ත්‍රිපිටකය
5. මහායඤ්ඤවග්ගො 5. මහායඤ්ඤ වර්ගය
1. සත්තවිඤ්ඤාණට්ඨිතිසුත්තං 1. විඤ්ඤාණඨිති සූත්‍රය
2. සමාධිපරික්ඛාරසුත්තං 2. සමාධිපරික්ඛාර සූත්‍රය
3. පඨමඅග්ගිසුත්තං 3. සත්තග්ගි සූත්‍රය
4. දුතියඅග්ගිසුත්තං 4. මහාසඤ්ඤ (උග්ගත ශරීර) සූත්‍රය
5. පඨමසඤ්ඤාසුත්තං 5. සංඛිත්ත සත්ත සඤ්ඤා සූත්‍රය
6. දුතියසඤ්ඤාසුත්තං 6. විත්‍ථත සත්ත සඤ්ඤා සූත්‍රය
7. මෙථුනසුත්තං 7. සත්ත මෛථුන සූත්‍රය
8. සංයොගසුත්තං 8. සංයෝග වියෝග සූත්‍රය
51
‘‘සංයොගවිසංයොගං වො, භික්ඛවෙ, ධම්මපරියායං දෙසෙස්සාමි. තං සුණාථ...පෙ.... කතමො ච සො, භික්ඛවෙ, සංයොගො විසංයොගො ධම්මපරියායො?
‘‘ඉත්ථී, භික්ඛවෙ, අජ්ඣත්තං ඉත්ථින්ද්‍රියං මනසි කරොති - ඉත්ථිකුත්තං ඉත්ථාකප්පං ඉත්ථිවිධං ඉත්ථිච්ඡන්දං ඉත්ථිස්සරං ඉත්ථාලඞ්කාරං. සා තත්ථ රජ්ජති තත්‍රාභිරමති. සා තත්ථ රත්තා තත්‍රාභිරතා බහිද්ධා පුරිසින්ද්‍රියං මනසි කරොති - පුරිසකුත්තං පුරිසාකප්පං පුරිසවිධං පුරිසච්ඡන්දං පුරිසස්සරං පුරිසාලඞ්කාරං. සා තත්ථ රජ්ජති තත්‍රාභිරමති. සා තත්ථ රත්තා තත්‍රාභිරතා බහිද්ධා සංයොගං ආකඞ්ඛති. යඤ්චස්සා සංයොගපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං තඤ්ච ආකඞ්ඛති. ඉත්ථත්තෙ, භික්ඛවෙ, අභිරතා සත්තා පුරිසෙසු සංයොගං ගතා. එවං ඛො, භික්ඛවෙ, ඉත්ථී ඉත්ථත්තං නාතිවත්තති.
‘‘පුරිසො, භික්ඛවෙ, අජ්ඣත්තං පුරිසින්ද්‍රියං මනසි කරොති - පුරිසකුත්තං පුරිසාකප්පං පුරිසවිධං පුරිසච්ඡන්දං පුරිසස්සරං පුරිසාලඞ්කාරං. සො තත්ථ රජ්ජති තත්‍රාභිරමති. සො තත්ථ රත්තො තත්‍රාභිරතො බහිද්ධා ඉත්ථින්ද්‍රියං මනසි කරොති - ඉත්ථිකුත්තං ඉත්ථාකප්පං ඉත්ථිවිධං ඉත්ථිච්ඡන්දං ඉත්ථිස්සරං ඉත්ථාලඞ්කාරං. සො තත්ථ රජ්ජති තත්‍රාභිරමති. සො තත්ථ රත්තො තත්‍රාභිරතො බහිද්ධා සංයොගං ආකඞ්ඛති. යඤ්චස්ස සංයොගපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං තඤ්ච ආකඞ්ඛති. පුරිසත්තෙ, භික්ඛවෙ, අභිරතා සත්තා ඉත්ථීසු සංයොගං ගතා. එවං ඛො, භික්ඛවෙ, පුරිසො පුරිසත්තං නාතිවත්තති. එවං ඛො, භික්ඛවෙ, සංයොගො හොති.
