ත්‍රිපිටකය
4. දානවග්ගො 4. දාන වර්‍ගය
1. පඨමදානසුත්තං 1. දාන සූත්‍රය
2. දුතියදානසුත්තං 2. සප්පුරිසානුයාතධම්ම සූත්‍රය
3. දානවත්ථුසුත්තං 3. අට්ඨදානවත්‍ථු සූත්‍රය
4. ඛෙත්තසුත්තං 4. ඛෙත්තූපම සූත්‍රය
5. දානූපපත්තිසුත්තං 5. දානුප්පත්ති සූත්‍රය
6. පුඤ්ඤකිරියවත්ථුසුත්තං 6. පුඤ්ඤකිරියවත්‍ථු සූත්‍රය
7. සප්පුරිසදානසුත්තං 7. සප්පුරිසදාන සූත්‍රය
8. සප්පුරිසසුත්තං 8. මහා මෙඝොපම සූත්‍රය
9. අභිසන්දසුත්තං 9. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය
39
‘‘අට්ඨිමෙ , භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා, ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්ති. කතමෙ අට්ඨ? ඉධ, භික්ඛවෙ, අරියසාවකො බුද්ධං සරණං ගතො හොති. අයං, භික්ඛවෙ, පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො, ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො ධම්මං සරණං ගතො හොති. අයං, භික්ඛවෙ, දුතියො පුඤ්ඤාභිසන්දො...පෙ.... සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො සඞ්ඝං සරණං ගතො හොති. අයං, භික්ඛවෙ, තතියො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො, ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
(කථා. 480) ‘‘පඤ්චිමානි , භික්ඛවෙ, දානානි මහාදානානි අග්ගඤ්ඤානි රත්තඤ්ඤානි වංසඤ්ඤානි පොරාණානි අසංකිණ්ණානි අසංකිණ්ණපුබ්බානි, න සංකියන්ති න සංකියිස්සන්ති, අප්පටිකුට්ඨානි (අප්පතිකුට්ඨානි (සී.)) සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. කතමානි පඤ්ච? ඉධ, භික්ඛවෙ, අරියසාවකො පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො හොති. පාණාතිපාතා පටිවිරතො, භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති, අවෙරං දෙති, අබ්‍යාබජ්ඣං (අබ්‍යාපජ්ඣං (ක.) එවමුපරිපි) දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්‍යාබජ්ඣං දත්වා අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාබජ්ඣස්ස භාගී හොති. ඉදං, භික්ඛවෙ, පඨමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං, න සංකියති න සංකියිස්සති, අප්පටිකුට්ඨං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. අයං, භික්ඛවෙ, චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො, ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති.
‘‘පුන චපරං, භික්ඛවෙ, අරියසාවකො අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතො හොති...පෙ.... කාමෙසුමිච්ඡාචාරං පහාය කාමෙසුමිච්ඡාචාරා පටිවිරතො හොති...පෙ.... මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතො හොති...පෙ.... සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො, භික්ඛවෙ, අරියසාවකො අපරිමාණානං සත්තානං අභයං දෙති අවෙරං දෙති අබ්‍යාබජ්ඣං දෙති. අපරිමාණානං සත්තානං අභයං දත්වා අවෙරං දත්වා අබ්‍යාබජ්ඣං දත්වා, අපරිමාණස්ස අභයස්ස අවෙරස්ස අබ්‍යාබජ්ඣස්ස භාගී හොති. ඉදං, භික්ඛවෙ, පඤ්චමං දානං මහාදානං අග්ගඤ්ඤං රත්තඤ්ඤං වංසඤ්ඤං පොරාණං අසංකිණ්ණං අසංකිණ්ණපුබ්බං, න සංකියති න සංකියිස්සති, අප්පටිකුට්ඨං සමණෙහි බ්‍රාහ්මණෙහි විඤ්ඤූහි. අයං ඛො, භික්ඛවෙ, අට්ඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො සොවග්ගිකො සුඛවිපාකො සග්ගසංවත්තනිකො, ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා සොවග්ගිකා සුඛවිපාකා සග්ගසංවත්තනිකා, ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තන්තී’’ති. නවමං.
