2. මහාවග්ගො | 2. මහාවර්ගය |
1. වෙරඤ්ජසුත්තං | 1. වේරඤ්ජ සූත්‍රය |
11
(පාරා. 1 ආදයො) එවං
‘‘සුතං මෙතං, භො ගොතම - ‘න සමණො ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුඩ්ඪෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙතී’ති. තයිදං, භො ගොතම, තථෙව. න හි භවං ගොතමො බ්රාහ්මණෙ ජිණ්ණෙ වුඩ්ඪෙ මහල්ලකෙ අද්ධගතෙ වයොඅනුප්පත්තෙ අභිවාදෙති වා පච්චුට්ඨෙති වා ආසනෙන වා නිමන්තෙති. තයිදං, භො ගොතම, න සම්පන්නමෙවා’’ති. ‘‘නාහං තං, බ්‍රාහ්මණ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යමහං අභිවාදෙය්යං වා පච්චුට්ඨෙය්යං වා ආසනෙන වා නිමන්තෙය්යං. යඤ්හි, බ්‍රාහ්මණ, තථාගතො අභිවාදෙය්ය
‘‘අරසරූපො භවං ගොතමො’’ති! ‘‘අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘අරසරූපො සමණො ගොතමො’ති. යෙ තෙ, බ්‍රාහ්මණ, රූපරසා සද්දරසා ගන්ධරසා රසරසා ඵොට්ඨබ්බරසා, තෙ තථාගතස්ස පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා
(අනභාවකතා (සී. පී.)) ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො, බ්‍රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘අරසරූපො සමණො ගොතමො’ති, නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසී’’ති
(වදෙසි (සී. ක.)).
‘‘නිබ්භොගො
‘‘අකිරියවාදො
‘‘උච්ඡෙදවාදො භවං ගොතමො’’ති! ‘‘අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘උච්ඡෙදවාදො සමණො ගොතමො’ති. අහඤ්හි, බ්‍රාහ්මණ, උච්ඡෙදං වදාමි රාගස්ස දොසස්ස මොහස්ස; අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං උච්ඡෙදං වදාමි. අයං ඛො, බ්‍රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘උච්ඡෙදවාදො සමණො ගොතමො’ති, නො ච ඛො යං ත්වං සන්ධාය වදෙසී’’ති.
‘‘ජෙගුච්ඡී භවං ගොතමො’’ති! ‘‘අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘ජෙගුච්ඡී සමණො ගොතමො’ති. අහඤ්හි, බ්‍රාහ්මණ, ජිගුච්ඡාමි කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන මනොදුච්චරිතෙන; ජිගුච්ඡාමි අනෙකවිහිතානං පාපකානං අකුසලානං ධම්මානං
‘‘වෙනයිකො භවං ගොතමො’’ති! ‘‘අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘වෙනයිකො සමණො ගොතමො’ති. අහඤ්හි, බ්‍රාහ්මණ, විනයාය ධම්මං දෙසෙමි රාගස්ස දොසස්ස මොහස්ස; අනෙකවිහිතානං
‘‘තපස්සී භවං ගොතමො’’ති! ‘‘අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘තපස්සී සමණො ගොතමො’ති. තපනීයාහං
‘‘අපගබ්භො භවං ගොතමො’’ති! ‘‘අත්ථි ඛ්වෙස, බ්‍රාහ්මණ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘අපගබ්භො සමණො ගොතමො’ති. යස්ස ඛො, බ්‍රාහ්මණ, ආයතිං ගබ්භසෙය්යා පුනබ්භවාභිනිබ්බත්ති පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා
‘‘සෙය්යථාපි, බ්‍රාහ්මණ, කුක්කුටියා අණ්ඩානි අට්ඨ වා දස වා ද්වාදස වා. තානාස්සු කුක්කුටියා සම්මා අධිසයිතානි සම්මා පරිසෙදිතානි සම්මා පරිභාවිතානි. යො නු ඛො තෙසං කුක්කුටච්ඡාපකානං පඨමතරං පාදනඛසිඛාය වා මුඛතුණ්ඩකෙන වා අණ්ඩකොසං පදාලෙත්වා සොත්ථිනා අභිනිබ්භිජ්ජෙය්ය, කින්ති ස්වාස්ස වචනීයො - ‘ජෙට්ඨො වා කනිට්ඨො වා’’’ති? ‘‘ජෙට්ඨො තිස්ස, භො ගොතම, වචනීයො. සො හි නෙසං, භො ගොතම, ජෙට්ඨො හොතී’’ති.
‘‘එවමෙවං ඛො අහං, බ්‍රාහ්මණ, අවිජ්ජාගතාය පජාය අණ්ඩභූතාය පරියොනද්ධාය අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා එකොව ලොකෙ අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො. අහඤ්හි, බ්‍රාහ්මණ
‘‘සො
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ විගතූපක්කිලෙසෙ මුදුභූතෙ කම්මනියෙ ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ පුබ්බෙනිවාසානුස්සතිඤාණාය චිත්තං අභිනින්නාමෙසිං. සො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි, සෙය්යථිදං - එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි ජාතියො තිංසම්පි ජාතියො චත්තාලීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ - ‘අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො අමුත්ර උදපාදිං; තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛප්පටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො’ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි.
‘‘අයං ඛො මෙ, බ්‍රාහ්මණ, රත්තියා පඨමෙ යාමෙ පඨමා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා; තමො විහතො ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ, බ්‍රාහ්මණ, පඨමා අභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව
‘‘සො
‘‘අයං ඛො මෙ, බ්‍රාහ්මණ, රත්තියා මජ්ඣිමෙ යාමෙ දුතියා විජ්ජා අධිගතා; අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා; තමො විහතො ආලොකො උප්පන්නො, යථා තං අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො. අයං ඛො මෙ, බ්‍රාහ්මණ, දුතියා අභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා.
‘‘සො එවං සමාහිතෙ චිත්තෙ පරිසුද්ධෙ පරියොදාතෙ අනඞ්ගණෙ
‘‘අයං
එවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණො භගවන්තං එතදවොච - ‘‘ජෙට්ඨො භවං ගොතමො, සෙට්ඨො භවං ගොතමො. අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතම! සෙය්යථාපි, භො ගොතම, නික්කුජ්ජිතං
(නිකුජ්ජිතං (ක.)) වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය - චක්ඛුමන්තො රූපානි දක්ඛන්තීති; එවමෙවං භොතා ගොතමෙන
|
11
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජා නුවර, නලේරු නම් යක්ෂයා විසින් අධිගෘහිතවූ කොසඹ රුක් මුල වැඩ වාසය කරණ සේක.
“එකල්හි වනාහි වේරඤ්ජ නම් බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූයේය. සතුටුවිය යුතුවූ, සිහි කටයුතුවූ, කථාව අවසන්කොට එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ වේරඤ්ජ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.
භවත් ගෞතමයාණනි, ශ්‍රමණ භවත් ගෞතමයෝ වයසින් ජීර්ණවූ, වෘද්ධවූ, මහලුවූ, දීර්ඝ කාලයක් ගතකළාවූ, වයසට පැමිණියාවූ බමුණන්ට නොවඳින්නේයයිද, (දුටු කළ) අසුනෙන් නොනැගිටින්නේයයිද, අසුනක හිඳින සේ ආරාධනා නොකරන්නේයයිද, යන මේ පුවත මා විසින් අසන ලදී. භවත් ගෞතමයාණනි, ඒ මේ පුවත එසේමය. ශ්‍රමණ භවත් ගෞතමයෝ වයසින් ජීර්ණවූ, වෘද්ධවූ, මහලුවූ, දීර්ඝ කාලයක් ගතකළාවූ, වයසට පැමිණියාවූ බමුණන්ට නොවඳින්නේයයිද, (දුටු කළ) අසුනෙන් නොනැගිටින්නේයයිද, අසුනක හිඳින සේ ආරාධනා නොකරන්නේයයිද, ඒ මේ පුවත හොබනේමය.
“බ්‍රාහ්මණය, දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ, බ්‍රහ්මයන් සහිතවූ, මහණ බමුණන් සහිතවූ, දෙවි මිනිසුන් සහිතවූ, සත්ත්ව ලෝකයෙහි යම් කිසිවෙකුට මම වඳින්නෙමි, දැක හුනස්නෙන් නැගී සිටින්නෙමි, අසුනක හිඳින සේ ආරාධනා කරන්නෙමි, යන මේ කරුණ මම නොදක්නෙමි.
“බ්‍රාහ්මණය, යමෙකුට වනාහි තථාගත තෙම වඳින්නේ හෝ වේද, දැක හුනස්නෙන් නැගී සිටින්නේ හෝ වේද, අසුනක හිඳිනා සේ ආරාධනා කරන්නේ හෝ වේද, ඔහුගේ හිස් මුදුන හෝ පැලෙන්නේය.
“භවත් ගෞතම තෙම, අරස රූපියෙකි. (සමගි රසයෙන් තොරවූවෙකි.)
“බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ යම් කිසිවෙක් ශ්‍රමණ භවත් ගෞතමයා අරසරූපයයි මට කින්නේ නම් එයට හේතු ඇත්තේමය. “බ්‍රාහ්මණය, යම් ඒ රූප රසය, ශබ්ද රසය, ගන්ධ රසය, රස රසය, ස්පර්ශ රසය යන (රසයෝ වෙත් නම්) තථාගතයන්ගේ ඒ රසයෝ ප්‍රහීන වූවාහු වෙත්. ආර්ය්යමාර්ග ශස්ත්‍රයෙන් මූලෝච්ඡින්න වූවාහු වෙත්. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්.
“බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අරස රූපයයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම නිබ්භොගියෙක් (සමගි පරිභෝජනයෙන් තොරවූවෙකි) බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, “නිබ්භොගියෙකැයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, යම් ඒ රූප (පරිභොගය, ශබ්ද පරිභොගය, ගන්ධ පරිභොගය, රස පරිභොගය, ස්පර්ශ පරිභොගය, යන (පරිභොගයෝ වෙත් නම්,) තථාගතයන්ගේ ඒ පරිභොගයෝ ප්‍රහීන වූවාහු වෙත්. ආර්ය්යමාර්ග ශස්ත්‍රයෙන් මූලෝච්ඡින්න වූවාහු වෙත්. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, නිබ්භෝගියෙකැයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම අකිරිය වාදියෙකි.” බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අකිරිය වාදියායයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය.
“බ්‍රාහ්මණය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද නොකටයුතුයයි කියමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්මයන් නොකටයුතුයයි කියමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අකිරිය වාදියෙක්යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම උච්ඡෙද වාදියෙකි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, උච්ඡේද වාදියෙක්යයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, රාගයද, ද්වේෂයද, මෝහයද සම්පූර්ණයෙන් සිඳ දැමිය යුතුයයි කියමි. අනේකප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්මයන් සම්පූර්ණයෙන් සිඳ දැමිය යුතුයයි කියමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, උච්ඡෙද වාදියෙක් යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම පිළිකුල් කරන්නෙකි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, පිළිකුල් කරන්නෙකැයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද පිළිකුල් කරමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්මයන්ට පැමිණීම පිළිකුල් කරමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, පිළිකුල් කරන්නේයයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම වේනයිකයෙකි. (හික්මවිය යුත්තෙකි.) බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, වේනයිකයෙක්යයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, මම වනාහි, රාගයද, ද්වේෂයද, මෝහයද විනාශය පිණිස, සන්සිඳවීම පිණිස දහම් දෙසමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්මයන් විනාශය පිණිස, දුරු කිරීම පිණිස දයම් දෙසමි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, වේනයිකයෙක්යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම තපස්සියෙකි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, තපස්සියෙකැයි මට කියන්නේනම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, මම වනාහි, කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද යන පවිටුවූ අකුශල ධර්මයන් තැවිය යුතුයයි, විනාශ කළ යුතුයයි කියමි. බ්‍රාහ්මණය, යමෙකුගේ වනාහි තැවිය යුතු, විනාශ කළ යුතු, පවිටුවූ අකුශල ධර්මයෝ ප්‍රහීන වූවාහු වෙත්ද, මූලොච්ඡින්න කරණ ලද්දාහු වෙත්ද, කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්ද, නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්ද, මම ඔහු තපස්සියෙක්යයි කියමි. බ්‍රාහ්මණය, තථාගතයන්ගේ වනාහි තැවිය යුතුවූ, විනාශ කළ යුතුවූ, පවිටුවූ අකුශල ධර්මයෝ ප්‍රහීණ වූවාහු වෙත්. මූලොච්ඡින්න කරණ ලද්දාහු වෙත්. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. පසුව හට නොගන්නා බවට පමුණුවන ලද්දාහු වෙත්. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, තපස්සියෙක්යයි මට කියයුතු වන්නේ මේ හේතුවෙනි. යුෂ්මතා යමක් කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“භවත් ගෞතම තෙම අපගර්භයෙකි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අපගර්භයෙක්යයි මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය. බ්‍රාහ්මණය, යමෙකුගේ වනාහි මතු ආත්මයෙහි මවු කුස පිළිසිඳ ගැනීමේ ශක්තියද, නැවත නැවත භවයන්හි ඉපදීමේ ශක්තියද, ප්‍රහීණ වූයේ වේද, මූලොච්ඡින්න වූයේ වේද, කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දේ වේද, අභාවප්‍රාප්ත කරණ ලද්දේ වේද, නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දේ වේද, මම ඔහු අපගර්භයෙක් යයි කියමි.
“බ්‍රාහ්මණය, තථාගතයන්ගේ වනාහි මතු ආත්ම භාවයෙහි මව් කුස පිළිසිඳ ගැනීමේ ශක්තියද, නැවත, නැවත භවයන්හි ඉපදීමේ ශක්තියද, ප්‍රහීණ වූයේ වෙයි. මූලොච්ඡින්න වූයේ වෙයි. කරටිය කැපූ තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයි. අභාවප්‍රාප්ත කරණ ලද්දේ වෙයි. නැවත හට නොගන්නා බවට පමුණුවන ලද්දේ වෙයි. බ්‍රාහ්මණය, යම්කිසි කරුණකින් යහපත්ව කථා කරන්නාවූ, යම් කිසිවෙක්, ශ්‍රමණ භවත් ගෞතමය, අපගර්භයෙකැයි මට කියයුතු වන්නේ නම් මේ හේතුවෙනි. යුෂමතා යමක් සඳහා කීයෙහි නම් ඒ සඳහා නොවෙයි.”
“බ්‍රාහ්මණය, යම් සේ වනාහි කිකිළියකගේ බිත්තර අටක් හෝ, දහයක් හෝ, දොළසක් හෝ වෙත්ද, ඒ බිත්තර ඒ කිකිලිය විසින් මනාකොට රකින ලද්දාහු වෙත්ද, එයින් යම්කිසි කුකුළු පැටියෙක් (තමාගේ) පාදයෙහි නියපොතුවලින් හෝ, හොටෙන් හෝ, බිත්තර කටුව පලා සැපසේ පළමුකොට පිටතට නික්මුණේ වේද, කිමෙක්ද? ඔහුට වැඩි මහල්ලාය කිය යුතුද? බාලයාය කිය යුතුද?” - “භවත් ගෞතමයාණනි, ඔහුට වැඩි මහල්ලාය කිය යුතුය. හෙතෙම වනාහි ඔවුන්ගේ වැඩි මහල්ලා වෙයි.”
“බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම වනාහි අවිද්‍යා නමැති බිත්තර කොපුවෙන් වැළඳ ගත්තාවූ (වටකොට ගත්තාවූ) සත්ත්වයන් අතුරෙන් මම අවිද්‍යා නමැති බීජ කෝෂය පලා, ලෝකයෙහි අසහාය (එකම) පුද්ගලයෙක් වූයේ, අනුත්තරවූ සම්‍යක් සම්බෝධිය මනාකොට අවබෝධ කෙළෙමි. බ්‍රාහ්මණය, මම වනාහි ලෝකයාගේ වැඩිමහල්ලා වෙමි. ශ්‍රේෂ්ඨයා වෙමි.
