ත්‍රිපිටකය
6. මහාවග්ගො 6. මහා වර්‍ගය
1. සොණසුත්තං 1. සොණකොළිවිස සූත්‍රය
2. ඵග්ගුනසුත්තං 2. ආබාධික ඵග්ගුණ සූත්‍රය
3. ඡළභිජාතිසුත්තං 3. ජළාභි ජාති සූත්‍රය
4. ආසවසුත්තං 4. ආසවප්පහාණ සූත්‍රය
5. දාරුකම්මිකසුත්තං 5. දාරුකම්මික සූත්‍රය
6. හත්ථිසාරිපුත්තසුත්තං 6. චිත්තහත්‍ථි සාරීපුත්ත සූත්‍රය
60
එවං මෙ සුතං - එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා ථෙරා භික්ඛූ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා මණ්ඩලමාළෙ සන්නිසින්නා සන්නිපතිතා අභිධම්මකථං කථෙන්ති. තත්‍ර සුදං ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඔපාතෙති. අථ ඛො ආයස්මා මහාකොට්ඨිකො ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං එතදවොච - ‘‘මායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙන්තානං අන්තරන්තරා කථං ඔපාතෙසි, යාව කථාපරියොසානං ආයස්මා චිත්තො ආගමෙතූ’’ති. එවං වුත්තෙ ආයස්මතො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ ආයස්මන්තං මහාකොට්ඨිකං එතදවොචුං - ‘‘මායස්මා මහාකොට්ඨිකො ආයස්මන්තං චිත්තං හත්ථිසාරිපුත්තං අපසාදෙසි, පණ්ඩිතො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො. පහොති චායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො ථෙරානං භික්ඛූනං අභිධම්මකථං කථෙතු’’න්ති.
‘‘දුජ්ජානං ඛො එතං, ආවුසො, පරස්ස චෙතොපරියායං අජානන්තෙහි. ඉධාවුසො, එකච්චො පුග්ගලො තාවදෙව සොරතසොරතො හොති, නිවාතනිවාතො හොති, උපසන්තුපසන්තො හොති, යාව සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්‍රහ්මචාරිං. යතො ච ඛො සො වපකස්සතෙව සත්ථාරා, වපකස්සති ගරුට්ඨානියෙහි සබ්‍රහ්මචාරීහි, සො සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. තස්ස සංසට්ඨස්ස විස්සත්ථස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
‘‘සෙය්‍යථාපි, ආවුසො, ගොණො කිට්ඨාදො දාමෙන වා බද්ධො (ආරාමෙ වා බන්ධො (ක.)) වජෙ වා ඔරුද්ධො. යො නු ඛො, ආවුසො, එවං වදෙය්‍ය - ‘න දානායං ගොණො කිට්ඨාදො පුනදෙව කිට්ඨං ඔතරිස්සතී’ති, සම්මා නු ඛො සො, ආවුසො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘ඨානඤ්හෙතං, ආවුසො, විජ්ජති, යං සො ගොණො කිට්ඨාදො දාමං වා ඡෙත්වා වජං වා භින්දිත්වා, අථ පුනදෙව කිට්ඨං ඔතරෙය්‍යාති. එවමෙවං ඛො, ආවුසො, ඉධෙකච්චො පුග්ගලො තාවදෙව සොරතසොරතො හොති, නිවාතනිවාතො හොති, උපසන්තුපසන්තො හොති යාව සත්ථාරං උපනිස්සාය විහරති අඤ්ඤතරං වා ගරුට්ඨානියං සබ්‍රහ්මචාරිං. යතො ච ඛො සො වපකස්සතෙව සත්ථාරා, වපකස්සති ගරුට්ඨානියෙහි සබ්‍රහ්මචාරීහි, සො සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. තස්ස සංසට්ඨස්ස විස්සත්ථස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති . සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
‘‘ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි පඨමස්ස ඣානස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි...පෙ.... සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. සෙය්‍යථාපි, ආවුසො, චාතුමහාපථෙ ථුල්ලඵුසිතකො දෙවො වස්සන්තො (ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ (ක.)) රජං අන්තරධාපෙය්‍ය, චික්ඛල්ලං පාතුකරෙය්‍ය. යො නු ඛො, ආවුසො, එවං වදෙය්‍ය - ‘න දානි අමුස්මිං (අමුකස්මිං (ක.)) චාතුමහාපථෙ පුනදෙව රජො පාතුභවිස්සතී’ති, සම්මා නු ඛො සො, ආවුසො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘ඨානඤ්හෙතං, ආවුසො, විජ්ජති, යං අමුස්මිං චාතුමහාපථෙ මනුස්සා වා අතික්කමෙය්‍යුං, ගොපසූ වා අතික්කමෙය්‍යුං, වාතාතපො වා ස්නෙහගතං පරියාදියෙය්‍ය, අථ පුනදෙව රජො පාතුභවෙය්‍යාති. එවමෙවං ඛො, ආවුසො, ඉධෙකච්චො පුග්ගලො විවිච්චෙව කාමෙහි...පෙ.... පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි පඨමස්ස ඣානස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි...පෙ.... සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
