අඞ්ගුත්තරනිකායො | අඞ්ගුත්තරනිකායො |
අට්ඨකනිපාතපාළි | අඨක නිපාතය |
1. මෙත්තාවග්ගො | 1. මෙත්තා වර්ගය |
1. මෙත්තාසුත්තං | 1. අඨමෙත්තානිසංස සූත්‍රය |
1
එවං
(අ. නි. 11.15) ‘‘මෙත්තාය, භික්ඛවෙ, චෙතොවිමුත්තියා ආසෙවිතාය භාවිතාය බහුලීකතාය යානීකතාය වත්ථුකතාය
‘‘යො
තනූ සංයොජනා හොන්ති, පස්සතො උපධික්ඛයං.
‘‘එකම්පි
මෙත්තායති කුසලී තෙන හොති;
සබ්බෙ ච පාණෙ මනසානුකම්පී,
පහූතමරියො පකරොති පුඤ්ඤං.
‘‘යෙ සත්තසණ්ඩං පථවිං විජෙත්වා,
රාජිසයො යජමානා අනුපරියගා;
අස්සමෙධං පුරිසමෙධං,
සම්මාපාසං වාජපෙය්යං නිරග්ගළං.
‘‘මෙත්තස්ස චිත්තස්ස සුභාවිතස්ස,
කලම්පි තෙ නානුභවන්ති සොළසිං;
චන්දප්පභා තාරගණාව සබ්බෙ,
යථා න අග්ඝන්ති කලම්පි සොළසිං
(අයං පාදො බහූසු න දිස්සති).
‘‘යො න හන්ති න ඝාතෙති, න ජිනාති න ජාපයෙ;
මෙත්තංසො සබ්බභූතානං, වෙරං තස්ස න කෙනචී’’ති. පඨමං;
|
1
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවන මහා විහාරයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු, ‘භාග්‍යවතුන් වහන්සැ’ යි කියා ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.
“ඒ කිනම් ආනිශංස අටක්ද? සැපසේ නිදයි. සැපසේ අවදිවෙයි. නපුරු සීන නොදකියි. මිනිසුන්ට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි. දෙවියෝ රකිත්. ඔහුට ගින්නක් හෝ විසක් හෝ ආයුධයක් හෝ නොවදී. මෛත්‍රී භාවනාවෙන් රහත් බව ලබන්නට නොහැකිවීනම් (මරණින් මතු) බඹ ලොව උපදී. මහණෙනි, මෛත්‍රී චෙතෝ විමුක්තිය ආදරයෙන් සේවනය කිරීමෙන්, නැවත නැවත කිරීමෙන්, භාවනා කිරීමෙන් හෙවත් වැඩීමෙන්, නැවත නැවත කිරීමෙන්, යෙදූ වාහනයක් මෙන් කිරීමෙන්, පදිඤ්චි වත්තක් හෝ ස්ථානයක් මෙන් කිරීමෙන්, ඉදිරියෙහි පිහිටි දෙයක් මෙන් කිරීමෙන්, හාත්පසින් මනාකොට රැස් කළ (ගොඩගැසූ) දෙයක් මෙන් කිරීමෙන්, යහපත්ව ආරම්භකොට කිරීමෙන්, ආනිසංශ අටක් බලාපොරොත්තු විය යුතුයි.
(1) යමෙක් අප්‍රමාණ සතුන් වෙත මෛත්‍රිය සිහියෙන් යුක්තව වඩාද, විදර්ශනාවෙන් කෙළෙස් නැති කිරීමයයි කියන ලද රහත් බවට පැමිණියහුගේ දශ සංයෝජනයෝ තුනී වෙත්.
(2) “ඉදින් එකද සත්ත්වයෙකුට දූෂ්‍ය නුවූ සිත් ඇත්තේ මෛත්‍රී කෙරේද, ඒ කරණකොට ගෙන කුසල් ඇත්තේ වෙයි. සියලු ප්‍රාණීන් කෙරෙහිම සිතින් අනුකම්පා කරන්නාවූ ආර්‍ය්‍යතෙම බොහෝ පින් කරයි.”
(3) යම් නෙනෙක් සත්ත්වයන්ගෙන් පිරුණාවූ පොළොව ජයගෙන තාපසයන් මෙන් දැහැමි රජවරු වූවාහු දන් දෙමින් හැසුරුණහුද, අෂ්ව මෙධය, පුරුෂ මෙධය, සම්මාපාසය, වාචපෙය්‍යය, නිරග්ගලයයි යම් යාග පසක් වෙද්ද, ඒ මහා යාගයෝද මනාකොට වඩන ලද මෛත්‍රී සිතෙහි දහසයවන කලාවටද නොපැමිණෙත්. චන්ද්‍රයාගේ රෂ්මිය මෙන් තාරකාවන්ගේ රශ්මිය නැත්තාක් මෙනි.”
(4) යමෙක් තෙම සතුන් නොමරාද, අනුන් ලවාත් නොමරවාද, අනුන් නොපරදවාද, වෙන කෙනෙකු ලවාත් අනුන් නොපරදවාද, හෙතෙම සියලු සත්ත්වයන් කෙරෙහි මෛත්‍රී පිණ්ඩයක් වේ. ඔහු කෙරෙහි කිසිවෙකුගේ වෛරයක් නැත්තේය.”
|
2. පඤ්ඤාසුත්තං | 2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය |
2
‘‘අට්ඨිමෙ
‘‘සො
‘‘සො තං ධම්මං සුත්වා ද්වයෙන වූපකාසෙන සම්පාදෙති - කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච. අයං, භික්ඛවෙ, තතියො හෙතු තතියො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය, පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
‘‘සීලවා හොති, පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී, සමාදාය සික්ඛති සික්ඛාපදෙසු. අයං, භික්ඛවෙ, චතුත්ථො හෙතු චතුත්ථො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය, පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
‘‘බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො. යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා
‘‘ආරද්ධවීරියො
‘‘සඞ්ඝගතො
‘‘පඤ්චසු ඛො පන උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති - ‘ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා, ඉති වෙදනාය සමුදයො, ඉති වෙදනාය අත්ථඞ්ගමො; ඉති සඤ්ඤා...පෙ.... ඉති සඞ්ඛාරා...පෙ.... ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති. අයං, භික්ඛවෙ, අට්ඨමො හෙතු අට්ඨමො පච්චයො ආදිබ්රහ්මචරියිකාය පඤ්ඤාය අප්පටිලද්ධාය පටිලාභාය, පටිලද්ධාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා සංවත්තති.
‘‘තමෙනං
‘‘‘තං
‘‘‘තං ඛො පනායමායස්මා ධම්මං සුත්වා ද්වයෙන වූපකාසෙන සම්පාදෙති - කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී’ති! අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
‘‘‘සීලවා
‘‘‘බහුස්සුතො ඛො පනායමායස්මා
‘‘‘ආරද්ධවීරියො ඛො පනායමායස්මා විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී’ති! අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
‘‘‘සඞ්ඝගතො
‘‘‘පඤ්චසු ඛො පනායමායස්මා උපාදානක්ඛන්ධෙසු උදයබ්බයානුපස්සී විහරති - ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථඞ්ගමො; ඉති වෙදනා...පෙ.... ඉති සඤ්ඤා...පෙ.... ඉති සඞ්ඛාරා...පෙ.... ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමොති. අද්ධා අයමායස්මා ජානං ජානාති පස්සං පස්සතී’ති! අයම්පි ධම්මො පියත්තාය ගරුත්තාය භාවනාය සාමඤ්ඤාය එකීභාවාය සංවත්තති.
‘‘ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ හෙතූ අට්ඨ පච්චයා
|
2
“මහණෙනි, මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, මේ කරුණු අට හේතු වෙත්. ඒ අට කෙසේද?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු අන්‍ය භික්ෂුවක් හෝ ආශ්‍රය කොට වෙසේද, යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලැජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, මහණෙනි, මෙය මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) පළමු හේතුවයි.
“ඒ මහණතෙම ඒ ශාස්තෲන් වහන්සේ හෝ ගරු කටයුතු එක්තරා භික්ෂුවක් හෝ ආශ්‍රයකොට වෙසේද, යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, හෙතෙම කලින් කල (උන් වහන්සේ වෙත එළඹ), ‘ස්වාමීන් වහන්ස. මෙය කෙසේද, මෙහි අර්ත්ථය කෙසේදැ’ යි පූර්වාපර සන්ධි විචාරයි. සැක තැන් විචාරයි. (එකල්හි) ඔහුට ඒ පින්වතුන් වහන්සේලා අප්‍රකට අර්ත්ථය ප්‍රකාශ කෙරෙත්. ප්‍රකාශ නොකළ අර්ත්ථය ප්‍රකාශ කෙරෙත්. අනේක ප්‍රකාරවූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කෙරෙත්. මහණෙනි, මෙය මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) දෙවෙනි හේතුවයි.
මහණතෙම ඒ ධර්මය අසා කාය ප්රකාශයෙන්ද, චිත්ත ප්රකාශයෙන්ද යන දෙයාකාරවූ ප්‍රකාශයෙන් (විදර්ශනා වීමට හේතු) සපයයි. මහණෙනි, මෙය මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) තුන්වෙනි හේතුවයි.
සිල්වතෙක් වේද, ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන් හික්මී වෙසේද, භික්ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන ඉගෙන පිළිපදිමින් ස්වල්පමාත්‍ර වු වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසේද, මහණෙනි, මෙය මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) හතරවෙනි හේතුවයි.