39
“මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, කුශල ධර්ම අට ඉෂ්ටවූ, කමණියවූ, මන වඩන්නාවූ, හිත සැප පිණිස පවතින්නාවූ (ධර්මයෝ) වෙත්.
“කවර ධර්ම අටෙක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බුදුන් සරණ ගියේ වෙයි. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, පළමුවන ධර්මය තෙම ඉෂ්ටවූ, කමණීයවූ, මන වඩන්නාවූ හිත සැප පිණිස පවත්නේ වෙයි.
“තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ධර්මය සරණ ගියේ වෙයි. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, දෙවන ධර්මය වෙයි.
“තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම සංඝයා සරණ ගියේ වෙයි. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, තුන්වෙනි ධර්මය වෙයි.
“මහණෙනි, මේ පස චෙතනා දානයෝ වෙත්. මහා දානයෝ වෙත්. අග්‍රයයි දන්නා ලද්දාහු වෙත්. (ඒ දානයෝ) චිරකාලිකයයි දන්නා ලද්දාහු වෙත්. පරම්පරාගතයයි දන්නා ලද්දාහු වෙත්. පෞරාණිකයයි දන්නා ලද්දාහු වෙත්. අසංකීර්‍ණ වෙත්. අසංකීර්‍ණ පූර්‍ව වෙත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් (රහතුන්) විසින්ද, පණ්ඩිතයන් විසින්ද, සැක කරණු නොලබත්. සැක නොකරණු ලබන්නාහු වෙත්. පිළිකුල් නොකරණු ලබන්නාහු වෙත්.
“කවර දාන පසෙක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ප්‍රාණඝාතය හැර, ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වෙයි. මහණෙනි, ප්‍රාණඝාතයෙන් වෙන්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දී, අවෛරය දී, අව්‍යාපාදය දී, අප්‍රමාණවූ අභයට, අවෛරයට, අව්‍යාපාදයට, සහභාගී වේ.
“මහණෙනි, මේ (දානය) අග්‍රයයි දන්නා ලද්දාහු වෙත්. (ඒ දානයෝ) චිරකාලිකයයි දන්නා ලද්දාහු වෙත්. පරම්පරාගතයයි දන්නා ලද්දාහු වෙත්. පෞරාණිකයයි දන්නා ලද්දාහු වෙත්. අසංකීර්‍ණ වෙත්. අසංකීර්‍ණ පූර්‍ව වෙත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් (රහතුන්) විසින්ද, පණ්ඩිතයන් විසින්ද, සැක කරණු නොලබත්. සැක නොකරණු ලබන්නාහු වෙත්. පිළිකුල් නොකරණු ලබන්නාහු වෙත්. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, පළමුවැනි දානයයි.
“තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම අදත්තාදානය (හෙරකම) හැර, අදත්තාදානයෙන් වෙන්වූයේ වෙයි. මහණෙනි, මේ අදත්තාදානයෙන් වෙන්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දී, අවෛරය දී, අව්‍යාපාදය දී, අප්‍රමාණවූ අභයට, අවෛරයට, අව්‍යාපාදයට, සහභාගී වේ. මේ දෙවැනි දානයයි. මහා දානයයි අග්‍රයයි දන්නා ලද්දාහු වෙත්. (ඒ දානයෝ) චිරකාලිකයයි දන්නා ලද්දාහු වෙත්. පරම්පරාගතයයි දන්නා ලද්දාහු වෙත්. පෞරාණිකයයි දන්නා ලද්දාහු වෙත්. අසංකීර්‍ණ වෙත්. අසංකීර්‍ණ පූර්‍ව වෙත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් (රහතුන්) විසින්ද, පණ්ඩිතයන් විසින්ද, සැක කරණු නොලබත්. සැක නොකරණු ලබන්නාහු වෙත්. පිළිකුල් නොකරණු ලබන්නාහු වෙත්. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, පස්වැනි ධර්මයයි.
“තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කාමයෙහි වරදවා හැසිරීම හැර, කාමයෙහි වරදවා හැසිරීමෙන් තොරවූයේ වෙයි. මහණෙනි, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දී, අවෛරය දී, අව්‍යාපාදය දී, අප්‍රමාණවූ අභයට, අවෛරයට, අව්‍යාපාදයට, සහභාගී වේ. මේ තුන්වෙනි දානයයි. මහා දානයයි අග්‍රයයි දන්නා ලද්දාහු වෙත්. (ඒ දානයෝ) චිරකාලිකයයි දන්නා ලද්දාහු වෙත්. පරම්පරාගතයයි දන්නා ලද්දාහු වෙත්. පෞරාණිකයයි දන්නා ලද්දාහු වෙත්. අසංකීර්‍ණ වෙත්. අසංකීර්‍ණ පූර්‍ව වෙත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් (රහතුන්) විසින්ද, පණ්ඩිතයන් විසින්ද, සැක කරණු නොලබත්. සැක නොකරණු ලබන්නාහු වෙත්. පිළිකුල් නොකරණු ලබන්නාහු වෙත්. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, සවැනි ධර්මයයි.
“තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම බොරුකීම හැර, බොරුකීමෙන් තොරවූයේ වෙයි. මහණෙනි, බොරුකීමෙන් වෙන්වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දී, අවෛරය දී, අව්‍යාපාදය දී, අප්‍රමාණවූ අභයට, අවෛරයට, අව්‍යාපාදයට, සහභාගී වේ. මේ හතරවැනි දානයයි. මහා දානයයි අග්‍රයයි දන්නා ලද්දාහු වෙත්. (ඒ දානයෝ) චිරකාලිකයයි දන්නා ලද්දාහු වෙත්. පරම්පරාගතයයි දන්නා ලද්දාහු වෙත්. පෞරාණිකයයි දන්නා ලද්දාහු වෙත්. අසංකීර්‍ණ වෙත්. අසංකීර්‍ණ පූර්‍ව වෙත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් (රහතුන්) විසින්ද, පණ්ඩිතයන් විසින්ද, සැක කරණු නොලබත්. සැක නොකරණු ලබන්නාහු වෙත්. පිළිකුල් නොකරණු ලබන්නාහු වෙත්. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, සත්වැනි ධර්මයයි.
“තවද මහණෙනි, ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ප්‍රමාදයට හේතුවූ රහමෙර (මත්පැන්) පානය හැර, රහමෙර (මත්පැන්) පානයෙන් තොරවූයේ වෙයි. මහණෙනි, මේ රහමෙර (මත්පැන්) පානයෙන් තොරවූ ආර්‍ය්‍යශ්‍රාවක තෙම අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දෙයි. අවෛරය දෙයි. අව්‍යාපාදය දෙයි. අප්‍රමාණවූ සත්ත්‍වයන්ට අභය දී, අවෛරය දී, අව්‍යාපාදය දී, අප්‍රමාණවූ අභයට, අවෛරයට, අව්‍යාපාදයට, සහභාගී වේ. මේ පස්වැනි දානයයි. මහා දානයයි අග්‍රයයි දන්නා ලද්දාහු වෙත්. (ඒ දානයෝ) චිරකාලිකයයි දන්නා ලද්දාහු වෙත්. පරම්පරාගතයයි දන්නා ලද්දාහු වෙත්. පෞරාණිකයයි දන්නා ලද්දාහු වෙත්. අසංකීර්‍ණ වෙත්. අසංකීර්‍ණ පූර්‍ව වෙත්. ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් (රහතුන්) විසින්ද, පණ්ඩිතයන් විසින්ද, සැක කරණු නොලබත්. සැක නොකරණු ලබන්නාහු වෙත්. පිළිකුල් නොකරණු ලබන්නාහු වෙත්. මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, අටවැනි ධර්මයයි.
“මහණෙනි, මේ පින් වැඩෙන්නාවූ, කුසල් වැඩෙන්නාවූ, සැප ගෙන දෙන්නාවූ, සුව ගෙන දෙන්නාවූ, සැප විපාක ඇත්තාවූ, දෙව්ලොව ඉපදීමට හේතුවූ, කුශල ධර්ම අට ඉෂ්ටවූ, කමණියවූ, මන වඩන්නාවූ, හිත සැප පිණිස පවතින්නාවූ (ධර්මයෝ) වෙත්.
10. දුච්චරිතවිපාකසුත්තං 10. අප්පායුකසංවත්තනික සූත්‍රය