ත්‍රිපිටකය
6. අබ්‍යාකතවග්ගො 6. අව්‍යාකත වර්‍ගය
1. අබ්‍යාකතසුත්තං 1. අව්‍යාකත වත්‍ථු සූත්‍රය
2. පුරිසගතිසුත්තං 2. පුරිසගති සූත්‍රය
3. තිස්සබ්‍රහ්මාසුත්තං 3. තිස්ස බ්‍රහ්ම සූත්‍රය
4. සීහසෙනාපතිසුත්තං 4. සීහ - දානඵල සූත්‍රය
5. අරක්ඛෙය්‍යසුත්තං 5. අරක්ඛෙය්‍ය ධම්ම සූත්‍රය
6. කිමිලසුත්තං 6. කිම්බිල චිරඨිතික සූත්‍රය
7. සත්තධම්මසුත්තං 7. පටිසල්ලීනභික්ඛු සූත්‍රය
8. පචලායමානසුත්තං 8. පචලායන සූත්‍රය
9. මෙත්තසුත්තං 9. මා පුඤ්ඤභායී සූත්‍රය
62
(ඉතිවු. 22 ඉතිවුත්තකෙපි) ‘‘මා , භික්ඛවෙ, පුඤ්ඤානං භායිත්ථ. සුඛස්සෙතං, භික්ඛවෙ , අධිවචනං යදිදං පුඤ්ඤානි (යදිදං පුඤ්ඤන්ති (සී.), යදිදං පුඤ්ඤානි (ක.)). අභිජානාමි ඛො පනාහං (භික්ඛවෙ දීඝරත්තං ඉට්ඨං (ස්‍යා.), භික්ඛවෙ දීඝරත්තං පුඤ්ඤානං ඉට්ඨං (?)), භික්ඛවෙ, දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං ඉට්ඨං (භික්ඛවෙ දීඝරත්තං ඉට්ඨං (ස්‍යා.), භික්ඛවෙ දීඝරත්තං පුඤ්ඤානං ඉට්ඨං (?)) කන්තං මනාපං විපාකං පච්චනුභූතං. සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙසිං . සත්ත වස්සානි මෙත්තං චිත්තං භාවෙත්වා සත්ත සංවට්ටවිවට්ටකප්පෙ නයිමං ලොකං පුනාගමාසිං. සංවට්ටමානෙ සුදාහං (සංවට්ටමානස්සුදාහං (ක.)), භික්ඛවෙ, ලොකෙ ආභස්සරූපගො හොමි, විවට්ටමානෙ ලොකෙ සුඤ්ඤං බ්‍රහ්මවිමානං උපපජ්ජාමි.
‘‘තත්‍ර සුදං, භික්ඛවෙ, බ්‍රහ්මා හොමි මහාබ්‍රහ්මා අභිභූ අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී. ඡත්තිංසක්ඛත්තුං ඛො පනාහං, භික්ඛවෙ, සක්කො අහොසිං දෙවානමින්දො; අනෙකසතක්ඛත්තුං රාජා අහොසිං චක්කවත්තී ධම්මිකො ධම්මරාජා චාතුරන්තො විජිතාවී ජනපදත්ථාවරියප්පත්තො සත්තරතනසමන්නාගතො. තස්ස මය්හං, භික්ඛවෙ, ඉමානි සත්ත රතනානි අහෙසුං, සෙය්‍යථිදං - චක්කරතනං, හත්ථිරතනං, අස්සරතනං, මණිරතනං, ඉත්ථිරතනං, ගහපතිරතනං, පරිණායකරතනමෙව සත්තමං. පරොසහස්සං ඛො පන මෙ, භික්ඛවෙ, පුත්තා අහෙසුං සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා. සො ඉමං පථවිං සාගරපරියන්තං අදණ්ඩෙන අසත්ථෙන ධම්මෙන අභිවිජිය අජ්ඣාවසි’’න්ති (අජ්ඣාවසන්ති (ස්‍යා.) අජ්ඣාවසති (සී. ක.)).
