ත්‍රිපිටකය
7. මහාවග්ගො 7. මහා වර්‍ගය
1. හිරීඔත්තප්පසුත්තං 1. හිරොත්තප්පවින්න සූත්‍රය
2. සත්තසූරියසුත්තං 2. සත්තසුරියුග්ගමන සූත්‍රය
3. නගරොපමසුත්තං 3. පච්චන්ත නගරෝපම සූත්‍රය
4. ධම්මඤ්ඤූසුත්තං 4. අහුණෙය්‍යසත්තඞ්ග සූත්‍රය
5. පාරිච්ඡත්තකසුත්තං 5. පාරිච්ඡත්තකොපම සූත්‍රය
6. සක්කච්චසුත්තං 6. සක්කාර ගරුකාර සූත්‍රය
7. භාවනාසුත්තං 7. භාවනානුයුත්ත සූත්‍රය
8. අග්ගික්ඛන්ධොපමසුත්තං 8. අග්ගික්ඛන්‍ධොපම සූත්‍රය
9. සුනෙත්තසුත්තං 9. සුනෙත්ත සූත්‍රය
10. අරකසුත්තං 10. අරක සූත්‍රය
74
‘‘භූතපුබ්බං, භික්ඛවෙ, අරකො නාම සත්ථා අහොසි තිත්ථකරො කාමෙසු වීතරාගො. අරකස්ස ඛො පන, භික්ඛවෙ, සත්ථුනො අනෙකානි සාවකසතානි අහෙසුං. අරකො සත්ථා සාවකානං එවං ධම්මං දෙසෙති - අප්පකං, බ්‍රාහ්මණ, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං (ලහුසං (ටීකා)) බහුදුක්ඛං බහුපායාසං මන්තායං (මන්තාය (සබ්බත්ථ) ටීකා පස්සිතබ්බා) බොද්ධබ්බං , කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං.
‘‘සෙය්‍යථාපි , බ්‍රාහ්මණ, තිණග්ගෙ උස්සාවබින්දු සූරියෙ උග්ගච්ඡන්තෙ ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකං හොති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ, උස්සාවබින්දූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ උදකබුබ්බුළං (උදකපුප්ඵුළං (ක.)) ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකං හොති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ, උදකබුබ්බුළූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, උදකෙ දණ්ඩරාජි ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ, උදකෙ දණ්ඩරාජූපමං ජීවිතං මනුස්සානං පරිත්තං...පෙ.... නත්ථි ජාතස්ස අමරණං.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, නදී පබ්බතෙය්‍යා දූරඞ්ගමා සීඝසොතා හාරහාරිනී, නත්ථි සො ඛණො වා ලයො වා මුහුත්තො වා යං සා (යාය (ක.)) ආවත්තති (ථරති (සී.), ධරති (ස්‍යා.), අවතිට්ඨෙය්‍ය (?)), අථ ඛො සා ගච්ඡතෙව වත්තතෙව සන්දතෙව; එවමෙවං ඛො, බ්‍රාහ්මණ, නදීපබ්බතෙය්‍යූපමං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං...පෙ.... නත්ථි ජාතස්ස අමරණං.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, බලවා පුරිසො ජිව්හග්ගෙ ඛෙළපිණ්ඩං සංයූහිත්වා අකසිරෙනෙව වමෙය්‍ය (පතාපෙය්‍ය (ක.)); එවමෙවං ඛො, බ්‍රාහ්මණ, ඛෙළපිණ්ඩූපමං ජීවිතං මනුස්සානං පරිත්තං...පෙ.... නත්ථි ජාතස්ස අමරණං.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, දිවසංසන්තත්තෙ අයොකටාහෙ මංසපෙසි (මංසපෙසී (සී. ස්‍යා.)) පක්ඛිත්තා ඛිප්පංයෙව පටිවිගච්ඡති, න චිරට්ඨිතිකා හොති; එවමෙවං ඛො, බ්‍රාහ්මණ, මංසපෙසූපමං ජීවිතං මනුස්සානං පරිත්තං...පෙ.... නත්ථි ජාතස්ස අමරණං.
