ත්‍රිපිටකය
5. මහායඤ්ඤවග්ගො 5. මහායඤ්ඤ වර්ගය
1. සත්තවිඤ්ඤාණට්ඨිතිසුත්තං 1. විඤ්ඤාණඨිති සූත්‍රය
2. සමාධිපරික්ඛාරසුත්තං 2. සමාධිපරික්ඛාර සූත්‍රය
3. පඨමඅග්ගිසුත්තං 3. සත්තග්ගි සූත්‍රය
4. දුතියඅග්ගිසුත්තං 4. මහාසඤ්ඤ (උග්ගත ශරීර) සූත්‍රය
5. පඨමසඤ්ඤාසුත්තං 5. සංඛිත්ත සත්ත සඤ්ඤා සූත්‍රය
6. දුතියසඤ්ඤාසුත්තං 6. විත්‍ථත සත්ත සඤ්ඤා සූත්‍රය
49
‘‘සත්තිමා, භික්ඛවෙ, සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා. කතමා සත්ත? අසුභසඤ්ඤා, මරණසඤ්ඤා, ආහාරෙ පටිකූලසඤ්ඤා, සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා. ඉමා ඛො, භික්ඛවෙ, සත්ත සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානාති.
‘‘‘අසුභසඤ්ඤා , භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති. ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? අසුභසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති. සෙය්‍යථාපි, භික්ඛවෙ, කුක්කුටපත්තං වා න්හාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛුනො අසුභසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති.
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛුනො අසුභසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං අනුසන්දහති (අනුසණ්ඨාති (සී.)) අප්පටිකුල්‍යතා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ අසුභසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. සචෙ පන, භික්ඛවෙ, භික්ඛුනො අසුභසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො මෙථුනධම්මසමාපත්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති; වෙදිතබ්බමෙතං , භික්ඛවෙ, භික්ඛුනා ‘සුභාවිතා මෙ අසුභසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ‘අසුභසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘මරණසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති ඛො පනෙතං වුත්තං කිඤ්චෙතං පටිච්ච වුත්තං? මරණසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති. සෙය්‍යථාපි, භික්ඛවෙ, කුක්කුටපත්තං වා න්හාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛුනො මරණසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති.
‘‘සචෙ , භික්ඛවෙ, භික්ඛුනො මරණසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං අනුසන්දහති අප්පටිකුල්‍යතා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ මරණසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. සචෙ පන, භික්ඛවෙ, භික්ඛුනො මරණසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ජීවිතනිකන්තියා චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘සුභාවිතා මෙ මරණසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ‘මරණසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘ආහාරෙ පටිකූලසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති ඛො පනෙතං වුත්තං, කිඤ්චෙතං පටිච්ච වුත්තං? ආහාරෙ පටිකූලසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති ...පෙ.... උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති. සෙය්‍යථාපි, භික්ඛවෙ, කුක්කුටපත්තං වා න්හාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටිකූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති...පෙ.... උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති .
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටිකූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං අනුසන්දහති අප්පටිකුල්‍යතා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ ආහාරෙ පටිකූලසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. සචෙ පන, භික්ඛවෙ, භික්ඛුනො ආහාරෙ පටිකූලසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො රසතණ්හාය චිත්තං පතිලීයති...පෙ.... උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘සුභාවිතා මෙ ආහාරෙ පටිකූලසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ‘ආහාරෙ පටිකූලසඤ්ඤා , භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? සබ්බලොකෙ අනභිරතසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලොකචිත්‍රෙසු චිත්තං පතිලීයති...පෙ.... සෙය්‍යථාපි භික්ඛවෙ...පෙ.... පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්‍රෙසු චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති.
