ත්‍රිපිටකය
6. අබ්‍යාකතවග්ගො 6. අව්‍යාකත වර්‍ගය
1. අබ්‍යාකතසුත්තං 1. අව්‍යාකත වත්‍ථු සූත්‍රය
2. පුරිසගතිසුත්තං 2. පුරිසගති සූත්‍රය
3. තිස්සබ්‍රහ්මාසුත්තං 3. තිස්ස බ්‍රහ්ම සූත්‍රය
4. සීහසෙනාපතිසුත්තං 4. සීහ - දානඵල සූත්‍රය
5. අරක්ඛෙය්‍යසුත්තං 5. අරක්ඛෙය්‍ය ධම්ම සූත්‍රය
6. කිමිලසුත්තං 6. කිම්බිල චිරඨිතික සූත්‍රය
7. සත්තධම්මසුත්තං 7. පටිසල්ලීනභික්ඛු සූත්‍රය
8. පචලායමානසුත්තං 8. පචලායන සූත්‍රය
9. මෙත්තසුත්තං 9. මා පුඤ්ඤභායී සූත්‍රය
10. භරියාසුත්තං 10. සුජාතඝර සුණ්හා සූත්‍රය
11. කොධනසුත්තං 11. සපත්තකන්ත සූත්‍රය
64
‘‘සත්තිමෙ , භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත? ඉධ, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං දුබ්බණ්ණො අස්සා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති. කොධනොයං (කොධනායං (ක.)), භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො, කිඤ්චාපි සො හොති සුන්හාතො සුවිලිත්තො කප්පිතකෙසමස්සු ඔදාතවත්ථවසනො (ඔදාතවසනො (ක.)); අථ ඛො සො දුබ්බණ්ණොව හොති කොධාභිභූතො. අයං, භික්ඛවෙ, පඨමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං දුක්ඛං සයෙය්‍යා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුඛසෙය්‍යාය නන්දති. කොධනොයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො, කිඤ්චාපි සො පල්ලඞ්කෙ සෙති ගොනකත්ථතෙ පටලිකත්ථතෙ කදලිමිගපවරපච්චත්ථරණෙ සඋත්තරච්ඡදෙ උභතොලොහිතකූපධානෙ; අථ ඛො සො දුක්ඛඤ්ඤෙව සෙති කොධාභිභූතො. අයං, භික්ඛවෙ, දුතියො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං න පචුරත්ථො අස්සා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස පචුරත්ථතාය නන්දති . කොධනොයං , භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො, අනත්ථම්පි ගහෙත්වා ‘අත්ථො මෙ ගහිතො’ති මඤ්ඤති , අත්ථම්පි ගහෙත්වා ‘අනත්ථො මෙ ගහිතො’ති මඤ්ඤති. තස්සිමෙ ධම්මා අඤ්ඤමඤ්ඤං විපච්චනීකා ගහිතා දීඝරත්තං අහිතාය දුක්ඛාය සංවත්තන්ති කොධාභිභූතස්ස. අයං, භික්ඛවෙ, තතියො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං න භොගවා අස්සා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස භොගවතාය නන්දති. කොධනස්ස, භික්ඛවෙ, පුරිසපුග්ගලස්ස කොධාභිභූතස්ස කොධපරෙතස්ස, යෙපිස්ස තෙ හොන්ති භොගා උට්ඨානවීරියාධිගතා බාහාබලපරිචිතා සෙදාවක්ඛිත්තා ධම්මිකා ධම්මලද්ධා, තෙපි රාජානො රාජකොසං පවෙසෙන්ති කොධාභිභූතස්ස. අයං, භික්ඛවෙ, චතුත්ථො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං න යසවා අස්සා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස යසවතාය නන්දති. කොධනොයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො, යොපිස්ස සො හොති යසො අප්පමාදාධිගතො, තම්හාපි ධංසති කොධාභිභූතො. අයං, භික්ඛවෙ, පඤ්චමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං න මිත්තවා අස්සා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස මිත්තවතාය නන්දති. කොධනං, භික්ඛවෙ, පුරිසපුග්ගලං කොධාභිභූතං කොධපරෙතං, යෙපිස්ස තෙ හොන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා, තෙපි ආරකා පරිවජ්ජන්ති කොධාභිභූතං. අයං, භික්ඛවෙ, ඡට්ඨො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා.
