7. දෙවතාවග්ගො | 7. දේවතා වර්ගය (අනාගාමි වර්ගය) |
1. අනාගාමිඵලසුත්තං | 1. අනාගාමිඵල සච්ඡිකිරියා සූත්‍රය |
65
‘‘ඡ
‘‘ඡ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො අනාගාමිඵලං සච්ඡිකාතුං. කතමෙ ඡ? අස්සද්ධියං, අහිරිකං, අනොත්තප්පං, කොසජ්ජං, මුට්ඨස්සච්චං, දුප්පඤ්ඤතං - ඉමෙ ඛො, භික්ඛවෙ, ඡ ධම්මෙ පහාය භබ්බො අනාගාමිඵලං සච්ඡිකාතු’’න්ති. පඨමං.
|
65
“මහණෙනි, කරුණු සයක් දුරු නොකර අනාගාමී ඵලයට පැමිණීමට සුදුසු නොවේ. කිනම් සයක්ද යත්? අශ්රද්ධාව, පාපයෙහි ලජ්ජා නැති බව, පාපයෙහි බිය නැති බව. කුසීතකම, සිහි මුළාව, නුවණ නැති බව යන සයයි. මහණෙනි, මේ කරුණු සය දුරු නොකර අනාගාමී ඵලය ලබා ගැනීමට නොහැකිය.
“මහණෙනි, කරුණු සයක් දුරු කර අනාගාමී ඵලයට පැමිණීමට සුදුසු වේ. කිනම් සයක්ද යත්? අශ්රද්ධාව, පාපයෙහි ලජ්ජා නැති බව, පාපයෙහි බිය නැති බව. කුසීතකම, සිහි මුළාව, නුවණ නැති බව යන සයයි. මහණෙනි, කරුණු සයක් දුරු නොකර අනාගාමී ඵලයට පැමිණීමට සුදුසු නොවේ. කිනම් සයක්ද යත්? අශ්රද්ධාව, පාපයෙහි ලජ්ජා නැති බව, පාපයෙහි බිය නැති බව. කුසීතකම, සිහි මුළාව, නුවණ නැති බව යන සයයි. මහණෙනි, මේ කරුණු සය දුරු නොකර අනාගාමී ඵලය ලබා ගැනීමට නොහැකිය.
|
2. අරහත්තසුත්තං | 2. අරහන්ත සච්ඡිකිරියා සූත්‍රය |
66
‘‘ඡ, භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං. කතමෙ ඡ? ථිනං
(ථීනං (සී. ස්‍යා. කං. පී.)), මිද්ධං, උද්ධච්චං, කුක්කුච්චං, අස්සද්ධියං, පමාදං - ඉමෙ ඛො, භික්ඛවෙ, ඡ ධම්මෙ අප්පහාය අභබ්බො අරහත්තං සච්ඡිකාතුං.
‘‘ඡ
|
66
“මහණෙනි, කරුණු සයක් දුරු නොකර රහත්වීමට නුසුදුසුය.
කිනම් සයක්ද යත්? සිතේ අලසකම. කයේ අලසකම, සිතේ විසුරුනු බව. පසුතැවිල්ල, අශ්රද්ධාව, ප්‍රමාදය, යන සයයි. මහණෙනි, කරුණු සයක් දුරු නොකර රහත්වීමට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සයක් දුරුකොට රහත්වීමට සුදුසු වේ.
“කිනම් සයක්ද යත්? සිතේ අලසකම. කයේ අලසකම, සිතේ විසුරුනු බව. පසුතැවිල්ල, අශ්රද්ධාව, ප්‍රමාදය, යන සයයි. මහණෙනි, කරුණු සයක් දුරුකොට රහත්වීමට සුදුසු වේ.
|
3. මිත්තසුත්තං | 3. භික්ඛුපාපමිත්ත සූත්‍රය |
67
‘‘‘සො
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො කල්යාණසහායො කල්යාණසම්පවඞ්කො, කල්යාණමිත්තෙ සෙවමානො භජමානො පයිරුපාසමානො, තෙසඤ්ච දිට්ඨානුගතිං ආපජ්ජමානො ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘ආභිසමාචාරිකං ධම්මං පරිපූරෙත්වා සෙඛං ධම්මං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘සෙඛං ධම්මං පරිපූරෙත්වා සීලානි පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘සීලානි පරිපූරෙත්වා කාමරාගං වා රූපරාගං වා අරූපරාගං වා පජහිස්සතී’ති ඨානමෙතං විජ්ජතී’’ති. තතියං.
