ත්‍රිපිටකය
අඞ්ගුත්තරනිකායො අඞ්ගුත්තරනිකායො
අට්ඨකනිපාතපාළි අඨක නිපාතය
1. මෙත්තාවග්ගො 1. මෙත්තා වර්‍ගය
1. මෙත්තාසුත්තං 1. අඨමෙත්තානිසංස සූත්‍රය
2. පඤ්ඤාසුත්තං 2. ආදිබ්‍රහ්මචරියපඤ්ඤා සූත්‍රය
3. පඨමඅප්පියසුත්තං 3. අප්පිය පසංසී සූත්‍රය
4. දුතියඅප්පියසුත්තං 4. ලාභකාම සූත්‍රය
5. පඨමලොකධම්මසුත්තං 5. සංඛිත්තලොකධම්ම සූත්‍රය
5
‘‘අට්ඨිමෙ , භික්ඛවෙ, ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තති. කතමෙ අට්ඨ? ලාභො ච, අලාභො ච, යසො ච, අයසො ච, නින්දා ච, පසංසා ච, සුඛඤ්ච, දුක්ඛඤ්ච. ඉමෙ ඛො, භික්ඛවෙ, අට්ඨ ලොකධම්මා ලොකං අනුපරිවත්තන්ති, ලොකො ච ඉමෙ අට්ඨ ලොකධම්මෙ අනුපරිවත්තතී’’ති.
‘‘ලාභො අලාභො ච යසායසො ච,
නින්දා පසංසා ච සුඛං දුඛඤ්ච;
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා,
අසස්සතා විපරිණාමධම්මා.
‘‘එතෙ ච ඤත්වා සතිමා සුමෙධො,
අවෙක්ඛති විපරිණාමධම්මෙ;
ඉට්ඨස්ස ධම්මා න මථෙන්ති චිත්තං,
අනිට්ඨතො නො පටිඝාතමෙති.
‘‘තස්සානුරොධා අථ වා විරොධා,
විධූපිතා අත්ථඞ්ගතා න සන්ති;
පදඤ්ච ඤත්වා විරජං අසොකං,
සම්මප්පජානාති භවස්ස පාරගූ’’ති. පඤ්චමං;
5
“මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්‍මය තෙම ලෝකය ලුහු බඳියි. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්මය අනුව පෙරෙළෙයි.)
“ඒ ලොක ධර්ම අට කෙසේද? ලාභයද, අලාභයද, අයසද, (පරිවාර සම්පත්තියෙන් තොර වීමද) යසසද, (පරිවාර සම්පත් ලැබීමද) නින්දා ලැබිමද, ප්‍රශංසා ලැබිමද, සැප ලැබීමද, දුක් ලැබීමද, යන අටය.
ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්‍වයන් කෙරෙහි පවත්නාවූ ලෝක ධර්‍ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්.
යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලෝක ධර්‍ම ස්වභාවයද දැන අනිත්‍ය ස්වභාව ධර්‍මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්‍රෝධ නූපදී.) ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් (රැකගැනීමෙන්) හෝ එයට විරුද්‍ධවීමෙන් හෝ විනාශවනු ලබන ආත්මය සහගතවුවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ, නිස්සෝකීවූ (සෝක නැත්තාවූ) ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම නිර්‍වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේයි.”
6. දුතියලොකධම්මසුත්තං 6. විතත්‍ථ ලොක ධම්ම සූත්‍රය
7. දෙවදත්තවිපත්තිසුත්තං 7. පරියාදින්න දේවදත්ත සූත්‍රය
8. උත්තරවිපත්තිසුත්තං 8. මහිස වත්‍ථු (උත්තර) සූත්‍රය
9. නන්දසුත්තං 9. නන්‍ද බ්‍රහ්ම චරිය සූත්‍රය
10. කාරණ්ඩවසුත්තං 10. කාරණ්ඩවනිධමන සූත්‍රය