ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
අට්ඨකනිපාතපාළි අඨක නිපාතය
1. මෙත්තාවග්ගො 1. මෙත්තා වර්‍ගය
1. මෙත්තාසුත්තං 1. අඨමෙත්තානිසංස සූත්‍රය
2. පඤ්ඤාසුත්තං 2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය
3. පඨමඅප්පියසුත්තං 3. අප්පිය පසංසී සූත්‍රය
4. දුතියඅප්පියසුත්තං 4. ලාභකාම සූත්‍රය
5. පඨමලොකධම්මසුත්තං 5. සංඛිත්තලොකධම්ම සූත්‍රය
6. දුතියලොකධම්මසුත්තං 6. විතත්‍ථ ලොක ධම්ම සූත්‍රය
6
‘‘අට්ඨිමෙ, භික්ඛවෙ, ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති. කතමෙ අට්ඨ? ලාභො ච, අලාභො ච, යසො ච, අයසො ච, නින්දා ච, පසංසා ච, සුඛඤ්ච, දුක්ඛඤ්ච. ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච ඉමෙ අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති.
‘‘අස්සුතවතො, භික්ඛවෙ, පුථුජ්ජනස්ස උප්පජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසංසාපි සුඛම්පි දුක්ඛම්පි. සුතවතොපි, භික්ඛවෙ, අරියසාවකස්ස උප්පජ්ජති ලාභොපි අලාභොපි යසොපි අයසොපි නින්දාපි පසංසාපි සුඛම්පි දුක්ඛම්පි. තත්‍ර, භික්ඛවෙ, කො විසෙසො කො අධිප්පයාසො (අධිප්පායො (සී.), අධිප්පායසො (ස්‍යා. කං.) අධි + ප + යසු + ණ = අධිප්පයාසො) කිං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙනා’’ති? ‘‘භගවංමූලකා නො, භන්තෙ, ධම්මා භගවංනෙත්තිකා භගවංපටිසරණා. සාධු වත, භන්තෙ, භගවන්තංයෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී’’ති.
‘‘තෙන හි, භික්ඛවෙ, සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘අස්සුතවතො, භික්ඛවෙ, පුථුජ්ජනස්ස උප්පජ්ජති ලාභො. සො න ඉති පටිසඤ්චික්ඛති - ‘උප්පන්නො ඛො මෙ අයං ලාභො; සො ච ඛො අනිච්චො දුක්ඛො විපරිණාමධම්මො’ති යථාභූතං නප්පජානාති. උප්පජ්ජති අලාභො...පෙ.... උප්පජ්ජති යසො... උප්පජ්ජති අයසො... උප්පජ්ජති නින්දා... උප්පජ්ජති පසංසා... උප්පජ්ජති සුඛං... උප්පජ්ජති දුක්ඛං. සො න ඉති පටිසඤ්චික්ඛති - ‘උප්පන්නං ඛො මෙ ඉදං දුක්ඛං; තඤ්ච ඛො අනිච්චං දුක්ඛං විපරිණාමධම්ම’න්ති යථාභූතං නප්පජානාති’’.
‘‘තස්ස ලාභොපි චිත්තං පරියාදාය තිට්ඨති, අලාභොපි චිත්තං පරියාදාය තිට්ඨති, යසොපි චිත්තං පරියාදාය තිට්ඨති, අයසොපි චිත්තං පරියාදාය තිට්ඨති, නින්දාපි චිත්තං පරියාදාය තිට්ඨති, පසංසාපි චිත්තං පරියාදාය තිට්ඨති, සුඛම්පි චිත්තං පරියාදාය තිට්ඨති, දුක්ඛම්පි චිත්තං පරියාදාය තිට්ඨති. සො උප්පන්නං ලාභං අනුරුජ්ඣති, අලාභෙ පටිවිරුජ්ඣති; උප්පන්නං යසං අනුරුජ්ඣති, අයසෙ පටිවිරුජ්ඣති; උප්පන්නං පසංසං අනුරුජ්ඣති, නින්දාය පටිවිරුජ්ඣති; උප්පන්නං සුඛං අනුරුජ්ඣති, දුක්ඛෙ පටිවිරුජ්ඣති. සො එවං අනුරොධවිරොධසමාපන්නො න පරිමුච්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. ‘න පරිමුච්චති දුක්ඛස්මා’ති වදාමි’’.