‘‘පුන චපරං, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති - ‘අහො වතායං කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්‍යා’ති! තං කිස්ස හෙතු? න, භික්ඛවෙ, සපත්තො සපත්තස්ස සුගතිගමනෙ නන්දති. කොධනොයං, භික්ඛවෙ, පුරිසපුග්ගලො කොධාභිභූතො කොධපරෙතො කායෙන දුච්චරිතං චරති, වාචාය දුච්චරිතං චරති, මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය...පෙ.... කායස්ස භෙදා පරං මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති කොධාභිභූතො. අයං, භික්ඛවෙ, සත්තමො ධම්මො සපත්තකන්තො සපත්තකරණො කොධනං ආගච්ඡති ඉත්ථිං වා පුරිසං වා. ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා’’ති.
‘‘කොධනො දුබ්බණ්ණො හොති, අථො දුක්ඛම්පි සෙති සො;
අථො අත්ථං ගහෙත්වාන, අනත්ථං අධිපජ්ජති (අධිගච්ඡති (සී.), පටිපජ්ජති (ස්‍යා.)).
‘‘තතො කායෙන වාචාය, වධං කත්වාන කොධනො;
කොධාභිභූතො පුරිසො, ධනජානිං නිගච්ඡති.
‘‘කොධසම්මදසම්මත්තො , ආයසක්‍යං (ආයසක්ඛං (ස්‍යා.)) නිගච්ඡති;
ඤාතිමිත්තා සුහජ්ජා ච, පරිවජ්ජන්ති කොධනං.
(ඉතිවු. 88 ඉතිවුත්තකෙපි) ‘‘අනත්ථජනනො කොධො, කොධො චිත්තප්පකොපනො;
භයමන්තරතො ජාතං, තං ජනො නාවබුජ්ඣති.
‘‘කුද්ධො අත්ථං න ජානාති, කුද්ධො ධම්මං න පස්සති;
අන්ධතමං තදා හොති, යං කොධො සහතෙ නරං.
‘‘යං කුද්ධො උපරොධෙති, සුකරං විය දුක්කරං;
පච්ඡා සො විගතෙ කොධෙ, අග්ගිදඩ්ඪොව තප්පති.
‘‘දුම්මඞ්කුයං පදස්සෙති (සදස්සෙති (සී.), පඨමං දස්සෙති (ස්‍යා.)), ධූමං ධූමීව පාවකො;
යතො පතායති කොධො, යෙන කුජ්ඣන්ති මානවා.
‘‘නාස්ස හිරී න ඔත්තප්පං (න අස්ස හිරී ඔත්තප්පඤ්ච (ක.)), න වාචො හොති ගාරවො;
කොධෙන අභිභූතස්ස, න දීපං හොති කිඤ්චනං.
‘‘තපනීයානි කම්මානි, යානි ධම්මෙහි ආරකා;
තානි ආරොචයිස්සාමි, තං සුණාථ යථා තථං.
‘‘කුද්ධො හි පිතරං හන්ති, හන්ති කුද්ධො සමාතරං;
කුද්ධො හි බ්‍රාහ්මණං හන්ති, හන්ති කුද්ධො පුථුජ්ජනං.
‘‘යාය මාතු භතො පොසො, ඉමං ලොකං අවෙක්ඛති;
තම්පි පාණදදිං සන්තිං, හන්ති කුද්ධො පුථුජ්ජනො.
‘‘අත්තූපමා හි තෙ සත්තා, අත්තා හි පරමො (පරමං (සී. ස්‍යා.)) පියො;
හන්ති කුද්ධො පුථුත්තානං, නානාරූපෙසු මුච්ඡිතො.
‘‘අසිනා හන්ති අත්තානං, විසං ඛාදන්ති මුච්ඡිතා;
රජ්ජුයා බජ්ඣ මීයන්ති, පබ්බතාමපි කන්දරෙ.
‘‘භූනහච්චානි (භූතහච්චානි (සී. ස්‍යා.)) කම්මානි, අත්තමාරණියානි ච;
කරොන්තා නාවබුජ්ඣන්ති (කරොන්තො නාවබුජ්ඣති (ක.)), කොධජාතො පරාභවො.
‘‘ඉතායං කොධරූපෙන, මච්චුපාසො ගුහාසයො;
තං දමෙන සමුච්ඡින්දෙ, පඤ්ඤාවීරියෙන දිට්ඨියා.
‘‘යථා මෙතං (එකමෙතං (ස්‍යා.), එකමෙතං (සී.)) අකුසලං, සමුච්ඡින්දෙථ පණ්ඩිතො;
තථෙව ධම්මෙ සික්ඛෙථ, මා නො දුම්මඞ්කුයං අහු.