|
67
“මහණෙනි, ඒකාන්තයෙන් පවිටු මිත්‍රයන් ඇති, පවිටන් සහාය කොට ඇති, පවිටන්ට නැමෙන. පවිටු මිත්‍රයන් ආශ්‍රය කරණ, සේවනය කරණ, ඒ මහණ තෙම ඔවුන්ගේ අදහස්වලට අනුව හැසිරෙන්නේ, හැසිරීම පිළිබඳ සිරිත් විරිත් ආරක්ෂා කරයි යන, මෙය සිදු නොවේ. හැසිරීම පිණිසවූ සිරිත් විරිත් නොරැක (යට මාර්ග ඵල සතෙහි) ශෛක්‍ෂධර්‍ම පුරයි යන මෙය විද්‍යමාන නොවේ. ශෛක්‍ෂධර්‍ම නොපුරා, සිල් පුරන්නේය යන මෙය විද්‍යමාන නොවේ. සිල් නොපුරා, කාමාශාව හෝ, රූපාශාව හෝ, අරූප ආශාව හෝ දුරු කරන්නේය යන මෙය විද්‍යමාන නොවේ.
“මහණෙනි, ඒකාන්තයෙන් යහපත් මිත්‍රයන් ඇති, යහපත් මිත්‍රයන් සහාය කොට ඇති, යහපත් මිත්‍රයන්ට නැමෙන. යහපත් අය හා ආශ්‍රය කරණ, සේවනය කරණ, ඒ මහණ තෙම ඔවුන්ගේ අදහස්වලට අනුව හැසිරෙන්නේ, හැසිරීම පිළිබඳ සිරිත් විරිත් පුරවන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. හැසිරීම පිළිබඳ සිරිත් විරිත් පුරා ශෛක්‍ෂධර්‍ම පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍ම පුරා, සිල් පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. සිල් පුරා, කාමාශාව, රූපාශාව, අරූපාශාව දුරු කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
|
4. සඞ්ගණිකාරාමසුත්තං | 4. සංඝනිකාරාම සූත්‍රය |
68
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු සඞ්ගණිකාරාමො සඞ්ගණිකරතො සඞ්ගණිකාරාමතං අනුයුත්තො, ගණාරාමො ගණරතො ගණාරාමතං අනුයුත්තො, එකො පවිවෙකෙ අභිරමිස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ‘එකො පවිවෙකෙ අනභිරමන්තො චිත්තස්ස
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු න සඞ්ගණිකාරාමො න සඞ්ගණිකරතො න සඞ්ගණිකාරාමතං අනුයුත්තො, න ගණාරාමො න ගණරතො න ගණාරාමතං අනුයුත්තො, එකො පවිවෙකෙ අභිරමිස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘එකො පවිවෙකෙ අභිරමන්තො චිත්තස්ස නිමිත්තං ගහෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘චිත්තස්ස නිමිත්තං ගණ්හන්තො සම්මාදිට්ඨිං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘සම්මාදිට්ඨිං පරිපූරෙත්වා සම්මාසමාධිං පරිපූරෙස්සතී’ති ඨානමෙතං විජ්ජති. ‘සම්මාසමාධිං
|
68
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි ඇලුනේ, සමාගමෙහි නිරතවූයේ, සමාගමට එක්වීමෙහි යෙදුනේ, පිරිසෙහි ඇලුනේ. පිරිස සමග නිරතවූයේ, පිරිස සමග එක්වීමෙහි යෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේයයි මේ කාරණය විද්‍යමාන නොවේ. තනිව විවේකයෙහි නොඇලෙන්නේ, සිතට අරමුණ ගන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සිතට අරමුණ නොගන්නේ, සම්‍යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සම්‍යක් දාෂ්ටිය නොපුරා. සම්‍යක් සමාධිය පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සම්‍යක් සමාධිය නොපුරා. සංයෝජන (බැමි) දුරුකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ. සංයෝජනයන් දුරු නොකොට නිර්වාණය ප්රත්යක්ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවේ.
