දිට්ඨධම්මහිතාය දිට්ඨධම්මසුඛාය, සම්පරායහිතාය සම්පරායසුඛායා’’ති.
‘‘චත්තාරොමෙ, බ්‍යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති දිට්ඨධම්මසුඛාය. කතමෙ චත්තාරො? උට්ඨානසම්පදා, ආරක්ඛසම්පදා, කල්‍යාණමිත්තතා, සමජීවිතා (සමජීවිකතා (සී.) අ. නි. 8.75). කතමා ච, බ්‍යග්ඝපජ්ජ, උට්ඨානසම්පදා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො යෙන කම්මට්ඨානෙන ජීවිකං (ජීවිතං (ක.)) කප්පෙති - යදි කසියා, යදි වණිජ්ජාය, යදි ගොරක්ඛෙන, යදි ඉස්සත්තෙන (ඉස්සත්ථෙන (සී. ස්‍යා. පී.)), යදි රාජපොරිසෙන, යදි සිප්පඤ්ඤතරෙන - තත්ථ දක්ඛො හොති අනලසො, තත්‍රුපායාය වීමංසාය සමන්නාගතො, අලං කාතුං අලං සංවිධාතුං. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, උට්ඨානසම්පදා.
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, ආරක්ඛසම්පදා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තස්ස භොගා හොන්ති උට්ඨානවීරියාධිගතා බාහාබලපරිචිතා, සෙදාවක්ඛිත්තා, ධම්මිකා ධම්මලද්ධා. තෙ ආරක්ඛෙන ගුත්තියා සම්පාදෙති - ‘කින්ති මෙ ඉමෙ භොගෙ නෙව රාජානො හරෙය්‍යුං, න චොරා හරෙය්‍යුං, න අග්ගි ඩහෙය්‍ය, න උදකං වහෙය්‍ය, න අප්පියා දායාදා හරෙය්‍යු’න්ති! අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, ආරක්ඛසම්පදා.
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, කල්‍යාණමිත්තතා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො යස්මිං ගාමෙ වා නිගමෙ වා පටිවසති, තත්ථ යෙ තෙ හොන්ති - ගහපතී වා ගහපතිපුත්තා වා දහරා වා වුද්ධසීලිනො, වුද්ධා වා වුද්ධසීලිනො, සද්ධාසම්පන්නා, සීලසම්පන්නා, චාගසම්පන්නා, පඤ්ඤාසම්පන්නා - තෙහි සද්ධිං සන්තිට්ඨති සල්ලපති සාකච්ඡං සමාපජ්ජති; යථාරූපානං සද්ධාසම්පන්නානං සද්ධාසම්පදං අනුසික්ඛති, යථාරූපානං සීලසම්පන්නානං සීලසම්පදං අනුසික්ඛති, යථාරූපානං චාගසම්පන්නානං චාගසම්පදං අනුසික්ඛති, යථාරූපානං පඤ්ඤාසම්පන්නානං පඤ්ඤාසම්පදං අනුසික්ඛති. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, කල්‍යාණමිත්තතා.