‘‘කථඤ්ච, භික්ඛවෙ, විසංයොගො හොති? ඉත්ථී, භික්ඛවෙ, අජ්ඣත්තං ඉත්ථින්ද්‍රියං න මනසි කරොති - ඉත්ථිකුත්තං ඉත්ථාකප්පං ඉත්ථිවිධං ඉත්ථිච්ඡන්දං ඉත්ථිස්සරං ඉත්ථාලඞ්කාරං. සා තත්ථ න රජ්ජති, සා තත්‍ර නාභිරමති. සා තත්ථ අරත්තා තත්‍ර අනභිරතා බහිද්ධා පුරිසින්ද්‍රියං න මනසි කරොති - පුරිසකුත්තං පුරිසාකප්පං පුරිසවිධං පුරිසච්ඡන්දං පුරිසස්සරං පුරිසාලඞ්කාරං. සා තත්ථ න රජ්ජති, තත්‍ර නාභිරමති. සා තත්ථ අරත්තා තත්‍ර අනභිරතා බහිද්ධා සංයොගං නාකඞ්ඛති. යඤ්චස්සා සංයොගපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං තඤ්ච නාකඞ්ඛති. ඉත්ථත්තෙ, භික්ඛවෙ , අනභිරතා සත්තා පුරිසෙසු විසංයොගං ගතා. එවං ඛො, භික්ඛවෙ, ඉත්ථී ඉත්ථත්තං අතිවත්තති.
‘‘පුරිසො, භික්ඛවෙ, අජ්ඣත්තං පුරිසින්ද්‍රියං න මනසි කරොති - පුරිසකුත්තං පුරිසාකප්පං පුරිසවිධං පුරිසච්ඡන්දං පුරිසස්සරං පුරිසාලඞ්කාරං. සො තත්ථ න රජ්ජති, සො තත්‍ර නාභිරමති. සො තත්ථ අරත්තො තත්‍ර අනභිරතො බහිද්ධා ඉත්ථින්ද්‍රියං න මනසි කරොති - ඉත්ථිකුත්තං ඉත්ථාකප්පං ඉත්ථිවිධං ඉත්ථිච්ඡන්දං ඉත්ථිස්සරං ඉත්ථාලඞ්කාරං. සො තත්ථ න රජ්ජති, තත්‍ර නාභිරමති. සො තත්ථ අරත්තො තත්‍ර අනභිරතො බහිද්ධා සංයොගං නාකඞ්ඛති. යඤ්චස්ස සංයොගපච්චයා උප්පජ්ජති සුඛං සොමනස්සං තඤ්ච නාකඞ්ඛති. පුරිසත්තෙ, භික්ඛවෙ, අනභිරතා සත්තා ඉත්ථීසු විසංයොගං ගතා. එවං ඛො, භික්ඛවෙ, පුරිසො පුරිසත්තං අතිවත්තති. එවං ඛො, භික්ඛවෙ, විසංයොගො හොති. අයං ඛො, භික්ඛවෙ, සංයොගො විසංයොගො ධම්මපරියායො’’ති. අට්ඨමං.
51
“මහණෙනි, තොපට සංයෝග වියෝග (එක්වීම හා වෙන්විම) දහම් කොටස දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමි” යි වදාළ සේක. ‘එසේය ස්වාමීනි’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
“ඒ සංයොග වියෝග දහම් කොටස කවරේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය (හඬ), ස්ත්‍රී අලංකාරය, (යන මෙයින් යුක්තවූ) අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ඇය එහි ඇලෙයි. එහි රමණය කරයි. ඇය එහි ඇළුනී, එහි රමනය කරන්නී, බාහ්‍යවූ (පිටත) පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය යන මෙහි ඈ ඇලෙයි. එහි රමණය කරයි. ඈ එහි ඇළුනී, එහි අභිරමණය කරන්නී, පිටත එක්විම බලාපොරොත්තු වෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ඇළුනාවූ සත්ත්‍වයෝ පුරුෂයන් කෙරෙහි සංයෝගයට ගියාහු වෙති. මහණෙනි, මෙසේ ස්ත්‍රිය ස්ත්‍රී භාවය නොඉක්මවයි.