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ මහණතෙම සමාගමෙහි නොඇලුනේ, සමාගමෙහි නිරත නොවූයේ, සමාගමට එක්වීමෙහි නොයෙදුනේ, පිරිසෙහි නොඇලුනේ. පිරිස සමග නිරත නොවූයේ, පිරිස සමග එක්වීමෙහි නොයෙදුනේ, තනිව විවේකයෙහි ඇලෙන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. තනිව විවේකයෙහි ඇලෙන්නේ, සිතට නිමිත්ත ගන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. සිතට නිමිත්ත ගන්නේ, සම්‍යක් දෘෂ්ටිය පුරන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. සම්‍යක් දාෂ්ටිය පුරා. සම්‍යක් සමාධිය පුරන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ. සම්‍යක් සමාධිය පුරා. සංයෝජනයන් දුරුකරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. සංයෝජනයන් දුරු කර නිර්වාණය ප්රත්යක්ෂ කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.
|
5. දෙවතාසුත්තං | 5. දේවතා පරිහාණිය සූත්‍රය |
69
අථ
අථ
එවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො භගවන්තං අභිවාදෙත්වා එතදවොච - ‘‘ඉමස්ස ඛො අහං, භන්තෙ, භගවතා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි. ඉධ, භන්තෙ, භික්ඛු අත්තනා ච සත්ථුගාරවො හොති සත්ථුගාරවතාය ච වණ්ණවාදී. යෙ චඤ්ඤෙ භික්ඛූ න සත්ථුගාරවා තෙ ච සත්ථුගාරවතාය සමාදපෙති. යෙ චඤ්ඤෙ භික්ඛූ සත්ථුගාරවා තෙසඤ්ච වණ්ණං භණති භූතං තච්ඡං කාලෙන. අත්තනා ච ධම්මගාරවො හොති...පෙ.... සඞ්ඝගාරවො හොති... සික්ඛාගාරවො හොති
‘‘සාධු සාධු, සාරිපුත්ත! සාධු ඛො ත්වං, සාරිපුත්ත, ඉමස්ස මයා සංඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාසි. ඉධ, සාරිපුත්ත, භික්ඛු අත්තනා ච සත්ථුගාරවො හොති
|
69
ඉක්බිති එක්තරා දිව්‍ය පුත්‍රයෙක් මධ්‍යම රාත්‍රිය ඉක්මවූ කල්හි, යහපත් වර්ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය බබුළුවා, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, කරුණු සයක් මහණහුගේ නොපිරිහීම පිණිස පවතිත්ය” යි කීයේය. “ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය, ධර්මයට ගෞරවය, සංඝයාට ගෞරවය, ශික්ෂාවට ගෞරවය, සුවච බව, යහපත් මිත්‍රයන් ඇති බව, යන සයයි. ස්වාමීනි, මේ කරුණු සය මහණහට නොපිරිහීම පිණිස පවතිත්.” ඒ දේවතාවා මෙසේ කීය. “ශාස්තෲන් වහන්සේ පිළිගත් සේක.” ඉක්බිති ඒ දේවතාවා “ශාස්තෲන් වහන්සේ මාගේ වචන පිළිගත් සේකැ” යි ශාස්තෲන් වහන්සේ වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් විය.
ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්ෂූන්ට කථා තළ සේක. “මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රිය ඉක්මවූ කල්හි යහපත් වර්ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය ආලෝක කොට මා යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, මා වැඳ. එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා මට, “ස්වාමීනි, කරුණු සයක් මහණහුගේ නොපිරිහීම පිණිස පවතිත්ය” යි කීයේය. “ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරවය, ධර්මයට ගෞරවය, සංඝයාට ගෞරවය, ශික්ෂාවට ගෞරවය, සුවච බව, යහපත් මිත්‍රයන් ඇති බව, යන සයයි. ස්වාමීනි, මේ කරුණු සය මහණහට නොපිරිහීම පිණිස පවතිත්.” ඒ දේවතාවා මෙසේ කීය. “ශාස්තෲන් වහන්සේ පිළිගත් සේක.” ඉක්බිති ඒ දේවතාවා “ශාස්තෲන් වහන්සේ මාගේ වචන පිළිගත් සේකැ” යි මා වැඳ, පැදකුණුකොට, එහිම අතුරුදහන් විය.
මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට, “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬින් වදාරණ ලද දෙය මෙහි මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දනිමි.
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේ වේද, ශාස්තෲන් වහන්සේට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ධර්මය කෙරෙහි ගරු කරන්නේ වේද, ධර්මයට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ධර්මය කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ධර්මය කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද සංඝයා කෙරෙහි ගරු කරන්නේ වේද, සංඝයාට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද සංඝයා කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් සංඝයා කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද ශික්ෂාවෙහි ගරු කරන්නේ වේද, ශික්ෂාවෙහි ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශික්ෂාවෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශික්ෂාවෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශික්ෂාවෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද කීකරු වේද, කීකරුවීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් කීකරු නැත්තේ වේද, ඔවුන්ද කීකරු වීමෙහි යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් කීකරු වේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ස්වාමීනි, මේ ශාසනයෙහි මහණතෙම තමන්ද යහපත් මිත්‍රයන් ඇත්තේ වේද, යහපත් මිත්‍රයන් ඇසුරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් යහපත් මිත්‍රයන් නැත්තේ වේද, ඔවුන්ද යහපත් මිත්‍රයන් ඇසුරෙහි යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් යහපත් මිත්‍රයන් ඇත්තේ වේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ලුහුඬින් වදාරණ ලද මෙහි මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දනිමි.”
“ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
“ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද ශාස්තෲන් වහන්සේ විෂයෙහි ගරු කරන්නේ වේද, ශාස්තෲන් වහන්සේට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
“ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද ධර්මය විෂයෙහි ගරු කරන්නේ වේද, ධර්මයට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ධර්මය කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ධර්මය කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
“ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද සංඝයා විෂයෙහි ගරු කරන්නේ වේද, සංඝයාට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද සංඝයා කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් සංඝයා කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
“ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද ශික්ෂාව විෂයෙහි ගරු කරන්නේ වේද, ශික්ෂාවට ගරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තේ වේද, ඔවුන්ද ශික්ෂාව කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් ශික්ෂාව කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
“ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද කීකරුවේද, කීකරුවීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් කීකරු නැත්තේ වේද, ඔවුන්ද කීකරුවීම කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් කීකරුවීමෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
“ශාරීපුත්‍රය, යහපත, යහපත, ශාරීපුත්‍රය, ඔබ මා විසින් විසින් ලුහුඬින් වදාරණ ලද මෙය මෙසේ විස්තර වශයෙන් අර්ත්ථය දන්නෙහිය.
“ශාරීපුත්‍රය, මේ ශාසනයෙහි මහණතෙම, තමන්ද යහපත් මිත්‍රයන් ඇත්තේ වේද, යහපත් මිත්‍රයන් ඇසුරු කිරීමෙහි ගුණ කියන්නේ වේද, යම් අන් භික්ෂු කෙනෙක් යහපත් මිත්‍රයන් නැත්තේ වේද, ඔවුන්ද යහපත් මිත්‍රයන් ඇතිබව කෙරෙහි ගරු කිරීමට යොදවයිද, අන් යම්කිසි භික්ෂුවක් යහපත් මිත්‍රයන් ඇතිබව කෙරෙහි ගරු කරන්නේද, ඔවුන්ගේද ඇත්තාවූ, සත්‍යවූ ගුණය සුදුසු කාලයෙහි කියයිද.
|
6. සමාධිසුත්තං | 6. සන්තසමාධි සූත්‍රය |
70
‘‘‘සො වත, භික්ඛවෙ, භික්ඛු න සන්තෙන සමාධිනා න පණීතෙන න පටිප්පස්සද්ධිලද්ධෙන
(න පටිප්පස්සද්ධලද්ධෙන (සී.)) න එකොදිභාවාධිගතෙන අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභවිස්සති - එකොපි හුත්වා බහුධා භවිස්සති, බහුධාපි හුත්වා එකො භවිස්සති...පෙ.... යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙස්සතී’ති නෙතං ඨානං විජ්ජති. ‘දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණිස්සති - දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චා’ති නෙතං ඨානං විජ්ජති. ‘පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානිස්සති - සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානිස්සති
‘‘‘සො
|
70
“මහණෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාන්තවූ සමාධිය නැතිව, ප්‍රණීත සමාධිය නැතිව, සංසිඳීම නැතිව, සිතේ එකඟකම නැතිව, එකෙකු බොහෝ දෙනෙකු වන්නාහ. බොහෝ දෙනෙකු එකෙක් වන්නේය. (දීඝ නිකායේ, 3 සූත්‍රයේ, 70 ඡේදයේ, “ඉදිරිපත්කොට” යන වචනයේ සිට යොදාගත යුතුයි.)
