10. ආනිසංසවග්ගො | 10. ආනිසංස වර්ගය |
1. පාතුභාවසුත්තං | 1. දුල්ලභපාතුභාව සූත්‍රය |
96
‘‘ඡන්නං
|
96
“මහණෙනි, සයක පහළවීම ලොව දුර්ලභය.
“කවර සයෙක්ද යත්? තථාගතවූ, අර්හත්වූ සම්මා සම්බුදුන්ගේ පහළවීම ලොව දුර්ලභය. තථාගතයන් අවබෝධකළ ධර්ම විනයය දෙසන්නාවූ තැනැත්තේ ලොව දුර්ලභය. ආර්ය භූමියෙහි නැවත ඉපදීම ලොව දුර්ලභය. ඉන්ද්රියයන්ගේ අවිකලභාවය ලොව දුර්ලභය. ජඩ නොවීමද, කෙළතොලු හා ගොළු නොවීමද ලොව දුර්ලභය. පින් දහමට කැමැත්ත ලොව දුර්ලභය. මහණෙනි, සයක පහළවීම ලොව දුර්ලභය.
|
2. ආනිසංසසුත්තං | 2. සෝතාපත්තානිසංස සූත්‍රය |
97
‘‘ඡයිමෙ, භික්ඛවෙ, ආනිසංසා සොතාපත්තිඵලසච්ඡිකිරියාය. කතමෙ ඡ? සද්ධම්මනියතො හොති, අපරිහානධම්මො හොති, පරියන්තකතස්ස දුක්ඛං හොති
(දුක්ඛං න හොති (ස්‍යා. පී. ක.)), අසාධාරණෙන ඤාණෙන සමන්නාගතො හොති, හෙතු චස්ස සුදිට්ඨො, හෙතුසමුප්පන්නා ච ධම්මා. ඉමෙ ඛො, භික්ඛවෙ, ඡ ආනිසංසා සොතාපත්තිඵලසච්ඡිකිරියායා’’ති. දුතියං.
|
97
“මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි.
“කවර සයෙක්ද යත්? සද්ධර්මයට ඒකාන්තවූයේ වේද, නොපිරිහෙන ධර්ම ඇත්තේ වේද, සම්පූර්ණයෙන් අවසන් කළහුට දුකක් නොවේද, අසමාන නුවණින් යුතුද, ඔහුට හේතුව පෙනුණේ වේද, හේතුවෙන් හටගත් (ඵල) ධර්මයෝද පෙනුණාහු වේද, (යනුය) මහණෙනි, සෝවාන් ඵලය අත්කිරීමට මේ අනුසස් සයෙකි.
|
3. අනිච්චසුත්තං | 3. නිච්චතො සමනුපස්සන සූත්‍රය |
98
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු කඤ්චි සඞ්ඛාරං නිච්චතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ‘අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ‘සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං
(අරහත්තඵලං (ක.) පටි. ම. 3.36) වා සච්ඡිකරිස්සතී’ති නෙතං
‘‘‘සො
|
98
“මහණෙනි, ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
“මහණෙනි, ඒ භික්ෂුතෙම වනාහි ඒකාන්තයෙන් සියලු සංස්කාරය අනිත්‍ය වශයෙන් බලන්නේ, අනුලොම් කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතීි. අනුලොම් කැමැත්තෙන් යුක්ත වූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය පවතීි. නිවැරදි ස්වභාවයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී.
|
4. දුක්ඛසුත්තං | 4. සුඛතො සමනුපස්සන සූත්‍රය |
99
‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු කඤ්චි සඞ්ඛාරං සුඛතො සමනුපස්සන්තො...පෙ.... සබ්බසඞ්ඛාරෙ දුක්ඛතො සමනුපස්සන්තො...පෙ.... ඨානමෙතං විජ්ජති’’. චතුත්ථං.
|
99
“මහණෙනි, ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් කිසියම් සංස්කාරයක් සැප වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි. සියලු සංස්කාරය දුක් වශයෙන් බලන්නේ, අනුලොම් කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතීි. අනුලොම් කැමැත්තෙන් යුක්ත වූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය පවතීි. නිවැරදි ස්වභාවයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී. කිසියම් ධර්මයක් ආත්ම වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
|
5. අනත්තසුත්තං | 5. අත්තතොසමනුපස්සන සූත්‍රය |
100
‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු කඤ්චි ධම්මං අත්තතො සමනුපස්සන්තො...පෙ.... සබ්බධම්මෙ
(සබ්බධම්මං (සී. පී.), කිඤ්චිධම්මං (ක.) පටි. ම. 3.36) අනත්තතො සමනුපස්සන්තො...පෙ.... ඨානමෙතං විජ්ජති’’. පඤ්චමං.
