ත්‍රිපිටකය
3. වජ්ජිසත්තකවග්ගො 3. වජ්ජිසත්තක වර්‍ගය
1. සාරන්දදසුත්තං 1. සාරන්‍දද අපරිහානිය සූත්‍රය
2. වස්සකාරසුත්තං 2. වජ්ජිඅපරිහානිය සූත්‍රය
22
එවං මෙ සුතං - එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො හොති. සො එවමාහ - ‘‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි (උච්ඡෙජ්ජිස්සාමි (ස්‍යා.), උච්ඡිජ්ජිස්සාමි (ක.)), වජ්ජී විනාසෙස්සාමි, වජ්ජී අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’ති (ආපාදෙස්සාමි වජ්ජීති (ක.) දී. නි. 2.131).
අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වස්සකාරං බ්‍රාහ්මණං මාගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එහි ත්වං, බ්‍රාහ්මණ, යෙන භගවා තෙනුපසඞ්කම; උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්දාහි, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡ - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භගවතො පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡතී’ති. එවඤ්ච වදෙහි - ‘රාජා, භන්තෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි, වජ්ජී විනාසෙස්සාමි, වජ්ජී අනයබ්‍යසනං ආපාදෙස්සාමී’ති . යථා තෙ භගවා බ්‍යාකරොති, තං සාධුකං උග්ගහෙත්වා මම ආරොචෙය්‍යාසි. න හි තථාගතා විතථං භණන්තී’’ති.
‘‘එවං, භො’’ති ඛො වස්සකාරො බ්‍රාහ්මණො මාගධමහාමත්තො රඤ්ඤො මාගධස්ස අජාතසත්තුස්ස වෙදෙහිපුත්තස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො වස්සකාරො බ්‍රාහ්මණො මාගධමහාමත්තො භගවන්තං එතදවොච - ‘‘රාජා, භො ගොතම, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො භොතො ගොතමස්ස පාදෙ සිරසා වන්දති, අප්පාබාධං අප්පාතඞ්කං ලහුට්ඨානං බලං ඵාසුවිහාරං පුච්ඡති. රාජා (එවඤ්ච වදෙති රාජා (සී. ක.)), භො ගොතම, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො වජ්ජී අභියාතුකාමො. සො එවමාහ - ‘අහං හිමෙ වජ්ජී එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ උච්ඡෙච්ඡාමි, වජ්ජී විනාසෙස්සාමි, වජ්ජී අනයබ්‍යසනං ආපාදෙස්සාමී’’’ති.
තෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො භගවතො පිට්ඨිතො ඨිතො හොති භගවන්තං බීජයමානො (වීජමානො (සී. ස්‍යා.)). අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි - ‘‘කින්ති තෙ, ආනන්ද, සුතං - ‘වජ්ජී අභිණ්හං සන්නිපාතා සන්නිපාතබහුලා’’’ති? ‘‘සුතං මෙතං, භන්තෙ - ‘වජ්ජී අභිණ්හං සන්නිපාතා සන්නිපාතබහුලා’’’ති. ‘‘යාවකීවඤ්ච, ආනන්ද, වජ්ජී අභිණ්හං සන්නිපාතා භවිස්සන්ති සන්නිපාතබහුලා; වුද්ධියෙව, ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘කින්ති තෙ, ආනන්ද, සුතං - ‘වජ්ජී සමග්ගා සන්නිපතන්ති, සමග්ගා වුට්ඨහන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තී’’’ති? ‘‘සුතං මෙතං, භන්තෙ - ‘වජ්ජී සමග්ගා සන්නිපතන්ති, සමග්ගා වුට්ඨහන්ති, සමග්ගා වජ්ජිකරණීයානි කරොන්තී’’’ති . ‘‘යාවකීවඤ්ච, ආනන්ද, වජ්ජී සමග්ගා සන්නිපතිස්සන්ති, සමග්ගා වුට්ඨහිස්සන්ති , සමග්ගා වජ්ජිකරණීයානි කරිස්සන්ති; වුද්ධියෙව, ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘කින්ති තෙ, ආනන්ද, සුතං - ‘වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤාපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති , යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තන්තී’’’ති? ‘‘සුතං මෙතං, භන්තෙ - ‘වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤාපෙන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තන්තී’’’ති. ‘‘යාවකීවඤ්ච, ආනන්ද, වජ්ජී අපඤ්ඤත්තං න පඤ්ඤාපෙස්සන්ති, පඤ්ඤත්තං න සමුච්ඡින්දිස්සන්ති, යථාපඤ්ඤත්තෙ පොරාණෙ වජ්ජිධම්මෙ සමාදාය වත්තිස්සන්ති; වුද්ධියෙව, ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘කින්ති තෙ, ආනන්ද, සුතං - ‘වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා තෙ සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤන්තී’’’ති? ‘‘සුතං මෙතං, භන්තෙ - ‘වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා තෙ සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤන්තී’’’ති. ‘‘යාවකීවඤ්ච, ආනන්ද, වජ්ජී යෙ තෙ වජ්ජීනං වජ්ජිමහල්ලකා තෙ සක්කරිස්සන්ති ගරුං කරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච සොතබ්බං මඤ්ඤිස්සන්ති; වුද්ධියෙව, ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘කින්ති තෙ, ආනන්ද, සුතං - ‘වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො තා න ඔකස්ස පසය්හ වාසෙන්තී’’’ති? ‘‘සුතං මෙතං, භන්තෙ - ‘වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො තා න ඔකස්ස පසය්හ වාසෙන්තී’’’ති. ‘‘යාවකීවඤ්ච, ආනන්ද , වජ්ජී යා තා කුලිත්ථියො කුලකුමාරියො තා න ඔකස්ස පසය්හ වාසෙස්සන්ති; වුද්ධියෙව, ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘කින්ති තෙ, ආනන්ද, සුතං - ‘වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච තානි සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙන්තී’’’ති? ‘‘සුතං මෙතං, භන්තෙ - ‘වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච තානි සක්කරොන්ති ගරුං කරොන්ති මානෙන්ති පූජෙන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙන්තී’’’ති. ‘‘යාවකීවඤ්ච, ආනන්ද, වජ්ජී යානි තානි වජ්ජීනං වජ්ජිචෙතියානි අබ්භන්තරානි චෙව බාහිරානි ච තානි සක්කරිස්සන්ති ගරුං කරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති, තෙසඤ්ච දින්නපුබ්බං කතපුබ්බං ධම්මිකං බලිං නො පරිහාපෙස්සන්ති; වුද්ධියෙව, ආනන්ද, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානි.
‘‘කින්ති තෙ, ආනන්ද, සුතං - ‘වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා - කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්‍යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්‍යු’’’න්ති? ‘‘සුතං මෙතං, භන්තෙ - ‘වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා භවිස්සති - කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්‍යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්‍යු’’’න්ති. ‘‘යාවකීවඤ්ච, ආනන්ද, වජ්ජීනං අරහන්තෙසු ධම්මිකා රක්ඛාවරණගුත්ති සුසංවිහිතා භවිස්සති - ‘කින්ති අනාගතා ච අරහන්තො විජිතං ආගච්ඡෙය්‍යුං, ආගතා ච අරහන්තො විජිතෙ ඵාසුං විහරෙය්‍යු’න්ති; වුද්ධියෙව, ආනන්ද , වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානී’’ති.
අථ ඛො භගවා වස්සකාරං බ්‍රාහ්මණං මාගධමහාමත්තං ආමන්තෙසි - ‘‘එකමිදාහං, බ්‍රාහ්මණ, සමයං වෙසාලියං විහරාමි සාරන්දදෙ චෙතියෙ. තත්‍රාහං, බ්‍රාහ්මණ, වජ්ජීනං ඉමෙ සත්ත අපරිහානියෙ ධම්මෙ දෙසෙසිං. යාවකීවඤ්ච, බ්‍රාහ්මණ, ඉමෙ සත්ත අපරිහානියා ධම්මා වජ්ජීසු ඨස්සන්ති, ඉමෙසු ච සත්තසු අපරිහානියෙසු ධම්මෙසු වජ්ජී සන්දිස්සිස්සන්ති; වුද්ධියෙව, බ්‍රාහ්මණ, වජ්ජීනං පාටිකඞ්ඛා, නො පරිහානී’’ති.
