| 12. සාමඤ්ඤවග්ගො | 12. සාමඤ්ඤ වර්ගය | 
| 1. කායානුපස්සීසුත්තං | 1. කායානුපස්සී විහරණ සූත්‍රය | 
| 
        117
        
          ‘‘ඡ 
                        
             
        ‘‘ඡ 
                        
             
     | 
    
        117
        
         “මහණෙනි, ධර්ම සයක් දුරු නොකර ශරීරයෙහි ශරීරය අනුව බලන්නට නුසුදුසුය. 
        “කිනම් සයක්ද යත්? කර්මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්ද්රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි. මහණෙනි, මේ ධර්ම සය අත් නොහැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට නුසුදුසුය. 
     | 
| 2. ධම්මානුපස්සීසුත්තං | 2. ධම්මානුපස්සීසුත්තං | 
| 
        118
        
          ‘‘ඡ, භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො අජ්ඣත්තං කායෙ...පෙ.... බහිද්ධා කායෙ...පෙ.... අජ්ඣත්තබහිද්ධා කායෙ...පෙ.... අජ්ඣත්තං වෙදනාසු...පෙ.... බහිද්ධා වෙදනාසු...පෙ.... අජ්ඣත්තබහිද්ධා වෙදනාසු...පෙ.... අජ්ඣත්තං චිත්තෙ...පෙ.... බහිද්ධා චිත්තෙ...පෙ.... අජ්ඣත්තබහිද්ධා චිත්තෙ...පෙ.... අජ්ඣත්තං ධම්මෙසු...පෙ.... බහිද්ධා ධම්මෙසු...පෙ.... අජ්ඣත්තබහිද්ධා 
                        
             
     | 
    
        118
        
         අජ්ඣත්තං කායානුපස්සී සූත්‍රය 
        “මහණෙනි, ධර්ම සයක් අත්හැර ශරීරයෙහි ශරීරය අනුව බලන්නට සුදුසුය. කිනම් සයක්ද යත්? කර්මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්ද්රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි. මහණෙනි, මේ ධර්ම සය අත් හැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට සුදුසුය. 
        බහිද්ධා කායානුපස්සී සූත්‍රය 
        “මහණෙනි, ධර්ම සයක් අත් නොහැර ස්වකිය ශරීරයෙහි ශරීරය අනුව බලන්නට නුසුදුසුය. කිනම් සයක්ද යත්? කර්මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්ද්රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි. මහණෙනි, මේ ධර්ම සය අත් නොහැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට නුසුදුසුය. 
        අජ්ඣත්ත බහිද්ධා කායානුපස්සී සූත්‍රය 
        (මෙහි මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයෙහි ‘ශරීරයෙහි’ යන්නට පිටත්හිවූ, තමාතුළ හා පිටත්හිවූ, වේදනාවන්හි වේදනාව, තමාතුළ ඇති වේදනාවන්හි, පිටත්හිවූ වේදනාවන්හි, ඇතුළත පිටත වේදනාවන්හි, සිතෙහි සිත, තම සිතෙහි, පිටත්හිවූ සිතෙහි, ඇතුළත පිටත සිතෙහි, ධර්මයන්හි ධර්මය, තමාතුළ ඇති ධර්මයන්හි, පිටත්හිවූ ධර්මයන්හි, ඇතුළත පිටත ධර්මයන්හි, කියා වෙනස්කරද, 1 සූත්‍රයේ ‘දුරු නොකර’ යන්නට ‘දුරු කර’ කියා යොදාද, සූත්‍ර 30ක් යොදාගත යුතුයි.) 
     | 
| 3. තපුස්සසුත්තං | 3. තපුස්සසුත්තං | 
| 
        119
        
          ‘‘ඡහි 
                        
             
     | 
    
        119
        
         “මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තපස්සු නම් ගෘහපතිතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමට ගියේ, අමෘතය දක්නේ, අමෘතය ප්රත්යක්ෂකොට ජීවත්වෙයි. 
        “කිනම් සයකින්ද යත්? බුදුන් කොරහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවේද, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වේද, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍ය ශීලයෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍ය ඤාණයෙන් යුක්තවූයේ වේද, ආර්‍ය්‍යවූ කෙලෙසුන්ගෙන් මිදීමෙන් යුක්තවූයේ වේද, මහණෙනි, ධර්ම සයකින් යුක්තවූ තපස්සු නම් ගෘහපතිතෙමේ තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීමට ගියේ, අමෘතය දක්නේ, අමෘතය ප්රත්යක්ෂකොට ජීවත්වෙයි. 
     | 
| 4-23. භල්ලිකාදිසුත්තානි | 4-23. භල්ලිකාදිසුත්තානි | 
| 
        120-139
        
          ‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භල්ලිකො ගහපති...පෙ.... සුදත්තො ගහපති අනාථපිණ්ඩිකො... චිත්තො ගහපති මච්ඡිකාසණ්ඩිකො... හත්ථකො ආළවකො... මහානාමො සක්කො... උග්ගො ගහපති වෙසාලිකො... උග්ගතො ගහපති... සූරම්බට්ඨො 
                        
            (සූරො අම්බට්ඨො (ක.)) ... ජීවකො කොමාරභච්චො... නකුලපිතා ගහපති... තවකණ්ණිකො ගහපති... පූරණො ගහපති... ඉසිදත්තො ගහපති... සන්ධානො 
                        
            (සන්තානො (ක.)) ගහපති... විචයො 
                        
            (විජයො (සී. ස්‍යා. පී.)) ගහපති... විජයමාහිකො 
                        
            (වජ්ජියමහිතො (සී. ස්‍යා. පී.)) ගහපති... මෙණ්ඩකො ගහපති 
                        
             
     | 
    
        120-139
        
         (මේ වර්ගයේ 5 වෙනි සූත්‍රයෙහි ‘තපස්සු’ වෙනුවට, ‘භල්ලුක’ ‘සුදත්ත නම් අනේපිඬු’ ‘මච්ඡිකා සණ්ඩිකචිත්ත’ ‘හත්ථක ආලවක’ ‘මහානාම සක්ක’ ‘විසාලානුවර උග්ග’ ‘උග්ගත’ ‘සුරම්බඨ’ ‘ජීවක කොමාරභච්ච’ ‘නකුලපිතා’ ‘තවකණ්ණික’ ‘පූරණ’ ‘ඉසිදත්ත’ ‘සන්ධාන’ ‘විජය’ ‘වජ්ජීය මහිත’ ‘මෙණ්ඩක’ ‘වාසෙට්ඨ උපාසක’ ‘අරිඨ’ ‘සාරග්ග’ යන වචන යොදා සූත්‍ර 20 ක් යොදාගත යුතුයි.) 
     |