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්‍රෙසු චිත්තං අනුසන්දහති අප්පටිකුල්‍යතා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. සචෙ පන, භික්ඛවෙ, භික්ඛුනො සබ්බලොකෙ අනභිරතසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ලොකචිත්‍රෙසු චිත්තං පතිලීයති...පෙ.... උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘සුභාවිතා මෙ සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ‘සබ්බලොකෙ අනභිරතසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘අනිච්චසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? අනිච්චසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති...පෙ.... උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති. සෙය්‍යථාපි, භික්ඛවෙ, කුක්කුටපත්තං වා න්හාරුදද්දුලං වා අග්ගිම්හි පක්ඛිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති න සම්පසාරියති. එවමෙවං ඛො, භික්ඛවෙ, භික්ඛුනො අනිච්චසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති...පෙ.... උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති.
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛුනො අනිච්චසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං අනුසන්දහති අප්පටිකුල්‍යතා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ අනිච්චසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. සචෙ පන, භික්ඛවෙ, භික්ඛුනො අනිච්චසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ලාභසක්කාරසිලොකෙ චිත්තං පතිලීයති පතිකුටති පතිවත්තති, න සම්පසාරියති උපෙක්ඛා වා පාටිකුල්‍යතා වා සණ්ඨාති; වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘සුභාවිතා මෙ අනිච්චසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ‘අනිච්චසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘අනිච්චෙ දුක්ඛසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? අනිච්චෙ දුක්ඛසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ආලස්‍යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛණාය තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති, සෙය්‍යථාපි, භික්ඛවෙ, උක්ඛිත්තාසිකෙ වධකෙ.
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛුනො අනිච්චෙ දුක්ඛසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ආලස්‍යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛණාය තිබ්බා භයසඤ්ඤා, න පච්චුපට්ඨිතා හොති, සෙය්‍යථාපි, භික්ඛවෙ, උක්ඛිත්තාසිකෙ වධකෙ. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ අනිච්චෙ දුක්ඛසඤ්ඤා, නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. සචෙ පන, භික්ඛවෙ, භික්ඛුනො අනිච්චෙ දුක්ඛසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ආලස්‍යෙ කොසජ්ජෙ විස්සට්ඨියෙ පමාදෙ අනනුයොගෙ අපච්චවෙක්ඛණාය තිබ්බා භයසඤ්ඤා පච්චුපට්ඨිතා හොති, සෙය්‍යථාපි, භික්ඛවෙ, උක්ඛිත්තාසිකෙ වධකෙ. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘සුභාවිතා මෙ අනිච්චෙ දුක්ඛසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ‘අනිච්චෙ දුක්ඛසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘‘දුක්ඛෙ අනත්තසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති ඛො පනෙතං වුත්තං. කිඤ්චෙතං පටිච්ච වුත්තං? දුක්ඛෙ අනත්තසඤ්ඤාපරිචිතෙන, භික්ඛවෙ, භික්ඛුනො චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහඞ්කාරමමඞ්කාරමානාපගතං මානසං හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තං.
‘‘සචෙ, භික්ඛවෙ, භික්ඛුනො දුක්ඛෙ අනත්තසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු න අහඞ්කාරමමඞ්කාරමානාපගතං මානසං හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තං. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘අභාවිතා මෙ දුක්ඛෙ අනත්තසඤ්ඤා , නත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, අප්පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති.
‘‘සචෙ පන, භික්ඛවෙ, භික්ඛුනො දුක්ඛෙ අනත්තසඤ්ඤාපරිචිතෙන චෙතසා බහුලං විහරතො ඉමස්මිඤ්ච සවිඤ්ඤාණකෙ කායෙ බහිද්ධා ච සබ්බනිමිත්තෙසු අහඞ්කාරමමඞ්කාරමානාපගතං මානසං හොති විධාසමතික්කන්තං සන්තං සුවිමුත්තං. වෙදිතබ්බමෙතං, භික්ඛවෙ, භික්ඛුනා ‘සුභාවිතා මෙ දුක්ඛෙ අනත්තසඤ්ඤා, අත්ථි මෙ පුබ්බෙනාපරං විසෙසො, පත්තං මෙ භාවනාබල’න්ති. ඉතිහ තත්ථ සම්පජානො හොති. ‘දුක්ඛෙ අනත්තසඤ්ඤා, භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’ති, ඉති යං තං වුත්තං ඉදමෙතං පටිච්ච වුත්තං.