ධර්ම විනය උගතෙක් වේද, උගත් දෙය මතක තබා ගත්තෙහි වේද. උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වේද, යම්කිසි ධර්මයක් මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව, යහපත්ව දේශනා කරණ ලදද, (ඒ දේශනාවෙන්) පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවු ධර්මයෝ මොහු විසින් ඉගෙන ගන්නා ලද්දේ වේද, ඉගෙනගත් ධර්මය සිත තබා ගත්තේ වේද, වචනයෙන් පුරුදු කරණ ලද්දේ වේද. පිළිවෙළ නොවරදවා සිතින් පරීක්ෂා කරණලද්දේ වේද, විදර්ශනා ප්‍රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වේද, මහණෙනි, මෙය මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) පස්වැනි හේතුවයි.
“අකුශල ධර්මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කෙරේද, වීර්ය්යවන්තවූයේ දැඩිවූ පරාක්‍රමයෙන් යුක්තවූයේ, නොපසුබස්නා වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ වේද,මහණෙනි, මෙය මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) සවැනි හේතුවයි.
සංඝයා විසින් අණ නොලැබූ කථිකයෙක් වේද, දෙතිස් කථාවෙන් තොරවූ කථිකයෙක් වේද, ධර්මය එය කැමැත්තෙන්ම දෙසන්නෙක් වේද, ධර්මය දෙසීම පිණිස අන්‍යයන්ට හෝ ආරාධනා කරන්නෙක් වේද, ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක් (භාවනාවක්) මෙනෙහි කිරීම හෝ කෙරේද, මහණෙනි, මෙය මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) සත්වැනි හේතුවයි.
“රූපය මෙසේය. රූපය ඇතිවන්නේ මෙසේය. රුපය නිරුද්ධවන්නේ (නැති වන්නේ) මෙසේය. වේදනාව මෙසේය. වේදනාව ඇතිවන්නේ මෙසේය. වේදනාව නිරුද්ධ වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව ඇතිවන්නේ මෙසේය. සංඥාව නිරුද්ධ වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය ඇතිවන්නේ මෙසේය. සංස්කාරය නිරුද්ධවන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය ඇතිවන්නේ මෙසේය. විඤ්ඤාණය නිරුද්ධවන්නේ මෙසේ යයි පඤ්චුපාදානස්කන්ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වේද? මහණෙනි, මෙය මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත්වීමටද, භාවනාව සම්පූර්ණවීම පිණිසද, (ඇතිවියයුතුවූ) අටවැනි හේතුවයි.
එකී භික්ෂුවට මේ මතු දක්වන පරිදි සමාන බඹසර ඇති භික්ෂූහු ගෞරවය දක්වත්:
"මේ ආයුෂ්මත් වනාහි ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට වාසය කරයි. ගරු කටයුතු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හෝ ඇසුරුකොට වාසය කරයි. යමෙක්හු කෙරෙහි ඔහුගේ තියුණුවූ ලැජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, (එබඳු උතුමෙක් ඇසුරුකොට වාසය කරයි.). ඒකාන්තයෙන්, මේ ආයුෂ්මත් දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
‘මේ ආයුෂ්මත් වනාහි ශාස්තෲන් වහන්සේ ඇසුරුකොට වසමින් එක්තරා ගරු කටයුතු සමාන බඹසර ඇති භික්ෂුවක් හෝ ඇසුරුකොට වසමින්, යමෙකු කෙරෙහි තියුණුවූ ලැජ්ජා භය එළඹ සිටියේ වේද, ප්‍රේමයත් ගෞරවයත් එළඹ සිටියේ වේද, එබඳුවූ උතුමන් වෙත කලින් කල පැමිණ, ‘ස්වාමීන් වහන්ස, කෙසේද, මෙහි අර්ත්ථය කුමක්දැ’යි පූර්වාපර සන්ධි විචාරයි. (එකල්හි) මේ ආයුෂ්මත් ඒකාන්තයෙන් දතයුත්ත දන්නේ ය, දැක්ක යුත්ත දක්නේ යයි' ඒ පින්වතුන් වහන්සේලා ඔහුට අප්‍රකට අර්ත්ථය ප්‍රකාශ කෙරෙත්. ප්‍රකාශ නොකළ අර්ත්ථය ප්‍රකාශ කෙරෙත්. අනේක ප්‍රකාරවූ සැක කටයුතුවූ ධර්මයන්හි සැක දුරුකෙරෙත්. මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
මේ ආයුෂ්මත් ඒ ධර්මය අසා කාය ප්රකාශයෙන්ද, චිත්ත ප්රකාශයෙන්ද යන දෙයාකාරවූ ප්‍රකාශයෙන් (විදර්ශනා වීමට හේතු) සපයයි. ඒකාන්තයෙන්, මේ ආයුෂ්මත් දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද, පවතී.
මේ ආයුෂ්මත් සිල්වතෙක් වූයේ, ප්රාතිමෝක්ෂ සංවර සීලයෙන් හික්මී වෙසෙන්නේ, භික්ෂුන් අතර හැසිරියයුතු ආකාරයත්, ගොදුරු ගම්හි හැසිරියයුතු ආකාරයත් දැන ඉගෙන පිළිපදිමින් ස්වල්පමාත්‍ර වු වරදෙහි පවා භය දකින ස්වභාවය ඇතිව ශික්ෂාපද සමාදන්ව එහි පිළිපදිමින් වෙසෙයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද පවතී.
මේ ආයුෂ්මත්, ධර්ම විනය උගතෙක් වුයේ, උගත් දෙය මතක තබා ගත්තෙහි වුයේ, උගත් දෙය සිතෙහි තැන්පත් කර ගත්තෙක් වූයේ, යම්කිසි ධර්මයක් මුල, මැද, අග යන තුන් තන්හි නිවැරදිව, යහපත්ව දේශනා කරණ ලදද, (ඒ දේශනාවෙන්) පිරිසිදු බ්‍රහ්මචරියාව ප්‍රකාශ කෙරෙත්ද, එබඳුවු ධර්මයෝ මොහු විසින් ඉගෙන ගන්නා ලද්දේ වූයේ, ඉගෙනගත් ධර්මය සිත තබා ගත්තේ වූයේ, වචනයෙන් පුරුදු කරණ ලද්දේ වූයේ, පිළිවෙළ නොවරදවා සිතින් පරීක්ෂා කරණලද්දේ වූයේ, විදර්ශනා ප්‍රඥාවෙන් යහපත්ව අවබෝධ කරණ ලද්දේ වූයේය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද පවතී.
“මේ ආයුෂ්මත්, අකුශල ධර්මයන් දුරුකිරීම පිණිසද, කුශල ධර්මයන් රැස්කිරිම පිණිසද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇතිව වාසය කරන්නේ, වීර්ය්යවන්ත වූයේ, දැඩිවූ පරාක්‍රමයෙන් යුක්තවූයේ, නොපසුබස්නා වීර්‍ය්‍යයෙන් යුක්තවූයේ වෙයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද පවතී.
මේ ආයුෂ්මත්, සංඝයා විසින් අණ නොලැබූ කථිකයෙක් වූයේ, දෙතිස් කථාවෙන් තොරවූ කථිකයෙක් වූයේ, ධර්මය කැමැත්තෙන්ම දෙසන්නෙක් වූයේ, ධර්මය දෙසීම පිණිස අන්‍යයන්ට හෝ ආරාධනා කරන්නෙක් වූයේ, ආර්‍ය්‍ය තුෂ්ණීම්භාවයයි කියන ලද සිවුවැනි ධ්‍යානයට සමවැදීම හෝ සෙසු කමටහනක් (භාවනාවක්) මෙනෙහි කිරීම හෝ කරන්නේය. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද පවතී.
“මේ ආයුෂ්මත්, රූපය මෙසේය. රූපය ඇතිවන්නේ මෙසේය. රුපය නිරුද්ධවන්නේ (නැති වන්නේ) මෙසේය. වේදනාව මෙසේය. වේදනාව ඇතිවන්නේ මෙසේය. වේදනාව නිරුද්ධ වන්නේ මෙසේය. සංඥාව මෙසේය. සංඥාව ඇතිවන්නේ මෙසේය. සංඥාව නිරුද්ධ වන්නේ මෙසේය. සංස්කාරය මෙසේය. සංස්කාරය ඇතිවන්නේ මෙසේය. සංස්කාරය නිරුද්ධවන්නේ මෙසේය. විඤ්ඤාණය මෙසේය. විඤ්ඤාණය ඇතිවන්නේ මෙසේය. විඤ්ඤාණය නිරුද්ධවන්නේ මෙසේය'යි පඤ්චුපාදානස්කන්ධය කෙරෙහි උදයව්‍යය (ඇතිව නැතිවීම) අනුව සිහි කරමින් වසන්නේ වෙයි. ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් දත යුතු දේ දනී, දැක්කයුතු දේ දකී, යන මේ ස්වභාවය ප්‍රිය භාවය පිණිසද, ගරු භාවය පිණිසද, භාවනාව පිණිසද, ශ්‍රමණ භාවය පිණිසද, හුදකළා භාවය (විවේකය) පිණිසද පවතී.
“මහණෙනි, මාර්ග බ්‍රහ්මචරියාවට මුල්වූ විදර්ශනා ප්‍රඥාව නොලැබූ කල්හි ලැබීමටද, ලැබූ කල්හි බොහෝ වීමටද, මහත් වීමටද, භාවනාව සම්පූර්ණවීමටද, මේ කරුණු අට හේතු වෙත්.”
|
3. පඨමඅප්පියසුත්තං | 3. අප්පිය පසංසී සූත්‍රය |
3
‘‘අට්ඨහි
‘‘අට්ඨහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි අට්ඨහි? ඉධ
|
3
“මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්ෂුතෙම සබ්‍රම්සරුන්ට (භික්ෂූන්ට) අප්‍රියවෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. සැලකිල්ලට භාජනද නොවෙයි.
“කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අප්‍රියවූ දුසිල් මහණුන්ට ප්‍රශංසා කරන්නේ වේද, ප්‍රියවූ සිල්වත් භික්ෂූන්ට ගර්හා කරන්නේ වේද, සිවුපස ලාභයෙහි ගිජුවූයේ වේද, සත්කාරයෙහි ගිජුවූයේ වේද, පාපයෙහි ලජ්ජා නැතිවූයේ වේද, පාපයෙහි භය නැතිවූයේ වේද, පවිටු අදහස් ඇත්තේද, මිසදිටු වුයේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ භික්ෂුතෙම සබ්‍රම්සරුන්ට (භික්ෂූන්ට) අප්‍රියවෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. සැලකිල්ලට භාජනද නොවෙයි.
“මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවයද වෙයි. සැලකිල්ලට භාජනද වෙයි.
“කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම අප්‍රියවූ දුසිල් මහණුන්ට ප්‍රශංසා නොකරන්නේ වේද, ප්‍රියවූ සිල්වත් භික්ෂූන්ට ගර්හා නොකරන්නේ වේද, සිවුපස ලාභයෙහි ගිජු නුවූයේ වේද, සත්කාර ලාභයෙහි ගිජු නුවූයේ වේද, පාපයෙහි ලජ්ජා ඇත්තේ වේද, පාපයෙහි භය ඇත්තේ වේද, අල්පේච්ඡ වූයේ වේද, සම්‍යක් දෘෂ්ටික වුයේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවයද වෙයි. සැලකිල්ලට භාජනද වෙයි.
|
4. දුතියඅප්පියසුත්තං | 4. ලාභකාම සූත්‍රය |
4
‘‘අට්ඨහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච අගරු ච අභාවනීයො ච. කතමෙහි අට්ඨහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු ලාභකාමො ච හොති, සක්කාරකාමො ච, අනවඤ්ඤත්තිකාමො ච, අකාලඤ්ඤූ ච, අමත්තඤ්ඤූ ච, අසුචි ච, බහුභාණී ච, අක්කොසකපරිභාසකො ච සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො, භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං අප්පියො ච හොති අමනාපො ච
‘‘අට්ඨහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච. කතමෙහි අට්ඨහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු න ලාභකාමො ච හොති, න සක්කාරකාමො ච, න අනවඤ්ඤත්තිකාමො ච, කාලඤ්ඤූ ච, මත්තඤ්ඤූ ච, සුචි ච, න බහුභාණී ච, අනක්කොසකපරිභාසකො ච සබ්රහ්මචාරීනං. ඉමෙහි ඛො, භික්ඛවෙ, අට්ඨහි ධම්මෙහි සමන්නාගතො භික්ඛු සබ්රහ්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො චා’’ති. චතුත්ථං.
|
4
“මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට අප්‍රියද වෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. නොසැලකිය යුතුද වෙයි.
“කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිවුපස ලාභයෙහි ගිජුවූයේ වේද, සත්කාර ලාභයෙහි ගිජුවූයේ වේද, (ගර්හා ලැබීමට සුදුසුව සිටියේ නමුදු) අනුන් විසින් ගර්හා කරණු නොලැබේවායි වේද, කථා කළ යුතු කාලය නොදන්නේ වේද, (සිවු පසය පිළිගත යුතු) පමණ නොදන්නේ වේද, අපිරිසිදුවු කාය කර්මාදිය ඇත්තේ වේද, බොහෝකොට කථා කරන්නේ වේද, සබ්‍රම්සරුන්ට ආක්‍රොෂ පරිභව බණන්නේ වේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට අප්‍රියද වෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. නොසැලකිය යුතුද වෙයි.
“මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවද වෙයි. සැලකිය යුතුද වෙයි.
“කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිවුපස ලාභයෙහි ගිජු නොවේද, සත්කාර ලාභයෙහි ගිජු නොවේද, ස්වකීය දොස් ඇසීමෙහි සතුටු වේද, කථා කිරීම් ආදියෙහි සුදුසු කාලය දනීද, සිවු පසයෙහි පමණ දන්නේ වේද, පිරිසිදුවු කාය කර්මාදිය ඇත්තේ වේද, දොඩමලු නොවේද, (වාචාල නොවේද), සබ්‍රම්සරුන්ට ආක්‍රොෂ පරිභව නොවන්නේ වේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවද වෙයි. සැලකිය යුතුද වෙයි.
|
5. පඨමලොකධම්මසුත්තං | 5. සංඛිත්තලොකධම්ම සූත්‍රය |
5
‘‘අට්ඨිමෙ
‘‘ලාභො අලාභො ච යසායසො ච,
නින්දා පසංසා ච සුඛං දුඛඤ්ච;
එතෙ
අසස්සතා විපරිණාමධම්මා.
‘‘එතෙ ච ඤත්වා සතිමා සුමෙධො,
අවෙක්ඛති විපරිණාමධම්මෙ;
ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං,
අනිට්ඨතො නො පටිඝාතමෙති.
‘‘තස්සානුරොධා
විධූපිතා අත්ථඞ්ගතා න සන්ති;
පදඤ්ච ඤත්වා විරජං අසොකං,
සම්මප්පජානාති භවස්ස පාරගූ’’ති. පඤ්චමං;
|
5
“මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්මය තෙම ලෝකය ලුහු බඳියි. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්මය අනුව පෙරෙළෙයි.)
“ඒ ලොක ධර්ම අට කෙසේද? ලාභයද, අලාභයද, අයසද, (පරිවාර සම්පත්තියෙන් තොර වීමද) යසසද, (පරිවාර සම්පත් ලැබීමද) නින්දා ලැබිමද, ප්‍රශංසා ලැබිමද, සැප ලැබීමද, දුක් ලැබීමද, යන අටය.
ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්වයන් කෙරෙහි පවත්නාවූ ලෝක ධර්ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්.
යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලෝක ධර්ම ස්වභාවයද දැන අනිත්‍ය ස්වභාව ධර්මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්‍රෝධ නූපදී.) ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් (රැකගැනීමෙන්) හෝ එයට විරුද්ධවීමෙන් හෝ විනාශවනු ලබන ආත්මය සහගතවුවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ, නිස්සෝකීවූ (සෝක නැත්තාවූ) ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම නිර්වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේයි.”
|
6. දුතියලොකධම්මසුත්තං | 6. විතත්‍ථ ලොක ධම්ම සූත්‍රය |
6
‘‘අට්ඨිමෙ, භික්ඛවෙ, ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති. කතමෙ අට්ඨ? ලාභො ච, අලාභො ච, යසො ච, අයසො ච, නින්දා ච, පසංසා ච, සුඛඤ්ච, දුක්ඛඤ්ච. ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච ඉමෙ අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති.
‘‘අස්සුතවතො, භික්ඛවෙ, පුථුජ්ජනස්ස උප්පජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසංසාපි සුඛම්පි දුක්ඛම්පි. සුතවතොපි, භික්ඛවෙ, අරියසාවකස්ස උප්පජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසංසාපි සුඛම්පි දුක්ඛම්පි. තත්ර, භික්ඛවෙ, කො විසෙසො
‘‘තෙන
‘‘තස්ස ලාභොපි චිත්තං පරියාදාය තිට්ඨති, අලාභොපි චිත්තං පරියාදාය තිට්ඨති, යසොපි චිත්තං පරියාදාය තිට්ඨති, අයසොපි චිත්තං පරියාදාය තිට්ඨති, නින්දාපි චිත්තං පරියාදාය තිට්ඨති, පසංසාපි චිත්තං පරියාදාය තිට්ඨති, සුඛම්පි චිත්තං පරියාදාය තිට්ඨති, දුක්ඛම්පි චිත්තං පරියාදාය තිට්ඨති. සො උප්පන්නං ලාභං අනුරුජ්ඣති, අලාභෙ පටිවිරුජ්ඣති; උප්පන්නං යසං අනුරුජ්ඣති, අයසෙ පටිවිරුජ්ඣති; උප්පන්නං පසංසං අනුරුජ්ඣති, නින්දාය පටිවිරුජ්ඣති; උප්පන්නං සුඛං අනුරුජ්ඣති, දුක්ඛෙ පටිවිරුජ්ඣති. සො එවං අනුරොධවිරොධසමාපන්නො න පරිමුච්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. ‘න පරිමුච්චති දුක්ඛස්මා’ති වදාමි’’.
‘‘සුතවතො ච ඛො, භික්ඛවෙ, අරියසාවකස්ස උප්පජ්ජති ලාභො. සො ඉති පටිසඤ්චික්ඛති - ‘උප්පන්නො ඛො මෙ අයං ලාභො; සො ච ඛො අනිච්චො දුක්ඛො විපරිණාමධම්මො’ති යථාභූතං පජානාති. උප්පජ්ජති අලාභො...පෙ.... උප්පජ්ජති යසො... උප්පජ්ජති
‘‘තස්ස
‘‘ලාභො අලාභො ච යසායසො ච,
නින්දා පසංසා ච සුඛං දුඛඤ්ච;
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා,
අසස්සතා විපරිණාමධම්මා.
