ත්‍රිපිටකය
9. සීතිවග්ගො 9. සීති වර්‍ගය
1. සීතිභාවසුත්තං 1. අනුත්තර සීතිභාව සූත්‍රය
2. ආවරණසුත්තං 2. නියාමොක්කමන සූත්‍රය
3. වොරොපිතසුත්තං 3. සම්මත්ත සූත්‍රය
4. සුස්සූසතිසුත්තං 4. සුස්සූසන සූත්‍රය
88
‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි? තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ න සුස්සූසති, න සොතං ඔදහති, න අඤ්ඤා චිත්තං උපට්ඨාපෙති (උපට්ඨපෙති (සී. ස්‍යා. කං. පී.)), අනත්ථං ගණ්හාති, අත්ථං රිඤ්චති, අනනුලොමිකාය ඛන්තියා සමන්නාගතො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තොපි සද්ධම්මං අභබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං.
‘‘ඡහි , භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. කතමෙහි ඡහි? තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ දෙසියමානෙ සුස්සූසති, සොතං ඔදහති, අඤ්ඤා චිත්තං උපට්ඨාපෙති, අත්ථං ගණ්හාති, අනත්ථං රිඤ්චති, අනුලොමිකාය ඛන්තියා සමන්නාගතො හොති. ඉමෙහි ඛො, භික්ඛවෙ, ඡහි ධම්මෙහි සමන්නාගතො සුණන්තො සද්ධම්මං භබ්බො නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්ත’’න්ති. චතුත්ථං.
88
“මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
“කවර සයකින්ද? තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍ම විනය දේශනා කරණ කල්හි නොඅසාද. කණ නොනමාද. වෙන කරුණක් සිතට නගා ගනීද, අනර්ත්‍ථයක්ම ගනීද, අර්ත්‍ථය නොසලකා හරීද. පිළිවෙලින් තොරවූ ඉවසීමෙන් යුක්ත වේද. මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
“මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.
“කවර සයකින්ද? තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍ම විනය දේශනා කරණ කල්හි අසාද. කන් නමාද. වෙන කරුණක් සිතට නගා නොගනීද, අර්ත්‍ථයක්ම ගනීද, අර්ත්‍ථය සලකාද. පිළිවෙලින් යුක්තවූ ඉවසීමෙන් යුක්ත වේද. මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.
5. අප්පහායසුත්තං 5. දිඨිසම්පදා සච්ඡීකරණ සූත්‍රය
6. පහීනසුත්තං 6. පහීන ධම්මඡක්ක සූත්‍රය
7. අභබ්බසුත්තං 7. උප්පාදනායාභබ්බධම්ම සූත්‍රය
8. පඨමඅභබ්බට්ඨානසුත්තං 8. ඡඅභබ්බට්ඨාන සූත්‍රය
9. දුතියඅභබ්බට්ඨානසුත්තං 9. කිඤ්චිසංඛාරූප ගමන සූත්‍රය
10. තතියඅභබ්බට්ඨානසුත්තං 10. ආනන්තරිය සූත්‍රය
11. චතුත්ථඅභබ්බට්ඨානසුත්තං 11. සයංකත සුඛදුක්ඛ සූත්‍රය