ත්‍රිපිටකය
6. මහාවග්ගො 6. මහා වර්‍ගය
1. සොණසුත්තං 1. සොණකොළිවිස සූත්‍රය
2. ඵග්ගුනසුත්තං 2. ආබාධික ඵග්ගුණ සූත්‍රය
3. ඡළභිජාතිසුත්තං 3. ජළාභි ජාති සූත්‍රය
4. ආසවසුත්තං 4. ආසවප්පහාණ සූත්‍රය
5. දාරුකම්මිකසුත්තං 5. දාරුකම්මික සූත්‍රය
6. හත්ථිසාරිපුත්තසුත්තං 6. චිත්තහත්‍ථි සාරීපුත්ත සූත්‍රය
7. මජ්ඣෙසුත්තං 7. මෙත්ත්‍යයපඤ්හ සූත්‍රය
61
එවං මෙ සුතං - එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාළෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරාකථා උදපාදි - ‘‘වුත්තමිදං, ආවුසො, භගවතා පාරායනෙ මෙත්තෙය්‍යපඤ්හෙ -
(චූළනි. තිස්සමිත්තෙය්‍යමාණවපුච්ඡා 67) ‘‘යො උභොන්තෙ විදිත්වාන, මජ්ඣෙ මන්තා න ලිප්පති (න ලිම්පති (ක.));
තං බ්‍රූමි මහාපුරිසොති, සොධ සිබ්බිනි (සිබ්බනි (සී. ස්‍යා. කං. පී.)) මච්චගා’’ති.
‘‘කතමො නු ඛො, ආවුසො, එකො අන්තො, කතමො දුතියො අන්තො, කිං මජ්ඣෙ, කා සිබ්බිනී’’ති? එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘ඵස්සො ඛො, ආවුසො, එකො අන්තො, ඵස්සසමුදයො දුතියො අන්තො , ඵස්සනිරොධො මජ්ඣෙ, තණ්හා සිබ්බිනී; තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො, ආවුසො, භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො (අභිජානිත්වා (ක.)) පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො (පරිජානිත්වා (ක.)) දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී’’ති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘අතීතං ඛො, ආවුසො, එකො අන්තො, අනාගතං දුතියො අන්තො, පච්චුප්පන්නං මජ්ඣෙ, තණ්හා සිබ්බිනී; තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො, ආවුසො, භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො, පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී’’ති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘සුඛා, ආවුසො, වෙදනා එකො අන්තො, දුක්ඛා වෙදනා දුතියො අන්තො, අදුක්ඛමසුඛා වෙදනා මජ්ඣෙ, තණ්හා සිබ්බිනී; තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො, ආවුසො, භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො, පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී’’ති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘නාමං ඛො, ආවුසො, එකො අන්තො, රූපං දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ, තණ්හා සිබ්බිනී; තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො, ආවුසො, භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී’’ති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘ඡ ඛො, ආවුසො, අජ්ඣත්තිකානි ආයතනානි එකො අන්තො, ඡ බාහිරානි ආයතනානි දුතියො අන්තො, විඤ්ඤාණං මජ්ඣෙ, තණ්හා සිබ්බිනී; තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො ආවුසො , භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී’’ති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘සක්කායො ඛො, ආවුසො, එකො අන්තො, සක්කායසමුදයො දුතියො අන්තො, සක්කායනිරොධො මජ්ඣෙ, තණ්හා සිබ්බිනී; තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො, ආවුසො, භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො (සබ්බත්ථපි එවමෙව දිස්සති) දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී’’ති.
එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු ථෙරෙ භික්ඛූ එතදවොච - ‘‘බ්‍යාකතං ඛො, ආවුසො, අම්හෙහි සබ්බෙහෙව යථාසකං පටිභානං. ආයාමාවුසො, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම; උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාම. යථා නො භගවා බ්‍යාකරිස්සති තථා නං ධාරෙස්සාමා’’ති. ‘‘එවමාවුසො’’ති ඛො ථෙරා භික්ඛූ තස්ස භික්ඛුනො පච්චස්සොසුං. අථ ඛො ථෙරා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු . එකමන්තං නිසින්නා ඛො ථෙරා භික්ඛූ යාවතකො අහොසි සබ්බෙහෙව සද්ධිං කථාසල්ලාපො, තං සබ්බං භගවතො ආරොචෙසුං. ‘‘කස්ස නු ඛො, භන්තෙ, සුභාසිත’’න්ති? ‘‘සබ්බෙසං වො, භික්ඛවෙ, සුභාසිතං පරියායෙන, අපි ච යං මයා සන්ධාය භාසිතං පාරායනෙ මෙත්තෙය්‍යපඤ්හෙ -
‘‘යො උභොන්තෙ විදිත්වාන, මජ්ඣෙ මන්තා න ලිප්පති;
තං බ්‍රූමි මහාපුරිසොති, සොධ සිබ්බිනිමච්චගා’’ති.
‘‘තං සුණාථ, සාධුකං මනසි කරොථ; භාසිස්සාමී’’ති. ‘‘එවං, භන්තෙ’’ති ඛො ථෙරා භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච - ‘‘ඵස්සො ඛො, භික්ඛවෙ, එකො අන්තො , ඵස්සසමුදයො දුතියො අන්තො, ඵස්සනිරොධො මජ්ඣෙ, තණ්හා සිබ්බිනී; තණ්හා හි නං සිබ්බති තස්ස තස්සෙව භවස්ස අභිනිබ්බත්තියා. එත්තාවතා ඛො, භික්ඛවෙ, භික්ඛු අභිඤ්ඤෙය්‍යං අභිජානාති, පරිඤ්ඤෙය්‍යං පරිජානාති, අභිඤ්ඤෙය්‍යං අභිජානන්තො පරිඤ්ඤෙය්‍යං පරිජානන්තො දිට්ඨෙව ධම්මෙ දුක්ඛස්සන්තකරො හොතී’’ති. සත්තමං.
61
“මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර සමීපයෙහි මිගදාය නම්වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි සවස් වරුවෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ, කවාකාර මලුවෙහි රැස්වූ, බොහෝ ස්ථවිර භික්‍ෂූන් වහන්සේලා අතර මේ අතුරු කථාවක් පහළ විය. “භාග්‍යවතුන් වහන්සේ විසින් පාරායන සූත්‍රයෙහි මෙත්තෙය්‍ය ප්‍රශ්නයෙහි යමෙක් තෙම ස්පර්‍ශය හා ස්පර්‍ශ නිරෝධයද යන අන්ත දෙක මනා නුවණින් දැන, නිර්‍වාණයෙහි තෘෂ්ණා ඇලීමෙන් නොඇලේද, හෙතෙම මේ ශාසනයෙහි සිබ්බනි නම් තෘෂ්ණාව ඉක්මෙව්වේ වෙයි. ඔහු මහා පුරුෂයයි කියමි.” යනුවෙන් මෙය වදාළ සේක.
“ඇවැත්නි, එක් අන්තයක් කවරේද? දෙවන අන්තය කවරේද? මධ්‍යය කුමක්ද? “සිබ්බනි” නම් තෘෂ්ණාව කවරීද? මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂු නමක් ස්ථවිර භික්‍ෂූන්ට මෙය කීවේය.
“ඇවැත්නි, ස්පර්‍ශය එක් අන්තයකි. ස්පර්‍ශය ඇතිවීමේ හේතුව අනික් අන්තයයි. ස්පර්‍ශ නිරෝධය මධ්‍යයයි. සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි. දැනගතයුත්ත දැනගන්නේ, විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගන්නේ, මෙලෙව්හිම දුක් කෙළවර කරන්නේ වේ.”