‘‘ඉමා ඛො, භික්ඛවෙ, සත්ත සඤ්ඤා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා අමතොගධා අමතපරියොසානා’’ති. ඡට්ඨං.
49
“මහණෙනි, මේ (සඤ්ඤා) හැඳිනීම් සතක් භාවිතාකරණ ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තාහු, මහානිශංස ඇත්තාහු, නිවණට බැසගත්තාහු, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
“ඒ සත කවරේද? අශුභ සංඥාව, මරණ සංඥාව, ආහාරයෙහි පිළිකුල් සංඥාව, සියලු ලෝකයෙහි නොඇළුන සංඥාව. අනිත්‍ය සංඥාව, අනිත්‍යයෙහි දුක් සංඥාව, දුකෙහි අනාත්ම සංඥාව මහණෙනි, මේ (සඤ්ඤා) හැඳිනීම් සතක් භාවිතාකරණ ලද්දේ, වැඩි වැඩියෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තාහු, මහානිශංස ඇත්තාහු, නිවණට බැසගත්තාහු, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති. මෙසේ යමක් වදාරණ ලද්දේද, එය කුමක් සඳහා වදාරණ ලද්දේද යත්?
“මහණෙනි, අශුභ සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ මෛථුන ධර්‍මයට එක්විම කෙරෙන් සිත සැඟවෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට අශූභ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, මෛථුන ධර්‍මයට එක් වීම කෙරෙහි සිත අනුව සිටීද, පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් අහුභ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් අශුභ සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, මෛථුන ධර්ම සමාපත්තියෙහි සිත සැඟවෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් අහුභ සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, අශුභ සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, මරණ සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ ජීවිතය පිළිබඳ බලවත් ආශාවෙන් සිත සැඟවෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට මරණ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, ජීවිතය පිළිබඳ බලවත් ආශාවෙන් කෙරෙහි සිත අනුව සිටීද, පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් මරණ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් මරණ සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, ජීවිතය පිලිබඳ බලවත් ආශාවෙන් සිත සැඟවෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් මරණ සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, මරණ සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ රස තෘෂ්ණාවෙහි සිත හඟවයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි. මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, රස තෘෂ්ණාවෙහි සිත හඟවයි. සිත අනුව සිටීද, පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, රස තෘෂ්ණාවෙහි සිත හඟවයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, ආහාරයෙහි පිළිකුල් සංඥාව පුරුදු කරණ ලද්දේ)ඩස’ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ ලෝකය පිළිබඳ සිත්හි සිත සැඟවෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි. මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, ලෝකය පිළිබඳ සිත්හි සිත සැඟවෙයි. පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, ලෝකය පිළිබඳ සිත්හි සිත සැඟවෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, සියලු ලෝකයෙහි නොඇලීමේ සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, අනිත්‍ය සංඥාව පුරුදු කිරීමෙන් එය බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ භික්‍ෂුවගේ ලාභ සත්කාර කීර්ති ආදියෙහි සිත නොඇලෙයි. හැකිලෙයි. එය අනුව හැඩගැසෙයි. එය සිහි නොකරයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව පිහිටයි.
“මහණෙනි, යම්සේ කුකුල් පිහාටුවක් හෝ, නහර ඇති කොළයක් හෝ, ගින්නෙහි බහාලන ලද්දේ, වකුටුවේද, හැකිලේද, කැරකී සිටිද, දිග නොහැරේද, එමෙන්ම, මහණෙනි, ඉදින් භික්‍ෂුවට අනිත්‍ය සංඥාව පුරුදු කිරීමෙන්, සිතින් බහුලකොට වාසය කිරීමෙන්, ලාභ සත්කාර කීර්ති ආදියෙහි සිත නොඇලෙයි. පිළිකුල් බවක් හෝ නොදැනේද, මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මවිසින් අහුභ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් නැත. මවිසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.
