ත්‍රිපිටකය
6. අබ්‍යාකතවග්ගො 6. අව්‍යාකත වර්‍ගය
1. අබ්‍යාකතසුත්තං 1. අව්‍යාකත වත්‍ථු සූත්‍රය
2. පුරිසගතිසුත්තං 2. පුරිසගති සූත්‍රය
3. තිස්සබ්‍රහ්මාසුත්තං 3. තිස්ස බ්‍රහ්ම සූත්‍රය
4. සීහසෙනාපතිසුත්තං 4. සීහ - දානඵල සූත්‍රය
5. අරක්ඛෙය්‍යසුත්තං 5. අරක්ඛෙය්‍ය ධම්ම සූත්‍රය
6. කිමිලසුත්තං 6. කිම්බිල චිරඨිතික සූත්‍රය
7. සත්තධම්මසුත්තං 7. පටිසල්ලීනභික්ඛු සූත්‍රය
8. පචලායමානසුත්තං 8. පචලායන සූත්‍රය
61
එවං මෙ සුතං - එකං සමයං භගවා භග්ගෙසු විහරති සුසුමාරගිරෙ භෙසකළාවනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො මගධෙසු කල්ලවාළපුත්තගාමෙ (කල්ලවාලමුත්තගාමෙ (ස්‍යා.)) පචලායමානො නිසින්නො හොති. අද්දසා ඛො භගවා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන ආයස්මන්තං මහාමොග්ගල්ලානං මගධෙසු කල්ලවාළපුත්තගාමෙ පචලායමානං නිසින්නං. දිස්වා - සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්‍ය, එවමෙවං - භග්ගෙසු සුසුමාරගිරෙ භෙසකළාවනෙ මිගදායෙ අන්තරහිතො මගධෙසු කල්ලවාළපුත්තගාමෙ ආයස්මතො මහාමොග්ගල්ලානස්ස සම්මුඛෙ පාතුරහොසි. නිසීදි භගවා පඤ්ඤත්තෙ ආසනෙ. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච -
‘‘පචලායසි නො ත්වං, මොග්ගල්ලාන, පචලායසි නො ත්වං, මොග්ගල්ලානා’’ති? ‘‘එවං, භන්තෙ’’ . ‘‘තස්මාතිහ, මොග්ගල්ලාන, යථාසඤ්ඤිස්ස තෙ විහරතො තං මිද්ධං ඔක්කමති, තං සඤ්ඤං මා මනසාකාසි (මා මනසිකාසි (සී.), මනසි කරෙය්‍යාසි (ස්‍යා.), මනසාකාසි (ක.)), තං සඤ්ඤං මා බහුලමකාසි (තං සඤ්ඤං බහුලං කරෙය්‍යාසි (ස්‍යා.), තං සඤ්ඤං බහුලමකාසි (ක.)). ඨානං ඛො පනෙතං, මොග්ගල්ලාන, විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ’’.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, යථාසුතං යථාපරියත්තං ධම්මං චෙතසා අනුවිතක්කෙය්‍යාසි අනුවිචාරෙය්‍යාසි, මනසා අනුපෙක්ඛෙය්‍යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, යථාසුතං යථාපරියත්තං ධම්මං විත්ථාරෙන සජ්ඣායං කරෙය්‍යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, උභො කණ්ණසොතානි ආවිඤ්ඡෙය්‍යාසි (ආවිඤ්ජෙය්‍යාසි (සී. ස්‍යා.)), පාණිනා ගත්තානි අනුමජ්ජෙය්‍යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, උට්ඨායාසනා උදකෙන අක්ඛීනි අනුමජ්ජිත්වා (පනිඤ්ජිත්වා (ක.)) දිසා අනුවිලොකෙය්‍යාසි , නක්ඛත්තානි තාරකරූපානි උල්ලොකෙය්‍යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, ආලොකසඤ්ඤං මනසි කරෙය්‍යාසි, දිවාසඤ්ඤං අධිට්ඨහෙය්‍යාසි - යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා. ඉති විවටෙන (විවට්ටෙන (ස්‍යා.), මිද්ධවිගතෙන (ක.)) චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙය්‍යාසි. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, පච්ඡාපුරෙසඤ්ඤී (පච්ඡාපුරෙ තථාසඤ්ඤී (කත්ථචි)) චඞ්කමං අධිට්ඨහෙය්‍යාසි අන්තොගතෙහි ඉන්ද්‍රියෙහි අබහිගතෙන මානසෙන. ඨානං ඛො පනෙතං විජ්ජති යං තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ.