‘‘පස්ස පුඤ්ඤානං විපාකං, කුසලානං සුඛෙසිනො (සුඛෙසිනං (සී.));
මෙත්තං චිත්තං විභාවෙත්වා, සත්ත වස්සානි භික්ඛවො (භික්ඛවෙ (ක.));
සත්තසංවට්ටවිවට්ටකප්පෙ , නයිමං ලොකං පුනාගමිං (පුනාගමං (ස්‍යා.)).
‘‘සංවට්ටමානෙ ලොකම්හි, හොමි ආභස්සරූපගො;
විවට්ටමානෙ ලොකස්මිං, සුඤ්ඤබ්‍රහ්මූපගො අහුං.
‘‘සත්තක්ඛත්තුං මහාබ්‍රහ්මා, වසවත්තී තදා අහුං;
ඡත්තිංසක්ඛත්තුං දෙවින්දො, දෙවරජ්ජමකාරයිං.
‘‘චක්කවත්තී අහුං රාජා, ජම්බුමණ්ඩස්ස (ජබ්මුදීපස්ස (සී.), ජම්බුසණ්ඩස්ස (ස්‍යා.)) ඉස්සරො;
මුද්ධාවසිත්තො (මුද්ධාභිසිත්තො (ක.)) ඛත්තියො, මනුස්සාධිපතී අහුං.
‘‘අදණ්ඩෙන අසත්ථෙන, විජෙය්‍ය පථවිං ඉමං;
අසාහසෙන කම්මෙන (ධම්මෙන (සී. ස්‍යා.)), සමෙන අනුසාසි තං.
‘‘ධම්මෙන රජ්ජං කාරෙත්වා, අස්මිං පථවිමණ්ඩලෙ;
මහද්ධනෙ මහාභොගෙ, අඩ්ඪෙ අජායිහං කුලෙ.
‘‘සබ්බකාමෙහි සම්පන්නෙ (සම්පුණ්ණෙ (ක.)), රතනෙහි ච සත්තහි;
බුද්ධා සඞ්ගාහකා ලොකෙ, තෙහි එතං සුදෙසිතං.
‘‘එසො හෙතු මහන්තස්ස, පථබ්‍යො මෙ න විපජ්ජති (එස හෙතු මහන්තස්ස, පුථබ්‍යො යෙන වුච්චති (සී. ස්‍යා.));
පහූතවිත්තූපකරණො, රාජා හොති (හොමි (සී. ස්‍යා.)) පතාපවා.
‘‘ඉද්ධිමා යසවා හොති (හොමි (සී. ස්‍යා.)), ජම්බුමණ්ඩස්ස (ජම්බුසණ්ඩස්ස (සී. ස්‍යා.)) ඉස්සරො;
කො සුත්වා නප්පසීදෙය්‍ය, අපි කණ්හාභිජාතියො.
‘‘තස්මා හි අත්තකාමෙන (අත්ථකාමෙන (ස්‍යා. ක.)), මහත්තමභිකඞ්ඛතා;
සද්ධම්මො ගරුකාතබ්බො, සරං බුද්ධානසාසන’’න්ති. නවමං;
62
“මහණෙනි, පින් වලට භය නොවව්. යම් ඒ පිනක් වේනම්, එය සැපතට එක්තරා නමකි. මහණෙනි, බොහෝ කල් කරණ ලද පින්වල හේතුවෙන් බොහෝ කල් කැමති විය යුතු, සිත් අදනාවූ, මන වඩන්නාවූ විපාකය වින්දෙමි. සත් වසක් මෛත්‍රී සිත වැඩුවෙමි. සත් වසක් මෛත්‍රි සිත වඩා සංවර්‍ත (නැසෙන) විවර්‍ත (වැඩෙන) කල්ප සතක් මේ ලෝතයට නැවත නොආයෙමි. මහණෙනි, මම කල්පය විනාශවන කල්හි ආභස්සර බඹලොවට පැමිණෙමි. කල්පය හටගැණෙන කල්හි හිස්වූ බඹ විමනක උපදිමි. මහණෙනි, එහි වනාහි මඩින්නාවූ, නොමැඩිය හැකි සියල්ල දක්නාවූ, යටතෙහි පවත්වන්නාවූ, මහා බ්‍රහ්මයෙක් වීමි. මහණෙනි, සතිස් වාරයක් දෙවියන්ට අධිපතිවු ශක්‍රයා වීමි. සත් රුවනින් යුත් ජනපදයන්ගේ අර්ථාවරණයට පත්, සිවු මහා දිවයින් දිනන ලද, ධාර්මිකවූ, ධර්මයට රජවූ, චක්‍රවර්ති රජ වීමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ වූහ.