‘‘ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි දුතියස්ස ඣානස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි...පෙ.... සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. සෙය්‍යථාපි , ආවුසො, ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහන්තං තළාකං. තත්ථ ථුල්ලඵුසිතකො දෙවො වුට්ඨො සිප්පිසම්බුකම්පි සක්ඛරකඨලම්පි අන්තරධාපෙය්‍ය. යො නු ඛො, ආවුසො, එවං වදෙය්‍ය - ‘න දානි අමුස්මිං තළාකෙ පුනදෙව සිප්පිසම්බුකා වා සක්ඛරකඨලා වා පාතුභවිස්සන්තී’ති, සම්මා නු ඛො සො, ආවුසො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘ඨානඤ්හෙතං, ආවුසො, විජ්ජති, යං අමුස්මිං තළාකෙ මනුස්සා වා පිවෙය්‍යුං, ගොපසූ වා පිවෙය්‍යුං, වාතාතපො වා ස්නෙහගතං පරියාදියෙය්‍ය, අථ පුනදෙව සිප්පිසම්බුකාපි සක්ඛරකඨලාපි පාතුභවෙය්‍යුන්ති. එවමෙවං ඛො, ආවුසො, ඉධෙකච්චො පුග්ගලො විතක්කවිචාරානං වූපසමා...පෙ.... දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි දුතියස්ස ඣානස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි...පෙ.... සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
‘‘ඉධ පනාවුසො, එකච්චො පුග්ගලො පීතියා ච විරාගා...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි තතියස්ස ඣානස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි...පෙ.... සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. සෙය්‍යථාපි, ආවුසො, පුරිසං පණීතභොජනං භුත්තාවිං ආභිදොසිකං භොජනං නච්ඡාදෙය්‍ය. යො නු ඛො, ආවුසො, එවං වදෙය්‍ය - ‘න දානි අමුං පුරිසං පුනදෙව භොජනං ඡාදෙස්සතී’ති, සම්මා නු ඛො සො, ආවුසො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘ඨානඤ්හෙතං, ආවුසො, විජ්ජති, අමුං පුරිසං පණීතභොජනං භුත්තාවිං යාවස්ස සා ඔජා කායෙ ඨස්සති තාව න අඤ්ඤං භොජනං ඡාදෙස්සති. යතො ච ඛ්වස්ස සා ඔජා අන්තරධායිස්සති, අථ පුනදෙව තං භොජනං ඡාදෙය්‍යාති. එවමෙවං ඛො, ආවුසො, ඉධෙකච්චො පුග්ගලො පීතියා ච විරාගා...පෙ.... තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි තතියස්ස ඣානස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි...පෙ.... සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
‘‘ඉධ , පනාවුසො, එකච්චො පුග්ගලො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි චතුත්ථස්ස ඣානස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි...පෙ.... සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. සෙය්‍යථාපි, ආවුසො, පබ්බතසඞ්ඛෙපෙ උදකරහදො නිවාතො විගතඌමිකො. යො නු ඛො, ආවුසො, එවං වදෙය්‍ය - ‘න දානි අමුස්මිං උදකරහදෙ පුනදෙව ඌමි පාතුභවිස්සතී’ති, සම්මා නු ඛො සො, ආවුසො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘ඨානඤ්හෙතං, ආවුසො, විජ්ජති, යා පුරත්ථිමාය දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි. සා තස්මිං උදකරහදෙ ඌමිං ජනෙය්‍ය. යා පච්ඡිමාය දිසාය ආගච්ඡෙය්‍ය...පෙ.... යා උත්තරාය දිසාය ආගච්ඡෙය්‍ය... යා දක්ඛිණාය දිසාය ආගච්ඡෙය්‍ය භුසා වාතවුට්ඨි. සා තස්මිං උදකරහදෙ ඌමිං ජනෙය්‍යාති. එවමෙවං ඛො, ආවුසො, ඉධෙකච්චො පුග්ගලො සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා...පෙ.... චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි චතුත්ථස්ස ඣානස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි...පෙ.... සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති.