‘‘නො චෙ තෙ එවං විහරතො තං මිද්ධං පහීයෙථ, තතො ත්වං, මොග්ගල්ලාන, දක්ඛිණෙන පස්සෙන සීහසෙය්‍යං කප්පෙය්‍යාසි පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා. පටිබුද්ධෙන ච (පටිබුද්ධෙනෙව (ස්‍යා.)) තෙ, මොග්ගල්ලාන, ඛිප්පඤ්ඤෙව පච්චුට්ඨාතබ්බං - ‘න සෙය්‍යසුඛං න පස්සසුඛං න මිද්ධසුඛං අනුයුත්තො විහරිස්සාමී’ති. එවඤ්හි තෙ, මොග්ගල්ලාන, සික්ඛිතබ්බං.
‘‘තස්මාතිහ, මොග්ගල්ලාන, එවං සික්ඛිතබ්බං - ‘න උච්චාසොණ්ඩං පග්ගහෙත්වා කුලානි උපසඞ්කමිස්සාමී’ති. එවඤ්හි තෙ, මොග්ගල්ලාන, සික්ඛිතබ්බං. සචෙ, මොග්ගල්ලාන, භික්ඛු උච්චාසොණ්ඩං පග්ගහෙත්වා කුලානි උපසඞ්කමති, සන්ති හි, මොග්ගල්ලාන, කුලෙසු කිච්චකරණීයානි. යෙහි මනුස්සා ආගතං භික්ඛුං න මනසි කරොන්ති, තත්‍ර භික්ඛුස්ස එවං හොති - ‘කොසු නාම ඉදානි මං ඉමස්මිං කුලෙ පරිභින්දි, විරත්තරූපා දානිමෙ මයි මනුස්සා’ති. ඉතිස්ස අලාභෙන මඞ්කුභාවො, මඞ්කුභූතස්ස උද්ධච්චං, උද්ධතස්ස අසංවරො, අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා.
‘‘තස්මාතිහ, මොග්ගල්ලාන, එවං සික්ඛිතබ්බං - ‘න විග්ගාහිකකථං කථෙස්සාමී’ති. එවඤ්හි තෙ, මොග්ගල්ලාන, සික්ඛිතබ්බං. විග්ගාහිකාය, මොග්ගල්ලාන, කථාය සති කථාබාහුල්ලං පාටිකඞ්ඛං, කථාබාහුල්ලෙ සති උද්ධච්චං, උද්ධතස්ස අසංවරො, අසංවුතස්ස ආරා චිත්තං සමාධිම්හා (නාහං මොග්ගලාන සබ්බෙහෙව සමග්ගං වණ්ණයාමි ගහට්ඨෙහි. පබ්බජිතෙහි ඛො අහං මොග්ගල්ලාන සමග්ගං වණ්ණයාමි (ක.)). නාහං, මොග්ගල්ලාන, සබ්බෙහෙව සංසග්ගං වණ්ණයාමි. න පනාහං , මොග්ගල්ලාන, සබ්බෙහෙව සංසග්ගං න වණ්ණයාමි. සගහට්ඨපබ්බජිතෙහි ඛො අහං, මොග්ගල්ලාන, සංසග්ගං න වණ්ණයාමි (නාහං මොග්ගල්ලාන සබ්බෙහෙව සමග්ගං වණ්ණයාමි ගහට්ඨෙහි, පබ්බජිතෙහි ඛො අහං මොග්ගල්ලාන සමග්ගං වණ්ණයාමි (ක.)). යානි ච ඛො තානි සෙනාසනානි අප්පසද්දානි අප්පනිග්ඝොසානි විජනවාතානි මනුස්සරාහස්සෙය්‍යකානි (මනුස්සරාහසෙය්‍යකානි (සී. ස්‍යා.)) පටිසල්ලානසාරුප්පානි තථාරූපෙහි සෙනාසනෙහි සංසග්ගං (සමග්ගං (ක.)) වණ්ණයාමී’’ති.