‘‘එතෙ ච ඤත්වා සතිමා සුමෙධො,
අවෙක්ඛති විපරිණාමධම්මෙ;
ඉට්ඨස්ස
අනිට්ඨතො නො පටිඝාතමෙති.
‘‘තස්සානුරොධා
විධූපිතා අත්ථඞ්ගතා න සන්ති;
පදඤ්ච ඤත්වා විරජං අසොකං,
සම්මප්පජානාති භවස්ස පාරගූ’’ති. ඡට්ඨං;
|
6
“මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්මය තෙම ලෝකය ලුහුබඳී. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්මය අනුව පෙරළෙයි.)
“ඒ ලෝක ධර්ම අට කෙසේද යත්? ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන අටය.
“මහණෙනි, ධර්ම විනය නූගත් පෘතග්ජනයාට ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්‍රශංසාද, සැපද, දුකද උපදී. මහණෙනි, ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන අටය.
“මහණෙනි, ඒ කරුණ පිළිබඳව ධර්ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්ම විනය උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනස කුමක්ද? අධිකවූයේ කුමක්ද? විශේෂ කරුණ කුමක්ද?”
“ස්වාමීන් වහන්ස, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන් ඒ වදාරණ ලද ධර්මයාගේ අර්ත්ථය භාග්‍යවතුන් වහන්සේම වදාරණ සේක් නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන්ම (ඒ ධර්මය) අසා භික්‍ෂහු ඉගෙන ගනිත්.”
“මහණෙනි, එසේ වී නම් අසව්. යහපත්ව මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි.” - “ස්වාමීන් වහන්ස, එසේය” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
(1) මහණෙනි, ධර්ම විනය නූගත් පෘතග්ජනයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා නොකරයි. (කෙසේද?’ ‘මට මේ ලාභය උපන්නේ නමුදු එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන (නැතිවන) ස්වභාව’ යි කියා (එහි) නියම තත්ත්වය නොදනී.
“අලාභය ඇතිවේද, අයස ඇතිවේද, යසස ඇතිවේද, නින්දා ඇතිවේද, ප්‍රශංසා ඇතිවේද, සැප ඇතිවේද, දුක ඇතිවේද, එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන (නැතිවන) ස්වභාව’ යි කියා (එහි) නියම තත්ත්වය නොදනී.
“ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්‍රශංසාද, සැපද, දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. හෙතෙම උපන් ලාභය රැක ගනී. උපන් අලාභයෙහි විරුද්ධ වෙයි. උපන් අයසෙහි විරුද්ධවෙයි. උපන් යසස රැක ගනී. උපන් නිත්දාවෙහි විරුද්ධවෙයි. උපන් ප්‍රශංසාව රැකගනී. උපන් සැප රැක ගනී. උපන් දුකෙහි විරුද්ධ වෙයි. මෙසේ හෙතෙම ඉෂ්ටවූ ලෝක ධර්මය රැක ගැනීමෙහිත්, අනිෂ්ටවූ ලෝක ධර්මය කෙරෙහි විරුද්ධත්වය පහළ කිරීමෙහිත් යෙදුනේ, ජාති දුකින්ද, ජරා දුකින්ද, මරණ දුකින්ද, සොක දුකින්ද, පරිදේව දුකින්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, උපායාස දුකින්ද නොමිදේ. (එහෙයින්) දුකින් නොමිදේයයි කියමි.
“මහණෙනි, ධර්ම විනය උගත් ආර්‍ය්‍ය ශ්රාවකයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා කරයි. (කෙසේද?) මේ ලාභය වනාහි මට උපන්නේය. (එසේද වුවත්) එය අනිත්‍යය, දුකය, වෙනස්වන (නැතිවන) ස්වභාවයයි (එහි) නියම තත්ත්වය දනී. අලාභය උපදීද, යසස උපදීද, අයස උපදීද, ප්‍රශංසා උපදීද, නින්දා උපදීද, සැප උපදීද, දුක උපදීද, හෙතෙම මෙසේ කල්පනා කරයි. (කෙසේද?) මේ දුක වනාහි මට උපන්නේය. (එසේද වුවත්)) එය අනිත්‍යය, දුකය, වෙනස්වන (නැතිවන) ස්වභාවයයි(එහි) නියම තත්ත්වය දනී. ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අයසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. යසසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. නින්දාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. ප්‍රශංසාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. සැපද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී.
“හෙතෙම උපන් ලාභය නොරකී. අලාභයෙන් විරුද්ධ නොවෙයි. උපන් යසස නොරකී. අයසෙහි විරුද්ධ නොවෙයි. උපන් ප්‍රශංසාව නොරකී. නින්දාවෙහි විරුද්ධ නොවෙයි. උපන් සැපත නොරකී. දුකෙහි විරුද්ධ නොවෙයි.
“හෙතෙම මෙසේ රැකීම්, විරුද්ධවීම් දෙක හෙවත් ඇලීම් ගැටීම් දෙක ප්‍රහීණ කෙළේ, ජාති, ජරා, මරණ, සෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස යන මෙයින් මිදෙයි. (එහෙයින්) දුකින් මිදේයයි කියමි.
“මහණෙනි, මේ වනාහි, ධර්ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්ම විනය උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනසයි. අධිකවූ කරුණුයි. විශේෂවු කරුණුයි.
“ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්වයන් කෙරෙහි පවත්නාවූ ලොක ධර්ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්. යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලොක ධර්ම ස්වභාවයද දැන, අනිත්‍ය ස්වභාව ධර්මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්‍රොධ නූපදී.) ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් හෝ (රැක ගැනීමෙන්) එයට විරුද්ධ වීමෙන් හෝ විනාශවනු ලබන ආත්ම සහගතවූවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ නිස්සෝකිවූ (සොක නැත්තාවූ) ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම නිර්වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේයි.”
|
7. දෙවදත්තවිපත්තිසුත්තං | 7. පරියාදින්න දේවදත්ත සූත්‍රය |
7
එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. තත්ර භගවා දෙවදත්තං ආරබ්භ භික්ඛූ ආමන්තෙසි - ‘‘සාධු, භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති. සාධු, භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතා
(චූළව. 348) ‘‘කතමෙහි අට්ඨහි? ලාභෙන හි, භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. අලාභෙන, භික්ඛවෙ...පෙ.... යසෙන, භික්ඛවෙ... අයසෙන, භික්ඛවෙ... සක්කාරෙන, භික්ඛවෙ... අසක්කාරෙන, භික්ඛවෙ... පාපිච්ඡතාය, භික්ඛවෙ... පාපමිත්තතාය, භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. ඉමෙහි ඛො, භික්ඛවෙ, අට්ඨහි අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො
‘‘සාධු, භික්ඛවෙ, භික්ඛු උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, උප්පන්නං අලාභං...පෙ.... උප්පන්නං යසං... උප්පන්නං අයසං... උප්පන්නං සක්කාරං
‘‘කිඤ්ච
(කථඤ්ච (ක.)), භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, උප්පන්නං අලාභං...පෙ.... උප්පන්නං යසං... උප්පන්නං අයසං... උප්පන්නං සක්කාරං... උප්පන්නං අසක්කාරං... උප්පන්නං පාපිච්ඡතං... උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය?
‘‘යං හිස්ස, භික්ඛවෙ, උප්පන්නං ලාභං අනභිභුය්ය
(අනභිභූය්ය අනභිභූය්ය (ක.)) විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, උප්පන්නං ලාභං අභිභුය්ය
(අභිභූය්‍ය අභිභූය්‍ය (ක.)) විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස, භික්ඛවෙ, උප්පන්නං අලාභං...පෙ.... උප්පන්නං යසං... උප්පන්නං අයසං... උප්පන්නං සක්කාරං... උප්පන්නං අසක්කාරං... උප්පන්නං පාපිච්ඡතං... උප්පන්නං පාපමිත්තතං අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. ඉදං ඛො, භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය, උප්පන්නං අලාභං...පෙ.... උප්පන්නං යසං... උප්පන්නං අයසං
‘‘තස්මාතිහ
|
7
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් තෙරුන් සංඝභෙද කොට එතැනින් පහව ගිය නොබෝ වේලාවකින් ඒ දෙව්දත් තෙරුන් අරභයා භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට වදාළ සේක.
“මහණෙනි, පැවිදිතෙම කලින් කල තමාගේ විපත්තිය ගැන ප්රත්යවෙක්ෂා කරන්නේ නම් යහපති. අනුන්ගේ විපත්තිය ගැනද කලින් කල ප්රත්යවෙක්ෂා කරන්නේ නම් යහපති. තමාගේ සම්පත්තිය ගැන කලින් කල ප්රත්යවෙක්ෂා කරන්නේ නම් යහපති. අනුන්ගේ සම්පත්තිය ගැනද කලින් කල ප්රත්යවෙක්ෂා කරන්නේ නම් යහපති.
“මහණෙනි, අසද්ධර්ම අටකින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි.
“කවර අටකින්ද යත්? මහණෙනි, ලාභයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. අලාභයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. අයසින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. යසසින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. සත්කාරයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. අසත්කාරයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. පවිටු අදහසින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි. පාප මිත්‍ර සේවනයෙන් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි.
“මහණෙනි, අසද්ධර්ම අටකින් මඩනා ලද්දාවූ, හාත්පසින් යටකොට ගන්නා ලද්දාවූ, සිත් ඇති දේවදත්තයා අපායට හිමිවූවෙකි. නරකයට හිමිවූවෙකි. කල්පයක් නරකයෙහි පැසිය යුත්තෙකි. පිළියම් රහිතවූවෙකි.
