ත්‍රිපිටකය
5. උපොසථවග්ගො 5. උපොසථ වර්‍ගය
1. සඞ්ඛිත්තූපොසථසුත්තං 1. පඨම අට්ඨඞ්ගුපොසථ සූත්‍රය
41
එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘භික්ඛවො’’ති. ‘‘භදන්තෙ’’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘අට්ඨඞ්ගසමන්නාගතො, භික්ඛවෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. කථං උපවුත්ථො ච, භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො? ඉධ , භික්ඛවෙ, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති - ‘යාවජීවං අරහන්තො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතා නිහිතදණ්ඩා නිහිතසත්ථා ලජ්ජී දයාපන්නා, සබ්බපාණභූතහිතානුකම්පිනො විහරන්ති. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසත්ථො ලජ්ජී දයාපන්නො, සබ්බපාණභූතහිතානුකම්පී විහරාමි. ඉමිනාපඞ්ගෙන (ඉමිනාපි අඞ්ගෙන (සී. පී.) අ. නි. 3.71) අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා පඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
‘‘‘යාවජීවං අරහන්තො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරන්ති. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො දින්නාදායී දින්නපාටිකඞ්ඛී, අථෙනෙන සුචිභූතෙන අත්තනා විහරාමි. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා දුතියෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
‘‘‘යාවජීවං අරහන්තො අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරිනො ආරාචාරිනො විරතා මෙථුනා ගාමධම්මා. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං අබ්‍රහ්මචරියං පහාය බ්‍රහ්මචාරී ආරාචාරී (අනාචාරී (ක.)) විරතො මෙථුනා ගාමධම්මා. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා තතියෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
‘‘‘යාවජීවං අරහන්තො මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා සච්චවාදිනො සච්චසන්ධා ථෙතා පච්චයිකා අවිසංවාදකො ලොකස්ස. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො සච්චවාදී සච්චසන්ධො ථෙතො පච්චයිකො අවිසංවාදකො ලොකස්ස. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා චතුත්ථෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
‘‘‘යාවජීවං අරහන්තො සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා පඤ්චමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
‘‘‘යාවජීවං අරහන්තො එකභත්තිකා රත්තූපරතා විරතා විකාලභොජනා. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං එකභත්තිකො රත්තූපරතො විරතො විකාලභොජනා. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා ඡට්ඨෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
‘‘‘යාවජීවං අරහන්තො නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානං පහාය නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානං පහාය නච්චගීතවාදිතවිසූකදස්සනමාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතො. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි, උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා සත්තමෙන අඞ්ගෙන සමන්නාගතො හොති.
‘‘‘යාවජීවං අරහන්තො උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා නීචසෙය්‍යං කප්පෙන්ති - මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. අහං පජ්ජ ඉමඤ්ච රත්තිං ඉමඤ්ච දිවසං උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතො නීචසෙය්‍යං කප්පෙමි - මඤ්චකෙ වා තිණසන්ථාරකෙ වා. ඉමිනාපඞ්ගෙන අරහතං අනුකරොමි , උපොසථො ච මෙ උපවුත්ථො භවිස්සතී’ති. ඉමිනා අට්ඨමෙන අඞ්ගෙන සමන්නාගතො හොති . එවං උපවුත්ථො ඛො, භික්ඛවෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො’’ති. පඨමං.
41
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්‍ෂූහු, ‘භාග්‍යවතුන් වහන්සැ’ යි කියා ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය. මහණෙනි, මෙහිදී ආර්‍ය්‍යශ්‍රාවක තෙම මෙසේ සලකා බලයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්. “මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි.
“මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද,
“මමත් අද මේ රැය, මේ දවස, නුදුන් දෙය ගැන්ම හැර දමා නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ, දුන් දෙය ගන්නේ දුන් දෙය බලාපොරොත්තුවන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ දෙවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය (බ්‍රහ්මයා මෙන් නොහැසිරීම) හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද, ‘මමත් අද මේ රැය, මේ දවාල, කාම සේවනය හැර, කාම සේවනයෙන් තොර බඹසර රකින්නේ, දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේ වෙමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය” යි මේ තුන්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්. මමද බොරුකීම හැර දමා, බොරු කීමෙන් වෙන්ව, සත්‍යය කියන්නේ, සත්‍යය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. “මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස්ද සමාදන් වූයේ වන්නේය” යි මේ සතරවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද, මමත් අද මේ රැය, මේ දාවල, රා මෙර පානය හැර දමා, රා මෙර පානයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ පස්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ එකම බතක් වළඳන්නේ, විකාල (නොකල) කෑමෙන්රෑ වෙන්වූයේ, නොඇලුණේ වෙත්. මමද මේ රැය, මේ දාවල, විකාල භෝජනයෙන් වැලකෙන්නේ, විකාල භෝජනයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ හයවන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි. මමද අද මේ රැය, මේ දවස, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වෙන්ව ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ සත්වන අංගයෙන් යුක්තවූයේ වෙයි.
“ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, ‘මමද මේ රැය, මේ දවාල, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, වැලකෙන්නේ, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය.
2. විත්ථතූපොසථසුත්තං 2. දුතිය අට්ඨඞ්ගුපොසථ සූත්‍රය
3. විසාඛාසුත්තං 3. විසාඛුපොසථ සූත්‍රය
4. වාසෙට්ඨසුත්තං 4. වාසෙඨුපොසත සූත්‍රය
5. බොජ්ඣසුත්තං 5. බොජ්ඣුපොසථ සූත්‍රය
6. අනුරුද්ධසුත්තං 6. අනුරුද්‍ධමනාප කායික සූත්‍රය
7. දුතියවිසාඛාසුත්තං 7. විශාඛාමනාපකායික සූත්‍රය
8. නකුලමාතාසුත්තං 8. නකුලමාතු මනාපකායික සූත්‍රය
9. පඨමඉධලොකිකසුත්තං 9. ඉධලොක විජය සූත්‍රය
10. දුතියඉධලොකිකසුත්තං 10. පරලොක විජය සූත්‍රය