“මහණෙනි, ඉදින් වනාහි භික්‍ෂුව විසින් අනිත්‍ය සංඥාව පුරුදු කිරීමෙන් බහුලකොට සිතින් ගෙන වාසය කරන්නේ, ලාභ සත්කාර කීර්ති ආදියෙහි සිත නොඇලෙයි. හැකිලෙයි. පෙරලෙයි. දිග නොහැරෙයි. උපෙක්‍ෂාව හෝ පිළිකුල් බව හෝ සිටියි. මහණෙනි, මේ කාරණයෙහි ලා භික්‍ෂුව විසින් මෙසේ දත යුතුයි. ‘මවිසින් අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක් ඇත. මවිසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුයි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, අනිත්‍ය සංඥාව පුරුදු කරණ ලද්දේ බහුල වශයෙන් වඩන ලද්දේ මහත්ඵල වූය්, මහානිශංස වුයේ, නිවණට බැස ගන්නා ලද්දේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි. මෙසේ යමක් වදාරණ ලදද, එය මේ සඳහා වදාරණ ලදි.
“මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලද්දේ, බහුල වශයෙන් වඩන ලද්දේ, මහත් ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවණට බැසගත්තේ, නිවණ අවසන්කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේද, මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද යත්? මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලද්දාවූ, බහුල වශයෙන් වඩන ලද්දාවූ භික්‍ෂුවගේ අලසකමෙහි, කුසීත බවෙහි නිර්‍වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුශල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙහි, දැඩිවූ භය සංඥාව එළඹ සිටියේ වෙයි. ඔසවන ලද කඩුව ඇති වධකයකු කෙරෙහි යම්සේද, එමෙනි. මහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරමින්, සිතින් බහුලකොට පුරුදු කරන්නහුගේ අලසකමෙහි, කුසීත බවෙහි නිර්‍වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුශල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙහි, දැඩිවූ භය සංඥාවෙහි එළඹ නොසිටියේ වෙයි. ඔසවන ලද කඩුවක් ඇති වධකයකු කෙරෙහි යම්සේද, එමෙනි. මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා වෙනසක් නැත. මාගේ භාවනා ඵලය නොපැමිණෙන ලදි.’ මෙසේ එහි මනා සිත් ඇත්තේ වෙයි.
“මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලද්දාවූ, බහුල වශයෙන් වඩන ලද්දාවූ භික්‍ෂුවගේ අලසකමෙහි, කුසීත බවෙහි නිර්‍වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුශල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙහි, දැඩිවූ බිය සංඥාව එළඹ සිටියේ වෙයි. ඔසවන ලද කඩුව ඇති වධකයකු කෙරෙහි යම්සේද, එමෙනි. මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මා විසින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලදී. පෙරට වඩා අනිකුදු විශේෂයක් මාගේ ඇත. මාගේ භාවනා ඵලයට පැමිණෙන ලදි.’ මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරණ ලද්දේ, බහුල වශයෙන් වඩන ලද්දේ, මහත් ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවණට බැසගත්තේ, නිවණ අවසන්කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේද, මෙය කුමක් සඳහා වදාරණ ලද්දේද යත්?
“මහණෙනි, අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව වඩන ලද්දේ, බහුල වශයෙන් වඩන ලද්දේ, මහත්ඵල වූයේ, මහානිශංසවූයේ, නිර්‍වාණයට බැසගත්තේ, නිර්‍වාණය කෙළවරකොට ඇත්තේ වෙයි. මෙසේ යමක් කියන ලද්දේද, එය මේ සඳහා කියන ලදී.