‘‘ඉධ, පනාවුසො, එකච්චො පුග්ගලො සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි අනිමිත්තස්ස චෙතොසමාධිස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි . තස්ස සංසට්ඨස්ස විස්සත්ථස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. සෙය්‍යථාපි, ආවුසො, රාජා වා රාජමහාමත්තො වා චතුරඞ්ගිනියා සෙනාය අද්ධානමග්ගප්පටිපන්නො අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ එකරත්තිං වාසං උපගච්ඡෙය්‍ය. තත්‍ර (තත්ථ (සී. පී.)) හත්ථිසද්දෙන අස්සසද්දෙන රථසද්දෙන පත්තිසද්දෙන භෙරිපණවසඞ්ඛතිණවනින්නාදසද්දෙන චීරිකසද්දො (චිරිළිකාසද්දො (සී. ස්‍යා. කං. පී.)) අන්තරධායෙය්‍ය (අන්තරධාපෙය්‍ය (ස්‍යා. පී. ක.)). යො නු ඛො, ආවුසො, එවං වදෙය්‍ය - ‘න දානි අමුස්මිං වනසණ්ඩෙ පුනදෙව චීරිකසද්දො පාතුභවිස්සතී’ති, සම්මා නු ඛො සො , ආවුසො, වදමානො වදෙය්‍යා’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘ඨානඤ්හෙතං, ආවුසො, විජ්ජති, යං සො රාජා වා රාජමහාමත්තො වා තම්හා වනසණ්ඩා පක්කමෙය්‍ය, අථ පුනදෙව චීරිකසද්දො පාතුභවෙය්‍යාති. එවමෙවං ඛො, ආවුසො, ඉධෙකච්චො පුග්ගලො සබ්බනිමිත්තානං අමනසිකාරා අනිමිත්තං චෙතොසමාධිං උපසම්පජ්ජ විහරති. සො ‘ලාභිම්හි අනිමිත්තස්ස චෙතොසමාධිස්සා’ති සංසට්ඨො විහරති භික්ඛූහි භික්ඛුනීහි උපාසකෙහි උපාසිකාහි රඤ්ඤා රාජමහාමත්තෙහි තිත්ථියෙහි තිත්ථියසාවකෙහි. තස්ස සංසට්ඨස්ස විස්සත්ථස්ස පාකතස්ස භස්සමනුයුත්තස්ස විහරතො රාගො චිත්තං අනුද්ධංසෙති. සො රාගානුද්ධංසිතෙන චිත්තෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තතී’’ති.
අථ ඛො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො අපරෙන සමයෙන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තති. අථ ඛො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ යෙනායස්මා මහාකොට්ඨිකො තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාකොට්ඨිකං එතදවොචුං - ‘‘කිං නු ඛො ආයස්මතා මහාකොට්ඨිකෙන චිත්තො හත්ථිසාරිපුත්තො චෙතසා චෙතො පරිච්ච විදිතො - ‘ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං චිත්තො හත්ථිසාරිපුත්තො ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’ති; උදාහු දෙවතා එතමත්ථං ආරොචෙසුං - ‘චිත්තො, භන්තෙ, හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’’’ති? ‘‘චෙතසා චෙතො පරිච්ච විදිතො මෙ, ආවුසො - ‘චිත්තො හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’ති. දෙවතාපි මෙ එතමත්ථං ආරොචෙසුං - ‘චිත්තො, භන්තෙ, හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තිස්සතී’’ති.
අථ ඛො චිත්තස්ස හත්ථිසාරිපුත්තස්ස සහායකා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘චිත්තො, භන්තෙ, හත්ථිසාරිපුත්තො ඉමාසඤ්ච ඉමාසඤ්ච විහාරසමාපත්තීනං ලාභී, අථ ච පන සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තතී’’ති. ‘‘න, භික්ඛවෙ, චිත්තො චිරං සරිස්සති (පදිස්සති (ක.)) නෙක්ඛම්මස්සා’’ති.