‘‘සෙය්‍යථාපි, බ්‍රාහ්මණ, ගාවී වජ්ඣා ආඝාතනං නීයමානා යං යදෙව පාදං උද්ධරති, සන්තිකෙව හොති වධස්ස සන්තිකෙව මරණස්ස; එවමෙවං ඛො, බ්‍රාහ්මණ, ගොවජ්ඣූපමං (ගාවීවජ්ඣූපමං (සී. ස්‍යා.)) ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණ’’න්ති.
‘‘තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන මනුස්සානං සට්ඨිවස්සසහස්සානි ආයුප්පමාණං අහොසි, පඤ්චවස්සසතිකා කුමාරිකා අලංපතෙය්‍යා අහොසි. තෙන ඛො පන, භික්ඛවෙ, සමයෙන මනුස්සානං ඡළෙව ආබාධා අහෙසුං - සීතං, උණ්හං, ජිඝච්ඡා, පිපාසා, උච්චාරො, පස්සාවො. සො හි නාම, භික්ඛවෙ, අරකො සත්ථා එවං දීඝායුකෙසු මනුස්සෙසු එවං චිරට්ඨිතිකෙසු එවං අප්පාබාධෙසු සාවකානං එවං ධම්මං දෙසෙස්සති - ‘අප්පකං, බ්‍රාහ්මණ, ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණ’’’න්ති.
‘‘එතරහි තං, භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්‍ය - ‘අප්පකං ජීවිතං මනුස්සානං පරිත්තං ලහුකං බහුදුක්ඛං බහුපායාසං මන්තායං බොද්ධබ්බං, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්‍රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණ’න්ති. එතරහි, භික්ඛවෙ , යො චිරං ජීවති සො වස්සසතං අප්පං වා භිය්‍යො. වස්සසතං ඛො පන, භික්ඛවෙ, ජීවන්තො තීණියෙව උතුසතානි ජීවති - උතුසතං හෙමන්තානං, උතුසතං ගිම්හානං, උතුසතං වස්සානං. තීණි ඛො පන, භික්ඛවෙ, උතුසතානි ජීවන්තො ද්වාදස (ද්වාදසං (සී. ක.)) යෙව මාසසතානි ජීවති - චත්තාරි මාසසතානි හෙමන්තානං , චත්තාරි මාසසතානි ගිම්හානං, චත්තාරි මාසසතානි වස්සානං. ද්වාදස ඛො පන, භික්ඛවෙ, මාසසතානි ජීවන්තො චතුවීසතියෙව අද්ධමාසසතානි ජීවති - අට්ඨද්ධමාසසතානි හෙමන්තානං, අට්ඨද්ධමාසසතානි ගිම්හානං, අට්ඨද්ධමාසසතානි වස්සානං. චතුවීසති ඛො පන, භික්ඛවෙ, අද්ධමාසසතානි ජීවන්තො ඡත්තිංසංයෙව රත්තිසහස්සානි ජීවති - ද්වාදස රත්තිසහස්සානි හෙමන්තානං, ද්වාදස රත්තිසහස්සානි ගිම්හානං, ද්වාදස රත්තිසහස්සානි වස්සානං. ඡත්තිංසං ඛො පන, භික්ඛවෙ, රත්තිසහස්සානි ජීවන්තො ද්වෙසත්තතියෙව (ද්වෙසත්තතිඤ්ඤෙව (ස්‍යා.), ද්වෙසත්තතිඤ්චෙව (ක.)) භත්තසහස්සානි භුඤ්ජති - චතුවීසති භත්තසහස්සානි හෙමන්තානං, චතුවීසති භත්තසහස්සානි ගිම්හානං, චතුවීසති භත්තසහස්සානි වස්සානං සද්ධිං මාතුථඤ්ඤාය සද්ධිං භත්තන්තරායෙන.