‘‘එකමෙකෙනපි (එකමෙකෙනපි තෙන ඛො (ක.) දී. නි. 2.135) භො, ගොතම, අපරිහානියෙන ධම්මෙන සමන්නාගතානං වජ්ජීනං වුද්ධියෙව පාටිකඞ්ඛා, නො පරිහානි; කො පන වාදො සත්තහි අපරිහානියෙහි ධම්මෙහි! අකරණීයා ච, භො ගොතම, වජ්ජී රඤ්ඤා මාගධෙන අජාතසත්තුනා වෙදෙහිපුත්තෙන යදිදං යුද්ධස්ස, අඤ්ඤත්‍ර උපලාපනාය (උපලාපනා (ක. සී. ක.)), අඤ්ඤත්‍ර මිථුභෙදා. හන්ද ච දානි මයං, භො ගොතම, ගච්ඡාම, බහුකිච්චා මයං බහුකරණීයා’’ති. ‘‘යස්සදානි ත්වං, බ්‍රාහ්මණ, කාලං මඤ්ඤසී’’ති. අථ ඛො වස්සකාරො බ්‍රාහ්මණො මාගධමහාමත්තො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා පක්කාමීති. දුතියං.
22
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජිකුළු පව්වෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි වනාහි විදේහරට දේවියගේ පුත්‍රවූ අජාසත් නම් මගධ රජතෙම වජ්ජින්ට විරුද්ධව යුද්‍ධයට යන්නට කැමතිවූයේ වෙයි. හෙතෙම මෙසේ පැවසීය.
“මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි” යනුයි.
ඉක්බිති අජාසත් මගධ රජතෙම මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා ඇමතුවේය. ‘බ්‍රාහ්මණය, තෝ මෙසේ එව. භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණෙව, එසේ පැමිණ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. නීරෝගීබව, ආබාධ නැති බව, අඩුපාඩු, සැප විහරණ විචාරව. ‘ස්වාමීනි, විදේහ රට වැසි දේවියගේ පුත් අජාසත් නම් මගධ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳියි. නීරෝගී බව, ආබාධ නැති බව, අඩුපාඩු, සැප විහරණයන් විචාරන්නේය’ යනුයි. මෙසේද කියව. ‘ස්වාමීනි, අජාසත් රජතෙම වජ්ජින්ට විරුද්‍ධව යුද්‍ධයට යනු කැමැත්තේ හෙතෙම මෙසේ කීය. “මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි” යනුයි.
‘යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරත්ද, එය මනාව ඉගෙණ (අවුත්) මට දන්වව. තථාගතයන් වහන්සේ සිදු නොවන්නක් දේශනා නොකරයි.’ යනුයි.
“එසේය ස්වාමීනි’ යි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා අජාසත් රජුට පිළිවදන් දී අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු පිළිසඳර කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.
“භවත් ගෞතමයන් වහන්ස, විදේහරට වැසි දේවියගේ පුත් අජාසත් නම් මගධ රජ තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් හිසින් වඳියි. ‘සුළු ආබාධ, සුළු අසනීප, අඩුපාඩු, සැප විහරණ විචාරයි.’ මෙසේද කියයි. “භවත් ගෞතමයන් වහන්ස, වජ්ජින්ට විරුද්‍ධව යුද්‍ධයට යනු කැමැත්තේ හෙතෙම මෙසේ කීයේය. “මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි” යනුයි.
“එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ පිටුපසින්, භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූසේක.
“කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු නිතර එක්රැස් වූවාහු එක්රැස්වීම බහුලකොට ඇත්තාහුදැයි අසන ලද්දේද?” යනුයි.
“ස්වාමීනි, වජ්ජීහු නිතර එක්රැස් වූවාහු එක්රැස්වීම බහුලකොට ඇත්තාහුයයි අසන ලදී” “ආනන්‍දය, වජ්ජීහු රැස්වීම බහුලකොට ඇත්තාහු, නිතර රැස්වූවෝ වන්නාහුද වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුය.
“කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු සමගිව රැස්වෙද්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු දේ කෙරේදැයි අසන ලද්දේද?” යනුයි. “ස්වාමීනි, වජ්ජීහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු කෙරෙත්දැයි අසනලදී.” “ආනන්‍දය, වජ්ජීහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු කෙරෙත්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමති විය යුතුය
“කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු නොපැනවූවක් නොපණවද්ද, පැනවූදේ නොසිඳිද්ද, යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසේදැයි අසන ලද්දේද?” යනුයි. “ස්වාමීනි, වජ්ජීහු නොපැනවූවක් නොපණවත්, පැනවූදේ නොසිඳිත්, යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසෙත්යයි අසන ලදී.” “ආනන්‍දය, වජ්ජීහු නොපැණවූවක් නොපණවද්ද, පැනවූදේ නොසිඳිද්ද, යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසෙද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුයි.
“කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු වජ්ජීන්ගේ යම් ඒ මහල්ලෝ ඇද්ද, ඔවුන්ට සත්කාර කෙරෙත්ද, ගරුකාර කෙරෙත්ද, බහුමාන කෙරෙත්ද, පුදත්ද, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතත්දැයි අසන ලද්දේද?” යනුයි. “ස්වාමීනි, වජ්ජීහු වජ්ජීන්ගේ යම් ඒ මහල්ලෝ ඇද්ද, ඔවුන්ට සත්කාර කෙරෙත්, ගරුකාර කෙරෙත්, බහුමාන කෙරෙත්, පුදත්, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතත්යයි අසන ලදී.” “ආනන්‍දය, වජ්ජීහු වජ්ජීන්ගේ යම් ඒ මහල්ලෝ ඇද්ද, ඔවුන්ට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුයි.
“කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු යම් ඒ කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවද්දැයි අසනලද්දේද?” යනුයි. “ස්වාමීනි, වජ්ජීහු යම් ඒ කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවතියි අසන ලදී.” “ආනන්‍දය, වජ්ජීහු යම් ඒ කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවත්ද වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුයි.
“කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්දැයි අසන ලද්දේද,” යනුයි. “ස්වාමීනි, වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙත්, ගරුකාර කෙරෙත්, බහුමාන කෙරෙත්, පුදත්, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙලත්යයි අසන ලදී.” “ආනන්‍දය, වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමැතිවිය යුතුය.
“කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුදැයි ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේදැයි අසනලද්දේද?” යනුයි. “ස්වාමීනි, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුය. ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේයයි අසන ලදී.” “ආනන්‍දය, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුදැයි ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේ වේද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය කැමතිවිය යුතුයි. පිරිහීමක් නොවේ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා ඇමතූ සේක. ‘බ්‍රාහ්මණය, මම එක්තරා කාලයක විශාලා නුවර ආසන්නයෙහි වූ සාරන්දද නම් චෛත්‍ය ස්ථානයෙහි විසීමි. එහිදී මම වජ්ජීන්ට මේ අපරිහානිය ධර්මයන් දේශනා කළෙමි. බ්‍රාහ්මණය යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්මයෝ වජ්ජීන් කෙරෙහි පිහිටත්ද, මේ අපරිහානිය ධර්‍මයන් කෙරෙහි වජ්ජීහු ගරුකොට සලකද්ද, බ්‍රාහ්මණය, වජ්ජීන්ගේ අභිවෘද්‍ධිය කැමති විය යුතුය. පිරිහීමක් නොවේ.”
“මෙසේ දේශනාකළ කල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය. “භවත් ගෞතමයන් වහන්ස, එකක් නමුදු මේ අපරිහානිය ධර්‍මයකින් යුක්තවූ වජ්ජීන්ගේ අභිවෘද්‍ධියම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවේ. අපරිහානිය ධර්ම සතින්ම යුක්ත නම් කියනුම කවරේද? භවත් ගෞතමයන් වහන්ස, විදේහ දේවියගේ පුත්‍රවූ අජාසත් නම් මගධ රජු විසින් චාටු බස් කියා පෙළඹවීමෙන් හෝ ඔවුනොවුන් බිඳවීමකින් හෝ මිස වජ්ජීන් සමග යුද නොකට යුතුය. භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යන්නෙමු. බොහෝ වැඩ, බොහෝ කටයුතු දේ ඇත.”
“බ්‍රාහ්මණය, ඔබ දැන් කාලය දැනගත්තෙහිය.” ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට ගියේය.”
3. පඨමසත්තකසුත්තං 3. පඨම භික්ඛු අපරිහානිය සූත්‍රය
4. දුතියසත්තකසුත්තං 4. දුතිය භික්ඛු අපරිහානිය සූත්‍රය
5. තතියසත්තකසුත්තං 5. තතිය භික්ඛු අපරිහානිය සූත්‍රය
6. බොජ්ඣඞ්ගසුත්තං 6. චතුත්‍ථ භික්ඛු අපරිහානිය සූත්‍රය
7. සඤ්ඤාසුත්තං 7. පඤ්චම භික්ඛු අපරිහානිය සූත්‍රය
8. පඨමපරිහානිසුත්තං 8. සෙඛපරිහානිය ධම්ම සූත්‍රය
9. දුතියපරිහානිසුත්තං 9. උපාසක පරිහානිය ධම්ම සූත්‍රය
10. විපත්තිසුත්තං 10. උපාසක පරාභව ධම්ම සූත්‍රය
11. පරාභවසුත්තං 11. උපාසක විපත්තිධම්ම සූත්‍රය