‘‘වීතකොධා අනායාසා, වීතලොභා අනුස්සුකා (අනිස්සුකා (සී. ස්‍යා.) තදට්ඨකථාසු පන ‘‘අනුස්සුකා’’ ත්වෙව දිස්සති);
දන්තා කොධං පහන්ත්වාන, පරිනිබ්බන්ති අනාසවා’’ති (පරිනිබ්බිස්සථනාසවාති (ස්‍යා.), පරිනිබ්බිංසු අනාසවාති (ක.)). එකාදසමං;
64
“මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇතිකරන්නාවූ, මේ ධර්‍ම සතක් ක්‍රොධ කරණ සුළු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ වෙත්.
“ඒ සත කවරේද? මහණෙනි, සතුරා සතුරාට මෙසේ කැමතිවෙයි. ඒකාන්තයෙන් මේ තෙම දුර්‍වර්‍ණ වන්නේ නම් යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ ශරීරයේ පැහැපත් බවට සතුටු නොම වෙයි. මහණෙනි, මේ පුරුෂ තෙම ක්‍රෝධ කරණ සුල්ලෙක් වූයේ, ක්‍රෝධයෙන් මැඩුණ කෙනෙක් වූයේ, ක්‍රෝධයෙන් යුක්ත කෙනෙක් වූයේ, මනාකොට නෑවේ වේද, සුවඳ විලවුන් ගැල්වූයේ වේද, කපන ලද දැලි රැවුල් ඇත්තේ වේද, සුදු (පිරිසිදු) වස්ත්‍ර ඇන්දේ වේද, ඉක්බිති හෙතෙම ක්‍රෝධයෙන් දුර්‍වර්‍ණ වූයේම වෙයි. “මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇති කරන්නාවූ, මේ පළමුවන ධර්‍මය මෙයින් ක්‍රෝධ කරණ ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි. මහණෙනි, නැවතද සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙම දුකසේ සයනය කරන්නේ නම් ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ සුඛශෙය්‍යාවම කැමති නොවෙයි. මහණෙනි, මේ පුරුෂයා ක්‍රෝධ ඇත්තේ, ක්‍රෝධයෙන් මැඩුණේ, ක්‍රෝධයෙන් යුක්තවූයේ, හුදෙක් හෙතෙම දික් ලොම් ඇති ඇතිරිලිවලින් හෝ ගෙතූ මල් ඇති ඇතිරිලිවලින් යුත් දෙපස රතුවන් කොට්ටා ඇති ඇතිරිලිවලින් හෝ රැලි එල්ලී ඇති ඇතිරිලිවලින් හෝ මුවාදී සතුන්ගේ රූප ගෙතූ ඇතිරිලිවලින් හෝ වසන ලද කවිච්චියක සයනය කෙරේද, ඉක්බිති හෙතෙම ක්‍රෝධයෙන් මඩනා ලද්දේ දුකසේ සයනය කරයි.
“මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇති කරන්නාවූ, දෙවන ධර්‍මය ක්‍රෝධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයකුට ඇතිවෙයි.
“නැවතද මහණෙනි, සතුරා සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙමේ බොහෝ අභිවෘද්ධියට නොපැමිණෙන්නේ නම් යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ බොහෝ අභිවෘද්ධියට සතුටු නොවෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ, අයහපත් දෙයක් ගෙන මා විසින් ගන්නා ලද්දේ, යහපත් දෙයක් යයි සිතයි. අයහපත් දෙයක් ගෙන මා විසින් ගන්නා ලද්දේ යහපත් දෙයකැයි සිතයි. ක්‍රෝධයෙන් මඩනා ලද්දාවූ මේ ධර්‍මයෝ අන්යොන්‍ය ප්‍රතිවිරුද්ධව ගන්නා ලද්දේ දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස පවතිත්. මහණෙනි, මේ සතුරන් ඇති කරන්නාවූ, සතුරන් ප්‍රිය කරන්නාවූ, තුන්වන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.