‘‘තත්‍රිමෙ භත්තන්තරායා කපිමිද්ධොපි භත්තං න භුඤ්ජති, දුක්ඛිතොපි භත්තං න භුඤ්ජති, බ්‍යාධිතොපි භත්තං න භුඤ්ජති, උපොසථිකොපි භත්තං න භුඤ්ජති , අලාභකෙනපි භත්තං න භුඤ්ජති. ඉති ඛො, භික්ඛවෙ, මයා වස්සසතායුකස්ස මනුස්සස්ස ආයුපි සඞ්ඛාතො (සඞ්ඛාතං (?)), ආයුප්පමාණම්පි සඞ්ඛාතං, උතූපි සඞ්ඛාතා, සංවච්ඡරාපි සඞ්ඛාතා, මාසාපි සඞ්ඛාතා, අද්ධමාසාපි සඞ්ඛාතා, රත්තිපි සඞ්ඛාතා, දිවාපි සඞ්ඛාතා, භත්තාපි සඞ්ඛාතා, භත්තන්තරායාපි සඞ්ඛාතා. යං, භික්ඛවෙ, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය; කතං වො තං මයා එතානි, භික්ඛවෙ, රුක්ඛමූලානි එතානි සුඤ්ඤාගාරානි. ඣායථ, භික්ඛවෙ, මා පමාදත්ථ; මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ. අයං වො අම්හාකං අනුසාසනී’’ති. දසමං.
74
“මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති, තීර්ත්‍ථක නායකවූ, අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘවරයාට බොහෝ සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ තෙම, බ්‍රහ්ම ලෝක ගමන පිණිස ශ්‍රාවකයන්ට ධර්මය දේශනා කළේය. අරක ශාස්තෘවරයා එසේ ධර්මය දේශනා කරද්දී, යම් කෙනෙකුගේ සිත් නොපැහැදුණේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ අයහපත් ගති ඇති, නපුරුසේ පතිතවන නරකයෙහි උපන්හ. මහණෙනි, අරක ශාස්තෘවරයා ධර්මය දේශනා කරද්දී යමෙකුගේ සිත් පැහැදුනේද, ඔවුහු කායයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම්වූ ස්වර්‍ග ලෝකයෙහි උපන්හ.”
“මහණෙනි, කුමකැයි සිතන්නහුද? කාමයන්හි වීතරාග ඇති නොයෙක් සිය ගණන් ශ්‍රාවකයන් සහිත සමූහයා පිරිවැරූ තීර්ත්‍ථක නායකවූ මේ සප්ත ශාස්තෘවරයන් කෙරෙහි යමෙක් දුෂ්ටවූ සිතින් ආක්‍රොශ කරන්නේ නම්, බණින්නේ නම් හෙතෙම බොහෝ පව් රැස් කරන්නේද?” - “එසේය ස්වාමිනි.”
“මහණෙනි, යමෙක් වනාහි කාමයන්හි වීතරාගීවූ නොයෙක් සිය ගණන් ශ්‍රාවයන් සහිත සමූහයා පරිවැරූ තීර්ත්‍ථක නායකවූ මේ සප්ත ශාස්තෘවරයන් කෙරෙහි දුෂ්ටවූ සිතින් ආක්‍රෝෂ කරන්නේ නම් බණින්නේ නම් හෙතෙම බොහෝ පව් රැස් කරන්නේය.
“යමෙක් එක්තරා සම්‍යක් දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙකුට ආක්‍රෝෂ කරන්නේ නම් බණින්නේ නම් මේ තෙමේ එයට වඩා බොහෝ පව් රැස් කරන්නේය. එයට හේතු කවරේද? යම්සේ මාගේ සබ්‍රහ්මචාරීන් කෙරෙහි මෙන් මේ ශාසනයෙන් අන්‍යවූවන් කෙරෙහි මෙබඳුවූ ඉවසීමක් මම නොකියමි. මහණෙනි, එහෙයින් මෙහිලා හික්මිය යුතුය. මාගේ සබ්‍රහ්මචාරීන් කෙරෙහි සිත් ප්‍රදූෂ්‍ය වන්නේද කියායි. මහණෙනි, යුෂ්මතුන් විසින් මෙසේ හික්මිය යුතුය.