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, සමජීවිතා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා, වයඤ්ච භොගානං විදිත්වා, සමං ජීවිකං (සමජීවිකං (ස්‍යා.), සමජීවිතං (ක.)) කප්පෙති නාච්චොගාළ්හං නාතිහීනං - ‘එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතී’ති. සෙය්‍යථාපි , බ්‍යග්ඝපජ්ජ, තුලාධාරො වා තුලාධාරන්තෙවාසී වා තුලං පග්ගහෙත්වා ජානාති - ‘එත්තකෙන වා ඔනතං (ඔණතං (ක.)), එත්තකෙන වා උන්නත’න්ති (උණ්ණතන්ති (ක.)); එවමෙවං ඛො, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා, වයඤ්ච භොගානං විදිත්වා, සමං ජීවිකං කප්පෙති නාච්චොගාළ්හං නාතිහීනං - ‘එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති , න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතී’ති. සචායං, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො අප්පායො සමානො උළාරං ජීවිකං (ජීවිතං (ක.)) කප්පෙති, තස්ස භවන්ති වත්තාරො - ‘උදුම්බරඛාදීවායං (උදුම්බරඛාදිකං වායං (සී. පී.), උදුම්බරඛාදකං චායං (ස්‍යා.)) කුලපුත්තො භොගෙ ඛාදතී’ති. සචෙ පනායං, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො මහායො සමානො කසිරං ජීවිකං (ජීවිතං (ක.)) කප්පෙති, තස්ස භවන්ති වත්තාරො - ‘අජෙට්ඨමරණංවායං (අජද්ධුමාරිකං වායං (සී. පී.), අද්ධමාරකං චායං (ස්‍යා.), එත්ථ ජද්ධූති අසනං = භත්තභුඤ්ජනං, තස්මා අජද්ධුමාරිකන්ති අනසනමරණන්ති වුත්තං හොති. ම. නි. 1.379 අධොලිපියා ‘‘අජද්ධුක’’න්ති පදං දස්සිතං) කුලපුත්තො මරිස්සතී’ති. යතො ච ඛොයං, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො ආයඤ්ච භොගානං විදිත්වා, වයඤ්ච භොගානං විදිත්වා, සමං ජීවිකං කප්පෙති නාච්චොගාළ්හං නාතිහීනං - ‘එවං මෙ ආයො වයං පරියාදාය ඨස්සති, න ච මෙ වයො ආයං පරියාදාය ඨස්සතී’ති. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, සමජීවිතා.
‘‘එවං සමුප්පන්නානං, බ්‍යග්ඝපජ්ජ, භොගානං චත්තාරි අපායමුඛානි හොන්ති - ඉත්ථිධුත්තො, සුරාධුත්තො, අක්ඛධුත්තො, පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො. සෙය්‍යථාපි, බ්‍යග්ඝපජ්ජ, මහතො තළාකස්ස චත්තාරි චෙව ආයමුඛානි, චත්තාරි ච අපායමුඛානි. තස්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි පිදහෙය්‍ය, යානි ච අපායමුඛානි තානි විවරෙය්‍ය; දෙවො ච න සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්‍ය. එවඤ්හි තස්ස, බ්‍යග්ඝපජ්ජ, මහතො තළාකස්ස පරිහානියෙව පාටිකඞ්ඛා, නො වුද්ධි; එවමෙවං, බ්‍යග්ඝපජ්ජ, එවං සමුප්පන්නානං භොගානං චත්තාරි අපායමුඛානි හොන්ති - ඉත්ථිධුත්තො, සුරාධුත්තො, අක්ඛධුත්තො, පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො.
‘‘එවං සමුප්පන්නානං, බ්‍යග්ඝපජ්ජ, භොගානං චත්තාරි ආයමුඛානි හොන්ති - න ඉත්ථිධුත්තො, න සුරාධුත්තො, න අක්ඛධුත්තො , කල්‍යාණමිත්තො කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො. සෙය්‍යථාපි, බ්‍යග්ඝපජ්ජ, මහතො තළාකස්ස චත්තාරි චෙව ආයමුඛානි, චත්තාරි ච අපායමුඛානි. තස්ස පුරිසො යානි චෙව ආයමුඛානි තානි විවරෙය්‍ය, යානි ච අපායමුඛානි තානි පිදහෙය්‍ය; දෙවො ච සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්‍ය. එවඤ්හි තස්ස, බ්‍යග්ඝපජ්ජ, මහතො තළාකස්ස වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි; එවමෙවං ඛො, බ්‍යග්ඝපජ්ජ, එවං සමුප්පන්නානං භොගානං චත්තාරි ආයමුඛානි හොන්ති - න ඉත්ථිධුත්තො , න සුරාධුත්තො, න අක්ඛධුත්තො, කල්‍යාණමිත්තො කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො. ඉමෙ ඛො, බ්‍යග්ඝපජ්ජ, චත්තාරො ධම්මා කුලපුත්තස්ස දිට්ඨධම්මහිතාය සංවත්තන්ති දිට්ඨධම්මසුඛාය.