“මහණෙනි, පැවිදිතෙම උපන් ලාභය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් අලාභය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් යසස මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් අයස මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් සත්කාරය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් අසත්කාරය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් පවිටු අදහස මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි. උපන් පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා, මැඩ පවත්වා වාසය කරන්නේ නම් මැනවි.
“මහණෙනි, පැවිදිතෙම කිනම් ප්‍රයෝජනයක් උදෙසා උපන් ලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, උපන් අලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, යසස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, අයස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, සත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, අසත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, පවිටු අදහස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද, පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේද,
“මහණෙනි, යම් හෙයකින් උපන් ලාභය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් ලාභය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්.
“මහණෙනි, යම් හෙයකින් උපන් අලාභය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් අලාභය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් අයස මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් අයස මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් සත්කාරය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් සත්කාරය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් අසත්කාරය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් අසත්කාරය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් පවිටු අදහස මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් පවිටු අදහස මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්. උපන් පාප මිත්‍ර සේවනය මැඩ නොපවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට කාමාදී ආශ්‍රවයෝ උපදින්නාහු විනාශ දැවිලි වෙත්ද, උපන් පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා වාසය කරන්නාවූ ඒ භික්ෂුවට එපරිද්දෙන් විනාශ දැවිලි නොවෙත්.
“මහණෙනි, පැවිදිතෙම මේ ප්‍රයෝජනය නිසා උපන් ලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් අලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් යසස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් අයස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් සත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් අසත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් පවිටු අදහස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය. උපන් පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නේය.
“මහණෙනි, එහෙයින් මේ ශාසනයෙහි (පැවිදි තෙම) මෙසේ හික්මිය යුතුය. (කෙසේද?) උපන් ලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් අලාභය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් යසස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් අයස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් සත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් අසත්කාරය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් පවිටු අදහස මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමු. උපන් පාප මිත්‍ර සේවනය මැඩ පවත්වා මැඩ පවත්වා වාසය කරන්නෙමුයි කියායි. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුය.”
|
8. උත්තරවිපත්තිසුත්තං | 8. මහිස වත්ථු (උත්තර) සූත්‍රය |
8
එකං
තෙන ඛො පන සමයෙන වෙස්සවණො මහාරාජා උත්තරාය දිසාය දක්ඛිණං දිසං ගච්ඡති කෙනචිදෙව කරණීයෙන. අස්සොසි ඛො වෙස්සවණො මහාරාජා ආයස්මතො උත්තරස්ස මහිසවත්ථුස්මිං සඞ්ඛෙය්යකෙ පබ්බතෙ වටජාලිකායං භික්ඛූනං එවං ධම්මං දෙසෙන්තස්ස - ‘‘සාධාවුසො, භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති. සාධාවුසො, භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං පච්චවෙක්ඛිතා හොති. සාධාවුසො, භික්ඛු කාලෙන කාලං අත්තසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති. සාධාවුසො, භික්ඛු කාලෙන කාලං පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොතී’’ති.
අථ ඛො වෙස්සවණ්ණො මහාරාජා - සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං
(සම්මිඤ්ජිතං (සී. ස්‍යා. කං. පී.)) වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය
(සම්මිඤ්ජෙය්ය (සී. ස්‍යා. කං. පී.)), එවමෙවං මහිසවත්ථුස්මිං සඞ්ඛෙය්යකෙ පබ්බතෙ වටජාලිකායං අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො වෙස්සවණ්ණො මහාරාජා යෙන සක්කො දෙවානමින්දො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා සක්කං
අථ ඛො සක්කො දෙවානමින්දො සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං දෙවෙසු තාවතිංසෙසු අන්තරහිතො මහිසවත්ථුස්මිං සඞ්ඛෙය්යකෙ පබ්බතෙ වටජාලිකායං ආයස්මතො උත්තරස්ස සම්මුඛෙ පාතුරහොසි. අථ ඛො සක්කො දෙවානමින්දො යෙනායස්මා උත්තරො තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා ආයස්මන්තං උත්තරං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො ආයස්මන්තං උත්තරං එතදවොච -
‘‘සච්චං කිර, භන්තෙ, ආයස්මා උත්තරො භික්ඛූනං එවං ධම්මං දෙසෙසි - ‘සාධාවුසො, භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති, සාධාවුසො, භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං...පෙ.... අත්තසම්පත්තිං... පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොතී’’’ ති? ‘‘එවං, දෙවානමින්දා’’ති. ‘‘කිං පනිදං
(කිං පන (ස්‍යා.)), භන්තෙ, ආයස්මතො උත්තරස්ස සකං පටිභානං
(සකපටිභානං උපාදාය (ක.)), උදාහු තස්ස භගවතො වචනං අරහතො සම්මාසම්බුද්ධස්සා’’ති? ‘‘තෙන හි, දෙවානමින්ද, උපමං තෙ කරිස්සාමි. උපමාය මිධෙකච්චෙ විඤ්ඤූ පුරිසා භාසිතස්ස අත්ථං ආජාන’’න්ති.
‘‘සෙය්යථාපි, දෙවානමින්ද, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහාධඤ්ඤරාසි. තතො මහාජනකායො ධඤ්ඤං ආහරෙය්ය - කාජෙහිපි පිටකෙහිපි උච්ඡඞ්ගෙහිපි
‘‘අච්ඡරියං, භන්තෙ, අබ්භුතං භන්තෙ! යාව සුභාසිතං චිදං ආයස්මතා උත්තරෙන - ‘යං කිඤ්චි
‘‘සාධු, භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං අත්තවිපත්තිං පච්චවෙක්ඛිතා හොති. සාධු, භික්ඛවෙ, භික්ඛු කාලෙන කාලං පරවිපත්තිං...පෙ.... අත්තසම්පත්තිං... පරසම්පත්තිං පච්චවෙක්ඛිතා හොති. අට්ඨහි, භික්ඛවෙ, අසද්ධම්මෙහි අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො. කතමෙහි අට්ඨහි? ලාභෙන හි, භික්ඛවෙ, අභිභූතො පරියාදින්නචිත්තො දෙවදත්තො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො; අලාභෙන, භික්ඛවෙ...පෙ.... යසෙන, භික්ඛවෙ
‘‘සාධු, භික්ඛවෙ, භික්ඛු උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය; උප්පන්නං අලාභං...පෙ.... උප්පන්නං යසං... උප්පන්නං අයසං... උප්පන්නං සක්කාරං... උප්පන්නං අසක්කාරං... උප්පන්නං පාපිච්ඡතං... උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය.
‘‘කිඤ්ච, භික්ඛවෙ, භික්ඛු අත්ථවසං පටිච්ච උප්පන්නං ලාභං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය; උප්පන්නං අලාභං...පෙ.... උප්පන්නං යසං... උප්පන්නං අයසං... උප්පන්නං සක්කාරං... උප්පන්නං අසක්කාරං... උප්පන්නං පාපිච්ඡතං... උප්පන්නං පාපමිත්තතං අභිභුය්ය අභිභුය්ය විහරෙය්ය?
‘‘යං හිස්ස, භික්ඛවෙ, උප්පන්නං ලාභං අනභිභුය්ය විහරතො උප්පජ්ජෙය්යුං ආසවා විඝාතපරිළාහා, උප්පන්නං ලාභං අභිභුය්ය විහරතො එවංස තෙ ආසවා විඝාතපරිළාහා න හොන්ති. යං හිස්ස, භික්ඛවෙ, උප්පන්නං අලාභං...පෙ.... උප්පන්නං යසං... උප්පන්නං අයසං... උප්පන්නං සක්කාරං... උප්පන්නං අසක්කාරං... උප්පන්නං පාපිච්ඡතං... උප්පන්නං පාපමිත්තතං අනභිභුය්ය විහරතො
‘‘තස්මාතිහ, භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං - උප්පන්නං
‘‘එත්තාවතා, භන්තෙ උත්තර, මනුස්සෙසු චතස්සො පරිසා - භික්ඛූ, භික්ඛුනියො, උපාසකා, උපාසිකායො. නායං ධම්මපරියායො කිස්මිඤ්චි උපට්ඨිතො
(පතිට්ඨිතො (සී. ස්‍යා.)). උග්ගණ්හතු, භන්තෙ, ආයස්මා උත්තරො ඉමං ධම්මපරියායං. පරියාපුණාතු, භන්තෙ, ආයස්මා උත්තරො ඉමං ධම්මපරියායං. ධාරෙතු, භන්තෙ, ආයස්මා උත්තරො ඉමං ධම්මපරියායං. අත්ථසංහිතො අයං, භන්තෙ, ධම්මපරියායො ආදිබ්රහ්මචරියකො’’ති
(ආදිබ්රහ්මචරියිකො (සී. ක.)). අට්ඨමං.
|
8
එක් සමයෙක්හි ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් වූ පර්වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි වැඩ වාසය කරණ සේක. එහිදී ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ, “ඇවැත්නි, මහණෙනි,” යි කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක.
“ඇවැත්නි, මහණෙනි, භික්ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.”
එසමයෙහි වනාහි වෙසමුනි මහ රජ්ජුරුවෝ කිසියම් කටයුත්තක් සඳහා උතුරු දිශාවේ සිට දකුණු දෙසට යයි. වෙසමුනි මහ රජ තුමා (එසේ යන අතර) ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක පර්වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි භික්ෂූන්ට “ඇවැත්නි, මහණෙනි, භික්ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.” යයි මෙසේ දේශනා කරන්නාවූ ධර්ම ඇසුවේය.