එවං වුත්තෙ ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං එතදවොච - ‘‘කිත්තාවතා නු ඛො, භන්තෙ, භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සාන’’න්ති?
‘‘ඉධ, මොග්ගල්ලාන, භික්ඛුනො සුතං හොති - ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති; එවඤ්චෙතං, මොග්ගල්ලාන, භික්ඛුනො සුතං හොති - ‘සබ්බෙ ධම්මා නාලං අභිනිවෙසායා’ති. සො සබ්බං ධම්මං අභිජානාති, සබ්බං ධම්මං අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති. සබ්බං ධම්මං පරිඤ්ඤාය යංකිඤ්චි වෙදනං වෙදියති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති, විරාගානුපස්සී විහරති, නිරොධානුපස්සී විහරති, පටිනිස්සග්ගානුපස්සී විහරති. සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරන්තො විරාගානුපස්සී විහරන්තො නිරොධානුපස්සී විහරන්තො පටිනිස්සග්ගානුපස්සී විහරන්තො න කිඤ්චි (න ච කිඤ්චි (සී. ස්‍යා. ක.) ම. නි. 1.390 පස්සිතබ්බං) ලොකෙ උපාදියති, අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තංයෙව පරිනිබ්බායති. ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති. එත්තාවතා ඛො, මොග්ගල්ලාන, භික්ඛු සංඛිත්තෙන තණ්හාසඞ්ඛයවිමුත්තො හොති අච්චන්තනිට්ඨො අච්චන්තයොගක්ඛෙමී අච්චන්තබ්‍රහ්මචාරී අච්චන්තපරියොසානො සෙට්ඨො දෙවමනුස්සාන’’න්ති. අට්ඨමං.
61
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර නම් පර්‍වතය අසල මිගදාය නම්වූ භෙස කලාවනයෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටියේ වෙයි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවූ පිරිසිදුවූ දිව ඇසින් ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිබරව වැඩ සිටිනු දැක බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අතක් දිග හරින්නේ යම් සේද, දිග හරින ලද අතක් හකුළුවන්නේ යම් සේද, එපරිද්දෙන්ම භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයෙහි මිගදාය නම්වූ භෙස කලාවනයෙහි අන්තර්ධානවූයේ, මගධරට කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි ආයුෂ්මත්වූ මොග්ගල්ලාන ස්ථවිරයන් ඉදිරියෙහි පහළවිය. භාග්‍යවතුන් වහන්සේ පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩ සිට වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙසේ වදාළහ.
“මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද? මොග්ගල්ලානය, ඔබ නිදිබරව සිටියේ නොවේද?” - “ස්වාමීනි, එසේය.”
