ත්‍රිපිටකය
3. ගහපතිවග්ගො 3. ගෘහපති වර්‍ගය
1. පඨමඋග්ගසුත්තං 1. වෙසාලිකඋග්ග සූත්‍රය
2. දුතියඋග්ගසුත්තං 2. හත්‍ථිගාමකඋග්ග සූත්‍රය
3. පඨමහත්ථකසුත්තං 3. හත්‍ථක සත්ත ධම්ම සූත්‍රය
4. දුතියහත්ථකසුත්තං 4. මහාපරිස හත්‍ථකාලවක සූත්‍රය
5. මහානාමසුත්තං 5. මහානාම (සක්ක) සූත්‍රය
6. ජීවකසුත්තං 6. ජීවක කොමාරහච්ච සූත්‍රය
7. පඨමබලසුත්තං 7. අට්ඨබල සූත්‍රය
8. දුතියබලසුත්තං 8. ඛීණාසව බල සූත්‍රය
9. අක්ඛණසුත්තං 9. අට්ඨක්ඛණ සූත්‍රය
29
‘‘‘ඛණකිච්චො ලොකො, ඛණකිච්චො ලොකො’ති, භික්ඛවෙ, අස්සුතවා පුථුජ්ජනො භාසති, නො ච ඛො සො ජානාති ඛණං වා අක්ඛණං වා. අට්ඨිමෙ, භික්ඛවෙ, අක්ඛණා අසමයා බ්‍රහ්මචරියවාසාය. කතමෙ අට්ඨ? ඉධ, භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා, ධම්මො ච දෙසියති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො; අයඤ්ච පුග්ගලො නිරයං උපපන්නො හොති. අයං, භික්ඛවෙ, පඨමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා, ධම්මො ච දෙසියති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො; අයඤ්ච පුග්ගලො තිරච්ඡානයොනිං උපපන්නො හොති...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ...පෙ.... අයඤ්ච පුග්ගලො පෙත්තිවිසයං උපපන්නො හොති...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ...පෙ.... අයඤ්ච පුග්ගලො අඤ්ඤතරං දීඝායුකං දෙවනිකායං උපපන්නො හොති...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ...පෙ.... අයඤ්ච පුග්ගලො පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු (මිලක්ඛූසු (ස්‍යා. ක.) දී. නි. 3.358), යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං...පෙ.... පඤ්චමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං, භික්ඛවෙ...පෙ.... අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති මිච්ඡාදිට්ඨිකො විපරීතදස්සනො - ‘නත්ථි දින්නං, නත්ථි යිට්ඨං, නත්ථි හුතං, නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, නත්ථි අයං ලොකො, නත්ථි පරො ලොකො, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති...පෙ.....
‘‘පුන චපරං, භික්ඛවෙ...පෙ.... අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති , සො ච හොති දුප්පඤ්ඤො ජළො එළමූගො අප්පටිබලො සුභාසිතදුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. අයං, භික්ඛවෙ, සත්තමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය.
‘‘පුන චපරං, භික්ඛවෙ, තථාගතො ච ලොකෙ අනුප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො...පෙ.... සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. ධම්මො ච න දෙසියති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිතදුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. අයං, භික්ඛවෙ, අට්ඨමො අක්ඛණො අසමයො බ්‍රහ්මචරියවාසාය. ‘ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ අක්ඛණා අසමයා බ්‍රහ්මචරියවාසාය’’’.
‘‘එකොව ඛො, භික්ඛවෙ, ඛණො ච සමයො ච බ්‍රහ්මචරියවාසාය. කතමො එකො? ඉධ, භික්ඛවෙ, තථාගතො ච ලොකෙ උප්පන්නො හොති අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා. ධම්මො ච දෙසියති ඔපසමිකො පරිනිබ්බානිකො සම්බොධගාමී සුගතප්පවෙදිතො. අයඤ්ච පුග්ගලො මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජාතො හොති, සො ච හොති පඤ්ඤවා අජළො අනෙළමූගො පටිබලො සුභාසිතදුබ්භාසිතස්ස අත්ථමඤ්ඤාතුං. අයං, භික්ඛවෙ, එකොව ඛණො ච සමයො ච බ්‍රහ්මචරියවාසායා’’ති.
