ත්‍රිපිටකය
4. දානවග්ගො 4. දාන වර්‍ගය
1. පඨමදානසුත්තං 1. දාන සූත්‍රය
2. දුතියදානසුත්තං 2. සප්පුරිසානුයාතධම්ම සූත්‍රය
3. දානවත්ථුසුත්තං 3. අට්ඨදානවත්‍ථු සූත්‍රය
4. ඛෙත්තසුත්තං 4. ඛෙත්තූපම සූත්‍රය
5. දානූපපත්තිසුත්තං 5. දානුප්පත්ති සූත්‍රය
6. පුඤ්ඤකිරියවත්ථුසුත්තං 6. පුඤ්ඤකිරියවත්‍ථු සූත්‍රය
7. සප්පුරිසදානසුත්තං 7. සප්පුරිසදාන සූත්‍රය
8. සප්පුරිසසුත්තං 8. මහා මෙඝොපම සූත්‍රය
9. අභිසන්දසුත්තං 9. අඨපුඤ්ඤාභි සන්‍ද සූත්‍රය
10. දුච්චරිතවිපාකසුත්තං 10. අප්පායුකසංවත්තනික සූත්‍රය
40
‘‘පාණාතිපාතො, භික්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො. යො සබ්බලහුසො (සබ්බලහුසොති සබ්බලහුකො (ස්‍යා. අට්ඨ.)) පාණාතිපාතස්ස විපාකො, මනුස්සභූතස්ස අප්පායුකසංවත්තනිකො හොති.
‘‘අදින්නාදානං, භික්ඛවෙ, ආසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං තිරච්ඡානයොනිසංවත්තනිකං පෙත්තිවිසයසංවත්තනිකං. යො සබ්බලහුසො අදින්නාදානස්ස විපාකො, මනුස්සභූතස්ස භොගබ්‍යසනසංවත්තනිකො හොති.
‘‘කාමෙසුමිච්ඡාචාරො, භික්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො. යො සබ්බලහුසො කාමෙසුමිච්ඡාචාරස්ස විපාකො, මනුස්සභූතස්ස සපත්තවෙරසංවත්තනිකො හොති.
‘‘මුසාවාදො , භික්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො. යො සබ්බලහුසො මුසාවාදස්ස විපාකො, මනුස්සභූතස්ස අභූතබ්භක්ඛානසංවත්තනිකො හොති.
‘‘පිසුණා , භික්ඛවෙ, වාචා ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා තිරච්ඡානයොනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකා. යො සබ්බලහුසො පිසුණාය වාචාය විපාකො, මනුස්සභූතස්ස මිත්තෙහි භෙදනසංවත්තනිකො හොති.
‘‘ඵරුසා , භික්ඛවෙ, වාචා ආසෙවිතා භාවිතා බහුලීකතා නිරයසංවත්තනිකා තිරච්ඡානයොනිසංවත්තනිකා පෙත්තිවිසයසංවත්තනිකා. යො සබ්බලහුසො ඵරුසාය වාචාය විපාකො, මනුස්සභූතස්ස අමනාපසද්දසංවත්තනිකො හොති.
‘‘සම්ඵප්පලාපො, භික්ඛවෙ, ආසෙවිතො භාවිතො බහුලීකතො නිරයසංවත්තනිකො තිරච්ඡානයොනිසංවත්තනිකො පෙත්තිවිසයසංවත්තනිකො. යො සබ්බලහුසො සම්ඵප්පලාපස්ස විපාකො, මනුස්සභූතස්ස අනාදෙය්‍යවාචාසංවත්තනිකො හොති.
‘‘සුරාමෙරයපානං, භික්ඛවෙ , ආසෙවිතං භාවිතං බහුලීකතං නිරයසංවත්තනිකං තිරච්ඡානයොනිසංවත්තනිකං පෙත්තිවිසයසංවත්තනිකං. යො සබ්බලහුසො සුරාමෙරයපානස්ස විපාකො, මනුස්සභූතස්ස උම්මත්තකසංවත්තනිකො හොතී’’ති. දසමං.
40
“මහණෙනි, ප්‍රාණඝාතය තෙම හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි.
“ප්‍රාණඝාතය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ ස්වල්ප ආයුෂය පිණිස පැවැත්ම වෙයි.
“මහණෙනි, අදත්තාදානය හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. අදත්තාදානය (හොරකම) පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ වස්තු හානිය පිණිස පැවැත්ම වෙයි.
“මහණෙනි, කාමයෙහි වරදවා හැසිරීම හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. කාමයෙහි වරදවා හැසිරීම පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ සතුරන් වැඩිවීමට හේතුවෙයි.
“මහණෙනි, බොරුකීම හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. බොරුකීම පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහ අභූත චෝදනාවලට භාජන වෙයි. අනුන් කළ වරද ඔහු පිට පැවරේ.
“මහණෙනි, කේලාම් කීම හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. කේළාම් කිම පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ (නිකරුණේ) මිත්‍ර භේදයට හේතු වෙයි.
“මහණෙනි, පරුෂ වචනය හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. පරුෂ වචනය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුට කර්‍ණකටුකවූ, අමනාප ශබ්ද ගිය ගිය තන්හි අසන්නට හේතුවෙයි.
“මහණෙනි, නිෂ්ඵල වචනය හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. නිෂ්ඵල වචනය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නහුගේ වචනය අන්‍යයෝ නොපිළිගනිත්.
“මහණෙනි, රහමෙර පානය හාත්පසින් සෙවුනා ලද්දේ - (පුරුදු කරණ ලද්දේ) වද්‍ර්‍ධනය කරණ ලද්දේ, බොහෝකොට වද්‍ර්‍ධණය කරණ ලද්දේ, නිරයෙහි ඉපැත්මට හේතුවෙයි. තිරිසන් යෝනියෙහි ඉපැත්මට හේතුවෙයි. ප්‍රේත ලෝකයෙහි ඉපැත්මට හේතුවෙයි. රහමෙර පානය පිළිබඳවූ යම්කිසි ස්වල්පවු කර්ම විපාකය වූයේ මිනිස් ලොව උපන්නාහු උමතුවීමට හේතු වෙයි. කෙළතොල්ලෙක් හෝ වෙයි.