“එසේ නම් මොග්ගල්ලානය, යම් සංඥාවක් ඇතිව වාසය කරන්නාවු ඔබ මැලි ගතියට බැස ගන්නෙහිද, ඒ සංඥාව මෙනෙහි නොකරව. ඒ සංඥාව බහුල වශයෙන් මෙනෙහි නොකරව. යම් සේ මෙසේ වාසය කරණ ඔබට මැලි ගතිය පහවන්නේය යන කරුණු පවතී. මෙසේ වාසය කරණ ඔබට ඉදින් ඒ මැලි ගතිය පහනොවන්නේ නම්, එබැවින් අසන ලද ධර්‍මයක් සිතින් නැවත කල්පනා කරව. නැවත සිහි කරව. සිතින් නැවත විමසව. සිත මෙහෙයවා බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, මොග්ගල්ලානය, එබැවින් ඔබ දෙකන් සිදුරු යා කරන්නෙහිය. අතින් ශරීරය පිරිමදින්නෙහිය. (2) යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ අස්නෙන් නැගිට ඇස් තෙමා දිශාවන් බලව. නැකැත් තරු හා තරු රූප බලව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේද, එබැවින් ඔබ ආලෝක සංඥාව සිහි කරව. දහවලය යන සංඥාව සිතින් ගනුව. ‘දවාල යම් සේද, රාත්‍රියත් එසේය. රාත්‍රිය යම් සේද, දවාලත් එසේය’ යි මෙසේ විවෘතවූ වට නොකළ සිතින් ප්‍රභා සහිත සිත වඩව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහ නොවන්නේ නම්, එතැන් පටන් ඔබ ඉදිරිය, පසුව යන හැඟීම ඇත්තේ, අභ්‍යන්තර ගත ඉන්‍ද්‍රියයන්ගෙන් විවේකවූ සිතින් ඒ සක්මනට බසුව. යම් හෙයකින් මෙසේ වාසය කරණ ඔබට ඒ මැලි ගතිය පහව යන්නේය යන මේ කරුණ පවතී.
“මෙසේ වාසය කරණ ඔබට ඒ නිදි මැලි ගතිය ඉදින් දුරු නොවේද, ඉක්බිති මොග්ගල්ලානය, ඔබ පයින් පය එකට තබා සීහ සෙය්‍යාව කරව. සිහි ඇත්තේ, මනා දැනීම් ඇත්තේ, උත්‍ථාන (නැගිටීමේ) සංඥාව මෙනෙහි කොට මොග්ගල්ලානය, පිබිදියාවූ ඔබ නිද්‍රා සුඛය, ස්පර්‍ශ සුඛය, මැලි බවෙහි සුඛය යන මෙහි නොයෙදුණේ වාසය කරන්නෙමියි වහාම නැගිටිය යුතුය.
“මෙසේ වනාහි ඔබ හික්මිය යුතුය. එහෙයින් මොග්ගල්ලානය, මෙහිලා බලවත් ගිජුකම දැඩිකොට ගෙන කුලයන් වෙත නොඑළඹෙන්නෙමියි මෙසේ හික්මිය යුතුය. මොග්ගල්ලානය, ඔබ මෙසේද හික්මිය යුතුයි. මොග්ගල්ලානය, ඉදින් මහණතෙම බලවත් ගිජුකම දැඩිකොට ගෙන කුලයන් වෙත පැමිණේද, මොග්ගල්ලානය, කුලයන්හි කළයුතු වැඩ ඇත. යම් හෙයකින් මිනිස්සු පැමිණියාවූ භික්‍ෂුව සිහි නොකෙරෙති. එකල්හි භික්‍ෂුවට, ‘දැන් මා කෙරෙහි මේ මිනිස්සු වෙනස්වූවා සේය. දැන් මේ මිනිස්සු මා කෙරෙහි කලකිරුණාහු වැනිය’ යි මෙබඳු සිතක් වෙයි. මෙසේ ඒ භික්‍ෂුවට අලාභයෙන් මකු බවද, මකු ගතිය ඇත්තහුට උද්‍ධච්චය (සිතේ නොන්සුන්කම) ද උද්‍ධච්චවූවහුට අසංවරයද, අසංවරවූවහුට සිත සමාධියෙන් දුරු වීමද වේ.
“මොග්ගල්ලානය, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුය. ‘කලහයට හේතුවන කථාව නොකරන්නෙමි’ යි කියායි. මොග්ගල්ලානය, ඔබ මෙසේද හික්මිය යුතුය. මොග්ගල්ලානය, කලහයට හේතුවූ කථාව ඇති කල්හි බහුලව කථා කිරීම බලාපොරොත්තු විය යුතුය. බහුල කථාව ඇති කල්හි නොසන්සුන් කමද, නොසන්සුන්කම ඇත්තහුට අසංවරයද, අසංවරය ඇත්තහුට, සිත සමාධියෙන් දුරු වීමද වේ.