‘‘සුතවතො ච ඛො, භික්ඛවෙ, අරියසාවකස්ස උප්පජ්ජති ලාභො. සො ඉති පටිසඤ්චික්ඛති - ‘උප්පන්නො ඛො මෙ අයං ලාභො; සො ච ඛො අනිච්චො දුක්ඛො විපරිණාමධම්මො’ති යථාභූතං පජානාති. උප්පජ්ජති අලාභො...පෙ.... උප්පජ්ජති යසො... උප්පජ්ජති අයසො... උප්පජ්ජති නින්දා... උප්පජ්ජති පසංසා... උප්පජ්ජති සුඛං... උප්පජ්ජති දුක්ඛං. සො ඉති පටිසඤ්චික්ඛති - ‘උප්පන්නං ඛො මෙ ඉදං දුක්ඛං; තඤ්ච ඛො අනිච්චං දුක්ඛං විපරිණාමධම්ම’න්ති යථාභූතං පජානාති’’.
‘‘තස්ස ලාභොපි චිත්තං න පරියාදාය තිට්ඨති, අලාභොපි චිත්තං න පරියාදාය තිට්ඨති, යසොපි චිත්තං න පරියාදාය තිට්ඨති, අයසොපි චිත්තං න පරියාදාය තිට්ඨති, නින්දාපි චිත්තං න පරියාදාය තිට්ඨති, පසංසාපි චිත්තං න පරියාදාය තිට්ඨති, සුඛම්පි චිත්තං න පරියාදාය තිට්ඨති, දුක්ඛම්පි චිත්තං න පරියාදාය තිට්ඨති. සො උප්පන්නං ලාභං නානුරුජ්ඣති, අලාභෙ නප්පටිවිරුජ්ඣති; උප්පන්නං යසං නානුරුජ්ඣති, අයසෙ නප්පටිවිරුජ්ඣති; උප්පන්නං පසංසං නානුරුජ්ඣති, නින්දාය නප්පටිවිරුජ්ඣති; උප්පන්නං සුඛං නානුරුජ්ඣති, දුක්ඛෙ නප්පටිවිරුජ්ඣති. සො එවං අනුරොධවිරොධවිප්පහීනො පරිමුච්චති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. ‘පරිමුච්චති දුක්ඛස්මා’ති වදාමි. අයං ඛො, භික්ඛවෙ, විසෙසො අයං අධිප්පයාසො ඉදං නානාකරණං සුතවතො අරියසාවකස්ස අස්සුතවතා පුථුජ්ජනෙනා’’ති.
‘‘ලාභො අලාභො ච යසායසො ච,
නින්දා පසංසා ච සුඛං දුඛඤ්ච;
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා,
අසස්සතා විපරිණාමධම්මා.
‘‘එතෙ ච ඤත්වා සතිමා සුමෙධො,
අවෙක්ඛති විපරිණාමධම්මෙ;
ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං,
අනිට්ඨතො නො පටිඝාතමෙති.
‘‘තස්සානුරොධා අථ වා විරොධා,
විධූපිතා අත්ථඞ්ගතා න සන්ති;
පදඤ්ච ඤත්වා විරජං අසොකං,
සම්මප්පජානාති භවස්ස පාරගූ’’ති. ඡට්ඨං;
6
“මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්‍මය තෙම ලෝකය ලුහුබඳී. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්‍මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්‍මය අනුව පෙරළෙයි.)
“ඒ ලෝක ධර්‍ම අට කෙසේද යත්? ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන අටය.
“මහණෙනි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද උපදී. මහණෙනි, ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන අටය.
“මහණෙනි, ඒ කරුණ පිළිබඳව ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්‍ම විනය උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනස කුමක්ද? අධිකවූයේ කුමක්ද? විශේෂ කරුණ කුමක්ද?”
“ස්වාමීන් වහන්ස, අපගේ ධර්‍මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ නායක කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහ. ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන් ඒ වදාරණ ලද ධර්‍මයාගේ අර්ත්‍ථය භාග්‍යවතුන් වහන්සේම වදාරණ සේක් නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන්ම (ඒ ධර්‍මය) අසා භික්‍ෂහු ඉගෙන ගනිත්.”
“මහණෙනි, එසේ වී නම් අසව්. යහපත්ව මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි.” - “ස්වාමීන් වහන්ස, එසේය” යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
(1) මහණෙනි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා නොකරයි. (කෙසේද?’ ‘මට මේ ලාභය උපන්නේ නමුදු එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන (නැතිවන) ස්වභාව’ යි කියා (එහි) නියම තත්ත්‍වය නොදනී.
“අලාභය ඇතිවේද, අයස ඇතිවේද, යසස ඇතිවේද, නින්‍දා ඇතිවේද, ප්‍රශංසා ඇතිවේද, සැප ඇතිවේද, දුක ඇතිවේද, එය අනිත්‍යයි, දුකයි, වෙනස්වන (නැතිවන) ස්වභාව’ යි කියා (එහි) නියම තත්ත්‍වය නොදනී.
“ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන සිටී. හෙතෙම උපන් ලාභය රැක ගනී. උපන් අලාභයෙහි විරුද්‍ධ වෙයි. උපන් අයසෙහි විරුද්‍ධවෙයි. උපන් යසස රැක ගනී. උපන් නිත්‍දාවෙහි විරුද්‍ධවෙයි. උපන් ප්‍රශංසාව රැකගනී. උපන් සැප රැක ගනී. උපන් දුකෙහි විරුද්‍ධ වෙයි. මෙසේ හෙතෙම ඉෂ්ටවූ ලෝක ධර්‍මය රැක ගැනීමෙහිත්, අනිෂ්ටවූ ලෝක ධර්‍මය කෙරෙහි විරුද්‍ධත්වය පහළ කිරීමෙහිත් යෙදුනේ, ජාති දුකින්ද, ජරා දුකින්ද, මරණ දුකින්ද, සොක දුකින්ද, පරිදේව දුකින්ද, කායික දුකින්ද, මානසික දුකින්ද, උපායාස දුකින්ද නොමිදේ. (එහෙයින්) දුකින් නොමිදේයයි කියමි.
“මහණෙනි, ධර්‍ම විනය උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාට ලාභය උපදී. හෙතෙම මෙසේ කල්පනා කරයි. (කෙසේද?) මේ ලාභය වනාහි මට උපන්නේය. (එසේද වුවත්) එය අනිත්‍යය, දුකය, වෙනස්වන (නැතිවන) ස්වභාවයයි (එහි) නියම තත්ත්‍වය දනී. අලාභය උපදීද, යසස උපදීද, අයස උපදීද, ප්‍රශංසා උපදීද, නින්‍දා උපදීද, සැප උපදීද, දුක උපදීද, හෙතෙම මෙසේ කල්පනා කරයි. (කෙසේද?) මේ දුක වනාහි මට උපන්නේය. (එසේද වුවත්)) එය අනිත්‍යය, දුකය, වෙනස්වන (නැතිවන) ස්වභාවයයි(එහි) නියම තත්ත්‍වය දනී. ලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අලාභයද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. අයසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. යසසද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. නින්‍දාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. ප්‍රශංසාද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. සැපද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී. දුකද ඔහුගේ සිත හාත්පසින් මැඩගෙන නොසිටී.
“හෙතෙම උපන් ලාභය නොරකී. අලාභයෙන් විරුද්‍ධ නොවෙයි. උපන් යසස නොරකී. අයසෙහි විරුද්‍ධ නොවෙයි. උපන් ප්‍රශංසාව නොරකී. නින්‍දාවෙහි විරුද්‍ධ නොවෙයි. උපන් සැපත නොරකී. දුකෙහි විරුද්‍ධ නොවෙයි.
“හෙතෙම මෙසේ රැකීම්, විරුද්‍ධවීම් දෙක හෙවත් ඇලීම් ගැටීම් දෙක ප්‍රහීණ කෙළේ, ජාති, ජරා, මරණ, සෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාස යන මෙයින් මිදෙයි. (එහෙයින්) දුකින් මිදේයයි කියමි.
“මහණෙනි, මේ වනාහි, ධර්‍ම විනය නූගත් පෘතග්ජනයාට වඩා ධර්‍ම විනය උගත් ආර්‍ය්‍ය ශ්‍රාවකයාගේ වෙනසයි. අධිකවූ කරුණුයි. විශේෂවු කරුණුයි.
“ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්‍වයන් කෙරෙහි පවත්නාවූ ලොක ධර්‍ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්. යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලොක ධර්‍ම ස්වභාවයද දැන, අනිත්‍ය ස්වභාව ධර්‍මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්‍රොධ නූපදී.) ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් හෝ (රැක ගැනීමෙන්) එයට විරුද්‍ධ වීමෙන් හෝ විනාශවනු ලබන ආත්ම සහගතවූවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ නිස්සෝකිවූ (සොක නැත්තාවූ) ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම නිර්‍වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේයි.”
7. දෙවදත්තවිපත්තිසුත්තං 7. පරියාදින්න දේවදත්ත සූත්‍රය
8. උත්තරවිපත්තිසුත්තං 8. මහිස වත්‍ථු (උත්තර) සූත්‍රය
9. නන්දසුත්තං 9. නන්‍ද බ්‍රහ්ම චරිය සූත්‍රය
10. කාරණ්ඩවසුත්තං 10. කාරණ්ඩවනිධමන සූත්‍රය