“මහණෙනි, පෙර වනාහි කාමයන්හි වීතරාග ඇති තීර්ත්‍ථක නායකවූ අරක නම් ශාස්තෘවරයෙක් විය. මහණෙනි, අරක ශාස්තෘවරයාට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ තෙම ශ්‍රාවකයන්ට මෙසේ ධර්‍මය දේශනා කළේය. ‘බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය (2) ස්වල්පය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්‍රාහ්මණයෙනි, යම් සේ තණ අග පිනි බිඳ හිරු නැගෙන කල්හි වියලී යේද, ස්ථිරව නොපිහිටියේ වේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය තණ අග පිනි බිඳ සමානය. ස්වල්පය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්‍රාහ්මණයෙනි, යම් සේ ලොකු පොද ඇති වැස්ස වසින කල්හි ඇතිවන දිය බුබුල වහා නැති වේද, බොහෝ වේලා නොපවත්නේද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන්ම මිනිසුන්ගේ මේ ජීවිතය දිය බුබුලට සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්‍රාහ්මණයෙනි, යම් සේ දියෙහි ඇඳි (රේඛාව) ඉර වහාම මැකීයේද, බොහෝ කල් නොපවත්නේද, එපරිද්දෙන්ම බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය දියෙහි ඇඳි ඉරට උපමා කටයුතුය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්‍රාහ්මණයෙනි, යම් සේ පර්‍වතයෙන් පටන්ගත් ගඟ දුර ගමන් ඇත්තේ වහා ගමන් කරන්නේ සීඝ්‍ර සැඩ පහර ඇත්තේ ක්‍ෂණයක් හෝ ක්‍ෂණ දශයක් හෝ මොහොතක් හෝ ගලා බසී නම් එය ගමන් කෙරේමය. වෑහේමය. පවතීමය. බ්‍රාහ්මණයෙනි, එමෙන්ම මිනිසුන්ගේ ජීවිතය පර්‍වයකින් පටන් ගන්නා ගඟකට සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්‍රාහ්මණයෙනි, ශක්තිමත් පුරුෂයෙක් දිව අග කෙළ පිඩක් එකතුකොට වහාම කෙළ ගසන්නේද, බ්‍රාහ්මණයෙනි, එමෙන්ම බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය කෙළ පිඩක් සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්‍රාහ්මණයෙනි, දවසක් ගිනියම්වූ යකඩ කබලෙහි මස් කැටියක් තබන ලද්දේ වහාම විනාශවී යේද, බොහෝ කල් නොපවතීද, බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන්ම මිනිසුන්ගේ ජිවිතය මස් පිඩකට උපමා ඇත්තේය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“බ්‍රාහ්මණයෙනි, යම් සේ මරණයට නියමවූ ගව දෙන මරණ ස්ථානයට ගෙන යන කල්හි යම් යම් ඒ පාදයන් ඔසවාද මරණ ස්ථානයට ලංවේ. එහෙයින්ම මරණයටද ළංවේ. බ්‍රාහ්මණයෙනි, එපරිද්දෙන්ම මිනිසුන්ගේ ජිවිතය මරණයට ගෙන යන දෙනකට සමානය. ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“එකල්හි වනාහි මිනිසුන්ට සැට දහසක් අවුරුදු ආයු ප්‍රමාණය විය. අවුරුදු පන්සියයක්වූ කුමාරිකාවෝ පුරුෂයෙකුට පාවා දිමට යෝග්‍ය වුහ. මහණෙනි, එසමයෙහි මිනිසුන්ට ආබාධ සයක් (පමණක්) විය. එනම්, ශීතල, උෂ්ණය, බඩගින්න, පිපාසය, මල මූ කිරීම යනුයි. මහණෙනි, මෙසේ දීඝායුෂ්කවූ, මෙසේ චිරස්ථායීවු, මෙසේ අල්පාබාධවූ මිනිසුන් ඇති කල්හි ඒ අරක ශාස්තෘ තෙම මිනිසුන්ට මෙසේ ධර්මය දේශනා කරන්නේය.
“බ්‍රාහ්මණයෙනි, මිනිසුන්ගේ ජීවිතය ස්වල්ප කලක් පවත්නේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල්වලින් යුක්තයයි දැන අවබෝධ කටයුකුයි. කූශල් කටයුතුය. බඹසර හැසිරිය යුතුය. උපනුන්හට නොමැරීමක් නැත.