අථ ඛො චිත්තො හත්ථිසාරිපුත්තො නචිරස්සෙව කෙසමස්සුං ඔහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජි. අථ ඛො ආයස්මා චිත්තො හත්ථිසාරිපුත්තො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො නචිරස්සෙව - යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං - බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ‘‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’’ති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා චිත්තො හත්ථිසාරිපුත්තො අරහතං අහොසීති. ඡට්ඨං.
60
“මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර මෘගයන්ට අභය දුන් ඉසිපතනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි බොහෝ ස්ථවිර භික්‍ෂුහු සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකුනාහු, කවාකාර මලුවෙහි රැස්වූවාහු අභිධර්ම කථා කියමින් හුන්නාහුය. එකල්හි වනාහි, හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ අභිධර්ම කථා කරණ ස්ථවිර භික්‍ෂූන් අතර අතුරු කථා පටන් ගනියි.
ඉක්බිති ආයුෂමත් මහා කොට්ඨිත ස්ථවිර තෙමේ, හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රට, “හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රයෙනි, අභිධර්‍ම කථා කියන ස්ථවිර භික්‍ෂූන් අතර අතුරු කථා නොකරව. ආයුෂ්මත් චිත්‍ර තෙමේ කථාව අවසානය දක්වා ප්‍රමාදවන සේක්වා” යි කීයේය. මෙසේ කී කල්හි හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍රගේ යහළු භික්‍ෂූහු, ආයුෂ්මත් මහා කොට්ඨිතට, “ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්ස, හස්තිසාරි පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙරුන් පිට නොකරව. හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ පණ්ඩිතය. හස්තිසාරියගේ පුත්‍රවූ, ආයුෂ්මත් චිත්‍ර තෙමේ ස්ථවිර භික්‍ෂූන්ට අභිධර්‍ම කථා කීමට සමර්ත්‍ථය” යි කීවාහුය.
“ඇවැත්නි, සිතේ ක්‍රමය නොදන්නවුන්ට අනුන්ගේ සිත දැනගැනීමට නොහැක. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ අනික් ගරු කටයුතු ස්ථවිර කෙනෙක් ඇසුරුකොට වාසය කරයිද, ඒතාක් අතිශයින් කීකරුවේ. අතිශයින් උඩඟු නොවූයේ වේ. අතිශයින් ශාන්තවූයේ වේ. යම් අවස්ථාවක සිට ශාස්තෲන් වහන්සේගෙන් හෝ ගරු කටයුතු සමාන සිල් රකින්නන්ගෙන් ඈත්වේද, හෙතෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, යම් සේ ගොයම් කෑ ගොනෙක් යම් සේ දම්වැලකින් බඳනා ලද්දේ, ගාලෙහි හෝ සිර කරණු ලැබුවේද, ඇවැත්නි, යම් කෙනෙක් ‘මේ ගව තෙම දැන් ගොයම් නොකන්නේය. නැවත ගොයමට නොබසින්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි, නැත. යම් හෙයකින් ඒ ගොයම් කන ගොනා දම්වැල හෝ කඩා, ගාල නොබිඳ, නැවත ගොයමට බසින්නේය. යන මේ කාරණය විද්‍යමාන වේ.
“ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම්තාක් ශාස්තෲන් වහන්සේ හෝ ගරුකටයුතු අන් කෙනෙක් ඇසුරුකොට වාසය කරයිද, ඒ තාක් අතිශයින් කිකරු වේ. අතිශයින් උඩඟු නොවූයේ වේ. අතිශයින් ශාන්තවූයේ වේ.
යම් අවස්ථාවක සිට ශාස්තෲන් වහන්සේගෙන් හෝ ගරු කටයුතු සමාන සිල් රකින්නන්ගෙන් ඈත්වේද, හෙතෙම භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ප්‍රථම ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, යම් සේ සතර මං සන්ධියෙක්හි මහ වැහි බින්දු ඇති වර්ෂාවක් වසින්නේ, ධූලි නැති කරන්නේද, මඩ උපදවන්නේද, ඇවැත්නි, යමෙක් දැන් මේ සතර මං සන්ධියෙහි නැවත ධූලි ඇති නොවන්නේයයි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යටපත්කොට කිවන්නෙක්වී කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, මේ සතර දං සන්ධියෙහි මනුෂ්‍යයන් හෝ යන්නාහුද, ගවයන් හෝ සත්ත්‍වයන් යන්නේ නම්, අව්ව හා වාතය තෙතමන ගන්නේ නම්, නැවත ධූලි පහළවන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් කාමයන්ගෙන් වෙන්ව, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැප ඇති, ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම ප්‍රථම ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විවාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද. හෙතෙම දෙවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, ගමට හෝ නියම්ගමට හෝ නුදුරෙහිවූ මහත් විලක් යම් සේද, එහි වසින්නාවූ ලොකු දිය බින්දු ඇති වර්ෂාව සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද අතුරුදහන් කරන්නේය. ඇවැත්නි යම් කෙනෙක්, ‘දැන් මේ විලෙහි නැවත සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද පහළ නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි නැත. මේ විලෙහි මිනිසුන් හෝ වතුර බොන්නාහුද, ගවයන් හෝ තිරිසනුන් ජලය බොන්නාහු නම්, වාතය හා අව්ව තෙතමන ගන්නේද, නැවත ඊට පසු සිප්පි බෙල්ලන් හා සක් බෙල්ලන්ද, කැට කැබිලිතිද පහළවන්නේයයි යන මේ කරුණ විද්‍යමාන වේ.
“ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් විතර්ක විචාරයන්ගේ සන්සිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම් ඇති, සිත හා එකට පහළවූ, විතර්‍ක නැති, විවාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැප ඇති, දෙවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද. හෙතෙම දෙවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපයක් විඳී. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම ‘මම තෘතීය ධ්‍යානයට පැමිණියෙමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි. ඇවැත්නි, යම් සේ ප්‍රණීත භෝජනයක් වැළඳු පුරුෂයෙක්, ‘ඊයේ සවස බොජුනට රුචි නොවන්නේද. ඇවැත්නි, යමෙක් අසවල් පුරුෂ තෙමේ නැවත භෝජනය කැමති නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යහපත්කොට කියන වදනක්ද? ඇවැත්නි, නැත. ඇවැත්නි, මේ කරුණ විද්‍යමානවේ. ප්‍රණීත බොජුන් වැළඳු මේ පුරුෂයා යම්තාක් ඒ ඕජාව ශරීරයෙහි සිටීද, ඒතාක් අන් බොජුනක් රුචි නොවන්නේය. යම් කලක පටන් ඔහුට ඒ ඕජාව අතුරුදහන් වේද, නැවත ඒ භෝජනය රුචි වන්නේය. ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් ප්‍රීතිය පහවීමෙන් උපෙක්‍ෂා ඇතිව වාසය කරයි. සිහි ඇත්තේ, සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තවූයේ, කයින් සැපයක් විඳී. උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයෙකැයි ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම තෘතීය ධ්‍යානය ලැබුවෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, සොම්නස්, දොම්නස් දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම සතරවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, පර්වත වංගුවෙක්හි වාතය නොහමන. පහවූ රැල ඇති, දිය විලක් වේද, ඇවැත්නි, යමෙක් මෙසේ කියන්නේය. ‘දැන් මේ දිය විලෙහි නැවත රැල පහල නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම යහපත්කොට කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, පෙරදිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. බටහිර දිශාවෙන් මහත් වාතයක් සමග වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. උතුරු දිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය. දකුණු දිගින් මහත් වාතයක් සහිත වැස්සක් එන්නේය. ඕ තොමෝ ඒ දිය විලෙහි රැල ඇති කරන්නේය.
“ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සැප ප්‍රහාණ කිරීමෙන්ද, දුක් ප්‍රහාණ කිරීමෙන්ද, සැපය දුරු කිරීමෙන්ද, දුක දුරු කිරීමෙන්ද, සොම්නස්, දොම්නස් දෙක අස්තවීමට පෙරම, දුක් නැති, සැප නැති, උපේක්‍ෂා ස්මෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයිද, හෙතෙම සතරවෙනි ධ්‍යානය ලැබුයේ වෙමියි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් රාගාදී නිමිති රහිත චිත්ත සමාධියට පැමිණ වාසය කරයි. හෙතෙම ‘රාගාදී නිමිති රහිත චිත්ත සමාධිය ලදිමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
“ඇවැත්නි, යම්සේ රජෙක් හෝ රජමහ ඇමතියෙක් හෝ සිවුරඟ සෙනග සමග මහා මාර්‍ගයට පිළිපන්නේ එක්තරා වන ලැහැබෙක්හි එක් රැයක් විසීමට පැමිණෙන්නේය. එහි ඇතුන්ගේ ශබ්දයෙන්, අසුන්ගේ ශබ්දයෙන්, රථ ශබ්දයෙන්, පාබල සෙනගේ ශබ්දයෙන්, ගැට බෙර, මිහිඟු බෙර සක් හඬින්, රැහැයි හඬ යටපත් වේ. ඇවැත්නි, යමෙක් ‘දැන් මේ වන ලැහැබෙයි නැවත රැහැයි හඬ පහල නොවන්නේය’ යි මෙසේ කියන්නේය. ඇවැත්නි, හෙතෙම මනාකොට කියන්නේද? ඇවැත්නි, නැත. ඇවැත්නි, ඒ රජ තෙමේ හෝ, රජ මහ ඇමතියා හෝ ඒ වන ලැහැබෙන් යන්නේද, නැවත ඒ රැහැයි හඬ පහළ වන්නේය යන මේ කරුණ විද්‍යමාන වේ.