‘‘චත්තාරොමෙ, බ්‍යග්ඝපජ්ජ, ධම්මා කුලපුත්තස්ස සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛාය. කතමෙ චත්තාරො? සද්ධාසම්පදා, සීලසම්පදා , චාගසම්පදා, පඤ්ඤාසම්පදා. කතමා ච, බ්‍යග්ඝපජ්ජ, සද්ධාසම්පදා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං - ‘ඉතිපි සො භගවා...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා’ති. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, සද්ධාසම්පදා.
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, සීලසම්පදා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො පාණාතිපාතා පටිවිරතො හොති...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, සීලසම්පදා.
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, චාගසම්පදා? ඉධ, බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, චාගසම්පදා.
‘‘කතමා ච, බ්‍යග්ඝපජ්ජ, පඤ්ඤාසම්පදා? ඉධ , බ්‍යග්ඝපජ්ජ, කුලපුත්තො පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. අයං වුච්චති, බ්‍යග්ඝපජ්ජ, පඤ්ඤාසම්පදා. ඉමෙ ඛො, බ්‍යග්ඝපජ්ජ, චත්තාරො ධම්මා කුලපුත්තස්ස සම්පරායහිතාය සංවත්තන්ති සම්පරායසුඛායා’’ති.
‘‘උට්ඨාතා කම්මධෙය්‍යෙසු, අප්පමත්තො විධානවා;
සමං කප්පෙති ජීවිකං (ජීවිතං (ක.)), සම්භතං අනුරක්ඛති.
‘‘සද්ධො සීලෙන සම්පන්නො, වදඤ්ඤූ වීතමච්ඡරො;
නිච්චං මග්ගං විසොධෙති, සොත්ථානං සම්පරායිකං.
‘‘ඉච්චෙතෙ අට්ඨ ධම්මා ච, සද්ධස්ස ඝරමෙසිනො;
අක්ඛාතා සච්චනාමෙන, උභයත්ථ සුඛාවහා.
‘‘දිට්ඨධම්මහිතත්ථාය, සම්පරායසුඛාය ච;
එවමෙතං ගහට්ඨානං, චාගො පුඤ්ඤං පවඩ්ඪතී’’ති. චතුත්ථං;
54
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කෝලිය ජනපදයෙහි කක්කරපත්ත නම් කෝලියයන්ගේ නියම් ගමක් වේද, එහි වාසය කරණ සේක. එකල්හි වනාහි දීඝජානු නම් කෝලිය පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි දීඝජානු කොලිය පුත්‍ර තෙම, භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, ගිහිවූ, කාමභොගීවු අපි පුත්‍රයන්ගේ පීඩාවෙන් වසමු. කසී සළු හා සඳුන් පාවිච්චි කරමු. මල් ගඳ විලවුන් දරමු. රන් රිදී මසු කහවනු දරමු. ස්වාමීනි, ඒ අපට යම් ධර්‍ම කෙනෙක් මෙලොව යහපත පිණිසද, මෙලොව සැප පිණිසද, පරලොව සැප පිණිසද වන්නාහු නම්, එසේ ධර්‍ම දේශනා කරනු ලැබේ.”
“ව්‍යග්ඝපජ්ජය, මේ ධර්‍ම සතරක් කුල පුත්‍රයාට මෙලොව යහපත පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්? උත්සාහ සම්පත්තිය, ආරක්‍ෂා සම්පත්තිය, යහපත් මිතුරන් ඇතිබව, ආදායමට සමාන ජීවිකාව යන සතරයි.