“මහණෙනි, මේ කාලයෙහි වනාහි මිනිසුන්ගේ ජීවිතය ස්වල්පය. ස්වල්ප කාලයක් පවත්තේය. බොහෝ දුක් ඇත්තේය. බොහෝ සිත් තැවුල් ඇත්තේය. කුසල් කළ යුතුය. බඹසර හැසිරිය යුතුය. උපන්නහුට නොමැරීමක් නැත යනු සත්‍ය ලෙසම කියන්නේය.
“මහණෙනි, මේ කාලයෙහි වනාහි යමෙක් බොහෝ ජීවත් වන්නේද, අවුරුදු සියයක් හෝ එයට ස්වල්පයක් අඩුව හෝ වැඩිව වෙයි. මහණෙනි, අවුරුදු සියයක් ජීවත් වන්නෙක් ඎතු තුන් සියයක්ම ජීවත් වෙයි. හේමන්ත ඎතු සියයක්ද, ගිම්හාන ඎතු සියයක්ද, වස්සාන ඎතු සියයක්ද යන ආකාරයෙනි. මහණෙනි, ඎතු තුන් සියයක් ජීවත් වන්නෙක් මාස එක් දහස් දෙසියයක් ජීවත් වෙයි. හේමන්ත ඎතුවෙහි සාර සියයක්ද, ගිම්හාන ඎතුවෙහි සාර සියයක්ද, වස්සාන ඎතුවෙහි සාර සියයක්ද යන ආකාරයෙනි. මහණෙනි, මාස එක්දහස් දෙසියයක් ජීවත් වන්නෙක් අර්‍ධ මාස දෙදහස් සාරසියයක් ජීවත් වෙයි. හේමන්තයේ අර්‍ධ මාස අටසියයකි. ගිම්හානයේ අර්‍ධ මාස අටසියයකි. වස්සානයේ අර්‍ධ මාස අටසියයකි. මහණෙනි, අර්‍ධ මාස දෙදහස් සාර සියයක් ජීවත් වන්නෙක් රාත්‍රි තිස්හය දහසක් ජීවත් වෙයි. හේමන්තයේ රාත්‍රි දොළොස් දහසකි. ගිම්හානයේ රාත්‍රි දොළොස් දහසකි. වස්සානයේ රාත්‍රි දොළොස් දහසකි. මහණෙනි, රාත්‍රි තිස්හය දහසක් ජිවත් වන්නෙක් දෙසැත්තෑ දහසක් බත් (වේල්) අනුභව කරයි. හේමන්තයෝ බත් වේල් විසිහතර දහසකි. ගිම්හානයේ බත් වේල් විසිහතර දහසකි. වස්සානයේ බත් වේල් විසිහතර දහසකි. මේ මවගෙන් කිරි බීමද බත් නොලැබීමද සමගමය. එහි මේ භත්තන්තරායෝ නම් කිපියේද, බත් අනුභව නොකරයි. දුක් වූයේද බත් අනුභව නොකරයි. ලෙඩ වූයේද බත් අනුභව නොකරයි. උපොසථික වූයේද බත් අනුභව නොකරයි. නොලැබුනේද වූයේද බත් අනුභව නොකරයි.
“මහණෙනි, මවිසින් මෙසේ අවුරුදු සියයක් ආයු ඇති මිනිසකුගේ ආයුෂද දක්වන ලදී. ආයු ප්‍රමාණයද දක්වන ලදී. ඎතූහුද දක්වන ලදී. සංවත්සරද දක්වන ලදී. මාසයෝද දක්වන ලදී. අර්‍ධ මාසයෝද දක්වන ලදී. රාත්‍රියද දක්වන ලදී. බත් (වේල්) ද දක්වන ලදී. භත්තන්තරායෝද (-ආහාර වැරදීම්) දක්වන ලදී. මහණෙනි, ශාස්තෘන් වහන්සේ විසින් යමක් කළ යුතු නම් ශ්‍රාවකයන්ට හිත ඇතිව, අනුකම්පාව උපදවා එය යුෂ්මතුන්ට සිදු කරණ ලදි. මහණෙනි, මේ රුක් මුල්ය, මේ ශූන්‍යාගාරයෝය, ධ්‍යාන කරව්. ප්‍රමාද නොවව්. පසුව විපිළිසර නොවව්. මෙ තොපට අපගේ අනුශාසනාවයි.”