“මොග්ගල්ලානය, මම සියල්ලන් සමගම එක්වීම හොඳයයි නොකියමි. මොග්ගල්ලානය, මම සියල්ලන් සමගම එක්වීම නරකයයිද නොකියමි. මොග්ගල්ලානය, මම ගිහියන් හා පැවිද්දන් සමග එක්වීම වර්‍ණනා නොකරමි. යම් ඒ ස්වල්පවු ශබ්දයන් ඇති, ස්වල්පවූ ඝොෂාවන් ඇති, මිනිසුන්ගේ ශබ්ද නැති, මිනිසුන්ගේ රහස් බවට සුදුසු, විවේක වාසයට සුදුසු, යම් ඒ සේනාසනයෝ වෙද්ද, ඒ සේනාසනයන් සමග එක්වුම වර්‍ණනා කරමි.
“මෙසේ වදාළ කල්හි ආයුෂමත් මහා මොග්ගල්ලායන තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. “ස්වාමීනි, කොපමණකින් භික්‍ෂුතෙම කොටින් (අතිශයින්) නිවුනේ වෙයිද, කාමාදී බැමිවලින් අතිශයින් නිදහස ලැබූයේ වෙයිද, අතිශයින් බ්‍රහ්මවාරීවූයේ වෙයිද, දෙවි මිනිසුන්ට උතුම් වුයේ වෙයිද,
“මොග්ගල්ලානය, මේ ශාසනයෙහි භික්‍ෂුවට සියලු ධර්‍මයෝ අභිනිවෙසයට (-ඇලීමට) නුසුදුසුයයි ශ්‍රුතයක් (-අසනලද්දක්) වෙයි. මොග්ගල්ලානය, මෙහි භික්‍ෂුවට සියලු ධර්‍මයෝ අභිනිවෙසයට නුසුදුසුය කියා මේ ශ්‍රුතයක් වෙයිද, හෙතෙම සියලු ධර්‍මයන් දැන ගනියි. සියලු ධර්‍මයන් දැනගෙන සියලු ධර්‍මයන් පිරිසිඳ දනියි. සියලු ධර්‍මයන් පිරිසිඳ දැන, සැපවු හෝ දුක්වූ හෝ, සැප දුක් දෙකින් තොරවූ හෝ, යම් කිසි වේදනාවක් විඳියි. හෙතෙම ඒ වේදනාවන්හි අනිත්‍යය දකිමින් වාසය කරයි. නොඇලීම් වශයෙන් බලමින් වාසය කරයි. නිරෝධය (වේදනා සිත් නැති කිරීම) අනුව බලමින් වාසය කරයි. දුරු කිරීම අනුව බලමින් වාසය කරයි.
“එසේ අනිත්‍යය, විරාගය, නිරෝධය, පටිනිස්සග්ගය අනුව බලමින් වසන්නේ මේ ලෝකයෙහි කිසිවක් (දැඩිව අල්ලා ගැනීම් වශයෙන්) නොගනියි. එසේ නොගන්නේ ත්‍රස්ත නොවෙයි. ත්‍රස්ත නොවන්නේ තමා තුළම පිරිනිවේ.
“ඉපදීම අවසන්ය. බඹසර වැස නිමවන ලදී. සිවු මගින් කටයුතු දේ කරණ ලදි. මේ ආත්ම භාවයෙන් පසු අනිකක් නැතැයි දැන ගනියි. මොග්ගල්ලානය, මෙපමණකින් භික්‍ෂුව කොටින් තෘෂ්ණාව රැස් කිරීමෙන් මිදුනේ වෙයි. අතිශයින් තැන්පත්වූයේ, කාමාදී බැඳුම්වලින් නිදහස ලැබූයේ, අතිශයින් බ්‍රහ්මචාරී වුයේ, අතිශයින් (සිවු මගින් කටයුතු දේ) අවසන් වුයේ, දෙවි මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූයේ වෙයි.”
9. මෙත්තසුත්තං 9. මා පුඤ්ඤභායී සූත්‍රය
10. භරියාසුත්තං 10. සුජාතඝර සුණ්හා සූත්‍රය
11. කොධනසුත්තං 11. සපත්තකන්ත සූත්‍රය