“බ්‍රාහ්මණය, මා විසින් නොපසුබස්නා වීර්‍ය්‍යය පටන් ගන්නා ලද්දේය. නුමුළාවූ සිහිය එළඹ සිටියේ වෙයි. කාය දරථයෙන් තොරවූ සැහැල්ලු කය ඇත්තේ වෙමි. සිත එකඟවූයේ සමාධියට පැමිණියේ වෙමි.
“බ්‍රාහ්මණය, ඒ මම වනාහි කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇත්තාවූ, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරමි. විතර්ක විචාරයන් සන්සිඳවා, සිතේ පැහැදීම් ඇතිවූයේ, විතර්ක විචාරයන්ගෙන් තොරවූ, චිත්තයාගේ එකඟ භාවයයි කියන ලද, සමාධියෙන් හටගත් ප්‍රීති සැපයෙන් යුක්තවූ, දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරමි.
“(වීතීය ධ්‍යානයෙහි ඇත්තාවූ) ප්‍රීතියෙහිද නොඇලී, උපෙක්ෂා සහගතව (දුක් සැප දෙකෙහි මධ්‍යස්ථව) වාසය කරයි. සිහි ඇතිව, යහපත් ප්‍රඥාවෙන් යුක්තව, සැපයද කයින් විඳිමි. ආර්‍ය්‍ය පුද්ගලයෝ ස්මෘතියෙන් හා සැප විහරණයෙන් යුක්තවූ, යම් කිසි ධ්‍යානයක් ගැන කියත්ද, ඒ තෘතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි.
“සැප දුක් දෙක පිළිබඳ අදහස දුරුකොට පෙර මෙන් සොම්නස් දොම්නස් දෙක දුරු කිරීමෙන් ලැබිය යුතුවූ දුක් සැප දෙකින් තොර උපෙක්ෂා සහගත සිහියෙන් පිරිසිදුවූ සිවු වැනි ධ්‍යනයට (සම වැද) පැමිණ වාසයකරමි.
“ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් සුද්ධවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, උපක්ලේශ ධර්මයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි (විදර්ශනාවට) යොග්‍යවූ කල්හි, ස්ථිරවූ කල්හි, නොසෙල්වී සිටිනා බවට පැමිණි කල්හි, පූර්වෙනිවාස ස්මෘති ඥානය (පෙර විසූ ආත්ම ගැන දැන ගැනීම) පිණිස ඒ සිත යොමු කෙළෙමි.
“ඒ මම අනේක ප්‍රකාරවූ පෙර විසූ ආත්ම සිහි කරමි. ඒ කෙසේද? (උපන්නාවූ) එක ජාතියක්ද, ජාති දෙකක්ද,
(1 අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ 1 බ්‍රාහ්මණ වර්ගයේ 8 සූත්‍රයේ 4, 5, 6, ඡේද මෙහි යෙදිය යුතුයි.)
“බ්‍රාහ්මණය, ඒ රාත්‍රියෙහි ප්‍රථම යාමයෙන් මට මේ ප්‍රථම විද්‍යාව ලැබුණේය. (මම එයට පැමිණියෙමි.) මෝහය පහව ගියේය. විද්‍යාව උපන්නේය. අන්ධකාරය පහව ගියේය. ආලෝකය උපන්නේය. යම් සේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙකුට (ක්‍රියා කරන්නෙකුට අවබෝධ වන්නේද, එසේ අවබෝධ කෙළෙමි.)
“බ්‍රාහ්මණය, කුකුළු පැටියා බීජ කෝෂය පලා නික්මුණාක් මෙන් මේ මාගේ පළමුවන නික්මීමයි. (අවබෝධයයි.) ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් සුද්ධවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, උපක්ලේශ ධර්මයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි (විදර්ශනාවට) යොග්‍යවූ කල්හි, ස්ථිරවූ කල්හි, නොසෙල්වී සිටිනා බවට පැමිණි කල්හි, පූර්වෙනිවාස ස්මෘති ඥානය (පෙර විසූ ආත්ම ගැන දැන ගැනීම) පිණිස ඒ සිත යොමු කෙළෙමි.
(අඞ්ගුත්තර නිකායේ දුතිය පණ්ණාසකයේ 1 බ්‍රාහ්මණ වර්ගයේ, 8 සූත්‍රයේ, 8 ඡේදයේ, “හෙතෙම” වෙනුවට “මම” යයි වෙනස්කර යොදාගත යුතුයි.)
“බ්‍රාහ්මණය, ඒ රාත්‍රියෙහි මධ්‍යම යාමයෙහි මට මේ දෙවෙනි විද්‍යාව ලැබුනේය. (එයට පැමිණියෙමි.) මෝහය පහව ගියේය. විද්‍යාව උපන්නේය. අන්ධකාරය පහව ගියේය. ආලෝකය උපන්නේය. යම් සේ වනාහි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙකුට (අවබෝධ වන්නේද එසේ අවබෝධ කෙළෙමි.)
“බ්‍රාහ්මණය, කුකුළු පැටියා බීජ කෝෂය පලා නික්මුණාක් මෙන් මේ මාගේ දෙවැනි නික්මීමයි. (අවබෝධයයි.) ඒ මම මෙසේ සිත එකඟවූ කල්හි, පිරිසිදුවූ කල්හි, හාත්පසින් සුද්ධවූ කල්හි, කෙලෙස් රහිතවූ කල්හි, උපක්ලේශ ධර්මයන් පහව ගිය කල්හි, මෘදුවූ කල්හි (විදර්ශනාවට) යොග්‍යවූ කල්හි, ස්ථිරවූ කල්හි, නොසෙල්වී සිටිනා බවට පැමිණි කල්හි, (කාමාදී) ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස ඒ සිත යොමු කෙළෙමි. (යෙදවූයෙමි.)
“ඒ මම (මේ ලෝකය) දුක යයි තත්ත්වාකාරයෙන් (ඇති සැටියටම) යහපත්ව අවබෝධ කෙළෙමි. මේ (තෘෂ්ණාව) දුක් ඉපදීමේ හේතුවයයි තත්ත්වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ දුක් නැතිකිරීමෙන් (ලබන) නිර්වාණයයි තත්ත්වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ දුක් නැතිකිරීමේ මාර්ගයයයි තත්ත්වාකාරයෙන් අවබෝධ කෙළෙමි.
“මේ ආශ්‍රවයෝයි තත්ත්වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ ආශ්‍රවයන් ඉපදීමට හේතුවවූ තෘෂ්ණාව යයි තත්ත්වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ ආශ්‍රවයන්ගේ නිරුද්ධවීමෙන් ලබන නිර්වාණයයයි තත්ත්වාකාරයෙන් අවබෝධ කෙළෙමි. මේ ආශ්‍රවයන් නිරුද්ධ කිරීමේ මාර්ගයයයි තත්ත්වාකාරයෙන් අවබෝධ කෙළෙමි.
“එසේ දැන ගත්තාවූ, එසේ දැක්කාවූ මාගේ සිත කාමාශ්රවයන්ගෙනුදු මිදුනේය. භවාශ්රවයන්ගෙනුදු මිදුනේය. දෘෂටි ආශ්රවයන්ගෙනුදු මිදුනේය. අවිජ්ජාශ්රවයන්ගෙනුදු මිදුනේය. මිදුනු කල්හි මිදුනේයයි දැන ගතිමි.
“නැවත ඉපදීමේ ශක්තිය ක්ෂය වූයේය. (අවසාන වූයේය.) ශාසන බ්‍රහ්මචරියාවෙහි වැස නිම කෙළෙමි. (නිර්වාණය විමුක්තිය පිණිස) කළයුතු දේ කොට නිම කෙළෙමි. මේ ආත්මයෙන් කළයුතුවූ අනිකක් නැතැයි සම්පූර්ණයෙන් දැන ගතිමි.
බ්‍රාහ්මණය, ඒ රාත්‍රියෙහි අවසාන යාමයෙහි මට මේ තුන්වැනි විද්‍යාව ලැබුණේය. (එයට පැමිණියෙමි.) මෝහය පහව ගියේය. විද්‍යාව උපන්නේය. අන්ධකාරය පහව ගියේය. ආලෝකය උපන්නේය. යම් සේ වනාහි අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, ආත්ම පරිත්‍යාගයෙන් වාසය කරන්නෙකුට (අවබෝධ වන්නේද, එසේ අවබෝධ කෙළෙමි.)
“බ්‍රාහ්මණය, කුකුළු පැටියා බීජ කෝෂය පලා නික්මුණාක් මෙන් මේ මාගේ තුන් වැනි නික්මීමයි. (අවබෝධයයි.) “මෙසේ වදාළ කල්හි වේරඤ්ජා බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය. “පින්වත් ගෞතමයන් වහන්ස, (ඔබ වහන්සේ) වැඩිමල්ලාය. පින්වත් ගෞතමයාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයායි. (අංඟුත්තර නිකායේ 7 මහා වර්ගයෙහි 13 සූත්‍රයේ 27 ඡේදයේ අන්තිම කොටස යෙදිය යුතුයි. 328 පිට.)
|
2. සීහසුත්තං | 2. සීහසේනාපති සූත්‍රය |
12
එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ
(සන්ධාගාරෙ (ක.)) සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති, ධම්මස්ස වණ්ණං භාසන්ති, සඞ්ඝස්ස වණ්ණං භාසන්ති.
තෙන
‘‘කිං
දුතියම්පි ඛො සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස...පෙ.... ධම්මස්ස...පෙ.... සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. දුතියම්පි ඛො සීහස්ස සෙනාපතිස්ස එතදහොසි - ‘‘නිස්සංසයං ඛො සො භගවා අරහං සම්මාසම්බුද්ධො භවිස්සති, තථා හිමෙ සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස වණ්ණං භාසන්ති, ධම්මස්ස...පෙ.... සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. යංනූනාහං තං භගවන්තං දස්සනාය උපසඞ්කමෙය්යං අරහන්තං
‘‘කිං පන ත්වං, සීහ, කිරියවාදො සමානො අකිරියවාදං සමණං ගොතමං දස්සනාය උපසඞ්කමිස්සසි? සමණො හි, සීහ, ගොතමො අකිරියවාදො අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’’ති. දුතියම්පි ඛො සීහස්ස සෙනාපතිස්ස යො අහොසි ගමියාභිසඞ්ඛාරො භගවන්තං දස්සනාය, සො පටිප්පස්සම්භි.
තතියම්පි ඛො සම්බහුලා අභිඤ්ඤාතා අභිඤ්ඤාතා ලිච්ඡවී සන්ථාගාරෙ සන්නිසින්නා සන්නිපතිතා අනෙකපරියායෙන බුද්ධස්ස...පෙ.... ධම්මස්ස...පෙ.... සඞ්ඝස්ස වණ්ණං භාසන්ති. තතියම්පි ඛො සීහස්ස
අථ
‘‘සුතං මෙතං, භන්තෙ - ‘අකිරියවාදො සමණො ගොතමො, අකිරියාය ධම්මං
‘‘අත්ථි, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘අකිරියවාදො සමණො ගොතමො, අකිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’’’ති
‘‘අත්ථි, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘කිරියවාදො සමණො ගොතමො, කිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’’’ති.
‘‘අත්ථි, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘උච්ඡෙදවාදො සමණො ගොතමො, උච්ඡෙදාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’’’ති.
‘‘අත්ථි, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘ජෙගුච්ඡී සමණො ගොතමො, ජෙගුච්ඡිතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’’’ති.
‘‘අත්ථි
‘‘අත්ථි
‘‘අත්ථි, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘අපගබ්භො සමණො ගොතමො, අපගබ්භතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’’’ති.
‘‘අත්ථි, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘අස්සාසකො සමණො ගොතමො, අස්සාසාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’’’ති.
‘‘කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘අකිරියවාදො සමණො ගොතමො, අකිරියාය
‘‘කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘කිරියවාදො සමණො ගොතමො, කිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’ති? අහඤ්හි, සීහ, කිරියං වදාමි කායසුචරිතස්ස වචීසුචරිතස්ස මනොසුචරිතස්ස; අනෙකවිහිතානං කුසලානං ධම්මානං කිරියං වදාමි. අයං ඛො, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘කිරියවාදො සමණො ගොතමො, කිරියාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’’’ති.
‘‘කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘උච්ඡෙදවාදො සමණො ගොතමො, උච්ඡෙදාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’ති? අහඤ්හි, සීහ, උච්ඡෙදං වදාමි රාගස්ස දොසස්ස
‘‘කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘ජෙගුච්ඡී සමණො ගොතමො, ජෙගුච්ඡිතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’ති? අහඤ්හි, සීහ, ජිගුච්ඡාමි කායදුච්චරිතෙන වචීදුච්චරිතෙන
‘‘කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘වෙනයිකො සමණො ගොතමො, විනයාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’ති? අහඤ්හි, සීහ, විනයාය ධම්මං දෙසෙමි රාගස්ස දොසස්ස මොහස්ස; අනෙකවිහිතානං
‘‘කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘තපස්සී සමණො ගොතමො, තපස්සිතාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’ති? තපනීයාහං, සීහ, පාපකෙ අකුසලෙ ධම්මෙ වදාමි කායදුච්චරිතං වචීදුච්චරිතං මනොදුච්චරිතං. යස්ස ඛො, සීහ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා, තමහං ‘තපස්සී’ති වදාමි. තථාගතස්ස ඛො, සීහ, තපනීයා පාපකා අකුසලා ධම්මා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවංකතා ආයතිං අනුප්පාදධම්මා. අයං ඛො, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘තපස්සී සමණො
‘‘කතමො
‘‘කතමො ච, සීහ, පරියායො, යෙන මං පරියායෙන සම්මා වදමානො වදෙය්ය - ‘අස්සාසකො සමණො ගොතමො, අස්සාසාය ධම්මං දෙසෙති, තෙන ච සාවකෙ විනෙතී’ති? අහඤ්හි, සීහ, අස්සාසකො
එවං වුත්තෙ සීහො සෙනාපති භගවන්තං එතදවොච - ‘‘අභික්කන්තං, භන්තෙ, අභික්කන්තං, භන්තෙ...පෙ.... උපාසකං මං, භන්තෙ, භගවා ධාරෙතු අජ්ජතග්ගෙ
‘‘අනුවිච්චකාරං ඛො, සීහ, කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී’’ති. ‘‘ඉමිනාපාහං, භන්තෙ, භගවතො භිය්යොසොමත්තාය අත්තමනො අභිරද්ධො, යං මං භගවා එවමාහ - ‘අනුවිච්චකාරං ඛො, සීහ, කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී’ති. මඤ්හි, භන්තෙ, අඤ්ඤතිත්ථියා සාවකං ලභිත්වා කෙවලකප්පං වෙසාලිං පටාකං පරිහරෙය්යුං - ‘සීහො අම්හාකං සෙනාපති සාවකත්තං උපගතො’ති. අථ ච පන භගවා එවමාහ - ‘අනුවිච්චකාරං, සීහ, කරොහි. අනුවිච්චකාරො තුම්හාදිසානං ඤාතමනුස්සානං සාධු හොතී’ති. එසාහං, භන්තෙ, දුතියම්පි භගවන්තං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භගවා ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත’’න්ති.
‘‘දීඝරත්තං
අථ ඛො භගවා සීහස්ස සෙනාපතිස්ස අනුපුබ්බිං කථං
(අනුපුබ්බිකථං (සබ්බත්ථ)) කථෙසි, සෙය්යථිදං - දානකථං සීලකථං සග්ගකථං, කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං නෙක්ඛම්මෙ ආනිසංසං පකාසෙසි. යදා භගවා අඤ්ඤාසි සීහං සෙනාපතිං කල්ලචිත්තං මුදුචිත්තං විනීවරණචිත්තං උදග්ගචිත්තං පසන්නචිත්තං, අථ යා බුද්ධානං සාමුක්කංසිකා ධම්මදෙසනා තං පකාසෙසි - දුක්ඛං සමුදයං නිරොධං මග්ගං. සෙය්යථාපි නාම සුද්ධං වත්ථං අපගතකාළකං සම්මදෙව රජනං පටිග්ගණ්හෙය්ය; එවමෙවං සීහස්ස සෙනාපතිස්ස තස්මිංයෙව ආසනෙ විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි - ‘‘යං කිඤ්චි සමුදයධම්මං, සබ්බං තං නිරොධධම්ම’’න්ති.