‘‘මනුස්සලාභං (මනුස්සලොකං (ස්‍යා.)) ලද්ධාන, සද්ධම්මෙ සුප්පවෙදිතෙ;
යෙ ඛණං නාධිගච්ඡන්ති, අතිනාමෙන්ති තෙ ඛණං.
‘‘බහූ හි අක්ඛණා වුත්තා, මග්ගස්ස අන්තරායිකා;
කදාචි කරහචි ලොකෙ, උප්පජ්ජන්ති තථාගතා.
‘‘තයිදං (තස්සිදං (ක.)) සම්මුඛීභූතං, යං ලොකස්මිං සුදුල්ලභං;
මනුස්සපටිලාභො ච, සද්ධම්මස්ස ච දෙසනා;
අලං වායමිතුං තත්ථ, අත්තකාමෙන (අත්ථකාමෙන (සී. ස්‍යා. ක.)) ජන්තුනා.
‘‘කථං විජඤ්ඤා සද්ධම්මං, ඛණො වෙ (වො (ස්‍යා.)) මා උපච්චගා;
ඛණාතීතා හි සොචන්ති, නිරයම්හි සමප්පිතා.
‘‘ඉධ චෙ නං විරාධෙති, සද්ධම්මස්ස නියාමතං (නියාමිතං (ස්‍යා.));
වාණිජොව අතීතත්ථො, චිරත්තං (චිරන්තං (ක.)) අනුතපිස්සති.
‘‘අවිජ්ජානිවුතො පොසො, සද්ධම්මං අපරාධිකො;
ජාතිමරණසංසාරං, චිරං පච්චනුභොස්සති.
‘‘යෙ ච ලද්ධා මනුස්සත්තං, සද්ධම්මෙ සුප්පවෙදිතෙ;
අකංසු සත්ථු වචනං, කරිස්සන්ති කරොන්ති වා.
‘‘ඛණං පච්චවිදුං ලොකෙ, බ්‍රහ්මචරියං අනුත්තරං;
යෙ මග්ගං පටිපජ්ජිංසු, තථාගතප්පවෙදිතං.
‘‘යෙ සංවරා චක්ඛුමතා, දෙසිතාදිච්චබන්ධුනා;
තෙසු (තෙසං (ක.)) ගුත්තො සදා සතො, විහරෙ අනවස්සුතො.
‘‘සබ්බෙ අනුසයෙ ඡෙත්වා, මාරධෙය්‍යපරානුගෙ;
තෙ වෙ පාරඞ්ගතා (පාරගතා (සී. ස්‍යා. පී.)) ලොකෙ, යෙ පත්තා ආසවක්ඛය’’න්ති. නවමං;
29
“මහණෙනි, ධර්මය නොදත් පෘතග්ජන තෙම ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේය. ලෝකයා අවකාශ ලැබ කටයුතු කරන්නේයයි කියයි. (එසේද වුවත්) හෙතෙම අවකාශය හෝ අනවකාශය නොදනී. මහණෙනි, මේ අවස්ථා අට ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාව රැකීමට අනවකාශවූ අකාලයෝ වෙත්. කවර අවස්ථා අටෙක්ද යත්?
“මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද,
“කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, (එකල්හි) යම් මේ පුද්ගලයෙක් තෙම නරකයෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පළමුවෙනි අකාලයයි.
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම තිරිසන් යෝනියෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ දෙවෙනි අකාලයයි.
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම ප්‍රේත ලෝකයෙහි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ තුන්වෙනි අකාලයයි.
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම අසඤ්ඤසත්ත දේවනිකාය ආදීවූ යම්කිසි දේව නිකායෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හතරවෙනි අකාලයයි.
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිසට අයෝග්‍යවූ, අප්‍රසිද්‍ධවූ, පිටිසර මිලේච්ඡ ජනපදයෙක්හි උපන්නේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ පස්වෙනි අකාලයයි.