“බ්‍රහ්ම ලෝකය තෙක් වසඟකොට පවත්නේයයි යන කාරණය සිදු නොවේ.
“පිරිසිදුවූ, මිනිස් ගතිය ඉක්මවූ, දිව කණින්, දුරද. ලඟද යන ශබ්ද දෙක අසන්නේය යන කාරණය සිදුනොවේ.
“රාග සහිත සිත, රාග සහිතයයි දන්නේය. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 72 ඡේදයේ, “රාග සහිත සිතයයි දැන ගන්නෙමි” යන්න “දැනගන්නේය” යි කියා වෙනස්කොට යොදාගත යුතුයි.)
“නොමිදුන සිත, නොමිදුන සිතයයි දන්නේය යන අන්‍ය සත්ත්වයන්ගේ. අන්‍ය පුද්ගලයන්ගේ සිතින් සිත වෙන්කොට දැනගන්නේය යන කාරණය සිදු නොවේ.
“නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය. කෙසේද, එක ජාතියක්, ජාති දෙකක්, (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 74 ඡේදයේ, “එක් ජාතියක්ද” යන තැන් සිට යොදාගත යුතුයි.)
“ආකාර සහිත පෙර වූ සිහිකිරීම් සහිත, නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය, යන කාරණය සිදු නොවේ.
“මිනිස් ගතිය ඉක්මවූ දිවැසින් සත්ත්වයන් බලත්. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 75 ඡේදයේ, “හේ නොයෙක් පෙර විසීම් සහිත” යන තැන් සිට යොදාගත යුතුයි.) කර්මය පරිදි පැමිණෙන සත්ත්වයන් දැනගන්නේය යන කාරණය සිදු නොවේ.
“ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන්, ආශ්‍රවයන් නැති (අඞ්ගුත්තර නිකායේ, 2 පණ්ණාසකයේ, පඤ්චඞ්ගික සමාධි සූත්‍රයේ, අග කොටස යෙදිය යුතුයි. 793 පිට) ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරන්නේය යන කාරණය සිදු නොවේ.
“මහණෙනි, ඒ භික්ෂුව ශාන්තවූ සමාධියෙන් ප්‍රණීත සමාධියෙන් සංසිඳීමෙන් සිතේ එකඟකමින්. නොයෙක් ඉර්ධි විධිය විඳියි. බොහෝ දෙනෙකු වන්නාහ. බොහෝ දෙනෙකු එකෙක් වන්නේය. (දීඝ නිකායේ, 3 සූත්‍රයේ, 70 ඡේදයේ, “ඉදිරිපත්කොට” යන වචනයේ සිට යොදාගත යුතුයි.)
“බ්‍රහ්ම ලෝකය තෙක් වසඟකොට පවත්නේ බ්‍රහ්මලෝකය තෙක් කයින් වසඟතොට පවත්නේය යන කාරණය සිදුවෙයි.
“මිනිස් ගතිය ඉක්මෙව්වාවූ. පිරිසිදුවූ දිව කණින්. දිව්‍යවූද, මනුෂ්‍යවූද, දුරවූද, ලංවූද, ශබ්ද දෙක අසන්නේය යන කාරණය සිදුවෙයි.
“රාග සහිත සිත, රාග සහිතයයි දන්නේය. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 72 ඡේදයේ, “රාග සහිත සිතයයි දැන ගන්නෙමි” යන්න “දැනගන්නේය” යි කියා වෙනස්කොට යොදාගත යුතුයි.) නොමිදුන සිත, නොමිදුන සිතයයි දන්නේය. අන්‍ය සත්ත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිතින් සිත වෙන්කොට දැනගන්නේය යන කාරණය විද්‍යමාන වෙයි. නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය. කෙසේද? එක ජාතියක්, ජාති දෙකක්. (දීඝ නිකායේ, 2 සූත්‍රයේ, 74 ඡේදයේ, “එක් ජාතියක්ද” යන තැන් සිට යොදාගත යුතුයි.)
