ත්‍රිපිටකය
3. වජ්ජිසත්තකවග්ගො 3. වජ්ජිසත්තක වර්‍ගය
1. සාරන්දදසුත්තං 1. සාරන්‍දද අපරිහානිය සූත්‍රය
2. වස්සකාරසුත්තං 2. වජ්ජිඅපරිහානිය සූත්‍රය
3. පඨමසත්තකසුත්තං 3. පඨම භික්ඛු අපරිහානිය සූත්‍රය
23
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තත්‍ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි - ‘‘සත්ත වො, භික්ඛවෙ, අපරිහානියෙ ධම්මෙ දෙසෙස්සාමි. තං සුණාථ , සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච -
‘‘කතමෙ ච, භික්ඛවෙ, සත්ත අපරිහානියා ධම්මා? යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ අභිණ්හං සන්නිපාතා භවිස්සන්ති සන්නිපාතබහුලා; වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ සමග්ගා සන්නිපතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා සඞ්ඝකරණීයානි කරිස්සන්ති; වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ අපඤ්ඤත්තං න පඤ්ඤාපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තෙසු සික්ඛාපදෙසු සමාදාය වත්තිස්සන්ති; වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ යෙ තෙ භික්ඛූ ථෙරා රත්තඤ්ඤූ චිරපබ්බජිතා සඞ්ඝපිතරො සඞ්ඝපරිණායකා තෙ සක්කරිස්සන්ති ගරුං කරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති; වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘යාවකීවඤ්ච , භික්ඛවෙ, භික්ඛූ උප්පන්නාය තණ්හාය පොනොභවිකාය න වසං ගච්ඡිස්සන්ති; වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ ආරඤ්ඤකෙසු සෙනාසනෙසු සාපෙක්ඛා භවිස්සන්ති ; වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘යාවකීවඤ්ච, භික්ඛවෙ, භික්ඛූ පච්චත්තඤ්ඤෙව සතිං උපට්ඨාපෙස්සන්ති - ‘කින්ති අනාගතා ච පෙසලා සබ්‍රහ්මචාරී ආගච්ඡෙය්‍යුං, ආගතා ච පෙසලා සබ්‍රහ්මචාරී ඵාසුං විහරෙය්‍යු’න්ති; වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘යාවකීවඤ්ච , භික්ඛවෙ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා භික්ඛූසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු භික්ඛූ සන්දිස්සිස්සන්ති; වුද්ධියෙව, භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා, නො පරිහානී’’ති. තතියං.
23
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.” -- “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, සප්ත අපරිහානිය ධර්‍මයෝ කවරහුද? මහණෙනි, යම්තාක් භික්‍ෂූහු රැස්වීම් බහුලකොට ඇත්තාහු රැස්වෙද්ද මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
“මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂූහු සමගිව රැස්වෙද්ද, සමගිව නැගීසිටිද්ද, සමගිව සංඝයා පිළිබඳ කටයුතු කෙරෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
“මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු නොපැණවූවක් නොපණවද්ද, පැණවූදේ නොබිඳිද්ද, යම්සේ පණවන ලද ශික්‍ෂා පදයන් සමාදන්ව සිටිද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
“මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු යම් ඒ පැවිදිව බොහෝකල්වූ, බොහෝ රාත්‍රීන් දන්නාවූ, සඞ්ඝ පීතෘවරු, සඞ්ඝ නායකවරු වෙද්ද, උන්වහන්සේලාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද? උන්වහන්සේලාගෙන් ඇසිය යුත්තක් ඇතැයි සිතත්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
“මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු උපන්නාවූ, නැවත භවයක් ඇතිකරන්නාවූ තෘෂ්ණාවගේ වසඟයට නොයද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
“මහණෙනි, යම්තාක් වනාහි භික්‍ෂුහු අරණ්‍ය සේනාසනයන්හි බලාපොරොත්තුව ඇතිකර ගනිද්ද, මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂූහු වෙන් වෙන්ව කිමෙක්ද නොපැමිණියාවූ ප්‍රියශීලී සබ්‍රම්සරුන් පැමිණෙන්නාහුද, පැමිණියාවූ ප්‍රියශීලී සබ්‍රම්සරුන් සැපසේ වෙසෙන්නාහුදැයි සිහිය පිහිටුවද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
“මහණෙනි, යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද, භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.
4. දුතියසත්තකසුත්තං 4. දුතිය භික්ඛු අපරිහානිය සූත්‍රය
5. තතියසත්තකසුත්තං 5. තතිය භික්ඛු අපරිහානිය සූත්‍රය
6. බොජ්ඣඞ්ගසුත්තං 6. චතුත්‍ථ භික්ඛු අපරිහානිය සූත්‍රය
7. සඤ්ඤාසුත්තං 7. පඤ්චම භික්ඛු අපරිහානිය සූත්‍රය
8. පඨමපරිහානිසුත්තං 8. සෙඛපරිහානිය ධම්ම සූත්‍රය
9. දුතියපරිහානිසුත්තං 9. උපාසක පරිහානිය ධම්ම සූත්‍රය
10. විපත්තිසුත්තං 10. උපාසක පරාභව ධම්ම සූත්‍රය
11. පරාභවසුත්තං 11. උපාසක විපත්තිධම්ම සූත්‍රය