අථ ඛො සීහො සෙනාපති දිට්ඨධම්මො පත්තධම්මො විදිතධම්මො පරියොගාළ්හධම්මො තිණ්ණවිචිකිච්ඡො විගතකථංකථො වෙසාරජ්ජප්පත්තො අපරප්පච්චයො සත්ථුසාසනෙ භගවන්තං එතදවොච - ‘‘අධිවාසෙතු මෙ, භන්තෙ, භගවා ස්වාතනාය
අථ ඛො සීහො සෙනාපති භගවතො අධිවාසනං විදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සීහො සෙනාපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි - ‘‘ගච්ඡ ත්වං, අම්භො පුරිස
අථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සීහස්ස සෙනාපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි සද්ධිං භික්ඛුසඞ්ඝෙන. තෙන ඛො පන
අථ ඛො අඤ්ඤතරො පුරිසො යෙන සීහො සෙනාපති තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා සීහස්ස සෙනාපතිස්ස උපකණ්ණකෙ ආරොචෙසි - ‘‘යග්ඝෙ, භන්තෙ, ජානෙය්යාසි! එතෙ සම්බහුලා නිගණ්ඨා වෙසාලියං රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං බාහා පග්ගය්හ කන්දන්ති - ‘අජ්ජ සීහෙන සෙනාපතිනා ථූලං පසුං වධිත්වා සමණස්ස ගොතමස්ස භත්තං කතං. තං සමණො ගොතමො ජානං උද්දිස්සකතං මංසං පරිභුඤ්ජති
අථ ඛො සීහො සෙනාපති බුද්ධප්පමුඛං භික්ඛුසඞ්ඝං පණීතෙන ඛාදනීයෙන භොජනීයෙන සහත්ථා සන්තප්පෙසි සම්පවාරෙසි. අථ ඛො සීහො සෙනාපති
|
12
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලාමහනුවර මහවනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි ප්‍රසිද්ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්.
“එසමයෙහි වනාහි නිඝණ්ඨ ශ්‍රාවකවූ සීහ සේනාධිපතියා ඒ පිරිසෙහි හුන්නේ වෙයි. එකල්හි සීහ සේනාධිපතියාට මෙබඳු සිතක් ඇතිවූයේය. ‘නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වන සේක. ප්‍රසිද්ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්.
“මම ඒ භාග්‍යවත්වූ අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි
“ඉක්බිති සීහ සේනාධිපතියා නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, නිගන්ඨනාත පුත්‍රයාට මෙසේ සැළ කෙළේය.
“ස්වාමීන් වහන්ස, මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දැකීම සඳහා පැමිණෙන්නට කැමැත්තෙමි” යි.
“සීහය කිමෙක්ද? ඔබ ක්‍රියාවාදී වූයේ අක්රියවාදීවූ ශ්‍රමණ භවත් ගෞතමයා දැකීම පිණිස එළඹෙන්නේද, සීහය, ශ්‍රමණ භවත් ගෞතමයා අක්‍රිය වාදියෙකි. අක්‍රිය පිණිස දහම් දෙසයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි.”
“එකල්හි භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සීහ සේනාධිපතියාගේ ගමනෙහි කටයුතු සම්පාදනය සන්සිඳුනේය. දෙවනුවද, ප්‍රසිද්ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්. දෙවනුවද සීහ සේනාධිපතියාට මේ සිත වූයේය. ‘නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වන සේක. ප්‍රසිද්ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්.
“මම ඒ භාග්‍යවත්වූ අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේ දැකීම පිණිස පැමිණෙන්නෙම් නම් ඉතා යෙහෙකැ” යි
“ඉක්බිති සීහ සේනාධිපතියා නිගණ්ඨනාත පුත්‍රයා යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, නිගන්ඨනාත පුත්‍රයාට මෙසේ සැළ කෙළේය.
“ස්වාමීන් වහන්ස, මම ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ දැකීම සඳහා පැමිණෙන්නට කැමැත්තෙමි” යි.
“සීහය කිමෙක්ද? ඔබ ක්‍රියාවාදී වූයේ අක්රියවාදීවූ ශ්‍රමණ භවත් ගෞතමයා දැකීම පිණිස එළඹෙන්නේද, සීහය, ශ්‍රමණ භවත් ගෞතමයා අක්‍රිය වාදියෙකි. අක්‍රිය පිණිස දහම් දෙසයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි.”
“දෙවනුවද, භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස සීහ සේනාධිපතියාගේ ගමනෙහි කටයුතු සම්පාදනය සන්සිඳුනේය. වැළකුනේය. තුන්වෙනුවද, ප්‍රසිද්ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්. තුන්වෙනුවද, සීහ සේනාධිපතියාට මේ සිත ඇතිවූයේය.
‘නිසැකවම ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් සම්‍යක් සම්බුද්ධ වන සේක. ප්‍රසිද්ධ කීර්තිමත්වූ බොහෝ ලිච්ඡවි (රජ දරුවෝ) රැස්වීම් ශාලාවෙහි රැස්ව හුන්නාහු, අනේක ප්‍රකාරයෙන් බුදුන්ගේ ගුණ කියත්. ධර්මයේ ගුණ කියත්. සංඝයාගේ ගුණ කියත්. ඒ නිසාමය. මම ඒ භාග්‍යවත්වූ, අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැකිම පිණිස එළඹෙන්නෙම් නම් ඉතා යෙහෙක. (නිඝණ්ඨයින්ගෙන්) විචාළා හෝ නොවිචාළා හෝ නිඝණ්ඨයෝ මට කුමක් කෙරෙත්ද? මම ඒ නිඝණ්ඨයින්ගෙන් නොවිචාරාම ඒ භාග්‍යවත්, අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ දැකිම පිණිස පැමිණෙත්නම් නම් ඉතා යෙහෙකැයි.
“ඉක්බිති සීහ සේනාධිපතියා මධ්‍යාහ්ණ කාලය ඉක්මවූ පමණින් පන්සියයක් පමණ රථ සේනාව සමග භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස විශාලාමහනුවරට පිටත්වූයේය. රථයෙන් යා යුතු භූමි ප්‍රදේශය යම්තාක්ද, ඒ තාක් රථයෙන් ගොස්, රථයෙන් බැස පයින්ම ආරාමයට ඇතුල්වූයේය. ඉක්බිති සීහ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ සීහ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.
“ස්වාමීන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි. කියා මා විසින් අසන ලදි. ස්වාමීන් වහන්ස, යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි,’ යන්න කියත් නම් කිමෙක්ද ස්වාමීන් වහන්ස, ඔවුහු භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දේශනාවක් කියන්නාහුද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නොකරන්නාහුද? (දේශනාකළ) ධර්මයට අනුකූලවූ ධර්මයක් ප්‍රකාශ කරන්නාහුද? ධර්මය අනුව වාදයට බැස ගැනීමක් නොවන්නේද, ගර්හා කටයුතු තැනකට නොපැමිණේද? ස්වාමීන් වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට බොරු චෝදනා නොකරණු කැමැත්තෝ වෙමු.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතු ඇත්තේමය.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කිරිය වාදියෙක්ය. ක්‍රියා පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම උච්ඡේද වාදියෙක්ය. උච්ඡේදය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම ජේගුච්ඡිකයෙකි. (පිළිකුල් කරන්නෙකි.) පිළිකුල් කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම වේනයිකයෙකි. (හික්මිය යුත්තෙකි.) හික්මීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්රාවකයින් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම තපස්සිකයෙක්ය. තපස්බව පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම අපගර්භයෙක්ය. අපගර්භභාවය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම අස්සාසකයෙක්ය. අස්වැසීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයටද හේතු ඇත්තේමය.
“සීහය, යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කිරීමට ඇති හේතු කවරේද? සීහය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද නොකළ යුතුයයි කියමි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ, අකුශල ධර්මයන් නොකළ යුතුයයි මම කියමි. සීහය, යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම අකිරිය වාදියෙකි. අකිරිය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’,
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කිරිය වාදියෙක්ය. ක්‍රියා පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට ඇති හේතු කවරේද? සීහය, මම වනාහි කාය සුචරිතයද, වචී සුචරිතයද, මනො සුචරිතයද කට යුතුයයි කියමි. අනෙක ප්‍රකාරවූ, කුශල ධර්මයන් කළ යුතුයයි කියමි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ කිරිය වාදියෙක්ය. ක්‍රියා පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’,
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම උච්ඡේද වාදියෙක්ය. උච්ඡේදය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි රාගයද, ද්වේෂයද, මෝහයද සහමුලින් සිඳිය යුතුයයි කියමි. අනේක ප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්මයන් සහමුලින් සිඳිය යුතුයයි කියමි.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම ජේගුච්ඡිකයෙකි. (පිළිකුල් කරන්නෙකි.) පිළිකුල් කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද පිළිකුල් කරමි. අනේක ප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්මයන්ට පැමිණීම පිළිකුල් කරමි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම ජේගුච්ඡිකයෙකි. (පිළිකුල් කරන්නෙකි.) පිළිකුල් කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම වේනයිකයෙකි. (හික්මිය යුත්තෙකි.) හික්මීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්රාවකයින් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි රාගයද, ද්වේෂයද, මෝහයද විනය (හික්මීම) පිණිස ධර්මය දේශනා කරමි. අනේක ප්‍රකාරවූ පවිටුවූ අකුශල ධර්මයන් විනය (දුරුකිරීම) පිණිස ධර්මය දේශනා කරමි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම වේනයිකයෙකි. (හික්මිය යුත්තෙකි.) හික්මීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්රාවකයින් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම තපස්සිකයෙක්ය. තපස්බව පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි පවිටුවූ අකුශල ධර්මයන් තැවිය යුතුයයි කියමි. කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද තැවිය යුතුයයි කියමි. සීහය, යමෙකුගේ වනාහි තැවිය යුතුවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීන වූවාහු වෙත්ද, මුල් සිඳිනා ලද්දාහු වෙත්ද, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්ද, අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්ද, නැවත නූපදනා බවට පමුණුවන ලද්දාහු වෙත්ද, මම ඔහු තපස්සියෙක්යයි කියමි. සීහය, තථාගතයන් වහන්සේ වනාහි තැවිය යුතුවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීන වූවාහු වෙත්. මුල් සිඳිනා ලද්දාහු වෙත්. කරටිය සිඳිනා ලද තල් ගසක් මෙන් කරණ ලද්දාහු වෙත්. අභාවප්‍රාප්ත කරණ ලද්දාහු වෙත්. නැවත නූපදනා බවට පමුණුවන ලද්දාහු වෙත්. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම තපස්සිකයෙක්ය. තපස්බව පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම අපගර්භයෙක්ය. අපගර්භභාවය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතුව කවරේද? සීහය, යමෙකුගේ වනාහි නැවත (උත්පත්ති වශයෙන්) මවු ගැබක සයනය කිරීම නැවත භවයක ඉපදීම ප්‍රහීන වූයේ වේද, මුල් සිඳිනා ලද්දේ වේද, කරටිය සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වේද, අභාවප්‍රාප්ත කරණ ලද්දේ වේද, නැවත නූපදනා බවට පමුණුවන ලද්දේ වේද, මම ඔහුට නැවත නුපදින්නෙක්යයි කියමි. සීහය, තථාගතයන් වහන්සේ වනාහි නැවත මවු ගැබක සයනය කිරීම, නැවත භවයක ඉපදීම ප්‍රහීන වූයේ වෙයි. මුල් සිඳිනා ලද්දේ වෙයි. කරටිය සිඳිනා ලද තල් ගසක් මෙන් කරණ ලද්දේ වෙයි. අභාවප්‍රාප්ත කරණ ලද්දේ වෙයි. නැවත නූපදනා බවට පමුණුවන ලද්දේ වෙයි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම අපගර්භයෙක්ය. අපගර්භභාවය පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
“සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම අස්සාසකයෙක්ය. අස්වැසීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කීමට හේතු කවරේද? සීහය, මම වනාහි සතර මාර්ග ඵල සංඛ්‍යාතවූ උතුම්වූ අස්වැසීමෙන් සනසමින් සැනසීම පිණිස ධර්මය දේශනා කරමි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවමි. සීහය, යම්කිසි හේතුවකින් යහපත්ව (යුක්ති සහගතව) කථා කරන්නාවූ යම් කිසිවෙක් ‘ශ්‍රමණ භවත් ගෞතමතෙම අස්සාසකයෙක්ය. අස්වැසීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ ධර්මයෙන් ශ්‍රාවකයන් හික්මවයි’, කියා මට කියන්නේ නම් එයට හේතුව මෙයයි.
“මෙසේ දේශනා කළ කල්හි සීහ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීන් වහන්ස, ඉතා යෙහෙකි. (මෙහි අඞ්ගුත්තර නිකායේ 7 මහා වර්ගයෙහි 12 සූත්‍රයේ 27 ඡේදයේ අග කොටස යෙදිය යුතුයි.)
“සීහය, පරීක්ෂාකර (බලා) එසේ කරව. පරීක්ෂාකර (එසේ) කිරීම තොප වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන්ට යහපති.”
“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට ‘සීහය, පරීක්ෂාකර (බලා) එසේ කරව. පරීක්ෂාකර (එසේ) කිරීම තොප වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන්ට යහපති.’ කියා යම් වචනයක් වදාරණ ලදද, එයිනුදු මම භාග්‍යවතුන් වහන්සේට ඉතාමත්ම පැහැදුණෙමි. ඉතාමත්ම සතුටු වූයෙමි.
“ස්වාමීන් වහන්ස, අන්‍ය තීර්ත්ථකයෝ සීහ සේනාධිපතියා අපගේ ශ්‍රාවක භාවයට පැමිණියේයයි මා (වැනි) ශ්‍රාවකයෙක් ලැබී සියලුම විසාලාමහනුවර ප්රකටව පරිහරණය කරත්. (හැසිරෙත්) එසේ ඇති කල්හි භාග්‍යවතුන් වහන්සේ ‘සීහය, පරීක්ෂාකර (බලා) එසේ කරව. පරීක්ෂාකාරීවීම තොප වැනි ප්‍රසිද්ධ මනුෂ්‍යයන්ට යහපති.’ කියා මෙසේ වදාළ සේක.
“ස්වාමීන් වහන්ස, ඒ මම දෙවැනිවත් භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. ධර්මයද (සරණ යමි.) සංඝයාද (සරණ යමි.) භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගියාවූ උපාසකයෙකු ලෙස දරණ සේක්වා.
“සීහය, බොහෝ කාලයක් මුළුල්ලෙහි තොපගේ කුලය (ගෙදර) නිගණ්ඨයින්ට සාදා තිබූ පැන් ශාලාවක් (පින් පැන් තාලියක්) බඳුවිය. ඒ නිසා (නිවසට) පැමිණියාවූ ඔවුන්ටද පිණ්ඩපාතය දියයුතුයයි සිතන්නෙහිය.
“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට “සීහය, බොහෝ කාලයක් මුළුල්ලෙහි තොපගේ කුලය (ගෙදර) නිගණ්ඨයින්ට සාදා තිබූ පැන් ශාලාවක් (පින් පැන් තාලියක්) බඳුවිය. ඒ නිසා (නිවසට) පැමිණියාවූ ඔවුන්ටද පිණ්ඩපාතය දියයුතුය” යි යම් වචනයක් වදාරණ ලදද, එයිනුදු මම භාග්‍යවතුන් වහන්සේට ඉතාමත්ම පැහැදුණෙමි. ඉතාමත්ම සතුටුවුයෙමි.
“ස්වාමීන් වහන්ස, ශ්‍රමණ භවත් ගෞතමයාණන් වහන්සේ මටම දන් දිය යුතුය. අන්‍යයන්ට දන් නොදිය යුතුය. මගේම ශ්රාවකයින්ට දන් දිය යුතුය. අන්‍යයන්ගේ ශ්රාවකයින්ට දන් නොදිය යුතුය. මට දුන් දානයම මහත් ඵල වන්නේය. අන්‍යයන්ට දුන් දානය මහත්ඵල නොවන්නේය. මගේ ශ්රාවකයින්ට දුන් දානයම මහත් ඵල වන්නේය. අන්‍යයන්ගේ ශ්රාවකයින්ට දුන් දානය මහත්ඵල නොවන්නේය’ යි යන මේ වදාළේයයි මා විසින් අසන ලදි. එසේද වුවත්, භාග්‍යවතුන් වහන්සේ මා නිඝන්ඨයින්ට දන් දීමෙහිද සමාදන් කරවයි. (යොදවයි.) ස්වාමීන් වහන්ස, එසේද වුවත් අපි මේ කරුණෙහි කාලය දැන ගන්නෙමු. ස්වාමීන් වහන්ස, ඒ මම තුන් වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ සරණ යමි. ධර්මයද (සරණ යමි.) සංඝයාද (සරණ යමි.) භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවි හිම් කොට සරණ ගියාවූ උපාසකයෙකු ලෙස දරණ සේක්වා.”