ඉන්පසු වෙසමුනි මහ රජ තුමා යම් සේ වනාහි කාය බල ඇති පුද්ගලයෙක් වක් කළ අතක් දිගු කරන්නේ යම්සේද, දික් කළ අතක් හකුළන්නේ (නමන්නේ) යම් සේද, එසේ හෙවත්, එපමණ ඉක්මනින් මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙන් අතුරුදන්ව, තව්තිසා දෙව්ලොව දෙවියන් අතර පහළ වූයේය. ඉන්පසු වෙසමුනි මහ රජ තුමා, සක්දෙව් මහ රජ තුමා යම් තැනකද, එතැනට පැමිනියේය. පැමිණ, සක් දෙව් මහ රජහට මෙසේ ප්‍රකාශ කළේය.
“නිදුකාණෙනි, මේ බව දන්නෙහිද? උත්තර තෙරණුවෝ මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි භික්ෂූන්ට මෙබඳු ධර්මයක් දේශනා කරයි. (කෙබඳු ධර්මයක්ද යත්), “ඇවැත්නි, මහණෙනි, භික්ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.”
ඉක්බිති සක්දෙව් මහ රජ තුමා යම් සේ වනාහි කාය බල ඇති පුරුෂයෙක් වක් කළ අතක් දිගු කරන්නේ යම්සේද, දික් කළ අතක් හකුළන්නේ යම් සේද, එසේ හෙවත්, එපමණ ඉක්මනින් තව්තිසා දෙව්ලොව දෙවියන් අතරින් අතුරුදන්ව, මහිස වස්තුවෙහි සංඛෙය්‍යක නම් පර්වතයෙහි පිහිටි ධ්වජාලිකා විහාරයෙහි ආයුෂ්මත් උත්තර තෙරණුවන්ගේ ඉදිරියෙහි පහළ වූයේය.
ඉක්බිති සක්දෙව් මහ රජ තුමා ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත්වූ උත්තර තෙරණුවන්ට මනාකොට වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක්හි සිටියාවු සක්දෙව් රජ තුමා ආයුෂ්මත් උත්තර තෙරණුවන්ට මෙසේ ප්‍රකාශ කෙළේය.
“ස්වාමීනි, ආයුෂ්මත්වූ උත්තර තෙරණුවෝ භික්ෂූන්ට “ඇවැත්නි, මහණෙනි, භික්ෂූහු කලින් කල තමන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල අනුන්ගේ වරද කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල තමන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි. ඇවැත්නි, භික්ෂූහු කලින් කල අනුන්ගේ සීලාදී ගුණ සම්පත්තිය කල්පනා කරන්නාහු නම් මැනවි.” මෙබඳුවූ ධර්මයක් දේශනා කෙළේය යනු සැබෑද?”
“එසේය, දේවේන්ද්රය.” - “කිමෙක්ද, ස්වාමීනි, මේ ධර්මය ආයුෂ්මත්වූ උත්තර තෙරණුවන්ටම අවබෝධවූ ධර්මයක්ද? නැතහොත් ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ දේශනාවක්ද?”
“එසේ වේ නම් දේවේන්ද්රය, මම ඔබට උපමාවක් කරන්නෙමි. උදාහරණයෙනුදු මෙලොව ඇතැම් නැණවත් පුරුෂයෝ වචනයෙහි අර්ත්ථය දැන ගනිත්.
“දේවේන්ද්රය, යම් සේ වනාහි, ගමකට හෝ නියම් ගමකට නුදුරු තන්හි මහත්වූ ධාන්‍ය රාශියක් වූයේද, ඒ ධන්‍ය රාශියෙන් මහජනයා නයිනුදු, පෙට්ටි වලිනුදු, ඔඩොක්කුවෙනුදු, ඇඟිලි වලිනුදු ධාන්‍ය ගෙන යන්නේය. දේවේන්ද්රය, යම්කිසිවෙක් වනාහි ඒ මහඡනයා වෙත පැමිණ මේ ධාන්‍ය කොතැනින් ගෙන එන්නේදැයි මෙසේ විචාරන්නේ නම් දේවේන්ද්රය, එයට උත්තර දෙන්නාවූ ඒ මහඡනයා හරි උත්තරයක් දෙන්නේ නම් ඒ උත්තරය කෙසේ විය යුතූද?”
“ස්වාමින් වහන්ස ඒ මහාඡනයා මනාකොට උත්තර දෙන්නේ නම්, (අපි) අතර මහා ධාන්‍ය රාශියෙන් ගෙන එමුයයි ප්‍රකාශ කරන්නේය.”
“දේවේන්ද්රය, එපරිද්දෙන්ම වනාහි යම්කිසි සුභාෂිතයක් වේනම් ඒ සියල්ල ඒ භාග්‍යවත් සම්‍යක් සම්බුදුරඡානන් වහන්සේ අයත්ය. ඒ ධර්මයෙන් රැගෙන රැගෙන අන්‍යයෝද අපිද කියමු”
“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයයි. ස්වාමීනි-අද්භූතයි. ස්වාමීනි ආයුෂ්මත් උත්තර තෙරණුවන් විසින් යම්කිසි සුභාෂිතයක් වේනම් ඒ සියල්ල ඒ භාග්‍යවත් සම්‍යක් සම්බුදුරඡානන් වහන්සේ අයත්ය. ඒ ධර්මයෙන් රැගෙන රැගෙන අන්‍යයෝද අපිද කියමු යන යම් වචනයක් ප්‍රකාශ කරන ලදද, එයද සුභාශිතයකි. උත්තර ස්වාමිනි, එය එසේමය, - ස්වාමිනි, උත්තර තෙරණුවෙනි, මෙපමණකින් මනුෂ්‍යයන් අතරෙහිවූ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවු පිරිස මේ ධර්ම ක්‍රමය කුමක්දැයි නොපිහිටියාහුය. (නොදත්තාහුය) ස්වාමිනි, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ධර්ම ක්‍රමය - උගනීවා.
ස්වාමීනි, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මේ ධර්ම ක්‍රමය පාඩම් කියාවා. ස්වාමීනි, උත්තර තෙරණුවෝ, මේ ධර්ම ක්‍රමය ධාරණය කෙරේවා. ස්වාමීනි, මේ ධර්ම ක්‍රමය අර්ත්ථයෙන් යුක්තය, ශාසන බ්‍රහ්මචරියාවට මුල් වූයේයි.”
|
9. නන්දසුත්තං | 9. නන්ද බ්‍රහ්ම චරිය සූත්‍රය |
9
‘‘‘කුලපුත්තො’ති, භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්ය. ‘බලවා’ති, භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්ය. ‘පාසාදිකො’ති, භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්ය. ‘තිබ්බරාගො’ති, භික්ඛවෙ, නන්දං සම්මා වදමානො වදෙය්ය. කිමඤ්ඤත්‍ර, භික්ඛවෙ, නන්දො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො, භොජනෙ මත්තඤ්ඤූ, ජාගරියං අනුයුත්තො, සතිසම්පජඤ්ඤෙන සමන්නාගතො, යෙහි
(යෙන (ක.)) නන්දො සක්කොති පරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං චරිතුං! තත්රිදං, භික්ඛවෙ, නන්දස්ස ඉන්ද්රියෙසු ගුත්තද්වාරතාය හොති. සචෙ
‘‘සචෙ
‘‘තත්රිදං, භික්ඛවෙ, නන්දස්ස භොජනෙ මත්තඤ්ඤුතාය හොති. ඉධ, භික්ඛවෙ, නන්දො පටිසඞ්ඛා යොනිසො ආහාරං ආහාරෙති - ‘නෙව දවාය න මදාය න මණ්ඩනාය න විභූසනාය, යාවදෙව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්රහ්මචරියානුග්ගහාය ඉති පුරාණඤ්ච වෙදනං පටිහඞ්ඛාමි, නවඤ්ච වෙදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මෙ භවිස්සති අනවජ්ජතා ච ඵාසුවිහාරො චා’ති. ඉදං ඛො, භික්ඛවෙ, නන්දස්ස භොජනෙ මත්තඤ්ඤුතාය හොති.
‘‘තත්රිදං, භික්ඛවෙ, නන්දස්ස ජාගරියානුයොගස්මිං හොති. ඉධ
‘‘තත්රිදං, භික්ඛවෙ, නන්දස්ස සතිසම්පජඤ්ඤස්මිං හොති. ඉධ, භික්ඛවෙ, නන්දස්ස විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති; විදිතා සඤ්ඤා...පෙ.... විදිතා විතක්කා...පෙ.... අබ්භත්ථං ගච්ඡන්ති. ඉදං ඛො, භික්ඛවෙ, නන්දස්ස සතිසම්පජඤ්ඤස්මිං හොති.