“මහණෙනි, නැවතද සතුරා සතුරාට මෙසේ කැමතිවෙයි. මේ තෙමේ භොග සම්පත් ඇති නොවන්නෙක් වේ නම් ඉතා යෙහෙක යනුවෙනි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාට භොග ඇති කල්හි සතුටු නොවෙයි. මහණෙනි, ක්‍රොධ කරණ සුලු, ක්‍රෝධයෙන් මැඩුණාවූ, මේ පුද්ගලයාට උත්තාන වීර්‍ය්‍යයෙන් ලබන ලද බාහු බලයෙන් පුරුදු කරණ ලද, ඩහදිය වගුරුවන ලද, ධාර්මිකවු, දැහැමින් ලද්දාවු, ඒ භොගයෝ වෙද්ද, ක්‍රෝධයෙන් මැඩුණහුගේ ඒ ධනයන්ද රජවරු තුමූ රාජ කොෂ්ටාගාරයට (-භාණ්ඩාගාරයට) යවත්. මහණෙනි, මේ සතුරන් ඇති කරන්නාවූ, සතුරන් ප්‍රිය කරන්නාවූ, මේ සතරවන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.
“මහණෙනි, නැවතද වනාහි සතුරා සතුරාට මෙසේ සිතයි. මේ තෙමේ කීර්ති ඇත්තෙක් නොවන්නේ නම් ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? මහණෙනි, සතුරා සතුරාගේ කීර්තියට සතුටු නොවේ. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ, ක්‍රෝධයෙන් යුක්තවූයේ වේද, එබඳුවූ ඔහුගේ අප්‍රමාදයෙන් ලබන ලද යම් ඒ කීර්තියක් වේද, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ එයිනුදු නැසෙයි. මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, මේ පස්වන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ පැමිණෙයි.
“මහණෙනි, නැවතද වනාහි සතුරාට මෙසේ කැමති වෙයි. මේ තෙමේ මිත්‍රයන් නැත්තෙක් වන්නේ නම් ඉතා යෙහෙක කියාය. එයට හේතු කවරේද? සතුරා සතුරාට මිත්‍රයන් ඇතිවිම ගැන සතුටු නොවෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ ඇත්තේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ, ක්‍රෝධයෙන් යුක්තවූයේ වේද, එබඳුවූ ඔහුගේ යම් මිත්‍රාමාත්‍යයෝ වෙද්ද, නෑ සහ ලේ නෑයෝ වෙද්ද, ඔවුහුද, ක්‍රෝධයෙන් මඩනා ලද ඔහු දුරින් දුරු කෙරෙත්. මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, මේ සයවන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.
“මහණෙනි, නැවතද වනාහි සතුරා සතුරාට මෙසේ සිතයි. මේ තෙමේ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදින්නේ නම්, ඉතා යෙහෙක කියායි. එයට හේතු කවරේද? සතුරා සතුරාගේ සුගති ගමනින් නොසතුටු වෙයි. මහණෙනි, මේ පුද්ගල තෙම ක්‍රොධ කරණ සුලු වූයේ, ක්‍රෝධයෙන් මඩනා ලද්දේ වේද, හෙතෙම කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. සිතින් දුසිරිතෙහි හැසිරෙයි. හෙතෙම කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, සිතින් දුසිරිතෙහි හැසිර, ක්‍රෝධයෙන් මඩනා ලද හෙතෙම ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. මහණෙනි, මේ සතුරන් ප්‍රිය කරන්නාවු, සතුරන් ඇති කරන්නාවු, සත්වන ධර්‍මය ක්‍රොධ කරණ සුලු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ ඇතිවෙයි.
“මහණෙනි, සතුරන් ප්‍රිය කරන්නාවූ, සතුරන් ඇතිකරන්නාවූ, මේ ධර්‍ම සතක් ක්‍රොධ කරණ සුළු ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ වෙත්.
“ක්‍රෝධ ඇති පුද්ගල තෙම දුර්වර්‍ණ ඇත්තේ වේ. යලිදු හෙතෙම දුකසේ සයනය කරයි. නැවත අර්ත්‍ථය (වැඩීම) ගෙන අනර්ථය මා විසින් ගන්නා ලද්දේ යයි සිතයි.
“ක්‍රෝධයෙන් මැඩුනාවූ පුරුෂ තෙම කයින්ද, වචනයෙන්ද ප්‍රාණඝාත කර්‍ම කොට නැවත ක්‍රොධ ඇත්තේ ධන හානියට පැමිණෙයි.
“ක්‍රොධ මදයෙන් මත්වුයේ, අයසට පැමිණෙයි. ක්‍රෝධය ඇත්තාවූ ඔහු ඥාති මිත්‍රයන් හා මනා සිත් ඇති යහළුවන් දුරු කරත්.
“ක්‍රෝධය තෙම අනර්ත්‍ථය උපදවන්නේය. ක්‍රෝධය සිත් කෝප කරවන්නේය. ඇතුළ (තමා සිත්හි) හටගත් ඒ ක්‍රෝධය භයට හේතුවන බැව් ජන තෙම (නුවණැස් නැති හෙයින්) නොදන්නේය.
