ත්‍රිපිටකය
(6) 1. ගොතමීවග්ගො (6) 1. ගොතමී වර්‍ගය
1. ගොතමීසුත්තං 1. (මහා පජාපතී) ගොතමී සූත්‍රය
2. ඔවාදසුත්තං 2. භික්ඛු නොවාදක සූත්‍රය
3. සංඛිත්තසුත්තං 3. ගොතමියොවාද සූත්‍රය
53
(චූළව. 406) එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො මහාපජාපතී ගොතමී යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා මහාපජාපතී ගොතමී භගවන්තං එතදවොච -
‘‘සාධු මෙ, භන්තෙ, භගවා සංඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකා වූපකට්ඨා අප්පමත්තා ආතාපිනී පහිතත්තා විහරෙය්‍ය’’න්ති. ‘‘යෙ ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්‍යාසි - ‘ඉමෙ ධම්මා සරාගාය සංවත්තන්ති, නො විරාගාය; සංයොගාය සංවත්තන්ති, නො විසංයොගාය; ආචයාය සංවත්තන්ති, නො අපචයාය; මහිච්ඡතාය සංවත්තන්ති, නො අප්පිච්ඡතාය; අසන්තුට්ඨියා සංවත්තන්ති, නො සන්තුට්ඨියා; සඞ්ගණිකාය සංවත්තන්ති, නො පවිවෙකාය; කොසජ්ජාය සංවත්තන්ති, නො වීරියාරම්භාය; දුබ්භරතාය සංවත්තන්ති, නො සුභරතායා’ති, එකංසෙන, ගොතමි, ධාරෙය්‍යාසි - ‘නෙසො ධම්මො, නෙසො විනයො, නෙතං සත්ථුසාසන’’’න්ති .
‘‘යෙ ච ඛො ත්වං, ගොතමි, ධම්මෙ ජානෙය්‍යාසි - ‘ඉමෙ ධම්මා විරාගාය සංවත්තන්ති, නො සරාගාය; විසංයොගාය සංවත්තන්ති, නො සංයොගාය; අපචයාය සංවත්තන්ති, නො ආචයාය; අප්පිච්ඡතාය සංවත්තන්ති, නො මහිච්ඡතාය; සන්තුට්ඨියා සංවත්තන්ති, නො අසන්තුට්ඨියා; පවිවෙකාය සංවත්තන්ති, නො සඞ්ගණිකාය ; වීරියාරම්භාය සංවත්තන්ති, නො කොසජ්ජාය; සුභරතාය සංවත්තන්ති, නො දුබ්භරතායා’ති, එකංසෙන, ගොතමි, ධාරෙය්‍යාසි - ‘එසො ධම්මො, එසො විනයො, එතං සත්ථුසාසන’’’න්ති. තතියං.
53
“එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්‍රොධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටි මහා ප්‍රජාපතී ගෝතමී තොමෝ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, සත්‍රිය ගිහිගෙන් නික්ම තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරණ ලද ධර්‍ම විනයෙහි අනගාරික නම් ශාසනයෙහි ප්‍රව්‍රජ්‍යාව ලබන්නේ නම් යහපතැ’ යි කීවාය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා හුදතලාවූ, අප්‍රමාදවූ, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, කාය ජීවිත දෙක්හි අපෙක්‍ෂා රහිතව වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ මට සංක්‍ෂෙපයෙන් ධර්‍ම දේශනා කරණු ලැබේවා.”
“ගොතමිය, මේ ධර්මයෝ තෘෂ්ණාව පිණිස පවතිත්, තෘෂ්ණා ක්‍ෂයවීම පිණිස නොවෙත්යයි නුඹ යම් ධර්මයක් දන්නෙහිද?”
“එක්වීම පිණිස පවතිත්, වියෝගය පිණිස නොපවතිත්. රැස්කිරීම පිණිස පවතිත්, රැස් නොකිරීම පිණිස නොපවතිත්. මහා තෘෂ්ණාව පිණිස පවතිත්, ආශා නැති බව පිණිස නොපවතිත්. නොසෑහීම පිණිස පවතිත්, සෑහීම පිණිස නොපවතිත්. පිරිස් සහිත බව පිණිස පවතිත්, විවේකය පිණිස නොපවතිත්. කුසීත බව පිණිස පවතිත්, වීර්‍ය්‍යය පිණිස නොපවතිත්. දුකසේ පෝෂ්‍ය කටයුතු බවට පැමිණෙත්, සුවසේ පොෂ්‍ය කටයුතු බවට නොපැමිණෙත් යයි යම් ධර්ම කෙනෙක් දනිත් නම්, ගොතමිය, ඒකාන්තයෙන් මේ ධර්මය නොවේ, මේ විනය නොවේ, මේ ශාස්තෘ ශාසනය නොවේයයි දැන ගනුව.” “එක්වීම පිණිස නොපවතිත්, වියෝගය පිණිස වෙත්. රැස්කිරීම පිණිස නොපවතිත්, රැස් නොකිරීම පිණිස වෙත්. මහා තෘෂ්ණාව පිණිස නොපවතිත්, ආශා නැති බව පිණිස වෙත්. නොසෑහීම පිණිස නොපවතිත්, සෑහීම පිණිස වෙත්. පිරිස් සහිත බව පිණිස නොපවතිත්, විවේකය පිණිස වෙත්. කුසීත බව පිණිස නොපවතිත්, වීර්‍ය්‍යය පිණිස වෙත්. දුකසේ පෝෂ්‍ය කටයුතු බවට නොපැමිණෙත්, සුවසේ පොෂ්‍ය කටයුතු බවට වෙත් යයි යම් ධර්ම කෙනෙක් දනිත් නම්, ගොතමිය, ඒකාන්තයෙන් මේ ධර්මය, මේ විනය, මේ ශාස්තෘ ශාසනය යයි දරව.”
4. දීඝජාණුසුත්තං 4. ව්‍යග්ගපජ්ජ (දීඝජානු) සූත්‍රය
5. උජ්ජයසුත්තං 5. උජ්ජය සූත්‍රය
6. භයසුත්තං 6. කාමාධිවචන සූත්‍රය
7. පඨමආහුනෙය්‍යසුත්තං 7. පඨම ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය
8. දුතියආහුනෙය්‍යසුත්තං 8. දුතිය ආහුණෙය්‍ය අඨධම්ම සූත්‍රය
9. පඨමපුග්ගලසුත්තං 9. උජුභූතඨපුග්ගල සූත්‍රය
10. දුතියපුග්ගලසුත්තං 10. සමුක්කඨ.ඨපුග්ගල සූත්‍රය