‘‘කිමඤ්ඤත්‍ර, භික්ඛවෙ, නන්දො ඉන්ද්රියෙසු ගුත්තද්වාරො, භොජනෙ මත්තඤ්ඤූ, ජාගරියං අනුයුත්තො
|
9
“මහණෙනි, නන්දයා පිළිබඳව යහපත්ව ප්‍රකාශ කරන්නෙක් (ඔහු) ඡාතිකුල පුත්‍රයෙක් යයි ප්‍රකාශ කරන්නේය. නන්දයා පිළිබඳව යහපත්ව ප්‍රකාශ කරන්නෙක් (ඔහු) කාය බලය ඇත්තෙක් යයි ප්‍රකාශ කරන්නේය. යහපත්ව ප්‍රකාශ කරන්නෙක් රූප සම්පත්තියෙන් ප්‍රසාද උපදවන්නෙක්යයි ප්‍රකාශ කරන්නේය, යහපත්ව ප්‍රකාශ කරන්නෙක් බලවත් රාග ඇත්තේයයි ප්‍රකාශ කරන්නේය,
“මහණෙනි, ඒ කූමකැයි හඟිවූ ද? නන්දයා චක්ෂුරාදී ඉන්ද්රියයන් පිළිබඳව වසන ලද දොර ඇත්තේ වෙයි. හෙවත් ඉන්ද්රිය සංවරශීලයෙන් යුක්ත වෙයි. භෝඡනයෙහි පමණ දන්නේය. නිදි වර්ඡනය කිරීමෙහි යෙදුනේය, සියලු ඉරියව්වෙහි සිහියෙන් යුක්තව ක්‍රියා කරන්නේය, යම්බදු මේ ගුණ දහම් කරණකොටගෙන, සම්පූර්ණවූ පිරිසිදුවූ ශාසන බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නට නන්දයා සමර්ත්ථවෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණදහම් අතුරෙන් මෙය නන්දයාගේ ඉන්ද්රිය සංවරය වෙයි. මහණෙනි, ඉදින් නන්දයාට පූර්ව දිශාව බැලියයුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා පූර්ව දිශාව බලයි-(කෙසේද?) ‘පූර්ව දිශාව බලන්නාවූ මට මෙපරිද්දෙන් (බැලූකල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි’
“මහණෙනි ඉදින් නන්දයාට බටහිරදිග බැලිය යුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා බටහිර දිග බලයි. ‘බටහිරදිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූකල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි’ උතුරුදිග බැලිය යුතු වීනම් සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා උතුරුදිග බලයි. උතුරු දිශාව බලන්නා වූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි’
දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’
“දකුණු දිග බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා දකුණු දිග බලයි. “දකුණු දිග බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’ උඩ දිශාව බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා උඩ දිසාව බලයි. “උඩ දිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි) දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.’ යට දිසාව බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා යට දිසාව බලයි. “යට දිසාව බලන්නාවූ මට මේ පරිද්දෙන් (බැලූ කල්හි)දැඩි ලෝභ දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුයයි ඒ පිළිබඳව සම්පත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි’
“අනු දිග බැලිය යුතු වීනම්, සියල්ල සිතට යහපත්ව ගෙන නන්දයා අනු දිග බලයි. “මෙසේ අනු දිග බලන්නාවූ මට විෂම ලෝභ, දොම්නස් ආදී පාප ධර්මයෝ සිතට වැද නොගන්නාහුය’ යි බලයි. මෙපරිද්දෙන් එහි සම්‍යක් ප්‍රඥාවෙන් යෙදුනේ වෙයි. “මහණෙනි, මෙය නන්දයාගේ ඉන්ද්රිය සංවරය පිණිස වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්මයන් අතුරෙන් මෙය නන්දයාගේ භෝජනයෙහි පමණ දැනීම පිණිස වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්දයා නුවණින් සලකා ආහාරය වළඳයි. (කෙසේද?) ‘මම මේ ආහාරය ක්‍රීඩා පිණිස නොවළඳමි. මද වැඩීම පිණිස නොවළඳමි. අලඞ්කාරය පිණිස නොවළඳමි. සැරැසීම පිණිස නොවළඳමි. යම්තාක් මේ ශරීරයාගේ චිරස්ථිතිය වේද, ඒ පිණිස වළඳමි. අවිහිංසාවෙහි ඇලීම සඳහා වළඳමි. ශාසන බ්‍රහ්මචරියාවට අනුග්‍රහ පිණිස වළඳමි. මෙසේ මේ වැළඳීමෙන් පුරාණ බඩගිනි වේදනාව නසන්නෙමි. (පමණට වඩා වැළඳීමෙන්) අමුතු වේදනාවක්ද නූපදවන්නෙමි. මේ වැළදීම මාගේ ජීවිතය ගෙන යාම සඳහා යාත්‍රාවක්ද වන්නේය. නිවැරදිද වන්නේය. පාසු විහරණය පිණිසද වන්නේය,’ යනුය. මහණෙනි, මෙය නන්දයාගේ භෝජනයෙහි පමණ දැනීම පිණිස වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්මයන් අතුරෙන් මෙය නන්දයාගේ නිදි වර්ජිත කිරීම පිළිබඳව වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්දයා දහවල් කාලය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි ප්‍රථම යාමය සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියෙහි මැදුම් යම (ශරීරයෙහි) දකුණු පාර්ශවය යට කොට, ඎජුවූ දකුණු පාදය මතුයෙහි වම් පාදය ස්වල්පයක් උඩට ඇද තබා, සිහියෙන් යුක්තව, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව, ‘අළුයම නැගී සිටිමි’ යන අධිෂ්ඨානය සහිතවූ සංඥාවෙන් සිංහසෙය්‍යාවෙන් සයනය කෙරෙයි. රාත්‍රියෙහි පැසුළුයම - (අළුයම) නැගිට සක්මනින්ද, හිඳීමෙන්ද, නීවරන ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, මෙය නන්දයාගේ නිදිවර්ජිත කිරීම පිළිබඳ වෙයි.
“මහණෙනි, ඒ කියන ලද ගුණ ධර්මයන් අතුරෙන් මෙය නන්දයාගේ සම්‍යක් සිහිය පිළිබඳ වෙයි. මහණෙනි, මේ ශාසනයෙහි නන්දයාට තත්ත්වය අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ උපදිත්. අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ එළඹ සිටිත්. අවබෝධ වන ලද්දාවූම වේදනාවෝ නිරුද්ධ වෙත්. මහණෙනි, මෙය නන්දයාගේ සම්‍යක් සිහිය පිළබඳ වෙයි.
“මහණෙනි, නන්දයා ඉන්ද්රිය සංවරයෙන් යුක්තය. භෝජනයෙහි පමණ දන්නේය. නිදි දුරු කිරීමෙහි යෙදුනේය. සම්‍යක් සිහියෙන් යුක්තයයි, මෙයට වඩා කුමක්ද? යම් හෙයකින් නන්දයා සම්පූර්ණවූ, පිරිසිදුවූ, ශාසන බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙන්නට (සිතන්නේද?) එය හැකිවෙයි.”
|
10. කාරණ්ඩවසුත්තං | 10. කාරණ්ඩවනිධමන සූත්‍රය |
10
එකං
අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘නිද්ධමථෙතං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, සම්පන්නෙ යවකරණෙ යවදූසී
(යවරූපී (ක.)) ජායෙථ යවපලාපො යවකාරණ්ඩවොති. තස්ස තාදිසංයෙව මූලං හොති, සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං යවානං; තාදිසංයෙව නාළං හොති, සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං යවානං; තාදිසංයෙව පත්තං හොති, සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං යවානං - යාවස්ස සීසං න නිබ්බත්තති. යතො ච ඛ්වස්ස සීසං නිබ්බත්තති, තමෙනං එවං ජානන්ති - ‘යවදූසීවායං යවපලාපො යවකාරණ්ඩවො’ති
‘‘එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චස්ස පුග්ගලස්ස තාදිසංයෙව හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සමිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං, සෙය්යථාපි අඤ්ඤෙසං
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, මහතො ධඤ්ඤරාසිස්ස ඵුණමානස්ස
(වුය්හමානස්ස (සී. පී.), ඵුසයමානස්ස (ස්‍යා.), පුනමානස්ස (?)) තත්ථ යානි තානි ධඤ්ඤානි දළ්හානි සාරවන්තානි තානි එකමන්තං පුඤ්ජං හොති, යානි පන තානි ධඤ්ඤානි දුබ්බලානි පලාපානි තානි වාතො එකමන්තං අපවහති
(අපකස්සති (සී.)). තමෙනං සාමිකා සම්මජ්ජනිං ගහෙත්වා භිය්යොසොමත්තාය අපසම්මජ්ජන්ති. තං කිස්ස හෙතු? මා අඤ්ඤෙ භද්දකෙ ධඤ්ඤෙ දූසෙසීති! එවමෙවං ඛො, භික්ඛවෙ, ඉධෙකච්චස්ස පුග්ගලස්ස තාදිසංයෙව හොති අභික්කන්තං පටික්කන්තං ආලොකිතං විලොකිතං සමිඤ්ජිතං පසාරිතං සඞ්ඝාටිපත්තචීවරධාරණං, සෙය්යථාපි අඤ්ඤෙසං භද්දකානං භික්ඛූනං - යාවස්ස භික්ඛූ ආපත්තිං න පස්සන්ති. යතො ච ඛ්වස්ස භික්ඛූ ආපත්තිං පස්සන්ති, තමෙනං එවං ජානන්ති
‘‘සෙය්යථාපි, භික්ඛවෙ, පුරිසො උදපානපනාළියත්ථිකො තිණ්හං කුඨාරිං
(කුධාරිං (ස්‍යා. කං. ක.)) ආදාය වනං පවිසෙය්ය. සො යං යදෙව රුක්ඛං කුඨාරිපාසෙන ආකොටෙය්ය තත්ථ යානි තානි රුක්ඛානි දළ්හානි සාරවන්තානි තානි කුඨාරිපාසෙන ආකොටිතානි කක්ඛළං පටිනදන්ති; යානි පන තානි රුක්ඛානි අන්තොපූතීනි අවස්සුතානි කසම්බුජාතානි තානි කුඨාරිපාසෙන ආකොටිතානි දද්දරං පටිනදන්ති. තමෙනං මූලෙ ඡින්දති, මූලෙ ඡින්දිත්වා අග්ගෙ ඡින්දති, අග්ගෙ ඡින්දිත්වා අන්තො සුවිසොධිතං විසොධෙති, අන්තො සුවිසොධිතං විසොධෙත්වා උදපානපනාළිං යොජෙති. එවමෙවං ඛො, භික්ඛවෙ
‘‘සංවාසායං
මක්ඛී ථම්භී පළාසී ච, ඉස්සුකී මච්ඡරී සඨො.