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සීහ සේනාධිපතියාට අනුපූර්ව කථාව (පිළිවෙළ කථාව) දේශනා කළ සේක. කෙසේද? දානමය පුණ්‍ය ක්‍රියාව පිළිබඳ කථාවද, සීලමය පුණ්‍ය ක්‍රියාව පිළිබඳ කථාවද, ස්වර්ග සම්පත්තිය පිළිබඳ කථාවද, කාමයන්ගේ ආදීනවය ලාමක බව සහ කෙලෙස් සහිත බවද, ගිහිගෙන් නික්ම පැවිදිවිම හා නිවන් ලැබීමෙහි ආනිශංසද වදාළ සේක. (එසේ දේශනා කරණ අතර) යම් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ සීහ සේනාධිපතියාගේ නීරෝගීවූ සිත ඇති බවද, මෘදුවු සිත ඇති බවද, නීවරණයන්ගෙන් පහවූ සිත ඇති බවද, ඔද වැඩියාවූ සිත ඇති බවද, ප්‍රසන්නවූ සිත ඇති බවද දැනගත් සේක්ද, එකල්හි බුදුවරයන්ගේ සාමුක්කංසික ධර්ම දේශනා නම්වූ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන (චතුරාර්‍ය්‍ය සත්‍යය) යම් දේශනාවක් වීනම් ඒ දේශනාව වදාළ සේක.
යම් සේ වනාහි පහව ගියාවූ කිලුටු ඇති ශුද්ධවූ වස්ත්‍රයක් මනාකොට රජනය (වර්ණකිරීම) පිළිගන්නේද, එපරිද්දෙන්ම වනාහි සීහ සේනාධිපතියාට ඒ ආසනයෙහිදීම, උපදින ස්වභාවය ඇත්තාවූ යම් කිසිවක් ඇත්නම් ඒ සියල්ලම නැතිවන, විනාශවන ස්වභාවය යයි, කෙලෙස් රජසින් තොරවූ, නිර්මලවූ, ධර්ම චක්ෂුස (ධර්ම ඥානය) පහළ වූයේය.
ඉක්බිති ඒ දක්නා ලද නිර්වාණ ධර්මය ඇත්තාවූ, අවබෝධ කරණ ලද නිර්වාණ ධර්මය ඇත්තාවූ, බැස ගන්නා ලද නිර්වාණ ධර්මය ඇත්තාවූ, තරණය කරණ ලද කථං කථ සංඛ්‍යාත (බුද්ධාදී අට තැන්හි) සැකය ඇත්තාවූ, (විචිකිච්ඡාව පහව ගියාවූ), විශාරද භාවයට පැමිණියාවූ, බුදු සසුනෙහි (නිවන් අවබෝධය සඳහා) බාහිර ප්‍රත්‍යය නොසෙවිය යුතුවූ සීහ සේනාධිපතියා, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කෙළේය.
“ස්වාමීන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග හෙට දින මාගේ භික්ෂා දානය ඉවසන සේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් (ඒ ආරාධනාව) ඉවසූ සේක. ඉක්බිති සීහ සේනාධිපතියා භාග්‍යවතුන් වහන්සේ ආරාධනාව පිළිගත් බව දැන, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ මනා කොට වැඳ, ප්රදක්ෂිණා කොට ගියේය.
“ඉක්බිති සීහ සේනාධිපතියා එක්තරා පුරුෂයෙකුට ආමන්ත්‍රණය කෙළේය.
‘එම්බා පුරුෂය, තෙපි යව. පවත්ත මාංශය දැන ගනුව. (ආපණ ශාලාවෙහි වෙළඳාමට තිබෙන මාංශය ගෙනෙව.) ඉක්බිති සීහ සේනාධිපතියා ඒ රැය ඉක්ම ගිය කල්හි සිය නිවෙසෙහි ප්‍රණීතවූ ඛාද්‍ය, භොද්ය සම්පාදනය කොට භාග්‍යවතුන් වහන්සේ (වෙත පැමිණ) ‘ස්වාමීන් වහන්ස, භික්ෂා දානය සම්පාදනය කොට නිමවූවෙමි. (වැඩමවීමට) කාලයයි.’ කාලය දැන්වූයේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරව, පාත්‍ර සිවුරු රැගෙන, සීහ සේනාධිපතියාගේ නිවස යම් තැනකද, එතැන්හි පැමිණි සේක. පැමිණ, භික්ෂු සංඝයා සමග පනවන ලද අසුනෙහි වැඩහුන් සේක.
එසමයෙහි වනාහි බොහෝ නිඝණ්ඨයෝ විශාලාමහනුවර වීදියක් වීදියක් පාසා, හන්දියක් හන්දියක් පාසා, ‘අද සීහ සේනාධිපතියා විසින් ගෝන, මි, ඌරු ආදීවු මහත් සතුන් රාශියක් මරා ශ්‍රමණ භවත් ගෞතමයාට බතක් සම්පාදනය කරණ ලදී. ශ්‍රමණ භවත් ගෞතමයා දැන දැන ඒ තමා උදෙසා කරණ ලද, තමා නිසා කරණ ලද, මාංශය අනුභව කරයි,” කියා හිස අත් බැඳගෙන කෑ ගසත්.
එකල්හි එක්තරා පුරුෂයෙක් සීහ සේනාධිපතියා යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, “ස්වාමින් වහන්ස, කරුණක් දන්නවාද? අද සීහ සේනාධිපතියා විසින් ගෝන, මි, ඌරු ආදීවු මහත් සතුන් රාශියක් මරා ශ්‍රමණ භවත් ගෞතමයාට බතක් සම්පාදනය කරණ ලදී. ශ්‍රමණ භවත් ගෞතමයා දැන දැන ඒ තමා උදෙසා කරණ ලද, තමා නිසා කරණ ලද, මාංශය අනුභව කරයි,” කියා අර බොහෝ නිඝණ්ඨයෝ විශාලාමහනුවර වීදියක් පාසා, හන්දියක් පාසා හිස අත් බැඳගෙන කෑ ගසත්ය’ යි සීහ සේනාධිපතියාගේ කණ සමීපයෙහි (සිට) සැළ කෙළේය.
“ආර්‍ය්‍යයෙනි, කමක් නැත. ඒ ආයුෂ්මතුන් බොහෝ කලක් මුළුල්ලෙහිම බුදුන්ගේ අගුණ කීමට කැමැත්තෝය. ධර්මයේ අගුණ කීමට කැමැත්තෝය. සඞ්ඝයාගේ අගුණ කීමට කැමැත්තෝය. ඒ භාග්‍යවතුන් වහන්සේට අසත්‍යවූ, හිස්වූ, බොරුවූ, සිදු නොවූ (දේ ගැන) බොරු චෝදනා කරන්නාවූ ඒ ආයුෂ්මත්හු ඒ (අකුශලය) නොදිරවත් (නොගෙවත්). අපි ජීවිතය නිසාවත් දැන දැන සතෙකුගේ ප්‍රණය තොර නොකරන්නෙමු.”
ඉක්බිති සීහ සේනාධිපතියා බුදුන් ප්‍රමුඛවූ භික්ෂු සංඝයා ප්‍රණීතවූ ඛාද්‍ය භොද්‍යයෙන් සියතින් සන්තර්පණය කෙළේය. (පෙරැත්ත කොට වැළඳවූයේය.) ඉක්බිති සීහ සේනාධිපතියා, භාග්‍යවතුන් වහන්සේ වළඳා පාත්‍රයෙන් හස්තය ඉවතට ගත් කල්හි එකත්පසෙක්හි හුන්නේය. එකත්පසෙක හුන්නාවූ සීහ සේනාධිපතියාට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කථාවෙන් (කරුණු) දක්වා, සමාදන් කරවා, උද්යෝගී කරවා, ප්‍රසන්න කරවා හුනස්නෙන් නැගිට වැඩි සේක.”
|
3. අස්සාජානීයසුත්තං | 3. ආජඤ්ඤ සූත්‍රය |
13
‘‘අට්ඨහි
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි
|
13
“මහණෙනි, ගුණාඞ්ග අටකින් යුත් රජුගේ යහපත් ආජානීය අශ්වයා රජුට සුදුසු වෙයි. රජුගේ පරිභොගයට සුදුසු වෙයි. රජුගේ අඞ්ගයක්ය යන සංඛ්‍යාවට පැමිණෙයි.
“කවර ගුණාඞ්ග අටකින්ද යත්? මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ යහපත් ආජානීය අශ්වයා මවු පාර්ශ්වයෙන්ද, පිය පාර්ශ්වයෙන්ද යන දෙපසින් යහපත්ව උපන්නේ වෙයි. යම් දිශාවෙක්හි අන්‍යවූ යහපත් ආජානීය අශ්වයෝ උපදිත් නම් ඒ දිශාවෙහි උපන්නේ වෙයි. ඔහුය අමුවූ හෝ, වියලුනාවූ යම්කිසි (තෘණාදී) ආහාරයක් දෙත් නම්, එය සකස්කොට, නොවිසුරුවාම අනුභව කරයි. අසූචියෙහි හෝ මූත්‍රයෙහි හිඳිනට හෝ නිදීමට පිළිකුල් කරයි. අන්‍යවූ අශ්වයන් ගැසීම්, සැපීම් ආදියෙන් නොපෙළයි. (තැතිනොගන්වයි.) හීලෑවූයේ වෙයි. සැපසේ (අන්‍යවූ අශ්වයන්) සමග වසයි. ඔහුගේ යම්කිසි කපටි බවක් හෝ, කුළු බවක් හෝ, ඇද බවක් හෝ, වක් බවක් හෝ වේද, ඒ ගති තත්ත්වූ පරිද්දෙන් නියමුවාහට (හික්මවන්නාහට) පහළ කරන්නේ වෙයි. ඔහුගේ ඒ ගති අස් ගොවුතෙම මැඩ පැවැත්වීම පිණිස උත්සාහ කරයි. සිය කැමැත්තෙන්ම බර උසුලයි. අන්‍යවූ අශ්වයෝ බර උසුලන්නාහු හෝ, නූසුලන්නාහු හෝ මම ම මෙහි මෙහි උසුලන්නෙමියි සිත උපදවයි. ගමන් කරන්නේ වනාහි, ඎජු මාර්ගයෙන්ම ගමන් කරයි. ශක්ති සම්පන්න වෙයි. ජීවිතයත්, මරණයත් අතර වීර්‍ය්‍ය උපදවන්නේ වෙයි. (ජීවිතය හෝ, මරණය ගැන නොසලකා උත්සාහ කරන්නේ වෙයි.) මහණෙනි, මේ ගුණාඞ්ග අටෙන් යුත් රජුගේ යහපත් ආජානීය අශ්වයා රජුට සුදුසු වෙයි. රජුගේ පරිභොගයට සුදුසු වෙයි. රජුගේ අඞ්ගයක්ය යන සංඛ්‍යාවට පැමිණෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි ගුණ ධර්ම අටකින් යුක්තවූ භික්ෂු තෙම දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රේෂ්ඨ පින් කෙතයයි
“ඒ කවර ගුණ ධර්ම අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම සිල්වත් වූයේ වෙයි. ප්රාතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරණය වූයේ වෙයි. ආචාර ශීලයෙන් හා ගෝචර ශීලයෙන් යුක්ත වෙයි. (සිරිත් විරිත් දන්නේ වෙයි.) ස්වල්ප මාත්‍රවූ වරදෙහි පවා බිය දක්නා සුළු වෙයි. ශික්ෂාපද සමාදන්ව (එහි) හික්මෙයි.
“ඔහුට රූක්‍ෂවූ හෝ ප්‍රණීතවූ හෝ යම්කිසි භෝජනයක් දෙත් නම්, (එය) නොනසා, සකස්කොට වළඳයි. කාය දුශ්චරිතයද, වචී දුශ්චරිතයද, මනො දුශ්චරිතයද පිළිකුල් කරයි. අනේක ප්‍රකාරවූ, පවිටුවූ අකුශල ධර්මයන්ට පැමිණීම පිළිකුල් කරයි. සුරත වූයේ වෙයි. සැපසේ (අන්‍ය භික්ෂූන්) සමග වසන්නේ වෙයි. අන්‍ය භික්ෂූන් නොපෙළන්නේ වෙයි. ඔහුගේ යම්කිසි කපටි බවක් හෝ, කුළු බවක් හෝ, ඇද බවක් හෝ, වංක බවක් වී නම් ඒ බැව් තත්ත්වූ පරිද්දෙන් තථාගතයන් වහන්සේ සමිපයෙහි හෝ, නැණවත් සබ්‍රම්සරුන් සමීපයෙහි ප්‍රකාශ කරන්නේ වෙයි. ශාස්තෲන් වහන්සේ හෝ නැණවත් සබ්‍රම්සරහු ඔහුගේ ඒ දුර්ගති මැඩ පැවැත්වීමට උත්සාහ කරත්. සිය කැමැත්තෙන්ම හික්මෙන ලද්දේ වෙයි. ‘අන්‍යවූ භික්ෂූහු හික්මුනා හෝ, නොහික්මුනා හෝ මම ම මෙහි හික්මෙමි’ යි යන සිත උපදවයි. ගමන් කරන්නේ වනාහි ඎජු මාර්ගයේම ගමන් කරයි. එහි මේ ඎජු මාර්ගයයි. ඒ කවරේද? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාවය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය (යනුයි.) පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේ වෙයි. (කෙසේද?) ඒකාන්තයෙන් මාගේ ශරීරයෙහි සම්, මස්, නහර, ඇට අවශෙෂ වේවා, මස්, ලේ වියලේවා, පුරුෂ බලයෙන්, පුරුෂ වීර්‍ය්‍යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතුවූ යමක් ඇත්තේද, එයට නොපැමිණ වීර්‍ය්‍යය බහා තැබිමකත් නොවන්නේය’ යි.
“මහණෙනි, ගුණ ධර්ම අටකින් යුක්තවූ භික්ෂු තෙම දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රේෂ්ඨ පින් කෙතයයි
|
4. අස්සඛළුඞ්කසුත්තං | 4. ඛලුඞ්ක සූත්‍රය |
14
‘‘අට්ඨ ච
(අට්ඨ (ස්‍යා.)), භික්ඛවෙ, අස්සඛළුඞ්කෙ
(අස්සඛලුඞ්කෙ (සී.)) දෙසෙස්සාමි අට්ඨ ච අස්සදොසෙ, අට්ඨ ච පුරිසඛළුඞ්කෙ අට්ඨ ච පුරිසදොසෙ. තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමෙ
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා පච්ඡා ලඞ්ඝති, කුබ්බරං හනති, තිදණ්ඩං භඤ්ජති. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො හොති. අයං, භික්ඛවෙ, දුතියො අස්සදොසො.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා රථීසාය සත්ථිං උස්සජ්ජිත්වා රථීසංයෙව අජ්ඣොමද්දති. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො හොති. අයං, භික්ඛවෙ, තතියො අස්සදොසො.
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා උම්මග්ගං ගණ්හති, උබ්බටුමං රථං කරොති. එවරූපොපි
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා ලඞ්ඝති පුරිමකායං පග්ගණ්හති පුරිමෙ පාදෙ. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා අනාදියිත්වා සාරථිං අනාදියිත්වා පතොදලට්ඨිං
(පතොදං (සී. පී.), පතොදයට්ඨිං (ස්‍යා. කං.)) දන්තෙහි මුඛාධානං
(මුඛාඨානං (ක.)) විධංසිත්වා
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො
‘‘පුන චපරං, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා පුරිමෙ ච පාදෙ සංහරිත්වා පච්ඡිමෙ ච පාදෙ සංහරිත්වා
(සඞ්ඛරිත්වා (ක.)) තත්ථෙව චත්තාරො පාදෙ අභිනිසීදති. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො අස්සඛළුඞ්කො හොති. අයං, භික්ඛවෙ, අට්ඨමො අස්සදොසො. ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ අස්සඛළුඞ්කා අට්ඨ ච අස්සදොසා.
