ත්‍රිපිටකය
4. දානවග්ගො 4. දාන වර්‍ගය
1. පඨමදානසුත්තං 1. දාන සූත්‍රය
2. දුතියදානසුත්තං 2. සප්පුරිසානුයාතධම්ම සූත්‍රය
3. දානවත්ථුසුත්තං 3. අට්ඨදානවත්‍ථු සූත්‍රය
4. ඛෙත්තසුත්තං 4. ඛෙත්තූපම සූත්‍රය
5. දානූපපත්තිසුත්තං 5. දානුප්පත්ති සූත්‍රය
6. පුඤ්ඤකිරියවත්ථුසුත්තං 6. පුඤ්ඤකිරියවත්‍ථු සූත්‍රය
36
‘‘තීණිමානි, භික්ඛවෙ, පුඤ්ඤකිරියවත්ථූනි. කතමානි තීණි? දානමයං පුඤ්ඤකිරියවත්ථු (පුඤ්ඤකිරියවත්ථුං (සී. පී.) එවමුපරිපි), සීලමයං පුඤ්ඤකිරියවත්ථු, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථු. ඉධ, භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු පරිත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු පරිත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථුං (පුඤ්ඤකිරියවත්ථු (ස්‍යා.)) නාභිසම්භොති. සො කායස්ස භෙදා පරං මරණා මනුස්සදොභග්‍යං උපපජ්ජති.
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු මත්තසො කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු මත්තසො කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථුං නාභිසම්භොති. සො කායස්ස භෙදා පරං මරණා මනුස්සසොභග්‍යං උපපජ්ජති.
‘‘ඉධ පන, භික්ඛවෙ , එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථුං නාභිසම්භොති. සො කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. තත්‍ර, භික්ඛවෙ, චත්තාරො මහාරාජානො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, චාතුමහාරාජිකෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හන්ති - දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්‍යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථුං නාභිසම්භොති. සො කායස්ස භෙදා පරං මරණා තාවතිංසානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. තත්‍ර, භික්ඛවෙ, සක්කො දෙවානමින්දො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා තාවතිංසෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථුං නාභිසම්භොති. සො කායස්ස භෙදා පරං මරණා යාමානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. තත්‍ර, භික්ඛවෙ, සුයාමො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා , සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, යාමෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථුං නාභිසම්භොති. සො කායස්ස භෙදා පරං මරණා තුසිතානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. තත්‍ර , භික්ඛවෙ, සන්තුසිතො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, තුසිතෙ දෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථුං නාභිසම්භොති. සො කායස්ස භෙදා පරං මරණා නිම්මානරතීනං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. තත්‍ර, භික්ඛවෙ, සුනිම්මිතො දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, නිම්මානරතීදෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති - දිබ්බෙන ආයුනා...පෙ.... දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි.
‘‘ඉධ පන, භික්ඛවෙ, එකච්චස්ස දානමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, සීලමයං පුඤ්ඤකිරියවත්ථු අධිමත්තං කතං හොති, භාවනාමයං පුඤ්ඤකිරියවත්ථුං නාභිසම්භොති. සො කායස්ස භෙදා පරං මරණා පරනිම්මිතවසවත්තීනං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. තත්‍ර, භික්ඛවෙ, වසවත්තී දෙවපුත්තො දානමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, සීලමයං පුඤ්ඤකිරියවත්ථුං අතිරෙකං කරිත්වා, පරනිම්මිතවසවත්තීදෙවෙ දසහි ඨානෙහි අධිගණ්හාති - දිබ්බෙන ආයුනා, දිබ්බෙන වණ්ණෙන, දිබ්බෙන සුඛෙන, දිබ්බෙන යසෙන, දිබ්බෙන ආධිපතෙය්‍යෙන, දිබ්බෙහි රූපෙහි, දිබ්බෙහි සද්දෙහි, දිබ්බෙහි ගන්ධෙහි, දිබ්බෙහි රසෙහි, දිබ්බෙහි ඵොට්ඨබ්බෙහි. ඉමානි ඛො, භික්ඛවෙ, තීණි පුඤ්ඤකිරියවත්ථූනී’’ති. ඡට්ඨං.
36
“මහණෙනි, මේ පුණ්‍ය ක්‍රියා වස්තූහු තිදෙනෙක් වෙත්. කවර තිදෙනෙක්ද යත්? දානමය පුණ්‍යක්‍රියා වස්තුවය, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුවය, භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුවය යන මොහුයි.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව ස්වල්පයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව ස්වල්පයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු මනුෂ්‍යයන් අතර දුර්භාග්‍යයෙක් වෙයි. වස්තුව නැත්තාවූ පස්වැදෑරුම් නීච කුලවල උපදී.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව (මධ්‍යම) ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව (මධ්‍යම) ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු මනුෂ්‍යයන් අතර සෞභාග්‍යයෙක් වෙයි. ධනවත්වූ ක්‍ෂත්‍රියාදී ත්‍රිවිධ කුලයන්හි උපදී.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ට සහභාගීව උපදී.
