ත්‍රිපිටකය
5. මහායඤ්ඤවග්ගො 5. මහායඤ්ඤ වර්ගය
1. සත්තවිඤ්ඤාණට්ඨිතිසුත්තං 1. විඤ්ඤාණඨිති සූත්‍රය
44
(දී. නි. 3.332; චූළනි. පොසාලමාණවපුච්ඡානිද්දෙස 83) ‘‘සත්තිමා , භික්ඛවෙ, විඤ්ඤාණට්ඨිතියො. කතමා සත්ත? සන්ති, භික්ඛවෙ, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි මනුස්සා, එකච්චෙ ච දෙවා, එකච්චෙ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.
‘‘සන්ති , භික්ඛවෙ, සත්තා නානත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.
‘‘සන්ති , භික්ඛවෙ, සත්තා එකත්තකායා නානත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා එකත්තකායා එකත්තසඤ්ඤිනො, සෙය්‍යථාපි දෙවා සුභකිණ්හා. අයං චතුත්ථා විඤ්ඤාණට්ඨිති.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමා විඤ්ඤාණට්ඨිති.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනූපගා . අයං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති.
‘‘සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා . අයං සත්තමා විඤ්ඤාණට්ඨිති. ඉමා ඛො, භික්ඛවෙ, සත්ත විඤ්ඤාණට්ඨිතියො’’ති. පඨමං.
44
“මහණෙනි, මේ විඥාන ස්ථිති (සිත පැවතීම්) සතක් වෙති.
“කවර සතක්ද යත්? මහණෙනි, නානත්තකාය නානත්ත සංඥීවූ සත්ත්‍වයෝ ඇත්තාහ. සමහර මනුෂ්‍යයෝද ඇතැම් දෙවියෝද, ඇතැම් විනිපාතිකයෝ (අපායගතහු) ද වෙති. මේ ප්‍රථම (පළමු) විඥානස්ථිතියයි. මහණෙනි, නානත්තකායවූද ඒකත්ත සංඥීවූද සත්ත්‍වයෝ ඇත්තාහ. සමහර දෙවියෝද ප්‍රථමයෙන් පහළවූ ඇතැම් බ්‍රහ්මකායිකයෝද වෙති. මේ දෙවෙනි විඥානස්ථිතියයි. මහණෙනි, ඒකත්ත කායවූද නානත්ත සංඥීවූද සමහර සත්ත්‍වයෝ ඇත්තාහ. ඇතැම් ආභසස්ර දෙවියෝ වෙති. මේ තුන්වෙනි විඥානස්ථිතියයි. මහණෙනි, ඒකත්ත කායනම්වූද, ඒකත්ත සංඥීවූද ඇතැම් සත්ත්‍වයෝ ඇත්තාහ. ඇතැම් සුභකිණ්හ දෙවියෝ වෙති. මේ සතරවෙනි විඥානස්ථිතියයි. මහණෙනි, සර්වප්‍රකාරයෙන් රූප සංඥාව දුරුකොට, පඨිඝ සංඥාව අස්තංගමකොට (නොපෙනෙනු කොට) නානත්ත සංඥාවන් සිහි නොකිරීමෙන් අනන්ත ආකාශයයි ආකාශානඤ්චායතනයට පැමිණියාවූ සත්ත්‍වයෝ ඇත්තාහ. මේ පස්වැනි විඥානස්ථිතියයි. මහණෙනි, සර්වප්‍රකාරයෙන් ආකාශානඤ්චායතනය දුරුකොට, අනන්ත විඤ්ඤාණයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවූ ඇතැම් සත්ත්‍ව කෙනෙක් ඇත්තාහ. මේ සයවෙනි විඤ්ඤාණස්ථිතියයි. මහණෙනි, සර්වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය දුරුකොට, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවූ ඇතැම් සත්ත්‍ව කෙණෙක් ඇත්තාහ. මේ සත්වන විඤ්ඤාණස්ථිතියයි. මහණෙනි, මේ විඤ්ඤාණස්ථිති සත වෙති.
2. සමාධිපරික්ඛාරසුත්තං 2. සමාධිපරික්ඛාර සූත්‍රය
3. පඨමඅග්ගිසුත්තං 3. සත්තග්ගි සූත්‍රය
4. දුතියඅග්ගිසුත්තං 4. මහාසඤ්ඤ (උග්ගත ශරීර) සූත්‍රය
5. පඨමසඤ්ඤාසුත්තං 5. සංඛිත්ත සත්ත සඤ්ඤා සූත්‍රය
6. දුතියසඤ්ඤාසුත්තං 6. විත්‍ථත සත්ත සඤ්ඤා සූත්‍රය
7. මෙථුනසුත්තං 7. සත්ත මෛථුන සූත්‍රය
8. සංයොගසුත්තං 8. සංයෝග වියෝග සූත්‍රය
9. දානමහප්ඵලසුත්තං 9. වම්පෙය්‍යක දානානිසංස සූත්‍රය
10. නන්දමාතාසුත්තං 10. (වෙළුකණ්ටකී) නන්‍දමාතු සූත්‍රය