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම මිත්‍යා දෘෂ්ටිකයෙක් වූයේ, දුන් දේ පල නැත, යාග කළ දේ පල නැත, හෝම කල දේ පල නැත, කුශලාකුශල ධර්‍මයන්ගේ ඵල විපාක නැත, මෙලොව නැත, පරලොව නැත, මවු නැත, පියා නැත, ඕපපාතිකවූ (දිව්‍ය බ්‍රහ්මාදී) සත්ත්‍වයෝ නැත. මේ ලෝකයෙහි සම්‍යක් මාර්‍ගයෙහි ගමන් කරන්නාවූ යහපත් ප්‍රතිපත්තියෙන් යුක්තවූ, මෙලොව පරලොව ගැන තමා විසින්ම විෂිෂ්ට ඥානයෙන් අවබෝධ කොට දේශනා කරන්නාවූ, ශ්‍රමණ බ්‍රාහ්මණයෝද නැතැයි විපරීත දෘෂ්ටි ඇත්තේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ හයවෙනි අකාලයයි.
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය ජනපදයෙහි උපන්නේ වේද, (එසේද වුවත්) හෙතෙම අඥාන වූයේ වේද, ජඩ වූයේ වේද, කෙළතොලු වූයේ වේද, යහපත්වූ හෝ අයහපත්වු වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහි අපොහොසත් වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ සත්වෙනි අකාලයයි.
“නැවතද, මහණෙනි, මේ ලෝකයෙහි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා පසළොස් වරණ ධර්මයන්ගෙන් යුක්තවූ, යහපත් ගමන් ඇත්තාවූ, කාම, රූප, අරූපාදී ලෝකයන් දත්තාවූ, නිරුත්තරවූ, බඹ, සුර, නර ආදී පුරුෂයන් දමනය කිරීමෙහි සාරථීවූ, දෙවි මිනිසුන්ට අර්ත්‍ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නාවූ, ස්වයම්භූඥානයෙන් චතුරාර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළාවූ, තථාගතයන් වහන්සේත් පහළවූයේත් නොවේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු නොලැබේද, යම් මේ පුද්ගලයෙක් තෙම මධ්‍ය දේශයෙහි උපන්නේ වේද, හෙතෙම ප්‍රඥාවන්ත වූයේද. ජඩ නුවූයේද, කෙළතොලු නුවූයේද, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහි සමර්ත්‍ථ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ අටවෙනි අකාලයයි. මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා අනවකාශවූ නොකල් අට වෙත්.
“මහණෙනි, ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා (යොග්‍යවූයේ) එකම කාලයයි. කවර එකම කාලයක්ද යත්? විභජ්ජවාදීවූ තථාගතයන් වහන්සේ පහළවූයේ වේද, කෙලෙස් සන්සිඳවන්නාවූ, ක්ලේශ පරිනිර්‍වාණය කරන්නාවූ, සතර මාර්‍ගඥාන සංඛ්‍යාතවූ, සම්බෝධියට පමුණුවන්නාවු බුදුරජාණන් වහන්සේ විසින් යහපත්ව දේශනා කරණ ලද්දාවූ ශ්‍රී සද්‍ධර්‍මයද දේශනා කරණු ලැබේද, ඒ මේ පුද්ගල තෙමේත් මධ්‍ය දේශයෙහි උපන්නේ වේද, හෙතෙම ප්‍රඥාවන්තවූයේ, ජඩ නොවූයේ, කෙළතොලු නොවූයේ, යහපත්වූ හෝ අයහපත්වූ වචනයාගේ අර්ත්‍ථය අවබෝධ කර ගැනීමෙහිත් සමර්ත්‍ථවූයේ වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචරියාව රැකීම සඳහා යොග්‍යවූ එකම කාලයයි.”
(1) “යම් කිසිවෙක් මනුෂ්‍ය ලාභය ලැබ (මිනිසත් බැව්හි ඉපිද) යහපත්ව දේශනා කරණ ලද ශ්‍රී සද්‍ධර්මයද ලැබ එහි ඵලයට නොපැමිණෙත්ද, ඔවුහු ක්‍ෂණ සම්පත්තිය ඉක්මවත්.