|
100
“මහණෙනි, ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් කිසියම් සංස්කාරයක් ආත්ම වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි. සියලු සංස්කාරය සුඛ වශයෙන් බලන්නේ, අනුලොම් කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය පවතීි. අනුලොම් කැමැත්තෙන් යුක්ත වූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය පවතීි. නිවැරදි ස්වභාවයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණය පවතී. කිසියම් ධර්මයක් අනාත්ම වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේය යන මේ කාරණය නොපවතියි. අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතියි. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කෙරේය යන මේ කාරණය නොපවතියි.
|
6. නිබ්බානසුත්තං | 6. නිබ්බාණසමනුපස්සන සූත්‍රය |
101
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු නිබ්බානං දුක්ඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ‘අනුලොමිකාය ඛන්තියා අසමන්නාගතො සම්මත්තනියාමං ඔක්කමිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ‘සම්මත්තනියාමං අනොක්කමමානො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා සච්ඡිකරිස්සතී’ති නෙතං ඨානං විජ්ජති.
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු නිබ්බානං සුඛතො සමනුපස්සන්තො අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො භවිස්සතී’ති
|
101
“මහණෙනි, ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් නිවණ දුක් වශයෙන් බලන්නේ අනුලොම්වූ කැමැත්තෙන් යුක්ත වන්නේයයි මේ කාරණය නොපවතී. අනුලොම් කැමැත්තෙන් යුක්ත නොවූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගනීය යන මේ කාරණය නොපවතී. නිවැරදි ස්වභාවයට බැස නොගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ අර්හත්වය හෝ, අත්කරන්නේය යන මේ කාරණය නොපවතී.
“මහණෙනි, ඒ භික්ෂුතෙම ඒකාන්තයෙන් නිවණ සැප වශයෙන් බලන්නේ, අනුලොම් කැමැත්තෙන් යුක්තවූයේ වන්නේයයි යන මේ කාරණය පවතීි. අනුලොම් කැමැත්තෙන් යුක්ත වූයේ, නිවැරැදි ස්වභාවයට බැස ගන්නේයයි යන මේ කාරණය පවතීි. නිවැරදි ස්වභාවයට බැස ගන්නේ සෝවාන් ඵලය හෝ, සකෘදාගාමී ඵලය හෝ, අනාගාමී ඵලය හෝ, අර්හත්වය හෝ, අත් කරන්නේය යන මේ කාරණ පවතී.”
|
7. අනවත්ථිතසුත්තං | 7. අනිච්චසඤ්ඤාපට්ඨාපන සූත්‍රය |
102
‘‘ඡ
|
102
“මහණෙනි, අනුසස් සයක් බලන්නාවූ භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හිද සීමා රහිතව ‘අනිතයයි’ යන හැඟීම වැඩීමට සෑහේමය.
“කවර සයක්ද යත්? මගේ සියලු සංස්කාරයෝ අස්ථිර බැවින් ගෙවී යන්නේය. මගේ සිත මුළු ලොවෙහි නොඇලෙන්නේය. මගේ සිත සියලු ලෝකයෙන් නැගී සිටින්නේය. මගේ සිත නිවණට නැමුණේ වන්නේය. මගේ (කාමඡන්දාදී) බැඳුම්ද ගෙවීමට යයි. උතුම්වූ මහණකමින් යුක්තවුයේ වන්නේය. (යනුය.)මහණෙනි, අනුසස් සයක් බලන්නාවූ භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හිද සීමා රහිතව ‘අනිතයයි’ යන හැඟීම වැඩීමට සෑහේමය.
|
8. උක්ඛිත්තාසිකසුත්තං | 8. දුක්ඛතො සමනුපස්සන සූත්‍රය |
103
‘‘ඡ, භික්ඛවෙ, ආනිසංසෙ සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා සබ්බසඞ්ඛාරෙසු අනොධිං කරිත්වා දුක්ඛසඤ්ඤං උපට්ඨාපෙතුං. කතමෙ ඡ? ‘සබ්බසඞ්ඛාරෙසු ච මෙ නිබ්බිදසඤ්ඤා පච්චුපට්ඨිතා භවිස්සති, සෙය්යථාපි උක්ඛිත්තාසිකෙ වධකෙ. සබ්බලොකා ච මෙ මනො වුට්ඨහිස්සති, නිබ්බානෙ ච සන්තදස්සාවී භවිස්සාමි, අනුසයා ච මෙ සමුග්ඝාතං ගච්ඡිස්සන්ති
(ගච්ඡන්ති (පී. ක.)), කිච්චකාරී ච භවිස්සාමි, සත්ථා ච මෙ පරිචිණ්ණො භවිස්සති මෙත්තාවතායා’ති. ඉමෙ
|
103
“මහණෙනි, අනුසස් සයක් බලන්නාවූ භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හිද සීමා රහිත කොට දුක්ය යන හැඟීම නැගිටුවන්නට සෑහේමය.
