ත්‍රිපිටකය
5. මහායඤ්ඤවග්ගො 5. මහායඤ්ඤ වර්ගය
1. සත්තවිඤ්ඤාණට්ඨිතිසුත්තං 1. විඤ්ඤාණඨිති සූත්‍රය
2. සමාධිපරික්ඛාරසුත්තං 2. සමාධිපරික්ඛාර සූත්‍රය
3. පඨමඅග්ගිසුත්තං 3. සත්තග්ගි සූත්‍රය
4. දුතියඅග්ගිසුත්තං 4. මහාසඤ්ඤ (උග්ගත ශරීර) සූත්‍රය
5. පඨමසඤ්ඤාසුත්තං 5. සංඛිත්ත සත්ත සඤ්ඤා සූත්‍රය
6. දුතියසඤ්ඤාසුත්තං 6. විත්‍ථත සත්ත සඤ්ඤා සූත්‍රය
7. මෙථුනසුත්තං 7. සත්ත මෛථුන සූත්‍රය
8. සංයොගසුත්තං 8. සංයෝග වියෝග සූත්‍රය
9. දානමහප්ඵලසුත්තං 9. වම්පෙය්‍යක දානානිසංස සූත්‍රය
52
එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ. අථ ඛො සම්බහුලා චම්පෙය්‍යකා උපාසකා යෙන ආයස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො චම්පෙය්‍යකා උපාසකා ආයස්මන්තං සාරිපුත්තං එතදවොචුං - ‘‘චිරස්සුතා නො, භන්තෙ (භන්තෙ සාරිපුත්ත (සී.)), භගවතො සම්මුඛා ධම්මීකථා. සාධු මයං, භන්තෙ, ලභෙය්‍යාම භගවතො සම්මුඛා ධම්මිං කථං (භගවතො සන්තිකා ධම්මිං කථං (සී.), භගවතො ධම්මිං කථං (ස්‍යා.)) සවනායා’’ති. ‘‘තෙනහාවුසො, තදහුපොසථෙ ආගච්ඡෙය්‍යාථ, අප්පෙව නාම ලභෙය්‍යාථ භගවතො සම්මුඛා (භගවතො සන්තිකෙ (ස්‍යා.)) ධම්මිං කථං සවනායා’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො චම්පෙය්‍යකා උපාසකා ආයස්මතො සාරිපුත්තස්ස පටිස්සුත්වා උට්ඨායාසනා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමිංසු.
අථ ඛො චම්පෙය්‍යකා උපාසකා තදහුපොසථෙ යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙහි චම්පෙය්‍යකෙහි උපාසකෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච -
‘‘සියා නු ඛො, භන්තෙ, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං හොති න මහානිසංසං; සියා පන, භන්තෙ, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං හොති මහානිසංස’’න්ති? ‘‘සියා, සාරිපුත්ත, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං හොති න මහානිසංසං; සියා පන, සාරිපුත්ත, ඉධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං හොති මහානිසංස’’න්ති. ‘‘කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං හොති න මහානිසංසං; කො නු ඛො, භන්තෙ, හෙතු කො පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං හොති මහානිසංස’’න්ති?
‘‘ඉධ, සාරිපුත්ත, එකච්චො සාපෙඛො (සාපෙක්ඛො (ස්‍යා.)) දානං දෙති, පතිබද්ධචිත්තො (පතිබන්ධචිත්තො (ක.)) දානං දෙති, සන්නිධිපෙඛො දානං දෙති, ‘ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමී’ති දානං දෙති. සො තං දානං දෙති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. තං කිං මඤ්ඤසි, සාරිපුත්ත, දදෙය්‍ය ඉධෙකච්චො එවරූපං දාන’’න්ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘තත්‍ර, සාරිපුත්ත, ය්වායං සාපෙඛො දානං දෙති , පතිබද්ධචිත්තො දානං දෙති, සන්නිධිපෙඛො දානං දෙති, ‘ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමී’ති දානං දෙති. සො තං දානං දත්වා කායස්ස භෙදා පරං මරණා චාතුමහාරාජිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. සො තං කම්මං ඛෙපෙත්වා තං ඉද්ධිං තං යසං තං ආධිපච්චං ආගාමී හොති ආගන්තා ඉත්ථත්තං.