(විභ. 956) ‘‘කතමෙ ච, භික්ඛවෙ, අට්ඨ පුරිසඛළුඞ්කා අට්ඨ ච පුරිසදොසා? ඉධ, භික්ඛවෙ, භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො ‘න සරාමී’ති අසතියා නිබ්බෙඨෙති. සෙය්යථාපි සො, භික්ඛවෙ, අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා පච්ඡතො පටික්කමති, පිට්ඨිතො රථං වත්තෙති; තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛළුඞ්කො හොති. අයං, භික්ඛවෙ, පඨමො පුරිසදොසො.
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො චොදකස්සෙව පච්චාරොපෙති - ‘ත්වං ඛොසි ඉත්ථන්නාමං ආපත්තිං ආපන්නො, ත්වං තාව පඨමං පටිකරොහී’ති. සෙය්යථාපි සො, භික්ඛවෙ, අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා රථීසාය සත්ථිං උස්සජ්ජිත්වා රථීසංයෙව අජ්ඣොමද්දති; තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛළුඞ්කො හොති. අයං, භික්ඛවෙ, තතියො පුරිසදොසො.
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ භික්ඛුං ආපත්තියා
‘‘පුන
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා චොදියමානො ‘නෙවාහං ආපන්නොම්හි, න පනාහං ආපන්නොම්හී’ති සො තුණ්හීභාවෙන සඞ්ඝං විහෙඨෙති
(විහෙසෙති (පී. ක.)). සෙය්යථාපි සො, භික්ඛවෙ, අස්සඛළුඞ්කො ‘පෙහී’ති වුත්තො, විද්ධො සමානො චොදිතො සාරථිනා නෙව අභික්කමති නො පටික්කමති තත්ථෙව ඛීලට්ඨායී ඨිතො හොති; තථූපමාහං, භික්ඛවෙ, ඉමං පුග්ගලං වදාමි. එවරූපොපි, භික්ඛවෙ, ඉධෙකච්චො පුරිසඛළුඞ්කො හොති. අයං, භික්ඛවෙ, සත්තමො පුරිසදොසො.
‘‘පුන චපරං, භික්ඛවෙ, භික්ඛූ භික්ඛුං ආපත්තියා චොදෙන්ති. සො භික්ඛු භික්ඛූහි ආපත්තියා
|
14
“මහණෙනි, පහත් අශ්වයන් අට දෙනෙක්ද, අශ්ව දෝෂ අටක්ද, පහත් පුරුෂයන් අට දෙනෙක්ද, පුරුෂ දෝෂ අටක්ද, දේශනා කරන්නෙමි. එය ශ්‍රවණය කරවු. මනාකොට මෙනෙහි කරවු. (සිත්හි ධාරණය කරවු.) දේශනා කරන්නෙමි.” “එසේය, ස්වාමීනි,” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍ර ධර්මය වදාළ සේක.
“මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් අස්ගොව්වා විසින් යවයි කියන ලද්දේ (දක්කනු ලබන්නේ) කෙවිටි කරණු ලබන්නේ, චෝදනා කරණු ලබන්නේ පස්සට පසුබසී. පිටෙන් රථය පෙරලයි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි පළමුවන අශ්ව දෝෂයයි.
“මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් අස්ගොව්වා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරණු ලබන්නේ, චෝදනා කරණු ලබන්නේ පසු පා දෙක ඔසවා, එයින් ගසා, රථයේ කුර්බරය බිඳී. ත්‍රිදණ්ඩය බිඳී. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි දෙවැනි අශ්ව දෝෂයයි.
“මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් අස්ගොව්වා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරණු ලබන්නේ, චෝදනා කරණු ලබන්නේ හිස නමා, විය ගස භූමියෙහි හෙලා, කලවයෙන් රිය හිසට ගසා, පෙර පා දෙකින් විය ගස මඩිමින් සිටී. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි තෙවැනි අශ්ව දෝෂයයි.
“මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් අස්ගොව්වා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරණු ලබන්නේ, චෝදනා කරණු ලබන්නේ නොමඟ යයි. හෙලක හෝ කටු ලැහැබක රථය නංවයි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි සිවුවැනි අශ්ව දෝෂයයි.
“මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් අස්ගොව්වා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරණු ලබන්නේ, චෝදනා කරණු ලබන්නේ ඉදිරිකය (ශරීරය) ලංඝනය කරයි. ඉදිරි පා දෙක දැඩි කොට ගනී. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි පස්වැනි අශ්ව දෝෂයයි.
“මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් අස්ගොව්වා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරණු ලබන්නේ, චෝදනා කරණු ලබන්නේ අස්ගොව්වාගේ වචනය නොසලකා, කෙවිටි කිරීම නොසලකා, කටකලියාව හැර දමා, කැමැතිසේ ගමන් කරයි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි සවැනි අශ්ව දෝෂයයි.
“මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් අස්ගොව්වා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරණු ලබන්නේ, චෝදනා කරණු ලබන්නේ ඉදිරියටත් නොයයි. පස්සටත් නොයයි. එහිම නොසෙල්වී සිටියි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි සත්වැනි අශ්ව දෝෂයයි.
“මහණෙනි, නැවතද, මේ ලෝකයෙහි ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් අස්ගොව්වා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරණු ලබන්නේ, චෝදනා කරණු ලබන්නේ ඉදිරි පා දෙක හකුළුවා, පසු පා දෙකද හකුළුවා, එහිම පා සතර මතුයෙහි හිඳියි. (හොවියි.) මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් අශ්ව ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ වනාහි අටවැනි අශ්ව දෝෂයයි. මේ අශ්ව ඛලුඞ්කයෝ අට දෙනා සහ අශ්ව දෝශ අටද වෙත්.
“මහණෙනි, පුරුෂ ඛලුඞ්කයෝ අටදෙනා සහ පුරුෂ දෝෂ අට කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණහට භික්ෂූහු ආපත්තියෙන් චෝදනා කරත්. ඒ මහණතෙම භික්ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සිහි නොකරමි. සිහි නොකරමි. (අමතකය, අමතකය) යයි සිහි නැතිව මෙන් පටලවයි. (නන්දොඩවයි.)
“මහණෙනි, අශ්ව ඛලුඞ්කයා අස්ගොවුවා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරනු ලබන්නේ, චෝදනා කරනු ලබන්නේ පස්සට ගමන් කරන්නේ, පිටෙන් රථය පෙරලන්නේ යම් සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවුද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ පළමුවන පුරුෂ දෝෂයයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණහට භික්ෂූහු ආපත්තියෙන් චෝදනා කරත්. ඒ මහණතෙම භික්ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ චෝදකයාහටම පෙරලා චෝදනා කරයි. “බාලවූ, අව්යක්තවු තොපගේ කීමෙන් කවර ප්‍රයෝජනද? තොපටද (අවවාද) කිය යුතුය’ යි හඟිමි. මහණෙනි, අශ්ව ඛලුඞ්කයා අස්ගොවුවා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරනු ලබන්නේ, චෝදනා කරනු ලබන්නේ පසු පා දෙක ඔසවා, එයින් ගසා රථයේ කුර්බරය බිඳින්නේ, ත්‍රිදණ්ඩය බිඳින්නේ යම් සේද? මහණෙනි, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ දෙවැනි පුරුෂ දෝෂයයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණහට භික්ෂූහු ආපත්තියෙන් චෝදනා කරත්. ඒ මහණතෙම භික්ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ ‘තෙපිද මෙනම් ඇවතට පැමිණියේ වෙහිය. තෙපි පළමුකොට (එයට) පිලියම් කරව්. මහණෙනි, අශ්ව ඛලුඞ්කයා අස්ගොවුවා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරනු ලබන්නේ, චෝදනා කරනු ලබන්නේ හිස නමා වියගස භූමියෙහි හෙලා කලවයෙන් රිය හිසට ගසා පෙර පා දෙකින් විය ගස මඩිමින් සිටින්නේ යම් සේද? මහණෙනි, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ තෙවැනි පුරුෂ දෝෂයයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණහට භික්ෂූහු ආපත්තියෙන් චෝදනා කරත්. ඒ මහණතෙම භික්ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ අන්‍යවූ කරුණුවලින් චෝදනාව වසත්. බාහිර කථා ගෙන හැර පාත්. කෝපයද, ද්වේෂයද, නොසතුටද, (හේතු රහිත කථාද) පහළ කරත්. මහණෙනි, අශ්ව ඛලුඞ්කයා අස්ගොවුවා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරනු ලබන්නේ, චෝදනා කරනු ලබන්නේ නොමග යන්නේ යම් සේද, හෙලක හෝ කටු ලැහැබක රථය නංවන්නේ යම් සේද, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ සිවුවැනි පුරුෂ දෝෂයයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණහට භික්ෂූහු ආපත්තියෙන් චෝදනා කරත්. ඒ මහණතෙම භික්ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සඟ මැද අත වැනීමෙන් කථා කරයි. (සාහසිකව කථා කරයි.) මහණෙනි, අශ්ව ඛලුඞ්කයා අස්ගොවුවා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරනු ලබන්නේ, චෝදනා කරනු ලබන්නේ ඉදිරි ශරීරය ලඞ්ඝනය කරන්නේ යම් සේද, ඉදිරි පා දෙක දැඩි කොට ගන්නේ යම් සේද, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ පස්වැනි පුරුෂ දෝෂයයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණහට භික්ෂූහු ආපත්තියෙන් චෝදනා කරත්. ඒ මහණතෙම භික්ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ සංඝයාට නොදන්වා, චෝදකයාට නොදන්වා, ඇවැත් සහිත වූයේම, කැමති දිශාවකට යයි. මහණෙනි, අශ්ව ඛලුඞ්කයා අස්ගොවුවා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරනු ලබන්නේ, චෝදනා කරනු ලබන්නේ අස්ගොවුවාගේ වචනය නොසලකා, කෙවිටි කිරිම නොසලකා, කටකලියාව හැර දමා කැමති සේ ගමන් කරන්නේ යම් සේද, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ සවැනි පුරුෂ දෝෂයයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණහට භික්ෂූහු ආපත්තියෙන් චෝදනා කරත්. ඒ මහණතෙම භික්ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ හෙතෙම ‘මම ආපත්තියට නොපැමිණියෙමි’ යි (හඟවනු පිණිස) කථා නොකර නිශ්ශබ්දවීමෙන් සංඝයා වෙහෙසයි. මහණෙනි, අශ්ව ඛලුඞ්කයා අස්ගොවුවා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරනු ලබන්නේ, චෝදනා කරනු ලබන්නේ ඉදිරියට නොයා, පස්සටද නොයා, එහිම නොසෙල්වි සිටින්නේ යම් සේද, මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ සත්වැනි පුරුෂ දෝෂයයි.
“මහණෙනි, මේ ශාසනයෙහි මහණහට භික්ෂූහු ආපත්තියෙන් චෝදනා කරත්. ඒ මහණතෙම භික්ෂූන් විසින් ඇවතින් චෝදනා කරනු ලබන්නේ මෙසේ කියයි. (කෙසේද?) ‘ආයුෂ්මත්නි, කුමක් නිසා තෙපි මා ගැන ඉතා දැඩිව ව්‍යාවෘත වන්නාහුද? (වෙහෙසෙන්නාහුද?) දැන් මම ශික්ෂා ප්රත්යක්ඛ්යාණය කොට (සිවුරු හැර) ගිහි වෙමි’ යි හෙතෙම සිවුරු හැර ගිහිවී මෙසේ කියයි. ‘ආයුෂ්මත්නි, දැන්වත් තෙපි සතුටුවවු. මහණෙනි, අශ්ව ඛලුඞ්කයා අස්ගොවුවා විසින් යවයි කියනු ලබන්නේ, කෙවිටි කරනු ලබන්නේ, චෝදනා කරනු ලබන්නේ ඉදිරි පා දෙක හකුළුවා, පසු පා දෙකද හකුළුවා, එහිම පා සතර මත හොවින්නේ යම් සේද? මම මේ පුද්ගලයාද එසේ උපමාකොට කියමි. මහණෙනි, මේ ලෝකයෙහි මෙබඳුවූද ඇතැම් පුරුෂ ඛලුඞ්කයෙක් වෙයි. මහණෙනි, මේ අටවැනි පුරුෂ දෝෂයයි. මහණෙනි, මේ පුරුෂ ඛලුඞ්කයෝ අට දෙනාද, පුරුෂ දෝෂ අටද වෙත්.”
|
5. මලසුත්තං | 5. මල සූත්‍රය |
15
‘‘අට්ඨිමානි
‘‘අසජ්ඣායමලා මන්තා, අනුට්ඨානමලා ඝරා;
මලං වණ්ණස්ස කොසජ්ජං, පමාදො රක්ඛතො මලං.
‘‘මලිත්ථියා දුච්චරිතං, මච්ඡෙරං දදතො මලං;
මලා වෙ පාපකා ධම්මා, අස්මිං ලොකෙ පරම්හි ච;
තතො මලා මලතරං, අවිජ්ජා පරමං මල’’න්ති. පඤ්චමං;
|
15
“මහණෙනි, මේ මල හෙවත් කිලුටු අටක් වෙත්.
“කවර අටක්ද යත්? මහණෙනි, මන්ත්‍රයෝ සජ්ඣායනා නොකිරීමෙන් (පාඩම් නොකීමෙන් හෝ භාවනා නොකිරීමෙන්) මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, (ගෙවල් හෝ ගෘහ වාසීහු) උට්ඨාන වීර්‍ය්‍යයෙන් තොරවූවාහු මල (බැඳෙන්නාහු) වෙත්. මහණෙනි, කුසීත බව ශරීර වර්ධනයට (බාධාවූ) කිලුට වේ. මහණෙනි, ප්‍රමාදය ධන සංරක්ෂණයට (බාධාවූ) කිලුට වේ. මහණෙනි, ස්ත්‍රියට දුෂ්චරිතය කිලුට වේ. මහණෙනි, දෙන්නාහට මසුරුකම කිලුට වේ. මහණෙනි, මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ කිලුට වේ. මහණෙනි, ඊටත් වඩා අතිශයින්ම කිලුට වූයේ, තදබල කිලුට වුයේ අවිද්‍යාවයි. මහණෙනි, මේ වනාහි අෂ්ටවිධ මලයෝ වෙත්.
“මන්ත්‍රයෝ සජ්ඣායනා නොකිරීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ගෘහවාසීහු උට්ඨාන වීර්‍ය්‍යයෙන් තොරවීමෙන් මල (බැඳෙන්නාහු) වෙත්. ශරීර වර්ණයට කුසීත බව (බාධකවු) කිලුට වේ. ප්‍රමාදය ධන සංරක්ෂණයට) බාධකවූ කිලුට වේ. අනාචාරය ස්ත්‍රියට කිලුට වේ. දායකයාහට මසුරුකම කිලුට වේ. මෙලොව පරලොව දෙක්හිම ලාමකවූ අකුශල ධර්මයෝ කිලුට වෙත්. ඊටත් වඩා අතිශයින්ම තදබල කිලුට වන්නේ අවිද්‍යාවයි.”
|
6. දූතෙය්යසුත්තං | 6. දූතෙය්‍ය සූත්‍රය |
16
(චූළව. 347) ‘‘අට්ඨහි
‘‘යො වෙ න බ්යථති
(න වෙධති (සී.), න බ්යාධති (ස්‍යා. පී.)) පත්වා, පරිසං උග්ගවාදිනිං
(උග්ගවාදිනං (සී.), උග්ගහවාදිනං (ස්‍යා. පී.), උග්ගතවාදිනිං (ක.));
න ච හාපෙති වචනං, න ච ඡාදෙති සාසනං.
‘‘අසන්දිද්ධඤ්ච
ස වෙ තාදිසකො භික්ඛු, දූතෙය්යං ගන්තුමරහතී’’ති. ඡට්ඨං;
|
16
“මහණෙනි, ගුණධර්ම අටකින් යුක්තවූ භික්ෂු තෙම (ධර්ම දූත) පණිවිඩ ගෙන යෑමට සුදුසුය.