“කවර සයක්ද යත්? ඔසවන ලද කඩු ඇති වධකයා කෙරෙහි මෙන් සියලු සංස්කාරයන්හිද මට නිර්වාණයයි යන හැඟීම එළඹුනේ වන්නේය. මුළු ලෝකයෙන් මගේ සිත නැගිටින්නේය. නිවන්හිද ශාන්ත භාවය දක්නා සුලු වෙමි. මගේ ක්ලේශද නැසීමට යයි. කටයුත්ත කරන්නේද වෙමි. මෛත්‍රි ව්‍රතය පිණිස ශාස්තෘතෙමේද මා ඇසුරු කෙළේ වන්නේය. මහණෙනි, අනුසස් සයක් බලන්නාවූ භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හිද සීමා රහිත කොට දුක්ය යන හැඟීම නැගිටුවන්නට සෑහේමය.
|
9. අතම්මයසුත්තං | 9. අනත්තසඤ්ඤුපට්ඨාපන සූත්‍රය |
104
‘‘ඡ, භික්ඛවෙ, ආනිසංසෙ සම්පස්සමානෙන අලමෙව භික්ඛුනා සබ්බධම්මෙසු අනොධිං කරිත්වා අනත්තසඤ්ඤං උපට්ඨාපෙතුං. කතමෙ ඡ? සබ්බලොකෙ
|
104
“මහණෙනි, අනුසස් සයක් බලන භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිත කොට අනාත්ම සංඥාව එළවන්නට සෑහේමය.
“කවර සයක්ද යත්? සියලු ලෝකයෙහිද එයින් නොවූවෙක් වන්නෙමි. මම යන හැඟීමද මට ගෙවේ. මගේය යන හැඟීමද මට ගෙවේ. අසමානවූ නුවණින් යුක්තවූයේ වන්නෙමි. මා හේතුව මනාව දක්නා ලද්දේ වන්නේය. හේතුවෙන් උපන් මේ ධර්මයෝද මනාව දක්නා ලද්දෝය. (යනුය)මහණෙනි, අනුසස් සයක් බලන භික්ෂුව විසින් සියලු සංස්කාරයන්හි සීමා රහිත කොට අනාත්ම සංඥාව එළවන්නට සෑහේමය.
|
10. භවසුත්තං | 10. පහාතබ්බභව සූත්‍රය |
105
‘‘තයොමෙ
|
105
“මහණෙනි, දුරුකළයුතු භවයෝ තුනෙකි. තුන් හික්මීමෙහි හික්මිය යුතුය. දුරුකළයුතු භවත්‍රය කවරේද? කාම භවය, රූප භවය, අරූප භවය (යනුය.) මේ භවත්‍රය දුරුකළ යුතුය.
“කවර තුනෙක හික්මිය යුතුද? අධිශීල ශික්ෂාවය, අධි චිත්ත ශික්ෂාවය, අධි ප්‍රඥා ශික්ෂාවය (යනු) යි. මේ හික්මීම් තුනෙහි හික්මිය යුතුය. මහණෙනි, යම් හෙයකින් භික්ෂුහට මේ තුන් භවය ගෙවුනේ වෙයි. මේ තුන් හික්මීමෙහි හික්මුණේ විය යුතුය.
“මහණෙනි, මේ භික්ෂුතෙම වනාහි තාෂ්ණාව සින්දේය. බැඳුම් පෙරලීය. මැනවින් සම්‍යක් මානය අවබෝධ කිරීමෙන් දුක කෙළවර කෙළේයයි කියනු ලැබේ.
|
11. තණ්හාසුත්තං | 11. පහාතබ්බතණ්හා සූත්‍රය |
106
‘‘තිස්සො
|
106
“මහණෙනි, දුරුකටයුතු මේ තෘෂ්ණාවෝ තිදෙනෙකි. මාන තුනෙකි.
“කවර තෘෂ්ණා තුනක් දුරු කටයුතුද? කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව. විභව තෘෂ්ණාව (යනුය.) මේ තුන් තෘෂ්ණාව දුරු කටයුතුය.
“දුරුකටයුතු මාන තුන කවරේද? මානය, අවමානය, අතිමානයයි. මේ තුන් මානයෝ දුරු කටයුතුය.
“මහණෙනි, යම් තැනක පටන් මේ තුන් තෘෂ්ණාව දුරුවුණේද, මේ තුන් මානයෝ දුරු කළෝද,
“මහණෙනි, මේ මහණතෙම තෘෂ්ණාව සින්දේය. බැඳුම් පෙරළීය. සම්‍යක් මානය අවබෝධ කිරීමෙන් දුක කෙළවර කෙළේයයි කියනු ලැබේ.
|