‘‘ඉධ පන, සාරිපුත්ත, එකච්චො න හෙව ඛො සාපෙඛො දානං දෙති, න පතිබද්ධචිත්තො දානං දෙති, න සන්නිධිපෙඛො දානං දෙති, න ‘ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමී’ති දානං දෙති; අපි ච ඛො ‘සාහු දාන’න්ති දානං දෙති...පෙ.... නපි ‘සාහු දාන’න්ති දානං දෙති; අපි ච ඛො ‘දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි න අරහාමි පොරාණං කුලවංසං හාපෙතු’න්ති දානං දෙති...පෙ.... නපි ‘දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි න අරහාමි පොරාණං කුලවංසං හාපෙතු’න්ති දානං දෙති; අපි ච ඛො ‘අහං පචාමි, ඉමෙ න පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං දානං අදාතු’න්ති දානං දෙති...පෙ.... නපි ‘අහං පචාමි, ඉමෙ න පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං දානං අදාතු’න්ති දානං දෙති; අපි ච ඛො ‘යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායඤ්ඤානි අහෙසුං, සෙය්‍යථිදං - අට්ඨකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමදග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතී’ති දානං දෙති...පෙ.... නපි ‘යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායඤ්ඤානි අහෙසුං, සෙය්‍යථිදං - අට්ඨකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමදග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතී’ති දානං දෙති; අපි ච ඛො ‘ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනතා සොමනස්සං උපජායතී’ති දානං දෙති...පෙ.... නපි ‘ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනතා සොමනස්සං උපජායතී’ති දානං දෙති; අපි ච ඛො චිත්තාලඞ්කාරචිත්තපරික්ඛාරං දානං දෙති. සො තං දානං දෙති සමණස්ස වා බ්‍රාහ්මණස්ස වා අන්නං පානං වත්ථං යානං මාලාගන්ධවිලෙපනං සෙය්‍යාවසථපදීපෙය්‍යං. තං කිං මඤ්ඤසි, සාරිපුත්ත, දදෙය්‍ය ඉධෙකච්චො එවරූපං දාන’’න්ති? ‘‘එවං, භන්තෙ’’.
‘‘තත්‍ර, සාරිපුත්ත, ය්වායං න හෙව (නහෙව ඛො (සී. ස්‍යා.)) සාපෙඛො දානං දෙති; න පතිබද්ධචිත්තො දානං දෙති; න සන්නිධිපෙඛො දානං දෙති; න ‘ඉමං පෙච්ච පරිභුඤ්ජිස්සාමී’ති දානං දෙති; නපි ‘සාහු දාන’න්ති දානං දෙති; නපි ‘දින්නපුබ්බං කතපුබ්බං පිතුපිතාමහෙහි න අරහාමි පොරාණං කුලවංසං හාපෙතු’න්ති දානං දෙති; නපි ‘අහං පචාමි, ඉමෙ න පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං දානං අදාතු’න්ති දානං දෙති; නපි ‘යථා තෙසං පුබ්බකානං ඉසීනං තානි මහායඤ්ඤානි අහෙසුං, සෙය්‍යථිදං - අට්ඨකස්ස වාමකස්ස වාමදෙවස්ස වෙස්සාමිත්තස්ස යමදග්ගිනො අඞ්ගීරසස්ස භාරද්වාජස්ස වාසෙට්ඨස්ස කස්සපස්ස භගුනො, එවං මෙ අයං දානසංවිභාගො භවිස්සතී’ති දානං දෙති; නපි ‘ඉමං මෙ දානං දදතො චිත්තං පසීදති, අත්තමනතා සොමනස්සං උපජායතී’ති දානං දෙති; අපි ච ඛො චිත්තාලඞ්කාරචිත්තපරික්ඛාරං දානං දෙති. සො තං දානං දත්වා කායස්ස භෙදා පරං මරණා බ්‍රහ්මකායිකානං දෙවානං සහබ්‍යතං උපපජ්ජති. සො තං කම්මං ඛෙපෙත්වා තං ඉද්ධිං තං යසං තං ආධිපච්චං අනාගාමී හොති අනාගන්තා ඉත්ථත්තං. අයං ඛො, සාරිපුත්ත, හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං න මහප්ඵලං හොති න මහානිසංසං. අයං පන, සාරිපුත්ත, හෙතු අයං පච්චයො යෙන මිධෙකච්චස්ස තාදිසංයෙව දානං දින්නං මහප්ඵලං හොති මහානිසංස’’න්ති. නවමං.
52
“එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමිපයෙහිවු ගර්‍ගරා පොකුණු තෙර වැඩ වසණ සේක. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමිනි, ශාරීපුත්‍රයන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසා බොහෝ කල් වෙමු. ස්වාමිනි, අපි භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහි දැහැමි කථාවක් අසමු නම් ඉතා යහපති.”
“එසේ නම් ඇවැත්නි, පැමිණ සිටි උපෝසථ දිනයෙහි පැමිනෙනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ සමිපයෙන් දැහැමි කථාවක් ඇසීම ඉතා යහපති.”
“එසේය ස්වාමිනි,” යි ඒ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දී, අසුන්වලින් නැගිට, උන්වහන්සේට වැඳ, පැදකුණු කොට ගියහ.
“ඉක්බිති ඒ චම්පා නගර වැසි උපාසකවරු පැමිණ සිටි උපෝසථ දිනයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ. ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ චම්පා නගර වැසි උපාසකවරුන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත් ඵල නොවුයේ වන්නේද, මහානිශංස නොවූයේ වන්නේද, ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ වන්නේද, මහානිශංස වූයේ වන්නේද?”
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ වන්නේය. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ වන්නේය.” “ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද? ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද?”