“ඒ කවරහුද? චක්‍ර රත්නය, හස්ති රත්නය, අශ්ව රත්නය, මණි රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති (සිටු) රත්නය, පරිනායක (පුත්‍ර) රත්නයම සත්වෙනි වේ.
“මහණෙනි, මට සූරවූ, වීරවූ, අඟ පසඟ ඇති, අන්‍ය සේනා මැඩිය හැකි පුත්‍රයෝ දහසකට වඩා වූහ. ඒ සක්විති රජ තෙම සාගරය කෙළවර කොට ඇති මේ පෘථිවිය දණ්ඩනයක් නොකොට ආයුධ ආදියක් නොගෙන, ධර්‍මයෙන් දිනා වාසය කරයි.
“සැප සොයන්නවුනි, කුශලයන්ගේ, පුණ්‍යයන්ගේ විපාකය බලව්. මහණෙනි, සත් අවුරුද්දක් මුළුල්ලෙහි මෛත්‍රී සිත වඩා මහා කල්ප සතක් මුළුල්ලෙහි මේ ලෝකයට නැවත නොආයෙමි. ලෝකය විනාශවන කල්හි ආභස්සර බ්‍රහ්ම ලෝකයට ගියෙමි.”
“ඒ මම ලෝකය වැඩෙන කල්හි හිස්වූ බ්‍රහ්ම ලෝකයට ගියේ වෙමි. එකල්හි සත් වාරයක අනුන් වසඟයෙහි පවත්නාවූ මහා බ්‍රහ්ම වූයෙමි. සතිස් වාරයක් දෙවියන්ට අධිපතිවූයේ, දිව්‍ය රාජ්‍යය කරවූයෙමි. (නොයෙක් සිය ගණන් වාරයෙහි) දඹදිවට නායකවූ සක්විති රජ වීමි.”
“ඔටුණු පලන් ක්‍ෂත්‍රියවූ මිනිසුන්ට අධිපතියෙක් වීම්ද, ඒ මම පොළොව දඬුවමක් නැතිව, ආයුධ ආදියක් නැතිව ජයගෙන, සාහසික නොව, දැහැමෙන්, සෙමෙන්, අනුශාසනා කළෙමි. මේ පෘථිවි මණ්ඩලයෙහි දැහැමින් රාජ්‍යය කරවා මහත් ධන ඇති, මහත් සම්පත් ඇති, ධනයෙන් ආඪ්‍යවූ, සියලු කාමයන්ගෙන් හා සත් රුවනින්ද යුක්තවූ, පූජ්‍ය කුලයෙහි උපන්නෙමි.”
“ලෝකයෙහි බුදුවරයෝ සංග්‍රහ කරන්නාහු වෙත්ද, ඒ බුදුවරයන් විසින් මනාකොට මේ කරුණ දේශනා කරණ ලද්දේය. යම් හෙයකින් පොළොවට අධිපතියයි කියණු ලැබේද, මෙය උසස් බවට හේතුවකි.
“බොහෝ වස්තු, උපකරණ ඇති, තේජසින් යුත් රජ වෙමි. දඹදිවට අධිපති වූයේ, මහත් ඎද්ධි ඇති, මහත් යශස් ඇති වෙමි. එහෙයින් හීනජාති ඇත්තේ නමුදු, කවරෙක් මේ කරුණ අසා නොපහදින්නේද, පහදින්නේමය.
“එහෙයින් ගුණයෙන් මහත් බව කැමති වන්නාවූ, තමන්ගේ දියුණුව, අනුන්ගේ දියුණුව කැමැත්තහු විසින් බුදුවරයන්ගේ අනුශාසනාව සිහි කරමින් සද්‍ධර්‍මය ගරු කට යුත්තේය.”
10. භරියාසුත්තං 10. සුජාතඝර සුණ්හා සූත්‍රය
11. කොධනසුත්තං 11. සපත්තකන්ත සූත්‍රය