“ව්‍යග්ඝපජ්ජය, උත්සාහ සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්‍ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, ආරක්‍ෂා සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුල පුත්‍රයාට උඨාන වීර්‍ය්‍යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්‍ෂා කරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ආරක්‍ෂා සම්පදාවයයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, කළ්‍යාණ මිත්‍ර බව කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්‍රද්‍ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ශීලයෙන් යුත්, ත්‍යාගයෙන් යුත්, ප්‍රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්‍රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද,
“යම්බඳු ශ්‍රද්‍ධාවන්තයන්ගේ ශ්‍රද්‍ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්‍යාගවන්තයන්ගේ ත්‍යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවට අනුව හික්මෙයිද, ව්‍යග්ඝපජ්ජය, මේ කළ්‍යාණ මිත්‍ර භාවයයි.
“ව්‍යග්ඝපජ්ජය, සමජීවික බව කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි.
“ව්‍යග්ඝපජ්ජය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද,
“ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුලපුත්‍ර තෙමේ අය අඩු වූයේම මහත් ජීවිකාවක් කරයි. ඔහුට මේ කුලපුත්‍ර තෙමේ දිඹුල් කන්නාක් මෙන් භෝගයන් කායයි කියන්නෝ කියත්. ව්‍යග්ඝපජ්ජය, ඉදින් මේ කුල පුත්‍ර තෙමේ බොහෝ අය ඇත්තේම දුකසේ ජීවිකාව කරයිද, මේ කුලපුත්‍ර තෙම වස්තුව තිබෙද්දීත් නොකා මැරෙන්නේයයි කියන්නෝ වෙත්. ව්‍යග්ඝපජ්ජය, යම් කලෙක පටන් මේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වැයද දැන, සමව ජීවිකාව කරයිද, ඉතා වැඩියත්, ඉතා අඩුවත් නොකරයිද, මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැයම, අය මැඩගෙන නොසිටියි. ව්‍යග්ඝපජ්ජය, මේ සම ජීවිකාවයි.
“ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන්නාවූ භෝගයන්ට විනාශමුඛ සතරක් වෙත්. ස්ත්‍රීන් කෙරෙහි ලොල් බව, සුරාවෙහි ලොල් බව, සූදුවෙහි ලොල් බව, පවිටු මිත්‍රයන්, පවිටු යහලුවන්, පවට නැමීම ඇති බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, යම්සේ මහත් විලක පිරෙන දොරටු සතරක් වෙත්ද, පුරුෂයෙක් තෙම එහි පිරෙන දොරටු ඇද්ද, එය වසන්නේය. පිටවෙන මුඛ වෙත්ද, ඒවා හරින්නේය. වර්‍ෂාවද යහපත්කොට නොවසින්නේය. ව්‍යග්ඝපජ්ජය, මෙසේ ඒ විල පිරිහීමක්ම කැමති විය යුතුය. වැඩීමක් කැමති නොවිය යුතුය.
“ව්‍යග්ඝපජ්ජය, එසේම ව්‍යග්ඝපජ්ජය, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. ව්‍යග්ඝපජ්ජය, මෙසේ කුලපුත්‍ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද, ව්‍යග්ඝපජ්ජය, මෙසේ උපන් භෝගයන්ගේ අය මාර්‍ග සතරක් වෙත්. ස්ත්‍රී ලොල් නොවීම, සුරා ලොල් නොවිම, සූදුවෙහි ලොල් නොවීම, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, මහත් විලෙක පිරෙන දොර සතරක් වෙත්ද, පිටවෙන දොරටු සතරක් ඇද්ද, ඒවා වසත්ද, වර්‍ෂාවද යහපත් සේ ධාරා හෙලයිද, ව්‍යග්ඝපජ්ජය, එසේ මහත් විලේ වැඩීමක්ම කැමති විය යුතුයි. පිරිහීමක් කැමති නොවිය යුතුයි. ව්‍යග්ඝපජ්ජය, එසේම මෙසේ උපන් වස්තූන්ට මෙසේ පිරෙන දොරටු සතරක් වෙත්ද, ස්ත්‍රී ලොල් නොවේද, සුරා ලොල් නොවේද, සූදුවෙහි ලොල් නොවේද, යහපත් මිත්‍රයන් ඇති බව, යහපත් යහළුවන් ඇති බව, යහපතුන්ට නැමෙන බව යන සතරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ධර්ම සතර කුලපුත්‍රයාට මෙලොව හිත පිණිස පවතිත්, මෙලොව සැප පිණිස පවතිත්.