‘‘සන්තවාචො ජනවති, සමණො විය භාසති;
රහො කරොති කරණං, පාපදිට්ඨි අනාදරො.
‘‘සංසප්පී ච මුසාවාදී, තං විදිත්වා යථාතථං;
සබ්බෙ සමග්ගා හුත්වාන, අභිනිබ්බජ්ජයාථ
(අභිනිබ්බිජ්ජයෙථ (ක.)) නං.
‘‘කාරණ්ඩවං
(කරණ්ඩවං (ක.) සු. නි. 283 පස්සිතබ්බං) නිද්ධමථ, කසම්බුං අපකස්සථ
(අවකස්සථ (ක.));
තතො පලාපෙ වාහෙථ, අස්සමණෙ සමණමානිනෙ.
‘‘නිද්ධමිත්වාන පාපිච්ඡෙ, පාපආචාරගොචරෙ;
සුද්ධාසුද්ධෙහි සංවාසං, කප්පයව්හො පතිස්සතා;
තතො සමග්ගා නිපකා, දුක්ඛස්සන්තං කරිස්සථා’’ති. දසමං;
|
10
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නුවර, ගර්ගරා නම් පොකුණු තෙර වැඩ වාසය කරණ සේක. එසමයෙහි වනාහි භික්ෂූහු, භික්ෂුවකට ඇවතින් චෝදනා කරත්. ඒ භික්ෂුව, භික්ෂූන් විසින් චෝදනා කරණු ලබන්නේ, වෙන වෙන කරුණු වලින් වරද වසා කථා කරත්. බාහිර කථා ගෙන හැර දක්වත්. කෝපයද, ද්වේෂයද, විරුද්ධ කරුණුද පහළ කරත්.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. “මහණෙනි, ඒ පුද්ගලයා පහ කරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහකරවු. මහණෙනි, ඒ පුද්ගලයා පහ කළ යුතුය. කිමෙක්ද? තොප විසින් අන්‍යවූ (බුද්ධ පුත්‍ර නුවූ) පුද්ගලයෙකු වෙහෙස කරණු ලබන්නේද? මහණෙනි, මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්ෂූන්ගේ (ඉරියව් වැනි) වෙයි. යම් තාක් අන්‍ය භික්ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක්) ඔහු භික්ෂුවක් මෙන් පෙණීසිටියි.
“යම් දිනක පටන් භික්ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, (එකල්හි) ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ‘මේ පුද්ගලයා භික්ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.
“මහණෙනි, යම්සේ වනාහි සමෘද්ධවූ යව කෙතෙක් හි (හටගත්) යව බොල් කරන්නාවූ, කුණු කරන්නාවූ, යවදූෂී නම් රෝගය උපන්නේ නමුදු, (ඒ රෝගයට භාජනවූ) යව පැළයේ මුලද, නාලය හෙවත් කඳද, පත්‍රයද, (ඒ යව පැලය) පූදින තුරු අන්‍යවූ යහපත් යව පැල මෙන් දෘෂ්‍යමාන වන්නාහුද, ඒ යව පැලය පීදුනු තැන් පටන් එය යව බොල් කරන්නාවූ, යව කුණු කරන්නාවූ, යව දූෂී රෝගයට භාජනවූවකැයි දැන ගනිත්. ඒ (ගැන) එසේ දැන එය සහමුලින් උගුල්ලා යව කෙතින් පිටත දමත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් යව දුෂ්‍ය නොවේවා කියායි.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ‘මේ පුද්ගලයා භික්ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.
“මහණෙනි, යම් සේ වනාහි මහත්වූ ධාන්‍ය රාශියක් පොළන කල්හි (හුලං ගස්වන කල්හි) එහි යම් කිසි දැඩිවූ, සාරවත්වූ (ධාන්‍යයෝ වෙත් නම්) ඒ ධාන්‍යයෝ එක් පසෙක රැස් වෙත්. යම් කිසි දුර්වලවූ, බොල්වූ (ධාන්‍යයෝ වෙත් නම්) ඒ ධාන්‍යයන් සුළඟින් එක් පසෙක විසුරුවත්. ධාන්‍ය හිමියෝ මුස්න (ඉදල) ගෙන ඒ බොල් වඩා ඈතට හැමද, (අතුගා) දමත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් ධාන්‍ය (ඒ බොල්වලින්) දූෂ්‍ය නොවේවා කියායි.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ‘මේ පුද්ගලයා භික්ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.
“මහණෙනි, යම් සේ වනාහි දිය පීල්ලක් උවමනා කරන්නාවූ පුරුෂයෙක් තෙම, තියුණු කෙටේරියක් (පොරොවක්) ගෙන වනයට ප්‍රවිෂ්ට වන්නේ නම් හෙතෙම ඒ ඒ වෘක්ෂයට පොරෝවලින් තට්ටු කරයි. එහි ඒ පොරෝවලින් තට්ටු කරණ ලද යම් (කිසි) වෘක්ෂයෝ දැඩිද, සාරවත්ද, (අරටු සහිතද) ඒ වෘක්ෂයෝ කර්කශ (දැඩි) නාදය පිට කරත්. යම්කිසි වෘක්ෂයෝ ඇතුළත කුණුවූවාහුද, ඕජාව වැගිරෙන්නාහුද, දිරුම් සහිත වූවාහුද, ඒ වෘක්ෂයෝ පොරෝවලින් තට්ටු කරණලද්දාහු දෙදරුම් නාදය පිට නොකරත්. (ඔහු) ඒ දෙදරුම් නාදය පිටකළ වෘක්ෂය මුලින් සිඳියි. (කපයි.) මුල සිඳ, අග සිඳියි. අග සිඳ, ඇතුලත යහපත්ව ශුද්ධ කොට දිය පීල්ලට යොදයි.
“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි මේ ශාසනයෙහි ඇතැම් පුද්ගලයෙකුගේ ඉදිරියට සක්මන් කිරිමද, ආපසු සක්මන් කිරීමද, ඉදිරි බැල්මද, වට පිට බැල්මද, අතපය දික්කිරීමද, අතපය වක් කිරිමද, සඟල සිවුරු පා සිවුරු දැරීමද, අන්‍යවූ යහපත් භික්ෂූන්ගේ ඉරියව් වැනි වෙයි. යම් තාක් අන්‍ය භික්ෂූහු ඔහුගේ ඇවැත නොදකිත්ද, (ඒ තාක් ඔහු භික්ෂුවක් මෙන් පෙණීසිටියි.) යම් දිනක පටන් භික්ෂූහු ඔහුගේ ඇවත දකිත්ද, එකල්හි ඔහු මෙසේ (හඳුනා) දැනගනිත්. ‘මේ පුද්ගලයා භික්ෂූන් කෙලසන්නෙකි. හිස් (බොල්) ශ්රමණයෙකි. ශ්‍රමණ කසලයෙකි’ යි මෙසේ (හඳුනා) දැනගනිත්. ඔහු (ගැන) මෙසේ දැන ගෙන (සංඝයා කෙරෙන්) බැහැර කෙරෙත්. එයට හේතු කවරේද? අන්‍යවූ යහපත් භික්ෂූන් දූෂ්‍ය නොකෙරේවා කියායි.
“සමග විසීමෙන් (මොහු) පවිටු අදහස් ඇත්තේයයිද, ක්‍රෝධ කරණ ස්වභාව ඇත්තේයයිද, ගුණමකුයයිද, අවවාදයට නොනැමෙනසුලුයයිද, යුග ග්‍රාහ ලක්ෂණවූ එකට එක කරන්නෙක්යයිද, ඊර්ෂ්‍යයා කරන්නෙක්යයිද, මසුරෙක්යයිද, හොරෙක්යයිද, දැනගනිව්.
“මහජනයා මධ්‍යයෙහි සාන්ත වචන පවසමින් ශ්‍රමණයෙක් මෙන් කථා කරයි. රහසිගතව පාප කර්ම කරයි. ලාමකවූ දෘෂ්ටි ඇත්තේ වෙයි. (ශික්ෂාරක්ෂණය පිළිබඳව) ආදර රහිත වෙයි. (ආකුල වචන සහිතව) වෙවුලමින් බොරු පවසයි.
“මෙබඳුවූ පුද්ගලයා තත්ත්වාකාරයෙන් දැන සියලු සිල්වත් භික්ෂූහු සමගිව ඔහු (ගැන) කලකිරෙව්. ඒ ශ්‍රමණ කසලයා පහකරවු. ඒ ශ්‍රමණ කුණ දුරු කරව්. අශ්‍රමණවූ, ශ්‍රමණ මානීවු බොල් මහණුන් පාකර හරිවු. පවිටුවූ ආචාර ගෝචරයෙන් යුක්තවූ, ලාමක අදහස් ඇත්තාවූ (භික්ෂූන්) පහකොට ශුද්ධ වූවාහු ශුද්ධවූ භික්ෂූන් සමග සමගි සම්පන්නව වාසය කරවු. ඉක්බිති සමගිවූ, ප්‍රඥාවන්තවූ (තෙපි) දුක් කෙළවර කරවු.”
|