“කවර ගුණධර්ම අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම (ධර්මදූත) පණිවිඩ කීමෙහි දක්ෂවෙයි. (උත්තර) පණිවිඩ ගෙන ඊමෙහි දක්ෂ වෙයි. පණිවිඩය සිතට ගැනීමෙහි දක්ෂවෙයි. පණිවිඩය සිත තබා ගැනීමෙහි දක්ෂ වෙයි. පණිවිඩය අවබෝධ කර ගැනීමෙහි දක්ෂවෙයි. පණිවිඩය අවබෝධ කරවීමෙහි දක්ෂ වෙයි. සාහිත්‍යය අසාහිත්‍යය (නිවැරදි භාෂාව හා වැරදි භාෂාව) යන දෙක්හි දක්ෂවෙයි. කෝලාහල කරුවෙක්ද නොවෙයි. මහණෙනි, ගුණධර්ම අටකින් යුක්තවූ භික්ෂු තෙම (ධර්ම දූත) පණිවිඩ ගෙන යෑමට සුදුසුය.
“මහණෙනි, ගුණාඞ්ග අටකින් යුක්තවු ශාරීපුත්‍රය (ධර්ම) දූත මෙහෙවරය පිණිස යෑමට සුදුසුය.
“කවර ගුණාඞ්ග අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්‍ර තෙම (ධර්මදූත) පණිවිඩ කීමෙහි දක්ෂවෙයි. (උත්තර) පණිවිඩ ගෙන ඊමෙහි දක්ෂ වෙයි. පණිවිඩ සිතට ගැනීමෙහි දක්ෂවෙයි. පණිවිඩය සිත තබා ගැනීමෙහි දක්ෂ වෙයි. පණිවිඩය අවබෝධ කර ගැනීමෙහි දක්ෂවෙයි. පණිවිඩය අවබෝධ කරවීමෙහි දක්ෂ වෙයි. සාහිත්‍යය අසාහිත්‍යය යන දෙක්හි දක්ෂවෙයි. කෝලාහල කරුවෙක්ද නොවෙයි. මහණෙනි, මේ ගුණාඞ්ග අටින් යුක්තවූ ශාරීපුත්‍ර තෙම දූත මෙහෙවර පිණිස යෑමට සුදුසුය.
“යම් කිසිවෙක් දක්ෂ කථිකයන්ගෙන් යුත් පිරිස (මධ්‍යය) ට පැමිණ ඒකාන්තයෙන් නොවෙවුලයිද, (පණිවිඩයේ) වචන නොපිරිහෙලාද, පණිවිඩය නොසඟවාද, නිසැකව කථා කරයිද, (යම්කිසි) ප්‍රශ්ණයක් අසන ලද්දේ නොකිපේද, ඉදින් එබඳු භික්ෂුවක් වන්නේ නම් (හෙතෙම) දූත මෙහෙවර පිණිස යෑමට සුදුසුයි.”
|
7. පඨමබන්ධනසුත්තං | 7. පුරුෂ බන්ධන සූත්‍රය |
17
‘‘අට්ඨහි, භික්ඛවෙ, ආකාරෙහි ඉත්ථී පුරිසං බන්ධති. කතමෙහි අට්ඨහි? රුණ්ණෙන, භික්ඛවෙ, ඉත්ථී පුරිසං බන්ධති; හසිතෙන, භික්ඛවෙ, ඉත්ථී පුරිසං බන්ධති; භණිතෙන, භික්ඛවෙ, ඉත්ථී පුරිසං බන්ධති; ආකප්පෙන, භික්ඛවෙ, ඉත්ථී පුරිසං බන්ධති
|
17
“මහණෙනි, ආකාර අටකින් ස්ත්‍රී තොම පුරුෂයා බඳියි. (සිත්ගනී.) කවර අටකින්ද යත්? මහණෙනි, ස්ත්‍රී තොම රූපයෙන් පුරුෂයා බඳී. (පුරුෂයාගේ සිත් ගනී.) මහණෙනි, සිනහවෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, කථාවෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, ගීතයෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, හැඬීමෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, ආකල්පයෙන් හැඳීම් පෙරවීම් ආදී විධියෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, පළතුරු ආදිය දීමෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, ස්ඵර්ශයෙන් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, මේ ආකාර (ක්‍රම) අටින් ස්ත්‍රී තොම පුරුෂයා බඳී. මහණෙනි, යම් කෙනෙක් සත්ත්වයන් ස්ඵර්ශයෙන් බැන්දාහු නම් ඒ බැඳීම තද බැඳීමයි.”
|
8. දුතියබන්ධනසුත්තං | 8. ස්ත්‍රී බන්ධන සූත්‍රය |
18
‘‘අට්ඨහි, භික්ඛවෙ, ආකාරෙහි පුරිසො ඉත්ථිං බන්ධති. කතමෙහි අට්ඨහි? රුණ්ණෙන, භික්ඛවෙ, පුරිසො ඉත්ථිං බන්ධති; හසිතෙන, භික්ඛවෙ, පුරිසො ඉත්ථිං බන්ධති; භණිතෙන, භික්ඛවෙ, පුරිසො ඉත්ථිං බන්ධති; ආකප්පෙන, භික්ඛවෙ, පුරිසො ඉත්ථිං බන්ධති; වනභඞ්ගෙන, භික්ඛවෙ, පුරිසො ඉත්ථිං බන්ධති; ගන්ධෙන, භික්ඛවෙ, පුරිසො ඉත්ථිං බන්ධති; රසෙන, භික්ඛවෙ
|
18
“මහණෙනි, ආකාර අටකින් පුරුෂ තෙම ස්ත්‍රිය බඳියි. (සිත්ගනී.) කවර අටකින්ද යත්? මහණෙනි, පුරුෂ තෙම රූපයෙන් ස්ත්‍රිය බඳී. (ස්ත්‍රියගේ සිත් ගනී.) මහණෙනි, සිනහවෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, කථාවෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ගීතයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, හැඬීමෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ආකල්පයෙන් හැඳීම් පෙරවීම් ආදී විධියෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, පළතුරු ආදිය දීමෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, ස්ඵර්ශයෙන් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, මේ ආකාර (ක්‍රම) අටින් පුරුෂ තෙම ස්ත්‍රිය බඳී. මහණෙනි, යම් කෙනෙක් සත්ත්වයන් ස්ඵර්ශයෙන් බැන්දාහු නම් ඒ බැඳීම තද බැඳීමයි.”
|
9. පහාරාදසුත්තං | 9. පහාරාද සූත්‍රය |
19
එකං සමයං භගවා වෙරඤ්ජායං වි හරති නළෙරුපුචිමන්දමූලෙ. අථ ඛො පහාරාදො අසුරින්දො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො පහාරාදං අසුරින්දං භගවා එතදවොච -
‘‘අපි
‘‘පුන චපරං, භන්තෙ, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති. යම්පි, භන්තෙ, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති; අයං
(අයම්පි (ක.)), භන්තෙ, මහාසමුද්දෙ දුතියො අච්ඡරියො අබ්භුතො ධම්මො යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
‘‘පුන චපරං, භන්තෙ, මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති
(සංවත්තති (ස්‍යා.)). යං හොති මහාසමුද්දෙ මතං කුණපං, තං ඛිප්පමෙව
(ඛිප්පංයෙව (සී.), ඛිප්පංඑව (පී.), ඛිප්පඤ්ඤෙව (චූළව. 384)) තීරං වාහෙති, ථලං උස්සාරෙති. යම්පි, භන්තෙ, මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති, යං හොති මහාසමුද්දෙ මතං කුණපං, තං ඛිප්පමෙව තීරං වාහෙති, ථලං උස්සාරෙති; අයං, භන්තෙ, මහාසමුද්දෙ තතියො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
‘‘පුන
‘‘පුන
‘‘පුන චපරං, භන්තෙ, මහාසමුද්දො එකරසො ලොණරසො. යම්පි, භන්තෙ, මහාසමුද්දො එකරසො ලොණරසො; අයං, භන්තෙ, මහාසමුද්දෙ ඡට්ඨො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති.
‘‘පුන චපරං, භන්තෙ, මහාසමුද්දො බහුරතනො
(පහූතරතනො (ක.)) අනෙකරතනො. තත්රිමානි රතනානි, සෙය්යථිදං - මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතකො මසාරගල්ලං. යම්පි, භන්තෙ, මහාසමුද්දො බහුරතනො අනෙකරතනො; තත්රිමානි රතනානි, සෙය්යථිදං - මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතකො මසාරගල්ලං. අයං, භන්තෙ, මහාසමුද්දෙ
‘‘පුන චපරං, භන්තෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා - තිමි තිමිඞ්ගලො තිමිරපිඞ්ගලො
(තිමිතිමිඞ්ගලා තිමිරපිඞ්ගලා (සී.), තිමිතිමිඞ්ගලා තිමිරමිඞ්ගලා (ස්‍යා. පී.)) අසුරා නාගා ගන්ධබ්බා. සන්ති මහාසමුද්දෙ යොජනසතිකාපි අත්තභාවා, ද්වියොජනසතිකාපි අත්තභාවා, තියොජනසතිකාපි අත්තභාවා, චතුයොජනසතිකාපි අත්තභාවා, පඤ්චයොජනසතිකාපි අත්තභාවා. යම්පි, භන්තෙ, මහාසමුද්දො මහතං
‘‘අපි පන, භන්තෙ, භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්තී’’ති? ‘‘අභිරමන්ති, පහාරාද, භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ’’ති. ‘‘කති පන, භන්තෙ, ඉමස්මිං ධම්මවිනයෙ අච්ඡරියා අබ්භුතා ධම්මා, යෙ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්තී’’ති? ‘‘අට්ඨ, පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ අච්ඡරියා අබ්භුතා ධම්මා, යෙ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. කතමෙ අට්ඨ? සෙය්යථාපි, පහාරාද, මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො, න ආයතකෙනෙව පපාතො
‘‘සෙය්යථාපි, පහාරාද, මහාසමුද්දො ඨිතධම්මො වෙලං නාතිවත්තති; එවමෙවං ඛො, පහාරාද, යං මයා සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තං මම සාවකා
‘‘සෙය්යථාපි, පහාරාද, මහාසමුද්දො න මතෙන කුණපෙන සංවසති. යං හොති මහාසමුද්දෙ මතං කුණපං, තං ඛිප්පමෙව තීරං වාහෙති ථලං උස්සාරෙති; එවමෙවං ඛො, පහාරාද, යො සො පුග්ගලො දුස්සීලො පාපධම්මො අසුචිසඞ්කස්සරසමාචාරො පටිච්ඡන්නකම්මන්තො අස්සමණො සමණපටිඤ්ඤො
‘‘කිඤ්චාපි සො හොති මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස සන්නිසින්නො, අථ ඛො සො ආරකාව සඞ්ඝම්හා සඞ්ඝො ච තෙන. යම්පි, පහාරාද, යො සො පුග්ගලො
‘‘සෙය්යථාපි, පහාරාද, යා කාචි මහානදියො, සෙය්යථිදං - ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, තා මහාසමුද්දං පත්වා ජහන්ති පුරිමානි නාමගොත්තානි, ‘මහාසමුද්දො’
‘‘සෙය්යථාපි, පහාරාද, යා ච ලොකෙ සවන්තියො මහාසමුද්දං අප්පෙන්ති යා ච අන්තලික්ඛා ධාරා පපතන්ති, න තෙන මහාසමුද්දස්ස ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති; එවමෙවං ඛො, පහාරාද, බහූ චෙපි භික්ඛූ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා පරිනිබ්බායන්ති, න තෙන නිබ්බානධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. යම්පි, පහාරාද, බහූ චෙපි භික්ඛූ අනුපාදිසෙසාය නිබ්බානධාතුයා
‘‘සෙය්යථාපි
‘‘සෙය්යථාපි, පහාරාද, මහාසමුද්දො බහුරතනො අනෙකරතනො; තත්රිමානි රතනානි, සෙය්යථිදං - මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතකො මසාරගල්ලං; එවමෙවං ඛො, පහාරාද, අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො. තත්රිමානි රතනානි, සෙය්යථිදං - චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො. යම්පි, පහාරාද, අයං ධම්මවිනයො බහුරතනො අනෙකරතනො; තත්රිමානි රතනානි, සෙය්යථිදං - චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, පඤ්චින්ද්රියානි, පඤ්ච බලානි, සත්ත බොජ්ඣඞ්ගා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො; අයං, පහාරාද, ඉමස්මිං ධම්මවිනයෙ සත්තමො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති.
‘‘සෙය්යථාපි, පහාරාද, මහාසමුද්දො මහතං භූතානං ආවාසො; තත්රිමෙ භූතා - තිමි තිමිඞ්ගලො තිමිරපිඞ්ගලො
|
19
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ වෙරඤ්ජානුවර නළෙරු නම් යක්ෂයා විසින් අධිගෘහිතවූ කොසඹ රුක් මුල වැඩ වාසය කරණ සේක. එකල්හි පහාරාද (නම්) අසුරෙන්ද්රයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ, එකක්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ පහාරාද අසුරෙන්ද්රයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
“පහාරාදය, අසුරයෝ වනාහි මහා සමුද්‍රයේ සිත් අළවත්ද?” “ස්වාමීන් වහන්ස, අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අළවත්.”
“පහාරාදය, මහා සමුද්‍රයෙහි කෙතෙක් ආශ්චර්‍ය්‍ය අද්භූත කරුණු දැක දැක ඒ ජඅලවත්ද?
“ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රයෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණධර්ම අටක් දැක දැක ඒ අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්. කවර ගුණධර්ම අටක්ද යත්, ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම ක්‍රමයෙන් පහත් වූයේය. ක්‍රමයෙන් ගැඹුරු වූයේය. ක්‍රමයෙන් (යටට) නැමී ගියේය. කෙලින්ම පිහිටි ප්රපාතයක් නොවේ.
“ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රයෙහි ක්‍රමයෙන් පහත්විමය, ක්‍රමයෙන් ගැඹුරුවීමය, ක්‍රමයෙන් (යටට) නැමීමය, කෙලින්ම (පිහිටි) ප්රපාතයක් නොවිමය, යන මේ ගුණය ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ පළමුවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
“නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය ස්ථිර ස්වභාවයෙන් යුක්තවූවකි. වෙරළ නොයික්මවයි. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය ස්ථිර ස්වභාවයෙන් යුක්තවුවකි. වෙරළ නොයික්මවයි. යන මේ ගුණය ආශ්චර්‍ය්‍යවූ, අද්භූතවූ දෙවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
“නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය මලකුණු සමග නොවසයි. මහා සමුද්‍රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය මලකුණු සමග නොවසයි. මහා සමුද්‍රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි, යන මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ තුන් වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
“නැවතද ස්වාමීන් වහන්ස, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට, (නාමයට) පැමිණෙත්. ස්වාමීන් වහන්ස, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට (නාමයට) පැමිණෙත්, යන මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ සිව්වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
“නැවතද ස්වාමීන් වහන්ස, ලෝකයෙහි යම් (පමණ) ගංගාවෝ මහා සමුද්‍රයට වදිත්ද, යම් (පමණ) අහස් (වර්ෂා) ධාරාවෝ වැටෙත්ද, මහා සමුද්‍රයට එයින් අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි. ස්වාමීන් වහන්ස, ලෝකයෙහි යම් (පමණ) ගංගාවෝ මහා සමුද්‍රයට වදිත්ද, යම් (පමණ) අහස් (වර්ෂා) ධාරාවෝ වැටෙත්ද, මහා සමුද්‍රයට එයින් අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි, යන මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ පස්වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
“නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම ලුණු රසය (නම්වූ) එකම රස ඇත්තේය. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම ලුණු රසය (නම්වූ) එකම රස ඇත්තේය, යන මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ සවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
“නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක (ප්‍රකාර) රත්න ඇත්තේ වෙයි. එහි මේ රත්නයෝයි. ඒ කවරහුද? මුතුය, මැනික්ය, වෙරළුමිණිය, (වෛරෝඩිය) හක් බෙල්ලෝය, නොයෙක් වර්ණවත් ගල් ජාතීහුය, පබලුය, රිදීය, රත්රන්ය, රතුමැනික්ය, මැසිරි ගල්ය, යන මොහුයි. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක (ප්‍රකාර) රත්න ඇත්තේ වෙයි. එහි මේ රත්නයෝයි. ඒ කවරහුද? මුතුය, මැනික්ය, වෙරළුමිණිය, (වෛරෝඩිය) හක් බෙල්ලෝය, නොයෙක් වර්ණවත් ගල් ජාතීහුය, පබලුය, රිදීය, රත්රන්ය, රතුමැනික්ය, මැසිරි ගල්ය, යන අනේක ප්‍රකාරවූ බොහෝ රත්න ඇත්තේයයි මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ සත්වැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
“නැවතද ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම මහත්වූ සත්න්වයන්ගේ ආවාසයක්ය. තිමිය, තිමිඞ්ගලය, තිමිරය, පිඞ්ගලය, අසුරය, නාගය, ගාන්ධර්වය, යන මේ එහි වසන මහා සත්න්වයෝයි. මහා සමුද්‍රයෙහි සියක් යොදුන් ශරීර ඇත්තාවුද, දෙසියයක් යොදුන් ශරීර ඇත්තාවුද, තුන් සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, හාර සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, පන්සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, සත්ත්වයෝ ඇත්තාහ. ස්වාමීන් වහන්ස, මහා සමුද්‍රය තෙම මහත්වූ සත්න්වයන්ගේ ආවාසයක්ය. තිමිය, තිමිඞ්ගලය, තිමිරය, පිඞ්ගලය, අසුරය, නාගය, ගාත්ධර්වය, යන මේ එහි වසන මහා සත්න්වයෝයි. මහා සමුද්‍රයෙහි සියක් යොදුන් ශරීර ඇත්තාවුද, දෙසියයක් යොදුන් ශරීර ඇත්තාවුද, තුන් සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, හාර සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, පන්සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, සත්ත්වයෝ ඇත්තාහ. මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ අටවැනි ගුණය දැක දැක අසුරයෝ මහා සමුද්‍රයෙහි සිත් අලවත්.