“ඇවැත්නි, එසේම මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් රාගාදී නිමිති රහිත චිත්ත සමාධියට පැමිණ වාසය කරත්ද, හෙතෙම, ‘අනිමිත්ත චිත්ත සමාධිය ලැබුවෙමි’ යි භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකාවන්. රජුන්, රජ මහ ඇමතියන්, තීර්ත්‍ථකයන්, තිර්ත්‍ථක ශ්‍රාවකයන් සමග ඇලී වාසය කරයිද, ප්‍රකටව කථාවෙහි ඇතී වාසය කරන්නහුගේ සිත රාගය මැඩ පවත්වයි. හෙතෙම රාගයෙන් මැඩ පැවැත්වූ සිතින් ශික්‍ෂාව අතහැර ගිහිවෙයි.
ඉක්බිති හස්තිසාරියගේ පුත්‍රවූ ආයුෂ්මත් චිත්‍ර තෙමේ මෑත කාලයක ශික්‍ෂා අතහැර ගිහි වූයේය. ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ යහළු භික්‍ෂූහු. ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහා කොට්ඨිතට, “කිමෙක්ද? ආයුෂ්මත් මහා කොට්ඨිත විසින් හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ සිත තම සිතින් දැනගන්නා ලද්දේද? හස්තිසාරියගේ පුත්‍ර චිත්‍රතෙමේ මේ සමාපත්තිවලට පැමිණියේය. නැවත ශික්‍ෂා අත්හැර ගිහිවන්නේදැයි දන්නේද, නොහොත් හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රතෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නැවතද ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි දේවතාවෙක් මේ කාරණය කීවාහුද?” “ඇවැත්නි, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රතෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නමුත් ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි මා විසින් මගේ සිතින් ඔහුගේ සිත දැනගත්තෙමි”
“ස්වාමීනි, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍ර තෙමේ මේ මේ සමාපත්ති ලැබුවෙකි. නමුත් ශික්‍ෂා අත්හැර ගිහි වන්නේයයි මේ කාරණය දේවතාවෙකු විසින්ද කියන ලදී.”
ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍රගේ යහළු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට, “හස්තිසාරියගේ පුත්‍රවූ චිත්‍ර තෙමේ මේ මේ සමාපත්ති ලැබූවෙකි. නමුත් ශික්‍ෂා අතහැර ගිහිවූයේය” යි කීවාහුය.
“මහණෙනි, චිත්‍ර තෙමේ නෛෂ්ක්‍රම්‍යය බොහෝ කල් සිහි නොකරන්නේය.” නැවත හස්තිසාරියගේ පුත්‍ර චිත්‍රතෙමේ නොබෝ කලකින්ම හිසතේ රැවුල් බහා කහ වස්ත්‍ර හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරික ශාසනයෙහි පැවිදිවිය.
“ඉක්බිති, හස්තිසාරියගේ පුත්‍ර චිත්‍ර තෙමේ හුදකලාවූයේ (මෙහි අඞ්ගුත්තර නිකායේ, තික නිපාතයේ, 3 පණ්ණාසකයේ, 28 සූත්‍රයේ, 5 ඡේදයේ, ‘තනිව’ යන වචනයේ සිටද, 6 ඡේදයද යෙදිය යුතුයි.)
7. මජ්ඣෙසුත්තං 7. මෙත්ත්‍යයපඤ්හ සූත්‍රය
8. පුරිසින්ද්‍රියඤාණසුත්තං 8. දණ්ඩකප්ප සූත්‍රය
9. නිබ්බෙධිකසුත්තං 9. නිබ්බෙධික පරියාය සූත්‍රය
10. සීහනාදසුත්තං 10. ඡතථාගතබල (සීහනාද) සූත්‍රය