“කිපුනු පුද්ගල තෙම යහපත නොදනියි. කිපුනු පුද්ගල තෙම ධර්‍මය නොදක්නේය. ක්‍රෝධය යම් කාලයෙක්හි මිනිසා මඩීද, එකල්හි (ඕහට) ගන අඳුර වේ.
“කිපුනු පුද්ගල තෙම අපහසුවූ දෙය පහසුවක් මෙන් සම්පාදනය කෙරේද, හෙතෙම ක්‍රෝධය පහවූ කල්හි ගින්නෙන් දන ලද්දක්හු මෙන් තැවේ.
“ක්‍රෝධය යම් කලෙක උපදීද, එකල්හි දුම් නගින හෙයින් ධූමාග්නියයි කියන ලද ගින්න මෙන් දුර්වර්ණ මුහුණ ඇති බව ආකාරයෙන් දක්වන්නේය. යම් පරිද්දෙකින් මනුෂ්‍යයෝ කිපෙද්ද, ඔවුන්ට පාපයෙහි ලජ්ජාවක් නොවන්නේය. පාපයෙහි බියක් නොවන්නේය. වචනයෙන්ද ගරුත්‍වයක් නොවන්නේය. ක්‍රෝධයෙන් වැඩුණ පුද්ගලයාට කිසි පිහිටක් නොවේ.
“සමථ විදර්‍ශනා මාර්‍ගයන්ගෙන් වෙන්වූ තැවෙන්නාවූ කටයුතු වෙද්ද, ඒ කර්‍මයන් කියන්නෙමි. එය තත්වූ පරිද්දෙන් අසව්.”
“කිපුනු සිතැත්තේ පියා නසයි. කිපුනු සිතැත්තේ සිය මව නසයි. කිපුනු සිතැත්තේ රහතුන් වහන්සේ නසයි. කිපුනු සිතැත්තේ පෘථග්ජනයා නසයි. “
“යම් මවක් විසින් පෝෂ්‍යය කරණ ලද්දාවූ පුරුෂ තෙම ලෝකය දකීද, ජීවිතය දුන්නාවූම ඒ මවද නසයි.
“කිපුනු පුද්ගල තෙම බොහෝ ජනයන් නසන්නේද, නසනු ලබන්නාවූ ඒ සත්ත්‍වයෝ වනාහි තමාට බඳු උපමා ඇත්තාහ. ආත්මය වනාහි අතිශයින් ප්‍රිය වේ. කිපුනු පුද්ගල තෙම නොයෙක් අරමුණුවල මුළාවූයේ බොහෝ කාරණයන් හේතුකොටගෙන ආත්මය නසයි.
“කිපුනු පුද්ගල තෙම කඩුවෙන් ආත්මය නසයි. මුලාවූවාහු විෂ අනුභව කෙරෙති. ගෙල වැළලා මැරෙත්. පර්‍වතයෙන් හා කඳු රැලියෙහිද (පැන) මැරෙත්.”
“නැසුනාවූ වැඩීම් ඇති තමන් මරණයට පමුණුවන්නාවූද, කර්‍මයන් කරන්නාහු හටගත් ක්‍රොධ ඇත්තේ පිරිහෙන්නේයයි නොදනිත්.”
“මෙසේ මෙය ක්‍රොධ ස්වරූපයෙන් මරුහුගේ පාශය වූයේ සිත් නමැති ගුහාවෙහි හෘදය රූපය නිසා පවත්තේය. ඒ ක්‍රෝධය විදර්‍ශනා ප්‍රඥාවෙන්ද, වීර්‍ය්‍යයෙන්ද, (මාර්‍ග සම්‍යක්-) දෘෂ්ටියෙන්ද (යන මේ) දමනයෙන් මනාකොට සිඳින්නේය.”
පණ්ඩිත තෙම එකම අකුශලයවූ මේ ක්‍රෝධය සිඳින්නේය. එපරිද්දෙන්ම අපට නොසතුටු මුහුණ ඇති බව නොවේවායි (සමථ විදර්‍ශනා) ධර්‍මයෙහි හික්මෙන්නේය.”
“පහකරණ ලද ක්‍රෝධය ඇති ආයාශ රහිතවු (දැඩි ලෝභය නැත්තාවු) පහකරණ ලද මෝහය ඇති, දැමුනාහු, ක්‍රෝධය නසා ආශ්‍රව රහිත වුවාහු, පිරිනිවන් පාත්.”