“ස්වාමීන් වහන්ස, අසුරයෝ මහා සමුද්‍රයෙහි මේ ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ ගුණධර්ම අට දැක දැක (එහි) සිත් අලවත්. ස්වාමීන් වහන්ස, භික්ෂූහුද වනාහි මේ ශාසනයෙහි සිත් අලවත්ද?”
“පහාරාදය, භික්ෂූහු මේ ශාසනයෙහි සිත් අලවත්.”
“ස්වාමීන් වහන්ස, කෙතෙක් ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ ගුණ ධර්මයන් දැක දැක භික්ෂූහු මේ ශාසනයෙහි සිත් අලවත්ද?” “පහාරාදය, මේ ශාසනයෙහි ආශ්චර්‍ය්‍ය, අද්භූතවූ ගුණධර්ම අටක් දැක දැක භික්ෂූහු (එහි) සිත් අලවත්. කවර ගුණධර්ම අටක්ද යත්?”
“පහාරාදය, යම් සේ වනාහි මහා සමුද්‍රයෙහි ක්‍රමයෙන් පහත්විමය, ක්‍රමයෙන් ගැඹුරුවීමය, ක්‍රමයෙන් (යටට) නැමීමය, කෙලින්ම (පිහිටි) ප්රපාතයක් නොවිමය, පහාරාදය, එපරිද්දෙන්ම වනාහි මේ ධර්ම විනයෙහි (ශාසනයෙහි) ක්රමානුකූල ශික්ෂා ඇත්තේ වෙයි. ක්රමානුකූල ක්‍රියා ඇත්තේ වෙයි. ක්රමානුකූල ප්‍රතිපදා (පිළිපැදීම්) ඇත්තේ වෙයි. ශීල විශුද්ධිය ආදිය නොමැතිව කෙලින්ම (ලබන්නාවූ) රහත් බවෙක් නැත. පහාරාදය, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි (ශාසනයෙහි) ක්රමානුකූල ශික්ෂා ඇත්තේ වෙයි. ක්රමානුකූල ක්‍රියා ඇත්තේ වෙයි. ක්රමානුකූල ප්‍රතිපදා (පිළිපැදීම්) ඇත්තේ වෙයි. ශීල විශුද්ධිය ආදිය නොමැතිව කෙලින්ම (ලබන්නාවූ) රහත් බවෙක් නැත. පහාරාදය, මේ ශාසනයෙහි මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“පහාරාදය, යම්සේ වනාහි මහා සමුද්‍රය තෙම ස්ථිර ස්වභාවයෙන් යුක්තවූයේ වේද, වෙරළ නොයික්මවාද, පහාරාදය, එපරිද්දෙන්ම වනාහි මා විසින් ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් පණවන ලදද, ඒ ශික්ෂාපදය මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගැනවත් නොයික්මවත්.
“පහාරාදය, මේ ශාසනයෙහි මේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“පහාරාදය, යම්සේ වනාහි මහා සමුද්‍රය මලකුණු සමග නොවසයි. මහා සමුද්‍රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි යම් ඒ පුද්ගලයෙක් තෙම දුශ්ශීල වූයේද, අකුශල ධර්මයෙන් යුක්තවූයේ වේද, අපවිත්‍රවූ කසලගොඩක් වැනි පැවතුම් ඇත්තේ වේද. සඟවා කරණ ලද පාපකර්ම ඇත්තේ වේද, ශ්‍රමණයෙක් නුවූයේම ශ්‍රමණ භාවය හඟවන්නේ වේද, බඹසර නොවූයේම බඹසර ඇත්තේයයි හඟවන්නේ වේද, ඇතුළත කුණුවූයේ වේද, (පවිටු සිත් ඇත්තේ වේද), වැගිරෙන හෝ පල්වූ කෙළෙස් ඇත්තේ වේද, කෙළෙස් කසල හටගත්තේ වේද. ඔහු සමග සංඝයා නොවසයි. වහාම රැස්ව ඔහු (උක්‍ෂෙපණීය කර්මයෙන්) නෙරපයි. යම් හෙයකින් ඔහු සංඝයා මධ්‍යයෙහි හුන්නේ නමුදු, (උක්‍ෂෙපණීය කර්මයෙන්) ඔහු සංඝයා කෙරෙන් ඈත්වූයේමය. (විනයකර්මවලට නොගන්නා හෙයිනි.) සඞ්ඝයාද ඔහුගෙන් ඈත්වූයේමය.
“පහාරාදය, යම්සේ වනාහි යම් ඒ පුද්ගලයෙක් තෙම දුශ්ශීල වූයේද, අකුශල ධර්මයෙන් යුක්තවූයේ වේද, අපවිත්‍රවූ කසලගොඩක් වැනි පැවතුම් ඇත්තේ වේද. සඟවා කරණ ලද පාපකර්ම ඇත්තේ වේද, ශ්‍රමණයෙක් නුවූයේම මහණකම හඟවන්නේ වේද, බඹසර නුවූයේම බඹසර ඇත්තේයයි හඟවන්නේ වේද, ඇතුළත කුණුවූයේ වේද, (පවිටු සිත් ඇත්තේ වේද), වැගිරෙන හෝ පල්වූ කෙළෙස් ඇත්තේ වේද, කෙළෙස් කසල හටගත්තේ වේද. (එහෙයින්) ඔහු සමග සංඝයා නොවසාද. වහාම රැස්ව ඔහු (උක්‍ෂෙපණීය කර්මයෙන්) නෙරපාද. යම් හෙයකින් ඔහු සඟ මැද හුන්නේ සංඝයා කෙරෙන් නමුදු ඈත්වූයේම වේද, සඞ්ඝයාද ඔහුගෙන් ඈත්වූයේම වේද, පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි තෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“පහාරාදය, යම් සේ වනාහි ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට, (නාමයට) පැමිණෙත්. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. පහාරාදය, යම් සේ වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි සිව්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“පහාරාදය, යම්සේ වනාහි ලෝකයෙහි යම් (පමණ) ගංගාවෝ මහා සමුද්‍රයට වදිත්ද, යම් (පමණ) අහස් (වර්ෂා) ධාරාවෝ වැටෙත්ද, මහා සමුද්‍රයට එයින් අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි බොහෝවූද භික්ෂූහු අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාත්. (නිවණට පැමිණෙත්.) එයින් නිර්වාණ ධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් නොපෙනේ.
“පහාරාදය, යම්සේ වනාහි බොහෝවූද භික්ෂූහු අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාත්ද. (නිවණට පැමිණෙත්ද.) එයින් නිර්වාණ ධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් නොපෙනේද. පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි පස්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“පහාරාදය, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම ලුණු රසය (නම්වූ) එකම රස ඇත්තේය. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද විමුක්ති රසය (නම්වූ) එකම රස ඇත්තේය. පහාරාදය, යම්සේ වනාහි මේ ශාසනය විමුක්ති රසය (නම්වූ) එකම රස ඇත්තේද, පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි සවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“පහාරාදය, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක (ප්‍රකාර) රත්න ඇත්තේ වෙයි. එහි මේ රත්නයෝයි. ඒ කවරහුද? මුතුය, මැනික්ය, වෙරළුමිණිය, (වෛරෝඩිය) හක් බෙල්ලෝය, නොයෙක් වර්ණවත් ගල් ජාතීහුය, පබලුය, රිදීය, රත්රන්ය, රතුමැනික්ය, මැසිරි ගල්ය, යන අනේක ප්‍රකාරවූ බොහෝ රත්න ඇත්තේ වේද, පහාරාදය, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක ප්‍රකාරවූ රත්න ඇත්තේ වෙයි. ඒ මේ රත්නයෝ කවරහුද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඎද්ධිපාදය, පඤ්චෙන්ද්රියය, පඤ්චබලය, සප්තබෝද්ධ්යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය (යනුයි.) පහාරාදය, යම්සේ වනාහි මේ ශාසනයද බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක ප්‍රකාරවූ රත්න ඇත්තේ වෙයි. ඒ මේ රත්නයෝ කවරහුද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඎද්ධිපාදය, පඤ්චෙන්ද්රියය, පඤ්චබලය, සප්තබෝද්ධ්යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය යන මේ රත්නයෝයි. පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි සත්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“පහාරාදය, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම මහත්වු සත්ත්වයන්ගේ ආවාසයක් වේද, තිමිය, තිමිඞ්ගලය, තිමිරය, පිඞ්ගලය, අසුරය, නාගය, ගාන්ධර්වය, යන මේ එහි වසන මහා සත්න්වයෝයි. මහා සමුද්‍රයෙහි සියක් යොදුන් ශරීර ඇත්තාවුද, දෙසියයක් යොදුන් ශරීර ඇත්තාවුද, තුන් සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, හාර සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, පන්සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, සත්ත්වයෝ ඇත්තාහ. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද මහත්වු සත්ත්වයන්ගේ ආවාසය වෙයි. ඒ මේ සත්ත්වයෝයි. සෝවාන් ඵලයට පැමිණි සත්ත්වයාද, සෝවාන් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, සකෘදාගාමී ඵලයට පැමිණි සත්ත්වයාද, සකෘදාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, අනාගාමී ඵලයට පැමිණි සත්ත්වයාද, අනාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, අර්හත් ඵලයට පැමිණි සත්ත්වයාද, අර්හත් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, යනුයි. පහාරාදය, යම් සේ වනාහි මේ ශාසනයද මහත්වු සත්ත්වයන්ගේ ආවාසය වෙයි. ඒ මේ සත්ත්වයෝයි. සෝවාන් ඵලයට පැමිණි සත්ත්වයාද, සෝවාන් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, සකෘදාගාමී ඵලයට පැමිණි සත්ත්වයාද, සකෘදාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, අනාගාමී ඵලයට පැමිණි සත්ත්වයාද, අනාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, අර්හත් ඵලයට පැමිණි සත්ත්වයාද, අර්හත් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, යන මේ සත්ත්වයෝ වෙත්ද, පහාරාදය, මේ වනාහි මේ ශාසනයෙහි අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“පහාරාදය, මේ වනාහි ශාසනයෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්ම අටයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.”
|
10. උපොසථසුත්තං | 10. උපොසථ සූත්‍රය |
20
(චූළව. 383; උදා. 45; කථා. 346) එකං
එවං වුත්තෙ භගවා තුණ්හී අහොසි. දුතියම්පි
අථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි - ‘‘කං නු ඛො භගවා පුග්ගලං සන්ධාය එවමාහ - ‘අපරිසුද්ධා, ආනන්ද, පරිසා’’’ති? අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සබ්බාවන්තං භික්ඛුසඞ්ඝං චෙතසා චෙතො පරිච්ච මනසාකාසි. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං දුස්සීලං පාපධම්මං අසුචිං සඞ්කස්සරසමාචාරං පටිච්ඡන්නකම්මන්තං අස්සමණං සමණපටිඤ්ඤං අබ්රහ්මචාරිං බ්රහ්මචාරිපටිඤ්ඤං අන්තොපූතිං අවස්සුතං කසම්බුජාතං මජ්ඣෙ භික්ඛුසඞ්ඝස්ස නිසින්නං; දිස්වාන උට්ඨායාසනා යෙන සො පුග්ගලො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා තං පුග්ගලං
එවං
අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං පුග්ගලං බාහායං ගහෙත්වා බහිද්වාරකොට්ඨකා නික්ඛාමෙත්වා සූචිඝටිකං දත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච - ‘‘නික්ඛාමිතො සො, භන්තෙ, පුග්ගලො මයා. පරිසුද්ධා පරිසා. උද්දිසතු, භන්තෙ, භගවා භික්ඛූනං පාතිමොක්ඛ’’න්ති. ‘‘අච්ඡරියං, මොග්ගල්ලාන, අබ්භුතං, මොග්ගල්ලාන! යාව බාහා ගහණාපි නාම සො මොඝපුරිසො ආගමිස්සතී’’ති!
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘තුම්හෙව දානි, භික්ඛවෙ, උපොසථං කරෙය්යාථ, පාතිමොක්ඛං උද්දිසෙය්යාථ. න දානාහං, භික්ඛවෙ, අජ්ජතග්ගෙ උපොසථං කරිස්සාමි, පාතිමොක්ඛං උද්දිසිස්සාමි. අට්ඨානමෙතං, භික්ඛවෙ, අනවකාසො යං තථාගතො අපරිසුද්ධාය පරිසාය පාතිමොක්ඛං උද්දිසෙය්ය’’.
‘‘අට්ඨිමෙ, භික්ඛවෙ, මහාසමුද්දෙ අච්ඡරියා අබ්භුතා ධම්මා, යෙ දිස්වා දිස්වා අසුරා මහාසමුද්දෙ අභිරමන්ති. කතමෙ අට්ඨ? මහාසමුද්දො, භික්ඛවෙ, අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො, න ආයතකෙනෙව පපාතො. යම්පි, භික්ඛවෙ, මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො, න ආයතකෙනෙව පපාතො; අයං, භික්ඛවෙ, මහාසමුද්දෙ පඨමො
‘‘පුන චපරං, භික්ඛවෙ, මහාසමුද්දො මහතං භූතානං ආවාසො. තත්රිමෙ භූතා - තිමි තිමිඞ්ගලො තිමිරපිඞ්ගලො
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, අට්ඨ ඉමස්මිං ධම්මවිනයෙ අච්ඡරියා අබ්භුතා ධම්මා, යෙ දිස්වා දිස්වා භික්ඛූ ඉමස්මිං ධම්මවිනයෙ අභිරමන්ති. කතමෙ අට්ඨ? සෙය්යථාපි, භික්ඛවෙ, මහාසමුද්දො අනුපුබ්බනින්නො අනුපුබ්බපොණො අනුපුබ්බපබ්භාරො, න ආයතකෙනෙව පපාතො; එවමෙවං ඛො, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො. යම්පි, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ අනුපුබ්බසික්ඛා අනුපුබ්බකිරියා අනුපුබ්බපටිපදා, න ආයතකෙනෙව අඤ්ඤාපටිවෙධො; අයං, භික්ඛවෙ, ඉමස්මිං ධම්මවිනයෙ පඨමො අච්ඡරියො අබ්භුතො ධම්මො, යං දිස්වා දිස්වා
|
20
මා විසින් මෙසේ අසන ලදි. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතාව විසින් කරවන ලද පූර්වාරාමයෙහි ප්‍රාසාදයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ කරණ දිනයක්වූ ඒ දිනයෙහි භික්ෂු සඞ්ඝයා විසින් පිරිවරනා ලද්දේ වැඩ හුන්නේ වෙයි.
එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ රාත්‍රිය ඉක්ම යන කල්හි, ප්‍රථම යාමය ඉක්ම ගිය කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීන් වහන්ස, රාත්‍රිය ඉක්ම යයි. ප්‍රථම යාමය ඉක්ම ගියේය. භික්ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමොක්ෂය උදෙසන සේක්වා.” එසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.
දෙවනුවද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ රාත්‍රිය ඉක්ම යන කල්හි, මධ්‍යම යාමය ඉක්ම ගිය කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීන් වහන්ස, රාත්‍රිය ඉක්ම යයි. මධ්‍යම යාමය ඉක්ම ගියේය. භික්ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමොක්ෂය උදෙසන සේක්වා.” දෙවනුවද භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.
තුන්වෙනුවද ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ රාත්‍රිය ඉක්ම යන කල්හි, පශ්චිම යාමය ඉක්ම ගිය කල්හි, අරුණ නැගි කල්හි, (රෑ පහන්දොර) රාත්‍රි තොම සතුටු මුහුණක් ඇති කල්හි, හුනස්නෙන් නැගිට, තනිපට සිවුර ඒකාංශ කොට පොරවා භාග්‍යවතුන් වහන්සේ දෙසට නමස්කාර කොට, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීන් වහන්ස, රාත්‍රිය ඉක්ම යයි. අළුයම ඉක්ම ගියේය. අරුණ නැගුනේය. (රෑ පහන්දොර) රාත්‍රි තොම සතුටු මුහුණින් ඇතිවූවාය. භික්ෂු සඞ්ඝයා බොහෝ වේලා හුන්නේය. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස, භික්ෂූන්ට ප්රාතිමොක්ෂය උදෙසන සේක්වා.”
“ආනන්දය, පිරිස අපිරිසිදුය.” එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන තෙරුන් වහන්සේට මෙසේ අදහස් වූයේය. “භාග්‍යවතුන් වහන්සේ, ‘ආනන්දය, පිරිස අපිරිසිදුය’ යි කවර පුද්ගලයෙකු සඳහා මෙසේ වදාළ සේක්ද?” ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ සියලුම භික්ෂු සඞ්ඝයා සිතින් සිත පිරිසිඳ මෙනෙහි කළ සේක.
ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ දුශ්ශීලවූ, ලාමක ස්වභාවය ඇත්තාවූ, අපවිත්‍ර කසල ගොඩක් වැනිවු පැවතුම් ඇති, සැඟවූ පාප කර්ම ඇති, අශ්‍රමණවූ, ශ්‍රමණයෙකු ලෙස හඟවන්නාවූ, ශ්‍රේෂ්ඨ හැසිරීම් නැත්තාවූ, ශ්‍රේෂ්ඨ හැසිරීම් ඇත්තෙකු ලෙස හඟවන්නාවූ, ඇතුළත (කෙළෙස්වලින්) කුණුවූ, කෙලෙස් වැගිරෙන්නාවූ, කෙලෙස් කසල හටගත්තාවු, පුද්ගලයා භික්ෂු සඞ්ඝයා මධ්‍යයෙහි හුන් බව දැක්කේය. දැක හුනස්නෙන් නැගිට, ඒ පුද්ගලයා වෙත පැමිණියේය. පැමිණ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. “ඇවැත්නි, නැගිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්ෂූන් සමග විසීමක් නැත්තේය.” එසේ කි කල්හි ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය.
දෙවනුවද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. “ඇවැත්නි, නැගිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්ෂූන් සමග විසීමක් නැත්තේය.” දෙවනුවද ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය. තෙවනුවද ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයාට මෙසේ කීවේය. “ඇවැත්නි, නැගිටුව. භාග්‍යවතුන් වහන්සේ විසින් දක්නා ලද්දෙහිය. ඔබට භික්ෂූන් සමග විසීමක් නැත්තේය.” තෙවනුවද ඒ පුද්ගලයා නිශ්ශබ්ද වූයේය.
එකල්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ ඒ පුද්ගලයා අතින් (අල්වා) ගෙන බාහිර දොර කොටුවෙන් පිට කරවා, යතුරු දමා, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීන් වහන්ස, මම ඒ පුද්ගලයා පිටකරවූයෙමි. පිරිස පිරිසිදුය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ප්රාතිමොක්ෂය උදෙසන සේක්වා.”
“මොග්ගල්ලාන, ඒ තුච්ඡ (හිස්වූ) පුරුෂයා අතින් අල්වා ගන්නා තුරු නොසලකා සිටීම ආශ්චර්ය්යයි, අද්භුතයි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, දැන් තොපිම පොහොය කරවු. ප්රාතිමොක්ෂය උදෙසවු. මහණෙනි, දැන් අද පටන් මම පොහොය නොකරන්නෙමි. ප්රාතිමොක්ෂය නොදෙසන්නෙමි. මහණෙනි, ‘තථාගත තෙම අපිරිසිදු පිරිසෙහි පොහොය කරන්නේය. ප්රාතිමොක්ෂය දෙසන්නේය,’ යන මේ කරුණට ස්ථාන නොවන්නේය. (හේතු නොවන්නේය) අවකාශ නැත.
“මහණෙනි, මහා සමුද්‍රයෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ මේ ගුණ ධර්ම අට ඇත්තේය.
“මහණෙනි, යම් සේ වනාහි මහා සමුද්‍රයෙහි ක්‍රමයෙන් පහත්විමය, ක්‍රමයෙන් ගැඹුරුවීමය, ක්‍රමයෙන් (යටට) නැමීමය, කෙලින්ම (පිහිටි) ප්රපාතයක් නොවිමය, පහාරාදය, එපරිද්දෙන්ම වනාහි මේ ධර්ම විනයෙහි (ශාසනයෙහි) ක්රමානුකූල ශික්ෂා ඇත්තේ වෙයි. ක්රමානුකූල ක්‍රියා ඇත්තේ වෙයි. ක්රමානුකූල ප්‍රතිපදා (පිළිපැදීම්) ඇත්තේ වෙයි. ශීල විශුද්ධිය ආදිය නොමැතිව කෙලින්ම (ලබන්නාවූ) රහත් බවෙක් නැත. මහණෙනි, යම් හෙයකින් මේ ධර්ම විනයෙහි (ශාසනයෙහි) ක්රමානුකූල ශික්ෂා ඇත්තේ වෙයි. ක්රමානුකූල ක්‍රියා ඇත්තේ වෙයි. ක්රමානුකූල ප්‍රතිපදා (පිළිපැදීම්) ඇත්තේ වෙයි. ශීල විශුද්ධිය ආදිය නොමැතිව කෙලින්ම (ලබන්නාවූ) රහත් බවෙක් නැත. මහණෙනි, මේ ශාසනයෙහි මේ පළමුවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“මහණෙනි, යම්සේ වනාහි මහා සමුද්‍රය තෙම ස්ථිර ස්වභාවයෙන් යුක්තවූයේ වේද, වෙරළ නොයික්මවාද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මා විසින් ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් පණවන ලදද, ඒ ශික්ෂාපදය මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගැනවත් නොයික්මවත්.
“මහණෙනි, මේ ශාසනයෙහි මේ දෙවන ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“මහණෙනි, යම්සේ වනාහි මහා සමුද්‍රය මලකුණු සමග නොවසයි. මහා සමුද්‍රයෙහි යම්කිසි මලකුණක් වීනම් වහාම වෙරළට පා කරයි. ගොඩට උස්සා දමයි. පහාරාදය, එපරිද්දෙන්ම වනාහි යම් ඒ පුද්ගලයෙක් තෙම දුශ්ශීල වූයේද, අකුශල ධර්මයෙන් යුක්තවූයේ වේද, අපවිත්‍රවූ කසලගොඩක් වැනි පැවතුම් ඇත්තේ වේද. සඟවා කරණ ලද පාපකර්ම ඇත්තේ වේද, ශ්‍රමණයෙක් නුවූයේම ශ්‍රමණ භාවය හඟවන්නේ වේද, බඹසර නොවූයේම බඹසර ඇත්තේයයි හඟවන්නේ වේද, ඇතුළත කුණුවූයේ වේද, (පවිටු සිත් ඇත්තේ වේද), වැගිරෙන හෝ පල්වූ කෙළෙස් ඇත්තේ වේද, කෙළෙස් කසල හටගත්තේ වේද. ඔහු සමග සංඝයා නොවසයි. වහාම රැස්ව ඔහු (උක්‍ෂෙපණීය කර්මයෙන්) නෙරපයි. යම් හෙයකින් ඔහු සංඝයා මධ්‍යයෙහි හුන්නේ නමුදු, (උක්‍ෂෙපණීය කර්මයෙන්) ඔහු සංඝයා කෙරෙන් ඈත්වූයේමය. (විනයකර්මවලට නොගන්නා හෙයිනි.) සඞ්ඝයාද ඔහුගෙන් ඈත්වූයේමය.
“මහණෙනි, යම්සේ වනාහි යම් ඒ පුද්ගලයෙක් තෙම දුශ්ශීල වූයේද, අකුශල ධර්මයෙන් යුක්තවූයේ වේද, අපවිත්‍රවූ කසලගොඩක් වැනි පැවතුම් ඇත්තේ වේද. සඟවා කරණ ලද පාපකර්ම ඇත්තේ වේද, ශ්‍රමණයෙක් නුවූයේම මහණකම හඟවන්නේ වේද, බඹසර නුවූයේම බඹසර ඇත්තේයයි හඟවන්නේ වේද, ඇතුළත කුණුවූයේ වේද, (පවිටු සිත් ඇත්තේ වේද), වැගිරෙන හෝ පල්වූ කෙළෙස් ඇත්තේ වේද, කෙළෙස් කසල හටගත්තේ වේද. (එහෙයින්) ඔහු සමග සංඝයා නොවසාද. වහාම රැස්ව ඔහු (උක්‍ෂෙපණීය කර්මයෙන්) නෙරපාද. යම් හෙයකින් ඔහු සඟ මැද හුන්නේ සංඝයා කෙරෙන් නමුදු ඈත්වූයේම වේද, සඞ්ඝයාද ඔහුගෙන් ඈත්වූයේම වේද, මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි තෙවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“මහණෙනි, යම් සේ වනාහි ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී යන මේ යම්කිසි මහා ගංගාවෝ වෙත් නම් ඒ ගංගාවෝ මහා සමුද්‍රයට පැමිණ පළමු නම් ගොත් හැර දමත්. මහා සමුද්‍රය යන සංඛ්‍යාවට, (නාමයට) පැමිණෙත්. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. මහණෙනි, යම් සේ වනාහි රජ, බමුණු, වෙළඳ, ගොවි යන මේ සිවු කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙන් නික්ම අනගාරිය සංඛ්‍යාතවූ, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ශාසනයෙහි පැවිදිව පළමු නම් ගොත් හැර දමත්. ශාක්‍ය පුත්‍රවූ ශ්‍රමණයෝය යන සංඛ්‍යාවට පැමිණෙත්. මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි සිව්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“මහණෙනි, යම්සේ වනාහි ලෝකයෙහි යම් (පමණ) ගංගාවෝ මහා සමුද්‍රයට වදිත්ද, යම් (පමණ) අහස් (වර්ෂා) ධාරාවෝ වැටෙත්ද, මහා සමුද්‍රයට එයින් අඩු බවක් හෝ පිරෙන බවක් හෝ නොපෙනෙයි. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි බොහෝවූද භික්ෂූහු අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාත්. (නිවණට පැමිණෙත්.) එයින් නිර්වාණ ධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් නොපෙනේ.
“මහණෙනි, යම්සේ වනාහි බොහෝවූද භික්ෂූහු අනුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පාත්ද. (නිවණට පැමිණෙත්ද.) එයින් නිර්වාණ ධාතුවෙහි අඩු බවක් හෝ පිරෙන බවක් නොපෙනේද. මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි පස්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“මහණෙනි, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම ලුණු රසය (නම්වූ) එකම රස ඇත්තේය. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද විමුක්ති රසය (නම්වූ) එකම රස ඇත්තේය. මහණෙනි, යම්සේ වනාහි මේ ශාසනය විමුක්ති රසය (නම්වූ) එකම රස ඇත්තේද, මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි සවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“මහණෙනි, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක (ප්‍රකාර) රත්න ඇත්තේ වෙයි. එහි මේ රත්නයෝයි. ඒ කවරහුද? මුතුය, මැනික්ය, වෙරළුමිණිය, (වෛරෝඩිය) හක් බෙල්ලෝය, නොයෙක් වර්ණවත් ගල් ජාතීහුය, පබලුය, රිදීය, රත්රන්ය, රතුමැනික්ය, මැසිරි ගල්ය, යන අනේක ප්‍රකාරවූ බොහෝ රත්න ඇත්තේ වේද, මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක ප්‍රකාරවූ රත්න ඇත්තේ වෙයි. ඒ මේ රත්නයෝ කවරහුද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඎද්ධිපාදය, පඤ්චෙන්ද්රියය, පඤ්චබලය, සප්තබෝද්ධ්යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය (යනුයි.) මහණෙනි, යම්සේ වනාහි මේ ශාසනයද බොහෝ රත්න ඇත්තේ වෙයි. අනේක ප්‍රකාරවූ රත්න ඇත්තේ වෙයි. ඒ මේ රත්නයෝ කවරහුද? සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධානය, සතර ඎද්ධිපාදය, පඤ්චෙන්ද්රියය, පඤ්චබලය, සප්තබෝද්ධ්යඞ්ගය, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්ගය යන මේ රත්නයෝයි. මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි සත්වැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“මහණෙනි, යම් සේ වනාහි මහා සමුද්‍රය තෙම මහත්වු සත්ත්වයන්ගේ ආවාසයක් වේද, තිමිය, තිමිඞ්ගලය, තිමිරය, පිඞ්ගලය, අසුරය, නාගය, ගාන්ධර්වය, යන මේ එහි වසන මහා සත්න්වයෝයි. මහා සමුද්‍රයෙහි සියක් යොදුන් ශරීර ඇත්තාවුද, දෙසියයක් යොදුන් ශරීර ඇත්තාවුද, තුන් සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, හාර සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, පන්සියයක් යොදුන් ශරීර ඇත්තාවුද, සත්ත්වයෝ ඇත්තාහ. මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයද මහත්වු සත්ත්වයන්ගේ ආවාසය වෙයි. ඒ මේ සත්ත්වයෝයි. සෝවාන් ඵලයට පැමිණි සත්ත්වයාද, සෝවාන් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, සකෘදාගාමී ඵලයට පැමිණි සත්ත්වයාද, සකෘදාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, අනාගාමී ඵලයට පැමිණි සත්ත්වයාද, අනාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, අර්හත් ඵලයට පැමිණි සත්ත්වයාද, අර්හත් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, යනුයි. මහණෙනි, යම් සේ වනාහි මේ ශාසනයද මහත්වු සත්ත්වයන්ගේ ආවාසය වෙයි. ඒ මේ සත්ත්වයෝයි. සෝවාන් ඵලයට පැමිණි සත්ත්වයාද, සෝවාන් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, සකෘදාගාමී ඵලයට පැමිණි සත්ත්වයාද, සකෘදාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, අනාගාමී ඵලයට පැමිණි සත්ත්වයාද, අනාගාමී ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, අර්හත් ඵලයට පැමිණි සත්ත්වයාද, අර්හත් ඵලය ලබා ගැනීම පිණිස පිළිවෙත් පුරන සත්ත්වයාද, යන මේ සත්ත්වයෝ වෙත්ද, මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි අටවැනි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්මයයි. එය දැක දැක භික්ෂූහු ශාසනයෙහි සිත් අලවත්.
“මහණෙනි, මේ වනාහි මේ ශාසනයෙහි ආශ්චර්‍ය්‍ය අද්භූතවූ ගුණ ධර්ම අට වෙත්. එය දැක භික්ෂූහු මේ ශාසනයෙහි සිත් අලවත්.”
|