“මහණෙනි, එහි සිවු වරම් මහ රජ දරුවෝ දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ යසසින්ද, දිව්‍යමයවූ අධිපති භාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ සුවඳින්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්‍ශයෙන්ද යන කරුණු දශයෙන් සෙසු මහරජ දෙව් පිරිස අභිභවනය කරත්.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන්ට සහභාගීව උපදී.
“මහණෙනි, එහි සිවු වරම් මහ රජ දරුවෝ දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ යසසින්ද, දිව්‍යමයවූ අධිපති භාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ සුවඳින්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්‍ශයෙන්ද යන කරුණු දශයෙන් සෙසු මහරජ දෙව් පිරිස අභිභවනය කරත්.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු තවුතිසා දෙව්ලෝ වැස්සන්ට සහභාගීව උපදී. මහණෙනි, එහි සක්දෙව් රජතමෙ දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ යසසින්ද, දිව්‍යමයවූ අධිපති භාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ සුවඳින්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්‍ශයෙන්ද යන කරුණු දශයෙන් තව්තිසා දෙව්ලෝ වැස්සන් අභිභවනය කරත්.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු යාම දෙව්ලෝ වැස්සන්ට සහභාගීව උපදී. මහණෙනි, එහි සුයාම දෙව් පුත් තෙම දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ යසසින්ද, දිව්‍යමයවූ අධිපති භාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ සුවඳින්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්‍ශයෙන්ද යන කරුණු දශයෙන් යාම දෙව්ලෝ වැස්සන් අභිභවනය කරත්.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු තුසිත දෙව්ලෝ වැසි දෙවියන්ට සහභාගීව උපදී. මහණෙනි, එහි සන්තුසිත දෙව් පුත් තෙම දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ යසසින්ද, දිව්‍යමයවූ අධිපති භාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ සුවඳින්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්‍ශයෙන්ද යන කරුණු දශයෙන් තුසිත දෙව්ලෝ වැස්සන් අභිභවනය කරත්.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු නිර්මාණ රතී දෙව්ලෝ වැස්න්ට සහභාගීව උපදී. මහණෙනි, එහි සුනිර්මිත දෙව්පුත් තෙම දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ යසසින්ද, දිව්‍යමයවූ අධිපති භාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ සුවඳින්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්‍ශයෙන්ද යන කරුණු දශයෙන් නිර්මාණ රතී දෙව්ලෝ වැසියන් අභිභවනය කරත්.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැමෙකු විසින් දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික ප්‍රමාණයක් කරණ ලද්දේ වෙයි. භාවනාමය පුණ්‍ය ක්‍රියා වස්තුව නූපදී. හෙතෙම ශරීරය බිඳී යෑමෙන් මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන්ට සහභාගීව උපදී. මහණෙනි, එහි වසවර්ති දෙව් පුත් තෙම දානමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, ශීලමය පුණ්‍ය ක්‍රියා වස්තුව අධික වශයෙන් කොට, දිව්‍යමයවූ ආයුෂයෙන්ද, දිව්‍යමයවූ ශරීර වර්‍ණයෙන්ද, දිව්‍යමයවූ සැපයෙන්ද, දිව්‍යමයවූ යසසින්ද, දිව්‍යමයවූ අධිපති භාවයෙන්ද, දිව්‍යමයවූ රූපයෙන්ද, දිව්‍යමයවූ ශබ්දයෙන්ද, දිව්‍යමයවූ සුවඳින්ද, දිව්‍යමයවූ රසයෙන්ද, දිව්‍යමයවූ ස්පර්‍ශයෙන්ද යන කරුණු දශයෙන් පරනිර්මිත වසවර්ති දෙව් ලෝ වැසියන් අභිභවනය කරත්. මහණෙනි, මේ වනාහි ත්‍රිවිධ පුන්‍ය ක්‍රියා වස්තූහුයි.”
7. සප්පුරිසදානසුත්තං 7. සප්පුරිසදාන සූත්‍රය
8. සප්පුරිසසුත්තං 8. මහා මෙඝොපම සූත්‍රය
9. අභිසන්දසුත්තං 9. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය
10. දුච්චරිතවිපාකසුත්තං 10. අප්පායුකසංවත්තනික සූත්‍රය