“මහණෙනි, දුක්ඛයෙහි අනත්ත සංඥාව භාවිතා කරණ ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවණට බැසගත්තේ, නිවණ අවසන්කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේද, කුමක් සඳහා එය වදාරණ ලද්දේද යත්? දුක්ඛයෙහි අනත්ත සංඥාව පුරුදු කරණ ලද සිතින් බහුලකොට ගෙන වසන්නාවූ භික්‍ෂුවට මේ විඤ්ඤාණය (-සිත) සහිත කයෙහිද, පිටත සියලු නිමිතිවලද, මානය ඉක්මවූ ශාන්තවූ, මනාකොට මුදන ලද අහංකාරය මමය යන මාන්නය යන මෙයින් වෙන්වූ සිත ඇත්තේ වෙයි. ඉදින් මහණෙනි, දුකෙහි අනත්ත සංඥාව පුරුදු කරණ ලද්දාවූ සිතින් බහුල වශයෙන් ගෙන වසන්නාවු භික්‍ෂුවට මේ සවිඤ්ඤාණක ශරීරයෙහිද, පිටත සියලු නිමිතිවලද, මානය ඉක්මවූ, ශාන්තවූ, මනාකොට ක්ලේශයන්ගෙන් මුදනලද අහංකාරය මමය යන මාන්නය යන මෙයින් වෙන්වූ සිත ඇත්තේ නොවෙයි.
“මහණෙනි, භික්‍ෂුව විසින් මේ කාරණය දැනගත යුතුය. ‘මා විසින් දුක්ඛයෙහි අනත්ත සංඥාව පුරුදු නොකරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක්ද නැත. මා විසින් භාවනා ඵලයට නොපැමිණෙන ලදී. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි.’ ඉදින් වනාහි මහණෙනි, දුකෙහි අනත්ත සංඥාව මහණෙනි, ඉදින් අනිත්‍යයෙහි දුක්ඛ සංඥාව පුරුදු කරමින්, සිතින් බහුලකොට පුරුදු කරන්නහුගේ අලසකමෙහි, කුසීත බවෙහි නිර්‍වාණ ධර්මයෙන් ඈත් කිරීමෙහි, ප්‍රමාදයෙහි, කුශල ධර්මයන්ගේ නොයෙදීමෙහි, ප්‍රත්‍යවෙක්‍ෂා නොකිරීමෙහි, දැඩිවූ භය සංඥාවෙහි එළඹ නොසිටියේ වෙයි. ඔසවන ලද කඩුවක් ඇති වධකයකු කෙරෙහි යම්සේද, එමෙනි. මහණෙනි, භික්‍ෂුව විසින් මෙය දැනගත යුතුයි. ‘මා විසින් දුක්ඛයෙහි අනත්ත සංඥාව පුරුදු කරණ ලදී. මාගේ පෙරට වඩා විශේෂයක්ද ඇත. මා විසින් භාවනා ඵලයට පැමිණෙන ලදී.’ යනුවෙනි. මෙසේ එහි මනා සිහි ඇත්තේ වෙයි. “මහණෙනි, දුක්ඛයෙහි අනත්ත සංඥාව භාවිතා කරණ ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිවණට බැසගත්තේ, නිවණ අවසන්කොට ඇත්තේ වෙයි. මෙසේ යමක් වදාරණ ලද්දේද, එය මේ සඳහා වදාරණ ලදී.
“මහණෙනි, මේ සප්ත සංඥාවෝ වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ, මහත්ඵල ඇත්තේ, මහානිශංස ඇත්තේ, නිර්‍වාණයට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේද වෙයි.”
7. මෙථුනසුත්තං 7. සත්ත මෛථුන සූත්‍රය
8. සංයොගසුත්තං 8. සංයෝග වියෝග සූත්‍රය
9. දානමහප්ඵලසුත්තං 9. වම්පෙය්‍යක දානානිසංස සූත්‍රය
10. නන්දමාතාසුත්තං 10. (වෙළුකණ්ටකී) නන්‍දමාතු සූත්‍රය