“මහණෙනි, පුරුෂතෙම අධ්‍යාත්මික පුරුෂෙන්‍ද්‍රිය සිහි කරයි. පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ හඬ, පුරුෂාලංකාරය, යන මෙහි හෙතෙම ඇලෙයි. රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, එහි රමණය කරන්නේ, පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි කරයි. ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී හඬ, ස්ත්‍රී අලංකාරය එහි ඇලෙයි. එහි රමණය කරයි. හෙතෙම එහි ඇළුනේ, රමණය කරන්නේ, පිටත සංයෝගය (එක්විම) බලාපොරොත්තු වෙයි. ඔහුට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු වෙයි. මහණෙනි, පුරුෂ භාවයෙහි ඇළුනාවූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි සංයෝගයට (එක්විමට) ගියේ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂතෙම පුරුෂ භාවය නොඉක්මවයි. මහණෙනි, මෙසේ සංයෝගය වෙයි.
“මහණෙනි, කෙසේ විසංයෝගය (වෙන්වීම) වේද? මහණෙනි, ස්ත්‍රිය, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මෙසේවූ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකෙර්ද, ඇය එහි නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමනය නොකරන්නී, බාහ්‍යවූ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. කෙසේද, පුරුෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලංකාරය යන මෙහි ඇය නොඇලෙයි. එහි රමණය නොකරයි. ඇය එහි නොඇළුනී, එහි රමණය නොකරන්නී, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. ඇයට සංයෝග හේතුවෙන් යම් සුවයක්, සොම්නසක් උපදීද, එයද බලාපොරොත්තු නොවෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ආශා නොවූ, නොඇළුනාවූ ස්ත්‍රිය පුරුෂයන් කෙරෙහි වෙන්වූයේ වෙයි. මහණෙනි, ස්ත්‍රිය එසේම ස්ත්‍රී භාවය ඉක්මවයි.
“මහණෙනි, පුරුෂයා අධ්‍යාත්මිකවූ පුරෂ ලීලාව, පුරුෂ පැවැත්ම, පුරුෂාකාරය, පුරුෂ කැමැත්ත, පුරුෂ ස්වරය, පුරුෂාලඞ්කාරය යන මේ පුරුෂෙන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, ස්ත්‍රී ලීලාව, ස්ත්‍රී පැවැත්ම, ස්ත්‍රී ආකාරය, ස්ත්‍රී කැමැත්ත, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය, යන මේ පිටත ස්ත්‍රීන්‍ද්‍රිය සිහි නොකරයි. හෙතෙම එහි නොඇළෙයි. එහි අභිරමණය නොකරයි. හෙතෙම එහි නොඇළුනේ, එහි අභිරමණය නොකළේ, පිටත සංයෝගය බලාපොරොත්තු නොවෙයි. සංයෝග හේතුවෙන් ඕහට සැපතක්, සොම්නසක් උපදිද, එයද බලාපොරෝත්තු නොවෙයි. “පුරුෂභාවයෙහි නොඇළනාවූ සත්ත්‍වයෝ ස්ත්‍රීන් කෙරෙහි වෙන්වූවෝ වෙති. මහණෙනි, මෙසේ වනාහි පුරුෂයා පුරුෂ භාවය ඉක්මවයි. මහණෙනි, මෙසේ වනාහි විසංයෝගය වෙයි. මහණෙනි, මෙය සංයෝගය වියෝග දහම් කොටස වෙයි.
9. දානමහප්ඵලසුත්තං 9. වම්පෙය්‍යක දානානිසංස සූත්‍රය
10. නන්දමාතාසුත්තං 10. (වෙළුකණ්ටකී) නන්‍දමාතු සූත්‍රය