“මෙසේ කී කල එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, අතීතය එක් අන්තයක, අනාගතය දෙවෙනි අන්තයයි. පවත්නා කාලය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.
“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, සුඛ වේදනාව එක් අන්තයක, දුක් වේදනාව දෙවෙනි අන්තයයි. අදුක්ඛවූද, අසුඛවූද වේදනාව මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.
“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, නාමය එක් අන්තයක, රූපය දෙවෙනි අන්තයයි. විඤ්ඤාණය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.
“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, සවැදෑරුම් අධ්‍යාත්මික ආයතනයෝ එක් අන්තයක, බාහිරවූ සවැදෑරුම් ආයතනයෝ අනික් අන්තයයි. විඤ්ඤාණය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.
“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, ආත්ම දෘෂ්ටිය එක් අන්තයකි, ආත්ම දෘෂ්ටිය ඇතිවීමේ හේතුව දෙවෙනි අන්තයයි. ආත්ම දෘෂ්ටි නිරෝධය මධ්‍යයයි, සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.
“මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂු නමක් ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීවේය. “ඇවැත්නි, අප විසින් තම තමන්ගේ වැටහීම ප්‍රකාශ කරණ ලදී. එමු ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පිවිසෙන්නෙමු. එසේ පිවිස භාග්‍යවතුන් වහන්සේට මෙය දන්වන්නෙමු. යම්සේ අපට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කෙරේද, එසේ අපි දරන්නෙමු.” -- “එසේය, ඇවැත්නි,” යි ස්ථවිර භික්‍ෂූහු ඒ භික්‍ෂුවට උත්තර දුන්හ.
ඉක්බිති ඒ ස්ථවිර භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ. එකත්පසෙක සිටියාවූ, ස්ථවිර භික්‍ෂූහු යම්තාක් ඔවුනොවුන් සමගවූ කථා සල්ලාපයක් ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. “ස්වාමීනි, කාගේ අදහස යහපත්ද?”
“මහණෙනි, යුෂ්මතුන් සියල්ලන්ගේම අදහස් යහපති. එසේ නමුදු මා විසින් යමක් සඳහා යමෙක් තෙම ස්පර්‍ශය හා ස්පර්‍ශ නිරෝධයද යන අන්ත දෙක මනා නුවණින් දැන, නිර්‍වාණයෙහි තෘෂ්ණා ඇලීමෙන් නොඇලේද, හෙතෙම මේ ශාසනයෙහි සිබ්බනි නම් තෘෂ්ණාව ඉක්මෙව්වේ වෙයි. ඔහු මහා පුරුෂයයි කියමි.” යනුවෙන් පාරායන සූත්‍රයේ මෙත්තෙය්‍ය ප්‍රශ්නයේ දේශනා කරණ ලද්දේද, එය අසව්. මනාකොට මෙනෙහි කරව්. ප්‍රකාශ කරන්නෙමි.” -- “එසේය, ස්වාමීනි,” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
“භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රකාශ කළ සේක. ‘ඇවැත්නි, ස්පර්‍ශය එක් අන්තයකි. ස්පර්‍ශ සමුදය දෙවන අන්තයයි. ස්පර්‍ශ නිරෝධය මධ්‍යයයි. සිබ්බනි නම් තෘෂ්ණාව ඒ ඒ භවයේ ඉපදීම තෘෂ්ණාවෙන් ඔහු වසයි. ඇවැත්නි, මෙපමණකින් දැනගතයුත්ත දැනගනියි. විශේෂයෙන් දැනගතයුත්ත විශේෂයෙන් දැනගනියි.
8. පුරිසින්ද්‍රියඤාණසුත්තං 8. දණ්ඩකප්ප සූත්‍රය
9. නිබ්බෙධිකසුත්තං 9. නිබ්බෙධික පරියාය සූත්‍රය
10. සීහනාදසුත්තං 10. ඡතථාගතබල (සීහනාද) සූත්‍රය