“ආකාර සහිත පෙරටුවූ නොයෙක් පෙර විසූ භවයන් සිහි කරන්නේය, යන කාරණය සිදු වේ.
“මිනිස් ගතිය ඉක්මවූ, පිරිසිදු දිවැසින් සත්ත්වයන් දකින්නේය. චුතවෙන්නාවූද, උපදින්නාවූද, හීනවූද, ප්‍රණීත වූද, සුවර්ණවූද, දුර්වර්ණවූද, යහපත් ගති ඇත්තාවූද, නපුරු ගති ඇත්තාවූද. කර්මය පරිද්දෙන් පැමිණෙන්නාවූ සත්ත්වයන් දන්නේය යන කාරණය සිදුවේ.
“ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව නැති සිතේ මිදීම
“ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන්, ආශ්‍රවයන් නැති (අඞ්ගුත්තර නිකායේ, 2 පණ්ණාසකයේ, පඤ්චඞ්ගික සමාධි සූත්‍රයේ, අග කොටස යෙදිය යුතුයි. 793 පිට) ප්රත්යක්ෂකොට එයට පැමිණ වාසය කරන්නේය යන කාරණය සිදු වෙයි.
|
7. සක්ඛිභබ්බසුත්තං | 7. භබ්බතාපත්ති සූත්‍රය |
71
‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනෙ. කතමෙහි ඡහි? ඉධ
‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො තත්ර තත්රෙව සක්ඛිභබ්බතං පාපුණිතුං සති සති ආයතනෙ. කතමෙහි ඡහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු ‘ඉමෙ හානභාගියා ධම්මා’ති
|
71
“මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව නුසුදුසුවූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි නුසුදුසු බවට පැමිණීමට හැකිය.
“කවර සයකින්ද යත්? මේ ශාසනයෙහි භික්ෂුව මේ පිරිහීම භජනය කරණ ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ සම තත්ත්වයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ දියුණුව ඇතිකරණ ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, මේ උසස් අවබෝධයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි නොදනීද, සකස් නොවූ කටයුතු ඇත්තේ වේද, අහිතවත් දෙය කරන්නේ වේද, මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව නුසුදුසුවූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි නුසුදුසු බවට පැමිණීමට හැකිය.
“මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව සුදුසුවූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සුදුසු බවට පැමිණිය හැකිය.
“කවර සයකින්ද? මේ ශාසනයෙහි භික්ෂුව මේ පිරිහීම භජනය කරණ ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, මේ සම තත්ත්වයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිද්දෙන් දනීද, මේ උසස් තත්ත්වයක් ඇතිකරවන ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, මේ උසස් අවබෝධයක් ඇති කරවන ධර්මයෝයයි තත්වූ පරිදි දනීද, සකස්ව කරණ කටයුතු ඇත්තේද, හිතවත් දෙය කරන්නේ වේද, මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව සුදුසුවූයේ, ඒ ඒ තැන, ඒ ඒ ආයතනයන්හි සුදුසු බවට පැමිණිය හැකිය.
|
8. බලසුත්තං | 8. සමාධිබලතා සූත්‍රය |
72
‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු අභබ්බො සමාධිස්මිං
(සමාධිම්හි (ක.)) බලතං පාපුණිතුං. කතමෙහි ඡහි? ඉධ, භික්ඛවෙ, භික්ඛු න
‘‘ඡහි, භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො භික්ඛු භබ්බො සමාධිස්මිං බලතං පාපුණිතුං. කතමෙහි ඡහි? ඉධ
|
72
“මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණීමට නුසුදුසුය.
“කවර සයකින්ද, මේ ශාසනයෙහි භික්ෂුව සමාධියට සමවැදීමේ දක්ෂ නොවේද, සමාධිය සම තත්ත්වයක තබාගැනීමේ දක්ෂ නොවේද, සමාධියෙන් නැගිටීමේ දක්ෂ නොවේද, සකස්ව කටයුතු නොකරන්නේ වේද, මිහිරිදෙය නොකරන්නේ වේද, හිතවත් දෙය නොකරන්නේ වේද, මහණෙනි, කරුණු සයකින් යුක්ත භික්ෂුව සමාධියෙහි බලවත් බවට පැමිණීමට නුසුදුසුය.
“මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්ත භික්ෂුව සමාධියෙහි බලයට පැමිණීමට සුදුසුය.
“කවර සයකින්ද? මේ ශාසනයෙහි භික්ෂුව සමාධියට සමවැදීමේ දක්ෂ වේද, සමාධිය සම තත්ත්වයක තබාගැනීමේ දක්ෂ වේද, සමාධියෙන් නැගිටීමේ දක්ෂ වේද, සකස්ව කටයුතු කරන්නේ වේද, මිහිරිදෙය කරන්නේ වේද, හිතවත් දෙය කරන්නේ වේද, මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්ත භික්ෂුව සමාධියෙහි බලයට පැමිණීමට සුදුසුය.
|
9. පඨමතජ්ඣානසුත්තං | 9. ඣානාභබ්බ සූත්‍රය |
73
‘‘ඡ, භික්ඛවෙ, ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ ඡ? කාමච්ඡන්දං, බ්යාපාදං, ථිනමිද්ධං, උද්ධච්චකුක්කුච්චං, විචිකිච්ඡං. කාමෙසු ඛො පනස්ස ආදීනවො න යථාභූතං සම්මප්පඤ්ඤාය සුදිට්ඨො හොති. ඉමෙ ඛො, භික්ඛවෙ, ඡ ධම්මෙ අප්පහාය අභබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං.
‘‘ඡ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ ඡ? කාමච්ඡන්දං, බ්යාපාදං, ථිනමිද්ධං, උද්ධච්චකුක්කුච්චං, විචිකිච්ඡං, කාමෙසු ඛො පනස්ස ආදීනවො
|
73
“මහණෙනි, කරුණු සයක් දුරු නොකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය.
“කවර සයක්ද? පංච කාමයන්ට ඇති ආශාව, නපුරු අදහසය, සිතේ හා කයේ මැලිගතිය. සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේට පසුතැවීම, සැකය, කාමයන්හි ආදීනවයන් සුදුසු පරිදි මනා නුවණින් නොදැකීම. මහණෙනි, කරුණු සයක් දුරු නොකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සයක් දුරුකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
“කවර කරුණු සයකින්ද? කාමයන්ට ඇති ආශාව, නපුරු අදහසය, සිතේ හා කයේ මැලිගතිය. සිතේ නොසන්සුන්කම හා කළ නොකළ දේට පසුතැවීම, සැකය, කාමයන්හි ආදීනවයන් සුදුසු පරිදි මනා නුවණින් නොදැකීම. මහණෙනි, කරුණු සයක් දුරුකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
|
10. දුතියතජ්ඣානසුත්තං | 10. කාමවිතක්කාදී සූත්‍රය |
74
‘‘ඡ
‘‘ඡ, භික්ඛවෙ, ධම්මෙ පහාය භබ්බො පඨමං ඣානං උපසම්පජ්ජ විහරිතුං. කතමෙ ඡ? කාමවිතක්කං, බ්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං, කාමසඤ්ඤං, බ්යාපාදසඤ්ඤං, විහිංසාසඤ්ඤං - ඉමෙ
|
74
“මහණෙනි, කරුණු සයක් දුරුනොකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට නුසුදුසුය.
“කවර සයක්ද? කාමයන් ගැන කල්පනා කිරීම, නපුරු අදහස් කල්පනා කිරිම, හිංසා කිරීමේ අදහස් කල්පනා කිරිම, කාම සංඥාව, ව්‍යාපාද සංඥාව. විහිංසා සංඥාව, යන සය වෙති.
“මහණෙනි, ධර්ම සයක් දුරුකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
“කවර සයක්ද? කාමයන් ගැන කල්පනා කිරීම, නපුරු අදහස් කල්පනා කිරිම, හිංසා කිරීමේ අදහස් කල්පනා කිරිම, කාම සංඥාව, ව්‍යාපාද සංඥාව. විහිංසා සංඥාව, යන මේ සය වෙති. මහණෙනි, ධර්ම සයක් දුරුකොට පළමුවන ධ්‍යානයට සමවැද වාසය කරන්නට සුදුසුවේ.
|