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් දෙයි. ඇලුනු සිතැතිව දන්දෙයි. රැස්කිරීම් සිතැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්-සුවඳ-විලවුන්, නිදන දේ, ගෘහ පහන් යන මෙයින් ඒ දානය දෙයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවු දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?” “එසේය ස්වාමිනි.”
“ශාරීපුත්‍රය, එහි යමෙක් බලාපොරොත්තු ඇතිව දන් දෙයි. ඇළුනු සිතැතිව දන් දෙයි. රැස් කිරීම් සිතැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ඒ දානය දි, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදියි. හෙතෙම ඒ කර්‍මය, ඒ ඎද්ධිය, ඒ යශස, ඒ අධිපති භාවය ගෙවා මෙලොවට එන සුළුවූයේ වෙයි.
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් නොම දෙයි. ඇළුනු සිතැතිව දන් නොම දෙයි. රැස් කිරීම් සිතැතිව දන් නොම දෙයි. මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් නොම දෙයි. එසේ නමුදු දානය යහපත්යයි දන් දෙයි. නැවතද වනාහි පිය, මුතු, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේය. පෙර කරණ ලද්දේය. කුල වංශය පුරාණ දේ අත් හරින්ට නුසුදුසු වෙමියි දන් දෙයි. පිය, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේ නොවේ. කරණ ලද්දේ නොවේ. කුල වංශය අත් හරින්ට නුසුදුස්සෙමියි දන් දෙයි.
“නැවතද වනාහි ‘මම පිසමි. මොවුහු නොපිසිත්. පිසන්නා නොපිසන්නට නොදීම නුසුදුසුය’ යි (සිතා) දන් දෙයි. “මම ද නොපිසමි. මොවුහුද නොපිසිත්. පිසන්නා නොපිසන්නන්ට නොදීම නුසුදුසුය’ යි දන් දෙයි. නැවතද වනාහි යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප යන මොවුන්ගේය. මෙසේ මාගේ මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි. යම් සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ නොවූහ. ඒ කෙසේද? නැවතද වනාහි යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප යන මොවුන්ගේය. නැවතද වනාහි මාගේ මේ දානය දෙනුයේ සිත පහදියි. සතුටුවීමෙන් සොම්නස උපදියයි දන් දෙයි. මේ දානය දීමෙන් සිත නොපහදියි. නොසතුටු වීමෙන් සොම්නස උපදීයයි දන් දෙයි.
“නැවතද චිත්තාලංකාරය පිණිස සිතට වුවමනා දේ පිණිස යයි දන් දෙයි. හෙතෙම පැවිද්දෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාර පාන, වස්ත්‍ර, යාන, මල් සුවඳ විලවුන්, නිදන දේ, ගෘහ, පහන් යන මෙයින් ඒ දානය දෙයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවූ දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?”
“එසේය, ස්වාමිනි. යම් ඒ කෙනෙක් බලාපොරොත්තු නැතිව දන් දෙයි. ඇළුන සිත් නැතිව දන් දෙයි. රැස්කිරීම් සිත් නැතිව දන් දෙයි. මෙය පරලොවදී අනුභව නොකරන්නෙමියි දන් දෙයි. දානය යහපත් නොවෙතැයි දන් දෙයි. පිය මි මුතුන් විසින් නොම දෙන ලද්දේය. නොම කරණ ලද්දේය. පුරාණ කුල වංශය අත් හරින්ට නොහැක්කෙමියි දන් දෙයි. මම නොපිසමි. මොවුහු නොපිසිත්. පිසන්නා නොපිසන්නන්ට නොදෙන්ට නුසුදුසුය’ යි දන් දෙයි. යම් සේ වුන්ගේ පූර්‍ව ඎෂීන්ගේ මහා යාගයෝ නොවූහ. ඒ කෙසේද, අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොවුන්ගේයි. මෙසේ මේ දානය මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි. ‘මාගේ මේ දානය දෙන්නේ සිත නොපහදියි. සිත සතුටු නොවූයේ සොම්නස නොඋපදිය’ යි දන් දෙයි. එසේ නමුදු සිතේ අලංකාරය පිණිස, සිතට වුවමනා දේ පිණිස, දන් දෙයි. හෙතෙම ඒ දානය දී ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු බ්‍රහ්ම කායික දෙවියන් සමග උපදියි. හෙතෙම ඒ කර්‍මය ගෙවා ඒ ඎද්‍ධිය, ඒ යසස, ඒ ආධිපත්‍යය ගෙවා මෙලොවට නොඑනසුළු වූයේ අනාගාමී වෙයි.
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට එබඳු දෙන ලද දන් මහත්ඵල නොවූයේ වේද, මහානිශංස නොවූයේ වේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙකුට එබඳු දෙන ලද දන් මහත්ඵල වූයේද, මහානිශංස වූයේද, මේ එයට හේතුවයි. මේ එයට ප්‍රත්‍යයයි.
10. නන්දමාතාසුත්තං 10. (වෙළුකණ්ටකී) නන්‍දමාතු සූත්‍රය