ත්‍රිපිටකය
3. වජ්ජිසත්තකවග්ගො 3. වජ්ජිසත්තක වර්‍ගය
1. සාරන්දදසුත්තං 1. සාරන්‍දද අපරිහානිය සූත්‍රය
2. වස්සකාරසුත්තං 2. වජ්ජිඅපරිහානිය සූත්‍රය
3. පඨමසත්තකසුත්තං 3. පඨම භික්ඛු අපරිහානිය සූත්‍රය
4. දුතියසත්තකසුත්තං 4. දුතිය භික්ඛු අපරිහානිය සූත්‍රය
5. තතියසත්තකසුත්තං 5. තතිය භික්ඛු අපරිහානිය සූත්‍රය
6. බොජ්ඣඞ්ගසුත්තං 6. චතුත්‍ථ භික්ඛු අපරිහානිය සූත්‍රය
7. සඤ්ඤාසුත්තං 7. පඤ්චම භික්ඛු අපරිහානිය සූත්‍රය
8. පඨමපරිහානිසුත්තං 8. සෙඛපරිහානිය ධම්ම සූත්‍රය
9. දුතියපරිහානිසුත්තං 9. උපාසක පරිහානිය ධම්ම සූත්‍රය
29
‘‘සත්තිමෙ , භික්ඛවෙ, ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති . කතමෙ සත්ත? භික්ඛුදස්සනං හාපෙති, සද්ධම්මස්සවනං පමජ්ජති, අධිසීලෙ න සික්ඛති, අප්පසාදබහුලො හොති , භික්ඛූසු ථෙරෙසු චෙව නවෙසු ච මජ්ඣිමෙසු ච උපාරම්භචිත්තො ධම්මං සුණාති රන්ධගවෙසී, ඉතො බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති, තත්ථ ච පුබ්බකාරං කරොති. ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත ධම්මා උපාසකස්ස පරිහානාය සංවත්තන්ති.
‘‘සත්තිමෙ, භික්ඛවෙ, ධම්මා උපාසකස්ස අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත? භික්ඛුදස්සනං න හාපෙති, සද්ධම්මස්සවනං නප්පමජ්ජති, අධිසීලෙ සික්ඛති, පසාදබහුලො හොති, භික්ඛූසු ථෙරෙසු චෙව නවෙසු ච මජ්ඣිමෙසු ච අනුපාරම්භචිත්තො ධම්මං සුණාති න රන්ධගවෙසී, න ඉතො බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවෙසති, ඉධ ච පුබ්බකාරං කරොති. ඉමෙ ඛො, භික්ඛවෙ, සත්ත ධම්මා උපාසකස්ස අපරිහානාය සංවත්තන්තී’’ති. ඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා -
‘‘දස්සනං භාවිතත්තානං, යො හාපෙති උපාසකො;
සවනඤ්ච අරියධම්මානං, අධිසීලෙ න සික්ඛති.
‘‘අප්පසාදො ච භික්ඛූසු, භිය්‍යො භිය්‍යො පවඩ්ඪති;
උපාරම්භකචිත්තො ච, සද්ධම්මං සොතුමිච්ඡති.
‘‘ඉතො ච බහිද්ධා අඤ්ඤං, දක්ඛිණෙය්‍යං ගවෙසති;
තත්ථෙව ච පුබ්බකාරං, යො කරොති උපාසකො.
‘‘එතෙ ඛො පරිහානියෙ, සත්ත ධම්මෙ සුදෙසිතෙ;
උපාසකො සෙවමානො, සද්ධම්මා පරිහායති.
‘‘දස්සනං භාවිතත්තානං, යො න හාපෙති උපාසකො;
සවනඤ්ච අරියධම්මානං, අධිසීලෙ ච සික්ඛති.
‘‘පසාදො චස්ස භික්ඛූසු, භිය්‍යො භිය්‍යො පවඩ්ඪති;
අනුපාරම්භචිත්තො ච, සද්ධම්මං සොතුමිච්ඡති.
‘‘න ඉතො බහිද්ධා අඤ්ඤං, දක්ඛිණෙය්‍යං ගවෙසති;
ඉධෙව ච පුබ්බකාරං, යො කරොති උපාසකො.
‘‘එතෙ ඛො අපරිහානියෙ, සත්ත ධම්මෙ සුදෙසිතෙ;
උපාසකො සෙවමානො, සද්ධම්මා න පරිහායතී’’ති. නවමං;
29
“මහණෙනි, මේ ධර්මයෝ සත්දෙනෙක් උපාසකයාගේ පිරිහීම පිණිස පවතිත්.
“කවර සතක්ද යත්? භික්‍ෂූන්ගේ දර්‍ශනය අඩු කෙරේද, බණ ඇසීමට පමා වේද, අධිශීලයෙන් (ඉහළ සිල් වලින්) නොහික්මේද, අප්‍රසාද බහුල වූයේ වේද, ස්ථවිරවූද, මධ්‍යමවූද, නවකවූද භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි සිදුරු සොයමින්. දොස් කීමේ අදහසින් බණ අසාද, මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් සොයාද, ඒ බාහිරකයන්ට මුලින් දී, පසුව භික්‍ෂූන්ට දේද, මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන උපාසකයාගේ පිරිහීම පිණිස පවතිත්.
“මහණෙනි, මේ ධර්මයෝ සත්දෙනෙක් උපාසකයාගේ නොපිරිහීම පිණිස පවතිත්.
“කවර සතක්ද යත්? භික්‍ෂූන්ගේ දර්‍ශනය අඩු නොකෙරේද, බණ ඇසීමට පමා නොවේද, අධිශීලයෙන් (ඉහළ සිල් වලින්) හික්මේද, අප්‍රසාද බහුල වූයේ නොවේද, ස්ථවිරවූද, මධ්‍යමවූද, නවකවූද භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි සිදුරු සොයමින්. දොස් කීමේ අදහසින් බණ නොඅසාද, මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් නොසොයාද, ඒ බාහිරකයන්ට මුලින් දී, පසුව භික්‍ෂූන්ට නොදේද, මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන උපාසකයාගේ නොපිරිහීම පිණිස පවතිත්.
10. විපත්තිසුත්තං 10. උපාසක පරාභව ධම්ම සූත්‍රය
11. පරාභවසුත්තං 11. උපාසක විපත්තිධම්ම සූත්‍රය