(2) “පුද්ගලයාගේ අනතුරට හේතුවූ අනවකාශ කාලයෝ බොහොමයක් වදාරණ ලදහ. ලෝකයෙහි බොහෝ දීර්‍ඝ කාලයකින් බුදුවරයන් වහන්සේලා උපදිත්. ලෝකයෙහි ඉතා දුර්ලභවූ යමක් වේනම් ඒ බුදේ‍ධාත්පාද කාලය ප්‍රමුඛවූ (පළමුවැනිවූ) දුර්ලභ කාලයයි.
(3) “මිනිසත් බව ලැබීමද, සද්‍ධර්‍ම ශ්‍රවණය ලැබීමද (දුර්ලභයි). අර්ත්‍ථකාමිවු සත්ත්‍වයා විසින් ඒ දුර්ලභ කාලයෙහි උත්සාහ කිරීම සුදුසුය.
(4) “මේ ක්‍ෂණ සම්පත්තිය ලැබ ශ්‍රී සද්‍ධර්‍මය කෙසේ නම් පැහැර හැරිය යුතුද, ඒකාන්තයෙන්ම මේ ක්‍ෂණ සම්පත්තිය ඉක්ම යා නොදේවා. ක්‍ෂණ සම්පත්තිය ඉක්මවූවෝ වනාහි නිරයට පැමිණ ශෝක කෙරෙත්.
(5) “ඉදින් යම්කිසි ප්‍රමාදචාරී පුද්ගලයෙක් මෙලොවදී මේ ක්‍ෂණ සම්පත්තිය ලැබ ශ්‍රී සද්‍ධර්‍මයට නිමවූ ආර්‍ය්‍ය මාර්ගය නොලබාද, ඔහු (ප්‍රමාදයෙන්) පිරිහෙලා ගන්නා ලද වස්තුව ඇති වෙළෙත්‍දා මෙන් දීර්‍ඝ කාලයක් මුලුල්ලෙහි ඒ අනුව ශෝක කරන්නේ වේ.
(6) “මොහාන්‍ධකාරයෙන් වළඳනා ලද්දාවු සද්‍ධර්‍මය (ගැන නොසැලකීමෙන් එයට) අපරාධ කළාවූ ඒ පුරුෂ තෙම ජාති මරණාදී සසර දුක දීර්‍ඝ කාලයක් මුලුල්ලෙහි අනුභව කරන්නේය.
(7) යම් කිසිවෙක් මිනිසත් බව ලැබ, යහපත්ව දේශනා කරණ ලද ශ්‍රී සද්‍ධර්‍මයෙහි (පිහිටියේ) බුද්‍ධ වචනය කළාහුද, මතුද කරන්නාහුද, දැනුදු කෙරෙත්ද, ඔවුහු ලෝකයෙහි නිරුත්තරවූ ශාසන බ්‍රහ්මචරියාව ප්‍රතිවේධ කළාහුය.
(8) “යම් කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් දේශනා කර වදාළාවූ මාර්‍ගයට පිළිපන්නාහුද, යම් කෙනෙක් සූර්‍ය්‍යබන්ධුවූ දිව්‍ය චක්‍ෂුසාදී පසැස් අත්තාවූ (බුදුරජාණන් වහන්සේ) විසින් දේශනා කර වදාරණ ලද සංවරයෝ වෙත්නම්, ඒ සංවරයන්හි හික්මුනාහු, සියලු කල්හි ස්මෘතිමත් වූවාහු, කාමාදී ආශ්‍රව රහිතවූවාහු වාසය කරන්නාහුද, ඔවුහු මාරධෙය්‍ය සංඛ්‍යාතවූ, සසර අනුව යන්නාවූ සියලු අනුසය ධර්මයන් සිඳ, ලෝකයෙහි යම් කිසි කෙනෙක් අර්‍හත්වයට පැමිණියාහුද, එමෙන් නිර්‍වාණයට පැමිණියාහු වෙත්.”
10. අනුරුද්ධමහාවිතක්කසුත්තං 10. අනුරුද්‍ධ සූත්‍රය