“ව්‍යග්ඝපජ්ජය, ධර්ම සතරක් කුල පුත්‍රයාට පරලොව හිත පිණිස, පරලොව සැප පිණිස පවතිත්. කිනම් සතරක්ද යත්, ශ්‍රද්‍ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය, යන සතරය. ව්‍යග්ඝපජ්ජය, ශ්‍රද්‍ධා සම්පත්තිය කවරේද, ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ශ්‍රද්‍ධාවත් වේද, තථාගතයන් වහන්සේගේ බුද්‍ධත්වය අදහයිද, ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි. ව්‍යග්ඝපජ්ජය, මේ ශ්‍රද්‍ධා සම්පත්තියයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, සීල සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි ක්‍රලපුත්‍ර තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, ත්‍යාග සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත් ඇත්තේ, පරිත්‍යාගයෙහි යෙදුනේ, ඉල්වීමට සුදුසු වූයේ බෙදා දීමෙහි ඇලුනේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ ත්‍යාග සම්පත්තියයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, ප්‍රඥා සම්පත්තිය කවරේද? ව්‍යග්ඝපජ්ජය, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙම ප්‍රඥාවත් වේද, ආර්‍ය්‍යවු තියුණු අවබෝධ ඇති, මනාකොට දුක් ක්‍ෂය කිරීමට යන, දියුණුවේ ප්‍රථිඵලයවූ, නුවණින් යුක්තවූයේ වේද, ව්‍යග්ඝපජ්ජය, මේ ප්‍රඥා සම්පත්තියයයි කියනු ලැබේ.
“ව්‍යග්ඝපජ්ජය, මේ කරුණු සතර කුලපුත්‍රයාට පරලොව හිත පිණිස පවති.
(1) “අප්‍රමාද ඇත්තේ, කර්‍මාන්ත කරණ තන්හි උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුක්තවුයේද, කර්‍මාන්ත විධාන කිරීමෙන් යුක්තවූයේ වේද, ජීවිකා වෘත්තිය සමකොට පවත්වාද, රැස් කරණ ලද්දක් රක්‍ෂා කෙරේද, ශ්‍රද්‍ධා ඇත්තේද, ශීලයෙන් යුක්තවූයේද, වචන දන්නේද, පහවූ මසුරු මල ඇත්තේද, පරලෙව්හි විපාක දීම් ඇති, සැපයට හේතුවූ මාර්ගය නිතර පිරිසිදු කෙරේද?
(2) මෙසේ මේ අට කාරණයෝ ගෘහ වාසයෙන් යුක්තවූ සැදැහැවතාහට දෙලොව සැප ගෙන දෙන්නේයයි සත්‍ය නම් ඇති ශාස්තෲන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය. මෙසේ ගෘහස්තයන්ට ත්‍යාගය තෙමේද මේ ආත්මයෙහි සැප පිණිසද පරලොව සැප පිණිසද පවතී. මේ සෙසු පිනද ප්‍රකාරයෙන් වැඩේයයි වදාළ සේක”
5. උජ්ජයසුත්තං 5. උජ්ජය සූත්‍රය
6. භයසුත්තං 6. කාමාධිවචන සූත්‍රය
7. පඨමආහුනෙය්‍යසුත්තං 7. පඨම ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය
8. දුතියආහුනෙය්‍යසුත්තං 8. දුතිය ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය
9. පඨමපුග්ගලසුත්තං 9. උජුභූතඨපුග්ගල සූත්‍රය
10. දුතියපුග්ගලසුත්තං 10. සමුක්කඨ.ඨපුග්ගල සූත්‍රය